Friday, February 1, 2019

625. රූ රැසේ අඳිනා ලෙසේ, සාර්ලිස් මාස්ටර්, සුසිල් ප්‍රේමරත්න, ජූඩි, No Orchids For Miss Blandish & Boney M's Ma Baker…..

පහුගිය පෝස්ට් එකේ සරත්මධු ගැන කතා කරන්න ගිහිල්ල සිත්තර පත්තරේ පළවුනු චිත්‍රකතා කීපයක් ගැනම මම සඳහන් කලා. ඉන් එකක් සුසිල් ප්‍රේමරත්න ඇඳපු ජූඩි කතාව....සුසිල් ප්‍රේමරත්න කියන්නෙ අපිට හිටපු දක්ෂ චිත්‍රශිල්පියෙක් වගේම ගායකයෙක්

ඇම්. සාර්ලිස් මාස්ටර් කියන්නෙ සුසිල් ප්‍රේමරත්නගෙ තාත්තා. සාර්ලිස් මාස්ටර් පහුගිය සියවසේ මුල් දශක කීපය තුල රට පුරාම ප්‍රසිද්ධ වුනේ බුද්ධ චරිතයේ වැදගත් අවස්ථාවන් ඉතාම දර්ශනීය ලෙස චිත්‍රයට නැඟීම නිසා. ඒ කාලෙම වගේ රටපුරා පැතිරගිය බෞද්ධ ප්‍රබෝධයට මම හිතන්නෙ සාර්ලිස් මාස්ටර්ගෙ බෞද්ධ චිත්‍රත් බොහොම උපස්ථම්භක වුනා. 


සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර....

සිදුහත් ගිහිගෙයින් නික්මීමේ චිත්‍රය රාමු කරල එල්ලල තිබුන මට මතකයි අපෙ අම්මලගෙ මහගෙදර. අපෙ අම්මයෙ මහ ගෙදර තියෙන්නෙ කඩුගන්නාවෙ හේනාවල. දැං එහෙ ඉන්නෙ මයෙ අම්මගෙ බාලම මල්ලි අපෙ පුංචි මාම.

මේ මෑතක් වෙනකල්ම මට මතකයි ගෙට ඇතුල්වෙනකොටම තියෙන පළුතුනේ මහ දොර උලුවස්ස උඩින් එල්ලල තිබ්බ සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත්වීම නිරූපණය කෙරෙන රාමු කරපු චිත්‍රයකුත්. දස බිම්බර මාරසෙනඟ එහෙම බොහොම අපූරුවට සිතුවම් කරල තිබුනු ඒ චිත්‍රයෙ නිර්මාණ ශිල්පියා සෝලියස් මෙන්ඩිස්.

සුසිල් ප්‍රේමරත්න කියන්නෙ චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි ඉතාම දක්ෂ ගායකයෙක් කියල මම කලින් කිව්වනෙ. ලතා වල්පොලගෙ මුල්ම නම රීටා ජෙනිවීව්. ගායන කටයුතු වලට ගැලපෙන විදිහට ඇයට ලතා කියල නම දාල තියෙන්නෙත් සුසිල් ප්‍රේමරත්න. ඔවුන් දෙදෙනා අතර පොඩි කුච් කුච් හෝතාහේ එකකුත් ඒ දවස්වල තිබුණයි කියල මම කොහෙදි හරි කියවපු මතකයකුත් තියනව...

මේ සුසිල් ප්‍රේමරත්න රූ රැසේ අඳිනාලෙසේ ගීතය ගායනා කරමින් දෙවඟනක් චිත්‍රයට නඟන අයුරු....



මේ ගීතයෙන් කියවෙන්නෙ අර ගුත්තිල-මූසිල වීණාවාදන තරඟයෙදි  ගුත්තිල ලොක්ක ගුලි තුනක් උඩ දැම්මම දිව්‍ය ලෝකයෙන් මිහිපිටට පැමිණෙන දිව්‍යාංගනාවන් දැක්වූ රැඟුම් විසිතුරු වර්ණනාවයි.

සුසිල් ප්‍රේමරත්න සිත්තර පත්තරේට ජූඩි කියල කතාවක් ඇන්ද කියල මම කිව්වනෙ. ඔය ජූඩි කතාවෙ අක්මුල් සෑහෙන්න දිගට ඇදිල යනව. මම අද මේ ලැහැත්ති වෙන්නෙ ඒ ගැන ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් පොඩි සටහනක් ලියන්නයි. 

ඔය ජූඩි කියල සුසිල් ප්‍රේමරත්න ඇඳපු කතාව කතාව "James Hadley Chase" නම් සුප්‍රසිද්ධ ලේඛකයගෙ කතාවක් කියලත් මම කිව්වනෙ. ඒ කතාවෙ නම "No Orchids For Miss Blandish"



සුසිල් ප්‍රේමරත්න ඇඳපු ජූඩි කතාවෙ සාරාංශය මෙහෙමයි. ජූඩි කියන්නෙ අමරිකාවෙ චිකාගෝ පැත්තෙ කෝටිපතියෙකුගෙ එකම දුව. ඒ පළාතෙ සුප්‍රසිද්ධ මැර කල්ලියක් ජූඩිව පැහැරගෙන යනව කප්පම් ගන්ට. ඒත් කෙල්ලගෙ තාත්ත හෙණ කුණා. මනුස්සය කප්පම දෙන්නෙ නෑ වැඩේ ඇද ඇද ඉන්නව. ඉතිං කප්පං කල්ලියට සිද්ද වෙනව කෙල්ලවත් අරගෙන රට වටේ තැන් තැන්වල ගිහිල්ල හැංගිල ඉන්ට මොකද පොලීස් දැලෙන් බේරෙන්ට. 

ඔය අතරෙ කප්පම් කල්ලියෙ ඉන්න මැරයො ජූඩිට එහෙන් මෙහෙන් බැල්ම දානව. කප්පම් කල්ලියෙ නායකයගෙ මල්ලි හෙණ මරුමුස් බුවෙක්. කප්පම් කල්ලියෙ අනික් එවුනුත් ඌට පණ බයයි. ඒ යකාට ටිකක් පිස්සුවක් වගෙත් තියනව. අර අපෙ අත්තම්මල එහෙම ඒ දවස්වල කිවෙ කියන්නෙ නුහුගුණේ කියල අන්න ඒක.

ඌට විරුද්ධව ගියොත් ආය නෑ කෙලින්ම ඔලුවට එක ෂොට් එකයි. කල්ලියෙ එකෙක්ව මේ මනුස්සය කලින් මරල දාලත් තියනව ඔන්න ඔය මොකක් හරි පොඩි කේස් එකක් හින්ද. ඉතිං මේ මරු මුස් බුවාට කෙල්ල ගැන පොඩි ඇල්මක් පහල වෙනව. ඒ හින්ද මිනිහ අනික අයට දානව Injunction එකක්. ඒ කියන්නෙ තහනම් නියෝගයක්.

"Listen to me carefully, if you guys  so much as just lay a finger on her he will have to deal with me Ok?" 

 Well if not exactly the same words some thing like that…

ජූඩි කතාවෙ ඒ මනුස්සයගෙ නම තිබ්බෙ මට මතක විදිහට හැරී වගෙ නමක්. කොහොම හරි අන්තිමට කෙල්ලට තේරෙනව අනික් එවුන්ගෙන් බේරිල ඉන්ට නම් හැරීගෙ ආදරවන්තිය විදිහට රඟපාන්ට වෙනව කියල. ඒත් අන්තිමට ජූඩි ඇත්තටම හැරීට ආදරය කරන්ට පටන් ගන්නව. එතන මම හිතන්නෙ Stockholm Syndrome එකත් බලපාන්ට ඇති බොහෝ දුරට.

Stockholm Syndrome නොහොත් ස්ටොක්හෝම් සහලක්ෂණය කියන්නෙ විශේෂයෙන් ප්‍රාණ ඇපකරුවකු ලෙස ගතකිරීමට සිදුවූවෙකු හෝ පැහැරගැනීමකට ලක්වූවෙකු තමන් පැහැර ගත් හෝ ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගත් තැනැත්තා හෝ තැනැත්තිය කෙරෙහි යම් බැඳීමක් ඇති කර ගැනීමයි. ඔවුන් බොහෝ විට අපරාධකරුට විරුද්ධව සාක්ෂි දීම පවා ප්‍රතික්ෂේප කරනවා.

එකම මූලික තේමාව සහ කථා සැකිල්ල වුනාට හැබැයි හැඩ්ලි චේස්ගෙ ඔරිජිනල් කතාව ගලායන්නෙ ඔයිට සෑහෙන්න වෙනස්ව. 

ඒකෙදි වෙන්නෙ මිස් බ්ලැන්ඩිෂ් (කතාවෙ කොතනකවත් බ්ලැන්ඩිෂ් මෙනෙවියගෙ මුල් නමක් සඳහන් වෙන්නෙ නෑ) තම ආදරවන්තයා එක්ක සාදයකට සහභාගි වෙද්දි ඇය පැළඳ සිටින දියමන්ති ආභරණ පැහැර ගන්නට මංකොල්ල කාරයො කීප දෙනෙක් උත්සාහ කරනව. 

එතනදි ඇගේ ආදරවන්තයා ඔවුන් අතින් මියයනව. කලබල වන සොරුන් ඇයව තම මෝටර් රථයේ දමාගෙන පැහැරගෙන යනව. ඔවුන් ඇයව පාළු පෙදෙසක පිහිටි ගොවිපොළක සඟවා තබාගෙන ඉන්න අතරෙ ඔවුන්ගේ පසමිතුරු වඩා බලවත් සොර කණ්ඩායමක් ඔවුන් සියල්ල මරාදමා බ්ලැන්ඩිෂ් මෙනෙවිය පැහැරගෙන යනව. ඒ කණ්ඩායමේ මෙහෙයවන්නෙ කාන්තාවක්. "Ma Grisson" ඇගේ නම. ඔවුන් හඳුන්වන්නෙ "Grisson Gang" යන නමින්.

ඔවුන් බ්ලැන්ඩිෂ් මෙනෙවිය නිදහස් කරන්නට කියල ඇගේ ධනවත් පියාගෙන් ඩොලර් මිලියනයක්ද කොහෙද ලබා ගන්නව. ඒත් Ma Grissonගෙ පුතා ස්ලිම් මිස් බ්ලැන්ඩිෂ්ට ආදරය කරන්ට පටන් ගන්නව. ඔහු තරමක් මානසික තත්වය අයහපත් පුද්ගලයෙක්. Ma Grisson ඇගේ මේ එකම පුතාට දැඩි ආදරයක් දක්වනව. ඒ නිසා කප්පම් මුදල ලැබුනත් ඈ බ්ලැන්ඩිෂ් මෙනෙවිය නිදහස් කරන්නෙ නෑ. 

කප්පම් මුදල යොදවා ඔවුන් මිල දී ගන්නා සමාජ ශාලාවක පසුපස පොළව යට පිහිටි රහස් කාමරයක ඇයව සිරකර තබා ගන්නව. ඇය කීකරුව තබා ගැනීම උදසා Ma Grisson ඇයට මත්ද්‍රව්‍ය එන්නත් කරනවා. 

අන්තිමට කොහොම හරි මාස කීපයකට පස්සෙ මිස් බ්ලැන්ඩිෂ්ව පොලීසියෙන් නිදහස් කර ගන්නව. හොර කල්ලිය පොලිස් වෙඩි පහරින් මියයනව වගෙයි මට මතක. ඒත් කාලයක් තිස්සෙ මත්ද්‍රව්‍ය එන්නත් කිරීම නිසා බ්ලැන්ඩිෂ් මෙනෙවිය මානසික රෝගී තත්වයකට පත්වෙලා ඉන්නෙ. ඇයට ජීවිත කාලය පුරාම ඉන්න වෙන්නෙ මානසික රෝහලක..

"No Orchids For Miss Blandish" නොහොත්බ්ලැ න්ඩිෂ් මෙනෙවියගේ ඛේදාන්තය ඔන්න ඔහොමයි...

ඉතිං ජේම්ස් හැඩ්ලි චේස් ඔය කතාවෙ Ma Grissonගෙ චරිතය ලිව්වෙ ඊට අවුරුදු හතරකට ඉස්සෙල්ල (ඒ කියන්නෙ 1935 අවුරුද්දෙ. හැඩ්ලි චේස් Miss Blandish කතාව ලිව්වෙ 1939 අවුරුද්දෙ) එෆ්.බී.අයි එකෙන් වෙඩි තියල මරපු Ma Barker නම්වූ Barker Gang නම් මංකොල්ලකරුවන් කණ්ඩායමේ නායිකාවගේ චරිතය ආශ්‍රයෙන් කියලයි කියන්නෙ. මා බාකර්ගෙ නායකත්වයෙන් යුතු බාකර් ගැන්ග් එක කියන්නෙ 1931 ඉඳල 1935 වෙනකල් අමරිකාව හොල්ලගෙන හිටපු මැර කණ්ඩායමක්.



ඊගාවට ඔන්න අද මාතෘකාවෙ අන්තිම කොටසට අපි සම්ප්‍රාප්ත වෙනවා. Boney M...බොනී එම් කියන්නෙ අපේ යොවුන්විය ගෙවුනු සමයේ ඉතාම ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. කළු තරුණයෙක් සහ තරුණියන් තිදෙනෙකුගෙන් සමන්විත ඔවුන්ගෙ නිජබිම ජැමෙයිකාව. ඒත් ඔවුන් ලොව පුරා ජනප්‍රිය වෙන කොට පදිංචි වෙලා හිටියෙ බටහිර ජර්මනියෙ.

Boney M කණ්ඩායම 1978 වගෙ එලි දක්වපු ඔවුන්ගෙ ඉතාමත්ම ජනප්‍රිය වුනු Ma Baker ගීතයට පාදක කරගෙන තියෙන්නෙත් මේ Ma Barker මැර කණ්ඩායම.

Freeze, I'm Ma Baker, put your hands in the air
Gimme all your money
This is the story of Ma Baker, the meanest cat
From old Chicago town
She was the meanest cat
In old Chicago town
She was the meanest cat
She really moved them down
She had no heart at all
No no no heart at all

She was the meanest cat
Oh she was really tough
She left her husband flat
He wasn't tough enough
She took her boys along
'Cause they were mean and strong

Ma Ma Ma Ma Ma Baker
She taught her four sons
Ma Ma Ma Ma Ma Baker
To handle their guns
Ma Ma Ma Ma Ma Baker
She never could cry
Ma Ma Ma Ma Ma Baker
But she knew how to die

They left a trail of crime
Across the U.S.A.
And when one boy was killed
She really made them pay
She had no heart at all
No no no heart at all

Ma Ma Ma Ma Ma Baker
She taught her four sons
Ma Ma Ma Ma Ma Baker
To handle their guns
Ma Ma Ma Ma Ma Baker
She never could cry
Ma Ma Ma Ma Ma Baker
But she knew how to die

She met a man she liked
She thought she'd stay with him
One day he formed with them
They did away with him
She didn't care at all
Just didn't care at all

(Here is special bulletin
Ma Baker is the FBI's most wanted woman
Her photo is hanging on every post office wall
If you have any information about this woman
Please contact your nearest police station)

One day they robbed a bank
It was their last hooray
The cops appeared too soon
They couldn't get away
And all the loot they had
It made them mighty mad
And so they shot it out
Ma Baker and her sons
They didn't want to hang
They died with blazing guns
And so the story ends
Of one who left no friends

Ma Ma Ma Ma Ma Baker
She taught her four sons
Ma Ma Ma Ma Ma Baker
To handle their guns
Ma Ma Ma Ma Ma Baker
She never could cry
Ma Ma Ma Ma Ma Baker
But she knew how to die


මම මේ කල්පනා කලේ අර මම කලින් පෝස්ට් එකේ ලිව්ව පස්පොළ කලුවෙන කාලෙ අපි කොච්චරක් නම් මේ ගීතයට උඩ පැන පැන ඇඹරි ඇඹරි නටන්ට ඇද්ද කියල හෙහ්..හෙහ් 

ඒත් අපි එතකොට ඔය පසුබිම් කතා ගැන අඳෝ සංසාරයක් දැනගෙන හිටියද? මොන?

34 comments:

  1. වැලිමඩ-කොළඹ(79) ගලහාගම හරහා බස් සේවය. වැලිමඩ නගරයෙන් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.

    ඌමා ඇල හන්දියට ලගාවීම රාත්‍රී 12:30

    මැදවෙල හන්දියට ලගාවීම රාත්‍රී 12:45

    නුවරඑළියෙන් නගරයෙන් පිටත් වීම අළුයම 1:30

    තේපානය සදහා තවලම්තැන්න හන්දියේ නැවැත්වීම අළුයම 2:30

    කොළඹට නගරයට ලගා වීම උදැසන 6:30

    කලින් ආසන වෙන් කරවා ගත හැක.

    ( RAD බස් කොම්පැනිය-රාජගිරිය )

    ...........

    කොළඹ-වැලිමඩ(79) කැප්පෙටිපොළ හරහා බස් සේවය. කොළඹ නගරයෙන් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.

    සියළුම ආසන කලින් වෙන්කරවා ගත යුතුය.

    තේ පානය සදහා පේරාදෙණිය කිට්ටු කර නවතනු ලැබේ.

    උදැසන 6:30 වන විට වැලිමඩ නගරයට ලගාවනු ලැබේ.

    (ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය- කැප්පෙටිපොළ ප්‍රාදේශීකය)

    ReplyDelete
    Replies
    1. මගදි හුළං බැස්සොත් එහෙම.

      Delete
    2. ඇනෝ,

      ස්තූතියි ... යම් පාඨකයෙකුට මේ බස් සේවයෙන් ප්‍රයෝජනයක් ගත හැකි වේ නම් ඔබටත් පිං!

      Delete
    3. ප්‍රසන්න,

      වෙරි සිම්පල්..කාල්ස් සටහන වෙනස් කරන එක විතරයි තියෙන්නෙ....:)

      Delete
  2. ඔය සුසිල් පේ‍්‍රමරත්න මහතාගේ නිවසේ ඉහල මාලය කුලියට ගත්තු මාගේ හිතවතෙකුගේ සාදයකට සහභාගිවෙන්න ලැබුනා එහිදි අසනිප තත්වයෙන් හිටිය එතුමා ඔය රූ රසේ ගිතය ගායනා කලා අමතකවුනු තැන් එතුමාට මතක් කලේ එතුමාගේ පුතුන් දෙදෙනා. අපිත් එක්ක ලාවට වාගේ සුට්ටං ෂොට් එකක් එහෙම දැම්මා. පුත්තු දෙන්නා තාත්තාට හොරෙන් අනුමත උනා. එතුමාගේ පුතෙකු වන නයනජිත් පේ‍්‍රමරත්නත් හොද චිත‍්‍ර ශිල්පියෙක්. මීට වසර කිහිපයකට උඩදි ඔහු ප‍්‍රවිණ දියසායම් චිත‍්‍ර ශිල්පි ජී ඇස් ප‍්‍රනාන්දුගේ දැනට ඉන්නා එකම ගෝලයාවු තිස්ස හේවාවිතාරනයන් එක්ක ලයනල් වෙන්ඩ් කලාගාරයේ චිත‍්‍ර ප‍්‍රදර්ශණයක් එහෙම තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග,

      සුසිල් ප්‍රේමරත්න මහත්මයගෙ පුතා නයනජිත් ප්‍රේමරත්නත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක්...සිත්තර පත්තරේට ඔහු ඇන්දා ගිගිරි පොළොංගු කියල අපූරු කතාවක්....

      Delete
  3. https://www.barnesandnoble.com/blog/6-books-that-explore-stockholm-syndrome/

    ReplyDelete
  4. කෝ ඕයි අනන්‍යයා? මළා ද?

    ReplyDelete
    Replies
    1. උදාර,

      අනන්‍යා ඉන්නව..අනන්‍යා ඉන්නව..හෙට අනිද්දම එක්කං එඤ්ඤා...

      Delete
  5. //මම මේ කල්පනා කලේ අර මම කලින් පෝස්ට් එකේ ලිව්ව පස්පොළ කලුවෙන කාලෙ අපි කොච්චරක් නම් මේ ගීතයට උඩ පැන පැන ඇඹරි ඇඹරි නටන්ට ඇද්ද කියල හෙහ්..හෙහ්//

    අන්තිමටම ආපහු පස්පොළ කලුවෙන එක ලියලා.......

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      උඹව කුල්මත් කරන්ටමයි ඔය පස් පොළ කලුවෙන කතාව ආයම පාරක් ලිව්වෙ..:)

      කෝ ගියපාර මම ඇහුවට උඹ අර කලුවෙච්චි පස්පොල මොනවද කියල කිව්වෙ නෑනෙ..

      Delete
  6. මා බෙකා කියන්නෙ එහෙමයි එහෙනං. කවුදෝයි දන්නෙ ඔය සින්දුව ඇහුවට මේ වගේ සීන්ස් එකක් කියල.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඔව් බං..ඒ කාලෙ ඔය සිංදු දාගෙන දැඟලුවට ඔව්වයෙ කියවෙන්නෙ මොකක්ද කියල අපි හාංකවිසියක්වත් දැනගෙන හිටපු එකක්යෑ...

      ඒ කාලෙ ඔව්වයෙ පද මාලා ආය කොහෙං කියල හොයාගන්ටද? ඉන්ටනැට්ටක් ගැන ආය අහලවත් තිබ්බ එකක්ය?..අනික ඔව්ව කියන උංගෙ උච්චාරණය අනුව වචන හරියටම හොයාගන්න එකත් මාර ගේමක්..

      ඔය සිංදුව අපි හිතං හිටියෙ බක්කරේ කෙනෙක් ගැන කියන එකක්ය කියල....හෙහ්...හෙහ්...

      Delete
  7. රූ රැසේ ගීතයේ තනුව සහ පදමාලාවට වශී වෙලා හිටිය කාලයක් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      මට මතක විදිහට ඔය රූ රැසේ සීන් එක ගියේ 1986/87 කාලෙ වගේ...යාත්‍රා වගෙ වැඩ සටහනක..නැත්නම් නන්දන වින්දන වෙන්ටත් පුලුවන්...

      Delete
    2. මම නං තාමත්...

      Delete
  8. රූ රැසේ සින්දුවත්, එතුමා අඳින චිත්‍රයත් හරි ලස්සනයි. ඕක රූපවාහිනියෙ නිතර ගිය කාලෙ අපි හරි පොඩියි, ඒත් ඔය සින්දුව හරිම ආසාවෙන් රසවින්දා. එතුමා සාර්ලිස් මාස්ටර්ගේ පුතා කියලා දැනගෙන හිටියෙ නෑ. අයියට ස්තූතියි ඒ තොරතුරට. මේ ගීතය මේ රූප පෙළත් එක්ක ආයෙ බලද්දි මට හිතුණා මගෙ සිත්තරාටත් කියන්ඩ මෙහෙම වැඩක් කරමු කියලා. එයාටත් සිත්තර අඳින්න වගේම යස අපූරුවට සින්දු කියන්නත් පුළුවන්. එහෙම එකක් හැදුවොත් ඔයාලටත් බලන්න දෙන්නම්කෝ. :)

    ReplyDelete
    Replies
    1. Siththami,

      /මේ ගීතය මේ රූප පෙළත් එක්ක ආයෙ බලද්දි මට හිතුණා මගෙ සිත්තරාටත් කියන්ඩ මෙහෙම වැඩක් කරමු කියලා./

      එල ද බ්‍රා..වේ ගුඩ්..මම දෙන්නං කිරි ටොයිස් අයිඩියානන්ද එකක්...සිත්තර තෙමේට කියාපං බොලා දෙන්න පෝරු මස්තකප්‍රාප්ත වෙලා ඉන්නව අඳින ගමං මේ සිංදුව කියන්නෙයි කියල්ල...ආය නෑ හරියටම හරි..

      පෙර මේ බවයේ,
      කල යම් කරුමේ,
      ගලගාලාවත් ගෙවිය නොහැකිවේ,
      විඳලාම ගෙවිය යුතුය,
      කරුමේ..කරුමේ..කරුමේ..කරුමේ...

      Delete
    2. අයියෝ, පව් අනේ... උඹ නම් තියන්න වටින්නෑ රවියෝ… :D :D :D

      Delete
  9. අපි O/L වලට චිත්‍ර කරන කාලේ, ඔය සෝලියස් මෙන්දිස් මහතා ගැනයි, එම් සාර්ලිස් මහතා ගේ චිත්‍ර ගැනයි ඉගෙන ගත්ත. මම ගොඩක් ආස වුනේ සෝලියස් මෙන්දිස් මහතාගේ චිත්‍ර වලට. මගේ චිත්‍ර පන්තියේ හොඳම මිතුරිය කැමති වුනේ එම් සාර්ලිස් මහතාගේ චිත්‍ර වලට.

    එම් සාර්ලිස් මහතාගේ සිදුහත් උපත චිත්‍රයක් තියනවා, පුදුම ලස්සනයි. මේකේ අට වෙනි එක.

    https://kalalanka.wordpress.com/2017/10/28/

    මගේ පළමු පෙම්වතා මුලින්ම දීපු වෙසක් කාඩ් එකේ තිබුණේ ඔය චිත්‍රය තමයි. තාම ඒක මගේ ළඟ ඇති, (ඇති කිවුවේ ගෙදර කොහෙහරි පරිස්සමට ඇති. මෙහෙ එනකොට ගෙනාවේ නැහැ)

    ඒක නෙවෙයි, බෝනියම් සංගීත කණ්ඩායමයි, O/L චිත්‍ර කරපු එකයි ගැන මටත් කතාවක් තියේ, ඒක බ්ලොග් එකේම ලියල මේකේ ලින්ක් එක කමෙන්ට් එකක් දාන්නම් ඔන්නොහෙ, නැත්නම් ඒකත් පෝස්ට් එකක් තරම් දිග කමෙන්ට් එකක් වෙයි.

    ReplyDelete
    Replies
    1. මානවී,

      /ඒක බ්ලොග් එකේම ලියල මේකේ ලින්ක් එක කමෙන්ට් එකක් දාන්නම් ඔන්නොහෙ/

      වෙරි ගුඩ් එහෙමවත් ලියපං මොකවත්...:)

      Delete
    2. පෝස්ට් එකක් ලියන්න තරම් දේකුත් නෑ එකාතකට. මෙතනම දාන්නම්.

      බොනී එම් ග්රූප් එකේ කැසට් පීස් එකක් තිබුණ අපේ ගෙදර, මට වයස හතක් අටක් විතර කාලෙ මගේ වැඩේ ඕක දැන් නටනෙක. ඔය මම උඩින් කමෙන්ට් එකේ බෝනියෙම් කියල ලියල තියෙන්නෙ, එහෙම තමයි ඒ කාලේ මම එහෙම තමයි කැසට් පීස් එකේ නම කියෙවුවෙ. තාම දිවට හුරු එහෙමයි.

      හත වසරට ගියාම අපට සෞන්දර්යය විෂයට චිත්‍ර, නැටුම්, සංගීත වලින් එකක් තෝරාගන්න ඕන නෙ. මම හිතන් හිටියේ චිත්‍ර කරන්න, හැබැයි තෝරන්න කලින් දවසේ කොයි එකටත් කියල ගෙදරින් ඇහුව. මෙන්න බොලේ මට කියාපි නැටුම් කරන්න කියල. :( හේතුව තමයි මම අර සින්දු දැන් නටපු නැටිල්ලට, තාත්ත හිතල තියෙන්නෙ මම ඒකට ආස වෙයි කියල.

      පහුවදා නැටුම් පන්තියට ගියාම, පොඩි නැටුමක් නටන්න කියල, මගේ කරුමෙට මාව තෝරගත්ත. ඒ උනාට පස්සේ උගන්නපු අඩවූ කස්තිරම් එකක් වත් මට මතක තිබුණේ නැහැ. නටන්න ගිහින් වරද්දලා මම බැනුම් ඇහුව ඕසේට. නැටුම් පීරියඩ් එකට මම නැටුම් කාමරේට යන්නෙ, මරන්න ගෙනියන එළුවා වගේ.

      දහය වසරෙදි මම චිත්‍ර වලට මාරු වුණා. සෝලියස් මෙන්ඩිස්, එම් සාර්ලිස් වගේ චිත්‍ර ශිල්පීන් ව ආශ්‍රය කලේ ඊට පස්සෙ තමයි. චිත්‍ර ඉගෙන ගත්තේ අවුරුදු දෙකයි වුනාට, මට A එකක් තිබුණ. එදත් එදායින්, ඉගෙන ගන්න දේ සම්බන්ධව මට ඕන දේ තෝරාගන්නවා මිසක්, ගෙදරින් කියන දේ තෝරා ගන්න එක නැවැත්තුව. :)

      Delete
  10. බොබ් මාලේ ගේ බෆලෝ සෝල්ජර් එකේ තේරුම දැන ගන්නකනුත් ඔහොම ආතල් ගත්තා.. නැටුම නම් ගියාටත් නටන එකේ දෙක වැදුනම හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      එහෙම තේරුම් දැන ගත්තයි කියල ගානක් නැහැ බං..මොන කෙහෙම්මලක්ද? නැද්ද?

      Delete
  11. Matat mathakai ru rese song eka e kale rupavahiniye yanwa, asawen balan hitiya chithraya adina vidiya

    ReplyDelete
    Replies
    1. geethika,

      ඇත්තටම ඒ කාලෙ රූපවාහිනියෙ ඔය වගෙ ඉතාම අපූරු වැඩසටහන් බොහොමයක් විකාශය වුනා...

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. සුසිල් ප්‍රේමරත්නගෙ සිංදු රස වින්දට එයා සාර්ලිස් මාස්ටර්ගෙ පුතා කියලා නම් දැනගෙන හිටියෙ නෑ මමත්... මට අර සාර්ලිස් මාස්ටර් ඇඳපු පළවෙනි චිත්‍ර දෙක ඇරුනුම අනිත් ටික ඔක්කොම වගේ මතකයි කොහේ හරි ගෙදරක රාමු කරලා බිත්තිය වටේට ගහලා තිබුනු බවක්. කොහේද කියලා මතක නෑ. මං පුංචි කාලෙ ඒවා යටට ගිහින් ගොඩක් වෙලා ඒ දිහා බලන් ඉන්න බව මතකයි. සුසිල් ප්‍රේමරත්න චිත්‍ර අඳිමින් සිංදු කියන එක මාත් බලන් හිටියා ටීවී එකේ යනකොට. යාත්‍රා හේම නලින්ගෙනෙ. ඒක යනකොට මං ටිකක් ලොකුයි. මට මතක ඊට කලින් තිබුනු වැඩසටහනක කියලයි. සමහරවිට අබේවර්ධන බාලසූරියගෙ නන්දන වින්දන වෙන්න අති. එහෙම බලනකොට මේ ඔක්කොම වගේ ජීවතුන් අතර නෑනෙ දැන්...
    ජූඩි කතාව ඇන්ද කෙනා මතක නැතුවට තවම ජූඩිගෙ මූණ නම් මතකයි.

    බොනි එම්ලගෙ සිංදුව රස වින්දට ඔහොම කතන්දරයක් දැනගෙන හිටියෙ නෑනෙ. ඒ කාලෙ ඕවයෙ වචන දැනගන්න උවමනාවක් තිබ්බෙත් නෑ. අර කිව්ව වගේ වචනයක් හරියකට ඇහෙන්නෙත් නෑ. දැනගත්තත් තේරෙන්නෙත් නෑ. මියුසික් එකට තමයි උඩ පැන්නෙ. ඒ නෝනලා ටික නම් තවමත් පරණ සිංදු කියනවා නේද? මං දැක්කා අළුත් වීඩියෝ වගයක්. පුරුෂ පරානෙ මැරුණනෙ. අළුත් එක්කෙනෙක් ඉන්නවා දැන්.

    ReplyDelete
  14. වටින විස්තර ටිකක් ලොක්කා... මේ වෙන කම් ඔය කිසිම විස්තරයක් දැනගෙන හිටියේ නෑ නේ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...