Sunday, December 27, 2020

665. පුවක් එෂැණිං - 62 - බයියන් පාරට බැසීම, සාර්ගේ පදිරිවීම සහ අබේගේ පිණ්ඩපාත චාරිකාව...


ඉවසල ඉවසල බැරිමතැන "ඕන XXXXXක් පණං අටයි" 
කියා බයියන් පාරට බැසි ඒ අසිරිමත් අවස්තාව...


බයියන් පාරට බැසීම....
*************************

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය - ආදර්ශ ප්‍රශ්න අංක 01 

හෝමෝ බයියෙන්සිස් නොහොත් බයියන් පසුගිය ජනාධිපතිවරණයට පෙර මෙසේ පැවසූහ. "ගෝටාබට ස' උනත් වැරැද්දක් කලොත් අපි පාරට බහින එක බහිනවාමයි.." ඒ අනුව පහත දත්තයන්ද සැළකිල්ලට ගෙන අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න (ලකුණු 40)

සැළකිල්ලට ගත යුතු දත්ත :-

* 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද ප්‍රමාණය = 6,900,000

* සාමාන්‍ය ශරීර ප්‍රමාණයෙන් යුතු මිනිසෙකුට සිටගෙන සිටීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය = වර්ග මීටර 0.75 

* ශ්‍රී ලංකාවේ දැනට ඉදිකොට ඇති මහාමාර්ග ප්‍රමාණය = කිලෝ මීටර් 12,000 

* මංතීරු දෙකකින් යුතු මහාමාර්ගයක පළල = මීටර් 7

(1) බයියන් මේ මොහොතේ පාරට බසින්නේනම් බයියන් කොපමණ දෙනෙකුට සිටගෙන සිටිනු සඳහා ශ්‍රී ලංකාවේ වර්තමාන මාර්ග පද්ධතිය ප්‍රමාණවත් වන්නේද? 

(2) සියලුම බයියන්ට එකවර පාරට බැස සිටගෙන සිටීම සඳහා මංතීරු දෙකකින් යුතු මාර්ග තව කිලෝ මීටර් කොපමණ ප්‍රමාණයක් ඉදිකල යුතුද?

(3) සියලුම බයියන්ට එකවර පාරට බැස සිටගෙන සිටීම සඳහා මංතීරු හතරකින් යුතු මාර්ග තව කිලෝ මීටර් කොපමණ ප්‍රමාණයක් ඉදිකල යුතුද?

(4) සියළුම බයියන් එකවර පාරට නොබැස අතිගරු ජනාධිපතිතුමන්ගේ ධුරකාලයේ ඉදිරිවසර හතර තුල සමානුපාතිකව පාරට බසින්නේ නම් ඉදිරි වසර හතර තුල එක් එක් වසර සඳහා නව මහා මාර්ග කිලෝමීටර් කීයක් ඉදිකල යුතුද?



සිල් රෙදි හොරුන්ගේ දඩ මුදල ගෙවීම සඳහා සල්ලි හිඟාකෑමට
අබේ පාරට බැසි ඒ අසිරිමත් අවස්තාව...


සාර්ගේ පදිරිවීම සහ අබේගේ පිණ්ඩපාත චාරිකාව...
*******************************************************

දැං අපේ සාර් අර සබිරිය ඉස්සරහ පදිරි වෙනව පදිරිවිල්ලක් හතර විලි ලැජ්ජාවෙ බෑ...කොටිම්ම කිව්වොත් ඒ යකාට චන්දෙ නොදුන්නු අපේ ඉහේ උකුණොත් බිමට පයිනව.. 

සබිරිය මොන නැටුං නැටුවත් සාර්ට අර මොනවද කාපු රිළව වගෙ විරවගෙන ඉන්ට වෙලා තියනවයි කියන්නෙ අර සාර්ගෙ නඩු කතා කරපුවට සබිරිය සල්ලි අරං නෑ. දන්නවනෙ සබිරියල ඇවිල්ල දුරදිග බලල වැඩකරන මිනිස්සු..ඒ කාලෙ කියන්ට ඇති "ගොට්ට සෑර්..මට සත පහක්වත් එපා. ඔබතුමා වෙනුවෙන් මම පෙනී ඉන්නෙ නොමිලේ... "...ගොට්ට අහුවුනා ඒ ගැටේට..ඒක හින්ද තමයි නඩු ගාස්තු හැටියට අදිකරන ඇමති කමත් දීල මූ කියන කියන පදේට නටන්ට වෙලා තියෙන්නෙ.

හැබැයි ගොට්ටට සුට්ටක් ඔලුව පාවිච්චි කලානම් මෙහෙම දෙයක් කරන්න තිබ්බ..ගන්නව අබේට කෝල් එකක්....අබේ..අබේ..අපෙ මැදගොඩ අබේ උන්නැහෙ..

"අබේ මම ගොට්ට…"

"කියන්න සාර්.."

"මේ මයෙ මේ නඩු වලට සෑහෙන ගානක් වියදං යනවනෙ..මයෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑනෙ අබේ.."

එහෙම කිව්වනං අබේ එකත් එකටම කියනව "හරි හරි සාර් බයවෙන්ට එපා..මම හෙටම නඩුගාස්තු එකතුකිරීමේ මහා පිණ්ඩපාත චාරිකාවක් සංවිදානය කොරන්නංකො…"

එහෙම කියල අබේ නිකං ඉන්නෙත් නෑ..අර සිල් රෙදි හොර තක්කඩිංට ගහපු දඩේ ගෙවන්ට සල්ලි හිඟාකෑමේ චාරිකා සංවිදානය කරල අබේට තියනව හොඳ ඇස්පීරියන්ස් එකක්..ඒ හින්ද පහුවදාම තඩි බැනර් එකකුත් පෙරටුකොටගෙන මෙන්න අබේ යනව පිණ්ඩපාත චාරිකාවේ..

"ගොට්ටා සාර්ගේ නඩු වල පෙරකදෝරු ගාස්තු එකතු කිරීමේ මහ අසදෘශ පිංඩපාත චාරිකාව" 

ඔහොම ගිහිල්ල ඕන ගාණ එකතු කරල ගොට්ටට දෙනව්. ගොට්ට ඒ සල්ලි වලිං සබිරියගෙ ගාස්තුව ගෙවල දානව. සරලයි සුගමයි. එහෙම උනානං ගොට්ටට මේ වගෙ සබිරිය ඉස්සරහ ඇඹරෙන්නෙ නැතුව කොඳු නාරටිය කෙලිං තියාගෙන ඉන්ට තිබ්බනෙ සිංහය වගෙ..

මම නං කියන්නෙ අබේට දැං උනත් පරක්කු නෑ..මොකෝ කියන්නෙ අබේ?...දෙමුද ගේමක්?

5 comments:

  1. මේ පහත කියමනට නම් මට කොහොමටවත් එකඟ වෙන්න බැහැ.

    //ඔහොම ගිහිල්ල ඕන ගාණ එකතු කරල ගොට්ටට දෙනව්. ගොට්ට ඒ සල්ලි වලිං සබිරියගෙ ගාස්තුව ගෙවල දානව. සරලයි සුගමයි.//

    ඔයා හිතනවාද රාජපක්ෂ පවුලේ කෙනෙකුගේ අතට ලැබුන මුදලක් ඒ ආකාරයෙන්ම වෙනත් කෙනෙකුට දේවි කියලා??

    වීදාගම හාමුදුරුවන්ට නම් "පුරසඳ සහ දසවක" එව්වාම "අඩ සඳ සහ අටවක" වත් ලැබුනා. ඒ උනාට මෙතනදී නම් ඒ පවුලේ කට්ටිය තම තමන්ගේ කොටස් බෙදා හදා ගත්තාම සබ්‍රි මහත්තයාට මේ සල්ලි දාලා දීපු පාත්තරේ වත් ඉතුරු උනොත් පුදුමයි.

    ReplyDelete
  2. Me awurudu pahen passeth oya set eka kiyawi giya sare wage nemeyi.Gota sir me sare hariyatama karawi kiyala ayeth chande deyi.Corona pani bonna mason bass passe diwwa me minissunge awabodhaya gana kumana kathada?An thaththuwayi walgeyi witharayi naththe.

    ReplyDelete
  3. yaksha paula sunamiyata labunu adhara valin horakava, paraval hadala horakava,, dan korona valinuth horakam karanava......

    ReplyDelete
  4. අතීතය ඉක්මනින් - මතකෙන් අයින් වේ නම්
    මට වාසි වෙනව නම් - රටට හෙණ ගහපුදෙන්
    කියා නිති සිතන්නන් - ඉඳිද්දී මේවත්ද පඤ්ඤං

    ReplyDelete
  5. pleasant data shared thank you and I am intrigued to visit once more. I have comprehend your stuff past to and you are simply excessively extraordinary. I really like what you've obtained here, surely like what you're expressing and the manner by which you state it. Floyd Mayweather vs Logan Paul Live
    You make it engaging you actually deal with to keep it savvy. I cannot hold back to peruse undeniably more from you. This is actually a superb site.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...