Sunday, November 22, 2020

662. ස්නේහයේ සිහිවටන......


ඉහත ඡායාරූපයෙහි දැක්වෙනුයේ කසළ වශයෙන්
බැහැර කරනු උදෙසා මාර්ගයක් අසළවූ කසළ බහාලනයකට
හේත්තු කොට ඇති මංගල ඡායාරූප කිහිපයකි...


"මෙහෙම වෙයි කියල ඔයාට හිතුනද?"

" නෑ."

"මම ඇහුවෙ මේ නිකමටවත්…"

"නෑ නෑ..හීනෙකින් වත් එහෙම හිතුනෙ නෑ…."

"එතකොට ඇයි එහෙම උනේ? "

"මෙහෙමනෙ ..දැං ඒක වෙලා ඉවරයි..."

"ඔව්…."

"ඉතිං එහෙම උනේ ඇයිද කියල හිත කරදර කරගන්න එකේ කිසිම තේරුමක් නෑ.. "

"ඇත්ත…"

"හරි එහෙනං අපි වෙන්ව යමු…"

"අපි ආයෙම දවසක හමුවේවි..මේ විදිහටම නොවුනත්.."

"ඔව්…."

"එදාට ඔයත් වෙනස් වෙලා තියෙයි..මමත් වෙනස් වෙලා තියෙයි…"

"ඔව්…."

"එදාට අපි ආයෙම කෝපි එකක් බොන ගමං අද වගේම ජීවිතය ගැන කතා කරමු…."

"කතා කරල? "

"කතා කරල ආයෙම වෙන්ව යමු…"

ප්‍රේමයේ අම සුවය විඳිමින් සුරත් පටලා ඇවිදගිය මඟ,
ස්නේහයේ මිණි කිරුළ පළඳා ජීවිතය ජයගතිමි සිතු දින,
නොපෑහෙන සිත් දෙකක සිරවී දුක් කඳුළු හෙලනුයේ කුමටද?
සිහිවටන මහමඟ දමා යමු සමඟ රැඳි මහමෙරද හිස් මත,


4 comments:

  1. දරුවොත් තමන්ට කලින් නැති වෙච්ච, ටික කාලයක් තනියම ජීවත් වෙලා නැතිවුනු කෙනෙක්ගෙ වෙන්න පුලුවන්. එහෙම වුනාම ගෙවල් (හෝ මහලු නිවාසය) අස් කරන කෙනෙකුට අගයක් නැති වෙලා වෙන්න ඇති. ලස්සන සිතුවිල්ලක්.

    දවසක් මම කෝච්චියෙන් බහැල එද්දි ඒ කෝච්චියෙන් බැහැලා අමාරුවෙන් බර shopping trolley එකක් ඇද ගෙන ආපු වයසක මහත්මයෙක්ගෙන් ඔබට lift එකක් ඕනෙද කියලා අහලා එයාව ගෙදරට ගිහින් දැම්ම. ඒ විනාඩි හත අටටත් ඒ මනුස්ස්සයා මට කිව්වෙ තමන්ගෙ එකම පුතා අවුරුදු කීපෙකට කලින් හදිසි අනතුරකින් නැති වෙල, එයාගෙ body එක අඳුර ගන්න වුනු අත්දැකීම. කොයි තරම වේදනාවක් ඇතිද. මොනවා වුනත් ආදරය හැමදාම frames වලට ඉහලින්.

    ReplyDelete

  2. ගොඩ දේ එක්ස්පයර් වෙනවා වගෙ නේද
    අනියත ලොවක ප්‍රේමය නොමියෙනු ඇතිද
    ජීවත් වුණත් අපි මැරිලා වගෙවත්ද
    මේ කලියුගේ හැටි වෙන්නැති! හරි නේද?

    ReplyDelete
  3. පරම්පරා දෙකක් විතර ගියාට පස්සේ, ඒ පැරණි ගෙවල් අයිති වන අයට ඔය පින්තුර හිස රදයක්. ඔය ආකාරයට ඉවත් කිරීම සාධාරණයි. මා හිතන්නේ photo albums වලටත් ඔය දසාවමයි.

    ReplyDelete
  4. විවාහයයි, විවාහ ජීවිතයයි කියන්නෙ දෙකක් නෙ. විවාහ මංගල ෆොටෝ එක ලස්සන වුනාට විවාහ ජීවිතේ ලස්සන වෙන්නෙ නැතිව ඇති.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...