Tuesday, November 17, 2020

661. පුවක් එෂැණිං - 59 - පස්ට් ඇනිමසරි පලෝ අප් නොහොත් පෙතම සන්වස්තරේ පසු විපරම...


සාර් හාල් කඩේට පැනීම නොහොත්
ප්‍රසිඩන්ට් ජම්පිං ටු රයිස් බුටික්...

සාර් පත්වෙලා අවුරුද්දකුත් ගියා නෙව..ඒ ගතවෙච්චි අවුරුද්දෙ අපේ සාර් කරපු කියපු දෙවල් ගැන පොඩි පසු විපරමක් කොරන්ට කාලෙ හරි....

1. R.M.V. එකට පැන්නා…මිනිස්සු රස්තියාදු කරවන්නෙ නැතුව වැඩ කරන්නෙ කොහොමද කියල එතන වැඩ කරන අපතයින්ට ඒ ටු ඉසඩ් කියල දීල උං ඔක්කොම නිවැරදි මාර්ගයට ගත්ත. ඊලඟ පාර මං එනකොට සිස්ටං ඔක්කොම අප්ඩේට් වෙලා තියෙන්න ඕන කියල පොඩ්ඩක් සැර මූනක් එහෙම හදාගෙන කිව්ව. අප්පට උඩු දැං බලන්ට එපාය වැඩේ...කිව්වට විස්වාස කරන එකක් නෑ. වාහනයක් ගන්නම ඕන නෑ..ගන්න ඕන කියල හිතුවත් පැය 24 ඇතුලත රෙජිස්ට්‍රේෂන් එක ගෙදරට එනව තැපෑලෙන් ..නිකම්මත් නෙවෙයි...බුලත් කොළේක දවටල..අන්න එහෙමයි අපේ සාර්..R.R.A. විරුවා....M.B.P. සැමදා..

2. හාල් කඩේකට පැනල හාල් ගෝනියක් උඩ ඉඳගෙන හතර අතට කෝල් කරල ඒ වෙලාවෙම හාල් ගණං බැස්සුව සුටුස් ගාල...හමුදාවෙ මේජර් ජෙනරාල් කෙනෙක් යවල අර ඩඩ්ලිගෙ කණට ගැස්සුව. ඒ කරල පොර හංගං හිටපු හාල් ඔක්කොම එළියට අද්දවල මිනිස්සුන්ට නිකං වගෙ දුන්න..අන්න එහෙමයි අපේ සාර්..R.R.A. විරුවා....M.B.P. සැමදා..

3. අන්න අර කොහෙද ඉස්කෝලෙක පිට්ටනියක් හදන්ට කියල සවේන්ද්‍රට කෝල් කරල කිව්ව…හලෝ සවේන්ද්‍ර මෙන්න මේක ගැන පොඩ්ඩක් බලන්නකො කිව්ව එච්චරයි..දවස් දෙකෙං පිට්ටනිය හදල ආමි එකේ කස්ටියයි ගමේ මිනිස්සුයි දෙකට බෙදිල එල්ලේ ගේමකුත් ගැහැව්ව..අන්න එහෙමයි අපේ සාර්..R.R.A. විරුවා....M.B.P. සැමදා..

4. සිංහරාජෙ මැදිං පාරක් කපනවය කියල හාහෝවක් ආව..සාර් ගියා එතනට ඔන් ද ඉස්පොට් පරීක්සනේකට..හොඳට පරීක්සා කරල ඇනලයිස් කරල එහෙම දුන්න තීංදුව..පරිසරේයට කිසිම හානියක් නැතුව පාර කපාපල්ල කියල ආඥාවක් නිකුත් කලා..වැඩේ කෙරුන ඒ විදිහටම ටිප් ටොප් එකට.. 

කොටින්ම  ඒ පාර දැං හදල ඉවර වෙන්ටත් කිට්ටුයි..තවම පාර හදද්දි පරිසර හානියක් කියල වෙලා තියෙන්නෙ පොඩි ඌරු මී පැටියෙකුයි ගැඩවිල්ලු හතර දෙනෙකුයි මැරිල..එච්චරමයි....ඒ ඌරු මී පැටිය උනත් පන්නල දාල උගෙ පන බේරගන්ට එතන වැඩ කරන හමුදාවෙ කට්ටිය ෆුල් ට්‍රයි කරල තියනව හරි ගිහිල්ල නෑ පව්..ඒ ඇරුනම බැලතණ පඳුරු තුනකුයි ගිරිතිල්ල වැල් දෙකකුයි ගැලවිල තියනව...R.R.A. විරුවා....M.B.P. සැමදා..

5. ජනාදිපති වෙච්චි ගමං මහ බැංකු හොරු අල්ලල ලංකාවටෙ ගෙනල්ල හිරේ දම්මනවයි කිව්ව...ආය මොනවද? කොටිම්ම ජනාදිපතිවරන ප්‍රතිපල නිකුත් කරන දවසෙ රෑ දිස්ත්‍රික්ක 25න් 18 ක ප්‍රතිපල කියනකොට එතුමා දිනන බව ෂුවර් වුනා. ඒ වෙලාවෙම ඒ මහ රෑම මට මතක විදිහට 1.45 ද කොහෙද වෙලාව..එතුමාම කාරෙක එලවගෙන ගියා එයා පෝට් එකට සී අයි.ඩී. කට්ටිය හතර  දෙනෙක් දාගෙන යන ගමං ඇඹුල්දෙණිය හන්දියෙ සෙඩ් එකෙං  පෙට්‍රල් ගැහුවෙ එතුමාගෙ අතේ තිබ්බ සල්ලි වලිං....

ඒ කරල එතනම තිබ්බ අර කවුද ගෑණු මනුස්සයෙක් කරන චයිනීස් රෝල් කඩෙන් රෝල් දහයක් අරගෙන අර සී.අයි.ඩී. කට්ටියට දුන්න ප්ලෙන් එකට ගොඩවෙනකල් එයාපෝට් එකේදි එහෙම පොඩි බඩගින්නක් හැදුනොත් කන්ටෙයි කියල..  අන්න නායකයො..ගිහිල්ල එදා රෑම පිටත් කලා සී.අයි.ඩී. කට්ටිය සිංගප්පූරුවට..දවස් දෙකයි ගියේ සී අයි.ඩී. කට්ටිය මහේන්ද්‍රන්වල කුදලාගෙන ආවෙ ආර්.එල් ස්පිට්ල් මහත්තය ලියපු මැකී ගිය දඩමං පොතේ ගෝඹිරයි, පොරමොලයි, හඳුනයි ගමායි තඩි ගහපු ගෝනෙක් තඩලාගෙන එනව වගෙ.

ඇවිල්ල නඩු අහල අච්චු කරල මිනිහ දැං වැලිකඩ මහ උළු ගෙදර පොල් ලෙලි තලනව...මේ වෙනකොට පොල් ලෙලි කිලෝ හාරදාස් තුන්සිය පණස් හයයි ග්‍රෑම් දෙසිය දාහතරක් තලල කියලයි ආරංචිය....R.R.A. විරුවා....M.B.P. සැමදා..

6. ඊගාවට පාස්කු කොමිසම...පාස්කු ප්‍රහාරෙ ගැන සී.අයි.ඩී. එකෙන් පරීක්සන පවත්තල වැරදිකාරයොන්ට දඬුවම් දෙන එක තමයි කරන්නඕන නියම ක්‍රියා පටිපාටිය. අපේ සාර් ඇවිල්ල එහෙම නියමිත ක්‍රියා පටිපාටියට වැඩ කරන කෙනෙක් නෙවෙයිනෙ. එතුමා ඇවිල්ල තියෙන්නෙ සිස්ටම් එක වෙනස් කරන්න. 

ඒ හින්ද එතුමා කලේ ඒ පොලිස් පරීක්සන පැත්තක තියල දැම්ම පාස්කු කොමිසම කියල අටමගලයක්. ඒක ඇවිල්ල අර ඒ කාලෙ රේඩියෝ ජිංගල් එකක් ගියේ..යසපාලිතගෙ වැඩක්..සිනා සාගරයක් කියල ෆිල්ම් ඇඩ් එකක්..අන්න ඒවගෙ සොමි සාගරයක්..

රනිල එක දවසක් ඇවිල්ල හිටංගෙ සරම ගලවනව..හිටං පහුවදා ඇවිල්ල රනිලගෙ කලිසම ඔලුවෙං ගලවනව...ඒ කාලෙ හිටපු ආරක්සක ලේකම් ඇවිල්ල කියනව මම ඒ ගැන දන්නෙ නෑ කියල..හිටපු පොලිස් පති ඇවිල්ල කියනව ජනාදිපති පුරුද්දක් විදිහට බොරු කියනව කියල..බුද්දි අන්සෙ ලොක්ක ඇවිල්ල කියනව මට කිසිම තොරතුරක් ලැබුනෙ නෑ කියල..තනිකර කැඳ හැලියක්...ඒ තිබිල තියන  තත්වෙ හැටියට තුන්සිය ගානක් මැරිල බේරුන එක ලොකු දෙයක්..බොහෝවිට පාස්කු කොමිසමේ තීන්දුවත් ඒකම වෙයි. තිබ්බ විදිහට ඔයින් ගියා ඇති කියල..

ඔන්න ඔහොමයි එතුමා  මේ  පත්වෙලා ගතවෙච්චි අවුරුද්දට රට ගොඩ නඟල තියෙන ආකාරය...තේරුනා නෙවද? 

11 comments:

  1. ඔයා ලියලා තියෙන්නේ තනිකරම ඒක පාක්ෂික, රාජපක්ෂ විරෝධී විග්‍රහයක්. එතුමන් කරපු හොඳ වැඩ උවමනාවෙන්ම සඟවලා, එතුමන් අතින් ඉඳ හිටලා වෙච්ච සුළු සුළු අත පසුවීම් උලුප්පා දැක්වීම හරිම අසාධාරණයි. අඩුම තරමින් එතුමන් ආවාට පස්සේ ගැසට් කීයක් ගැහුවද කියලා නිකමටවත් ලිව්වද?? ආණ්ඩුවේ අච්චු කන්තෝරුවට වැඩ නැතිව වේලි වේලි ඉන්න වෙලාවේ, ප්‍රෙස් එකේ අයටත් OT එකක් කරගන්න ඉඩ ලබා දීලා, බෝතල් පත්තර කාරයන්ටත් බිස්නස් එකක් ලබා දීලා රටේ ආර්ථිකයට කරපු සේවය අමතක කරන්න වටිනවද?.
    දැන් ඔය සිංහරාජේ මැද්දෙන් හදාපු පාර "ඉක්මනට හදලා ඉවර කරන්න" කියාපු එක ඔයා හිතා මතාම අමතක කරපු එක කොච්චර වැරදිද?? වෙන කවුරු හරි එහෙම කිව්වානම් පාරවල් හදන ඉංජිනේරුවෝ කියයි කොන්ක්‍රීට් වේලෙන්න මෙච්චර කාලයක් යනවා, තාර හයි වෙන්න මෙච්චර කාලයක් යනවා, කාපට් එක සීසන් වෙන්න මෙච්චර කාලයක් යනවා, ටූ මිනිට් නූඩ්ල්ස් හදනවා වගේ පාරවල් හදන්න බැහැ කියලා. දැන් බලන්න, ඒක බහු කාර්‍ය සංවර්ධනයක්. පායන කාලෙට මහා මාර්ගයක්. වහින කාලෙට වාරි මාර්ගයක්.
    කොරෝනා සමග සටන් කරන්න හමුදාපතිට බාර දීපු එකම කොච්චර හොඳ දෙයක්ද? ලෝකේ අනිත් රටවල දොස්තරලයි, වසංගත රෝග විසේසඥයනුයි කරන්නේ මොකක්ද කියලා තේරුමක් නැතිව තක්බීර් වෙලා ඉන්දැද්දී අපේ හමුදාපතිතුමා කිව්වේ කොරෝනා රෝගයෙන් මැරුණේ පස් දෙනයි කියලා. ඒ විතරක්ද, සමාජ පැතිරීමක් නැති බව සොයා ගැනීමත් කොපමණ අගය කල යුතුද? මං හිතන්නේ ඒ සොයා ගැනීමේ ගෞරවය හමුදාපති තුමාට පමණක් නොවෙයි, ජනාධිපති තුමාටත් හිමි විය යුතුයි. මේ වසරේ සෞඛ්‍ය අංශයේ නොබෙල් තෑග්ග ඒ සොයා ගැනීම වෙනුවෙන් ලැබෙන එකට ඔයා ඊර්ෂ්‍යා කරන බවකුයි පේන්නේ.
    ඊළඟට ඔය විශ්ව ශක්තිය සහිත කලගෙඩි ගඟට දාපු එක කොතරම් විද්‍යානුකූල දෙයක්ද? ඔය විශ්ව ශක්තිය කියන්නේ ආකර්ෂණ ශක්තියටයි. දැක්කේ නැද්ද ඒවා අත ඇරපු ගමන් කෙලින්ම ගඟට වැටුන හැටි? අර ගැලිලියෝ ට වත් ඕක හරියකට කරගන්න බැරි උන එකේ අපේ විහාර මහා දේවි ජබෝහ් ගාලා ඒක අතෑරපු හැටි දැක්කාමත් ආඩම්බරයි.

    ReplyDelete
  2. ඔහේට ගොඩාරික් පිං මෙව්වා අපේ උන්දෑලට මෙහෙම වත් මතක් කොරලා දුන්නාට මෙහෙමෙ වැඩ කන්දරාවක් මෙතුමා මේ අවුරුද්දට මෙ පිං බිමට කොරපු විත්තියක් වත් මේ අපේ ගුණමකු මහජනයාට මතක නැති හැටි අම්මපා.....

    ReplyDelete
  3. හිතාමතා එතුමා කළ හොඳ වැඩ අමතක කිරීම අමන ගතියකි.
    නිදහසෙන් පසු කිසිදාක අසාවත් නොතිබූ ලෙස මාස කීපයක් තුල දෙවරක්ම, දෙවරක්ම, සාඩින් මිල පහත හෙලීම ඔබට අමතක වුයේ ඇයි?
    බහුජාතික NGO කුමන්ත්‍රණයක ප්‍රතිඵලද ?

    ReplyDelete
  4. අසාධාරන, අසමජ්ජාති පෝස්ට් එකක්. නිරෝධයනය කියන වචනය හොයාගෙන, ලෝකෙට අඳුන්වලා දීල, ලන්කාවෙ අසරන, අහින්සක හෝටල් හිමියන්ට කීයක් හරි හොයා ගන්න දීපු එක අමතක කරලා. ඊගාවට අතන මෙතන වොයිස් කට් දිදී, R ධර්මය දේශනා කර කර හිටපු චීවර කට්ටිය වහාම ධර්මයේ පිහිටෙව්වා, ආව මෙතන දේශපාලනේ කරන්ට කියල කෑගහලා. ඒව ලියල නැහැ. කැතයි හොඳේ රවි.

    ReplyDelete
  5. චීවර කට්ටිය යහමගට ගැනීම ලියන්නම ඕනි ඊලග පෝස්ටුවේ

    ReplyDelete
  6. 'පෝස්ටුව අජපල්
    හොඳටෝම බුල්'
    හෙමවත් කියාලා
    'වන්දියො' ගනිව් ආතල්!

    ReplyDelete
  7. Me awurudde danata karala thiyena mahangu sewayatath wada angata pathata danena wada idiriyedi bala ganna labena eka niyathayi!

    ReplyDelete
  8. පරිස්සමිං ලොකු අයියෙ... අපිට ඉන්නෙ බෝ විතරයි...

    ReplyDelete
  9. මේවා කියවන්න දීලා ලේ කෝප කරනවාට වැඩිය අර අනන්‍යගේ කතාව, නැත්නම් වාං පතුල් කතාව වගේ වැදගත් කමක් තියෙන කතාවක් ලියලා අපේ ලේ පිරිසිදු කරවන්න ඔහේට බැරිය? එන්නෙ නෑ ආයේ මේ පැත්තේ
    - මිට කලකිරුන පාඨකයෙක්..

    ReplyDelete
  10. පරෙස්සමෙන් . පාන් කපන පිහියම තමයි ඇනුනොත් මැරෙන්නේ .

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...