Thursday, February 11, 2010

28. මගේ චූටි නංගී................ දිනු

පුංචි කාලේ ඉඳන්
මාත් එක්කම හිටපු
පුංචිම කාලේ බටර් දාලා
මගේ අතින් අනපු

බත් ගුලි කාපු
බොරු තුවාල පෙන්නලා
මම ගැහුවා කියලා
අම්මාගෙන් මට ගුටි
ඉල්ලලා දීපු
මගෙන් ගුටි කාලා
අඬාගෙන දුවපු
අනිත් අතට ඇවිත්
අයෙත් කරදර කරපු
මගේ පාසල් මිතුරියන්ට
පේර ගෙඩි අල්ලස්
දීලා මගේ තොරතුරු
ඉල්ලපු
පස්සේ කාලේ අවැසි තැනදි
අවැසි ලෙසට මට
උදව් කරපු

මගේ මංගල්‍යයේදී
දෙවැනියකව ඉඳිමින්
ඉකි බිඳ බිඳ හඬපු
දූ ලැබෙන්න යන විටදී
මට ඇඳුම් සකසා දීපු
දූට අන්දවන්න
පුංචිම පුංචි ඇඳුම් පොඩි
මහලා දීපු
දැනටත් වෙලාවකට ඇණයක්
වෙලා මගේ ලඟින් ඉන්න
මගේ ආදර චූටි නංගියාට බුදු සරණයි !!!

ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා !!!!!!!! දිනු‍

පසු ලිවීම
අද මේ ලිපිය පල කලද නංගීගේ උපන් දිනය තිබුනේ ඊයේ දිනයෙයි
පෙර ලිපියේ සඳහන් 'අපේ බබා' මෙයා තමයි.

9 comments:

  1. ඔන්න ඔයාගෙ චූටි නංගිට අපිත් සුබ උපන්දිනයක් කිව්වා කියන්න.

    ReplyDelete
  2. ආ.... චුච්චං නංගී,
    සුබ උපන් දිනයක්!!

    ReplyDelete
  3. oyge nangita magenuth suba pathum.paw nangi. anayak kiyalath kiwwane.oyata nam enne maru adahas neda akke

    ReplyDelete
  4. akke oyage nagita kiyanna mama kiuwa kiyala suba upan dinayak kiyala.

    ReplyDelete
  5. අපිත් සුභ උපන් දිනක් කිව්ව කියන්න.

    ReplyDelete
  6. සුබ උපන්දිනයක් වේවායි පතනවා මමත්.

    ReplyDelete
  7. පරක්කු වෙලා උනත් නංගිට සුභ උපන්දිනයක්!!

    ReplyDelete
  8. Suba upandinayak........ attama jeewitha wala hati

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...