Monday, September 14, 2020

655. පුවක් එෂැණිං - 54 ….සාහිත්තිය මාසේ හොයාගෙන කියවන්න සුදුසු පොත්...........



මෙන්න ළමායි සාහිත්‍ය මාසයට කියවීමට මගේ නිර්දේශ...


1. "බයියන් ඇන්දවීමේ කලාව" - ඇම්. රාජපස්ස 

මැදමුලන කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රාජපස්ස මහතා වසර පණහකට අධික කාලයක සිට බයියන් ඇන්දවීමේ කලාව ප්‍රගුණ කළ ප්‍රාමාණික විද්‍යාර්ථියෙකි. අද මුළු මහත් ලෝකය පුරාම එම විෂයය පිළිබඳව ඉහළම දැනුමක් ඇති ඒ විද්වතෙකු ලෙස දෙස් විදෙස් ගෞරව සම්මන ලබන ඒ මහතා මියයනතෙක්  බයියන් ඇන්දවීමේ කලාව ප්‍රගුන කිරීමට අපේක්ෂා කරන බව පසුගිය දිනෙක පැවසීය.


2."ජිහ්වයෙහි අස්ථි රහිතවීමේ වැදගත්කම සහ සැපවත් අනාගතයකට ඉන් ඇති ප්‍රයෝජන" - සම්මානිත මහාචාර්ය ජී. ඇල්. පී. රිස් මහතා

තම විෂයයට පරිබාහිර වුවද දිවෙහි ඇටනැතිවීම පිළිබඳව 1994 වර්ෂයේ සිට දැඩි උනන්දුවක් දක්වන මහාචාර්ය පී. රිස් මහතා ඒ පිළිබඳව අඛණ්ඩ පර්යේෂණයන්හි නිරතවෙමින් සහ එයින් මනා ප්‍රයෝජන ගනිමින් සිටින අතර සැපවත් දිවියකට ඇට නැති දිව යොදාගන්නා ආකාරය පිළිබඳව නොමිලේ දේශන මාලාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.


3. "අත් වැරදීම් වළක්වා ගන්නේ කෙසේද? How to avoid hand mistakes"  - කාර්ය මණ්ඩලයට උපදෙස් 

තම ආයතනයන්හි කාර්ය මණ්ඩලය උදෙසා ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව  විසින් ඒකාබද්ධව ප්‍රකාශයට පත්කල උපදෙස් සංග්‍රහයකි.


4. "ඉල්ලා අස්වීමේ විවිධ ක්‍රම අනූ නමයක්" - ආර්. වික්කරමසිංහ. 

රාජකීය විද්‍යාලයේ අපකීර්තිමත් ආදි සිසුවකු වන වික්කරමසිංහ මහතා  එහි ආදර්ශ පාඨය වන ඩිස්කේ අම්මට ඩිස්කේ ඩේ   යන්න පවා අම්මට හිXX ඉබ්භේ සේ නොහොත් අම්මට අහවල් වැඩේ කලත් ඉබ්බා තිබ්බා සේ කාගෙන හිටහං ලෙස වෙනස් කල මහඟු නැණවතෙකි.


5. "දේශප්‍රේමයේ නව ප්‍රවණතා - පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනුවත් වුවද විපක්ෂයේ බැවින් ඒ පිළිබඳව මුඛය සහ අධෝමාර්ගය වසාගෙන සිටීම" - ඇම්.වයි. අබේවර්ධන


6. "ටූල්ස් භාවිතයෙන් පැනික් වීම වළක්වා ගැනීම" - ඇන්.ජී. රාජපස්ස


7. "මව්පියන් හෝ භාරකරුවකු නොමැතිව මහමඟ අතැර දමා ගිය  ව්‍යවස්ථා සංශෝධනයක්  ඔබට හමුවුවහොත් අනුගමනයකල යුතු ක්‍රියාමාර්ගය" - ජාතික ළමාරක්ෂක අධිකාරියේ සහ පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයේ ඒකාබද්ධ ප්‍රකාශනයකි.


8. "පාර්ලිමේන්තුවේදී තම අසුනේ හිඳිමින්ම ස්නානය කරන්නේ කෙසේද?" - ඒ.ඇන්. කබ්රාල්.


9. "වයස්ගත වීමේදී කශේරුකාව සුනම්‍යව පවත්වාගැනීමට ව්‍යායාම මාලාවක්" - ජොස්තර ඒ. පාදඩදෙණිය


10. "Selfish gene and Slavery gene - A lethal combination  - A comprehensive study of the extraordinary behaviour of Bayiyas of Sri lanka" -  A research paper published by R. Dawkins Foundation


11."මහා කාරුණික මැදමුලනේ මහින්ද මහරජාණන්ගේ චරිතාපදානය" - ඇම්. අබේතිස්ස

ඇම්. අබේතිස්ස චීවරධාරී මහතාණන් විසින් රචිත ඇම්. මහින්ද නිරිඳුන්ගේ චරිතාපදානය දහම්පාසල් ධර්මාචාර්ය විභාගය සඳහා අතිරේක පාඨ ග්‍රන්ථයක් ලෙස අනුමත වී ඇත. ඇම්. මහින්ද නිරිඳානන් කොපමණ දුරට ධර්මයෙහි හැසිරෙන්නෙක්වේද යත් තමන් ඝාතනයට සතුරන්ට උපකාර කල එක් කෙළෙඹි පුත්‍රයෙකුහට පවා සමාධිය භජනය කලේ පමණක් නොව ඔහුට අමාත්‍ය තනතුරක්ද ප්‍රදානය කළේය. සියළු බෞද්ධ දුවා දරුවන්හට උදේ සවස කියවීමට සුදුසු මහාර්ඝ ග්‍රන්ථ රත්නයකි.


12. "පොළවේ පයගසා සිටිනා බාලිකාවියන් සහ පරිධිය දෙස නොබලා න්‍යාෂ්ඨිය දෙස බැලීම" - ඇස්. අරඹේපොළ මහත්මිය විසින් රචිත යොවුන් නවකථාවකි- කියත්මඟ ප්‍රකාශණයකි.


13. "Comprehensive instructions on how to use Tools without entering into panic mode" - N.G. Rajapakse


14. "I prefer Doing the impossible rather than taking the  easyway"- B.R. Rajapakse

ඉතා පහසුවෙන් කල හැකිව තිබූ අමරිකානු පුරවැසිභාවය අත්හැරීම වෙනුවට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම වන් අසීරු ඉලක්කයක් තෝරාගෙන එම ඉලක්කය සාර්ථක ලෙස සපුරාගත් අපේ කාලයේ විශ්මකර්මයාගේ ජීවිත අත්දැකීම් - කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ බි.ආර්. ප්‍රකාශකයින්ගේ කුටියෙන් ඔබට ටෙන් පර්සන්ට් කොමිස් එකක් සහිතව  මිළදී ගත හැක. එදිනම රාජපස්ස මහතාගේ මට මගේ නොවන මගේම මන්දිරයක් තිබුනා සහ මට මගේ නොවන මගේම වියවස්තාවක් තිබුනා යන ගීත අඩංගු සී.ඩී. තැටියද ජනගත කරනු ඇත.


15. "බුවනෙකබා රාජසබාව, ඩෝසර් සහ නගරාදිපතිගේ මයිල් ගස්"- ඉන්ද්‍රජාලික යථාර්තවාදී කෙටිකතා සංග්‍රහය - සම කතෘවරු ජේ. ප්‍රනාන්දු සහ ටී. ධම්මික 

10 comments:

  1. ඇස්ටි හැලෙන්න දීලා නේද. මන් ආවා serious පෝස්ට් එකක් වෙන්න ඇති කියලා හිතලා. Superb, Ravi.

    ReplyDelete
    Replies
    1. @ Loටස්,
      අනේ මේ මනුස්සය ලියන සීරියස් පෝස්ට් අපි නොදන්නවැයි.

      Delete
  2. මේ පොත් පෙළ ලිවිම සඳහා භාවිත කර ඇති මූලාශ්‍ර සියල්ලම අකාරාදී ක්‍රමයට පළකරන්නේනම් අගමුළ පටලවාගෙන සිටින පාඨකයින්ට වැඩිදුර කරුණු සොයා ගැනීම පිණිස පොඩි පහේ 'Reference' එකකුත් කරගන්නට හැකි වේවි.

    ReplyDelete
  3. අරහේ එකක් කියවල මෙහෙට ආවේ. ලේසි පාසු නෑ පොත් කන්දරාව

    ReplyDelete
  4. ?
    සමහර පොත් වල ටයිටල් එක ප්‍රින්ට් කරන්න පිට කවර දෙකක් විතර ඕනෑ වෙයි නේද බ්‍රෝ?

    ReplyDelete
  5. හැටනම ලස්සයක් මුද්‍රණය කරනු එම සියලුම පොත් පළමු දිනයේදීම විකිණී අවසන්ව ඇති බැවින් දෙවන මුද්‍රණය සැප්තැම්බර් 22 දින දියවන්නා පොත් හලෙන් BYPEOPLE සදහා නොමිලේම බෙදා දීමට තීරණය කර ඇති අතර අනෙක් ඇට දෙලස්සය සදහා එම පොත් මුදලට හෝ නොවිකුණන ලෙස එම පොත් කත්තුරු වරුන් විසින් සියලුම පොත් කඩවලට අනක්ඥාවක් නිකුත් කරනු ලැබ ඇත .

    ReplyDelete
  6. ඔයි පොත් කල් පවතින විදියටද නිමාව? නිතර පෙරලන්ට වෙනවනේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...