Monday, July 30, 2018

599. Idle Thoughts Of An Inebriated Mind - 2 - පදනමෙං ගැහිල්ල සහ ගොං බයියංගේ පංසල් නාඩගම…

ඡායාරූපය මුහුණු පොතෙනි...

මගෙ මේ Idle Thoughts වැඩේ අදින් ඔන්න ඉවරයක් කරනව. ඉවරයක් කරනව කිව්වෙ දැනට හොඳේ. පස්සෙ ආයම ලියනව…...පහුගිය පාර To Be Confused කියල යටිං දාපු හින්ද තව කොටහක්  ලියන්ටම උනා නෙව. එහෙම නැත්තං නීලකාසය ගැන ලියලම මට දැන් ඇතිම වෙලයි තියෙන්නෙ...:)

හරි අපි පටං ගමු පහුගිය ඇපිසෝඩ් එක නවත්තපු තැන ඉඳල...

සමහරවිට නුදුරු අනාගතයෙදිම තමන්ගෙ මහන්තත්තෙ පෙන්නන්ට හීනමානෙ වහගන්ට මරි මෝඩ වැඩ කරල ගෙවාගන්ට බැරි ණය උගුලක හිරකරල මුලු රටක්ම අමාරුවෙ දාපු අවස්තාවක් ගැන කේස් ස්ටඩි එකක් නොහොත් විෂය අධ්‍යයනයක් විදිහට මේ මරාගෙ චීන ණය සීන් එක ලෝකෙ පුරාම ආර්තික විද්යා පාටමාලාවල උගන්නන්ටත් පුලුවනි. කොහොමද ඒක? පිස්සු හැදෙනව නේ?

" Sri Lanka rapidly sinking into a Chinese debt trap under Mahinda Rajapaksa's leadership : A typical case study of how one man's inferiority complex and indefinite ego satisfying destroyed a country totally…."

ඔහොම ඔය තව කේස් ස්ටඩි එකක් කරතෑකි මරාගෙ ගෝල බාලයො a.k.a. පොල් ලෙල්ලො a.k.a.  බයියො ගැනත්.

ඔය බයියො කියන්නෙ මහම මහම මහ අමුතුම ජීවීන් කොට්ටාසයක්නෙ. මෙහෙත් ඉන්නව මගෙ ඉතාම හිතවත් බයියො කීප දෙනෙක්. හැබැයි අපරාදෙ කියන්න බෑ මේ දවස්වල ඔය බ්‍රහස්පතින්ද රෑට හෝ සිකුරාද දවසෙ අපේ ඔය තියන පොඩි පොඩි ඉවෙන්ට්ස් වලදි හම්බ උනහම මූණ දිහා ටිකක් වෙලා බලා ඉඳල හෙමීට ලිස්සල යනව. අර මරාගෙ චීන පගා කේස් එක පත්තු උනත් හරි ඔහොමයිලු බයි කල් කිරියාව. හප්පා නැත්තං බලන්ට එපාය කැරකිල දෙකට නැමිල දෙන  පඬි ටෝක්...

මේ දවස්වල ඔය බයියො මුණගැහුනම ටිකක් වෙලා මගෙ මූණ දිහා බලා ඉඳල හෙමීට ලිස්සල යනව කියල මම කිව්වනෙ. බයියො ඒ බලාගෙන ඉන්න බැල්ම දැක්කම මට මතක් වෙන අපූරු සිද්ධියක් තියනව. ඒක කියන්ට හැබැයි අවුරුදු හතළිස් පහක්, හතළිස් හයක් විතර අතීතෙට යන්ට වෙනව. නමසිය හැත්තෑදෙක නැත්නම් හැත්තෑතුන වගෙ කාලෙට.

එදවස අපි හිටියෙ  කේගෝල්වල. කේගෝල් කිව්වෙ කෑගල්ලට. අපෙ අම්මයෙ බාලම මලය ඒ කිව්වෙ මගෙ පුංචි මාම වැඩ කලේ තැපැල් දෙපාර්තමේන්තුවෙ. හැත්තෑව දශකයෙ මුල්ම   කාලෙ මාම වැඩ කලේ කෑගල්ල අවට තැපැල් කන්තෝරුවල. මුලින්ම කෑගල්ලෙ පෝස්ට් ඔෆිස් එකේ වැඩ කරල ඊට පස්සෙ පෝස්ට් මාස්ටර් වෙලා ගියා උඳුගොඩට. උඳුගොඩින් ගියා මොරොන්තොටට. ඔය උඳුගොඩ සහ මොරොන්තොට දෙකම තියෙන්නෙ කෑගල්ලෙ ඉඳල බුලත්කොහුපිටියට යන පාරෙ.

මාම මොරොන්තොට ඉඳිද්දි තමයි 71 චේ ගුවේරා කාරයො රටපුරා කැරැල්ලක් පටන් ගත්තෙ. ඔය මොරොන්තොට, බුළුරුප්ප, උඳුගොඩ, ගැටියමුල්ල, හෙට්ටිමුල්ල, ගොඩිගමුව, මොරදන එතකොට අලවතුර පැත්තෙ චේ ගුවේරා ක්‍රියාකාරිත්වය සෑහෙන්න තිබ්බ. 

ඒ පාර එහේ ඉන්න බැරිතැන නැන්දයි පොඩි දරුවො දෙන්නයි කෑගල්ලෙ අපේ ගෙදර නවත්තල මාමා හමුදා සේවයට ගියා. එයා කොහොමත් යුද හමුදා ස්වේච්ඡා බල සේනාවෙ ලුතිනන් තනතුරක් දරමිනුයි හිටියෙ. රටපුරා හදිසි තත්වය නිසා ස්වේච්ඡා සියළු නිලයින් සහ භටයින් වහාම සේවයට කැඳෙව්ව.

අපෙ පුංචි මාම පොඩි කාලෙ ඉඳලම සත්තුන්ට ආසයි. පොඩිම කාලෙ මාලු ඇතිකරල තියනව. පස්සෙ පස්සෙ මනුස්සය බල්ලො පැත්තට ගියා. මට මතක කාලෙ ඉඳලම ගෙදර බල්ලො අඩුම ගානෙ හතර පස් දෙනෙක්වත් නැතිවුනේ නෑ කවදාවත්. තාමත් ඉන්නව බල්ලො පස් දෙනෙක්ද කොහෙද. ඔක්කොම හොඳ වර්ගවල පැටිකිරිය උසස් ගනයෙ එවුන් තමයි. ඉතිං අර චේ කලබල කාලෙ මාම ගාව හිටිය හොඳ දඩාර් සයිස් බල්ලො දෙන්නෙක්. උනුත් ඉතිං අපේ ගෙදර වාසය කරන්ට ගත්ත කිසිම අවුලක් නැතුව. එකෙක් හිටිය කලුම කලු ලැබ්රඩෝර් වර්ගයෙ බල්ලෙක්. නම බිංගෝ......

අපේ ගෙදරත් ඒ වෙනකොට බල්ලෙකුයි බැල්ලියෙකුයි දෙන්නෙක් හිටිය. එයින් කුරු බැල්ලිගෙ නම මිලී. අනික වල්සේෂන්...නම රෝවර්...ඉතිං මාම ගෙ අර ලැබා ඒ කිව්වෙ බිංගොට පොඩි අසාමාන්‍යතාවක් තිබ්බ. ඒ මොකක්ද කිව්වොත් ඌට සංසර්ගයෙ යෙදුනම පුරුස නිමිත්ත (එහෙම කිව්වම හරිද මන්ද...බලු නිමිත්ත කියලද කියන්න ඕන? නැත්නම් බලු පුරුස නිමිත්ත? හරි ඔය ඕන එකක්..කියන එක තේරෙනවනෙ?..එහෙනං එච්චරයි) ආපහු ගලව ගන්න බෑ. 

කොහොමත් බල්ලන්ට ඔය වැඩේට ටික වෙලාවක් යනව තමයි. ඒත් මේ යස්සයට ඒක කොහොමවත් කරන්න බෑ. මම හිතන්නෙ බිංගොගෙ ඒ අදාල අවයවයෙ තිබ්බ අසාමාන්‍ය පිහිටීමක් හින්දයි එහෙම වෙන්නෙ. මම ඔය කාලෙ ඔව්ව මොකවත් දන්නෙ නෑ. ආය මොකෝ අම්මගෙන් නැත්නම් අප්පච්චිගෙන් කියල අහන්නය? ඔය මම පස්සෙ කාලෙක උපකල්පනය කරපුව..හ්ම්ම්ම්.. එතන මෙහෙම තමයි වෙන්න ඇත්තෙ කියල...

ඉතිං බිංගො එහෙම සර්ව ලෝක පූට්ටු දාගත්තම පුංචි මාම ගෙදර හිටියොත් තකහනියක් දුවල ගිහිල්ල පශූ වෛද්‍ය කෙනෙක් ඒ කාලෙ හිටිය ඔය නිල්වක්ක කියන හරියෙ. එයාව එක්ක එනව. අපි හිටපු ක්වාටර්ස් එක තිබ්බෙ නාගොල්ලෙ. නාගොල්ල කියන්නෙ කෑගල්ල නගර ශාලාව ලඟින් උඩහට යන්න ඕන. ඒ කාලෙ පොලීසිය කච්චේරිය එහෙමත් තිබ්බෙ ඒ පාරෙමයි. දැන්නම් කොහොමද මන්ද...

බිංගො මේ අලකලංචිය කොරගන්නකොට පුංචි මාම ගෙදර හිටියෙ නැත්නම් ඉතිං අපේ ගෙදර තව හිටිය අම්මගෙ කසාද බැඳපු නැති මාම කෙනෙක්. ඔන්න ඒ මාම ගිහිල්ල පශූව එක්ක එනව. තුන් හතර පාරක්ම බිංගො මේ නාඩගම නැටුවට මාම කැමතිවුනේ නෑ ඌව කොහෙවත් වෙන තැනකට දෙන්ට. 

කොහොම හරි මට හරියට මතකයක් නම් නෑ මම හිතන්නෙ මාම හමුදා සේවයෙන් අයින් වෙලා ආපහු තැපැල් සේවයට ගියාට පස්සෙ ඉස්සෙල්ලාම පත්වීම හම්බ වුනේ කඳපොළට. නුවරඑළියෙ ඉඳල රාගල පාරෙ යන්න ඕන. මම හිතන්නෙ එහෙ යද්දි බිංගොයි අනික් බල්ලයි දෙන්නම අරගෙන ගියා. බිංගො එහෙදි ලොරියක හැප්පිල මලාය කිලත් මට පොඩි මතකයක් තියනව වගේ...

මට හොඳටම මතකයි ඔය පශූ වෛද්‍ය එක්ක ඇවිල්ල කට්ටිය වැඩේට සූදානම් වෙනකොට අම්ම හරි අත්තම්ම හරි  මාව එතනින් එලවනව උනත් මම කොහොම හරි හැංගිල බලාගෙන ඉන්නව. පශු වෛද්‍ය සුදු පාට ග්ලවුස් කුට්ටමකුත් දාගෙන වැඩේට ලෑස්ති වෙනව. හැබැයි එතනින් එහාට මොනව කරනවද කියල මම ඉන්න තැනට පේන්නෙ නෑ. පශු වෛද්‍ය ගියාට පස්සෙ බිංගොගෙ නිමිත්ත සුදු රෙදි පටියකින් වෙලල ක්ලිප්ස් වගෙ මොනවද ගහල තියනව දවසක් විතර. කොහොම හරි එහෙම එකක් මට නිකම් මතකයි වගේ. බට් අයෑම් නොට් ෂුවර්. මට ස්ථිරවම කියන්න නම් බෑ. ලෝං ටයිම් අගෝ නෙව...

ආ...මම මේ බිංගො ගැන මේ හැටි වැල් වටාරමක් කිව්වෙ අර බයියො මේ දවස්වල මුන ගැහුනම මයෙ මූණ දිහා බලාඉන්න විදිහ ගැන කියලනෙ. දැන් බයියොයි බිංගොයි අතර සම්බන්දෙ මේම් මෙහෙමයි. 

සමහර දවස්වල මම ඉස්කෝලෙ ඇරිල එනකොට ඔන්න ඉන්නව ගේ ඉස්සරහ කොරිඩෝවෙ බිංගො යුනිවර්සල් ජොයින්ට් එක දාගෙන. මාම පේන්න නෑ පශූ එක්ක එන්න ගිහිල්ල වෙන්න ඇති. මම ඉතිං හොරෙන්ම වටපිට බලල ලඟට ගිහිල්ල බලනව.මිලී අපේ කුරු බැල්ලි ඉන්නව  පසුපස ගාත්‍රා යුවලත් අහසෙ තියාගෙන එල්ලිල. 

ඒකි මා දිහා බලල කෙඳිරි ගානව. බිංගොත් මගෙ මූණ දිහා බොහොම අසරණ විදිහට බලනව. බලල අහක බලා ගන්නව. හරියට "මොකද කරන්නෙ පුංචි මහත්තයො මට හොඳටම වැරදුනා..." කියල නොකියා කියනව වගෙ.

ඉතිං මට කියන්ට ඕමනා කලේ මේ දවස්වල බයියො මගෙ මූණ දිහා බලද්දිත් තියෙන්නෙ අන්න ඒ අවුරුදු හතළිස් පහකට එහා පැත්තෙ බිංගොගෙ මූණෙ තිබ්බ අසරණ පෙනුමමයි.

ඒ කියන්නෙ මෙදා පාර බයියන්ට කට උත්තර නැතිවෙන්ටම ඇරියෙ වෙන කවුරුත් එහෙම නෙවෙයි උංගෙම මහ බයිය මරාමයි. ඇයි මං එහෙම කියන්නෙ? අර නිව්යෝක් ටයිම්ස් හෙලිදරව්ව හින්ද මරා අර මොනවද කාපු රිලව වගෙ නියව නියව ඉන්න හැටි දැක්කම ඕන කෙනෙකුට ඔප්පුවෙනවනෙ මූ නං චීනගෙං මේ පගාව ගහලම තමයි කියල. ඒකෙං උනේ බයියංගෙත් අප්පල්ල වගෙ තිබ්බ කටවල් වැහිලම ගිය එක.

මරා කොහොමත් ඔය ඇරිල්ලට දස්සය. තමන්ට බලය ලැබෙනවනම් ආය නෑ ඕනම කෙනෙකුට අරියි දෙපාරක් හිතන්නෙ නැතුව. මරා ඇරපු අය ගැන කතා කරනවනම් මේකත් මතු සම්බන්ධයි වෙනව. ඒ හින්ද ඒ ගැන වෙන දවසක කතා කරමු.

මරාගෙ චයිනීස් ගැහිල්ලත් එක්කම එලියට ආවනෙ තව ගැහිල්ලක්. ඒ තමයි භක්ෂිශීලයන්ගේ (බැසිලට භක්ෂිශීලයෝ කියල නම දැම්මෙ  අවුරුදු හත අටකට කලින් පිස්සාගේ පළාමල්ල කියල අපූරු බ්ලොග් එකක් ලියපු පිස්සා..) ප්‍රියාදර බාර්යා තොමෝ වන පුස්පක්කගෙ ඔන්න ඔය කෝටි දෙකක්ද කොහෙද ගැහිල්ල. ඒ සල්ලිත් දීල තියෙන්නෙ චයිනීස් කස්ටියම තමයි. 

ඒ ගැහිල්ලටම බැසිලයි පුස්පයි එකතුවෙලා පධණමකුත් පිහිටුවාගෙන ඔන්න කොටිම්ම. ඒකෙ නම පුස්පා රාජපස්ස පධණම... පදනම කියල හරියට ලියන්නෙ නෝමල් දයන්න උනාට ඒ වගෙ භාරදූර ගෞරවාන්විත කාර්යයකට පිහිටුවා ගත්තු එකකට නිකම්ම පදනම කියල කියන එක ඉත්තේරුවෙම්ම වැරදියි. එහෙම එව්වට කියන්න ඕන "පධණම" කියල. තේරුණෙයි ඔහෙලට? 

දැං ඔය හතරවරං ගැහිල්ලට පධණං පිහිටුවා ගන්න එක තරං ලේසි කෙරේමයක් ආය ලොවෙත් නෑ. මතකනෙ වැඩේ හාපුරා කියල පටන් ගත්තෙ හෙල්පිං හංබංතොට පධණමිං..ඊට පස්සෙ ෂිරිළිය පධණම.. ඊටත් පස්සෙ තාරුන්නේට හැට්ටයක් පධණම...ඊටත් පස්සෙ නිල් බලකාය පධණම...හෙහ්...කොහොමද ආතල් එක..ගැහිල්ල බොහොම ලේසියි සහ පහසුයි...පධණමක් පිහිටුවාගන්නව චීන්නු පධණමට සල්ලි දානව. රට චීන්නුන්ට ලියල දෙනව...

අනික ආස පොලෝ නුහූලන අපරාදෙය කියන්නෙ ඔය මරා ගහපු සල්ලියි පුස්පක්කගෙ පධණමට චීන්නු දුන්නු සල්ලියි නිකම් මේ සාමාන්‍ය කොමිස් එකක් වගෙ එකක් නෙවෙයි ලු. එහෙමනම් ඒක එතනිං ඉවරනෙ. මේ ගහපු සල්ලි තව අවුරුදු තිහකිං මේ රටේ අප ඔබ හැමෝම පොලියත් එක්ක චීනට ගෙවන්ට ඕමනයිලු. අන්න අර අනුර මල්ලි සාක්සි සහිතව පාර්ලිමේන්තුවෙදි ඒ විස්තරේ කිව්වෙ. හැමෝම වගෙ මම හිතන්නෙ ඒ වීඩියෝ එක දැකල ඇතිනෙ. ඒ හින්ද මම මෙතන ඒක දාන්නෙ නෑ.

ඒ වෙනුවට අපේ ඔය හිතවත් බයි මහත්තුරුන්ට බලාගන්ට අපූරු වීඩියෝ එකක් මෙන්න තියනව. 


මේකෙ තියෙන්නෙ  ඇවිල්ල ඔය ඇඹිලිපිටිය කිට්ටුව පන්සලක බුද්ද රූපයක් විවෘත කරන්ට නීලකාසයට ආරාදනා කරල උන්දැ එනව එනව කියල අන්තිම මොහොතෙ එන්නෙ නෑ කියල කිව්වම එතන ඉන්න බයි මෝල්ලු රැල නටන නාඩගමක්. (6.40 ඉඳල බලන්න...)

මේ අපි වාගෙ වයසක මිනිස්සු ඔහොම අඩව්වක් ඇල්ලුවනම් එක අතකට කමකුත් නෑ කිව්වැහැකි. මෙතන මේ නරි නාටක නටන්නෙ හොඳ තරුණ වයසෙ කොල්ලො. අන්න ඒකයි අපෙ හාන්දුරුවනේ හිතට කණගාටුව. රටේ අනාගතය ගැන පුදුම බයක් දැනෙන්නෙ මේ ගෙ මී හරක් රංචුවක්ද මයෙ කිරි බුදු සන්තෝ ඉස්සරහට අපේ  රටේ අනාගතය බාරගන්න ඉන්නෙ කියල කල්පනා  වෙද්දි....

අනික ඔක්කෝටම වැඩිය හිනා කන වැඩේ තමයි මේ අම්බරුවො මරාව එක්ක එන්ට කියල පුකවල් පොළවෙ ගහගත්තට චමල් අයිය මරාට කෝල් එක අරන් දුන්නම මරා ඒ කතා කරපු එකාට කලිසම හැලෙන්ට දෙකක් කියනව..හෙහ්...හෙහ්..."තමුසෙල කියන කියන විදිහට මම නටන්නෙ නෑ ඕයි..මට ඕන විදිහටයි මම වැඩ කරන්නෙ.."

සෝක් නේද? මේ ගොං බයියො රැල අච්චර මරාට දෙන්ට හදල අහගත්තු හරිය? මරා කියන්නෙ අන්න ඒ ජාතියෙ පොරක් කියල දැන්වත් තේරුං ගත්තනං ලොකු දෙයක්. 

දෙයියෝ සාක්කි නීලකාසය පොඩ්ඩක් හිතන්ට එපාද යකෝ මම මෙච්චර හොරකං කරල රටම විනාස කරල ඒත් මේ මිනිස්සු උපංගෙයි ගොං කමට හරි මට මෙහෙම ආරාදනා කරන එකම මදිද? ඒ හින්ද මුංගෙ හිත හැදෙන්ට මොකවත් කියන්ට ඕනෑය කියල හිතල "මම මේ අසනීපෙං ඉන්නෙ දරුවනේ..බොහොම ස්තූතියි මට ආරාධනා කලාට ඒත් මට එන්ට හැටියක් නම් නැහැ" එහෙම කිව්වනම් මොකෝ මරාගෙ නම්බුවට මොකවත් වෙනවද?

එහෙම නෙවෙයිනෙ තියන උද්දච්ච කම....තියන මහන්තත්ත කම....වෙන මොකක්ද? මෙහෙම කිව්ව කියල මගේ අතිජාත මිත්තර  හිතවත් බයි රැල නීලකාසය කෙරේ කලකිරෙන්ට අපෝ වෙන්ට එහෙම එපල්ල හොඳේ...හෙහ්,...හෙහ්..තවත් පසඟ පිහිටුවා වැඳ නමස්කාර කරපල්ල!...වැඳ නමස්කාර කරපල්ල!

"I am not sure whether Darwin was right when he said humans evolved from monkeys but I am 100% sure that a majority of Sri Lankans are rapidly evolving into 🐃 Buffaloes "

28 comments:

  1. අර කුරුවල් වෙලා කරගන්නට දෙයක් නැතුව දාහට දීලා සීයට ගත්තා වගේ, මලානික බැල්ම සඳහා සොයාගෙන තිබෙන, අතීතයෙදී කුතුහලයට පත්වූ, සුනඛ ක්‍රියා උපමාව මා නම් මෙතෙක් දැක ඇති අග්‍ර ගණයේ උපමාවක්. බොහොම උපමා රූපක දමා කවි ලියා ඇති තොටගමුවේ හාමුදුරුවෝවත් මේ උපමාව ගැන හිතලා නෑ වගෙයි.

    ReplyDelete
    Replies
    1. I too was thinking this is an excellent metaphor. Well done Ravi.

      Lotus

      Delete
    2. daahata aran seeyata dunna wage.

      Delete
    3. බොහොමත්ම ස්තූතියි දයා මහත්මයා...:)

      Delete
    4. Thank you so much Lotus...:)

      Delete

  2. /"මොකද කරන්නෙ පුංචි මහත්තයො මට හොඳටම වැරදුනා..."/

    පොඩි වැරදීමක් උනා. මේ ඉහත පාඨය comment එකේ උඩින්ම යන්නට ඕනෑ

    ReplyDelete
  3. දෙය්යෝ සාක්කි වීඩියෝ එක.ගස් උඩ නැගගෙන.
    දෙකක් නෑ බැනුම් අහපු යොදයා කියනවා ඇති
    රජතුමා මටම කතා කලා කියල.සුළුපටු දෙයක්ද බැනුමක් ඇහුවත්.

    ReplyDelete
    Replies
    1. සිරා,

      අම්මප පුදුම මිනිස්සු නේ?

      මරා නම් කොන්දෙ අමාරුවට බේත් ගන්ට සිංගප්පූරු ගියා..අර ගස් නැගපු අම්බරුවො දෙන්න ගහ පල්ලෙ දෙරි ගහල කොඳු කඩා ගත්තනං එහෙම සදා සොත්ති තමයි...:)

      Delete
  4. https://breedingbusiness.com/copulatory-tie-in-dogs/

    ReplyDelete
    Replies
    1. Thanks Pra,

      But I still don't understand the purpose of the this "බලු පූට්ටුව"...Why something like this happened during the evolutionary process still beats me...

      Delete
  5. Replies
    1. Prasanna,

      මොකෝ බොල හැක් කියන්නෙ? ඔය පන්සල උඹලටත් බොහොම කිට්ටුයි කියල මම දැක්ක කවුද FB එකේ කමෙන්ට් එකක් දාල තිබ්බ.

      Delete
  6. "බයි මෝල්ලු"

    මේක තමා වඩාත්ම සිත්ගත් වචන දෙක...

    ReplyDelete
  7. ඔය මගුල් දේශපාලනේ නං වැඩක්ම නෑ..... ඕක බල්ලාටම ගියාවේ....

    ඒ වගේද අර කියපු ගම් ටික..... උඳුගොඩ, මොරොන්තොට, නිල්වක්ක.... නියම පැත්ත නේද අන්කල් රවි.....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      උඹ දන්නවද ඒ පැත්ත? මොරොන්තොට පහුකරල බුලත්කොහුපිටියට ගියාම ඒ පැත්තෙං පාරක් තියනව නාවලපිටියට එන්න පුලුවන්..හප්පා...මාර ලස්සනයි ඒ හරිය..

      Delete
  8. Have a look it this and update your political knowledge,

    http://dbsjeyaraj.com/dbsj/archives/60165#more-60165

    ReplyDelete
  9. පවු අප්පා අර පිරිස. අවංකවම ඒ මිනිස්සුංගෙ ඒ භක්තිය රට වෙනුවෙන් තමුන්ගෙ පවුල වෙනුවෙන් තියෙනව නං කොයි තරං හොඳාද? මට පේන හැටියට මේ පොහොට්ටුව කියල එකක් අටෝගෙන නැටිල්ල මහින්ද මහත්තයගෙ උවමනාවට කෙරෙන එකක් නෙවෙයි. ඒ මනුස්සයට ඕන කනක් ඇහිලා පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න. එහෙව් ඉන්න නොදී උන්නැහැව අහට්ට මෙහෙට්ට දක්කා ඇවිදින එක උන්නැහැට මහ දස වදයක් වෙලා කියලයි මට හිතෙන්නෙ. ඕං බලන්නකො ටික දොහකින් එතුමාම කියයි “මට එක හැටියක ඉන්ට දීල පලයව් තොපි“ කියල මූනටම.

    ඒක නෙවෙයි ලොක්කයියෙ තමුන්නැහැ ලිවිල්ල නං නවත්තන්ට එපා. ඒක දිගටම කරන්න. දැං ලියන්නො සේරම හැලිල ගිහිං බුකියෙ පැලවෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Suranga,

      /මට පේන හැටියට මේ පොහොට්ටුව කියල එකක් අටෝගෙන නැටිල්ල මහින්ද මහත්තයගෙ උවමනාවට කෙරෙන එකක් නෙවෙයි./

      ඒ මනුස්සයටත් එක අතකට එපා වෙලාම ඇති තමයි. ඒත් ඔය වටපඩයින්ගෙ උවමනාවටත් වැඩිය ලොක්කට ඕන නාමෝලට රජකම අරන්දෙන්ට. අඩුම ගානෙ වලකජ්ජ ගහන්ට ඉස්සර නාමෝලට පක්සෙ නායකත්වය හරි අරන් දෙන්ට. අන්න ඒ පෙරේතකමට තමයි ඔය ඔච්චරම නැහෙන්නෙ...ඒකනෙ තාම ඔය බදාගෙන ඉන්නෙ බහිරවය වගෙ.

      අන්න ඒකට ඇමරිකාවෙ..මම මේ ඊයෙ පෙරෙයිද FB ෂෙයාර් පාරකුත් දැම්ම ක්ලින්ටන් ගොයියයි ජෝර්ජි බුසයි, ඔබාම ලොක්කයි තුන්දෙනා කරට අත දාගෙන හිනා වෙවී ඉන්නව.

      අම්මප අපේ රටේ නායකයොයි කියල ඉන්න බහිරවයින්ට කවදා එහෙම වාසනාවක් ලැබෙයිද මන්ද...දැන් අර රනිල උනත් එහෙමනෙ. කොරගන්ටත් බෑ.. දාල යන්නෙත් නෑ...බදාගෙනම ඉන්නව...

      /ඒක නෙවෙයි ලොක්කයියෙ තමුන්නැහැ ලිවිල්ල නං නවත්තන්ට එපා. ඒක දිගටම කරන්න. දැං ලියන්නො සේරම හැලිල ගිහිං බුකියෙ පැලවෙලා තියෙන්නෙ./

      අනේ නෑ බං මට එහෙම ඕනය කියල හිතෙන්නෙම නෑ. ඒ හින්ද මම ලියන්ට ගත්තෙත් මෙතන දිගටම ලියන්නෙත් මෙතන...මේ සුමේ කොරන්ට බැරිය කියල හිතුන දවසක දමල ගහල නිකං ඉන්නව...එච්චරයි...:)

      Delete
  10. //මගෙ මේ Idle Thoughts වැඩේ අදින් ඔන්න ඉවරයක් කරනව.//
    🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      සූපත් නිවන් සම්පත්!

      උන්දැට වැන්දහම අපෙ අත්තම්ම ඔලුව අතගාල එහෙම කියනව...:)

      Delete
  11. දැන් කියවලා ඉවරවුනේ උඩ කමෙන්ට් එක ඉල්ලා අස් කරගන්නවා 😆

    ReplyDelete
    Replies

    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      ඇයි බං උඹ පෝස්ට් එක කියවන්නෙ නැතුවද කමෙන්ට් දාන්නෙ....හෙහ්...හෙහ්...

      Delete
  12. //මේ අපි වාගෙ වයසක මිනිස්සු ඔහොම අඩව්වක් ඇල්ලුවනම් එක අතකට කමකුත් නෑ කිව්වැහැකි. මෙතන මේ නරි නාටක නටන්නෙ හොඳ තරුණ වයසෙ කොල්ලො. අන්න ඒකයි අපෙ හාන්දුරුවනේ හිතට කණගාටුව. රටේ අනාගතය ගැන පුදුම බයක් දැනෙන්නෙ මේ වගෙ මී හරක් රංචුවක්ද මයෙ කිරි බුදු සන්තෝ ඉස්සරහට අපේ රටේ අනාගතය බාරගන්න ඉන්නෙ කියල කල්පනා වෙද්දි....//

    ඇත්තටම මේ රටට මෙහෙම වෙන්න වගකියන්න ඕන අපට කලින් පරම්පරාව තමයි. පක්ෂ බදාගෙන, පක්ෂ නායක වරුන්ගේ පින්තූර රාමු කරලා ගෙවල් වල ගහගෙන. ඔය විදියට ඉස්සර ඉඳන් එකම පක්ෂයකට මනාපය පළකරපු ගොඩක් අය UNP. යුද්ධය ඉවර වුනත් එක්ක තමයි ගොඩක් අය බයියෝ වෙලා මහින්ද රාජපක්ෂ වටා එකතු වුනු බවක් පෙනුනෙ.

    දැන් අපරාදෙ කියන්න බෑ ඉස්සර හිටියේ එක කොටසයි, දැන් වහල්ලු දෙකොට්ටාසයක් ඉන්නව.

    ඔය ඔක්කොමත් හරි. වැඩිහිටියෝ කරපු දේවල් දිහා බලාගෙන අපි ටිකක් වෙනස් වෙන්න බලමු කියල වත් තරුණ පරපුර හිතනවා නම්. එයාලත් ඊට අන්තයි. තමන් මොන පක්ෂයට මනාපය පල කලත්, හරි දේ හරි විදියට දකින්ටත්, වැරදි දේ වැරදි විදියට දකින්ටත් පුළුවන් වෙන්ට එපැයි. දැන් ඉන්නේ යහපාලනය වෙනුවෙන් සහ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න පිරිසක්. තමන් මනාපය ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ ට නම්, ඊට පස්සේ යහපාලන රජයෙන් හොඳ දෙයක් කලත් ඒක අගය කරන්නේ වත් නැහැ. අනිත් පැත්තටත් එහෙමයි. තමන් කැමති කෙනා කලත්, අකමැති කෙනා කලත් අනේ දියුණු වෙන්නේ අපිට වැටිලා ඉන්න තියන ගම නේද, රට නේද, කියල හිතන්නේ නැහැ. කුවේණි ගේ සාපෙ වැඩ කරනවා ලෙසටම.

    ReplyDelete
    Replies
    1. Maanavi,

      /ඔය ඔක්කොමත් හරි. වැඩිහිටියෝ කරපු දේවල් දිහා බලාගෙන අපි ටිකක් වෙනස් වෙන්න බලමු කියල වත් තරුණ පරපුර හිතනවා නම්. එයාලත් ඊට අන්තයි/

      අද යොවුන් පරපුරේ සිතුම් පැතුම් ගැන අහන දකින කොට ඇත්තටම හිතට ඇතිවෙන්නෙ හරිම සාංකාකූල හැඟීමක් ඉච්ඡා භංගත්වයක්..

      දෙයියෝ සාක්කි අපි ඔය වයසෙදි කොච්චර නම් අලුත් විදිහට හිතුවද? ගතානුගතික සම්ප්‍රදායෙන් පිට පැනල වෙනම විදිහට හිතන්නයි අපි හැම වෙලේම උත්සාහ කලේ...

      සංදුක්කාරේ ඒකට අද ඉන්න කොල්ලො කෙල්ලො..බාගෙකට කිසිම දෙයක්ගැන මේ ලෝකෙ හැඟීමක් නෑ..යම් හැඟීමක් තියෙන බාගෙනුත් සීයට අනූවක් අප්පච්චි පස්සෙ දුවනව එහෙම නැත්තං සිංහ කොඩියත් උස්සගෙන මාරවේසෙන් වගෙ තමන්ගෙ මතේ එක්ක එකඟ නොවන හැමෝම මරන්ට කොටන්ට හදනව...හපොයි...

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...