Thursday, December 10, 2020

664. පුවක් එෂැණිං - 61 - The Speaker නොහොත් කටානායක සහ Failed State නොහොත් අසමත් රාජ්ජිය…

ඉස්පීකර් නොහොත් කටානායක කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රදානියාය. එහෙම නැත්තං ලොක්කාය. මේඊයෙ පෙරේදා රංජා කටානායකට ලොක්කා කියා ඇමතුවාය කියා අර බදුල්ල පැත්තෙං අලුතෙං ආපු පෝට්ටුවේ මන්තිරි හාදයෙකුට මල පැනලා රංජාට ඒක මේක කිව්වා මම ටී.වී. එකේ බලාගෙනය. ඔය කටානායකට ඉංග්‍රීසියෙන් කියන "The Speaker" කියන වචනෙ හැදුනු හැටි හරි අපූරු කතාවකි...

රජ්ජුරුවො තමයි අනාදිමත් කාලෙක ඉඳල එංගලන්තෙ සර්ව බලදාරී පාලකය. ඒත් පස්සෙ පස්සෙ රජවරු පිස්සු කෙලින්ට ගත්තම මිනිස්සු එකතුවෙලා රජ්ජුරුවන්ගෙ හිතුවක්කාර වැඩ පාලනය කරන්ට උපදේසක සබාවක් පිහිටුව ගත්ත. ඒකට තමයි පස්සෙ කාලෙක පාර්ලිමේන්තුව කියල නම ලැබුනෙ. රජ්ජුරුවොත් ඉතිං කිසිම කැමැත්තකින් නෙවෙයි මේ වැඩේට ඉඩ දුන්නෙ. නොකරම බැරි හින්දයි.

පස්සෙ පාර්ලිමේන්තුව රැස්වෙලා රජ්ජුරුවන්ට විරුද්දව කතාවෙන්නෙ එහෙම මොනවදැයි කියල දැනගන්ට රජ්ජුරුවන්ට ඕන උනා. දැං වගේ නෙමෙයි සහෝදරයිනි සහෝදරියනි ඒ කාලෙ රජවරුන්ට වැඩ තිබ්බ. හාල් කඩවලට පයින එක, එතකොට අලි කඩපු ගෙවල් බලන්ට යන එක..එතනිනුත් ගියාම පාරවල් කපන එව්ව බලන්ට යන එක..ඒ වගෙ දේවල් කරන්ට වෙලාවක් තිබ්බෙ නෑ..

ඒ හින්ද අර පාර්ලිමේන්තුවෙ කතාවෙන එව්ව ගැන හැමදාම හවහට හවහට මාළිගාවට ඇවිල්ල රජ්ජුරුවන්ට වාර්තා කරන්ට රජ්ජුරුවො දැම්ම පාර්ලිමේන්තුවෙ ප්‍රදානියා විදිහට රජ්ජුරුවන්ගෙ හොඳම පක්කලියෙක් නොහොත් සට්ටඹියෙක් නොහොත් ඇම්බැට්ටයෙක්...

පාර්ලිමේන්තුවෙ අනික් උදවිය මේ "එන්ටර් ද සට්ටඹි" සීන්ස් එකට ඒ හැටි කැමැත්තක් තිබ්බෙ නැති උනාට රජාගෙ බලකිරීම මත ඒකට එකඟ වෙන්ට සිද්ද වුනාලු. ඉතිං මේ සට්ටඹියා හැමදාම හවහට මාළිගාවට ගිහිල්ල රජා බැහැදැකල "පස්සාන් දාසකට බුදුවෙන්ට රාජෝත්තමයාණනි, අද පාර්ලිමේන්තුවෙ ගොබිලො ටික කතා වුනේ මේං මෙව්වයි මේං මෙව්වයි එතනිං ගිහාම මේං මෙව්වයි..." කියල රජ්ජුරුවන්ට කේළං කියනව. ඒ හින්දම පස්සෙං පහු ඒ යස්සයට පාර්ලිමේන්තුවෙ අනික් අය "The Speaker" කියල කියන්ට ගත්ත. කොහොමහරි ඒ නම එහෙම්මම රෙජිස්ටර් උනා. සිංහලෙං අපි ඔය කතානායක කියන්නෙ අන්න ඒ සට්ටැඹියට.

පස්සෙ හැබැයි එංගලන්තෙම පාර්ලිමේන්තුවෙ ස්පීකර් ගොයිය රජ්ජුරුවන්ට සට්ටඹිකං කොරන එක අතෑරල පොදු මහජනයා වෙනුවෙන් වැඩකරන්ට ගත්තලු. ඒත් අපේ සසිරිබර මෙසිරිලක පාර්ලිමේන්තුවෙ අලුතෙන් මේ ඊයෙ පෙරෙයිද පත්වෙච්චි ඉස්පීකරයනං අපරාදෙ කියන්ට බෑ අර ඉස්පීකර් කියන තනතුරු නාමය හැදිච්චි විදිහ ගැන යස අපූරුවට දන්නව වගේ පේන්ට තියෙන්නෙ. ඒ යකා ඒ කතාව දන්නව විතරක්මත් නෙවෙයි ඒ කතාවෙ කියල තියෙන විදිහට වැඩ කරන්ටත් යනව.

අපේ නන්දෙ සාර් ජනාපෙති පදවියට පත්වීමේ මහාර්ඝ පුණ්‍ය කරුමයට මේ ඊයෙ පෙරෙයිද වර්ෂ පූර්ණෝත්සව මංගල්‍යය පැවැත්වුනයි කියල ඔබ තමුන්නාන්සේලා හැමෝම දැනුම්වත් නේ? හරි...ඉතිං ඔය එතුමාගෙ වර්ස පූර්න මහෝත්සවයට ටොයියෝ සහ ජෙප්පෝ යන දෙපිරිස එකතුවෙලා අති විසාල පේස් බුක් කැම්පේන් එකක් අරගෙන ගියා ඒකෙ තීම් එක වුනේ..සාර් ෆේල් නොහොත් Sir has Failed.

ඔය කැම්පේන් එක මට පේන විදිහට සාර්ගෙ බොක්කටම වැදුන. ජනාපෙතිවරනෙට කලිං රොකට් රෝහිතගෙ ප්‍රධානත්වයෙන් තිබ්බ සාර් වෙනුවෙං බැහැල වැඩ කරපු පේස් බුක් බලකායක් තිබ්බ. අර කට්ට ඇනිච්ච ගෑණු ළමය එහෙම හිටියෙ ඒකෙ. කොහොම හරි ඡන්දෙන් පස්සෙ ඒ බලකාය ඒ හැටි කළ එළියට වැඩක් පලක් කරපු බවක් නම් පේන්ට නෑ. ඉතිං මේ සාර් ෆේල් කතාව පොහොට්ටුවො හැමෝටම වගෙ තදටම වැදුන. ඒ හින්දම ඔය පේල් කියන වචනෙ පොහොට්ටුවන්ට නයාට අඳු කොළ වගෙ වෙලයි තිබුනෙ.. 

ඔය අස්සෙ පාර්ලිමේන්තුවෙ අයවැය විවාදෙදි සජිත් ගොයිය කියනව රාජ්‍යය අසමත්ය කියල (This is A Failed State) ඒ වෙලාවෙ අපේ කටානායක කියල ඉන්න සට්ටඹිය ඒ සෙනේකින් කියනව එහෙම කියන්ට ඉඩ දෙන්ඩ බැරිය. මම ඒක හැන්සාඩ් එකෙන් අයිං කරනවයි කියල. ඒ පාර සජිත් කියනව මම කිව්වෙ "Failed State" කියල නෙවෙයි "Failed Government" කියලයි කියල. අසමත් රාජ්‍යයක් නෙවෙයි අසමත් ආණ්ඩුවක්ය කියලලු කිව්වෙ. 

ඒ කොහොම වෙතත් ඊලඟට ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රී වරයා නැඟිටල කටානායකයට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාස කරනව."ඇයි ෆේල්ඩ් ස්ටේට් අපිට කියන්න බැරිද? ඔබ කොහොමද එහෙම ඔබට ඕන ඕන වචන අපේ කතාවලින් අයින් කරන්නෙ? මොන ස්ථාවර නියෝග යටතෙද එහෙම කරන්නෙ? ..." කියල එයා අහනව.

ඒ කතාව ඇත්තම තමයි බලාගෙන යනකොට. ඕක සජිත්ටයි අහන්න තිබ්බෙ.." මම කිව්වෙ ෆේල්ඩ් ස්ටේට් කියල නෙවෙයි ෆේල්ඩ් ගවර්න්මන්ට් කියල. ඒත් අනික අතට මම ෆේල්ඩ් ස්ටේට් කියල කිව්වම කියමු. ඔබට තියෙන බලය මොකක්ද මගේ අදහස් ප්‍රකාශණ අයිතියට බාධා කරන්න?...අපි මහජන නියෝජිතයො. අපිට බාධාවකින් තොරව අපේ අදහස් ප්‍රකාශනයට මෙතන නිදහස තියෙන්න ඕනෙ...." අන්න එහෙමයි සජිත්ට කියන්න තිබ්බෙ. 

කොහොමහරි ඒ මනුස්සය එහෙම කිව්වෙ නෑ..ඉතිං මේ වැඩෙන් අපට පේන්න තියෙන්නෙ මේ කතානායක කියන මනුස්සය මොනතරම් නම් රාජපක්සලට ගැතිකම් කරනවද කියන එක නෙවෙයිද? තමන් දරන තනතුරේ ගෞරවයවත් රකින්න මේ මිනිහ දන්නෙ නෑනෙ..

ඔය කතානායකය කියන මනුස්සය පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ කිව්වනෙ අපි ඒ ප්‍රහාරය ගැන කලින් ඉඳලල දැනගෙන හිටිය..ඒත් ඒක වළක්වා ගැනිල්ල ආණ්ඩුවෙ වැඩක්..අපි විපක්ෂයෙ..ඒක හින්ද සද්ද නැතුව හිටිය කියල..දෙයියම්පා මේ වගෙ මිනිස්සුන්ටත් ඉර පායනව නෙව..හරිනම් පාස්කු කොමිසම ඉස්සරහට ඉස්සෙල්ලම ගෙන්නන්ට ඕන මේ යකා..ගෙන්නල අහන්ට ඕන මොකක්ද ඒ කිව්ව කතාව?  කොහෙන්ද කාගෙන්ද තොරතුරු ලැබුනෙ? කියල...කොහෙද ඉතිං මේ රටේ කවද්ද වැඩක් හරියට කෙරුනෙ?

පලි - ඔය සට්ටඹි, ඇට්ටඹි සහ ඇම්බැට්ට කියන වචනවලත් හරිම අපූරු තේරුමක් තියනව..ඔහෙල දන්නවය? සට්ටඹි කියන්නෙ රජ්ජුරුවො නානකොට කුණු අතුල්ලන මනුස්සය..එතකොට ඇට්ටඹිය කියන්න රජා රුන්නහම පස්ස හෝදන එකා..අපි පොඩි කාලෙ හිච්චි එව්වො රීල පුක හෝදන්නෙ නැතුව ඉන්න එකට කියන්නෙ ඇට්ටිම්බෙං ඉන්නව කියල..එතකොට ඇම්බැට්ටය කියන්නෙ රැවුල් කොණ්ඩා කපන මනුස්සයට..නිවට ඇම්බැට්ටය දැක්කම එළුවත් රැවුල පානවලු කියල එහෙම අහල ඇති නේද?

7 comments:

  1. (පසුව ලියාපු) ප ලි ඡේදයේ කියැවෙන වචන තුනේ තේරුම හරියටම දැනගත්තේ අදයි. ඇට්ටඹියා කියන වචනේ තේරුම දැනගත්තාම වෙන කෙනෙකුගේ පස්ස පැත්ත හෝදපු කෙනෙක් ගැන කතාවක් මතක් උනා.
    දෙවෙනි ලෝක යුද්දේ කාලේ ජපනා බෝම්බ දාන දවස් වල ගම්වල මිනිස්සු අහසේ ගුවන් යානයක් යනවා ඇහෙන, දකින, කොට බයෙන් ගැහෙනවා. ගමේ හිටපු බංඩා, උක්කුවාත් එක්ක උදේ පාන්දර එලි බහින්න ගිහිල්ලා හෝදා ගන්න ඇලට බැස්සාම ප්ලේන් එකක් සද්දේ දාගෙන ගියාලු. එතකොට උක්කුවා ඇහුවලු, "බංඩෝ උඹ බයයිද"?? කියලා. "නෑ නෑ මම බය නෑ, මම බය නෑ " කියලා බංඩා කීවාලු. එතකොට උක්කුවා ඇහුවලු, "එහෙනං උඹ මොකෝ මගේ පස්ස හෝදන්නේ" ??

    ReplyDelete
  2. සිරි ලංක පුරේ මේ - එන පැවත පුරාණේ
    ඇට්ටඹී- සට්ටඹි- පන්දම්කරුවෝ
    ජයටම හෝදති- අපුල්ලලා දෙති
    සීතම්බර සළු උදය හවා!

    ReplyDelete
  3. By law this man has to taste stool of the king and report to the chief medical officer,

    ReplyDelete
    Replies
    1. That, eventually, becomes their only pride and joy.

      Delete
  4. කටානායක තුමා අර අන්තිම හරියෙ කෙකර ගාන්නෙ කොවිඩ් පැනිය ගහල ඇරලද. තමන්ගෙ වැරැද්දක් පෙන්නලා දුන්නම ඒකෙ යම් දෙයක් තියෙනවනම් අරගෙන හැදෙන එකයි බුද්ධිමත් කම කියලාවත් තේරෙන්න එපැයි.

    උඩින් සැම් මහත්තයා කියලා තියෙන කතාව අනුව නම් අනිත් අයගෙ අවයව හෝදන එක අපේ අයගෙ ඒ කාලෙ ඉඳන්ම පුරුද්ද වගේ.

    ReplyDelete
  5. Replies
    1. Praසන්ன, වහාම අපිට අලුත් ආණ්ඩුවක් ගේන්න වෙනවා. මේ යකාගේ මේ පුවක් ටික නතර කරගන්න වෙන්නේ නැහැ නැත්නම්...

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...