
ඊයේ උදෑසන කන්තෝරුවේ කෑම කාමරයේදී උදේ ආහාරය ගන්නා'තර කන්තෝරුවේ කෙනෙක් ඇවිත් මා ඉදිරිපසින් හිඳගෙන දිනට නියමිත ලංකාදීප පත්තරය දිග හැර ගත්තේය. සාමාන්‍යයෙන් අපිට හුරු පුරුදු වචන අහල පහල තිබෙන විට ඇස එදෙසට යන්නේ නිරායාසයෙන් බව මා මෙන්ම ඔබද අත්දැක ඇතැයි සිතමි. පත්තරය මට පෙනුනේ උඩු අතින් වුවද එහි මාතෘකාවක තිබූ 'රණවිර' යන නම මා නෙත ගැටුනේ පෙර කී කාරණය නිසාවෙන් විය හැක. එය දුටු සැනින් නුහුරු අතට වුවද සම්පූර්ණ මාතෘකාව ම කියවා ගතිමි.
'ප්‍රවීණ ගත් කතු ඊවා රණවීර අභවප්‍රාප්ත වෙයි'

මමද රණවීර කෙනෙකු බැවින් (රණවීර යනු මගේ වාසගම නොවේ,එය තාත්තාගේ උවමනාව පිට දමන ලද මගේ නමේම කොටසකි) කෙනෙකුට ඇය මාගේ නෑදෑයකු යැයි සිතෙන්නට පුළුවන. නැත. එය එසේ නොවේ.
ඇයව ප්‍රථම වරට මා හඳුනා ගත්තේ මා කුඩා අවදියේදිය. ඇයගේ තිබූ සමාජ දැක්මත්, බහුශ්‍රැත භාවයත්, උගත් බුද්ධිමත් භාවයත් මාගේ ජීවන දැක්ම හැඩ ගැස්වීමට ඉමහත් උපකාරයක් වී යැයි මට වදන් පිට වදන් ගැට ගසමින් දීරඝ රචනයක් සම්පාදනය කල හැක. එහෙත් එය සත්‍යයක් නොවන්නේ, මා එකල එලෙස ඇයගෙන් නියම පල ප්‍රයෝජනය ගැනීමට තරම් මුහුකුරා නොසිටිය බැවිනි. එබැවින් මම එසේ නොලියමි. එසේ ලියන්නට හැකියාවක් ඇති අය නොලියන බැවින් මම මෙසේ ලියමි.

ඔවුන් දෙදෙනා අපට 'ලොකු මිස්' සහ 'පොඩි මිස්' විය. ලොකු මිස් ගෙදරට එන්නේ පංති ඇරෙන්නට කිට්ටුව බැවිනුත් අපේ ගෙදරින් එක්කාගෙන යාමට එන්න බොහෝ විට පමා වන බැවිනුත් අනෙක් ළමුන්ට වඩා ඇය අප තිදෙනට සමීප විය. මම අද ඇය ගැන දන්නා පමණ එදා දැන නොසිටියෙමි. එබැවින් අද පුදුම වෙමි. ඒ ඇයගේ නිරහංකාර නිරපේක්ෂ ස්වභාවය නිසාය. වෙනත් කෙනෙකු ඇයගේ තත්ත්වයේ සිටියා නම් තාප්පය ඊට වඩා උස් වී දීර්ඝ විස්තරයක් සහිතව නම දැක්වෙන බෝඩ් කැබැල්ලක්ද ඇලවෙන්නට ඉඩ තිබිණ. ගේට්ටුව, දෙපස පෙනෙන ආකාරයේ නොවන්ට ඉඩ තිබිණ. නිවසද වඩා සුඛොපභෝගී වන්නට ඉඩ තිබිණ. සුනඛ සේනාවේ ස්වභාවය ද වෙනත් ආකාරයක් ගන්නට ඉඩ තිබිණ.
ඇය 'කාන්තා හඬ' යන්නට නියම අර්ථ කථනයක් දුන් බව සිතමි. ඇය හඬක් හා ශක්තියක් වුයේ මිනිස් කාන්තාවට පමණක් නොවේ. ඔවුන්ගේ නිවසේ අසරණ භාවයට පත් බැල්ලන් හතර දෙනෙකු යහපත් ලෙසින් සැප විඳමින් හැදුනෝය. මට මතක ආකාරයට ඔවුන්, ' ටයිනි, ටෙඩි, බ්ලැකි, වයිටි,'විය. ඔවුන් දකින කෙනෙක් පාරේ අසරණ වූ එවුන් බව නොසිතනු ඇත. ඒ ගේට්ටුව ඇතුලේය. එයට අමතරව ගේට්ටුවට පිටතින් ද පැටවකු ලැබීමට ආසන්න ව සිටි බැල්ලක ඔවුන්ගේ සරණ ලැබුවාය. ඇයට අවශ්‍ය විටමින් වර්ග පවා ඔවුන් ලබා දෙන ලදී. මා මේ කියන්නේ මා ඔවුන් ඇසුරේ සිටි අවුරුදු දෙකකට නොඅඩු කාලය පිළිබඳවයි. ඊට පසු ඉහත කී ගණන් ප්‍රමාණත්මකව ඉහල යන්නට ඇතැයි සිතමි.
කාන්තාවන් හා එක්ව ඔවුන්ගේ ගැටළු හා ගැටී රණවීර සොයුරියන් හට විවාහය ද එපා වන්නට ඇතැයි සිතමි. දෙදෙනාම අවිවාහක විය. ඉතාමත් ලබැඳි සොයුරියන් වු ඔවුන්ගේ නෑදැයන් සියලුම දෙනා පාහේ මා දන්නා තරමින් සිටියේ පිටරට වලය. ඔවුන් දෙදෙනා පමණක් මෙහි රැඳී සිටිය අතර එයින් ඊවා රණවීර මහත්මිය කාන්තාවන් උදෙසා නිහඬ නමුත් ප්‍රබල සේවයක් කල බව දන්නේ අතලොස්සක් පමණක් වන්නේ ඇයගේ සේවයේ තිබූ අනපේක්ෂිත නිහඬ බව නිසාමය. ඇත්තම පවසනවා නම් ඇයගේ සේවය පැතුරුනු පරාසය පිළිබඳ නිවැරදි පුළුල් හැඟීමක්, පෙරදින පුවත් පතේ දකිනතුරුවත් මා හට නොවීය.
ඇය විසින් සම්පාදිත පොත්, ඇය විසින් කරන ලද මෙහෙය දීර්ඝ වශයෙන් මෙහි සටහන් කරන්නට නොයන්නේ, ඈ පිළිබඳ නියම ලෙසට දන්නා අය ඒ සැම දේ පිළිබඳව දන්නා නිසාත් මා ඒ පිළිබඳ ව විස්තර සහිතව නොදන්නා නිසාත්ය. මේ සටහන තබන්නට හේතු වූයේ එවන් කාන්තාවකට මේ ආකාරයෙන් වත් උපහාරයක් දැක්විය යුතු යැයි සිතුණු බැවිනි. තවද ඇයගේ සමු ගැන්ම නොදන්නා යම් සහෘදයකු වේනම් ඒ අයට දැන ගැනීම පිණිසත්ය. 'නිසල ජලේ ගැඹුරුයි' යන වැකියේ ඇති සත්‍යයතාව පසක් කරමින් ජීවත් වූ ඇය, 'රූපය දිරයි නාමය නොදිරයි' යන වැකියේ සත්‍යයතාව පසක් කරමින් අවුරුදු 86 කට ආසන්න කාලයක් ජීවත්ව සිට අභාවප්‍රාප්ත වූයේ ඇයගේ සේවය ලැබූ අසරණ වූ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ සහ අප වැනි අයගේ නෙතට කඳුළක් එක් කරමිනි.
'ඊවා රණවීර මෙනවියනි, ඔබ ජීවත්ව සිටියදී පැතූ පැතුම් ඉටු වේවා !!!'
ඒ ඇයගේ නිරහංකාර නිරපේක්ෂ ස්වභාවය නිසාය. වෙනත් කෙනෙකු ඇයගේ තත්ත්වයේ සිටියා නම් තාප්පය ඊට වඩා උස් වී දීර්ඝ විස්තරයක් සහිතව නම දැක්වෙන බෝඩ් කැබැල්ලක්ද ඇලවෙන්නට ඉඩ තිබිණ. ගේට්ටුව, දෙපස පෙනෙන ආකාරයේ නොවන්ට ඉඩ තිබිණ. නිවසද වඩා සුඛොපභෝගී වන්නට ඉඩ තිබිණ. සුනඛ සේනාවේ ස්වභාවය ද වෙනත් ආකාරයක් ගන්නට ඉඩ තිබිණ
ReplyDelete~~ උපන් දැයට සමාජයට
ReplyDeleteවිය යුතු යුතුකම් ඉටුකොට
ගියත් දමා අප තනිකොට
ණය නැත ඔබ මව් පොළවට....
This comment has been removed by a blog administrator.
ReplyDeleteඅනේ.. මොනා කරන්නද අපි හැමෝටම කවදා හරි යන්න වෙනවානේ.. යන්න කලින් ඊවා වගේ අපිත් පුළුවන් විදියට හොද වැඩක් රටට කරලා යන්න බලමු.
ReplyDeleteඅයියෝ..
ReplyDeleteහ්ම්ම්,, මම දැන් තමා දැන ගත්තේ, මේ කවුද කියලා.. හොද කෙනෙක් නේ..
ReplyDelete