Sunday, September 27, 2020

656. පුවක් එෂැණින් - 55 - පොල් ආතල්....


Image From Internet

අම්මාපල්ල ඊලඟ පාර අපේ ගොට්ට මාත්තය ජනාදිපති චන්දෙට ඉදිරිපත් උනොත් මම නං චන්දෙ දෙන එකත් දෙනව. ඇයි යකෝ රට සංවර්දනේ කොරන එක කාට කොරන්ට බැයිද? (එකෙක්වත් නොකරන එක වෙනම කතාවක් හෙහ්..හෙහ්...)...ඒත් මෙහූ ආතල් දෙන්ට පුලුවං වෙන කාටද දෙයියෝ සාක්කි...මේ යක්සය නියම ජොලි බඩුවක් නෙව. අන්න අර Standup Comedy  කියන Concept එක තේරෙන්න   නැහ්නං ඒ උදවිය අපේ ගොස්ටා සේර්ගෙ කතාවක් එහෙම නැත්තං ඔය ජනහමු අරව මෙව්වට ගිහිල්ල නොමිලේම දෙන ආතල් බලාපල්ල...හොඳේ...

අලුත්ම ආතල් එක ඇවිදිල්ල හිට පොල් ආතල් එක. ඒ නියෝගෙ නිකුත් කොරල තියෙන්නෙ අර පාරිබෝගික අදිකාරියෙ සබාපති කොමට පත්කරපු පැන්සන් පලච්ච ආමිකාරය...පොරම තමයි අර එක පාරක් ඩඩ්ලි ලොක්කගෙ හාල් මෝලට පැනල යකා නැටුවෙ...ජොලි පොර…

හැබැයි ඔය පැන්සන් ගිය ආමි කාරයො එක එක තනතුරුවලට දාගත්තම තියෙන අවුල තමයි ඔය යක්කුන්ට ප්‍රායෝගික පැත්ත ගැන මේ ලෝකෙ අවබෝදයක් නැති එක..ඒක වෙන්නෙ මෙහෙමයි..ආමි එකේ ඔපිසර කෙනෙක් කියන්නෙ ඉතිං අතට පයට සියලු දේ ලැබෙන පොරක් නෙව. නෑ බෑ කියන වචනවල තේරුමවත් ඔය යක්කු දන්නෙ නෑ. 

නියෝගයක් නිකුත් කලාම ඒක එහෙම කරන්නෙ කොහොමද? ඒක කලොත් මෙහෙම වෙයි එහෙම ප්‍රස්න කරන්ට කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ. කොහොමහරි වැඩේ කරනව එහෙමයි ආමි එකේ තියරිය. ඒක ආමි එකට අවුලක් නෑ. ඒත් රිඹ යන්නෙ ඔය යක්කු සිවිල් ආයතනවල සබාපතිල වෙලා අර ආමි එකේ විදිහටම නියෝග නිකුත් කරන්ට ගියාම. 

දැං අපි බලමු අර පොල් සීන් එක..වට ප්‍රමාණය අඟල් 13 පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල මෙච්චරයි...අඟල් 12 පොල් ගෙඩියක මෙච්චරයි..අඟල් 11 ගෙඩියක මෙච්චරයි කියල නියෝග නිකුත් කරන්ට ඉස්සෙල්ල එහෙම නියෝගයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්ට පුලුවන්ද කියල හිතල බලන්ට එපාය. අර මම කලින් කිව්ව ආමි මානසිකත්වය තමයි ඔතනදි එළියට එන්නෙ. ප්‍රායෝගික අපහසුකම් මට වැඩක් නෑ....කොහොම හරි කරපල්ල...හෙහ්...හෙහ්....

ඔය විදිහට  වටප්‍රමාණය අනුව තෝරල පොල් විකුණන්ඩ නං ඉතිං ඔය උඩ තියෙන ෆොටෝ එකේ වගෙ වළලු තුනක ගැජමැටික්ස් එකක් පොල් වෙළෙන්දො වෙළෙන්දියො ගාව අනිවාර්යයෙන් තියෙන්න ඕන...ඔයිට වැඩිය කොච්චර අපූරුද පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70 කියල කිව්වනම්...එතකොට ලොකු පොල් ඒ ගාණට සහ ඊට පොඩි පොල් අඩු ගණං වලට වෙලෙන්දො විකුණයි මිනිස්සු ගනියි. කොහොමත් ඔය අඟල් ගාණට මිල පාලන නියෝගය එන්ඩ ඉස්සෙල්ල උනෙත් එහෙම තමයි...


10 comments:

  1. Extreme micro management.

    වියත්තු ගොඩක් උපදෙස් දෙන ආණ්ඩුවක් නේද? වියත්තු නෙවෙයි බඩගෝස්තර මග කියල කිව්වනම් වඩා හරි.

    ReplyDelete
  2. මහ පොළොවේ පය නොගසා
    ජන හදවත් ගැන නොතකා
    ඉන්න එවුන්ගෙන් විමසා
    කරවන රට, නටයි යකා

    ReplyDelete
  3. අඩු ගානෙ බොට බ්ලොග් එකේ ලියන්ඩ මාතෘකා හදල දෙන එක ගැන හරි අපි ආණ්ඩුවට කුරුතඤ්ඤ වෙන්ඩ ඕනෙ (අර රොමාගෙ වාසනාව පොතේ තියෙනව වගේ)

    ReplyDelete
    Replies
    1. කුරුම්බා වෙන්ඩ ඕනෙ?

      Delete
    2. දැං දැං කුරුම්බ එහෙමත් හන්දිවල තියාගෙන විකුණනව පේන්ඩ තියෙනව...

      Delete
    3. කවුද යකෝ පොල් ගණං කාලෙ කුරුම්බ කඩන්නෙ.

      Delete
    4. ඉස්සර අපේ ගමේ තිබ්බ පොල් වතුවල, පොල් ගස්වල නයි ඇඳල තිබ්බා.

      Delete
  4. බය වෙන්ඩ එපා 69 ලක්ෂයක් ඔකට කැමතියි නොවැ. බඩ ගැන හිතන්නෙ නැතුව රට ගැන හිතනව තිවුවනෙව.
    විචාරක දියණිය

    ReplyDelete
  5. This is the result of paper qualified people entering into higher positions.
    Ch is working according to these officers’ advices.
    Paper qualifications are acquired paying fees & getting exam assignments done through third parties.
    There are lot of advertisements in weekend papers to do the assignments for a fee.
    If not these qualifications are made in China; low quality.
    Still they take you to higher positions.
    So officers are busy collecting paper qualifications during working time without working.
    People who are actually working and therefore have s good experience in the job are ignored for promotions for they do not have paper qualifications.
    It is not that officers are not working ,they have no knowledge to work.
    Or do these kind of things (pol fun)
    Govt should act swiftly to asses one’s true work experience and give promotions.

    ReplyDelete
  6. අපිට තියෙන ආදරයක්.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...