
මගී රියතුල ඇඟට වදදෙන
පස් කඳට විරු'ධව
සියලු වෙර ගෙන යුධ වදින
ඈ අසරණයි තනිවම
දකින මිනිසුනේ ! කිම්ද නිහඬව
බලව ! නෙත් දෙක හැර
ඔබේ දුවණිද, මව්ද, සොයුරිද,
නොකර තව අසරණ
"අනෙක් කතුනට කුමක් වූවද
අනේ මට මොකදා
දුවක් ගෙයි ඇත මවද එහි ඇත
නොමැත කිසි වරදා
වියත් වැකි මැද සමුළුවක් ඇත
තෙවැනි මස අට වැනිදා
"කතුන් සුරකිමු" කෑ ගසමි මම
එදින හැම පරදා"
ඇයිද මිනිසුනි මෙසේ සිතමින්
යන්නේ නෙත් අඳ ලෙසින්
ඇයද බිරිඳකි, මවකි කෙනෙකුට
ඔබේ සොඳුරිය මෙන්
වෙන්න එක් වී පිහිට ඇයහට
මග නොහැර විගසින්
නැතොත් නැත දොස නැගෙන සැකයට
ඔබත් කෙනෙකි'යි එවන්

ගොඩක් හොද වටින නිර්මාණයක්
ReplyDeleteඕක අපේ සමාජයේ තියෙන පොදු දෝෂයක් නංගියේ. තමන්ගේ එකෙකුට ඔය දේ වුණාම ඒකට එරෙහිව දඟලන උන්ම අනුන්ට ඔය දේ වුණාම ගානක් නැතිව ඉන්නවා.අනේ අපේ මොකෝ කියලා.
ReplyDeleteරට ගැන වුණත් එච්චරයි. රටේ පොදු යහපත ගැන හිතන එක යටපත්වෙලා මිනිස්සු තමන්ගේ පටු අරමුණු ඉදිරියට ගෙනත් තියෙන්නෙත් ඒ නිසයි.
ඒ වගේම හුඟක් දේවල් ගැන හඬ නගන මිනිස්සුත් ඒ දේවල් කරන්නේ ඇත්ත වුවමනාවකින් නෙවෙයි. එක්කෝ ඒකට කවුරු හරි ගෙවනවා. එහෙම නැත්නම් ඒකෙන් ලැබෙන සමාජ ප්‍රතිරූපය ඔවුන් ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Thejan
http://lankanthoughts.blogpsot.com
ඔබේ අඩවිය සින්ඩිකේටරයේ දිස්වීමේ ගැටලුව දැන් නිරාකරණය වී ඇතැයි සිතමි.
ReplyDelete