වේරගම්පිට රජමහා විහාරය - Image from Google |
රන්දිල් නෝනා මේ පහුගිය දවසක ලියපු නගරාදිපතිගෙ දත ගැන කතන්දරේට මම මෙහෙම ප්‍රතිචාරයක් දැම්ම ඔබ තමුන්නාන්සෙලාට මතක ඇති මහිතේ...
/මට රචකයගෙ නම සහ කතාවෙ නම අමතකයි ඒත් තවත් ලතින් අමරිකානු ලේඛකයෙක් ලියාපු මේ වගේම කතාවක් තියනව කරණවෑමියෙක් ගැන.
රචකයගෙ නම අමතක වුනාට අවුරුදු හතළිහකට වගෙ ඉස්සර කියවපු ඒ කතාවෙ දෙබස් පවා තවම මතකයි. අර "මගේ කරණවෑමි කතා" කතා මාලාවෙ ඉස්සෙල්ලම මම ලියන්න ඉන්නෙ ඒ කතාව...හෙහ්..හෙහ්. /
ඉතිං මම කල්පනා කලා ආපහු අනන්‍යාගෙ කතන්දරේ ලියන්ට යන්ට ඉස්සරවෙලා ඒ කතාවත් කියලම ගියානම් මොකද කියල.
ඇත්තම කිව්වොත් අනන්‍යාගෙන් මේ දවස්වල මට හරිම කරදරයි. විසේසයෙන් සතිඅන්තෙ ඔය මොකවත් කර්මාන්තයක් කලහම ආය ඉතින් මට නින්දක් ඇත්තෙම නෑ. රෑ දෙගොඩ හරියෙ ඔන්න මම බයවෙල වගෙ ඇහැරල බලනකොට මෙන්න අනන්‍යා ඉන්නව මගෙ ලියන මේසෙ පුටුවෙ වාඩිවෙලා. මා දිහා රවාන. ඇස් දෙක නිකං ගිණි කබල් දෙකක් වගෙ.
"මොකද හලෝ? මොකක්ද තමුන්ට වෙලා තියෙන්නෙ? මොකද ඔතන කොරන්නෙ මේ දෙගොඩහරි ජාමෙ?"
මම ටිකක් සද්දෙට එහෙම අහනව. එහෙම මුලින්ම ඇඟට ගොඩවෙල කොන්ටෝල් කොරගත්තෙ නැත්තං ඔය බබලත්තු එක්ක ඉහ ගහල ජීවත්වෙන්ට අමාරුයි. මම ඉතිං දන්නවනෙ ඔය සාස්තරේ..හෙහ්..හෙහ්..
ඒත් ඉතිං ඇත්තම කිව්වොත් මට ඔය සාස්තරෙං පොරෝජං ගන්ට වෙලා නෑ කවදාවත්. අපේ උන්දැ එක්ක ඒ සෙල්ලං හරි යන්නෙ නෑනෙව. ඒක තමයි ඔය පුරාන ඉරිසින්නාන්සෙල කිව්වයි කියන්නෙ සාස්තරේ දන්න එක එකක් ඒකෙං පොරෝජං ගන්න එක තවත් එකක් කියල. මම සාස්තරේ දැනගත්තට ඒකෙං පොරෝජං ගන්ට පිනක් නැති ගොබිලෙක්...අහෝ තුකකි ඉරකි තිතකි.
මම ඉතිං ටිකක් සද්දෙට මොකද හලෝ? මොකක්ද තමුන්ට වෙලා තියෙන්නෙ? කියල ඇහුවම අනන්‍යා ඔන්න මගෙ ඇඟට ගොඩ වෙනව.
"හුහ් ඒක අහන ලස්සන..ඔහේ නෙවෙයි මමයි එහෙම අහන්න ඕන.."
"මොකක් ගැනද මේ කියන්නෙ? මම ඔහෙට කිසිම වරදක් කරපු බවක් මටනම් මතක නෑ නෙව.."
"මතක නෑනේද? ඉන්නවකො එහෙනං මම මතක් කරල දෙන්ට..ඔහෙ නෙවෙයිද මම ගැන ඔහෙගෙ අර බ්ලොග් පඩංගුවෙ ලියන්ට ගත්තෙ?"
"ඔව්..ඔව්..මම ඉතිං එහෙම ලියන්ට ගත්ත නම් තමයි.."
"හරි..ලියන්ට ගත්තනෙ..එහෙම පටන් ගත්තෙ මම කියලද?"
"නෑ..නෑ..මටම හිතිලයි ඔහේ ගැන ලියන්ට ගත්තෙ.."
"ආ..අන්න එහෙනම් හොඳ හිතින් ඒ ලියන්ට පටන් ගත්තු එක ලියල ඉවරයක් කරල දානව..හොඳද?"
මටත් ටිකක් මල පැන්න ඒ වංගියෙ නම්. මොකෝ මම ඔය තර්ජන, ගර්ජන, පුස්පාට්, බලපෑම් අරව මෙව්වට කොහොමවත් කැමති මනුස්සයෙක් එහෙම නෙවෙයි...
"හොඳයි මම ඔහේ ගැන ආයම නොලිව්වොත් එහෙම?"
"ආ..නොලිව්වොත්ද? හොඳයි ඒක මම ඒ වෙලාවට බලාගන්නම්කො…"
එහෙම කියල අනන්‍යා ගිණි පිටවෙන දෑසිං මා දිහා රවාගෙන හිටිය ටික වෙලාවක්. රතු පාටිං දිලිසෙන ඒ දෑස් දිහා බලා ඉන්ට බැරුව මම බිම බලාගත්ත. මෙන්න ටික වෙලාවකින් මිණි කිංකිණියක් වයනව වගෙ හිනා අඬක් ඇහෙන්ට ගත්ත. ඔලුව උස්සල බලනකොට අනන්‍යා දකුණු අතින් කට වහගෙන හිනාවෙනව.
"මොකද ඒ පාර කැකිරි පලන්ට ගත්තෙ?" මම නොමනාපෙන් ඇහුව.
"මම විහිලුවක් අනේ කලේ...ඔයා බයවෙයිද බලන්ට…"
"හුහ්... බය? මම බය උන ඇති එකක් නෑ…"
"හරි හරි ඒකෙං වැඩක් නෑ..මේ ඒක නෙවෙයි මගෙ කතාව ලියල ඉවර කරනව නේද?" අනන්‍යා බොහොම සෙනෙහෙබර හඬකින් ඇහුව.
ඉස්තිරියාවක් ඔය විදිහට ඇහුවම මට කොහොමත් බෑ කියන්ට හිතෙන්නෙම නෑ…"හරි හරි ලියන්නං ලියන්නං…" මම හිනාවෙලා කිව්ව..
"වෙරි ගුඩ් බෝයි..හරිම හොඳ ළමයා.." අනන්‍යා එහෙම කිව්ව.
O.K. Then, After that brief prelude let's get back to my Barbers Stories. හරි ඒ කෙටි පූර්විකාවෙන් පසු මගේ කරණවෑමි කතා වෙත අපි නැවත ප්‍රවිෂ්ඨ වෙමු.
මම දැනට අඩ සත වර්සෙකුත් වසර කීපයක් වෙච්චි මගෙ මුලු මහත් ජීවිත කාලෙටම බාබර් සාප්පුවකින් නැත්නම් සැලූන් එකකින් ඇර ගෙදරදි මවිසින්ම රැවුල කපාගෙන නැහැ කියල කිව්වොත් සමහරවිට ඔබ තමුන්නාන්සෙලා විස්වාස කරන එකකුත් නෑ. ඒත් ඒක තමයි ඇත්ත.අර කවුද කියනව වගෙ තිත්ත ඇත්ත.
එහෙම වෙන්ට හේතු දෙකක් තියනව. එකක් ඔය මූණ පුරා සබං උලාගෙන කන්ණාඩිය ඉස්සරහට ගිහිල්ල බොහොම පරිස්සමින් රේසරේ එහාට මෙහාට උලල රැවුල කපන එක මට වසම වස කම්මැලිම කම්මැලි වැඩක්. අපෙ අත්තම්ම කියන විදිහට නම් මරන්නා වගෙ වැඩක්. අන්න ඒ එක හේතුවක්.
හේතු අංක දෙක....සැලූන් එකකට ගිහිල්ල හොඳට අතපය දිග ඇරල අර සනීප පුටුවෙ දිගාවෙලා බාබරය ඒ කලයුතු සියලුම පහිණිපත් කරල රැවුල කපනකල් ආතල් ද බ්‍රේව් එකේ ඇස් දෙකත් පියගෙන මගේ පරිකල්පන ශක්තිය අවදි කරවල මනෝ ලෝකෙ සැරිසරන එකේ තියන විද්ග්ධ සන්තර්පණය වෙන කොයිම කර්තව්‍යකින්වත් ලබන්නට නොහැකි වීම..අන්න හේතු අංක දෙක....ඇත්තම කිව්වොත් මම ඔය ලියන කතන්දර බහුතරයක් හිතේ මවා ගන්නෙ සැලූන් එකේ පුටුවෙ දිග ඇදිල ඉද්දි.
ආ..තව වැදගත්ම කාරණේකුත් කියන්ටම ඕමනයි. මෙහෙ තියන සැලූන් බොහොමයක රැවුල් කොණ්ඩා කැපිල්ලට අමතරව හෙඩ් ඇන්ඩ් බොඩි මසාජ් එකකුත් දෙනව කිසිම අමතර අයකිරීමකින් තොරව. බොඩි කිව්වට ෆුල් බොඩි නෙවෙයි හොඳේ...ගෙල පෙදෙස, දසරුව සහ පිට පෙදෙස පමණයි.
මෙහෙ අපෙ ගෙවල් කිට්ටුවම ඒ කිව්වෙ විතින් පයූව් මිනිට්ස් වෝකිං ඩිස්ටන්ස් තියනව බංගාලියො ඒකිව්වෙ බංග්ලා දේශ් ජාතිකයො කරන බාබර් සාප්පුවක්. අන්න ඒකෙ ඔය මම කියපු සම්බාහනය දෙනව තනිකර ඇඬෙන්ඩ. මම ඒකට යද්දි පොඩි තුවා කෑල්ලකුත් සාක්කුවෙ දාගෙනයි යන්නෙ.
ඉස්සෙල්ලම ඔලුවෙන් පටන් ගන්නෙ මසාජීස් එක. ඊට පස්සෙ කං පෙති දෙක විතරක් මසාජ් කොරනව එක විනාඩි දහයක් තරම. ඊට පස්සෙ ගෙල. නෙක්ස්ට් ෂෝල්ඩර්ස්...ඊලඟට පිට...පිට මසාජ් කරද්දි කොඳු ඇට පෙලේ කසේරුකාවන් එකක් නෑර වෙන වෙනම මසාජ් කොරනව. ආය මොනවද කෙලින් ද රෝඩ් නන් ස්ටොප් තව්තිසා තමයි.
ඊට පස්සෙ එනව දකුණු අතට. අතේ ඇඟිලි වලින් පටන් ගන්නෙ. ඉස්සෙල්ලම මාපට ඇඟිල්ල. ඊට පස්සෙ දබරැඟිල්ල..ඒ ගාවට මැදඟිල්ල. ඊගාවට වෙදඟිල්ල..
ඔය වෙදඟිල්ලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Ring finger උනාට සිංහලෙන් කියන්නෙ මුදු ඇඟිල්ල කියල නෙවෙයි. වෙදඟිල්ල කියල. ඇයි ඒ කියල එහෙම දන්නවද?
ඉස්සර අපේ ඔය වෙද මහත්තුරු සමහර වටිනා කියන බොහොම අමාරුවෙන් හදාගත්තු බෙහෙත් ලෙඩෙකුට දෙනවයි කියන්නෙ බොහොම සුට්ටයි. අන්න එහෙම වටිනා බෙහෙතකින් බොහොම සුට්ටක් අරන් දෙන්න පාවිච්චි කලාය කියන්නෙ ඔය දකුණතේ හතරවෙනි ඇඟිල්ලෙ ටිකක් දිගට වවාගත්තු නියපොත්ත. අන්න ඒ හින්දලු ඔය ඇඟිල්ලට වෙදඟිල්ල කියල කියන්නෙ. මට මතක විදිහට අපෙ අප්පච්චි තමයි මට ඔය විස්තරේ කියල දුන්නෙ.
හරි ආපහු අර බංගලි කරණවෑමියගෙ හස්ත සම්බාහනයට ආවොත් වෙදඟිල්ලෙන් පස්සෙ එනව සුළඟිල්ලට. ඔය ඇඟිලි සම්බාහනය කරන එකත් වෙනම කලාවක්. ඒකටත් තියනව නියමිත ක්‍රියා පටිපාටියක්. ඒ ගැන සවිස්තරව කියන්නම් කරණවෑමි කතා ලිපි පෙලේ ඉදිරියෙදි ලියවෙන ලිපි වලදි.
හරි දැනට කෙටියෙන් කියන්නම්කො. ඇඟිලි වලින් පස්සෙ එනව අල්ලට..අප්පට සෝරු..ඒ අල්ල මසාජ් කිරිල්ල තමයි මසාජ් කිරිල්ල...ෂුහ් කියල වැඩක් නෑ..ඌර්ණ රෝම ධාතුව සෘජු වෙනව. ලැන්ගර්හැන් දීපිකා සෛල සලිත වෙනව. කර්ණ පටහ පටලය එකනින්නාද වෙනව. ශ්‍රෝණි මේඛලාව සන්තර්පණය වෙනව.
හරි මගෙ කරණවෑමි කතා මාලාව පටන් ගන්නෙ අපි මාතර ඉන්දැද්දි. මම මේ කියන්නෙ 1966 සහ 1967 අවුරුදු ගැන. අප්පච්චි ඒ දවස්වල රාජකාරි කලේ මාතර කච්චේරියෙ. අපි හිටියෙ වේරගම්පිට කච්චේරි නිල නිවාසවල. සුප්‍රසිද්ධ වේරගම්පිට රජමහාවිහාරය තිබ්බෙ අපෙ ගෙදර ඉඳල යාර සීයක තරම මානයෙ.
ඔය වේරගම්පිට පන්සල හරිම ප්‍රසිද්ධ පන්සලක්. බ්‍රිතාන්‍ය පාලන සමයේ හිටපු ප්‍රකට පැවිදි පඬිවරයෙක් වන කරතොට ධම්මාරාම හාමුදුරුවො වැඩ සිටියයි කියන්නෙ මේ වේරගම්පිට පන්සලේ. ජෝන් ඩොයිලි මහත්තයත් නිතර මේ පන්සලට ආවා ගියා කියල සඳහන් වෙනව. එතකොට ගජමන් නෝනයි ඇලපාත මුදලියි දෙන්නම කරතොට හාමුදුරුවන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය ඉගෙන ගත්තය කියන්නෙත් මේ වේරගම්පිට පන්සලේම තමයි.
වේරගම්පිට පන්සල ගැන තොරතුරු හොයද්දි මට මේ ගීතය හමුවුනා. මම මීට කලින් මේ ගීතය අහල තිබුනෙ නෑ. ගායනා කරන්නෙ සුනිල් එදිරිසිංහ සහ සමන්ති රණසිංහ.
වේරගම්පිට පන්සලේ
පෝයදා වස් පිංකමේ
පෙරහැරේ ගිය නුඹ දුටු දා සිට
නින්ද නෑ මට නංගියේ....
රාමලාන් හඳ ආකහේ
දුටුව සිකුරාදා රැයේ
ඔබ මා දිහා බැලු හැටි තාම
මට නොතේරෙන කවියක් වගේ....
ලියවැල් පලා පෙති මණ්ඩලේ
පිපි නෙළුම් මල නුඹ නම් නඟේ
ඔබ සාජහන්ගේ පෙළපතේ
කිරි ගරුඬ මැදුරක සඳැල්ලේ
ඒ දෙතැන කඳුළක සීතලේ.....
වෙනසක් නොවෙයි අයියණ්ඩියේ.....
සැරසිලි නැතත් මුන්දානියේ
මා ඇඳිලි බැඳගෙන නළලතේ
ඒ නළල බිම තබනා වෙලේ
මට ආදරේ උණුසුම දැනේ
හදවතයි උල්පත ප්‍රේමයේ......
උල්පත් වහන්නට බෑ නඟේ ......
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
ගී තනු - සමන්ත පෙරේරා
ගායනය - සුනිල් එදිරිසිංහ සමග සමන්ති රණසිංහ
මතු සම්බන්ධයි.....
මේ සිංදුව අහල නෑ. ස්තුතියි මාගල් තුමනි
ReplyDeleteදේශක්ස්,
Deleteඒකනෙ බං..මම අහලත් නෑ..හැබැයි ඔය සමන්ති රණසිංහ කියන නමේ පොඩි හුරු පුරුදු ගතියක් දැනෙනව. බොහෝ විට වත්පොතට සම්බන්ධ කෙනෙක් වෙන්න ඇති...:)
Hemanthi Ranasighe (Nilar N Kasim's wife)
Deleteමීට පස්සෙ අපිට ඉස්ඉස්සෙල්ලාම අහන්න තියෙන්නේ “ආ ඊයෙ පෙරේදා රැවුල කොණ්ඩෙබාන්න ගියා නේද කියල තමයි... මොකද පරිකල්පනේ අවධි වෙන්නෙ එතනදිලුනේ:D
ReplyDeleteසිංදුවඅපූඍුයි...
රුයන්න සෘු විදියට ලියන කෙනෙක් දැක්කමයි.
Deleteනිර්මාණි,
Deleteඒ කතාවත් හරි තමයි බලාගෙන යනකොට...:)
ප්‍රසන්න,
Deleteසෘ කිව්වම ශබ්ද වෙන්නෙ රු නෙවෙයි ඉර් නැත්නම් රි කියල නේද? සෘතුව = ඉර්තුව
මං මේ කම්පනා කොළේ අනන්නා ඔහේගෙ බෙල්ල මිරිකුවොත් අර ගුරුවරීට යන කලදසාව ගැන. හැක්..
ReplyDeleteඔහොමම ඔය සැලෝන් එකෙන් යට රැවුලත් බාගනිං අයියෙ. එතකොට ඒ හරියෙ තියෙන අවයව ටිකත් ගානට මසාජ් කරගත්තැකි.
හැක්..
Deleteඅනේ අම්මප මේ Praසන්னයtaத் හිතෙන දේවල්!
Deleteඅනේ අම්මප මේ Praසන්னයtaத் හිතෙන දේවල්! x 2
Deleteඅහිංසක විදියට හිටිය ණයා සවුත්තු කිරීමේ සම්පූර්ණ වගකීම බ්ලොග්කරුවන් බාරගතයුතුයි.. අම්මප මුගේ කට.. හැක්
Deleteබ්ලොග් කරුවො මොකටද උඹම බාරගනිංකො. හැක්..
Deleteප්‍රසන්න,
Deleteඑහෙම මසාජ් එකකුත් දෙනව..ඒකට සරම ඇඳගෙන යන්න ඕන...:)
ප්‍රසන්නය ඔය මෙව්වයෙ ඇවිල්ල ලොකු ටෝක් දුන්නට හෙණ ලැජ්ජාකාරයලු...හෙහ්,හෙහ්
Deleteනියමයි..! ආයෙත් අත්දැකීම් ටිකක් කියවන්න චාන්ස් එකක් එනව.
ReplyDeleteසහභාත්වය.. සොරි සොරි පටං ගැනීම තමයි වැදහත් හිටං 😆
ජයවේවා !
[°•_•°] {`^`…´^´} (~•`_´•~),
Deleteබොහොම ස්තූතියි මලේ...:)
අනන්නයා ආයේ ගෙන්න කලින් තව මෙව්වා ටිකක් ලියල ඉන්න. අනන්නයා විරෝධී පාටකයින්ගේ හිතසුව පිණිස. අනන්නයා ලියන කම් අපි මේ පැත්තේ පස් පාගන්නේ නෑ...
ReplyDeleteපැතුම්,
Deleteඅඩේ එහෙමම කියන්නත් එපා බොල...:(
I think you might be Gay !
ReplyDeleteහැක්..
DeleteNot at all. He is much more diverse. Bi?
DeleteAno,
DeleteYep..Could be..Every man & every woman has some homo-sexual tendencies. In some they manifest openly and in a majority they are hidden but nevertheless they are there definitely...:)
Pra,
DeleteNo comment at all....:)
කම් පිත නොවන ලෙස උරහිස දමා තලා
ReplyDeleteසම් බාහනය ලබනව රැවුලද කැපිලා
නිම් නොමවෙනා නව ලිපියට මුල පුරලා
ගැම් මක් අරන් ලියන්න දිරි දෙමි රැඳිලා....
ජයවේවා!!!
දුමී,
Deleteබොහොමත්ම ස්තූතියි දුමී....:)
+++++++
ReplyDeleteThanks Ian....:)
Deleteකරනවෑමි කතා හුඟක් හොඳට අල්ලලා යන පාටයි. බන්ගලියට කියල මසාජ් එක කලින් කරගෙන, රැවුල කැපිල්ල පස්සට ද ගන්න බැරිද? එතකොට ඔය කියන ආතල් ඩබල් වෙලා //ඌර්ණ රෝම ධාතුව සෘජු වීම. ලැන්ගර්හැන් දීපිකා සෛල සලිත වීම. කර්ණ පටහ පටලය එකනින්නාද වීම. ශ්‍රෝණි මේඛලාව සන්තර්පණය වීම// වගේ ඒවා දෙගුණ තෙගුණ වෙලා නැගිට ගන්නේ නැතුවම ඔය ලියන කතන්දර බහුතරයක් හිතේ මවා ගැනීම සඳහාත් වැඩිපුර කාලයක් ලැබේවි නේද?
ReplyDeleteඅර වෙද මහත්මයාගේ කතා පෙළකුත් ඊළඟට ලියන්න හැකි වේවි. ඔය නියපොත්ත ගැන හොඳ කතාවක් මා අසා තිබෙනවා. ලාබාල කාන්තාවකට 'තනිකම්' දෝෂයක් හැදිලා සිහිය නැතුව සිටින විට ගෙන්නපු වෙද මහත්තයා ඔය කියන වෙදඟිල්ලේ නියපොත්තෙන් තමන්ගේ කිහිල්ල යට හූරලා දාඩිය කුණු අරගෙන ගුලියක් හදලා ටික වෙලාවක් ඒකට මතුරලා කෙල්ලගේ කටට දැම්මලු. මොහොතින් ලෙඩේ සුව වෙලා. ඕවා පැරණි ක්ෂණික වෙදකම්! ඩහදිය සමග පිටවන රසායනික ද්‍රව්‍ය අගනා ඖෂධ !
දයා මහත්මයා,
Deleteකිව්වත් වගෙ ඊලඟ පාර රැවුල කොණ්ඩෙ කපන්ට ගියාම එහෙම කරල බලන්ට ඕන...
අර වෙද මහත්තයගෙ කතාව මම අහල තිබ්බෙ නෑ..ඒත් අර අතක් නවන්ට බැරුව හිටපු ළමිස්සියකගෙ රෙද්ද කඩල අත හොඳ කරපු කතාව නම් අහල තියනව ..මම හිතන්නෙ දයා මහත්තය ඒ කතාව අහල ඇති එකත් එකටම...:)
//මම දැනට අඩ සත වර්සෙකුත් වසර කීපයක් වෙච්චි මගෙ මුලු මහත් ජීවිත කාලෙටම බාබර් සාප්පුවකින් නැත්නම් සැලූන් එකකින් ඇර ගෙදරදි මවිසින්ම රැවුල කපාගෙන නැහැ කියල කිව්වොත් සමහරවිට ඔබ තමුන්නාන්සෙලා විස්වාස කරන එකකුත් නෑ.//සිරියස්ලි -මගේ ජිවිතේට රැවුල කපල නැහැ බාබරෙකුට කියල. දැන්නම් කොහොමත් යන්නේ නැහැ. අර ගෙදර තියන DIY එකෙන් හිසේ තියෙන ඉතුරු කෙස් ටික කපාගන්නවා. රත්න ශ්‍රී කිව්වා ඔය සින්දුව ලිව්වේ ඇත්තම කතාවකට කියල. එයාගේ මුස්ලිම් යාළුවෙක් ගැන කියල. ඒ දෙන්න දැන් බැඳලා කියලත් කිව්වා වගේ මතකයි
ReplyDelete++++++++++
ReplyDeleteඅනන්‍යා තව ටික දවසක් පුපුර පුපුර හිටපුවාවෙ. :) මමත් අද වෙනකම් බාබර් කෙනෙක් ලවා රැවුල කපාගෙන නැහැ. :P
ReplyDeleteඔබතුමා මාතර ත් හිටිය ද? අපේ ඒරියල් එක නේ. හැබැයි ඉතින් අපි ඉපදිලා නැහැ ඔය දවස් වල :(
ආයෙ මේ පැත්තෙ ආවොත් ඇහැක් වෙලාවක එන්න, ඔහෙට මාළු ඇඹුල් තියලුයි, පොල් සම්බලුයි එක්ක කැකුළු බත් උයල තියන්නම්. කිරි පැණිත් එක්ක.
yum
Deleteඅනන්‍ය නොලියා ඉන්නවා එහෙම නොවෙයි ඔන්න... හැබැයි මේ ජාතියේ පඳුරු කතා කියවන්න මාත් හෙනම මනාපයි.. :) රැවුල කොන්ඩේ කියන දෙකටම මමනම් දැන් කිසිම වටිනාකමක් දෙන්නේ නෑ. අඩුම ගානක් අයකරන තැනකින් එක පාරට රැවුලයි කොන්ඩෙයි දෙකම කොටටම කපලා දානවා.. ආයේ මාසෙකින් හමාරකින් ගිහින් ඒ විදියටම කොට කරලා දානවා. වෙන කසිම සාත්තුවක් කරන්නේ නෑ. :)) (කොහොමත් ඔය බෙල්ල මිරිකන මසාජ් නම් මට හරියන්නෙම නෑ.)
ReplyDeleteහ්ම්...... මේ ලිපියට නම් බොහොම ස්තූතියි කියන්න ඕනේ. අදාළ පුද්ගලයාගෙන් නිදහසට කරුණු විමසන්න සෑහෙන්න විස්තර තොරතුරු ටිකක් මං මේ ලිපියෙන් හොයා ගත්තා. ඒ උන්නැහැත් රවී වගේම රැවුල කපන වැඩේට කරණවෑමි පිහිට පතන්නේ හරියට හදිසියකදී වත් තමන්ගේ දෑතින් රැවුල කපා ගන්න තියෙන නොහැකියාව නිසා. ඒත් හැමදාම එකම කරණවෑමියෙක් ලගට යන්නත් මෙලෝ රහක් නැති විදිහට මීයා පොල් බෑය කෑවා හේ රැවුල කපා ගෙන එන්නත් හේතුව නොකියා මග හරින්න උන්නැහැ හරි දස්සයි. එතනින් නොකපා වෙන තැනකට යන්න කිව්වත් මිනිහා නෙමෙයි කනකට ගන්නෙ. දවසක් වැරදිලා වගේ කියවුණ ඔය සම්භාහන කතාවෙ අග මුලක් මං දැන් ගත්තෙ අද නොවැ.
ReplyDeleteඅනිත් කාරණාව මං වගේ නිස්කාන්සුවේ අනන්‍යාගෙ කතාව කියවන කෙනෙකුට නම් ඔබතුමාගෙ ප්‍රමාදය වාසියක්. ඒ නිසා ඒ කතාව කලබල නොවී ලියන්න.