Thursday, December 3, 2020

663. පුවක් එෂැණිං - 60 - රනිල් වික්‍රමසිංහ සහ දේවානම්පියතිස්ස....


සිරස ලක්ෂපති තරඟයේ මෙන්න ඔබට ලැබෙන හත්වන ප්‍රශ්නය...


එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු ආසනයට පුරා මාස තුනක් තිස්සේ කිසිවකු නම් නොකොට කල් මරමින් සිට අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාවම ඒ සඳහා නම් කිරීමට තුඩුදුන් වැදගත්ම හේතුව මින් කුමක්යැයි ඔබ සිතන්නේද?

A. රනිල් වික්‍රමසිංහ මහතා තම මන්ත්‍රී වැටුප ලබානොගන්නා බැවින් එම මුදල කෝවිඩ් මර්දනය සඳහා යෙදවිය හැකිවීම

B. යුරෝපීය ටයි කෝට් ඇඳුම රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම මනාව අඳින බැවින් පාර්ලිමේන්තුවේ ටයි කෝට් අඳින වෙනත් මන්ත්‍රීවරුන්ට නියම බ්‍රිතාන්‍ය ක්‍රමයට ටයි කෝට් අඳින අන්දම පිළිබඳව ඉගෙන ගත හැකිවීම

C. නිමල් ලංසා, ප්‍රසන්න රණතුංග, කබ්රාල් සහ වාසුදේව වැනි අපතයින් මන්ත්‍රී පදවි දරන පාර්ලිමේන්තුවක රනිල් වැන්නකු හිටියාට අහවල් දෙයක් වෙනවද කියා සිතීම

D. අගමැති පදවිය දැරීම වන් බාරදූර කාර්යයකට වඩා පුල් සූට් එකෙන් සැරසී විපක්සයේ පසුපස අසුනකට බරදී කිසිවක්ම නොකොට අලසව ගත කිරීම (Procrastination ) රනිල්ට උපතින්ම හිමිවී ඇති කුසලතාවයක් වීම

E. ජේ.ආර්.පප්පා මේ රටට කල ලොකුම අපරාධය පිළිබඳව යලි යලිත් ඔහුගේ මෑණියන්දෑගේ ගුණ ගායනා කිරීමට මහජනයාහට අවස්තාවක් ලබා දීම.





සිරස ලක්ෂපති තරඟයේ මෙන්න ඔබට ලැබෙන අටවන ප්‍රශ්නය...

සිංහල ජාතිය අතීතයේ සිටම කිසිම දිනක මස් මාංශ ආහාරයට නොගත් බව පසුගිය දිනක ගොමා සංගමයේ සභාපති දොස්තර පාදඩදෙණිය මහතා ප්‍රකාශ කලා..ඒ අනුව මිහිඳු හිමියන් ලංකාවට සැපත්වුනු අවස්ථාවේ දෙවනපෑතිස් රජතුමා මුවෙකු පසුපස ලුහුබැඳ ගියේ කුමන හේතුවක් නිසාද?

A. මුවාගේ මැක්කන් බහුල නිසා මුවා අල්ලා මැක්කන් නාශක බෙහෙත් ඉසීමටය.

B. මුවා සමඟ සෙල්ෆියක් ගසා ෆේස්බුක් දැමීමටය.

C.මුවාට වඩා තමාට වේගයෙන් දිවිය හැකියයි බිසව සමඟ ඇල්ලූ ඔට්ටුවෙන් ජය ගැනීමටය.

D. මිහිඳු හිමිගේ මොලේ කොළොප්පං වන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනවාට වඩා මුවා පසුපස දිවයාම දාහෙන් සම්පතකැයි සිතූ නිසාය.

5 comments:

  1. මිහිඳු හිමිගේ මොලේ කොළොප්පං වන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනවාට වඩා මුවා පසුපස දිවයාම දාහෙන් සම්පතකැයි සිතූ නිසාය.

    ReplyDelete
  2. කොහොමද උත්තර දෙන්නෙ හිතෙන්නේ - ප්‍රශ්න දෙකම හරි බරපතලයි
    පක්ෂ භේදයක් නැහැ අයියෝ මේ, එයාල ඔක්කොම - එක වරිගෙයි
    එක හැළියේ කති, එකට පවුල් කති, හොරා කෑමෙදිත් එහෙම තමයි
    උන් මුං බේරති, මුං උන් බේරති - වළට වැටෙන්නේ අපි විතරයි!

    ReplyDelete
  3. ඔන්න මුවත් එක්ක සෙල්ෆියක් ගහල ඉන්ස්ටග්‍රෑම් හරි බ්ලොග් එකේ දාන්න කියල ඔප්ශන් එකක් තිබ්බ නම් මේක තාත්ත්විකයි. මොකද මිහිඳු හාමුදුරුවන් එන කාලේ ෆේස්බුක් තිබ්බෙ නැහැ.

    ReplyDelete
  4. අයියෝ මේ පුවක්... එපා වෙනවනේ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...