Friday, October 9, 2020

657. පුවක් එෂැණිං - 56 - චීන ආතල්....




ඔබද ලස්සපති මමද ලස්සපති තරඟයේ මෙන්න ඔබට ලැබෙන ඊලඟ ප්‍රශ්ණය.... 

ලොව පුරා විශාල කෝවිඩ් අවදානමක් තිබියදී සහ විශේෂයෙන් ලංකාවේ කෝවිඩ් පැතිරීම යලි උත්සන්න වෙද්දී චීනයෙන් ඉහළ පෙලේ රාජ්‍ය දූත පිරිසක හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීමට හේතුව මින් කුමක් විය හැකිදැයි ඔබ සිතන්නේද? 

A. චීනයේ උත්තරීතර නායක සී ජිම් පිම් මහතාගේ එකම දියණියට සුදුසු මනාලයෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීම 

B. කෝවිඩ් වසංගතය හේතුකොටගෙන අමරිකාවට සිදුවූ අලාභය චීනය ගෙවිය යුතු බවට අමරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇති නිසා එම වන්දි මුදල ගෙවීමේදී යම් සහනයක් ලබාගතහැකිදැයි ට්‍රම්ප් මහතා සමඟ සාකච්ඡා කරන ලෙස කීර්තිමත් ඇමරිකන් පුරවැසි බැසිල් රාජපස්ස මහතාගෙන් ඉල්ලා සිටීම 

C. ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ රාජසන්තක කල චංචල දේපල ගබඩා කිරීම සඳහා ජනාධිපති තුමාගේ මිරිහානේ පිහිටි නිවසේ ගෙවත්තේ විශාල වෙයාහවුස් මාදිලියේ බඩු ගබඩාවක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම 

D. චීනය විසින් ක්‍රියාත්මක කරන බඳපටි සහ පාරවල් ක්‍රියාන්විතය (Belt and Road Initiative) අනුව ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රධාන මාර්ග දෙපස බඳපටි වෙළඳසැල් පිහිටුවීම සඳහා ආධාර සැපයීමේ ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කිරීම.

4 comments:

  1. උත්තර හතර නම් චෝයි, රවි. Option no. 4 කියවද්දි මැරෙන්න හිනා ගියා, ඇත්තටම ඔය බය්යො කියන ජාතිය Belt and Road Initiative එක දන්නෙ නැති වෙන්නත්, දැනන් හිටියත් ඒ දන්නෙ ඔය උත්තරේ තියෙන විදිහටමත් වෙන්න පුලුවන් බොහෝ දුරට. ඒ ඇරත් උන්ට ඕවා ගැන වගේ වගක් නැහැ. ඇස් කරකව කරකව, කටවල් උල් කරගෙන ස හරි අප්පොච්චිව හරි උඩ දාගෙන හිටියාම ඉහටත් උඩින්.

    ReplyDelete
  2. මා කල්පනා කළේ බහු වරණ ප්‍රශ්නය තව දුරටත් උසස් මට්ටමකට ගෙන යාමටයි. ඒ සඳහා ප්‍රශ්නයේ ආසන්න පිලිතුරු පහක් තිබිය යුතු බවයි. මේ සඳහා මා යෝජනා කරනුයේ Belt and Road Initiative වැඩ සටහන අම්පාරේ සිට පුත්තලමටත් දීර්ඝ කිරීමයි. එසේ කළ විට එය " X " අකුරක හැඩය ගන්නවා. එම හැඩයේ තව තේරුමක් ගත් විට වැඩ සටහන ඉබේම නිෂේදනය වෙනවා. මේ සඳහා වරණයක් එකතු කරමු.

    ReplyDelete
  3. ශ්‍රී ලංකාව චීන සමුහාණ්ඩුවටපවරා ගැනීමේ න්‍යාය පත්‍රය සාකච්ඡා කිරීම

    ReplyDelete
  4. Really very impressive post & glad to read this. Good luck & keep writing such awesome content.
    Web Development Company
    Software development company

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...