Friday, December 20, 2019

645. නිදිගේ නිවහනේ සුහද හමුව....


බොරැල්ල මංසන්ධියේ ඩියුරෝයි අවන්හල....

පහුගිය බදාදා ඒ කිව්වෙ දෙසැම්බර් එකොළහ ඇවිල්ල හිට පසළොස්වක පෝය....

ඊට දවස් තුනකට විතර කලින්... මට මතක විදිහට ඉරිද වෙන්න ඕන...අපගේ සන්මිත්‍ර ප්‍රාජේ මහතාණෝ මා ඇමතූහ. 

"රවී...අර සිරිබිරිස් මතකද?"

"සිරිබිරිස් කිව්වෙ?"

"අර ඔයාගෙ බ්ලොග් එකේ කමෙන්ට් එහෙම දාන්නෙ සිරිබිරිස් කියල..අන්න ඒකා.."

"ඉතිං?"

"සිරිබිරිස් මේ දවස්වල නිවාඩුවකට ඇවිල්ල ඉන්නෙ..ඉතිං ඔයාව හම්බවෙන්නම ඕන කිව්ව...."

"හරි...නෝ ප්‍රොබ්ලම්..අපි හම්බවෙමු..."

"මේ... අපි දෙතුන් දෙනෙක් මේ පෝය දවසෙ ලන්ච් එකට සෙට් වෙන්න හිතුව නිදිගෙ ගෙදර..."

"නිදි කිව්වෙ? අර නිදිගෙ පංච තන්තරේ ලියන්නෙ?"

"ඔව් ඔව්..එයා තමයි... නිමල් දිසානායක...සිරිබිරිස් තමයි වැඩේ ඕගනයිස් කලේ..ඉතිං මම කිව්ව ඔයාට නම් එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ කියල...මොකෝ කියන්නෙ එන්න පුලුවන්ද?"

"මේ දවස්වල නම් පොඩි ප්‍රශ්ණයක් තියනව ප්‍රා..මගේ භාර්යා තොමෝගෙ අක්කගෙ දුවට ඩෙංගු හැදිල ටිකක් විතර සීරියස් කේස් එක..."

"ආ...එහෙමද?"

"ඔව් මාතලේ හොස්පිට්ල් එකේ ඉන්නෙ අයි.සී.යූ. එකේ.."

"ඇත්තද?"

"ඔව්..ඒ හින්ද මට එන්න වෙන එකනම් කියන්න අමාරුයි ප්‍රා.."

"හරි හරි. ප්‍රශ්ණයක් නෑ..ලබන වීක් එන්ඩ් එකේ නෙවෙයි ඊලඟ වීක් එන්ඩ් එකේ විතර මම කොහොමත් නුවර පැත්තෙ එන්නයි හිතාගෙන ඉන්නෙ...මම සිරිබිරිස්ටත් කිව්ව මා එක්කම ගිහෑකි කියල.."

"අන්න හොඳයි ප්‍රා..අපි එහෙනම් එතකොට හම්බවෙමු..අපේ ගෙදර ඇවිල්ල ඔය බත් ටිකක් එහෙම කාල..දන්නෙ නැද්ද..හෙහ්..හෙහ්....."

ප්‍රා කතාකරන වෙලාවෙත් මම හිටියෙ මාතලේ...අර මම කිව්ව අක්කගෙ දුවට ඔය ඩෙංගු වලට ඉතාම ගුණදායකයි කියන පාරම්පරික සිංහල වෙද මහත්මයකුගෙ බෙහෙතක් අරගෙන ගිය ගමන්...ඒ වෙද මහත්මය ඉන්නෙ මාතලේ ඇල්වල... ඔය නා නා ප්‍රකාර පාරම්පරික ප්‍රතිකාර ක්‍රම ගැන මගේ ඒ හැටි විශ්වාසයක්නම් නෑ. ඒත් ඒ එක්කම අපි නොදන්න දේවල් බොහොමයක් මේ ඉර හඳ යට තියෙන්න පුලුවන් කියන එක මම ඉතා දැඩිව විශ්වාස කරනව 

Reality is not only stranger than we suppose but stranger than we can suppose.
- J. B. S. Haldane

ඉහත උද්ධෘතයට උදාහරණ ලෙස මෙන්න මේ සබැඳි වලට ගිහිල්ල පොඩ්ඩක් බලන්න...



මේ "Universe is a computer simulation" තියරි එකේ බොහොම සිත් ඇදගන්නාසුළු අපෝහනයන් කීපයකුත් තියනව. එකක් 2016 අමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නොසිතූ වීරූ ලෙස ජයගැනීම. මේ තියරි එකෙන් කියන්නෙ Computer simulation එක මෙහෙයවන Supreme beings හිතමතාම ට්‍රම්පච්චිව ජයග්‍රහණය කෙරෙව්වයි කියල. 

ඒ කියන්නෙ ඒ වගෙ අනපේක්ෂිත සංසිද්ධියකට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද? ඒ වගේම දීර්ඝ කාලීනව එහෙම දේකින් ඇතිවන හොඳ හෝ නරක ප්‍රතිඵල කොහොම වෙයිද? කියල නීරීක්ෂණය කිරීමයි ඔවුන්ගෙ අභිප්‍රාය. අන්න එහෙමයි ඒ තියරි එකෙන් කියන්නෙ. පිස්සු පීකුදු නේ? ඔය Brexit අර්බුදයත් එහෙම එකක්ලු.

ඒ තියරි එකේ කියවෙන හැටියට අර Supreme beingsල කරන්නෙ මනුෂ්‍ය වර්ගයා Extreme Conditions භාජනය කරවල ඒ ඒ තත්වයන්ට මුහුණ දෙන්නෙ කොහොමද? කියල අධ්‍යයනය කරන එක. 

ඉතිං ඔය තියරි එක ගැන ගැඹුරට කල්පනා කරද්දි මට එක පාරටම මෙහෙම කල්පනාවකුත් ආව. දෙයියෝ සාක්කි මේ වසවර්ති මාරයො නොවැම්බර් 16 වෙනිද ලංකාවෙ මිනිස්සුන්ගෙන් 69 ලක්ෂයකගෙ මොලේ විකෘති කලා වෙන්න බැරිද? කරුණු කාරණා සිද්ධ වෙච්චි හැටියටනම් Most probably that's what happened on that day. There is no other rational explanation for that collective madness of majority of Sri Lankans.

හරි මගේ තියරි ගැන ඒ ඇති...හෙහ්...හෙහ්...

හැල්ඩේන්ගෙ උද්ධෘතයට අමතරව තවත් මෙහෙම දේකුත් තියනව. ජීවිතේ අපිට ඕන හැටියටම කටයුතු කරන්න බෑ. ඉතිං තමන් අවට ඉන්න ඥාතීන් හිත මිත්‍රාදීන්ගෙ අදහස් උදහස් වලටත් අනිවාර්යයෙන්ම සවන් දෙන්න එව්වට ඉඩ දෙන්න වෙනවාමයි තමන් කැමති උනත් අකමැති උනත්..ජීවිතයට ඉඩ දෙන්න කියල කියන්නෙ අන්න ඒකට කියලයි මම හිතන්නෙ.

"මේ අර ඇල්වල වෙද මහත්තයෙක් ඉන්නවලු ඩෙංගුවලට බෙහෙත් දෙන. එයාගෙ බෙහෙත් ආය නෑ ටක්කෙටම හරියනවලු. ඔයාට බැරිද ගිහිල්ල ඒ බෙහෙත් බෝතලයක් අරගෙන එන්න?..."අපේ බිරින්දෑ තොමෝ එහෙම කිව්වම ආය මොකෝ මට බැහ් කියන්නයැ... නැද්ද?

ඔය ඇල්වල වෙදමහත්තයගෙ බෙහෙතට අමතරව මම ගිය අඟහරුවාද හවස අර වේවැල්දෙණියෙ හාමුදුරු කෙනෙක් තෙලක් හදල දෙන්නෙ නලල දෙපැත්තෙ ගාන්න ඩෙංගු වලට..අන්න ඒ බෙහෙත් තෙල් කුප්පියකුත් අරගෙන ආව.

ඉතිං අර ඇල්වල බෙහෙතෙ බලයෙන්ද, වේවැල්දෙණියෙ තෙලේ බලයෙන්ද, නැත්නම් ඉස්පිරිතාලෙ ප්‍රතිකාරවල බලයෙන්ද, එහෙමත් නැත්නම් ඒ තුනේම ඒකාබද්ධ බලයෙන්ද, නැත්නම් ඔය තුනෙන් දෙකක බලයෙන්ද කියන්න දන්නෙ නෑ පොඩි එකීට අඟහරුවාද වෙනකොට සෑහෙන ගුණයක් තිබ්බ. 12 ට බැහැල තිබ්බ ප්ලේට්ලට් කවුන්ට් එක ආයම 22 ට වගෙ වැඩිවුනා. දැන් බයවෙන්න දෙයක් නෑ කියලයි ඉස්පිරිතාලෙන් කිව්වෙ.

ආ..මට කියන්න අමතක වුනා ප්‍රා කතා කරපු වෙලාවෙ මම සිරිබිරිස්ගෙ නම්බර් එක ඉල්ලගෙන සිරිබිරිසට කතා කලා. 

"මේ මිස්ට සිරිබිරිස්ද?"

"ඔව්ව්ව්..කව්ද මේ?"

"මම මේ රවි කියල කෙනෙක්..අර නිදහස් සිතුවිලි කියල බ්ලොග් එකක් එහෙම ලියන්නෙ..අන්න ඌ...."

"ආ..මේ රවි අයියනෙ..ඉතිං අයියෙ කොහොමද?"

සිරාටත් මම කිව්වෙ ප්‍රාට කියපු එකම තමයි. පෝයදා සුහද හමුවට බොහෝවිට එන්න බැරිවෙයි කියල..

ඉතිං අඟහරුවාද ඒ කියන්නෙ පෝය දවසට කලින් දවසෙ අක්කගෙ දුවගෙ තත්ත්වය හොඳ අතට හැරුනම මම තීරණය කලා නිදිගෙ නිවහනේ පහුවදා පැවැත්වෙන සුහද හමුවට සහභාගි වෙන්ට ඕමනයි කියල. මම ඒ ගමන ප්‍රා සහ සිරාට දැනුම් දුන්න "Hey guys I am coming after all " කියල...

ඒ කරල පේරාදෙණිය ස්ටේෂන් එකට ගිහිල්ල උදේ 6.15 ට කොළඹ යන ඉන්ටර්සිටි එකට ටිකට් එකක් ගත්ත. පහුවදා පෝය හින්ද අවුලක් නෑ ටිකට් තිබ්බ. නැත්නම් ඔය ඉන්ටර්සිටි එකේ ඔය හදිස්සියට ටිකට් ගන්න එක බොරු.

මම කොහොමත් පුලුවන් තරම් දුම්රියේ තමයි ගමන බිමන..මගෙ දැන් කාලෙක ඉඳල තියනව දණිස් අමාරුවක්. දකුණෙ විශේෂයෙන්ම. වැඩේ කියන්නෙ මගෙ දණහිසටත් මගේ වයසමනෙ. නිකමට හිතල බලනනකො මේ අවුරුදු 56 ක දීර්ඝ කාලය තුල ඔය දණහිස කී පාරක් නම් නැවෙන්න ඇත්ද? කීපාරක් නම් දිග ඇරෙන්න ඇත්ද? ගෙවල් වල දොර සරනේරු අවුරුදු උපරිම අටක් දහයක් යනකොට මැදින්ම ගලවල යන විදිහට අපේ දණිස් ඔහොම තියන එකත් ලොකු දෙයක්නෙ නැද්ද මං අහන්නෙ?

ඉතිං කෝච්චියෙ යද්දි තියෙන චාන්ස් එක තමයි දණිස් රිදීගෙන රිදීගෙන එනකොට ටිකක් සීට් එකෙන් නැඟිටල එහාට මෙහාට ඇවිදල කාරිය පොඩ්ඩක් හිරි ඇර ගන්ට තියෙන හැකියාව. එහෙම නැතිඋනත් පොඩි එකා කාලෙ ඉඳලම මම ප්‍රබල දුම්රිය ලෝලියෙක් (A train buff)

මරදානෙන් බැහැල මම රාජගිරියට 176 බස් එහෙක නැඟල ආව. 176 හෙට්ටියාවත්ත-කරගම්පිටිය බස් කාලයක් මගේ ලඟම හිතවතුන් වෙලා තිබුන. ඒ ඉස්කෝලෙ යන දවස්වල. 

රාජගිරියෙ ඉඳල මහරගම නිදි නොහොත් නිමල්ගෙ ගෙදරට මම ආවෙ ප්‍රා එක්ක. නිමල් ගෙ නිවහනට මම යනකොට උදේ 10වත් වෙලා නැහැ. දිවා ආහාරයට තැනකට යද්දි උදේ දහයට යන සිරිතක් නම් නෑ. ඒත් ඉතිං මක් කරන්නද? 

ඉතිං අපේ සුහද හමුව ඉතාම සාර්ථක ලෙස පැවැත්වුනා. මම ප්‍රා සහ සිරිබිරිස්ට අමතරව අටමා සහ කොළොම්පුරේ සහභාගි වුනා අපේ බ්ලොග් සගයින් හැටියට. ඊට අමතරව නිමල්ගෙ බාල සහෝදරයෙක් සහ නිමල්ගෙ තවත් හිත මිතුරන් තුන් හතර දෙනෙකුත් සාදයට එක්වුනා.

ඉතිං හවස පහ වගෙ වෙනකල් සාදය බොහොම උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා.සුහද සාකච්ඡා, විහිලු තහලු, විවේචන, අගය කිරීම්, ආගිය තොරතුරු කතා බහ මෙකී නොකී සියළු දෑ....

මෙව්ව ඔක්කොම අවසානයෙ ආපහු ගෙදර යන්නත් එපාය...මහරගම - මහනුවර බස් සේවයක් පැවැත්වෙන බව මම දැනගෙන හිටිය. ඒ හින්ද සිරිබිරිස් මල්ලි එක්ක මම ගිහිල්ල මහරගම බස් ස්ටෑන්ඩ් එකේ බැස්ස. 

මගෙ වෙලාව කියන්නෙ තව විනාඩි පහළවකින් ඒ කියන්නෙ 5.45 ට මහනුවර යන අන්තිම බස් එක පිටත්වෙන්ට සූදානමින් බස් ස්ටෑන්ඩ් එකේ ගහල තිබ්බ. එදා පෝය නිසා වෙන්න ඕන සෙනඟ හිටියෙම නැති තරම්. සිරිබිරිස් මා එක්ක බස් එක ලඟටම ආව. ඌට "බායි බ්‍රෝ.. සී යූ අගේන්..." කියල මම නැඟල ජනේලයක් අයිනෙ සීට් එකක් බලල ඉඳ ගත්ත.

අප්පමාදෝ අමරපදං වෙලා හිටිය හින්ද සීට් එකේ ඉඳගත්ත විතරයි මට කට කපල නින්ද ගියා..කොන්දොස්තර ඇවිල්ල මාව ඇහැරවල ටිකට් එක දුන්න. සල්ලි දීල ඉවරවෙලා මම ආයම නිදාගත්ත. 

අවුරුදු තිහකට වගෙ ඉස්සර ඒත් ඔහොම බීල බස් එකේ යන්ට ගිහිල්ල මට වෙච්චි විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරි සීන් එකක් කියන්ට ඕමනයි කියල මම කල්පනා කලා හුදී ජන පහන් සංවේගය උදෙසා...

ඒ මම මහවැලියෙ ඉන්න කාලෙ...අපේ යූනියන් එකේ වාර්ෂික මහ සභාව පැවැත්වෙන්නෙ කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි හොරස්කෝප් එකේ නොහොත් මහවැලි කේන්ද්‍රයෙ. 2105 දි පැරදිල ගෙදර ගිය මරාගෙ ආණ්ඩුවෙන් නෙළුම්පොකුණ මාවත කියල නම වෙනස් කලේ ඔන්න ඔය ආනන්ද කුමාරස්වාමි මාවතේ තමයි. ආනන්ද කුමාරස්වාමි කියන්නෙ කවුද? ඒ මනුස්සය අපේ රටට කල සේවය කොතරම් වටිනවද? කියල අඳෝ සංසාරක් නොදන්න ගොං හරක් පාලකයො හැටියට පත් උනහම ඔහොම දේවල් වෙන එක ආය පුදුම වෙන්ට දෙයක් නෙවෙයි. හරි එව්ව ඇති. ආපහු මගෙ කතාවට යමු.

ඉතිං අදාල දවසෙ ඒ.ජී.එම්. එක ඉවරවෙලා අපි හතර පස් දෙනෙක් බොරැල්ලෙ ඩියුරෝයි රෙස්ටෝරන්ට් එකට විත්ඩ්‍රෝවුනා. පහුගිය පෝය දවසෙ මම මරදානෙ ඉඳල රාජගිරියට යද්දි දැක්ක දැං එතන ඩියුරෝයි එක තිබ්බ තට්ටු දෙකේ බිල්ඩිම සම්පූර්ණයෙන්ම කඩල දාලද කොහෙද..වටේටම තහඩු වලින් වැටක් ගහල තිබ්බ..මොකක් හරි තට්ටු දහයක දොළහකවත් බිල්ඩිමක් අලුතින් ගහනව වෙන්නැති.

ඉතින් කොහොම හරි පහට වගෙ පටන් ගත්තු වැඩේ ඉවර වෙනකොට නමයත් පහුවෙලා. කට්ටියටම හොඳ ගණං...ගෙවල් වලට යන එවුන් "හරි මචං එහෙනං සී යූ" කියල ගෙවල් වලට ගියා. මායි තව එකෙකුයි 103 බස් එකක් නැඟල කොටුවට ගියා. ඌ මයියංගනේ යන්ට ඕන. පිටකොටුවෙ දි "යන්නම් බං.." කියල ඌත් යන්ට ගියා. 

මමත් බැරි මරගාතෙ බෑග් එකත් කරේ දාගෙන (මම වැලිකන්දෙ ඉඳල ඊට කලින් දවසෙ පිළිමතලාවෙ අපෙ ගෙදර ඇවිල්ල එහෙ ඉඳල උදේ පාන්දර තමයි කොළඹ ආවෙ. දැන් මේ රෑ බස් එකේ පොළොන්නරුවට ගිහිල්ල උදේ පාන්දර වැලිකන්දෙ යන්නයි යන්නෙ ආපහු වැඩට) පොළොන්නරු බස් එකකට ගිහිල්ල නැඟ ගත්ත. නැඟල සීට් එකක පත බෑවෙනව විතරයි මතක කට කපල නින්ද ගියා. 

ඊට පස්සෙ ආයම ඇහැරුනේ කොන්දොස්තර කොලුව ඇවිල්ල ටිකට් දෙන්න උරහිසෙං අල්ලල හොල්ලද්දි.

"කොහාටද?" ඌ ඇහුව..

"මේ..මේ..මේ..කදුරුවෙලට.." මම කිව්ව..

පොළොන්නරුව නව නගරය තියෙන්නෙ කදුරුවෙල...මම උකුලෙ තිබ්බ බෑග් එක බිමට දාල යම්තමට පස්ස උස්සල පිටිපස්සෙ සාක්කුවෙ තිබ්බ පර්ස් එක අරගෙන මොකක් හරි ඒ දවස්වල තිබ්බ ලොකු නෝට්ටුවක් දුන්න. මට මතක විදිහට පන්සීයක්ද කොහෙද...

කදුරුවෙලට ඒ කාලෙ ඕනනම් වැඩිම රුපියල් හැත්තෑවක් නැත්නම් අසූවක් වෙන්න ඇති බස් ගාස්තුව.

කොන්දා කරපු වැඩේ දන්නවද? මට ටිකට් එක දීල.."මහත්තය මට පන්සීයක්නෙ දුන්නෙ..ටිකට් එක අසූවයි. එතකොට ඉතුරු හාරසිය විස්සයි.... මෙන්න ඉතුරු සීයයි...දෙසීයයි....තුන්සීයයි...හාරසීයයි හාරසිය දහයයි...හාරසිය විස්සයි" කියල බස් එකටම ඇහෙන්ට මහ හයියෙන් ගණං කර කර කර ඉතුරු සල්ලි මගෙ අතට දුන්න..කොන්ද සීයයි කියල මහ හයියෙන් කියල මට සීයෙ කොළයක් දෙනව..මම බිම බලාගෙන ඒක අරගෙන සාක්කුවෙ දාගන්නව..දෙසීයයි කියල ආයම සීයෙ කොළයක් දෙනව..මම ඒකත් අරගෙන සාක්කුවෙ දාගන්නව...ඔන්න ඔහොමයි වැඩේ සිද්ද වුනේ...හපොයි...

එහෙම දීල ඒ වලවෙට්ටුව මෙහෙමත් කියාපි... "මේ වගෙ මහත්තුරු ඩෝප් හිඳුනම ආයම ඉතුරු සල්ලි ඉල්ලල මගෙ ඇඟට ගොඩ වෙනව..මම ඒ වගෙ පරිප්පුවක් එක පාරක් කෑව. ඒ හින්ද මම කරන්නෙ බස් එකේ කාටත් ඇහෙන්ට ගණං කර කර තමයි ඉතුරු සල්ලි දෙන්නෙ.."

මම නේද මට නෙවෙයි වගෙ ආයම ඉස්සරහ සීට් එකට ඔලුව ගහ ගත්ත. ඒ වෙනකොට කොන්දගෙ කතාවට මගෙ ඩෝප් හිඳිලයි තිබ්බෙ. ඒත් ඒ ඔලුව ගහගත්තු එක ආයම ඔලුව ඉස්සුවෙ කදුරුවෙලටම ඇවිල්ල..අන්න එහෙමයි අපි...හෙහ්...හෙහ්...

49 comments:

  1. //මහවැලි හොරස්කෝප් එක//?
    මේක බිග් සෑන්ඩ් හොරස්කෝප් එකනේ !!!!
    මාසෙකිං හමාරකින් මගේ ප්‍රියතම බ්ලොගයයන්ට පිළිතුරක් ලියනවා තියා කියවන්නවත් වෙලාවක් තිබුනේ නැහැ. අන්ලිමිටඩ් ඩාටා, විවිධ වර්ගයේ කොම්පියුටර් තිබුනාට කාටවත් විසඳන්න බැරි පළමුවන ලෝකයේ ප්‍රශ්නයක් වන දවස පැය විසිහතරකට සීමා වීම මේකට හේතුවයි. ඊයේ අපි නත්තල කැඩූ නිසා (Christmas Break) නැවත ඒක හදන තුරු සති කිහිපයක් (ගෙදර මැනේජර් ගේ අනුමැතියට යටත්ව) නිදහස තියේවි.

    පොළොන්නරු බස් එකේ කොන්දොස්තර කරපු දේ කිහිප ආකාරයකින් විග්‍රහ කරන්න පුළුවන්. ඔයා බීලා කියලා වටේටම නෝන්ඩි කිරීමත්, තව වරක් ඉතුරු සල්ලි ඉල්ලීම වළක්වන්නත්, එහෙම ඉල්ලුවොත් සාක්කි ලබා ගැනීමත්, බීපු මිනිහාට ලැජ්ජා කරලා වෙරි බැස්සවීමත් ඔක්කොම එකවර සිදුවෙනවා.

    ඔයා 'පාටියට ගියා', 'විනෝද උනා', 'නැවත ගෙදර ගියා' කියලා වාක්‍යය තුනකින් මේ පාටිය පිළිබඳව ලිව්වාට, අටුවා, ටීකා, ටිප්පණි, ගැටපද විවරණ සහිතව "නිදිගේ non alcoholic version" එක අපිට ළඟදීම කියවන්න ලැබේවි කියලා පතනවා .

    ලබන්නාවූ නත්තලටත්, 2020 නව වසරටත් සුභ පැතුම්.!!!!

    ReplyDelete
    Replies
    1. sam,

      /මේක බිග් සෑන්ඩ් හොරස්කෝප් එකනේ !!!!/

      Yes, Big sand Horoscope, Joy prince master I face,

      /ඔයා බීලා කියලා වටේටම නෝන්ඩි කිරීමත්, /

      පොරගෙ කතා විලාශය සහ ස්වරය අනුව මට හිතුනෙ මේක තමයි ප්‍රධාන අභිප්‍රාය වුනේ....

      / "නිදිගේ non alcoholic version" එක අපිට ළඟදීම කියවන්න ලැබේවි කියලා පතනවා ./

      මගේ පැතුමද එයමයි...

      /ලබන්නාවූ නත්තලටත්, 2020 නව වසරටත් සුභ පැතුම්.!!!!/

      බොහොම ස්තූතියි සෑම්, ඔබටද පවුලේ සැමටද සුබ නත්තලක් සහ සෞභාග්‍යමත් නව වසරක්!!!

      Delete
  2. 'කතා මැද කතා' තමයි හරිම ලස්සන !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයා මහත්මයා...:)

      Delete
  3. ඹබව හමුවන්න ලැබිමත් සතුටක්. ඇත්නේම සොදුරු පැය කිහිපයක් ගෙවුනා. පරක්කුවි ආවට සමාව ඉල්ලන්නත් මේ හමුව සංවිධානය කල ප‍්‍රාටත් සිරිබිරිස්ටත් අටමාටත් කෑමෙන් සංග‍්‍රහ කරපු දයාබර නිමල් අයියාටත් ඔහුගේ මිතුරන් දෙන්නා වු නෙවිල්ටත් ගවින්ටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අසංග,

      ඔබ හමුවීම මටත් සතුටක් මල්ලි...;)

      Delete
  4. සැහ්... මට එන්ඩ බැරි උනා

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ඒකනෙ බං....අටම එහෙම කිව්ව උඹ එන්නමයි හිටියෙ කියල...

      Delete
  5. මං හිතුවෙ කොන්දොස්තර බස්එකටම ඇහෙන්ඩ පන්සීයක ඉතුරු සල්ලි දීලා තියෙන්නෙ රවි දීපු දාහෙ කොළේකට කියල.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      අඩේ එහෙම කලානම් මළ කෙළියයි නේද? මට අතින් කෙලෝගන්නයි වෙන්නෙ..මොකෝ ඩෝප් හිඳිල උගෙං ආය ඉල්ලන්නය?

      Delete
  6. ඈ යකෝ එතකොට බිව්වට පස්සේ බස් එකේ යනකොට දනිස් අමාරු හැදෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. "Red wine has a compound in it called resveratrol, which has well-established anti-inflammatory effects. Studies have shown wine consumption is associated with a reduced risk of knee OA, and moderate drinking is also associated with a reduced risk of RA." ......(Selective quoting. Don't read the rest of it ! :-D )
      https://www.arthritis.org/living-with-arthritis/arthritis-diet/best-foods-for-arthritis/best-beverages-for-arthritis.php


      Drink Up! Alcohol as Medicine Through History - Medscape
      https://www.medscape.com/features/slideshow/alcohol-medicine

      Delete
    2. kumara,

      බිව්වට පස්සෙ මොන දණිස් අමාරුද බං? හැබැයි එදා මම එහෙමකට බිව්වෙ නෑ. ආපහු යන්න තියෙන නිසා බොහොම කොන්ට්‍රෝල් එකෙ බිව්වෙ...

      ඒත් අඩේ උඹ කියනකොට තමයි මතක් උනෙත් බස් එකේදි දනිස් අමාරුව ආවෙ නැහැනෙ. හැබැයි බස් එක පැය බාගයක් විතර නවත්තල තිබ්බ කරවනැල්ලෙ තේ තේ බොන අයට තේ බොන්ට සහ රෑට කන අයට රෑට කන්ට..මම ඒ වෙලාවෙ නැඟිටල එහෙම මෙහෙ ඇවිද්ද...මම හිතන්නෙ දණිස් අමාරුවක් ආවෙ නැත්තෙ ඒ හින්ද වෙන්න ඇති..

      අනික එදා පේරාදෙණියෙන් බහිනකොට රෑ දහයයි. පෝය හින්ද ත්‍රී වීලර් එකක්වත් නෑ. ඒ පාර හඳ පානෙ පයිම්ම ඇද්ද පැණිදෙණියට..කිලෝ මීටර් තියනව දෙකක් තුනක් වගෙ..මඟ දිගට කොල්ලො තාප්ප වල චිත්‍ර අඳිනව..එව්වත් බල බල ආතල් එකේ ගියා.

      කොල්ලන්ගෙ චිත්‍රවල ෆෝටෝ දෙක තුනක් අරගෙන මේ පෝස්ට් එකට දානට තිබ්බ කරුමෙ කියන්නෙ ෆෝන් එකේ බැටරිය ඩෙඩ් ඒ වෙලාවෙ..අහෝ දුකකි! ඉරකි! තිතකි!

      Delete
    3. Pra,

      Thanks Pra...You are a real expert in justifying anything...Ha. Ha..Ha.. No wonder you are doing very well in your profession...:)

      Delete
    4. Yes of course. That's his profession.

      Delete
  7. දනිස් අමාරු, ඩෙන්ගි කොහොම වෙතත් ඩිමෙන්ශියා හැදෙන එකක් නෑ වගේ රවිට.
    හැදුනත් අතින්දාල ලියන්න කියන්න පුලුවන්නෙ. අලුතින් ඉගනගන්න තියන දෙයක්යැ.

    ReplyDelete
    Replies
    1. Pra,

      Selective dementia and Inherent embellishment...:)

      Delete
  8. මේට්‍රික්ස් මූවීස් බලල ඇති නේද?
    //It depicts a dystopian future in which humanity is unknowingly trapped inside a simulated reality, the Matrix, created by intelligent machines to distract humans while using their bodies as an energy source.//
    https://en.wikipedia.org/wiki/The_Matrix

    ReplyDelete
    Replies
    1. Pra,

      මම බලල තියනව..ඔය Simulation theory එක ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් උදාහරණයට ගන්නෙත් ඒ මූවී එක..

      Delete
  9. රවි අයිය කොලම එනකොට මං කොලඹින් යනව. අපි දෙන්න මූනට මුලිච්චි වෙන්නත් ඇති නේ. මාත් ඔයා වගේම කෝච්චි ලෝලියෙක්. බස් එකේ ඉඳගෙන යනවට වඩා කෝච්චියෙ හිටං යන එක හොඳයි කියල සමහර වෙලාවට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      එහෙනම් මල්ලි උඹ එන කෝච්චිය මඟදි සයිඩ් ගහල ඉන්න ඇති ඉන්ටර්සිටියට ඉඩ දීල...:)

      Delete
  10. මට විතරමයි වගේ හමුවෙලා නැත්තෙ... මේ විදියට බැලුවම.

    ReplyDelete
    Replies
    1. තරූ,

      හරි හරි බං දුක් වෙන්න එපා..අපි හමුවෙමු දවසක...:)

      Delete
  11. Merry Christmas and Happy New Year 2020 !!!

    ReplyDelete
  12. මේකේ ඇනෝ කොමෙන්ට් ඔන් කරහන් බං රෙද්ද.

    ReplyDelete
  13. මටත් බොහෝ කාලයක් තිස්සෙ හිතෙන දෙයක් තමයි අපි මේ ඉන්නෙ කාගෙ හරි පරියේෂනාගාරෙක කියන එක.

    ReplyDelete
    Replies
    1. සුරා,

      යස්, ඒ තියරි එක ගැන කියවනකොට යකෝ ඇත්තම තමයිනෙ මේ කියන්නෙ කියල හිතෙනව...

      Delete
  14. මවුබිමට සැපත් උනාට පස්සේ ලියන්න හොරයි වගෙයි මටනම් පේන්නේ .ඔය කම්මැලිකම අතහැරලා ඉස්සරවගේ දෙකක් දාගෙනහරි ඇෂ්ටි හැලෙන්න ලියල අපේ ලේ පිරිසිදු කරන්න . ඒක හරිම පිං වැඩෙන දෙයක්.අඩුම ගානේ සතියකට එක බ්ලොග් සටහනක් .මෙය කාරුණික ආයාචනයක් .ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. town,

      ඔව් බං ..ආවට පස්සෙ ලියන එක බොහොම මන්ද ගාමි වුනා..මමත් හිතාගෙන ඉන්නෙ කොයි මක් කරල හරි තව මොන මොනවහරි ලියන්න ඕන කියල තමයි..

      බොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට...

      Delete
    2. විනෝදය ,සතුට ,මිනිසා ජිවත් කරවයි .ආයුෂ වර්ධනය කරවයි . රවි +තුමා මේ කරුණු දෙකම ඉටුකරන වෛද්‍යවරයෙක් සහ හත්ස්‍යපාදක රංගධරයකු යන චරිත දෙක තුලම තුලම ජිවත්වන චරිතයකි .මේ කරන්නාවූ මහගු කාර්ය හේතු කොටගෙන අප සෞර්දයා සියක් වසක් ආයුලැබ මෙම බ්ලොගය තුලම තුලම ශිල්ප දැක්වීමට හේතු වාස වේවා වේවා !

      Delete
  15. අපිටත් ඔහේව කවද හරි හම්බවෙන්නෙ නැතැයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      උඹ වරෙන් මල්ලි නුවර පැත්තෙ...

      Delete
    2. ඩ්‍රැකී,

      අපේ ගරු සබාපතිතුමා කොහෙද බං ගිහිල්ල හිටියෙ?

      Delete
  16. මහවැලි හොරස්කෝප් +++++

    ReplyDelete
  17. මට මතක නෑ බං අයියේ ........... හරියටම කොතන ඉදලද දන්නවද ......... අනිත් අය කෑම කනකොට කොලොම්පුරයයි අපි දෙන්නයි තව එකක් කඩලා ගහන්ඩ ගත්ත තැනට පස්සේ ඉදන් ....... පව් නිමල් අයියට නෙවිල් අයියට ගවීන් මල්ලිට අප්පරමාන වදයක් දෙන්ඩ ඇති අපි .... ගෙදර ආපු විදිහ මතක නෑ ... සිල් ගන්ඩ ගිය ට්‍රීබල ඇවිත් හිටියේ නැ මම එනකොටත් .... ස්පැගදි පැකට් එකක් එකක් සහ චිකන් කෑල්ලක් අරං ආවා ගේ ලග කඩයකට ගිහින් .ඒක හදන ගමං සිරිබිරිස්ට කෝල් කලා ..... ඌ ආන්සර්කලේ නෑ ....... ඊටපස්සේ කතා කරන්ඩ බැරි උනා ...... මේක දැක්කට පස්සෙයි ආයේ ඌව උන්නද මලාද බැලුවේ නෑ කියලා මතක් උනේ ...... කාර්ය්‍ය බහුල ජීවිතේ ....... පෝයට විතරයි නිදහසේ ඉන්නේ .......... ( අර ට්‍රීබලත් පන්සලේනේ එදාට හේහ් හේහහ් ) ......... සිරිබිරිස් නැවත ගිහින් ඇති සමහර විට .... ඌ කොහොමත් එහෙමයි .......... හිටපු ගමං කතා කරනවා ..ආයේ අවුරුදු ගානකට නැති වෙනවා ....... ඒදා ඌට අපිව එපා වෙලා නැත්තං ආයේ ආවහම කතා කරයි ....... ඒ කොහොම උනත් නිමල් අයියට ඕක අමතකවෙනකං කතා කරන්ඩ නරකයි ....... අද හවස කොලොංපුරය කතා කලා .... නිමලා හොදටම දෙහිකපලා ඌට ....... මාව දැක්කද කියලා නිමලා ඇහුවොත් නෑ කියහං ........ උන්ගේ මල්ලි මරු ඩයල් එක නේ ..... ඇයි අර උන් දෙන්නගේ යාලුවා ..රතුපාට කලිසමක් ඇදලා හිටියේ .... ඌත් සුන්දර මනුස්සයෙක් ....... එදා අමතකනොවන දවසක් .... ඒ උනාට නිමලා හෙන වැරදියි බං ....... මල්ටිපල්මයෝලාමාවක් තියනවා .... අර පතසයිස් ගුරාමියට ...හරිනං නෙවිලයි පෝලයි එක්ක නිමලගේ දොස්තරලගටහරි ගෙනියන්න ඕන අන්න ඒකයි මං කියන්නේ ..... ඔන්න උඩින් එකෙක් ඇනෝ අරින්ඩ කියලා තියනවා ..... රංධිකාගෙන් මැරුං කන්ඩවෙන්නේ ........ උන්දැ දැං එකසිය ගානට මහනවා .... 8215ක් ගත්තනේ

    ReplyDelete
    Replies
    1. තවුසෙට තාම ඩෝප්දෝයි.

      Delete
  18. කොන්දා එහෙම කිවුවම අනෙක් අය ඉස්සි ඉස්සි බලන්ඩ ඇති මොකද මේ හයියෙන් ගනින්නෙ කියලා. මොනවා කරන්න්ද හුදී ජනයාට තියන එකම රථය බස් විතරයිනෙ.
    විචාරක දියනිය

    ReplyDelete
  19. උත්තරේ පොදුවේ ලියන්නේ තනි එක්කෙනෙකුට කිව්වොත් හරි නැති හින්දා.

    සෑම්, මේ ටිකේ වැඩ වැඩි නිසා අමද්‍යප අහිං ඒ පෝදා හමුව ගැන වෙනම ලියවෙන එකක් නැහැ. ලියන්න දේවල් ලක්මාල් ඉතිරි කරලත් නැහැනේ.

    අසංග, හිටහන් මහත්තයෝ.... තමුසෙට දෙස්ස කපපු එක මොකටද ලක්මාල්ට කිව්වේ? මන් 'අකල් මරණෙකට හවුල්වී' http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_70.html පෝස්ට් එකෙන් කියවුණු ඛේදවාචකයට පස්සේ අපේ ගෙදරදී සෙට් වෙන අයට වැටෙනකල් බොන්න ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන් බීලා වාහනයක් හරි මෝටර් සයිකලයක් හරි එලවාගෙන යන්න තියෙනවා නම්. (දැන් නම් මගේ නීතියට වඩා බලවත් වෙන නීති ක්‍රියාත්මක වෙන එක ගැන මටත් සතුටුයි.) වැඩියත්ම අසන්ගට දොස් පැවරුවේ ඒ හාදයට තිබෙන හිතවත්කමට. එයයි, ලක්මාලුයි දෙන්නම දෙදරු පියාලානේ.

    අන්තිමට වැඩේ බේරාගන්න වුණේ දෙවෙනි බෝතලේ කොටසක් 'රාජ සන්තක 'කරලයි.

    ලොකුම පරිප්පුව කන්න ඇත්තේ සිරිබිරිස් උන්නැහේ. ස්වේච්ඡාවෙන්ම ලක්මාල්ව එක්කන් එන- ඇරලවන රාජකාරියට ගියේ එයානේ.


    එක රහසයි මට හෙළි කරන්න තියෙන්නේ. එදා ස්ටෙලා වෙච්චි එක මහත්තයෙක් නම් මුලදී සුරාමේරය සමාදන් නොවී ඉඳලා අන්තිමට දෙකක් දාගත්තලු 'මේ කියන අඳෝනාවල් අහගෙන ඉන්න නම් දෙකක් දමාගෙන ඉන්න ඕනේ' කියලා.


    හැබැයි බීලා හිටියට මොකෝ කල්පනාව නැහැ කියලා සමහරු කියන කතාව පට්ට බොරු වගේනෙ. රතු කලිසම ඇඳලා හිටි ඩයල් එක සොමි තමයි. අරවින්ද ගැන මම කලින් කියල තියෙනවා මතකද?https://nidigepanchathanthare.blogspot.com/2019/08/desert-rose-reiki.html Desert Rose පොස්ට් එකෙන්...

    මාත් ඩ්රැකිවයි අතුල අයියාවයි දෙන්නව කිළුටු පොතට දමාගන්නවද කියලයි හිත-හිතා ඉන්නේ. (තාම මට කිළුටු පොතක් නැති එකයි පුරස්නේ!)

    මොනවා වුණත් බ්ලොගය ලියද්දී එදා එකතු වුණු දැනුම් සම්භාරය හෙළි වේවි, නිකම්ම.

    අනේ රවී. ගල් බෝලේ ගැන ලියනවා නම් පරෙස්සමෙන්! අපේ ජනාධිපති උත්තමයෙකුත් කිව්වනේ වතාවක් "මාව ඝාතනය කරන්න. ඒත් මගේ චරිතය ඝාතනය නොකරන්න" කියලා.

    ReplyDelete
    Replies
    1. මොකද, මගේ හිතවත් මිත්‍ර-ප්‍රතිරූප-කයෝ බ්ලොග් ලියන මගේ හිතවතුන්ට අයුතු බලපෑම් කරමින් ඉන්නේ මගේ ගැනත් ලියන්නය කියලා. මගෙත් ගොන්කමට එයාලව ඔයාලට අඳුන්නලා දෙනවා..... රැවටෙන්න නං එපා රජෝ!

      Delete
  20. අපි මේ ඉන්න විශ්වය කියන්නේ C- එකක් හම්බ වෙච්ච සක්වල ළමයෙකුගේ ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුළුවන් කියල මම එකක් දැක්ක .. හෙහ් හෙහ් ...

    අක්කගේ මහත්තයට ඩෙංගු හැදිච්ච වෙලාවේ අපිත් ඔය කියපු හාමුදුරුවන්ගේ තෙලුයි, අර හික්කඩුව පැත්තේ ඉන්නේ දොස්තර නෝනාගේ බෙහෙතකුයි ගෙනල්ල බොන්න දුන්න 10,000 ට අඩු වෙලා තිබ්බ කවුන්ට් එක දවස් 2ක් වගේ යද්දී වැඩි වුනා. අයි.සි.යු එකේ හිටපු දොස්තරලා මම තුන් වතාවක් විතර බෙහෙත් ටික බොන්න දෙනකම් බලන් ඉදල ඊලග වතාවෙදී ලගට ඇවිල්ල කිව්වා "ඔය සිංහල බෙහෙත් ජාති දෙන්න හදන්න එපා.. ඕවා දීලා වැඩක් නැහැ කියල... " හෙහ් හෙහ් ...කොහොම උනත් ලෙඩේ සනීප වුනා..

    රවියාව බලන්න මාත් එන්නම් ආයේ ආපු වෙලාවක ...

    ReplyDelete
  21. දණිස්ස: මං හිතන්නේ ඒක මිඩ්ල් ඊස්ට් පැකෙජ් එකේ බයි ප්‍රඩක්ට් එකක්. වතුරවල ප්‍රශ්නයක් වෙන්ටැති

    ReplyDelete
  22. රවි අයියෙ කො බන් උබ.අර අනන්‍ය කෙල්ලටත් වෙච්ච දෙයක් නැ නේද

    ReplyDelete
  23. මේ දවස්වල පවතින අවිනිශ්චිත තත්වය නිසා ගෙවල් වලට කොටුවී , හෙට ගැන සිතමින් මානසික ආතතියට පත්ව ඇති හුදී ජනයාට, සුළු මොහොතකට හෝ එම තත්වයෙන් මිදීමට උපකාර වනු වස් , බ්ලොග් පඩංගුව නැවත ලියන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  24. Great Article thank you for wrote this
    Invite all coming to srilanka most popular destination in yala national park

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...