Friday, May 11, 2018

581. The Story Of My Marriage - 66 - The Concert Steering Committee, The Three Things That Will Drive A Tamilian Berserk & The City Advantage

"ලක්ෂ තුනක්!!!..මගෙ දෙයියනේ...තමුන්ට පිස්සුද?"

බාලා එසේ පුපුරා හැලුනේ ප්‍රසංග මෙහෙයුම් කමිටුවේ දෙවන රැස්වීම් වාරයේදීය. අපේ බාලට වෙන මොකක් නැතත් ඇස්වහක් කටවහක් නෑ අපූරු හැකියාවක් තියනව ඕනම දේකට ඒකෙ කොහෙත්ම නැති වැදගත්කමක් අපූර්වත්වයක් දීල නග්ගල ගන්ට. අපේ මේ කොන්සට් රාජයා සංවිධානය කරන්ට බාලමයි C.S.C. කියල වෙනම කමිටුවක් පිහිටෙව්වෙ. C.S.C. කියන්නෙ Concert Steering Committee නොහොත් ප්‍රසංග මෙහෙයුම් කමිටුව.

බාලම එයාව පත්කරගත්ත ඒ කමිටුවෙ සභාපති විදිහට. මිනිහම මාව පත්කලා ලේකම් තනතුරට. 

"ක්‍රිෂ් මේ තනතුර බොහොම වගකීමක් තියන තනතුරක්. ඒ හින්ද බොහොම අවධානයෙන් වැඩ කරන්න ඕන.."

බාලා ෆුල් සීරියස් මූණකුත් හදාගෙන ඉස්සෙල්ලම දවසෙ එහෙම කිව්වම මම හිනා නොවී ඉන්නම බැරිතැන දෙකට නැවිල මගෙ දකුණු කකුලෙ වළලු කර හරිය අතගාන්න ගත්ත.

"ඇයි මොකෝ?" බාල බාගෙට පුටුවෙන් නැඟිටල ඇහැව්ව.

"නෑ බොස් මේ ඊයෙ පෙරෙයිද වගෙ ඉඳල මගෙ කකුලෙ මේ පල්ලෙහා හරිය හිරිවැටිල වගේ දැනෙනව" මම තොල් හපාගෙන කිව්ව..

"ආ එහෙමද? එහෙමනම් ඩොක්ටර් කෙනෙකුට කියල පොඩ්ඩක් බලවගන්නවෙයි. හැබැයි ක්‍රිෂ් අපේ කොන්සර්ට් එකෙන් පස්සෙ හොඳද? C.S.C. එකේ ලේකම් හැටියට ඔයාට තියනව ලොකු කාර්ය භාරයක්…"

බාලා C.S.C. කියන අකුරු තුන කිව්වෙ හරියට හැට හැත්තැ ගනංවල රුසියන් කාරයෙක් K.G.B. කියන අකුරු තුන කියනව වගෙ ගෞරව පූර්වක ස්වරයකින්. ඒ වෙලාවෙ බාලගෙ මූන දැක්කම මට ආයම හිනා යන්ට ආව.

"ඔන්න ඔන්න ආයම මම අර කිව්ව හිරි වැටිල්ල එනවද කොහෙද" මම ආයමත් පාරක් තොල් හපාගෙන ඔලුව නමාගත්ත.

කොටිම්ම මේ C.S.C. එකේ ලේකම් කම කොච්චර වැදගත් තනතුරක් විදිහට බාලා පාරට්ටු කලාද කිව්වොත් මගේ C.V. එකේ M.B.A. එක ගාවම පහලින් මෙහෙම ලියන්න ඕනය කියල මම හිතා ගත්තා. 

"ඊට අමතරව චෙන්නයි සිටි බැංකුවෙහි Secretary Of C.S.C. තනතුර දරා ඇත්තෙමි."

හැබැයි මේ වෙලාවෙ අපේ C.S.C. එක උග්‍ර අර්බුදයකට මූණ දීලයි ඉන්නෙ. ගායකයින්ට ගෙවිය යුතු මුදල වැඩියි කියල බාලා ෆුල් කචල් එක අදිනව. ගායක අංසෙ බාරව හිටියෙ මාධවී. 

මාධවී වනාහී හොඳ පිරිපුන් දේහයකින් හෙබි උපැස් පැළඳි යුවතියකි. ඇයගේ ගතිගුණ සහ හැඩරුව නිරතුරුවම මගේ සිහියට කැඳවූයේ බාලිකා පාසලක ශිෂ්‍ය නායිකාවක් සහ රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ හෙදියක අතර සියයට පණහේ පණහේ සම්මිශ්‍රණයකි.

"දැන් සර් මට කලින් කිව්වෙ විශිෂ්ඨ මට්ටමේ ඒ වගේම සුප්‍රසිද්ධ ගායක ගායිකාවො අඩුම තරමින් තුන් දෙනෙක්වත් ඕනය කියල නේද?" මාධවී ඇසුවාය. 

"හරි හරි මම එහෙම කිව්ව තමයි. ඒත් මෙච්චර එයාලට ගෙවන්නෙ මොකටද? මේක පිස්සුවක්නෙ.. "

කලයුතු කාර්යය එක්ක සසඳා බලනකොට බොහොම අසාධාරණ විදිහට ඉහල වැටුපක් ගෙවන්න ඕන තමන්ට විතරමයි කියලයි මම හිතන්නෙ බාලා හිතාගෙන ඉන්නෙ.

"එයාල විතරක් නෙවෙයිනෙ සර් එන්නෙ. ඒ එක්ක බෑන්ඩ් එකක් එනව එතකොට බැකප් සිංගර්ස්ලත් එනව"

මාධවී කරුණු පැහැදිලි කලා. බාලා ඇර කමිටුවෙ අනෙක් සාමාජිකයො සාමාජිකාවො ඔක්කොමල තම තමන්ගෙ ඔලුගෙඩි හෙමිහිට සිරස්ව වනල ඒ කතාව ඒකච්ඡන්දයෙන් අනුමත කලා.

"හරි හරි මට මේක කියන්න..අපිට මොකටද බැකප් සිඟර්ස්ල? You think the main ones will crash or something?"

Computer crashing ගැන හිතල බාලා එහෙම කිව්වෙ පොඩි ජෝක් එකක් විදිහට. ඒත් කවුරුත් ඒකට හිනා වුනේ නෑ. 

"බැකප් සිඟර්ස්ල කියන්නෙ කෝරස් එක සර්. අර සිඟර්ගෙ පිටිපස්සෙ ඉඳගෙන සපෝට් එක දෙන ටීම් එක" මාධවී පැහැදිලි කලා. 

"අර සර් Love songs කියන කොට එහෙම පිටිපස්සට වෙලා ආ..ආ..ආ..ආ...කියල තාලෙ අල්ලන්නෙ. අන්න ඒ අය…" එහෙම තව දුරටත් පැහැදිලි කලේ රේණුකා. එයත් අලෙවි අංසෙ ඒජන්ට් කෙනෙක්.

"හරි හරි ළමයිනේ. මම දන්නව කෝරස් එක කියන්නෙ මොකක්ද කියල.." බාලා මූණ පුළුටු කරගෙන කිව්ව.

"ඒත් මම තාමත් කියනව මේ ගාණ නම් හොඳටම හොඳටම හොඳටම වැඩියි.." බාලා එහෙම කියල දකුණත මිට මොලවල මේසෙට වැරෙන් පාරක් ගැහැව්ව. 

කමිටු සාමාජිකයො තුස්නිම්බූතයිස්ඩ්, මවුත් ඕපනයිස්ඩ් ඇන්ඩ් දෙන් මූණිං මූණ බලා ගත්ත.

"අපි එහෙනම් මෙහෙම කරමු……" දෙවෙනි පේලියෙ හිටපු මූණෙ කුරුලෑ පිරිච්ච කොල්ලෙක් කිව්ව. ඔක්කොමල මිනිහ දිහාට හැරුන. "අපි එන අයට ඩිනර් එක දෙන එක කැන්සල් කරමු"

කමිටු සාමාජිකයො ඔක්කොම මනුස්සය දිහා සමච්චලේට බැලුවෙ බස් එකක ජැක් ගහල මාට්ටු වෙලා කෙල්ලෙක්ගෙන් කණ හරහා කාපු ජැක්සන් කෙනෙක් දිහා අනිකුත් අවසේස මඟී ජනතාව බලන විදිහට. 

"ඕකේ..මම මගෙ අදහස ඉල්ලා අස්කරගන්නව…" කුරුලෑ කොල්ල විජහට එහෙම කියල බිම බලා ගත්ත. ආය රැස්වීම ඉවරවෙනකල්ම මිනිහ නෙවෙයි ඔලුව උස්සල බැලුවෙ.

"ඇයි අපිට බැරි ඔය තරමටම සුප්‍රසිද්ධ ගායකයො නැතුව වෙන අය ගෙන්නන්න? මම කියන්නෙ ඕන තරම් දක්ෂයො ඉන්නවනෙ ඒ තරම් ප්‍රසිද්ධ නැති…" මම යෝජනාවක් ඉදිරිපත් කලා. 

"එහෙම බෑ ක්‍රිෂ්. මෙතන තියෙන්නෙ කීර්තිනාමය ගැන ප්‍රශ්ණයක්. මේක ඇවිල්ල සිටි බැංකුවෙන් සංවිධානය කරන ඉවෙන්ට් එකක්. අපි මේ B-Grade සිඟර්ස්ල ගෙනල්ල ඉවෙන්ට් එක කරාය කියමු. හොඳයි කොහොමද ලබන මාසෙ H.S.B.C. එක A-Grade කට්ටිය ගෙනල්ල මේ වගේම එකක් කලොත්? වසල හමාරයි නේද? අපේ සායමනෙ යන්නෙ"

"සර් අපි ඔය රෙසෝට් එක නැතුව...." අන්තිම පේලියෙ හිටපු ඒජන්ට් කෙනෙක් නැඟිට්ට. ඒ ඒජන්ට් අවුරුදු දෙකක මිනිහගෙ මුලු රාජකාරි කාලය ඇතුලත කිසිම මීටිං එකක එක වචනයක්වත් කතා කරල නැතිලු. 

ඒත් බාලා මිනිහට කතා කරන්න දුන්නෙ වචන හයයි. අල්ල ඉස්සරහට පේන විදිහට අත් දෙකම උස්සල මනුස්සයගෙ කතාව නතර කෙරෙව්ව. Shot down in mid sentence in case you want to know what happened there in English.

"තරු පහේ වෙන්නම ඕන. නැත්නම් මම අර කලින් කිව්ව විදිහට The reputation of our bank is at peril. Please understand that all of you...The reputation of City Bank is very...very...very...important…"

වෙරි වෙරි වෙරි කියල කියන වාරයක් වාරයක් පාසා බාලා මිට මොලවපු සුරතින් මේසෙට ගහගෙන ගහගෙන ගියා. මේසෙ උඩ තිබ්බ වීදුරු මල් පෝච්චියක් බාලා  මේසෙට තඩි බාන වාරයක් වාරයක් පාසා උඩ පැන පැන ගිහිල්ල මේසේ දාරෙ අයිනෙම නැවතුනා. 

හැබැයි මට 100% ෂුවර් බාලා  තව එකම එක පාරක් වෙරි කියල මේසෙට තඩි ගැහැව්වනං මල් පෝච්චිය දඩාස් යන අනුකරනයෙන් බිමට පත බෑවෙනව. ෂෙහ් මගෙ නරක වෙලාව කියන්නෙ බාලා වෙරි කියල තුන් පාරනෙ කිව්වෙ. බාලා ලව්ව තව පාරක් මේසෙට තඩි බාගන්නෙ කොහොමද කියල මම දහ අතේ කල්පනා කරන්න ගත්ත කම්මුලට අතකුත් තියාගෙන. 

"What do you say Krish? Agreed or not?" බාල මම බර කල්පනාවක ඉන්නව දැකලද කොහෙද ඇහුව. "I agree Sir I agree " මම විජහට කිව්ව.

"කවුද දැන් අපි ඔය ගෙන්නන ගායකයො තුන්දෙනාගෙන් හොඳම එක්කෙනා?" 

මම සබාවට ප්‍රශ්නයක් යොමු කලේ කමිටුවෙ ලේකම් හැටියට කමිටුවෙ කටයුතු වලට ක්‍රියාකාරීව සහබාගි වෙන එක මගෙ යුතුකමක් සහ වගකීමක්ය කියල මට එක පාරටම හිතිච්ච හින්ද.

"ඒකෙ ආය අහන්න දෙයක් නෑ. හොඳම හරිහරන්…….." එක සාමාජිකයෙක් මම ප්‍රස්නෙ අහල කටගන්ටත් කලින් කිව්ව. 

"බම්බුව තමයි..හරිහරන්ට වඩා එස්.පී. බාලසුබ්‍රමනියම් කොච්චර හොඳද?"

මගෙ පිටිපස්සෙ හිටපු බබලතෙක් තම විරුද්දත්වය දැඩිව ප්‍රකාස කලා. කාටත් ඇහෙන්න ඒ ටික කියල ඒ අම්මණ්ඩි කට ඇතුලෙන් සුටු පුටු ගාල තව මොනවදත් කියාගෙන කියාගෙන ගියා. මම හිතන්නෙ එක්කො හරිහරන්ගෙ නැත්නම් හරිහරනා හොඳයි කියපු මනුස්සයගෙ නැත්නම් ඒ දෙන්නගෙම මව්ගුණ සිහිපත් කරන්ට ඇති නොවැරදීම.

දෙමළ මිනිස්සු කියන්නෙ සාමාන්‍යයෙන් සාමකාමී ජාතියක්. ඒත් දෙමළ අය එකිනෙකාගෙ බෙලි මිරිකගන්න සයිස් එකට කෝපාවිස්ට වෙන සබ්ජෙක්ට්ස් තුනක් තියනවයි කියල මම කොහෙදි හරි කියවපු මතකයක් තියනව. ඉන් දෙකක් මට මතක නෑ. මතක එකක් තියනව. ඒ තමයි සංගීතය. එහෙමත් නැත්නම් තව පැහැදිලිව කිව්වොත් ගායක ගායිකාවන්ගෙ හොඳ නරක. මේ වෙලාවෙත් එහෙම වුනා. විනාඩි දහයක් විතර කමිටුව දෙකට තුනට බෙදිල එකිනෙකාට අක්‍රෝෂ පරිභව කරගත්ත. පංච නින්දාවෙන් බැණගත්ත. බාලයි මායි විතරක් වචනයක්වත් නොකිය ඒ දිහා බලාහිටිය.

"මඟුලක් කතා කරනව. එස්.පී. බාලසුබ්‍රමනියම්ගෙ අහලකින් තියන්න පුලුවන්ද හරිහරන්. ඒ මිනිහ නිකම් මේ…"

සාමාන්‍යයෙන් බොහොම සාමකාමී මාධවී පුටුවෙන් නැඟිටල අපේ කමිටු රැස්වීම් ශාලාව දෙකක් වෙන්න කෑගැහුව. ඒ පාරනම් මයෙ හිතේ බාලගෙත් හිත ගැස්සෙන්න ඇති. මනුස්සයය කටත් බාගෙට ඇරගෙන මාධවී දිහා බැලුවෙ හිටි හැටියෙ ඇස් ඉදිරිපිට පාදුර්බූත වෙච්චි යස්සණියක් දිහා බලන විදිහට.

"සුචිත්‍රා? ඇයි සුචිත්‍රා හොඳ නැද්ද?" පිටිපස්සෙ ඉඳල තව කවුද කෑගැහුව.

"ඇති හොඳටම ඇති.." එහෙම කියල බාලා නැඟිට්ට.

ලෝකෙ පුරාම ඕනම තැනක තියන ඕනම කමිටු රැස්වීමක් අවසාන වෙන විදිහට අපේ කමිටු රැස්වීමත් අවසාන වුනා. ඒ කියන්නෙ කිසිම ස්ථිර තීරණයකින් හෝ විසඳුමකින් තොරව.

"හරි මේ ටික කවුරුත් හොඳට අහගන්න. මම කියන්නෙ මෙච්චරයි. ගායක ගායිකාවන්ට මෙච්චර ගානක් නම් කොහෙත්ම ගෙවන්න බෑ. දැනටම රෙසෝට් එකට, රාත්‍රී භෝජන සංග්‍රහයට සහ ඇඩ්වර්ටයිසිං වලට අපිට විදම් වෙනව අඩුම ගානෙ ලක්ෂ හතරක්. ඊට වැඩි මිසක අඩුනම් නෑ."

"ඇඩ්වර්ටයිසිං? ඒ මොකටද?" මම ඇහුව. 

"අපි ද හින්දු පත්තරේ පිටු බාගෙක දැන්වීමක් දානව"

කමිටු සාමාජිකයො තමන්ගෙ ෆයිල් එහෙම අරගෙන එකිනෙකා නැඟිටින්න ගත්ත කාමරෙන් පිටවෙන්න. ඒ අතරෙත් හරිහරන්ලෝලීනුයි බාලසුබ්‍රමනියම්ලෝලීනුයි එකිනෙකාට රවාගන්නට අමතක කලේ නෑ. 

"ද හින්දු පත්තරේ ඇඩ් එකක් දාන්නෙ මොකටද? මේක ආරාධිතයින්ට පමණයි ඉවෙන්ට් එකක් නේද?" මම ඇහුව. 

"හරි හරි. ඇඩ් එකෙත් අපි බොහොම පැහැදිලිව එහෙම කියනව. This event is for invitees only - That means the customers of City Bank. එහෙම දැම්මම අනිවාර්යයෙන්ම අපේ කස්ටමර්ස්ලගෙ යාලුවො එතකොට නෑදෑයො එහෙම එයාලට ඊරිසියා කරන්න ගන්නව"

"ඒ කියන්නෙ අපේ කස්ටමර්ස්ලට මේ චාන්ස් එක හම්බවුනේ එයාල සිටි බැංකුවෙ කස්ටමර්ස්ල හින්ද. That's the City advantage"

"Exactly Krish. you got that exactly right" බාලා එහෙම කියල මගෙ පිටට හෙමීට පාරක් ගැහැව්ව.

පසු වදන - 

අද කතාවෙ කියවෙන හරිහරන් අසූ ගණං වල අග හරියෙ හෝ අනූ ගනන් වල මට හිතෙන්නෙ ලංකාවෙත් සෑහෙන්න ජනප්‍රිය වුනා. 

ඒ යාත්‍රා නමින් ජාතික රූපවාහිනියෙ ඒ දවස්වල ප්‍රචාරය වුනු  සංගීතමය වැඩසටහනක ලෙස්ලී ලුවිස් සමඟ ඔහු ගායනා කල "ක්‍රිෂ්ණා නී බෙගනේ බරෝ" ගීතය විකාශය වීමත් සමඟ...

ඔවුන් දෙදෙනාගෙ සංගීත කණ්ඩායම හැඳින්වුනේ "Colonial Cousins" නමින්....


Krishna nee begane baro
Krishna nee begane baro

Darkness coming round
And everybody fighting with their brothers
Everybody wants control
Don't hesitate to kill one another

So come back as Jesus
Come back and save the world
Bless all the future
Of every boy and girl

Come back as Rama
Forgive us for what we've done
Come back as Allah
Come back as anyone


44 comments:

  1. ආව
    කියවේව
    ඕං අපිගියා

    ReplyDelete
    Replies
    1. මද්දා,

      එහෙනං එහෙනං...තැම්කියු කිව්ව ඔන්න...

      Delete
  2. මගේ ඡන්දෙත් හරිහරන්ට. ඔය ක්‍රිෂ්ණා සින්දුවට මං හරිම ආසයි.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      කියල වැඩක් නෑ මරු සින්දුව නේද?

      Delete
  3. මටනං මතක ඔය හරියගෙ සින්දුව ස්වර්ණවාහිනී හරි මොකක් හරි රූපවාහිනී චැනල් එකක ටෙස්ට් ට්‍රාන්ස්මිෂන් කරන කාලෙ ගියා කියල. ඒ දවස්වල දවසකට තුන් හතර පාරක් ඒකෙ ඔය සින්දුව ගියා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙම වෙන්නත් ඇති බං..ඒ මං හිතන්නෙ ඉස්සෙල්ලාම යාත්‍රා එකේ ඕක පෙන්නුවට පස්සෙ වෙන්න ඕන...මොකද මට ෂුවර් යාත්‍රා එකේය ඕක ඉස්සෙල්ලම පෙන්නුවෙ කියල..

      රවීන්ද්‍ර කවුද කියල බුවෙක් යාත්‍රා කලේ...නියමෙට කලා ඒ ප්‍රෝග්‍රම් එක...අර ඉවාන් පව්ලූෂා ගීතයත් ඉස්සෙල්ලම ගියේ ඔය යාත්‍රා එකේ...

      Delete
  4. //Exactly Krish. you got that exactly right" බාලා එහෙම කියල මගෙ පිටට හෙමීට පාරක් ගැහැව්ව//
    නෙද්දකිං බාලට තිබුණෙ බොලාගෙ පිටට ගහන්නැතුව ඒ පාරත් අර මේසෙටම දමල අරින්න. එහෙනං Exactly අර මල් පෝච්චිය සෙත්තපෝච්චි වෙනව.

    ReplyDelete
    Replies
    1. "ඔන්න ඔන්න ආයම මම අර කිව්ව හිරි වැටිල්ල එනවද කොහෙද"

      Delete
    2. ප්‍රසන්න,

      කිව්වත් වාගෙ ඇත්ත නෙවෙන්නම්...:)

      Delete
    3. Nut Man,

      /"ඔන්න ඔන්න ආයම මම අර කිව්ව හිරි වැටිල්ල එනවද කොහෙද"/

      "උපාසක අම්මේ.."

      "ලොකු හාමුදුරුවනේ.."

      "මෙහෙට ඩිංගක් ආවනං..මගෙ මේ දනිහ දිහා හිරි වැටිල්ලක් වගෙ තියනව..පොඩ්ඩක් අර තෙල් ජුංඩක් දාල අත ගාන්නකො බලන්ට."

      "එහෙමයි අපෙ හාමුදුරුවනේ.."

      "ආන්න එහෙම....දනිහ කිව්වට දනිහ දිහාම නෙවෙයි හිරි වැටිල්ල තියෙන්නෙ..ඊට සුට්ටක් විතර උඩහට වෙන්ට..අන්න එහෙම අත තදකරල සුට්ටක්..තව උඩිං තව උඩිං..හාම්මේ ඔය යන්නෙ XX XX XX XX..."

      Delete
  5. කැමතිම සිංදුවක්,
    හරිහරන් BnS ලා එක්කත් සිංදු කෑල්ලක් කියනව නේද

    ReplyDelete
    Replies
    1. මේක ඇහුවද
      https://m.youtube.com/watch?v=LY3ehzuTYAQ

      Delete
    2. යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ලතා

      Delete
    3. [°•_•°] {`^`…´^´} (~•`_´•~) & Praසන්ன,

      ඒක මොකක්ද ඉංග්‍රීසි සිංදුවක තනිකර කොපියක්ය කියල ඒ කාලෙ හෙණ හාහෝවක් ගියා.

      අනික කොහොමත් මට නම් ඒ සිංදුව අල්ලන්නෙම නෑ.. මට ඕකුං දෙන්න නම් කොහොමත්ම අල්ලන්නෙම නෑ...හෙහ්,හෙහ්

      Delete
  6. දැනටත් මම බොහොම නිස්කලංකව අහන ආසම සිංදු ටිකක් තමයි හරිහරන් සහ ලෙස්ලි ලුවිස් ගෙ INDIAN RAIN කියන ALBUM එක

    ReplyDelete
    Replies
    1. කම්මල,

      Yes Indian Rain is Superb....

      මේක කොහොමද ?

      තුහිරේ...

      පසළොස්වක සඳ එළිය උතුරා ගිය සඳළු තලයක්...හොඳ සෙටප් එකක්...ස්ටීරියෝ හෙඩ්ෆෝන්ස් සෙට් එකක්...මධු විතක්...What else you need in Life?

      Delete
    2. තුහිරේ , ඕකත් මරු.

      Delete
  7. හම්මච්චියේ මෙච්චර සාකච්ඡා වටයක් ගියාට පස්සෙද අනන්‍යයගෙ අම්මව ඕකට පංගරාත්තු කරන්නෙ....

    ReplyDelete
    Replies
    1. සඳවතිය,

      නෑ නෑ මෙතන මයි හෑන්ඩ් පුටිං (ඒ කියන්නෙ අතින් දාපු) එව්ව සෑහෙන්න තියනව.

      අර යක්සය ඒ කිව්වෙ බගටට මිස් වෙච්චි කෑලි සෑහෙන්න තියනව. එයාල ඉතිං ඩෙඩ්ලයින් වලට ලියන මිනිස්සුනෙ. ඉතිං කොයිවෙලෙත් අර වලිගෙ ගිනිගත්තු රාමා වගෙ තමයි ලියන්නෙ. එතකොට වෙරි ඉම්පෝටඩ් කෑලි මඟ ඇරෙනව.

      මට ඉතිං එහෙම හදිස්සියක් නෑනෙ. නිවී සැනසිල්ලෙ ලියනව..

      අයි තින්ක් යූ අන්ඩර්ස්කර්ට්?..:)

      Delete
    2. අන්ඩර්ස්ටූඩ්...

      Delete
  8. හ්ම්ම්ම්ම්ම් බලා ඉමු බලා ඉමු ඉදිරිය...... ඔය ගීතයට මමත් බොහොම මනාපයි..

    ReplyDelete
    Replies
    1. සොඳුරු සඳවතිය,

      මේ මීට පස්සෙ උඹල දෙන්න එක ලඟ කමෙන්ට් දාන්න එපල්ල හොඳද? මට කොන්පියුසියස් වෙනව...

      දෙන්නම සඳවතියො..එක්කෙනෙක් සොඳුරු අනික් එක්කෙනා නිකම්ම..එච්චරයි වෙනස...:)

      Delete
    2. හැක් හැක් හැක්... ඉස්සර සොඳුරු සිතයි සොඳුරු සඳවතී කට්ටිය පටල ගත්තා... දැන් ඒ පාර සඳවල් දෙකක්... ඇත්ත තමා ඉතින් ඒත් කොරන්න දෙයක් නෑ මමත් හිතාන උන්නා බ්ලොග් ලෝකේ එකම සඳ මම කියලා ඒත් දැන් අපි දෙන්නා හවුලේ බ්ලොග් අහස බෙදා ගන්නවා... හක හක හක

      Delete
  9. පෙට්‍රල් ගනං ගියා, ඩීසල් ගනං ගියා, භූමිතෙල් ගනං ගියා, පොල් තෙල් ගනං ගියා, නීල්‍යාදී තෛලෙ ගනං ගියා, පරිප්පු ගනං ගියා, මහ ලූනු ගනං ගියා. මුන්නැහැට ඒවා ගැන වගක් නෑ. මේ ඉන්දියානු අටමගල් ගෙනත් මිනිස්සුන්ගෙ මොලේට ඔබන එක ඊට වඩා ලොකුයි. ඔය අටමගල් පැත්තක දාලා මේ රටේ ජනතාවගෙ දැවෙන පශ්න ගැන ලියන්නකො අප්පා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හරි හරි බං එව්ව ගැන ලියනවනෙ බොහොම දෙනෙක්..ඒ හින්ද මම ඉතිං ඉන්දියානු අටමගල් ලියනව. එව්ව ලියන්ටත් කෙනෙක් ඉන්ට එපාය...නැද්ද හොඳයි?...:)

      Delete
    2. මේ ඇනෝ ඔයාට ඒව බලන්න ඔනෙ නම් මාතලන් වගේ එකකට යන්න..අපි බොහොම අමාරුවෙන් මේ මනුස්සයට කියල මේක ලියව ගන්නේ

      Delete
  10. “වෙරි වෙරි වෙරි“ කියල “වෙරි“ය පුනරුච්ඡාරණය කරන්නෙ උපරිම තුං පාරයි කියල වේයංගොඩ ක්ලාස් කරපු සිරි ගමගේ සර් ඉගැන්නුව. රවි දන්නෙත් එහෙමද? බලමුද ඩූඩ් මොකද කියන්නෙ කියල මේ ගැන?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැක්ස්,

      අඩේ ඉංගිරිසියෙ එහෙම රීතියක් තියද? මම දන්නෙ නෑ බං එහෙම එකක්..

      ඩූඩානම් දන්නව ඇති..ඒත් ඕකා දැක්කෙවත් නෑ අවුරුද්දකින් විතර...ඩූඩා මිසිං...

      Delete
    2. රවිට තුනකට වැඩිය ඕනෙ වෙරි වෙන්න.
      සිංදුව -
      https://en.wikipedia.org/wiki/Very_Very_Very
      https://www.youtube.com/watch?v=C8aAtuyrjVg

      Btw, I think "very" can be used consecutively only twice, formally. As dialogue of course, you can use it as many times as the character wishes ! But, better to avoid it as there are alternatives.
      https://www.proofreadingservices.com/pages/very

      Delete
  11. මොකද්ද “පංච නින්දාව“?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      මට ඕක පොඩි කාලෙ මතක තිබ්බ බං.... නව් ෆොගොට්න් එන්ටයර්ලි..ඉඳපං හොයල බලල කියන්නංකො....

      Delete
  12. ඔය හරිහරනුයි ලෙස් ලුවිසුයි ගෙ එක සිංදුවක් කිරිබර්ටියි ඇම්ඩන් මහත්තෙයයි කිව්ව ඕල්වේස් බ්‍රේක්ඩවුන් එකේ... “තුනයි පණහකට පාං දුන් - හඳෙං හාල් ගෙන දෙනව කිව් ඇනීබා - ඇනීබා බ බා බ බා බා බ බා...“ මතක අය ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      මතක නෑ බං....:)

      Delete
    2. හා, මට මතකයි මේක. ඒ දවස්වල තාත්තයි අපියි ටීවී එකට රණ්ඩු නොවිච්ච වෙලාවල් දෙක තුනෙන් එකක් තමයි මේ 'ඕල්වේස් බ්‍රේක් ඩවුන්' යන වෙලාව. තාත්තාට දේශපාලනෙයි, අපිට මෆට් ෂෝ එකයි - ටූ ඉන් වන්. ඒකෙ ගියෙ නියම සිංදු. මට හොඳටම මතක තියෙන එකක් තමයි - 'රූං පෙත්ත කැරකෙනවා - පාං පෙත්ත උඩ යනවා - ඇනී අපිට සුරංගනා කතා කියනවා...'. තව එකක් තමයි 'පුට් මී අප් - හොඳටම අප් - ඇම්ඩන් ගොයියා ගොයිං ඩවුන් - පුට් මී අප් - හොඳටම අප් - හොඳ ජිම් පප්පේ...'. :D :D :D

      Delete
  13. ක්‍රිෂ්ණා මොන රෙද්දක්ද LADY එක්ක

    ReplyDelete
  14. මරු ඕයි... මාත් මේක කියෙව්වේ තුෂ්නිම්බූතයිස්ඩ්, මවුත් ඇගේප්ඩ් ඇන්ඩ් අයිස් වයිඩ් ඕපන්ඩ් වෙලා....
    මේක පොතක් කරමුකො... දිලීපයියා කැලේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...