Thursday, July 26, 2018

598. Idle Thoughts Of An Inebriated Mind - 1


"ඉතුරු සිල් රෙදි එහෙම නැද්ද?"
වයසක කාන්තාවක් මරාගෙන එහෙම අහනව.
මරාට මල පයිනව.
"මේ මගෙං කුණුහරුප නාහා හිටපං..."
මරා අර කාන්තාවගෙ ඇඟට ගොඩවෙනව.
කාටූනය මුහුණු පොතෙනි...

දෙයියම්පල්ල අර මයිත්තිරීපාලයට මාසෙකට කෝටියක් දුන්නත් මදිය කියල හිතෙන්නෙ මේං මේ වගෙ වෙලාවට තමයි. මම කිව්වෙ මේ රටේ ලෝකෙ මිනිස්සු මොන විදිහෙ කඩොලු කතා කියනව ඇද්ද ඒ අහින්සක මනුස්සයට කියල හිතෙන්නෙ මේ කතන්දරයක් ලියන්ට ගිහිල්ල මට වෙලා තියන හෙයියම්මාරුව ගැන හිතල බැලුවහම. 

මේක එක විදිහකට කරන්ට දෙන්නෙම නෑනෙ මේ කයිතාඩුවො රැල. අනන්නියා ගැන කතන්දරේ ඇදෙනව වැඩිය ඒක කොයි මක් කොරල හරි විගැහිං ඉවර කරන්ටෙයි කියල පාටකයො නාහෙං අඬන හින්දම ඔන්න එක දිගටම ඒ කතාව කොටස් හතර පහක් ලිව්වය කියමුකො. ඒ පාර මෙන්න මෙවුං කියනව ඒක දිගටම ලියන්ට එපාලු තව වෙන මොනවහරිත් ලියන්ටලු.

යස අපූරු නඩයක් තමයි ඒකට පිටපොට ගහගෙන ලැහැත්ති වෙලා පිටියට වන්නෙ. කල්යාන මිත්තර ප්‍රමුක ඉයන්, ප්‍රසන්න සහ පැතුම් ප්ලීස් සමඟ මදි පාඩුවට සිත්තමී මැතිණිය. ඒ නඩේ එක හෙලාම කියා හිටින්නෙ එක දිගටම අනන්යාගෙ කතාව ලියන්ට එපාය. අතරිම් පතරට වෙන මොකවතුත් ලියන්ටෙයි කියල. ඔන්න එහෙනං මම කල්පනා කලා එහෙනං අද ලියමුය කියල අලුත්ම මාත්තුරුකාවකිං....

 Idle Thoughts Of An Inebriated Mind………..

මේ දවස්වල අපේ නීලකාස මරාස්තුමාගෙ මොකවත්ම සද්දක් බද්දක් නෑ. පාර්ලිමේන්තුවෙත් නෑ. පන්සල්වල පිංකං වලට ගිහිල්ල අපෙ හාමුදුරුවනේ කියල දෙකට නැමිල අල්ලෙ පැලවෙන ගජ බින්න කිසිම හිරිකිතයක් නැතුව අත අරින්නෙත් නෑ. කොටිම්ම රටෙත් නෑ. නීලකාසය ගිහිල්ල සිංගප්පූරුවට. 

දන්නවනෙ අර නිව්යෝක් ටයිම්ස් කේස් එක. නිව්යෝක් ටයිම්ස් එක නීලකාසයගෙ සුදු රෙද්ද ඔලුවෙං ගැලෙව්වට පස්සෙ නීලකාසය සද්දෙකුත් නෑ. බැසිලා සද්දෙකුත් නෑ. ගොට්ට සද්දෙකුත් නෑ. අපේ ඔටුන්න හිමි කුමාරය නාමෝලා සද්දෙකුත් නෑ. ආ..නාමෝල නම් සද්දක් නෑ කියන්ටමත් බෑ. ඊයෙද  පෙරෙයිදද කොහෙද කියල තිබ්බනෙ දූෂණ වංචා සම්පූර්ණයෙන්ම නැවැත්තුවොත් රටේ ආර්තිකේ ටෝටලි කඩා වැටෙනවයි කියල. ඇත්ත වෙන්ටත් ඇති. තම තම නැණ පමණ කියලත් කියනවනෙ. 

අනික ලෝ කොලේජ් ෆයිනල් එග්සෑම් එකෙං මදි නොකියන්ට  ගෙඩි පිටිම් ලකුණු 98 ක්ම  ගත්තු හාදයනෙ. සෙල්ලංද? අනික එතන උනාය කියන්නෙ මෙහෙමලුනෙ.

ඔන්න නාමෝල් කොලුව ලෝ ෆයිනල් විබාගෙ ලිව්වනෙ. දැං නාමෝලයගෙ උත්තර පත්තරවලට ළකුණු දුන්නම සීයෙන් එකසිය විසි දෙකක් ආවලු. ඒ පාර ලෝ කොලේජ් එකේ ප්‍රින්සිපල් මරාට කෝල් එකක් දාල කිව්වලු. සර් මෙහෙමයි නාමල් බේබිට ළකුණු එකසිය විස්සක් තියනවයි  කියල. අනේ ඉතිං බලන්න පිංවතුනි එතුමාගේ නිහතමානිත්වයේ මහතය කියන්නෙ. වහාම කිව්වලු එච්චර එපා කොහොමහරි කරල ළකුණු හැත්තෑවකට විතර අඩු කරන්නෙයි කියල.

ඔය විස්තරේ පස්සෙ දවසක ඔය අබයාරාමෙ හරි සුනේත්‍රා දේවී පිරිවෙනේ හරි තිබ්බ උස්සවේකදි නීලකාසයම කිව්ව. මෙහෙමයි කිව්වෙ..

"අපෙ හාමුදුරුවනේ කිව්වම මොකද අපේ ඔය නාමල් පුතා ඉන්නව නේද? රට රටවල් ගානක විස්ස විජ්ජාල  සිස්සත්ත හම්බුනානෙ එයයිට. ඒත් මේ දරුවගෙ තියන දේසප්‍රේමය කොච්චරද කියනවනම් අපෙ හාමුදුරුවනේ පිටරටක ඉගෙන ගන්ට යන්ට කැමති උනේම නෑ කිව්වම. මේ අපේ රටේ ලෝ කොලේජ් එකේ විබාගෙම කරන්ට ඕනය කිව්වනෙ."

"ඒ ගමන මාත් ඉතිං අපෙ හාමුදුරුවනේ කමක් නෑය කියල ඒකට ඉඩ දුන්න. මේ ළමය විභාගෙට ලිව්වය කියමුකො ඔන්න අපෙ හාමුදුරුවනේ. එදාම හවස් අතේ මට කෝල් එකක් එනව ලෝ කොලේජ් එකේ ප්‍රින්සිපල් ගෙන්. මොකද මේ හදිස්සියෙ කියල ඇහූකොට කියාපි ඔබතුමාගෙ ලොකු පුතාට ලකුණු සීයෙන් එකසිය විස්සක් තියනව. අපේ සුබපැතුම්ය කියාල. දෙයියම්ප අපෙ හාමුදුරුවනේ මට උතුර දකුණ මාරු උනා කොටිම්ම. ඔය කතාව ප්‍රසිද්ද උනහොත් අනිවාර්යයෙන්ම මේ අසමජ්ජාතියො කියන්ට ගනී මම ලෝ කොලේජ් එකේ ස්ටාෆ් එකට තර්ජනය කරල පුතාට ලකුණු වැඩිපුර දාගත්තයි කියල. නිකං නිස්කාරණේ එහෙම කතාවක් අහන්ට ඕන නෑනෙ අපෙ හාමුදුරුවනේ.."

"ඒ හින්ද මම ලෝ කොලේජ් ප්‍රින්සිපල්ට මෙහෙම කිව්ව...මේ වහාම මගෙ පුතාගෙ ගත්ත ලකුණු ගාන හැත්තෑවකට වගෙ අඩු කරනව....වහාම....හරි හරි සර් අපි එහෙම කරන්නම් කියල එයාල ටෙලිෆෝන් එක තිබ්බ. මෙන්න තව පැයකින් විතර ආයම කෝල් එකක් එනව. අනේ තරහ වෙන්න එපා ජනාධිපති තුමනි. පුතාගෙ උත්තර පත්තර අපි හත් අට පාරක්ම බැලුව. ලකුණු ගාන අනූ අටට අඩු කලෑකි. ඒත් බොහොම අමාරුවෙන්. ඊට වැඩිය නම් එක ලකුණක්වත් අඩුකරන්න නම් කියන්න එපා. ඒක මට මගේ හෘද සාක්ෂියට එකඟව කොහොමවත්ම කරන්න බෑ. ඔබතුමා මට තවත් ලකුණු අඩුකරන්නෙයි කියල බල කරනව නම් මම මේ රස්සාවෙන් අස්වෙනව අදම. ඒක මගෙ හිතට හොඳයි මේ වගෙ අසාධාරණයක් කරනවට වැඩිය...."

"ඉතිං මම වෙන අහවල් දෙයක් කොරන්නෙයි ඔන්න ඔහෙ එහෙනං කමක් නෑය කියල ඒකට ඉඩ දුන්න. ඔන්න ඔහොමයි අපෙ හාමුදුරුවනේ ඔය සිද්දිය උනේ...ඔය මයෙ විරුද්දකාරයො නම් රටේ නැති එව්ව කියයි බලා උන්න වගේ. ඒත් ඇත්තටම මොකක්ද උනේ කියල දන්නෙ මම නෙව…"

ඔන්න ඔහොමලු එතුමා කිව්වය කියන්නෙ.

කොහොමද නිහතමානීකොම. අන්න නායකයො....රටකට වාසනාවන්..

මේ ඊයෙ පෙරේද අර නයිජීරියාවෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එතුමා උදාහරණෙකට අරගෙන කතාවකුත් කරල තිබ්බය කියනවනෙ. ඉතිං බලමුකො ඒකෙත් හැටි. සී ලාන්කිකයින් හැටියට අපිට සුලු පටු ගහුරවයද්ද හැබෑටම?

දැං ඔය කතා කරද්දි සාමාන්නියයෙන් උදාහරන විදිහට ගන්නෙ ගාන්දි, චර්චිල්, ලුමුම්බා, මැන්ඩෙලා වගෙ කස්ටියනෙ. දැං ඔන්න ඒ අතිං සී ලංකාවත් ජාතියන්තරයට පිවිසිලා. සී ලන්කාව ආසියාවෙ හාස්චරිය කොරලයි මම පස්ස බලන්නෙ කියල ඒ කාලෙ අර බැසිලා නොහොත් මිස්ටර් ටෙන් පර්සන්ට් කිව්වෙ නිකං කට කහනවට නෙවෙයිනෙ.

ඉතිං අර නයිජීරියානු මන්ත්‍රී කිව්වය කියන්නෙ මෙහෙම. 

"කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හිතු මනාපෙ ණය ගන්න ගිහිල්ල තමංගෙ රට ණය උගුලක හිරකරල පතුලක් නොපෙනෙන අදාදයකට දැමීම ගැන හොඳම උදාරනයක් මම කියන්නං. ඒ තමයි සී ලංකාවෙ හිටපු ජනාදිපති මහින්ද රාජපස්ස."

"රටකට දීර්ග කාලීනව ප්‍රයෝජනවත් වෙන්නෙ මොන වගේ ව්‍යාපෘතිද කියල හොයල බලල හැකි පමණ අඩුම පොළියකට අවශ්‍ය ණය අරගෙන ඒ ණය ආපහු ගෙවන්නෙ කොහොමද කියල පැහැදිලි වැඩ පිළිවෙලක් නැතුව හිතූමනාපෙ ණය අරගෙන සුදු අලි නිර්මාණය කරල තමන්ගෙ මව්බිම අමාරුවෙ දානවට වඩා හොඳයි වහ කාල මැරෙන එක. ඒ හින්ද මම අපේ රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටින්නෙ රාජපස්ස වගෙ නැතුව ඔලුව කල්පනා කරල වැඩ කරන්ටෙයි කියල....."

සමහරවිට නුදුරු අනාගතයෙදිම තමන්ගෙ මහන්තත්තෙ පෙන්නන්ට හීනමානෙ වහගන්ට මරි මෝඩ වැඩ කරල ගෙවාගන්ට බැරි ණය උගුලක හිරකරල මුලු රටක්ම අමාරුවෙ දාපු අවස්තාවක් ගැන "කේස් ස්ටඩි" එකක් නොහොත් විෂය අධ්‍යයනයක් විදිහට මේ මරාගෙ චීන ණය සීන් එක ලෝකෙ පුරාම ආර්තික විද්යා පාටමාලාවල උගන්නන්ටත් පුලුවනි. කොහොමද ඒක? පිස්සු හැදෙනව නේ?

" Sri Lanka rapidly sinking into a Chinese debt trap under Mahinda Rajapaksa's leadership  : A typical case study of how one man's inferiority complex and indefinite ego satisfying destroyed a country totally…."


To be continued........

40 comments:

  1. 'බැච් ටොප්' කර තිබෙන නිසා හෙට අනිද්දට ඔය කොලේජ් එකේම 'ලෙක්චරර් පොස්ට්' එකක් ගන්නටත් අවස්ථාවක් ලැබේවි.

    ReplyDelete
    Replies
    1. එව්ව කියන්න බෑ දයාවී මහත්තයා..එව්ව කියන්න බෑ...:)

      We had witnessed much more stranger things happening in this wonderland in our life time, hadn't we my dear Sir?...heh, heh

      Delete
  2. සංසාරෙ.

    මීට හොඳයි අර කතාව දිගට ලිවුවනම්.

    ඒ කතාව එක දිගට ලියනවා වේගෙ වැඩියි කියපු කණ්ඩායම ට අල්ලගෙන ගහන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි.

    කිකිලිගෙන් රත්තරන් බිත්තර ගොඩක් එක පාරට අරගන්න ගිහින් බඩ පැලුවම මුකුත් නැති උනා වගේ, අනන්‍යා ගැන පාඩුවෙ දිගටම ලියන කෙනාගෙන් වාන් පතුල් නුයි, ගුරුවරියයි ඔක්කොම එක පාර ඉල්ලන්න ගිහින් ඔය කොරගත්තෙ? ලියන් ආපු අනන්‍යා වත් නැති කරගත්ත.

    අද ලිපියේ අන්තර්ගතය ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටිනවා, ඒ ගැන වැඩි යමක් දන්නේ නැති නිසා. :)

    ReplyDelete
    Replies
    1. එක් මානවික්ස්,

      හරි හරි කාම් ඩවුන් කාම් ඩවුන් විල් යූ ප්ලීස්.......

      ඔය එක එක හෝතඹුවො කියන එව්ව මම ඒ විදිහටම කරන්නෙ නෑ...හුහ්..දන්නවද ඔය ළමය?

      ඒ හින්ද අනන්‍යා ගැනත් ලියන්නං විජහට...:)

      Delete
  3. කාලෙකින් ආවෙ... අනන්නියා ගැන කතාවම තිබ්බ නිසා මටත් ටිකක් කම්මැලි හිතිලා හිටියේ.. මට ඒක මැද හරියෙදි මග ඇරුණා. හැබැයි දැන් එයි අර නඩේ, අයියෝ මේ දේශපාලනේ ගැන ලියන්න එපා කියලා... උඹට වෙන්නේ අර බූරුව එක්ක ගිය තත්තටයි පුතාටයි වෙච්ච වැඩේ... බ්ලොග් එකට වෙන්නේ බූරුවට වෙච්ච වැඩේ... මං නං කියන්නේ උඹ ලියන්න ඕනේ අර දඩයක්කාරයගේ කතාව වගේ බරසාර එකක්...

    ReplyDelete
    Replies
    1. Thaisara,

      /මං නං කියන්නේ උඹ ලියන්න ඕනේ අර දඩයක්කාරයගේ කතාව වගේ බරසාර එකක්.../

      අඩේ එව්වගෙ එකක් මම මේ දවස්වල ලියමින් ඉන්නෙ...

      දඩයක්කාරය වගෙ වැල් වටාරමක් එහෙම නෙවෙයි..එතන උනේ අන්තිමට දඩ්ස් කොච්චර ඇදුනද කිව්වොත් මට මුලින් හිතාගෙන හිටිය කතා සැකිල්ලත් අමතක වෙලා ගිහිල්ල මහාවිනාසයක් වෙලයි වැඩේ කෙලවරක් උනේ..

      මේ පාර ලියන එක එහෙම නෑ...මැක්සිමස් එලිෆස් ත්‍රී එපිසෝඩ්ස් ඔන්ලි...:)

      Delete
  4. මම නං මුකුත් කියන්නෙ නෑ. උඹේ බ්ලොග් එක උඹ කැමති විදියට.

    ReplyDelete
    Replies
    1. ඩොමෙස්ටික් සෙන්සර් කැමති විදිහට

      Delete
    2. හා උබට හොදයි 2009 කාලේ මරාගේ ආණ්ඩුවට වැඩ කරන්න? අනික් උන් මොකක් හරි ලිව්වම තමයි උබටත් අවුල?

      Delete
  5. නොදකින් මීට හොදා අර ඉංදියන් මලහෑෑෑෑල්ල

    ReplyDelete
  6. UNP වහලා ෆෝම් වෙලා, රෙද්දේ රෙවිලා ඉන්න හාමුගේ ගඳ වතුර බිංදුවකින් යවන්න ඉන්න රෙවී වහලා !!!
    අසාර්ථකත්වය කලාවක් නම් හාමු එහි පිකාසෝය, UNP වහල් මානසිකත්වය කලාවක් නම් රෙවී එහි පිකාසෝය.

    http://www.sundaytimes.lk/180722/business-times/lankan-economy-fails-continuously-303107.html

    ReplyDelete
  7. https://rasudal.blogspot.com/2018/07/nauru.html

    ReplyDelete
    Replies
    1. Thanks Pra,

      That Bird shit is called Guano. Do you remember in one of Tin Tin books Captain Haddock curses some natives screaming "You bloody stinking guano gatherers"...:)

      Delete
  8. නීලකාස එක්ක ඇරියස් එක තාම ඉවර නෑ වගේ නේද. හැක්...මරු cover ෆොටෝ එක. කාලෙකින් ආවෙ. තාම පරණ phase එකෙන්ම බ්ලොග් එක දුවන එක ගැනනම් සතුටුයි. ගුරුවරියක සමඟ සහ වාං පතුල් සීරීස් දෙකත් ලියනවා නම් තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. Welcome back Udaya,

      නීලකාස එක්ක ඇරියස් එකනම් දෙන්නගෙන් එක්කෙනෙක් වල කජ්ජ ගහනකල්ම නැතිවෙන එකක් නෑ...හෙහ්,හෙහ්

      හරි හරි ඔය කොව්වත් ලියන්නංකො ලියන්නංකො...:)

      Delete
  9. When will people will feel economy is in its knees and no prospect of any development projects in the horizon, law and order is getting bad to worse. Still people like this man writing long stories about MR and unproven bunch of allegations, I would ask you to search the internet about out debt and GDP from 1948 to 2018 and decide for yourself where the debt trap started. (as far as I can find only CBK's time out debt went above our GDP and had a recession) Google god says since 1948 every govt took more loans then the previous govt, MR did the same (interesting point is, out economy was 20Bil USD for about 30 years until 2010 and it went up to 80bil USD by 2015) Ok go and google yourselves.

    ReplyDelete
    Replies
    1. Ano,

      ජනමාධ්‍යය හා ජඩ මාධ්‍යය

      තමාට හා ආණ්ඩුවට පහරදී දුර්වලකොට යළිත් භීෂණ යුගයක් කැඳවා නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක් කළේය. මාධ්‍යයෙන් රටට පෙන්වන්නේ මේ රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් බවත් තම කතාවලින් පවා අවශ්‍ය දේ ඉවත්කොට අනවශ්‍ය දේ ප්‍රචාරය කරන බවත් ජනාධිපතිතුමා කීවේය. ලබාදී ඇති මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිතා කොට නැවතත් භීෂණකාරී යුගයක් කැඳවාගෙන පීඩාවට ලක්වන තත්ත්වයක් උදාකරගන්න එපාය යන්න ජනාධිපතිතුමා පෞද්ගලික ජනමාධ්‍ය ආයතනවලට දුන් අවවාදයයි.

      ජනාධිපතිතුමා මීට පෙරද මෙබඳු අවවාද කළ අතර අගමැතිතුමාටද ජනමාධ්‍ය පිළිබඳව මෙබඳුම අදහස් ප්‍රකාශ කරන්නට සිදුව තිබිණි.

      ජනාධිපතිතුමා මෙම අදහස් ප්‍රකාශ කළේ මහවැලි ව්‍යාපාරයෙන් පසුව රටේ ක්‍රියාත්මක කළ විශාලතම සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන ජලාශය වන කළුගඟ ජලාශයට රන් දියවර රැස් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. මෙම දැවැන්ත ව්‍යාපෘතියෙන් රජරට වැව් දහස් ගණනකට පමණක් නොව පදවිය, කිලිනොච්චිය ප්‍රදේශ දක්වා ජල ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බව පැහැදිලිය. කළුගඟ ජලය උතුරට රැගෙනයාම සඳහා ඉදිකෙරෙන ඇළ සමඟ මෙරට දිගුම උමං ජල මාර්ගය ද ඉදිවනු ඇත. භූමිය මතුපිට පරිසරයට හානි සිදු නොකර භූගත උමං මාර්ගයෙන් කිලෝමීටර් 96ක් දුරට ජලය රැගෙන යාමට නියමිතය.

      අන්ධ වූ ජනමාධ්‍යය

      මෙබඳු දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ඇතුළු විශාල සංවර්ධන ක්‍රියාවලියක් රට තුළ ක්‍රියාත්මක වුවද මෙරට පෞද්ගලික ජනමාධ්‍ය පෙන්වන්නේ රටේ කිසිදු සංවර්ධනයක් සිදු නොවන බවකි. විපක්ෂ දේශපාලනඥයන්ට ප්‍රචාරය දෙමින් මේ රටේ එක වැවක් හදා නෑ. එක පාසලක් හදා නෑ. එක පාරක් හදා නෑ කියා රටට ප්‍රචාරය කරන්නේය. එසේ කරන්නේ අධිවේගී මාර්ග, ගුවන්පාලම්, දහස් ගණනක් පාසල් ඉදිවෙමින් පවතිද්දීය. උදාගම් පන්සියයකට පමණ මුල්ගල් තබා ඉන් අනූවක් මේ වනවිටත් ඉදිකොට ජන අයිතියට පවරා තිබියදීය.

      මේ රටේ සෞඛ්‍ය සේවයේ සිදුකොට ඇති පරිවර්තනය ජනමාධ්‍යවලට පෙනෙන්නේ නැත. අත්‍යවශ්‍ය ඖෂධ පනස් හයක මිල අඩුකොට ඇත. නිතර පාවිච්චිකරන පැරසිටමෝල් පෙත්තේද මිල ඉතා අඩුය. පිළිකා රෝගය වැනි රෝගවලට දෙන ලක්ෂ ගණන්වලට විකුණූ බෙහෙත් දැන් දස දහස් ගණනට මිල අඩුකොට ඇත. අක්ෂි රෝගීන්ට අක්ෂි කාච දමන්නට දැන් පිටතින් ‍කාච ගෙනඑන්න වුවමනාවක් නැත. ඒවා නොමිලයේය. ලක්ෂ ගණනක් වැයකොට ස්ටෙන්ත් දමන්නට දැන් අවශ්‍ය නැත. ඒවා නොමිලයේය. ස්ටෙන්ත් දෙකක් දමන්නට තිබෙනවානම් පළාත් රෝහලකින් කරගත හැකිය. තුනක් හෝ වැඩියෙන් දමාගත යුතු නම් කොළඹ පැමිණිය යුතුය. එලෙස කොළඹවිත් නොමිලයේ ස්ටෙන්ත් දාගෙන යන රෝගීන් කොළඹ මහ රෝහලේදී හමුවිය හැකිය. එසේ වුවද මෙරට පෞද්ගලික මාධ්‍ය කිසිවකට මේ රෝගීන් හමුවී නැත. හමුවන්නේ කුමක් හෝ අඩුපාඩුවක් කියන්නට හදන උදවියයි.

      Delete
    2. හතළිස් පන්ලක්ෂයක් වන මේ රටේ සිසුන්ට දැන් රජයෙන් නොමිලයේ සෞඛ්‍ය ආවරණයක් ලබාදී ඇත. සාමාන්‍ය රෝගී තත්ත්වයකදී ලක්ෂ ගණනක සිට බරපතළ රෝග තත්ත්වයකදී දසලක්ෂ ගණනක් දක්වා රක්ෂණාවරණයෙන් ලබාගත හැකිය. දැන් මේ දරුවන් හෝ මව්පියන් රෝග තත්ත්වයකදී අසරණ වන්නේ නැත. ඔවුන් ගොඩදමන්නේ රජයයි. දරුවාගේ මව හෝ පියා හෝ මියගියද එවිටද දරුවාගේ අධ්‍යාපන වියදම් සඳහා වන්දියක් ලබාදෙයි. ආණ්ඩුව ද මේවා හරියට විකුණාගන්නට දන්නේ නැත. පෞද්ගලික ජනමාධ්‍ය ඉන්නේ රටේ මෙවැනි දෑ සිදු නොවන ගානටය.

      ගංවතුර, නියඟය, නායයාම්, සුනාමි ආදී ස්වභාවික විපතකදී ගේ දොර අහිමිවී ජනතාව අසරණ වන අවස්ථා ඇත. ඔවුන්ට යම් වන්දියක් දී නැවත ඔවුන්ගේ ජීවිත නගාසිටුවන ක්‍රමයක් මෙතෙක් මේ රටේ ක්‍රියාත්මක වූයේ නැත. ආණ්ඩුව දැන් රටේ සියලු නිවාස රක්ෂණයකොට ඇත. එවිට ඕනෑම ස්වභාවික විපතකදී වන්දි දීම සිදුවෙයි. විපත සිදුවී සතියක් දෙකක් ඇතුළත රුපියල් දහදාහක වන්දි අත්තිකාරමක් ගෙවීම සිදුවන අතර තක්සේරුකොට වන්දි ලබාදීම මාස කිහිපයක් ඇතුළත සිදුවෙයි. සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වල පවුල් දසදහස් ගණනකට මෙතෙක් ගෙවා ඇති වන්දි ප්‍රමාණය කෝටි දහස් ගණනකි. මේවාද මාධ්‍යයට පෙනෙන්නේම නැත. මාධ්‍යයෙන් අපට පෙන්වන්නේ අපට කිසිදෙයක් ලැබුණේ නැහැ කියන උදවියයි.

      උනන්දුව කෝ?

      මාධ්‍යයත් විපක්ෂයත් කියන්නේ පසුගිය රජය කාලේ මාර්ග සංවර්ධනය කළ බවයි. මේ රජය කිසිවක් නොකරන බවයි. එසේ වුවද රටේ ගමන් බිමන් කරනවිට පෙනෙන්නේ බොහෝ මාර්ග අලුතින් කාපට් අතුරා සංවර්ධනය කොට ඇති ආකාරයයි. සංඛ්‍යාලේඛන අනුව බැලුව ද පසුගිය ආණ්ඩුවට වඩා‍ මේ වනවිට මාර්ග සංවර්ධනයෙන් මේ ආණ්ඩුව ඉදිරියෙනි. හැබැයි මාධ්‍යයෙන් කියන්නේ එක පාරක් හැදුවේ නෑ කියාය.

      දකුණේ මහාමාර්ගය හා දුම්රිය මාර්ගය දිගු කිරීමේ කටයුත්ත පසෙකින් තිබියදී බරපතළ හා වියදම් අධික මධ්‍යම අධිවේගය පියවර තුනකින් දැන් ඉදිවෙමින් පවතියි. එයට යන වියදම ගැන නොයෙක් ප්‍රශ්න මතුකළ මාධ්‍යයම දැන් ඒ කටයුතු වේගයෙන් සිදුවන ආකාරය ගැන පෙන්වන්නට හෝ ලියන්නට අවශ්‍යතාවයක් මතුවන්නේ නැත.

      මහා නගර සංවර්ධන අමාත්‍යාංශය දැවැන්ත වැඩපිළිවෙළක් සකස්කොට ක්‍රියාවට නගා ඇත. කොළඹ මහනගරය සංවර්ධනයේ සිට මන්නාරම, මූලතිව් වැනි පළාත්වල නව බස් නැවතුම් පළ ඉදිකිරීම දක්වා ව්‍යාපෘති එයට ඇතුළත්ය. කොළඹට සැහැල්ලු දුම්රිය සේවාවක් ඉදිකිරීම සඳහා වියදම් කරන මුදල බිලියන 1.7කි. රාජපක්ෂල ගත් ගිනි පොලී ණය මෙන් නොව මෙයට ජපන් ණය ලබාගෙන ඇත්තේ සියයට දශම එකක පොලියටය. ණය නොගෙවන සහන කාලය වසර දොළහකි. ණය ගෙවන්න වසර හතළිහකි.

      සිය ගණනක් ව්‍යාපෘති එකවර

      කොළඹ මහ නගරය මෙන්ම මහනුවර හා ත්‍රිකුණාමලය නගරය සංවර්ධනයට විශාල සැලසුම් සූදානම්ය. ඇතැම් වැඩ දැනටම අරඹා අවසන්ය. ඒ හම්බන්තොට කෙරෙන සංවර්ධනය හා පොළොන්නරුවේ ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරවය. ලබන සතියේ මුල රජයේ සියලු මැති ඇමැතිවරුන් පොළොන්නරුවට යන්නේ අලුතින් ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති සිය ගණනක් දවස් දෙක තුනකදී එකවර විවෘත කරන්නටය. එබඳු සංවර්ධන කටයුතු මේ රටේ සිදුවන බව මෙරට පෞද්ගලික ජනමාධ්‍ය දන්නේ නැත. ඔවුන් ප්‍රචාරය කරමින් සිටින්නේ රටේ කිසිවක්ම සිදු නොවන බවට විපක්ෂ දේශපාලනඥයන්ගේ කතා පමණි.

      Delete
    3. බේරුවල ආශ්‍රිතව ඉදිවෙන සංචාරක සංවර්ධන කලාපය, ගාල්ලේ සංචාරක වැඩසටහන් හැරුණුවිට කළුතර, බිංගිරිය, කුලියාපිටිය, පරන්තන් ආදී ප්‍රදේශවල ඉදිවන අලුත් කර්මාන්ත කලාප සම්බන්ධයෙන් කිසිවක්ම මෙරට පෞද්ගලික ජනමාධ්‍යවලින් වාර්තාවන්නේ නැත. අඩු තරමින් එබඳු සැලසුම් තිබෙන බවවත් දැනගන්නට නැත.

      ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා’, ‘ගම්පෙරළිය’ ව්‍යාපෘති ගැනද ජනමාධ්‍ය ලබාදෙන්නේ ඇල්මැරුණු ප්‍රචාරයකි. කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු මෙන්ම අපක්ෂපාත නිලධාරියකු ලෙස ද නමක් දිනා සිටින මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීවේ මේ සැලසුම්වලින් අඩක් සාර්ථකව ක්‍රියාවට නැගුවහොත් ලංකාව වෙනස් රටක් බවට පත්වන බවයි. මෙරට පෞද්ගලික ජනමාධ්‍ය ප්‍රචාරය කරමින් සිටින්නේ රටේ ආර්ථිකය කඩාවැටෙමින් පවතින බවයි. අර්බුදයට යන බවයි.

      මේ ආණ්ඩුව මේ වනවිට ලබාගෙන ඇති ඇතැම් ජයග්‍රහණ මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූවානම් ජනමාධ්‍ය එම ආණ්ඩුව පුම්බන්නේ ආණ්ඩුවේ නායකයින් පිම්බී පිපිරී යන ගානටය. එසේ වුවද මේ ආණ්ඩුව එම ජයග්‍රහණ ලබාගන්නාවිට ජනමාධ්‍යයට වගේවගක් නැත.

      ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම් ලබාගෙන ඇත්තේ පසුගිය වසරේය. ඒ ඩොලර් බිලියන 15කි. ඒ වාර්තාව ගැන කතාවක් නැත. මේ වසරේ ආණ්ඩුව සූදානම් වන්නේ ඒ වාර්තාව ද බිඳගෙනය. ඩොලර් බිලියන 17ක ඉලක්කයකට යන්නටය. මේ වනවිට පෙනෙන්නේ ඉලක්කය ඉක්මවන බවකි. එම වාර්තාවල කිසිදු වටිනාකමක් පෞද්ගලික මාධ්‍ය ආයතන දකින්නේ නැත.

      රුපියල් දෙදහස් පන්සියයෙන් මාසයක් කන හැටි ජනතාවට උගැන්වූ හා බඩු මිල අඩු කරන්න වයිමාටවත් බෑ කියූ ආර්ථික ඔස්තාර්ලා පුම්බමින් පෞද්ගලික ජනමාධ්‍ය කියන්නේ මෙරටට විදේශ ආයෝජකයන් නොඑන බවයි. එහෙත් ආණ්ඩුව වාර්තාව තබා ඇත්තේ ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජන මෙරටට ගෙන්වාගෙනය. ගිය වසරේ ඩොලර් බිලියන 17කි. මේ වසරේ හදන්නේ ඩොලර් බිලියන 24 කට ඉහළ ආයෝජන ලබාගන්නය. මෙහෙම දේවල් වී ඇති බවවත් වන බවවත් මෙරට පෞද්ගලික ජනමාධ්‍ය දන්නේ නැත. දැනගත්තාම කියන්නේ නැත. ඒ ඔවුන් වෙනත් දේශපාලන න්‍යායපත්‍ර අනුව කටයුතු කරන නිසාය.

      බඩු මිල ගැන බොරුව

      දැන් ජනමාධ්‍යයෙන් නිතර නිතර කියන්නේ බඩු මිල අහස උසට නැග ඇති බවයි. එහෙත් ඇත්ත කතාව නම් ආණ්ඩුව උද්ධමනය පාලනයකොට ඇති බව හා උද්ධමනයේ වාර්තාගත අවම අගය මේ වනවිට වාර්තාවෙන බවයි. මහ බැංකුවේ ඉලක්කය වූයේ උද්ධමනය සියයට 4 සහ 6 අතර පවත්වාගැනීමෙන් මේ වනවිට වාර්තාවන්නේ මුල් මාස තුනේ උද්ධමනය සියයට 3.8 දක්වා පහත බැස ඇති බවයි. රාජපක්ෂ පාලන සමයේ සියයට දහය තරම් ඉහළ මට්ටමේ තිබූ උද්ධමනය 3.8ට පහත දමා තිබියදී පෞද්ගලික ජනමාධ්‍ය කියමින් සිටින්නේ අහස උසට බඩු මිල නැග ඇති බවකි.

      අපරාධ ගැන කතාවද මීට සමානය. පොලිසියේ සංඛ්‍යාලේඛන අනුව 2014 මෙරට බරපතළ අපරාධ 50,000ක් පමණ වාර්තාවූ අතර පසුගිය වසරේ 35,000ක් පමණය. ඒ කියන්නේ 15,000 කින් අඩුවීමකි. ජනමාධ්‍ය අතිශයෝක්තියෙන් වාර්තා කරන්නේ අපරාධ වැඩිවී ඇති බවයි. කුඩු ජාවාරම ගැනද කතාව ඒකය. කුඩු ඇල්ලීම වැඩි වූවිට ජනමාධ්‍ය පෙන්වන්නේ කුඩු ජාවාරම වැඩිවූ බවකි.

      අඩු තරමින් මේ ආණ්ඩුව ජනතාවට හා මාධ්‍යයට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ගැනවත් මේ මාධ්‍යවලින් ඇගැයීමක් නැත. විධායක ජනාධිපති බලතල අඩුකොට ස්වාධීන කොමිසන් සභා ශක්තිමත් කිරීම, තොරතුරු දානගැනීමේ පනත, විගණන පනත සම්මත කිරීම ආදිය සැලකිය යුත්තේ විප්ලවීය පරිවර්තන ලෙසයි. එම නීති හරියට ක්‍රියාත්මක වන්නට ගත්විට මෙම දේශපාලනයද උඩු යටිකුරු වනු ඇත. ඒත් දේශපාලකයන්ගේ ගැත්තන්වී සිටින ජනමාධ්‍ය ආයතන ලොක්කන්ට මේවා තුට්ටුවක වැඩක් නැත. ඔවුන් බලාගෙන ඉන්නේ රටට කෙළවුණත් තමන්ගේ මඩිය තරකර ගන්නටය.

      මෙලෙස පෞද්ගලික ජනමාධ්‍ය දිගින්දිගට පච කෙළමින් ජනතාව නොමග යවා ඇතැම් දේශපාලඥයන් පිම්බීම දිගින් දිගට කරනවා නම් ජනතාවද තීන්දු ගත යුතුව ඇත. ඒ මෙම පච ජනමාධ්‍යය ප්‍රතික්ෂේප කරන්නටය. තවදුරටත් රැවටෙනවා ද නැත්නම් තමන් රවටන්නට හදන උදවියට පාඩමක් උගන්වනවා ද යන්න ජනතාව තීන්දු කළ යුතුය. මේ ජඩ මාධ්‍ය සංස්කෘතියෙන් රට නිදහස් වන්නේ එවිටය.

      සී.ජේ. අමරතුංග

      Delete
    4. වහලෙක් තවත් වහලෙක් උපුටා දැක්වීමක්, මේවට පුකෙන් තමයි හිනා වෙන්න වෙන්නේ !!

      2014 corruption rank එක 81 දැන් 94.

      සංචාරක කලාප හා ප්‍රවර්ධනය
      : https://www.timesofisrael.com/sri-lanka-beefs-up-tourist-hotspot-security-after-israelis-beaten-up/

      http://www.dailymirror.lk/148512/Dutch-tourists-brutally-assaulted

      දැන් ගම් පෙරළිය ඊළගට කලි යුගය, ඡන්දේදී යුගාන්තය තමා !!
      මත්ද්‍රව්‍ය ගැන කියනවානම් : https://www.reuters.com/article/us-sri-lanka-drugtrafficking/sri-lanka-emerging-as-transit-hub-for-cocaine-smugglers-officials-idUSKCN1BB1FK

      ස්වාධීන පොලිස් කොමිසම: http://www.sundaytimes.lk/180715/columns/police-commission-villain-blocking-transfers-crime-prevention-302555.html

      මේවගේ දාන්න දේවල් නම් ඕනෙතරම්. ඒත් රෙවියාවගේ ගොන් වහල්ලු හිතන්නේ ලංකාව සුඛිත මුදිත වෙලා කියලා හාමු නිසා.

      අනේ හුකේ නන්නානේ නනේ !!!!!

      Delete
    5. Ano,

      ඔය කේස් හැම එකේම මුල බැලුවොත් ඉන්නෙ නීලකාසයගෙ ගෝලයො ඒ හින්ද අර මොකාද එකා වගේ ලින්ක් දාගෙන දාගෙන යන්න කලින් ටිකක් ඔලුව පාවිච්චි කරහං...

      /In 2014, a Sri Lankan court sentenced a local politician and three of his supporters to 20 years in jail for the 2011 murder of British tourist Khuram Shaikh on Christmas Eve and gang rape of his Russian partner.

      Shaikh, a 32-year-old Red Cross worker, had tried to stop a brawl at a southern beach resort when a gang attacked and killed him./

      ඔය ආටිකල් දෙකේම කියනව කුරාම් ඝාතනය ගැන. මතකනෙ නේද? මරාගෙ ප්‍රධාන පෙලේ ඇම්බැට්ටයෙක්නෙ අර කෙල්ල දූෂණය කරල කුරාම්ව මැරුවෙ. නීලකාසයයි ගොට්ටයි නාමෝලයි පුක විකාගෙන දැඟලුව ඒ කාලකන්නිය බේරගන්ට. අන්තිමට එංගලන්තෙ ආණ්ඩුවෙන් කෙලින්ම ආපු බලපෑම් හින්දයි මරාට නැට්ට පුකේ ගහගෙන නඩුව ඉස්සරහට ගෙනියන්ට ඉඩ දෙන්ඩ සිද්ද වුනේ..

      2.දැන් ගම් පෙරළිය ඊළගට කලි යුගය, ඡන්දේදී යුගාන්තය තමා !!

      මේ රට ඩ්‍රග්ස් වලට හුවමාරු මධ්‍යස්ථානයක් උනේ කාගෙ කාලෙද කියල මතක නැද්ද බාං? මතකනෙ ලංසගෙ ගෙදර එස්.ටී.එෆ් එකෙන් වටලල තියෙද්දි නීලකාසය හෙලිකොප්ටරෙන් ගිහිල්ල ලන්සව බදාගත්තු හැටි...

      3.ස්වාධීන පොලිස් කොමිසම:

      ඔහේ ඔය ලින්ක් එක දීල තියෙන ආටිකල් එකේ මෙහෙමත් තියනව ...

      /Transfers of ineffective Police officers over whom Police Chief Pujith Jayasundera had issued orders were being stalled by a top official.

      A senior Police source said the official, who played a key role in the Defence Ministry during the previous administration and figured in investigations into high profile cases, has found an important slot in the Commission./

      දන්නවනෙ ඔය කියන මනුස්සය කවුද කියල..ඒ කාලෙ ගොට්ටගෙ චක් ගෝලයෙක්..දැන් උනත් කරන්නෙ ගොට්ටගෙ යටි කූට්ටු කඩාකප්පල්කාරී වැඩ...ඒකයි ඇත්තම සීන් එක...

      ඒ හින්ද මිස්ටර් ඇනෝ මීට පස්සෙ ලින්ක් හල හල යන්ට ඉස්සර ඒකෙ තියන ලිපිය අඩුගානෙ උඩින් පල්ලෙන්වත් කියවන්න.

      Delete
  10. රහක් දිගටම තියා ගන්නට ඕනෙමයිනේ කියාලා
    එකක් නොව ලිපි කීපයක් එක දිගට අකුරින් ගළපලා
    එකක් ලියලා ඉවර නොකරම තවත් නව ලිපි ලියාලා
    මොකක් කෙරුමට හිතනවද මේ රවිය කල්යල් බලබලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Thanks Dumee,

      කවි ලියන්නට බැරිය මලයෝ ටිකක් වගෙ දැන් වැඩි නිසා,
      සවි පතන්නෙමි ඔබේ සුරතට මියුරු කවි ලියවෙන නිසා,

      ( උඹ කොල්ලො දකුණෙන්නෙ ලියන්නෙ නේද? වමෙං ලියනව නම් වමත කියල දාගං හොඳේ...)

      ඔය ඇති බං ඉතුරු පද දෙක පස්සෙ ලියඤ්ඤා...:)

      Delete
  11. රවී අයියේ අපි මෙහෙම කරමු.. දැන් ඔය අනන්නයාගේ සිද්දිය ඉවර වෙනකම් ඔයාට නින්ද යන්නේ නැති හින්ද අපි කට්ටිය බෙදාගෙන ඕක ලියල ඉවරයක් කරලා දාමු... ඔය පොතේ ඉතිරිවෙලා තියෙන කොල ටික අපි එක එකාට ඊමේල් කරන්න අපි දන්න විදියට එක පරිවර්තනය කරලා මේකේ දාල ඉවර කරමු... සතියෙන් වැඩේ ඉවරයි.. එව්රි බොඩි හැපී

    නිලකාස ආතල් සහ පුවක් එෂනින් ආතල් ගන්න එක නම් ඉතින් කොල පාට(මුට තියෙන්නේ මොන පාට ලේ ද මන්ද) ලේ තියෙන කම් නතර වෙන එකක් නැති හින්ද අපි කෙරෙන විදියකට අරක ඉවරයක් කරලා දාමු... මොකද කියන්නේ...

    ඊට පස්සේ අර අනිත් ගෑනු ළමයි ටික ගැන බලමු... ගෑනු ළමයි ඔහොම අනාථ කරලා දාන්න වටින්නේ නෑනේ ...

    ReplyDelete
    Replies
    1. මයි ඩියර් පැතුම් ප්ලීස්,

      හරි හරි බං අවුලක් නෑ..ඔය ඔක්කොම ගැන ලියමු...ඔක්කොම ගැන ලියමු...

      අහල්‍යා...ඒ කිව්වෙ අර නිල් කට් රොල් මල් වලට වතුර දාන දැරිවි...අර බොහොම දුර බැහැර ඉඳල ආගන්තුකයෙක් ආවෙ අහල්‍යාගෙ අප්පොච්චි හම්බ වෙන්ට.. අර අහල්‍යා කිව්වෙ අප්පච්චි නම් මේ වෙලාවෙ ගෙදර නැතය.. එනකල් එහෙනං අර සල් ගස් ගොමුවෙ තියෙන දඬු මැස්සෙ ඈඳිගෙන ඉන්නෙයි කියල...

      අහල්‍යාගෙ කතන්දරේ නම් ලියන්නම ඕන බං...අහල්‍යා ගැන මයෙ පපු කැනැත්තෙ තියනව ඔය අනික් අංගනාවියන්ට නැති සෙනේහයක්.. ඒ මොකද දන්නවද? මට ඉස්සෙල්ලම සම්මානයක් හම්බ වුනේ ඔය අහල්‍යාගෙ කතාවට...ඒ 2014 අවුරුද්දෙදි...:)

      Delete
    2. ඒක් මානවික්ස්,

      මොකද උඹ මෙතන වැටවල් ගහන්ට ආවෙ? පලයං යන්ට...

      Delete
    3. +++++

      මාත් ගැහුවා වැටක්. පුළුවන්නං එළවන්ඩකො බලන්න. මේ අයියෙ, හැබැයි ඔන්න මේ පෝස්ට් එකනං කියෙව්වෙ නෑ. කමෙන්ට් ටික විතරක් කියවගෙන ආවා. :D

      Delete
    4. Siththami,

      Thank you Thank you...අන්න බොට කමෙන්ට්ස් විතරක් කියවන්ට තව පෝස්ට් එකක් දැම්මා...:)

      Delete
    5. හෙහ්, වැට ගැහැව්වේ මෙයාටයි කියලා හිතලාද දන්නෑ තැන්ක්යූ කිව්වේ. මං වැට ගැහැව්වේ පැතුම්ගේ කමෙන්ට් එකට. ඒකෙත් මෙන්න මේ ටිකට: "නිලකාස ආතල් සහ පුවක් එෂනින් ආතල් ගන්න එක නම් ඉතින් කොල පාට (මුට තියෙන්නේ මොන පාට ලේ ද මන්ද) ලේ තියෙන කම් නතර වෙන එකක් නැති හින්ද" :P

      // අන්න බොට කමෙන්ට්ස් විතරක් කියවන්ට තව පෝස්ට් එකක් දැම්මා //

      කොටියම කාපිය! >:(

      Delete
  12. බලන්නකො ඉතිං ඒකෙත් හැටි. අර මනුස්සයට තිබුණනෙ ලොක්කට සලකල තව ලකුණු කීයක් හරි අඩු කරන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කාටද කියන්නෙ බං? හැබැයි අනික් අතට බැලුවම ඒ වගෙ ප්‍රතිපත්ති ගරුක නිලදාරීනුත් ඉන්නව..ආය නෑ ජනාදිපති කිව්ව උනත් වැරදි දෙයක් කරන්නෙම නෑ...නෑ..නෑමයි...

      Delete
  13. මොනව වුනත් මරා හෙන ස්පෝට්ස් මීට් කොල්ලා! සිල්‍ රෙදි ඉල්ලන නංගි ඉස්සරහ ඉන්න ඇක්ෂන් එකම කෝමද නිකං 😆

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      ආය මොනවද? නියම එලකිරි බුවා..

      මතකද අර ජනාදිපති කාලෙ ට්‍රැක් කිට මරාගෙන යනව ගෝල් පීස් එකේ ජොගිං වලට..අරලියගහ මන්දිරේ ඉඳලම දුවගෙන යන්නෙ...

      කොටිම්ම සිකුරිටි එකටවත් බෑ මරා එක්ක එක ගැම්මට දුවන්ට.. ඒ තරම් මරා පිට් බුවා.. සිකුරිටි කාරයො එන්නෙ ඩිෆෙන්ඩර් එකේ නැඟල. සමහර වෙලාවට උං එනකොට මරා ගෝල් පේස් එකේ වට දෙකතුනක් දුවලත් ඉවරයි....:)

      Delete
    2. සිත වෙරිවෙලා තියෙන්නේ UNP වහල්කමින්ද ?

      Delete
  14. මම නම් මුකුත් කියන්නේ නැහැ. ඕන එකක් ලියපං , අර කතාව ඇත්තද බන් 98 හම්බ වුන විධිහ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...