
කළුයි
සැමියාගේ මහ ගෙදර අය
සුදුයි
ඉස්සර මමත් කළුයි
සැමියා පෙම්වතා ව
මුණ ගැසුණු යුගයේ පටන්
මගේ පාට වෙනස් වෙන්න
පටන් ගත්තා
පෙම්වතා සැමියා වෙද්දී
මගේ පාට බොහෝ දුරටම
වෙනස් වෙලා
තිබුණා
දැන් මම
සම්පූර්ණයෙන් අළු වෙලා
එහෙම නොවුනා නම්
...........................................
ඉක්මනින් ම අළුවෙලාම
යන්න තිබුණා

අනේ අනේ ලිපි ලියන එක අයින් කරලා එ් පාර තේරවිලි ලියන්න ගත්තද?
ReplyDeleteකොහොම වුනත් අළුවෙන්න කලින් අළුවුන එක හොන්දයි :D
lassanai.
ReplyDeleteසමාජයක් එක්ක ගැටෙද්දි බාහිර දේවල් මග ඇරල සම්පූර්ණයෙන්ම අපිට අපි හැටියට පවතින්න සෑහෙන අමාරුයි. කාලයත් එක්ක නොයෙක් හැල හැප්පීම් එක්ක ජීවිතේ ඉදිරියට ගෙවෙද්දි කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ වර්ණ හැඩතල ගන්න සිදුවෙනවා අපට.එතනයි අපේ රදාපැවැත්ම තියෙන්නෙ.
ReplyDeleteනියමයි!
අළු වෙන්න කළින් අලු වෙන එක හොඳ ඇයි ? අනේ මන්දා.. හරිම ඛේදවාචකයක්. :(
ReplyDeleteකවිය අගෙයි. ලොකු කතාවක් කියනවා. අපි හැමෝගෙම ඛේදවාචකය.
ඒ කියන්නේ ගත කළු සිත අළු නේද? බැන්දන් පස්සේ දෙපැත්ත බැලන්ස් කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා. පොඩ්ඩක් වැරදුනොත් හිතක් රිදෙන්න පුළුවන්.
ReplyDeleteඅනුවර්තනය! :)
ReplyDelete@ Shaku-
ReplyDeleteIts not adaptation ...
Its Dominance, I think...