Saturday, July 20, 2024

695. බෙරේකිම් නිවුස් නොහොත් මෙන්න ළමයි මැටිවරන කොමිෂමෙං මේ දැන් නිකුත් කල අති විසේස නිවේදනයක්



සී ලංකාවේ ජනාපෙතිවරනයකට ඉදිරිපත්වන සෑම අපේක්ෂකයෙක්ම රාහු කාලය මඟහැර තම කේන්දර අනුව සුබ මුහුර්තයකිං නාම යෝජනා බාරදීම මෙතෙක් පැවති චාරිත්රයකි.

එබැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාපෙතිවරනයට ඉදිරිපත්වීමට අපේක්සා කරන සෑම අපේක්සකයෙක්ම තම කේන්දර පිටපතක් සහ උපන් වේලාව නොපමාව මැටිවරන කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මෙයිං දැනුං දෙමු.

එම කේන්ද්ර පිටපත සහ උපන් වේලාව රජයේ ලියාපදිංචි දෛවඥ මහතකු හෝ මහත්මියක විසින් සත්ය පිටපතක් ලෙස සහතික කොට තිබිය යුතුය.

එම කේන්දර පිටපත අනුව ඒ ඒ අපේක්ෂක/ෂිකාවන්ට නාම යෝජනා භාරදීමට සුදුසු දිනය සහ වේලාව කොමිෂම විසින් ඒ සඳහා විසේසයෙන් පත්කරන දෙස් විදෙස් පතල කීර්තිමත් දෛවඥ මහතකු/මහත්මියක විසින් ගනනය කොට ප්රකාසයට පත් කරනු ලැබේ..

ඒ අනුව මෙවර ජනාපෙතිවරන නාම යෝජනා බාරදීම මීට පෙර සිදුවූ පරිදි එක් දිනයක නියමිත වේලාවක් තුලදී නොව මාස කිහිපයක් තුලදී වුවද සිදුවිය හැක.

ජනාපෙතිවරනය පැවැත්විය යුතු කාලසීමාව ව්යවස්තාවෙන් පැහැදිලිව නියම කොට ඇති බැවින් මේ සඳහා ව්යවස්තාව සංසෝදනේ කොට එම සංසෝදනය පාර්ලිමේන්තුවේ 2/3 බහුතර චන්දයකින් මෙන්ම ජනමතවිචාරනයකින්ද අනුමතකොටගත යුතුය.

ඒ සඳහා අතිගරු ජනාපෙතිතුමා තම නොමසුරු සායෝගය සහ පූර්න අනුග්රහය ලබාදෙන බවට දැනටමත් කොමිසමට දිව්රා සහතික වී ඇත.

මේ හේතුකොටගෙන යම්ම යම්කිසි අපහසුවක් ඔබට සිදුවුවද පුරාන චාරිත්ර අකුරටම ඉටුකිරීමේ පරම අබිලාසයෙන් කෙරෙන මෙම සත්කාර්යයට සී ලම්කා වාසී ඔබ සැමගේ ආසිර්වාදය හිමිවනු ඇති බව මැටිවරන කොමිෂමේ අදහසයි..

තවද පුරාන චාරිත්ර රැකීමේ තවත් එක් ඉදිරිගාමී පියවරක් වසයෙං යම් අපේක්සක මහතකුට/මහත්මියකට කැමැත්තේ නම් වස්ත්රාභරණයෙන් සැරසූ ඇතකු හෝ අලියකු හෝ වෙනත් එවන් ඕනෑම සතෙකු පිට නැඟී පංච තූර්ය නාද සහිත පෙරහැරකින් නාම යෝජනා බාරදීම සඳහා පැමිණීමටද අවසර ඇත.

කේන්දරය සහ උපන් වේලාව අනුව නාම යෝජනා බාර දියයුතු සුබ මොහොත එලෙඹෙනුයේ රාත්රි කාලයක නම් පෙරහැර සඳහා විලක්කුද අලි ඇතුං සඳහා LED බලුප්ද භාවිතා කල හැක. මෙම පෙරහැරට රාජගිරිය මංසන්දියේ සිට මැතිවරන කොමිසම් කාර්යාලය දක්වා පැමිනීමට අවසර ඇත.

එලෙසම නාම යෝජනා බාරදීමට පෙර අවසන් මොහොතේ තම ආගමික චාරිත්ර ඉටුකිරීමට අවශ්ය යම් අපේක්සකයකු/ අපේක්සිකාවක වෙතොත් ඒ සඳහා මැතිවරන කොමිසම් පරිස්රයේ තාවකාලික සර්ව ආගමික මද්යස්තානයක් පිහිටුවීමටද කටයුතු කෙරෙනු ඇත.

5 comments:

  1. එහෙම තමයි ශ්‍රී ලංකාවෙ.බලන්න ශ්‍රී ලාංකීය ජනතාවගෙ අදහස් වලට සිතුම් පැතුම් වලට ගරු කරල මේ ජනාධිපතිවරන නාම යෝජනා නීති රීති නම්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න පුලුවන් අපූරුව. නියම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය ගැන ලෝකෙටම ආදර්ශයක්.
    ඊ ලඟට 2029දි ජනාධිපතිවරනයක් එනවනම් 2027 ඉඳලම නාම යෝජනා භාර ගන්න හැකි විදිහට පහසුකම් සැලසුවොත් නිස්කලන්කෙ මැතිවරන පවත්වන්න පුලුවනි.

    ReplyDelete
  2. රවීගෙ එෂැනින් පුවක් විස්තර පටන් ගන්න කාලෙ හරි වගේ. ඉස්සරහට හොද හොද සෙල්ලම් තියෙයි.

    ReplyDelete
  3. ලංකාවේ චන්දයක් තියයිද ?

    ReplyDelete
  4. විසේස නිවේදන ආයේ පටන් ගත්තද

    ReplyDelete
  5. එසේම රජය වෙනුවෙන් සියලු දෛවඥ කටයුතු මෙහෙයවීම සඳහා දෛවඥ දෙපාර්තමේන්තුවක් පිහිටුවීමටද දෛවඥ ඇමැටි, අදියක්ශ, ලේබම් ආදී තනතුරු සඳහා අටෝරාසියක් ඇති දෛවඥ/දෛවඥියන් ගෙන් සුදුස්සන් තෝරා පත් කිරීමටද මේ සියලු කටයුතු සඳහා පොරොතිපාදන ජහමනයාගෙන් අයකර ගැනීම සඳහා දෛව-අඥ බද්දක් අලුතින් පැනවීමටද අදහස් කෙරේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...