වේරගම්පිට කච්චේරි නිල නිවාසෙ ලැබෙන්ට ඉස්සර මාස තුනක් විතර අපි හිටියෙ නූපෙ. නූපෙ තියෙන්නෙ මම හිතන්නෙ මාතර නගරයට ඉස්සෙල්ල. ඒ කියන්නෙ ගාල්ල පැත්තෙන් යනකොට. රාහුලේ එහෙමත් තියෙන්නෙ ඒ කිට්ටුව නේද?
රාහුල මාෆියා එක මතකද? හෙහ්..හෙහ්..රාහුල මාෆියා එක තිබ්බෙ ච.බ.කු.ගෙ පාලන කාලෙ. ච.බ.කු. නොහොත් C.B.K. ඒ රාහුල මාෆියා එකේ හිටියෙ ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි (ලසන්ත වික්‍රමතුංග ද සන්ඩේ ලීඩර් පත්තරේට ලියපු දේශපාලන ලිපියෙ මිනිහව හැඳින්නුවෙ The cheap belt wearer කියල. ඒ දේශපාලන ලිපිය ලසන්ත ලිව්වෙ සුරනිමල කියන අන්වර්ථ නාමයෙන්.) ඊලඟට ආරක්ෂක ලේකම් චන්දානන්ද ද සිල්වා. තව කීප දෙනෙක් හිටිය උසස් නිලතල දරපු අය.
ඒ ඔක්කොම රාහුලේ ආදි ශිෂ්‍යයො. හැබැයි මොනව උනත් ඒ මිනිස්සු ඊට පස්සෙ ආපු එවුං වගෙ මං පහරන්නො නෙවෙයි. ලලිත් වීරතුංග එතකොට ගාමිණී සෙනරත් ඊටත් පස්සෙ මේ ඊයෙ පෙරෙයිද කජු සිරාගෙ ගෝලය..කතා කරල වැඩක් නෑ. පට්ට හොරු...
මම උපන්නෙ බදුල්ලෙ කියල මම කලින් කියල තියනවනෙ. ඒ වෙනකොට අප්පච්චි වැඩ කලේ බදුල්ලෙ කච්චේරියෙ. අම්ම බදුල්ලෙ ඉස්පිරිතාලෙ. අපි හිටියෙ රිවර්සයිඩ් වල ගෙදරක. අර අපේ සන්මිත්‍ර කළ්‍යාණමිත්‍ර තෙමේ නම් ඔය දිහාස් ගැන හොඳ හැටිම දන්නව. රිවර්සයිඩ් කියන නමෙන්ම කියන විදිහට (Self explanatory) ඒ ගෙදර තිබ්බෙ ගඟ අයිනෙ.
ගඟ කිව්වට ඒක ඇත්තටම නම් බදුලු ඔය. ඔය අපි හිටපු ගෙවල් පහු කරල තව හැතැම්ම පාළහක් වගෙ ගලා ගෙන ගිහිල්ල එක පාරටම මහ විසාල ප්‍රපාතෙකින් පාතට පැනල දුන්හිඳ දියඇල්ල නිර්මාණය කරන්නෙත් ඔය බදුලු ඔයම තමයි.
බදුලු ඔයෙන් කිරි කඳුළක් ගන්නට පෙරුම් පිරුවෙ...ඒ දීපිකා ප්‍රියදර්ශනී....
බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්කඳුළු වතුර පොදක් බොන්න
කැලේ ගිහින් නිදි වැරුවා කැපුන සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනෙන් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු පැලට වඩී
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී
රෑන ගිරව් කටුසා කොබෙයි උරග නාග සපුණි වනේ
නුඹට වගේ මයි අපටත් දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන් හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඩෙන් කවිය වුණේ
පද -රුචිර පරණවිතාන
සංගීතය- රෝහණ වීරසිංහ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
දුන්හිඳ ගැන කියනකොට මට අනිවාර්යයෙන්ම මතක් වෙන්නෙ දුන්හිඳ අද්දර. අශෝක හඳගමගෙ මම හිතන විදිහට පළමු ටෙලි චිත්‍රපටය..අනෝමා ජනාදරී..කෞෂල්‍යා ප්‍රනාන්දු...එතකොට රුක්මල් නිරෝෂ්...
ඉතින් මාතර වේරගම්පිට ඉන්න කාලෙ මට වයස ඔන්නම් ඇති උපරිම තුනක් නැත්නම් හතරක් විතර. ඒ කාලෙ මගෙ කොණ්ඩෙ බොහොම අක් බඹරුයි. අක් බඹරුයි කියන එක දන්නවනෙ නේද? Curly hair කියන එක බොලව්. වෙන අහවල් කෙංගෙඩියක්වත් නෙවෙයි. "අක් බඹරු සිනා නොදැක බැඳුනු ආදරේ...ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ..." කියල අර ප්‍රසිද්ධ ගීතයක් එහෙමත් තියෙන්නෙ
ඉතිං මාසෙකට වගෙ සැරයක් මගෙ කොණ්ඩෙ කපන්ට අම්ම මාව එක්කං යනව මාතර ටවුමෙ තිබ්බ සැලූන් එහෙකට. නම මට මතක විදිහට කිංග්ස් සැලූන් වගෙ. අර උස බාබර් පුටුවෙ ඉඳගත්තම මගෙ මොකවත්ම කණ්නාඩියෙන් පේන්නෙ නෑ.
ඒ හින්ද කරණවෑමියානෝ කරන්නෙ පුටුවෙ අත් දෙක උඩට ලෑලි කෑල්ලක් තියනව. ඒ ලෑලි කෑල්ල එහෙම මං වගෙ දොඩං ගෙඩි දෙකක් තරංවත් උස නැති හිච්චි එවුං ආහම උංව ඉන්දවන්නටම විශේෂයෙන් කුෂන් කරල එහෙම හදපු එකක්.
හැමදාම පුරුද්දක් විදිහට කොණ්ඩෙ කපල ඉවර උනහම අම්ම ඒ බාබර් සාප්පුවටම අල්ලල තියෙන හෝටලෙන් මට අයිස්ක්‍රීම් එකක් අරගෙන දෙනව. අර දිග නැට්ටක් තියෙන වීදුරු අයිස්ක්‍රීම් කප් එහෙක පෙත්තටම පුරවල තියෙන කහපාට අයිස්ක්‍රීම් එකේ වේෆර්ස් විස්කෝත්තකුත් ගහල තියනව.
මම විස්කෝතු කියල නොකිය විස්කෝත්තක් කියල කිවෙ දකුණෙ භාෂා ව්‍යවහාරය අනුවයි. පත්තර පිට්ට, ලන්න, සාළුව, පනිට්ටුව..... මාලිම්බඩ හිටපු අපේ ලොකු නැන්දගෙ පුතාල කතාකලේ අන්න එහෙමයි.
හරි හරි ඒ විස්තර පස්සෙ කතා කරමුකො. දැන් එමු අර මම මුලින්ම කිව්ව ලතින් අමරිකානු කතාවට. රන්දිකා නෝනගෙ නගරාධිපතිගේ දත කතාවට මම දාපු කමෙන්ට් එකක් හින්දනෙ මගෙ මේ කරණවෑමි කතා මාලාව ලියන එක ඉක්මන් වුනේ. නැත්නම් මම හිතාගෙන උන්නෙ ඔය අහුකොන් ඉතිරිවෙලා තියන, ඒ කිව්වෙ අනන්‍යාගෙ කතාව, කුමරියකට පෙම් කළෙමි, අහල්‍යාගෙ කතාව වගෙ එව්ව ඉවරයක් කරල දාලම කරණවෑමි කතා පටන් ගන්ට.
කොහෙද ඉතිං ජීවිතේ අපි හිතං ඉන්න දේවල් වලින් සීයට අනූනමයක්ම ඒ විදිහට කරගන්ට ලැබෙන්නෙ නෑනෙ නේද? සිතු දේ නොමවේ නොසිතු දෙයක් වේ ලෝ දම් කැරකෙනවා...එතකොට ලොව නිසසලවී නවතින මොහොතේ යටිහිත් මතුකොට සිනහ සලා ලොව දොඩමලුවී නෙත් මානන කල අප දෙදෙනා ඉමු තරහ වෙලා...
ඔය මම කියන කතාව පලවුනේ නවයුගය සඟරාවෙ. ඒ කාලෙ ඒ කිව්වෙ හැත්තෑවෙ දශකයෙ මැද භාගයෙ විතර නවයුගය කියන්නෙ දැනුම් සාගරයක්. මාසෙකට දෙපාරයි නිකුත් වුනේ. 12 වෙනිද සහ 26 වෙනිද. ගෞතමදාස කියල මහත්මයෙක් තමයි හැමදාම මුල් පිටුවෙ චිත්‍රය ඇන්දෙ. ජී. ඇල්. ගෞතමදාස....චිත්‍ර නිකං ආය නෑ පණ පිටින් ඉන්නව වගෙ…
![]() |
ජී. ඇල්. ගෞතමදාස මහතා. |
මට තවම මතකයි තෝර් හෙයර්ඩාල්ගෙ කොන්ටිකි චාරිකාව ගැන නවයුගයෙ කවරයේ කතාව පළවුනු දවසෙ මුල් පිටුව පුරා තිබුනු ගෞතමදාස මහත්මයා ඇඳපු ඒ යාත්‍රාවෙ චිත්‍රය.
තෝර් හෙයර්ඩාල් කියන්නෙ නෝවීජියානු විද්‍යාඥයෙක්. ඔහු අදහසක් ඉදිරිපත් කලා දකුණු අමරිකාවෙ ඉන්කා වරුන් අවුරුදු හයසියයකට පමණ ඉස්සෙල්ල බල්සා නම් ඉතාම සැහැල්ලු ලීයෙන් කල පහුරුවල නැඟී පැසිෆික් සාගරය පුරා සැරි සැරුවයි කියල.
![]() |
තෝර් හෙයර්ඩාල් මහතා. |
ඒ අදහස ඔප්පු කරන්න ඔහුත් ඒ විදිහට නවීන තාක්ෂණය කිසිසේත් උපයෝගී කොටනොගෙන තැනූ බල්සා පහුරක නැඟිල තම මිතුරන් කිහිප දෙනෙකු සමඟ ඒ ගමන ගියා පොලිනීසියානු දූපත් දක්වා. දුර සැතපුම් 4300ක්. මේ ගමනට දින 101 ක් ගතවුනා. කොන්ටිකි යාත්‍රාව කියල ඒ ගමන අලලා ඔහු ලියපු පොත ඉතාම ජනප්‍රිය වුනා.
![]() |
කොන්ටිකි යාත්‍රාව පොතේ පිටකවරය |
තෝර් සහ ඔහුගේ මිතුරන් සමඟ මේ චාරිකාවට සභභාගිවුනාලු තවත් කෙනෙක් අනාරාධිතවම. ඒ කකුළුවෙක්. බල්සා කොටයක ගුලක් හාරගෙන ඒකෙ පදිංචි වෙලා මේ කකුළුව ඔවුන් ගමන අරඹා දින දෙක ඇතුලත ඔවුන්ගේ චාරිකාවට එකතු වුනාලු. විටින් විට පහුර මතට ගොඩවන මේ කකුළුවට ඔවුන් ආහාරත් දුන්න කියල සඳහන් වෙනව. ඒ විතරක් නෙවෙයි ඔවුන් මේ අනාරාධිත මිත්‍රයා "ජොහැන්නස්" කියල බෞතීස්මත් කලාලු. ඔය කොන්ටිකි චාරිකාව ගැන පාඩමක් තිබ්බ අපේ සිංහල - 7 නැත්නම් 8 පොතේ.
දෙයියම්ප මට එක හිතකිං එක මාතෘකාවක් ගැන ලියන්ට බැරි හැටියක්. හිත ආයාලේ යනව කියන එකේ සීමාවක් නෑ. "අයාලේ ගිය සිතක සටහන්" ඒ මම බොහොම ප්‍රියකරන පොතක්. රචකයා නැසීගිය තිස්ස අබේසේකර මහත්මයා.
![]() |
අයාලේ ගිය සිතක සටහන් පොතේ පිටකවරය |
ඒත් අනික් අතට එහෙම නිශ්චිත අරමුණක් නැතුව ඔන්න ඔහේ ඔලුව හැරිච්චි දිහාවෙ යමුය කියල හිතල ගමනක් පිටත්වෙන එකෙත් තියනව අමුතුම ආතල් එකක්. අර පරණ පොත්වල හිස හැරුණු අත ඉබාගාතේ ගියෝය කියල කියන්නෙ අන්න එහෙම අවස්ථාවකට. හැබැයි සටනකින් පැරදිල පලා යන්නෙ නම් හිස් ලූ ලූ අත.
වෙධය බණ්ඩාරයන්ගේ අසමසම රණශූරත්වය හමුවේ බියෙන් ත්‍රස්ත වූ පෘතුගීසීහු හිස් ලූ ලූ අත පළාගියෝය. එහෙම තියෙන්නෙ සුනේත්‍රා නොහොත් අවිචාර සමය පොතේ. කර්තෘ ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයා. වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා.
අපේ පළමුවන ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්වෙ පෘතුගීසීන් කියල නෙවෙයි පෝචුගීන් කියල. එතුමටම ආවේණික වචන මාලාවක් තිබ්බනෙ. රෝහණ විජේවීරට කිව්වෙ රොහාන් විජයවීර. ජෙප්පොන්ට කිව්වෙ ජේ.වී.පී. සමාගම කියල.
ඩබ්ල්යු. ඒ සිල්වා කියල මම ලියන්නෙ එතුමා තමන්ගෙ නම ලිව්වෙ ඒ විදිහට නිසා. එතකොට මාටින් වික්‍රමසිංහ මහත්මය තමන්ගෙ නම ලිව්වෙ මාර්ටින් වික්‍රමසිංහ කියල. එතුමා ලියපු ගම් පෙරළිය පොත අවසන් වෙන්නෙ මේ විදිහට. "හුදීජන පහන් සංවේගය උදෙසා සිංහල වංශ කථාවෙහි අංශු මාත්‍රයක් පවසනු පිණිස කොග්ගල මලලගම නිවැසි මාර්ටින් වික්‍රමසිංහයන් විසින් විරචිත ගම් පෙරළිය මෙතෙකින් නිමියේය."
හරි හරි කතාව කියමුකො අදවත්.....
වාතාවරණය දිනෙන් දින අභාග්‍යසම්පන්න වන්නට විය. අපගේ ගරිල්ලා භටයින් මෙන්ම රජයේ හමුදාභටයින්ද කඳුකරයේ සැඟවී සිට කල පහරදීම් වලදී මියගියේ බුරුතු පිටිනි. කඳුහෙල් දියඇළි සහ දුර්ගයන්ගෙන් සපිරුණු භූමියෙහි පිහිටීම් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තවූ හෙයින් ගරිල්ලා භටයෝ ඉතා මැනවින් සැඟවී සිට පහර දීමට සුදුසු ස්ථාන තෝරාගැන්මෙහිලා විචක්ෂණවූහ. එබැවින් මහත්ම හානි සිදුවූයේ රජයේ හමුදාවන්ටය.
හුදෙක් හමුදා ක්‍රියාන්විතයන්ගෙන් මේ අරගලය පරාජය කිරීම උගහට බැව් වටහාගත් අගනුවර හමුදා මූලස්ථානයෙහි නායකයෝ රැස්ව යුද උපක්‍රමයන් පූර්ණ වශයෙන් සංශෝධනය කිරීමට තීරණය කළෝය.
ඒ අනුව "ඇසෑසීනෝ" නොහොත් ඝාතකයා ලෙස රටපුරා කුප්‍රකට කර්නල් රොඩ්රිගුවේස් අපගේ ප්‍රදේශය භාර හමුදානිලධාරියා ලෙස පත්කොට එවනු ලැබීය.
ඔහුට රටේ ඉහළම ප්‍රධානියාගෙන් ඕනෑම උපක්‍රමයක් භාවිතා කොට අරගලය තෙමසක් ඇතුළත මර්දනය කරන ලෙස පෞද්ගලිකව උපදෙස් ලැබුණු බවටද අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණ.
එසේ ආරංචි නොවූවද රොඩ්රිගුවේස් පැමිණියේ එවන් අධිකාරි බලයක් සහිතව බව වැඩි දිනක් ගතවන්නට පෙර ඔහුගේ ක්‍රියාකලාපයෙන් මොනවට පැහැදිලි විය. ඔහු හමුදා මුර සංචාර නතර කලේය. ඔහු යටතේවූ හමුදා භටයෝ තම කඳවුරෙන් පිටතට පැමිණියේ දින දෙක තුනකට වරකි. ඒද දැඩි ලෙස සන්නද්ධව අපගේ කුඩා නගරය වටා තම ජීප් රථවලින් ගමන්කිරීමට පමණි.
කුඩා නගරය යනුවෙන් මවිසින් හඳුන්වනු ලැබූවද මෙහි වූයේ කුඩා කඩමණ්ඩියක් සහිත කඩ වීදියක් පමණි. මා සතුව කඩ වීදියෙහි මධ්‍යයට වන්නට පිහිටි කරණවෑමි හලක් විය. එහි එකම කරණවෑමියා වශයෙන් මම කටයුතු කළෙමි. මීට පෙර මගේ පියාණන්ද ඔහුගේ පියාණන්ද වශයෙන් අපගේ පරම්පරාවම කරණවෑමියෝ වූහ.
මගේ මළනුවන් දෙදෙනා කරණවෑමි රැකියාව ප්‍රිය නොකල අතර ඔවුහු පාරම්පරික ධනවතකුගේ තිරිඟු ගොවිපලක අඳ ගොවීහු ලෙස සේවය කලහ. අපගේ අරගලය පැන නැඟුනේ ප්‍රධාන වශයෙන් මේ ඉඩම් හිමි රදළයින්ට එරෙහිවය.
රොඩ්රිගුවේස්ගේ උපක්‍රම කිසිසේත් සම්මත හමුදා උපක්‍රම නොවීය. පලමුව ඔහුගේ ඔත්තු කරුවෝ කිහිප දෙනෙක් නගරයෙහි රැකියා සොයා පැමිණෙන අවට කඳුකර වාසීන් ලෙස වෙස්වලා පැමිණ නගරයට ඇතුළු වූහ. ඒ පිළිබඳව අපට ඔත්තු ලබුනු ලැබුණු නමුදු ඔවුන් කවුරුන්දැයි ස්ථිර වශයෙන්ම හඳුනා ගැන්ම ඉතා ප්‍රවේශමෙන් කලයුතු කාරයයක්විය.
වැරදි හඳුනාගැන්මකින් අප අතින් අහිංසකයකු මරණයට පත්වුවහොත් ඒ අපගේ සංවිධානයේ කීර්ති නාමයට දැඩි කැළලක් ඇතිකරන බවට අපි තීරණය කළෙමු. එබැවින් ඔත්තු කරුවන් නිවැරදිව හඳුනාගැන්ම සඳහා අප මිඩංගු කල කාලය තුල ඝාතකයාගේ ඔත්තු කරුවෝ නිසි නින්දේ තම කටයුතු ඉටුකොට ගත්හ.
ඔවුන් කෙතරම් හොඳින් තම කටයුතු ඉටුකොට ඇත්දැයි අපට පසක් වූයේ හදිසියේම එක් මධ්‍යම රාත්‍රියක අපගේ කුඩා නගරයට ආසන්න ගම්මාන දෙකක් වැටලූ හමුදා භටයින් අපගේ ප්‍රබල ක්‍රියාධරයින් දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගත් ඉක්බිතිය.
කරනවෑමී කතා පැත්තක තියහංකො. අර වටේ ගිහිල්ල තියෙන ඒව ඊට වැඩිය රසවත්නෙ. හැක්..
ReplyDelete//අක් බඹරු සිනා නොදැක බැඳුනු ආදරේ...ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ...// මේක කිරි කවඩි සිනා නෙමෙයි ද?
ubath thaama ahuwenawa ne mekata
DeleteDamith
අහු නොවී කොහොමද. මේ වගේ අතේ පැලවෙන බොරු කියන්න පුලුවං වෙන කවුද බ්ලොග් අවකාසයේ ඉන්නෙ මේ මනුස්සය ඇර.
Deleteප්‍රසන්න,
Deleteබොරුවක් කියනකොට අන්න එහෙමයි බං කියන්න ඕන...:)
අක් බඹරු කතාව කියවල මට ඔකේ ඔරිජිනල් එක මතක් නොවෙන්නම අමතක උනා. එවලේ හිතා ගත්තා එච්චර හිතන්න දෙයක් නෑ කවුරු හරි කොමෙන්ටෙක්ක දාවීනේ ඔක කියල. දැන් හරි. :))
Deleteකළ්‍යාණ,
Deleteමටත් ඔහොම වෙනව අනන්ත..:)
පහුගිය පාර නිවාඩුවට ගියහම අපෙ බිරින්දෑ තොමෝගෙ අයියල අක්කල එහෙම ඇවිල්ල පොඩි සාදයක් සංවිධානය කලා අපේ ගෙදර..
ඒකෙදි දෙකක් එහෙම දාගෙන ඉන්නකොට මට ආව ආරාධනාවක් සිංදුවක් කියන්නෙයි කියල. ඒ පාර ආය මොනවද කට්ටියම නිහඬ කරවල එහෙම අමරෙ මාස්ටර් වගෙ ඇස් දෙකත් බාගෙට පියාගෙන දකුණු අතින් තාලෙ එහෙම අල්ලල පටන් ගත්ත "බඹරෙකු ආවයි..." සිංදුව
ආය මොනවද "බඹරකු ආවයි නිරිත දිගේයා..." කියන ටික කියා ගත්ත එලට. එතනින් ඉවරයි..ඊට පස්සෙ මතක් වෙන්නෙම "ඇවිදින් කෑවයි දකුණු XXX" අන්න ඒක...
එතන ඉන්න එහෙකුටත් මතකත් නෑ හරි පද පේලිය..ඒ පාර සිංදුව එතනින් අතෑරල දාල මින්ද හීසර කියල නම්බුව රැකගත්ත...:)
කෝ යකෝ මේකෙ කොමෙන්ට්
ReplyDeleteප්‍රසන්න,
Deleteකොමෙන්ට් කාරයො ගිහිල්ල බං වල් ඌරු දඩයමේ..හෙහ්,හෙහ්....
උඹ විතරයි බං හැමදාම ඇවිල්ල කමෙන්ට් එකක් දාල යන්නෙ..උඹ හොඳ එකා..ඉඳහං මම මේ පාර උඹට සෝක් ඔටු පැටියෙක් ගෙනල්ල දෙන්නංකො...:)
/උඹ විතරයි බං හැමදාම ඇවිල්ල කමෙන්ට් එකක් දාල යන්නෙ/ ???
ReplyDeleteඑහෙම කියන්න එපා. මමත් දන්නා තරමින් ඉඳහිට හෝ කමෙන්ට් එකක් දානවා.
ප්‍රසන්න කියනවා වගෙ අර වටින් ගොඩින් කියන වල් බූත කතාන්දරවල ලොකු වටිනාකමක් තිබෙනවා. කොහොමත් කතන්දර දික් කර ගන්නට ඒ වල වටාරම් ඕනෑමනේ.
දයා මහත්මයා,
Deleteහපොයි ඔබතුමා පුලු පුලුවන් වෙලාවට ඇවිල්ල ප්‍රතිචාරයක් දමනව කියල මම දන්නව. මම අර ඒ නිකමට වගෙ කිව්වෙ ප්‍රසන්නයගෙ කතාවට.
අනික මගෙ කොහොමත් ඔය කමෙන්ට් වගෙ දේවල් ගැන ඒ හැටි බලාපොරොත්තුවක් නෑ. මේ වයසට ආවය කියන්නෙ දයා මහත්මයා ජීවිතේ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්න හුරුවෙලා තියෙන්න ඕන.
එහෙම නැති මිනිස්සු තමයි ඔය අද තමනුත් විනාස වෙලා අපිත් විනාස කරල රටත් විඅනස කරන්නෙ..මම මේ කියන්නෙ අර හැට හැත්තෑව පැනපු දේසපාලු මජරයො ගැන...:)
//අනික මගෙ කොහොමත් ඔය කමෙන්ට් වගෙ දේවල් ගැන ඒ හැටි බලාපොරොත්තුවක් නෑ//
Deleteඒකට කමක් නෑ, කමෙන්ට් වලට උත්තර දෙන්නකෝ, ඒ ඇති. :)
මානවික්ස්,
Deleteඋත්තර දෙනව ..උත්තර දෙනව..ටිකක් පරක්කු උනත් අනිවා උත්තර දෙනව...:)
මං මේ මඤ්ඤං වෙලා ඉන්නෙ.ඉ
ReplyDeleteමොකෝ කසුනො ඒ? නිකං කරකෝල අතෑරිය වගෙ දැනෙනවද?
Deleteනැත්තං පෝර ගෝනියක බස්සල කට ගැට ගහල දේයි දේයි ගාල හත් අට පාරක් පොළවෙ ගැහුව වගෙ දැනෙනවද?
අපි පොඩි කාලෙ අපෙ අම්මල ඉන්නල පොතු ඇරියෙ එහෙමයි. පොඩි ගෝනි කෑල්ලක දාල හත් අට පාරක් පොළවෙ ගහල..හැබැයි ඒ බොහොම සීරුමාරුවට...දේයි දේයි ගාල එහෙම නෙවෙයි...හෙහ්,හෙහ්,
අර මුලින්ම 11 ශ්‍රී කාලේ ආපු බජාජ් ත්‍රි වීලරේ මතකද . ඔන්න ඕකේ යනකොටත් ගෝ නියේ දාල පොලවේ ගහනව වගේ
Deleteහර්ෂ
හර්ෂ,
Deleteහර්ෂ ඔය කියන්නෙ 81/82 කාලෙ වෙන්නැති. ඒ කාලෙ ඉස්සෙල්ලම ලංකාවට ආවෙ බජාජ් තමයි. රිචඩ් පීරිස්ල ගෙන්නුවෙ..
එහෙම ගෝනියෙ දාල පොළවෙ ගහන සීන් එකක් නම් මතක නැත. බොහෝවිට එහෙනම් ඒ මුල් කාලෙ ත්‍රී වීලර් වල ෂොක්ස් අප්සෙට් ඇති...:)
හම්මට සිරි..
ReplyDeleteමාතර සැලුන් එකෙන් පටන් අරන් කොහෙන්ද බන් මේ ඉවර වුනේ,...
අම්මට වූඩු විභියා,
Deleteවෙල්කම් කිව්වා ලොක්කා...ඈඳිගං හත් අට පොලකිං..
ඉතිං ඉතිං ලෝං ටයිම් නෝ සී? වෙන්ට් බෑරක් ඕ වට්?
කොහොමද බන්...
Deleteකාලෙකට පස්සේ බ්ලොග් රස්තියාදුවේ යන්නේ..
දෙයියනේ අප්ඩේට් වෙන බ්ලොග් එකක් හොයා ගත්තා
ReplyDeleteඋදාරි,
Deleteඉතිං දුවහං යුරේකා යුරේකා කියල කෑ ගගහ....:)
දෙයියනේ අප්ඩේට් වෙන බ්ලොග් එකක් හොයා ගත්තා
ReplyDeleteදෙපාරක් ම??
Deleteමේ අපේ බ්ලොගුත් අප්ඩේට් වෙනවා හරිය.
Deleteමෙන්න ඔය අප්ඩේට් වෙන බ්ලොග් එක...:)
Deleteබදුලු ඔය පැත්තේ යන්නොනේ මේ පාරවත්.
ReplyDeleteඅජිත්,
Deleteමෙහෙම කලෑකි.උඩරට මැණිකෙ එකේ තියනව මම හිතන්නෙ සුඛෝපභෝගී මැදිරි..ඒ සීට් හතරක් වෙන්කර ගත්තනම් උදේ කොටුවෙන් නැග්ගම හවස බදුල්ලෙ.
දැන් බදුල්ලෙ තියනව ඕන හැටියෙ ගෙස්ට් හවුස්ද හෝටල්ද ඕන එකක් තමන්ට කැමති පරිදි.ඒ එකක කාමර කලින් වෙන් කරගෙන ගියානම් පහුවදා දුන්හිඳ මුතියංගණේ එහෙම ගිහිල්ල ඕනනම් තව දවසකුත් ඉඳල ඊට පහුවදා ආයම කෝච්චියෙම කොළඹ එන්න පුලුවනි.
නැත්නම් ඒ පැත්තෙන්ම කතරගම එහෙමත් ගිහෑකි... :)
හපොයි මතක් කරන්න එපා කෝච්චියේ දෙපාරක් ගියා. දෙපාරම මගින් බැස්සුවා. අපි විතරක් නෙවි. මුළු කෝච්චියම. උන්ට ඕන වෙලාවට යන්නේ. ඕන වෙලාවට ස්ට්‍රයික් කරන්නේ. ඕන වෙලවට නවත්වන්නේ. දැන් හොඳද? (ඕක වුනේ 2006 සහ 2010). මම මයියන්ගනේ ගිහින් යාළුවෙක් බලල දඹාන පැත්තෙන් නෑදෑයෝ ටිකත් හම්බ වෙලා යන්න හදන්නේ. බදුල්ල මිස් වෙනවා බං මේ පාරත්. මෙහෙ රූප පෙට්ටියෙන් දඹානේ ඇත්තෝ දඩයම් කරනවා පෙන්නලා දැන් ඒක බලන්න යන්න ඕනෙලු. කොච්චර කීවත් අහන්නේ නැහැ එතන තඩි බොරුවක් පෙන්නුවේ. ඔය කට්ටිය c-90 වල දඩයමේ යන්නේ කියල.
DeleteAjith,
Delete/කෝච්චියේ දෙපාරක් ගියා. දෙපාරම මගින් බැස්සුවා. අපි විතරක් නෙවි. මුළු කෝච්චියම. උන්ට ඕන වෙලාවට යන්නේ. ඕන වෙලාවට ස්ට්‍රයික් කරන්නේ. ඕන වෙලවට නවත්වන්නේ./
Really? No kidding eh?
ඇත්තටම?...ඩ්‍රයිවර්ල ස්ට්‍රයික් කියල මඟදි කෝච්චිය නවත්තල මිනිස්සු බැස්සුවද? යකෝ වැහි නැති හෙණ ගහන්ට එපාද මුංට...කොහොමද පයිලට්ලත් ඔහොම එක පාරටම ගහෙං ගෙඩි එන්න වගෙ ස්ට්‍රයික් කලොත් උඩදි?
මොන විකරයක්ද යකෝ මේ ලියන්නෙ. ලියන්න දේවල් නැත්තන් ගිහින් වල් ඌරෙක් දඩයං කොර ගෙන කාල බුදියගනින් යකෝ අපේ ඩේට විනාස කරන්නෙ නැතුව. නාකි වෙනකොට මොලේ කචල් උන එවුන් දැකල තිබුනට මෙච්චර අවුල් උන එකෙක් දැක්කමයි.
ReplyDeleteThank you thank You Ano thank you...:)
Deleteනූපේ තියෙන්නේ ගාල්ලේ ඉඳන් යනකොට මාතරට කලින් තමයි. රාහුලේට එතන ඉඳන් පයින් ගිය හැකි.
ReplyDeleteඊටාමතරව නූපේ තියනවා වතුර ටැංකියක්, ලන්දේසි ආරේ පොළක්, සහ බෝධියක්. නූපේ ඉඳන් රුහුණු සේවය ඔෆිස් එකටත් බොහොම ලඟයි.
මානවික්ස්,
Deleteනූපෙ ගැන මොකවත් මතක නෑ බොලේ...අපි නූපෙ හිටියෙ බොහොම සුලු කාලයයි. මාස කීපයක් වගෙ...ඒ බදුල්ලෙන් ඇවිල්ල අප්පච්චිට නිල නිවාසෙ ලැබෙන කල්..
අනික මම එතකොට බොහොමත්ම පුංචියි.අවුරුදු තුනක් තුනහමාරක් වගෙ ඇති.ඒත් අර සමහර තැන් ගැන කියනකොට අපිට මොකක හරි සුවිශේෂී සිද්ධියක් මතක් වෙන සීන් එකක් තියනව නේද? ඕකට මොකක්ද අපූරු නමක් කියනවන ඉංග්‍රීසියෙන් මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ..
ඉතිං නූපෙ ගැන මගේ එකම මතකය තමයි ඒ ගෙදර මිදුලෙ ඔන්න උයන ඇතිලි හට්ටි වළං වගයක් අව්වෙ දාල තිබ්බ. එව්ව දුමේ තිබිල කැරපොත්තො බෝවෙලා.. අත්තම්ම තමයි එව්ව ගෙනල්ල මිදුලෙ වැනුවෙ.
මම ඉතිං උක්කුටිකයෙන් වාඩිවෙලා අව්ව සැර හින්ද කැරපොත්තො එහෙ මෙහෙ දුවනව බලාගෙන හිටිය. එක පරටම එකෙක් පියාඹගෙන ඇවිල්ල මගෙ ඔලුවෙ වැහුවෙ නැද්ද? මම හූ තියාගෙන ගෙට දිව්ව..
මට මතකයි අත්තම්ම ඉස්සෙල්ලම බය වෙලා දුවගෙන ආව...ඊට පස්සෙ වෙච්චි දේ දැනගෙන බඩත් හොල්ල හොල්ල හිනා වුනා...:)
ඔබතුමා කියන්නේ nostalgia ගැනද?
Deleteමගෙත් ළමා කාලේ අත්තම්මා එක්ක ගෙවුනෙ. ඔබතුමා ඔය වගේ විස්තර කියනකොට, මටත් ඒ අතීතය මතක් වෙනවා, හරිම සුන්දරයි.
දැන් නම් නූපේ හන්දිය දියුණු වෙලා....අවුරුදු ගණනාවකට (1999-2004 අතර) කලින් ඔය හන්දියේ තිබ්බේ ලී මෝලක් එක්ක මූසල අඳුරු වටපිටාවක් විතරයි
Deleteමානවික්ස්,
Deleteයස් Nostalgia නොහොත් අතීතකාමය....
අත්තම්මල ආතල එක්ක ගෙවන ළමා කාලය හරිම සුන්දරයි..මොකද අම්මල අප්පච්චිල රස්සාවල් කරල මහන්සිවෙලා ගෙදර එන්නෙ..අනික එයාලගෙ ඔලුවල දාහක් ප්‍රශ්ණ..ඒ හින්ද හිටපු ගමං පොඩි එවුං එක්කත් මල පනිනවනෙ...
අත්තම්මල ආතලට ඒ වගෙ එව්ව නෑනෙ..දවසම ෆුල් රිලැක්ස් එකේ ගෙදර ඉන්නෙ පාලුවෙන්...ඉතිං මුණුබුරු මිණිබිරියන්ට රාජ කුමාරයො කුමාරියන්ට වගේ තමයි සලකන්නෙ...:)
පමල්,
Deleteමම මේ කියන්නෙ ඔයිට ගොඩක්ම ඉස්සර..1966 අවුරුද්දෙ වගෙ...:)
1966 දී මම ලොවෙත් නෑ රවී තුමෝ :)
Deletehmm
ReplyDeletePra,
Delete:)
නූපේ තියෙන්නේ ගාල්ලේ ඉඳන් යනකොට මාතරට කලින්. ඔය southern expressway එකේ ගොඩගම Interchange එකට යන්නෙත් ඔතනින් හැරිලා නෙව.
ReplyDelete/උඹ විතරයි බං හැමදාම ඇවිල්ල කමෙන්ට් එකක් දාල යන්නෙ/ මේ කතාවට නං කොටියම කාහන් බෝව!
Udaya,
Delete/මේ කතාවට නං කොටියම කාහන් බෝව!/
අනේ බොලේ එහෙම අවුලක් හිතන්න එපා..අර සබාපතිය කිව්ව එකට මම නිකමට වගෙ එහෙම කිව්වෙ...:)
හම්මේ... කොන්ටිකි යාත්‍රාව... මං අටවසරෙදි ඉස්කෝලෙ ලයිබ්‍රරි එකෙං අරං කියවපු පොත...
ReplyDeleteදිල්ෂාන්,
Deleteඒ වයසෙදි එහෙම කතා බොක්කටම වදිනව...:)
රවි අයියා විචාරක මහතා ඹය Kon Tiki ගැන සවිතරාත්මක සටහනක් ලියලා තියවනවා https://wicharaka.blogspot.com/2012/08/20-expedition-kon-tiki-part-one.html
ReplyDeleteLatta,
Deleteඅඩේ ඇත්තම තමයි නේද? බොහොම අපූරු ලිපියක්...කරුණු කාරණා හොඳට හොයල බලල බොහොම සැළකිල්ලෙන් ලියපු එකක්..කොහොමත් අපේ විචා එහෙම තමයි..නූලට රූලට වැඩ..ආමි පුරුද්දනෙ...
මේක අවුරුදු හයකට ඉස්සෙල්ල පලවෙච්චි එකක් නේද? මම හිතන්නෙ විචා ලියපු මුල්ම ලිපි අතරින් එකක් වෙන්න ඕන..
මම සාමාන්‍යයෙන් විචාගෙ හැම ලිපියකටම වගෙ කමෙන්ට් එකක් දැම්ම..ඒත් මේකෙ මගෙ කමෙන්ට් එකක් නෑ..ඒ කියන්නෙ මට මඟ ඇරුනු එකක්..ස්තූතියි මල්ලි....:)
මොකක්ද සන්මිත්‍ර කියන්නේ? මොකක් හරි පට්ටමක් වගේ එකක්ද? හෙහ් මක්කාවත් කමක් නෑ මේදවස්වල වේලි වේලි ඉන්නේ.. බදුලු ඔය කියුවට දැන් රිවර්සයිඩ් හරියෙන් ඔයට බැස්සට වළලුකර තෙමෙන්න වතුර නෑ..
ReplyDeleteකළ්‍යාණ මිත්‍ර,
Deleteසත්+මිත්‍ර = සන්මිත්‍ර
ඉතා හිතවත් මිත්‍රයා කියන එක බං..කළ්‍යාණ මිත්‍ර කියන එකම තමයි. ඔය "අපගේ සන්මිත්‍ර" කියල වැඩිපුරම ලිව්වෙ මහාචාර්ය සුචරිත ගම්ලත්....
/බදුලු ඔය කියුවට දැන් රිවර්සයිඩ් හරියෙන් ඔයට බැස්සට වළලුකර තෙමෙන්න වතුර නෑ.. /
ඒ කිව්වෙ පෑවිල්ල නිසාද නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද?..:(
එදා ඇවිල්ල මේක කියවල ඔලුව අවුල් වෙච්ච පාර අදයි ආපහු ආවේ... කොමෙන්ට් එකට මොකක් දාන්නද කියල හිතා ගන්න බැරුව එදා ගියා...
ReplyDelete++++++++++
ReplyDelete