Saturday, November 30, 2019

644. මැද පෙරදිගට ආයුබෝවන් සහ චිතගොං සිට කොල්කතා දක්වා ආදරය සොයා ගිය කරණවෑමියකුගේ කතාව…

අන්තිම දවසේ රිංකු සමඟ
මැදපෙරදිග වසර එකොළහක් ගත කරල පහුගිය මාසෙ ආපහු සිරි ලංකාද්වීපයට සැපත් වුනෙමි. වැඩේ සිද්ද වුනේ නොසිතූ නොපැතූ ලෙසට කියල තමයි කියන්න තියෙන්නෙ. මම හිතං හිටියෙ තව අවුරුද්දක්, උපරිම දෙකක් වගෙ ඉඳලම නැවත නොයන්නම ආපහු එන්නෙයි කියල. පහුගිය ජූලි මාසෙ වාර්ෂික නිවාඩුවට ලංකාවට ආපු වෙලාවෙ හම්බ වෙච්චි හිතමිතුරන්ටත් මම එහෙමයි කිව්වෙ..

එවුං හුඟ දෙනෙක් (විශේෂයෙන්ම මහවැලියෙ මා එක්ක වැඩ කරපු එව්වං) ප්‍රතිචාර දැක්කුවෙ මෙන්න මේ විදිහටයි.

"මොන මඟුලක්ද බං? උඹ හැමදාම කියන්නෙ ඔය බණේනෙ...තව අවුරුද්දයි මචං තව දෙකයි බං..කවද්ද බං ඔය කියන අවුරුද්ද හරි දෙක හරි ගෙවෙන්නෙ? මෙන්න මෙහෙ වරෙං බං ඔය මදැයි හිටිය......."

ඉතිං තව අඩුම ගානෙ අවුරුද්දක්වත් ඉන්නම්ය කියල හිතාගෙන ආපහු ගියාට ගිහිල්ල සතියක් යන්ට ඉස්සෙල්ල මගෙ අතිජාත මිත්‍රයෙක්වන අජිත් අභාවප්‍රාප්ත වෙච්චි ආරංචිය ඇහුවට පස්සෙ මගෙ හිත නිකං එක පාරටම අප්සට් ගියා. යකෝ මේ අපිට වැඩිය අතපය හයිය ඇතුව හොඳ උස මහතට හිටිය හැම්සන් හාදයා..ඔලුවෙ එක කෙස් ගහක් පැහිල එහෙම නෑ. මට වැඩිය අවුරුද්දක් වගෙ තමයි වැඩිමල්. 

ඉතිං අර ගහක් ගලක් වගෙ හිටිය අජිතයට එක පාරටම සිද්ද වෙච්චි දේ ගැන කල්පනා කරනකොට මටත් ඉබේටම වගෙ හිතුන යකෝ සාක්කි ජීවිතේ කියන්නෙ මොන තරම් අස්ථිර දෙයක්ද කියල. 

ඔය ජීවිතේ අනිත්‍යය කියන එක කොච්චරදෝ නම් මෙනෙහි කලා වුනත් තමංගෙ කිට්ටු ඥාතියෙකුට, නැත්නම් ඉතාම හිතමිත්‍රයෙකුට එහෙම දෙයක් උනහම තමයි ඒ කතාවෙ සනාතන සත්‍යය කිතුල් පොල්ලකින් ඔලුව මැද්දෑවට පත බෑව වගෙ සාක්ෂාත් වෙන්නෙ. දැන් ඉතිං වයසත් ඒ හැටි හොඳ වයසක් නෙවෙයි. අනික අසනීප කටයුතු, හන්දි කැක්කුං එහෙමත් ඕසෙට. එතකොට එන්න එන්න එලොවට කිට්ටුවෙනව මිසක මොකෝ ආය තිරිහං වෙන එකක්ය? 

ඔන්න ඔයාකාරව හිතමින් ඉන්දැද්දි මෙන්න අපේ කොම්පැණියෙ මානව සම්පත් කළමණාකරු නොහොත් එච්.ආර්.මැනේජර් ගොයිය මට පණිවිඩයක් එවල තිබ්බ ඇවිල්ල උන්දැව මුණ ගැහෙන්ටය කියල. මමත් ඉතිං උඩ තට්ටුවට ගිහිල්ල මනුස්සයව මුණ ගැහුන.

"Mr. Weerasinghe, I am really sorry…as two or three projects we were hoping to start within the next month or so have been put on hold, our management has decided to terminate some of our employees…"

"So you are saying…"

"Yes, unfortunately, you are also on that list..but we can extend your resident permit for another 2 or 3 months if you want to look for some other employment here…."

ඔක්කොම වෙන්නෙ හොඳටයි කියල හිතල මම ක්ෂණික තීරණයක් ගත්ත. 

"No, I will be leaving…."

ඉතිං ඔන්න ඔය විදිහට මම වසර එකොළහක විදේශ සේවයෙන සමුගෙන බෑක් ටු ශ්‍රී ලංකා සැපත්වුනෙමි.

කටාර්වල මට අමතකම කරන්ට බැරි මොකක්ද දන්නවද? හිනාවෙන්ට එහෙම ඔට්ටු නෑ හොඳේ…What I miss most about Qatar is a head massage…

එහෙ ඉද්දි මම දැන් අවුරුදු හත අටක් තිස්සෙම රැවුල සහ කොණ්ඩෙ කපන්ට යන්නෙ මම හිටපු එපාට්මන්ට් එකේ ඉඳල පයින් යන දුරින් ඒ කිව්වෙ මීටර් හාර පන්සීයක් එහායින් තියන කරණවෑමි හලකට නොහොත් බාබර් සාප්පුවකට. කේරළයෙක් තමයි ඒකෙ අයිතිකාරය. ඉන්දියන් සහ බංග්ලාදේශ් වැසියන් තමයි එතන වැඩකරන අයගෙන් බහුතරයක්.

එතන කරණවෑමියන්ගෙන් මා එක්ක බොහොම හිතවත් වුනා රිංකු කියල බංග්ලාදේශී/ඉන්දියානුවෙක්. ඒ කිව්වෙ මිනිහ උපතින් බංග්ලාදේශ්. ඉපදිල හැදිල වැඩිල තියෙන්නෙ තියෙන්නෙ චිතගොංවල. පස්සෙ මනුස්සය ඉන්දියාවෙ කොල්කතාවලට ඇවිල්ල පදිංචි වෙලා.ඒ ආදරයක් පසුපස ආපු ගමනක්. 

රිංකුගෙ පෙම්වතියගෙ මව්පියෝ සහ නෑදෑ සනුහරය මේ දෙන්නගෙ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා. මිනිහ මට ඒ විරුද්ධත්වයට හේතුවක් හරියටම කිව්වෙත් නෑ. මම හාර හාර ඇහුවෙත් නෑ. බොහෝ විට මට හිතෙන්නෙ කුළ කේස් එකක් වෙන්න ඇති. කොහොම හරි ඒ ගෑණු ළමයගෙ අම්මගෙ පවුලෙ හැමෝම වගෙ බංග්ලා දේශයෙන් පිටවෙලා සෑහෙන කාලයක් තිස්සෙ පදිංචි වෙලා ඉඳල තියෙන්නෙ ඉන්දියාවෙ කොල්කතාවල. 

සුද්දො ඉන්දියාව යටත් කරගෙන හිටපු කාලෙ කාලෙ කල්කටා කිව්වෙත් ඔය කොල්කතාවලටම තමයි. එහෙම සුද්දන්ගෙ කාලෙ භාවිතාවුනු නගර නාම බොහොමයක් එකදාස් නමසිය අසූ ගණං වල වගෙ ඉන්දීය ආණ්ඩුව වෙනස් කලානෙ. මැඩ්‍රාස්-චෙන්නායි, බැංගලෝර්- බෙංගලූරු, බොම්බාය-මුම්බායි, ඒ එහෙම උදාහරණ කීපයක්...

ඉතිං රිංකුගෙන් කෙල්ල බේරගන්න ඕන නිසාම කෙල්ලගෙ අම්මයි තාත්තයි පවුල් පිටින්ම ඇවිල්ල කොල්කතාවල පදිංචි වෙලා. රිංකුත් වැඩේ අත ඇරල නෑ. මිනිහත් කොහොම හරි අවුරුද්දක් දෙකක් මහන්සිවෙලා සල්ලි ටිකක් ඉතුරු කරගෙන කොල්කතාවටම ඇවිල්ල. කොහොම හරි අන්තිමට මේ යකාගෙන බේරෙන්නම බෑනෙව යකෝ..කියල හිතලද නැත්තං කෙල්ලගෙ අම්මටයි තාත්තටයි මේ මනුස්සය ගැන අනුකම්පා හිතිලද මන්ද  කැමැත්ත දීල. දැන් මිස්ටර් ඇන්ඩ් මිසිස් රිංකුට දරුවො දෙන්නෙකුත් ඉන්නව.

මම ඔය පස්පොළ කලුවෙන්ට ගත්තු කාලෙ ඉඳලම රැවුල කපන්නෙම බාබර් සාප්පුවකින්. අපෙ ප්‍රියම්බිකාතොමෝ එහෙමත් මට සෑහෙන්න වගපල කියනව "මොකක්ද අනේ මේ වැඩේ තේරුම? සතියකට සැරයක් බාබර් සාප්පු හොය හොය දුවන්නෙ..හැමදාම උදේට ගෙදරදි රැවුල කපාගන්ට පුරුදු වෙන්නකො..." කියල. 

ඒත් මට ඔය රැවුල කපන එක මහ මරන්නා වගෙ වැඩක්. ඊට වඩා කොච්චර පහසුද බලමුකො සනීපෙට පුටුවක් උඩ දිග ඇදිල ඉන්න ගමං බාබරය ලව්ව රැවුල කප්පව ගන්න එක.

මම ඔය බකමූණෙ ඉද්දි එහෙ ලර්නර්ස් එකක් කරපු කොලුවෙක් අපි එක්ක සෑහෙන්න පෑල් වුනා. අපි කිව්වෙ මතකනෙ ..මම සහ මගෙ මිත්‍රයා සුමනෙ...ඔය ලර්නස් පොරගෙ නම විජිත. විජිතගෙ යාලුවෙක් පස්සෙ විජිතගෙ ඇඳුනුම් කමට ඇවිල්ල බකමූණෙ බාබර් සාප්පුවක් දැම්ම..

"අයියා ඔන්න බලන්නකො වජිරයගෙ බාබර් සාප්පුවට ගිහිල්ල එක දවසක්..ඌ හෙඩ් මසාජ් එකක් දෙනව අයිය ආය නෑ ඇස් දෙකෙං කඳුළු පයිනව…" විජිතය දවසක් සුමනෙයි මායි එක්ක කිව්ව හවසක මධුර හෝටලේ කිඹුලෙක් කාල ටී එකක් ගහන ගමං..

"පලයං බං..මසාජ් වල මොනවද ආය ඔය හැටි අරුමෙ?...කොයි බාබර් සාප්පුවෙත් කරන්නෙ එකම මසාජ් එකනෙ බං.." මම එහෙම කිව්ව. 

"නෑ..නෑ..අයිය මම කිව්වට එක දවසක් ගිහිල්ල බලන්නකො..මූ සිංගප්පූරුවෙ බාබර් සාප්පුවකත් අවුරුදු තුනක්ද කොහෙද වැඩ කරල තියනව..සුපර් වැඩ කාරය ඔන්න බලන්නකො.."

ඉතිං විජිතයගෙ යාලුව වජිර බාබර් සාප්පුව ඇරියම මමත් ඌ එක්කම ගියා ඇරපුදාට පහුවදාම. අම්මට වූඩු කියල වැඩක් නෑ..ඈ..උගෙ මසාජ් එක තමයි මසාජ් එක..විජිතය කිව්ව වගේම කඳුළු පනිනව...මසාජ් එක ඉවර වුනාම ආය නෑ ඔලුවෙන් රැස් විහිදෙනව වගෙ දැනෙනව. ඔය බුදු හාමුදුරුවන්ගෙ එතකොට යේසුස් වහන්සෙගෙ ඔලුව වටේ අර චිත්‍ර වල එහෙම තියෙන්නෙ රැස් වලල්ලක් විහිදෙනව. අන්න ඒ විදිහමයි.

මට ඉතිං බකමූණෙං එන්ට උනාට පස්සෙ ඔය රැස් වලලු වැඩේ එහෙම්මම අහෝසි උනා. වජිරගෙන් පස්සෙ ඔය රැස් විහිදෙන්ට මසාජ් එකක් දෙන්ට පුලුවන් හාදයෙක් මට හම්බ උනේ ඔන්න ඔය රිංකු. ඔය රැස් විහිදෙන්ට මසාජ් එක දෙන අතරෙ තමයි මනුස්සය එයයිගෙ ජීවිත කතාව මා දැක්ක කිව්වෙ...

ඉතිං ඔය මගේ කරණවෑමි කතා කියල සීරීස් එකකුත් මම පටන්ගත්තනෙ. ඒත් ඒකෙ මට මතක විදිහට එපිසෝඩ් හතරයි නැත්නම් පහයි ලියන්ට උනේ. ආයම ඒ සීරීස් එක පටන් ගත්තහම රිංකු ඔහුගේ ආදර කතාව සහ ඔහුගේ රැස් විහිදෙන සම්බාහනය ගැන සවිස්තරව ලියන්නම්ය.

පලි- මම ආපහු ලංකාවට ඇවිල්ල පහුවදාම අර මොනවද බං උඹ කවද්ද ආපහු එන්නෙ දැං මදැයි ඔය හිටිය කියල නාහෙං අඬපු එකෙක්ට කෝල් එකක් ගත්ත…

"හලෝ.."

"හලෝ වීරෙ..උඹ ආයෙමත් ආවද? මෙච්චර ඉක්මනට?....අඩේ මේ ඊයෙ පෙරෙයිද නේද නිවාඩුවට ඇවිල්ල ආපහු ගියේ?"

"හුහ්...නිවාඩුවට ඇවිල්ල? නිවාඩුවට ඇවිල්ල තමයි..යකෝ උඹලගෙ ඇඬියාව හින්ද අන්න මට කෙලවුනා…"

"ඈ ඒ කොහොමද?"

"කොහොමද තමයි..ආපහු ගිහිල්ල සති දෙකයි ගියේ..උං මාව අස්කලානෙ.."

"නෑ?"

"නෑ නෙවෙයි ඔව්..අප්පෝ උඹල කොහෙද මෙතන පොළවෙ පස් කෑවනෙ ..ඒ මුස්පේන්තු කම හින්දම තමයි තමයි මට ටිකට් එක ඇදුනෙ...උඹල තමයි දවසකටවත් යාලුවො.."

"හෙහ්..හෙහ්..හෙහ්…"

47 comments:

  1. මල්ලි ආසද බාබර් කොන්ඩේ,රැවුල කපන ගමන් බාබර්ගේ ගැජට් එක මල්ලිගේ ඇඟේ අතුල්ලනවට?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බාබර්ගෙ ගැජට් එක මගෙ ඇඟේ ඇතිල්ලුවහම ඌට මිසක මට අහවල් සොමියක්ද මෝඩයො?

      Delete
  2. අවුරුදු එකොළහක් කියන්නේ සෑහෙන කාලයක් නේද? මොනවද යකෝ ඔයතරම් තියන හංදි අමාරු. මේසෙ ඉදගෙන කොම්පියුටරයට කොට කොටා ඉන්න කොට කොහොමද හන්දි රිදෙන්නෙ? තාම හැට පැනලත් නැති එකේ.මම නම් එකම එක වතාවක් රැවුල කැපුව සැලූන් එකකින්.එච්චරයි. ඒක නෙමෙයි දැන් වත් අර බාගත්ත ලියපු කතන්දර ටික ඉවර කරන්න බැලුවොත් නරකද? දැං ඔහු රිංකි කොන්ඩේ කපන්නේ කෙස් ගස් ගාන ගනන් කරලද?

    ReplyDelete
    Replies
    1. කුමාර,

      /අවුරුදු එකොළහක් කියන්නේ සෑහෙන කාලයක් නේද?/

      ඔව් බං අවුරුදු එකොලහක්ය කියන්නෙ සෑහෙන කාලයක් තමයි..මුලින්ම යනකොට ගණං හදාගෙන ගියේනං අවුරුදු දෙකක් එහෙ වැඩකලාම හොඳටම ඇතිය කියල..ඒත් ඉතිං තව අවුරුද්දයි තව අවුරුද්දයි මේ අවුරුද්දෙන් පස්සෙ නම් යන එක යනවමයි කිය කිය ඉඳල නොදැනිම එකුන් දොළොස් වසරක් ගෙවුනනෙ.

      /මොනවද යකෝ ඔයතරම් තියන හංදි අමාරු. මේසෙ ඉදගෙන කොම්පියුටරයට කොට කොටා ඉන්න කොට කොහොමද හන්දි රිදෙන්නෙ? /

      එහෙම එක තැනම ඉබ්බ තිබ්බ වගෙ තුංකුදු ගැහිල ඉන්නකොට තමයි හන්දිපත් රුදාව හැදෙන්නෙ. ඔය ජන්සන් අරව මෙව්ව ටිකක් දිගඇරිල එහාට මෙහාට ඇඹරෙනවනම් එව්වහෙ ජොයින්ට්ස් වලට තෙල් එහෙම වැටිල අපූරුවට වැඩ කරන්ට ගන්නව...

      /ඒක නෙමෙයි දැන් වත් අර බාගත්ත ලියපු කතන්දර ටික ඉවර කරන්න බැලුවොත් නරකද? /

      ලියන්ට ඕන බං ලියන්ට ඕන ලියන්ට ඕන...:)

      Delete
  3. අපේ ෆොටෝ එක එන්ලාජ් කරල බැලුවහම කොන්ඩේ පේනවනේ.

    ReplyDelete
    Replies
    1. kumara,

      පේනව..පේනව...මොකෝ නැතුව....යස අගේට පේනව...

      Delete
  4. කටාර් වලට වඩා ලංකාවෙ පඳුරු තියෙනවනෙ තවම. ඒ හින්ද දැං ඉතිං එක කතාවක් පටං ගන්නම මාස දෙක තුනක් යයි මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගරු සභාපති තුමා,

      එච්චර කාලයක් යන එකක් නෑ බං..මේ ටිකේ දන්නෙ නැද්ද ඔය ගෙදර අනම්මනම් රෙපයාර් වැඩ ටිකක් තිබ්බ..දැං එව්ව එකලාසයක් වෙලයි තියෙන්නෙ...:)

      Delete
  5. අඩේ කල්ප කාලාන්තරේකට පස්සෙ බ්ලොග් එකක් කිවයන්න ආව මදැයි මේං ලොක්කයිය සිරිලංකාවෙ.. බයි ද වේ මරු කාලෙ බොට එන්ඩ වුණේ

    ReplyDelete
    Replies
    1. ජානුස්,

      මොකෝ බං මරු කාලෙය කිව්වෙ?...බයි ජයග්‍රහණය ගැන හිතලද?

      Delete
  6. //සුද්දො ඉන්දියාව යටත් කරගෙන හිටපු කාලෙ කාලෙ කල්කටා කිව්වෙත් ඔය කොල්කතාවලටම තමයි. එහෙම සුද්දන්ගෙ කාලෙ භාවිතාවුනු නගර නාම...//

    සුද්දෝ කොල්කොතා කල්කටා කළා වගේම චිතගොං කරලා තියෙන්නේ චොට්ටොග්‍රාම් කියන එක. චොට්ටොග්‍රාම් වෙලා තියෙන්නේ ඡත්තග්‍රාම කියන එක වෙන්න පුළුවන්. ඡත්තලාගේ ගම. චත්තෝපාධ්‍යලා, චත්තජීලා (පස්සේ ඉංග්‍රීසි ඌරුවට චැටර්ජී) වගේ අයගේ සම්භවය ඔය පැත්ත.

    ReplyDelete
    Replies
    1. ඉකෝන්,

      බොහොත් තෑන්ක්ස් ඉකෝන්..අර චිතගොං නමේ මූලාරම්භයෙ කතාව මම අහලම තිබුනෙ නෑ...තව තියනව එහෙම එව්ව...බන්දෝපාධ්‍යාය-බැනර්ජී, ඨාකුර්-තාගෝර්

      Delete
  7. කටාර් එකේ හෙඩ් මසාජ් එක දුන්නු කෙනා කෙස් ගස් ටිකත් ගලවගෙනද කොහෙද... අනේ පව් රවියා... ඒකෙ තව මොනවදෑ අප්පේ කපන්න තියෙන්නෙ?
    මොනවා උනත් රවියගෙ 'එයා' නම් දැන් හරිම සන්තෝසෙන් ඇති.

    ReplyDelete
    Replies
    1. මියුරු,

      /කටාර් එකේ හෙඩ් මසාජ් එක දුන්නු කෙනා කෙස් ගස් ටිකත් ගලවගෙනද කොහෙද./

      හෙහ්..හෙහ්..එහෙමට ඌට ගලවන්නය කියල කෙස් තිබ්බෙ නෑ බං මගෙ තට්ට ගෙඩියෙ...:)

      /මොනවා උනත් රවියගෙ 'එයා' නම් දැන් හරිම සන්තෝසෙන් ඇති./

      ආය මොනවද? ඒ යෝදි බොහොමත්ම සන්තෝස උනා..කොටින්ම ප්‍රීතියෙන් පිනා ගියා...

      ඇවිල්ල දවස් දෙකයි නිවී සනසිල්ලෙ ඉන්න දුන්නෙ...වැඩ ලිස්ට් එකක්ම දුන්න...

      පයිප්ප ලීක් රෙපයාර් කෙරිලි, වහලෙන් තෙමෙන තැන් හැදිලි...මල්පෝච්චි එහාට මෙහාට උස්සගෙන යෑම් (උදේට අව්වෙ තියන්ට ඕන කියල ගේ ඉස්සරහිං ගිහින් තියනව, එකොලහ වෙනකොට අව්ව සැරවැඩියි කියල ආපහු ගේ පිටිපස්සෙං ගෙනත් තියනව) මිදුලෙ තණකොළ ගොල්ලෙ අනවශ්‍ය වල් පැළෑටි ගැලවීම් (තුං ඉරිය, තුනැස්ස ගිරාපලා ආදී මෙකී නොකී කුදු මහත් සියළු වල් පැළෑටීන්) දිනපතා මිදුල අතුපතු ගෑම්...

      ඔය මගෙ රාජකාරි ලැයිස්තුවෙන් බොහොම සේසයක්...

      Delete
  8. අවුරුදු එකොළහක්ම වැඩ කරපු රට දාලා එනකොට මහා දුක්බර බවක් දැනෙනවා තමයි. වරක් මටත් ඔය වගේ ගතියක් තිබුනා. ඒ උනත් ටික දවසක් යන කොට අමතක වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      ඔව් අනේ කොහෙ උනත් සෑහෙන කාලයක් ගත කරපු තැනක් දාල එනකොට කොහොමත් දුකයි තමයි. ඒත් ඉතිං මිනිස්සු කියන ජාතිය බොහොම ඉක්මනට නව පරිසරයට හැඩ ගැහෙනවනෙ..මම හිතන්නෙ ඒක පරිණාමීය ගති ලක්ෂණයක්..

      Delete
  9. මේ ඊයේ පෙරේදා රවියා හොයාගෙන ඇවිත් කාලෙකින් ලියලා නෑ කියලා දැක්කම හවුල්කාර බ්ලොගිගෙනුත් ඇහුවා රවී තුමා කෝ කියලා.
    කිව්වත් වගේ වෙච්ච දේ කොයි පිට පෙරලුනත් හොඳයි කියලා ඇක්සෙප්ට් කරපු එකම හොඳයි. ඔය සමහර පරණ බ්ලොග් ඈයෝ වගේ රවී තුමාටත් බැරියෑ දේශපාලනේ ගැන ලියන්න. ඒවට යහමින් ගෙවන අවක් තමයි ඒ අය දඟළන හැටියෙන් පේන්න තියෙන්නෙත්. ඒ ඈයොන්ට වඩා අපේ රවී තුමාට ඇශ්ටි හැලෙන්න ලියන්නත් පුළුවන් එකේ ඔන්න ඔහේ එහෙම ජොබක් වත් බලමු ;)
    හෙ හෙ හෙ...

    ReplyDelete
    Replies
    1. රංගි,

      ඔහෙගෙ අයිඩියාර් එකත් නරකම නෑ..බලමු ..බලමු...:)

      Delete
  10. රිංකු බාබරයා මුකවාඩමක් දාගෙන ඉන්නේ ඔලුවෙන් රැස් විහිදෙ ජාතියේ හෙඩ් මසාජ් දාන කොට රවි ගොයියාගේ ඉතිරි කෙස්ගස් ටිකත් ගැලවිලා ගිහින් නහයේ කටේ යන හින්දා වෙන්ටෑ.

    ReplyDelete
    Replies
    1. අසංග,

      එහෙ බාබර්ල අනිවාර්යයෙන් මුකවාඩම් දාන්නම ඕනෑ...

      Delete
    2. ඔය ඉන්දියන් කාරයෝ විටකාලා කතා කරනකොට තොග් තොග් ගලා කෙල විසි වෙන හින්දා වෙන්ටෑ මුකවාඩම් නීතිය දාන්ට ඇත්තේ.

      කොහොම නමුත් ඔහේටත් ලංකාවට ආවට පස්සේ අර හැලපකඩේ හැලපයියාගේ ලිවිල්ල නතරවුනාසේ නොවේවා.

      Delete
  11. https://en.wikipedia.org/wiki/Halo_(religious_iconography)

    //When the sun-god's followers were converted to Christianity, the depictions of Apollo were simply renamed to be depictions of Jesus, and it eventually became common practice for all depictions of Jesus to include this halo or nimbus. Later, the practice extended to depictions of Mary, the saints, angels, and other holy figures. //
    https://rbutterworth.nfshost.com/Lies/HolyHalo/

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      සිරස වටා රැස්මාලාවෙ පුරාවත හෙළිකිරීම පිළිබඳව ඔබට ස්තූතියි...:)

      Delete
  12. පස්පොල කියන්නෙ මොන මොන තැන්ද?

    ReplyDelete
    Replies
    1. සුවාරපොල
      වාරියපොල
      පට්ටිපොල
      වෙළඟපොල
      කොටපොල

      Delete
    2. පල නෙමෙයි ඩෝ පොල.. පොල

      Delete
    3. ඩ්‍රැකී,

      පස්පොළ කළු වෙන්නෙ යොවුන් වියට එළඹෙනකොට...අටේ නමයෙ පන්තිවලදි අපට ගණිතය උගන්නපු පුංචි නිලමෙ මහත්තය අපිට වේවැල්පාර දෙන්නෙ "උඹලට පස්පොල කලුවෙනකොට ඉතිං ඉන්ට බෑ ඉතිං ඉන්ට බෑ..නලියනව..නලියනව.."කියල බැන බැන..

      පස්පොල කියන්නෙ

      1.උඩුතොල සහ නිකට
      2. සහ 3.කිහිලි දෙක
      4.පපුව
      5.කිරිපල්ල

      Delete
  13. ඔය වගේම රැස් විහිදෙන මසාජ් එකක් දුන්න අපේ පැත්තෙ උන්න වික්‍රම කියල බාබර් කෙනෙක්. පට්ටයි ඈ... පොර ගාව මෙනු එකක් තිබුණා තෝරගන්න - ඇක්ස් ඔයිල් / විටමින් ඊ සහ ඔලිව් ඔයිල් / නිකං මසාජ්... ආදී වශයෙන්

    ReplyDelete
    Replies
    1. බේරම් සහ පොරව ඔයිල් තමයි අපේ බුවා නං

      Delete
    2. ඔව් ඔව්... බේරම් මසාජ් එකකුත් තිබුණා උගෙ මෙනූ එකේ

      Delete
    3. ඩ්‍රැකී,

      මගේ හැමදාම තේරීම නවරත්න තෛලය....අන්න තෙල...

      නවරත්න තෙල දාල විනාඩි පහක් මසාජ් කරනකොට අම්මට වූඩු හචිස් හචිස් හචිස් ගාල එක දිගටම යනව කිඹුහුං හතක්..ඊට පස්සෙ ඔලුව කාරිය සැහැල්ලුවෙලා එනව ආය නිකං දිවිය ලෝකෙ ගියා වාගෙ ෆීලිං එකක්..ඕල්මෝස්ට් ලයික් ඇට් තව්තිසා...

      Delete
    4. ප්‍රසන්න,

      බේරම් මම දන්නෙ නැහැනෙ..වට්ස් දැට් ප්ලීස්?

      Delete
    5. ඔහේ දැං ලංකාවෙනෙ ඉන්නෙ. ඔය සැලුන් එකට ගිහිල්ල අහපුවම පෙන්නයි බේරම් කියන්නෙ මොනවද කියල.

      Delete
    6. https://en.wikipedia.org/wiki/Bay_rum

      Delete
  14. Replies
    1. එදිරි,

      එහෙනං එහෙනං..මේ මක්ක දොඩනවයි ඔහේ?

      Delete
  15. පස්පොල කලු වෙන්නෙ කාන්තාවන්ගෙ කියල තමයි අහලනං තියෙන්නෙ....අනේ මංද ඉතිං අබුද්දස්ස කාලෙ ලබුත් තිත්ත ලු නෙ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      ඈහ්? එහෙමද? කොහෙ කොහෙද ඒ ?

      Delete
    2. දෙපොළක් කෙස් නැතුවම කළු වෙනවද මන්දා කාන්තාවොන්ගේ :))))

      Delete
    3. කමිතුමා හරි....කිහිලි, දෙතන පුඩු සහ රහසග පෙදෙස කියලයි අහල තියෙන්නෙ නං

      Delete
  16. පලවෙනි වතාවටද මන්දා සමීප රුපයක් දැම්මේ.. එකපාරක් කුකුලේගඟ ප්‍රොජෙක්ට් එකේ පොටෝ එකක් දැම්ම මතකයි අච්චන් එකක්.. දැන් ඉතින් පාරක තොටක දැක්කොත් අඳුනා ගන්න පුළුවන් වෙයි.. :))

    ඒක නෙවෙයි.. ලංකාවට ඇවිල්ල විශ්‍රාම සුවයෙන්ම ඉන්නෙයි කල්පනාව? සෙට්වෙමුද කොහෙට හරි ආයෙම? මොකද ගෙදර කියල හැමදාම ඉන්න පුළුවන් එකක්යැ?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...