Wednesday, March 31, 2010

40. මස්, මාළු, බිත්තර සහ අපි.

අපි බොහොමයක් දෙනා මස් මාංශ අනුභව කරන්නෙමු. සමහර පුද්ගලයින් බොහෝ සෙයින් අනුභව කරන අතර තවත් සමහරෙක් සුළු වශයෙන්.

එයින් යම් පාපයක් සිදුවන බව සාකච්ඡාවට ලක් වුනත් තවත් කෙනෙකු පාපයක් නොවන ආකාරයෙන් මාංශ අනුභව කරන ආකාරය පැහැදිලි කරන අයුරුත් දැක ගන්නට ලැබෙනවා දැන් දැන්.

ඒ කොහොම වුනත් ඒ පිළිබඳ ව සමාජය, ආගමික වශයෙන් මෙන්ම, එකම ආගමෙත් සමහර විට වෙනත් අන්ත දෙකක රැඳී අර්ථ දක්වන බව පෙනී යන කරුණක්.

බෞද්ධ කෙනෙකු වශයෙන් මා දරන මතයට මුස්ලිම් කෙනෙකු වශයෙන් ඔබද එකඟ වන්න පුළුවන්. බෞද්ධ කෙනෙකු ම වශයෙන් ඔබ එරෙහි වන්නත් පුළුවන්.

මේ පිළිබඳ බ්ලොග් අවකාශයේ සරනා ඔබ සැමගේ සිතුවිලි දැන ගැනීමට සතුටුයි.

අනතුරුව ඒ සිතුවිලිත්, පොතේ පතේ තිබෙන සිතුවිලිත්, තවත් අයගේ සිතුවිලිත්, මගේ සිතුවිලිත් එක්ව ගෙන සළකා බැලීමෙන් අනතුරුව, නිදහස් සිතුවිලි තුලින් ඒ සිතුවිලි සියල්ල සම්පිණ්ඩනය කර දක්වන්නයි මගේ බලාපොරොත්තුව.

ඒ සඳහා මා විසින් සකසා ඇති පිළිතුරු අතරින් ඔබගේ පිළිතුරු වෙත ඡන්දය ලබා දෙන්න. (පිළිතුරු දෙකකට වුවද ඡන්දය භාවිතා කල හැක).







46 comments:

  1. මෙන්න දැම්මා අපි...
    හොර කරන්න බෑ ඔන්න...

    /බිඟුවා...!

    ReplyDelete
    Replies
    1. මෙහි කමෙන්ට් කරන සගයිනි, මෙයට බුද්ධාගම වත් වෙන ආගමක් වත් අවශ්ය නොවේ. ඔබගේ තර්කික ඥානය මනුශ්‍යත්වය සමග එකතු කොට සිතන්න.ඔබට ඉඳිකටුවක් ඇනුනත් ඔබ කැමති නැත.ඉතින් ඒ දුර්වල අහින්සක සතුනුත් එවැනියි.අපිට විරුද්ධව සටන් කිරීමට බැරි නිසා අපේ හයිකාරකම නිසා ඒ අසරන්යන්ගේ දරුවා ,අම්මා මරා කන එක කොයි තරම් මානුශිකද බලන්න.
      මුහුදෙහිදී මාලු පැටව් ,මව් මාලුවී වටේටම යන්නෙ ඇයි?අම්ම දරුවා සම්බන්ධතාවය දැනෙන නිසාය.වහින වෙලාවට කිකිලිය ,කුකුල් පැටියන් පියාපත් යටට කර ආරක්ශා කරනවා මම දැක ඇත්තෙමි.ඔබට විනාඩි 2 නහය වසා සිටිය හැකිද?මාලුවා වතුරෙන් එලියට දැමූ විට හුස්ම ගැනීමට බැරිව ඌ දඟලන හැටි දැක තිබේද? ලොකු මාලු මැරෙන්න පමා වෙනකොට පොලු වලින් ගහ ගහා උන්ව මරනවා.හරක්,ඌරන්,කුකුලන් ගැන කියා කුමටද? ඔබේ දරුවා පුලුන් කොට්ටය උඩ තබ උගේ දරුවගේ මස් ඔබ කන්නේ මොන හිතකින්ද? අත්තානං උපමං කත්වා, තමව උපමාවට ගෙන අනුන්ටහිංසා නොකරන්න කියල බුදුන් දේශනා කලා.ආඅගම ඕනි නැහැ.ඔබගේ බුද්ධියට කතා කරන්න.කුනු රස,ලේ මාංශ රස ඉල්ලන ඔබේ දිවේ රස අංකුර වලට කියන්න, ඒ ගහක හැද් එන ගෙඩියක් නෙමෙයි.අසරන සතෙකුගෙ දුක්,වේදනා,අසරනකම,දරුදුක තමය් මේ ලුනු,මිරිස් දාගෙන කන්නෙ කියලා.ඒ පව් කාරකම සාධාරනීය කරන්නට මගෙ උතුම් බුදු හාමුදුරුවෝ ගාව ගන්න එපා.එතුමා උතුමෙක්.තිරිසනාගෙ ජීවත් වීමෙ අය්තිය ඉහලින්ම පැතූ මිනිසෙක්.

      Delete
  2. මාත් දැම්මා ... ඔකේ ප්‍රතිපලය මොකක් උනත්

    මට ඔනේ නම් මං කනවා නැත්නම් නැහැ ... මම ඔය මොකක්ද එක හොය හොය ඉන්නනෙ නැහැ

    හිකිස්

    ReplyDelete
  3. @ Bingu,

    හොර බොරු කරන්නේ නැහැ අයියේ, ෂුවර් තමයි

    ReplyDelete
  4. @ වැප්,

    'මම ඔය මොකක්ද එක හොය හොය ඉන්නනෙ නැහැ'

    මොකක්ද එක නෙමෙයි ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය

    ReplyDelete
  5. මෙය ආගම සම්බන්ධ ප්‍රශ්නයක් නොව ආර්ථික විද්‍යාව හා සම්බන්ධ ප්‍රශ්නයකි. නිෂ්පාදකයකු යම් නිෂ්පාදනයක් කරන්නේ පාරිභෝගිකයකු ඉන්නා බැවිනි. මේ නිසා අප පරිභෝජනය කරන හැම මාංශයක්ම අප වෙනුවෙන්ම පිළියෙළ කරන ලද ඒවාය. මෙය මිළදී නොගන්නා මාංශයන්ටද සමහරවිට අදාළය. ඔන්න බිම වැටී ඇති මසක් ගෙන ගොස් අනුභව කළේ නම් එය තමන් වෙනුවෙන් පිළියෙළ නොකළ එකකැයි කිව හැකිය.

    ReplyDelete
  6. මට හිතෙන්නේ taboo කියන කතාව හරී!

    ReplyDelete
  7. පළමුවැන්න ඇරුනාම අනිත් දෙකම අදාලයි..... ඉල්ලුම තියෙනවනම් අනිවාර්යෙන් සැපයුමත් තියෙනව... එක්කො මේව ගැන හිතල උම්බලකඩයක්වත් නොකා ඉන්න ඕනෙ නැත්නම් ඔක්කොම අල්ලලා දාල කන්න ඕනෙ.......

    ReplyDelete
  8. තෝර තෝරා කෑමේ සුපෝපබෝගී වාසනාව මේ ලෝකෙ තියෙන්නෙ බොහොම සුලු දෙනාටයී. මොකෝ මම නිසා නොමැරුවා කියලා කුකුලාට රිදෙන්නේ නැතිවයැ. ලැබෙන දෙයක් කාලා පිං අතේ වැඩක් කරගෙන ඉන්න එකයී තියෙන්නේ.

    ReplyDelete
  9. මන්දා මම අන් අයගේ ජිවිතයක් ගන්න එක පව්. ඒ වුනට මම හිතන්නේ මස් මංශවලින් වැලකෙන්න පුලුවන්නම් හොදයි. නමුත් ඉතින් මෙහම කියන මමත් තාම මස් කනවා.

    ReplyDelete
  10. What about eating vegetables and grains? Is it free from "sins"?

    The cultivation of crops invariably requires the use of pest control, which range from repelling pests to killing pests. Use of pesticides is one example. Besides, the preparation of soil result in thousand deaths of worms living in the soil.

    We pay a visit to the shop and buy rice, vegetables, and meat knowing beings are killed to produce these food for us.

    On this principle, there is nothing that makes meat "sinful" and vegetables "free from sins".

    Use of animal products for other purposes (eg. leather wallets, bags, belts, shoes) is no different to eating meat as well.

    Buying a kilo of beef or a bag made of cow-hide has no difference.

    ReplyDelete
  11. ටැබූගේ කතාවට එකඟ වන අතරම කොලූගේ කටේ කුකුල් කකුලක් එබිය යුතු බවට මම යෝජනා කරමි.

    ReplyDelete
  12. හාල් මැස්සො කන එකට වඩා හරක් මස් කන එක "පව් අඩු" වැඩක් ද? එක වේලකට හාල් මැස්සො කෑවත් සත්තු 10-15ක් විතර මැරෙනවා. අවුරුද්දකටම කන්න එක හරකෙක් ඇති නේද? ඒ වෙනුවට හාල් මැස්සො කෑවොත් කී දාහක් විතර මරන්න වෙනවද?

    ReplyDelete
  13. රෑට බූරුව ගහන, කසිප්පු බොන බුවාලා ප්‍රාණ ඝාත අකුසල කර්මයෙන් බෙරිලා බයිට් එකට හරක් මස් ගන්න විදියක් තියනවා. කොහේ හරි ගහක බැඳලා ඉන්න හරකෙක්ගෙ කකුල කපලා, ඒ වෙනුවට පොල්පිත්තක් ගහලා එනවා. (නැත්තං හරකා බිම වැටිලා, ඌට රිදෙන නිසා). මස් ගන්න හරක මැරුවෙ නැති නිසා, ප්‍රාණ ඝාත අකුසල කර්මය සිද්ධ වෙන්නෙ නැහැ. බැරි වෙලාවත් ලේ ගිහිල්ලා හරකා මැරුනත්, මරන්න අදහසක් කොහෙත්තම තිබ්බෙ නැති නිසා, ප්‍රාණ ඝාත අකුසල කර්මය සිද්ධ වෙන්නෙ නැහැ.

    ReplyDelete
  14. එළවළු/පලතුරු කෑම මස් කෑමෙන් වෙනස් වන්නේ කෙසේද?, සත්ත්ව කොටස් වලින් තැනූ භාණ්ඩ භාවිතය සුදුසුද?, හාල්මැස්සන් කෑම හා හරක් මස් කෑම අතර ඇති සමානකම් වෙනස්කම් මොනවාද? වැනි ප්‍රශ්න සියල්ලටම මීට වසර 2,500කට පමණ පෙර සිටි ගෞතම බුද්ධ නම් කෙනෙකු ඉතාම පැහැදිළිව (plainly, unambiguously and explicitly) පිළිතුරු දී ඇත. ඒ ගැන නොදන්නා කෙනකු වෙත් නම්, සිවුරු පොරවා ගත් සොරකුගෙන් නොව, සැබෑ ගෞතම බුද්ධ ශ්‍රාවකයකුගෙන් අසා දැන ගන්න.

    මම බෞද්ධයක් නොවෙමි.බෞද්ධයන්ය කියන අයටත් ගෞතම බුද්ධ ධර්මය කියා දෙන්නට මට සිදුවීම අවාසනාවක්ද විහිළුවක්ද නොදනිමි.

    - Taboo

    ReplyDelete
  15. සරලව කීවොත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හා ත්‍රිකෝටි පාරිශුද්ධ නොවන මාංශය
    යනුවෙන් මාංශයන් වර්ග කළ හැකිය. මෙහිදී වක්‍රකාරව හෝ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ
    වෙන්නේ ත්‍රිකෝටි පාරිශද්ධ නොවන මාංශය අනුභවයෙන් පමණි. ත්‍රිකෝටි පාරිශද්ධ
    මාංශය ආහාරයට ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලයක් සිදුනොවේ.

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු
    1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
    3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
    මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා
    බුදුරදුන් හමුවට ගොස් තමන් වහන්සේ උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ
    කතාවක් පැතිරී තිබෙන බවත්, එය සත්‍යක් දැයි විමසා සිටියේය. එහිදී බුදුන් වහන්සේ
    ජීවකට කරුණු පැහැදිලි කර දෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු 3කින්
    පිරිසිඳු වූ මස් මාංශ වැළඳීම එනම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කරන බවත්
    පැවසූහ.

    http://groups.google.com/group/dhammamedicine/browse_thread/thread/c92537d1db865c8a/fa2802bad54d59da?hl=en#fa2802bad54d59da

    ReplyDelete
    Replies
    1. ithin bn me kana minissu wenuwenne marane...
      etakota kaden mas genalla kawath paw,,
      onna utama kanna kiyala marapu mas tikak illagena kawanan hari

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මීට වසර 2,500කට පමණ පෙර සිටි ගෞතම බුද්ධ නම් කෙනෙකු ඉතාම පැහැදිළිව (plainly, unambiguously and explicitly) පිළිතුරු දී ඇති නමුත්, අද ඉන්නා බක පණ්ඩිතයෝ බුද්ධටත් වඩා බෞද්ධ අන්තගාමී වී, "විකිණීමට ඇති මස්, මිලදී ගන්නා සඳහාම පිළියෙල වූවකි" යනුවෙන් අලුත් බනක් කියති. විකිණීමට ඇති එලවලුද මිලදී ගන්නා සඳහාම පිලියෙල කර ඇති බවත්, එහෙයින්ම පලිබෝධ නාශනයද මිලදී ගන්නා සඳහාම සිදු කර ඇති බවත් සඳහන් කරන විට මොවූහු කුලප්පු වීම දැක ගත හැකි වීම විහිළුවක් වෙන්ම වාසනාවක් ද වේ.

    ReplyDelete
  18. තරිඳු,

    බුදුන් වහන්සේ ඇතුලු සංඝයා වහන්සේගේ ආහාරය සඳහාම සීහ සේනාපති විසින් වෙලඳ පොලෙන් මිලදී ගත් මස්, ත්‍රිකෝටික පාරිශුද්ධ බව පහත සඳහන් ලිපියෙන් කියවෙනවා.

    http://sathmaga.org/2010/03/21/buddhist-opinion-on-eating-meat/
    -රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, පූජ්‍ය ආචාර්ය විලේගොඩ අරියදේව හිමි

    විකිණීමට සූදානම් කර ඇති, වෙලඳ පොලෙන් අප මිල දී ගන්නා මස් සහ සීහ සේනාපති මිලදී ගත් මස් අතර ත්‍රිකෝටික පාරිශුද්ධ භාවයෙන් වෙනසක් තියනවාද?

    කෙනෙකු වෙලඳ පොලෙන් එළු මස් මිල දී ගැනීමේදී, එම එළුවා, එම පුද්ගලයා වෙනුවෙන් ම මරා නැත. ඕනැම කෙනෙකුට මුදල් ගෙවා එම මස් මිලදී ගත හැක. සමහර විට ඉහත කී පුද්ගලයා ප්‍රමාද වුවහොත්, එළු මස් විකිණී අවසන් වී, ඔහුට එළු මස් නොලැබෙනු ඇත.

    ඉහත කී පුද්ගලයා කිසි විටෙකත් තමන් වෙනුවෙන් එලුවෙකු මරා මස් පිළියෙල කර තබන්නැයි කියා වෙලෙඳාට කියා නැත. ඔහු මීට කලින් එළු මස් මිල දී ගත් අයෙක් නම්, නැවතත් එළු මස් මිල දී ගනු ඇතැයි යන උප්කල්පනයෙන්, වෙලෙඳා ඉහත කී එළුවා මරා මස් පිළියෙල කළ බව විය හැක.

    අනිත් අතට ඉහත කී පුද්ගලයා පලමු වරට එළු මස් මිල දී ගන්නේ නම්, මින් පෙර ඔහු එළු මස් මිල දී ගෙන නොමැති නිසා, ඔහු කිසිම ලෙසකින් වත් තමන් වෙනුවෙන් මස් පිළියෙල කරන ලෙස වෙලෙන්ඳාට වක්‍රාකාරෙයෙන් වත් ඉඟි කොට නැත.

    "මස් මිල දී ගන්න නිසා නෙ මසට මරන්නේ..ඒ නිසා ත්‍රිකෝටික පාරිශුද්ධ නැහැ" යන තර්කය හරි නම්, "මස් පිණිස මැරූ සතුන්ගේ මස් කන නිසා නෙ මසට මරන්නේ. මසට මැරූ සතුන්ගේ මස් කන්නෙ නැත්තං, මසට මරන්නෙත් නැහැ නෙ..ඒ නිසා මසට මරපු සතුන්ගෙ මස් ත්‍රිකෝටික පාරිශුද්ධ නැහැ" යනුවෙන්ද තර්ක කර හැකිය. එසේ නම් බොහොම සරලවම, "මසට මැරූ සතුන්ගේ මස් ත්‍රිකෝටික පාරිශුද්ධ නොවේ" යැයි බුදුන් වහන්සේ දෙසනු ඇත.

    මස් මිල දී ගැනීම නිසා සතුන් මැරෙන බව නම් සැබැවකි. මස් කැම මෙන්ම එලවලු කෑමෙන්ද, සබන් ගැමෙන්ද, හම් පටි සපත්තු පැලඳීමෙන්ද වක්‍රාකාරයෙන් සතුන් මරණයට පත් වේ, සතුන් දුකට පත් වේ. සරලවම, අපගේ පැවැත්ම නිසාම වෙනත් සතුන් මරණයට හා දුකට පත් වේ. සිංහ සේනාපති මෙන්, වෙලඳ පොලෙන් මිලදී ගත් මස් කෑමෙන් අමුතු පවක් සිදු වෙන්නේ නොමැත.

    විස්තර:
    http://www.buddhanet.net/ans45.htm

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. @Ranaweera
    මගේ කෙටි උපහාසාත්මක පිලිතුර නිසා මා වරදවා වටහා ගත් බවයි මට පෙනෙන්නේ. විනය නීති රීති සහ එහි භාවිතය ගැන ලිපියක් ලියන්න කාලයක් තිස්සේ හිතාගෙන හිටියත්, කාල වේලාව ප්‍රශ්නය නිසා කරන්න බැරි උනා. ඒත් මම කෙටියෙන් මේ පිලිතුර දෙන්නම්.

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ ගැන ප්‍රශ්නය තියෙන්නෙ භික්ෂුන්ට විතරයි. ඒ නිසා ඇයි අපි මේ උඩ පනින්නේ. නරකද මාංශයේ සුද්ධ බව හොයන්න ගතකරන මේ වෙලාවේ පන්සිල් පද 5 රැකගන්න උත්සාහ කරන එක. ඒකයි මමත් කොලූ කියන තියෙන දෙයක් කාල පින් අතේ වැඩක් කරගන්න කියන දේට එකඟ.

    මේකත් නිකන් හරියට කෙලින්ම විදර්ශනා වඩන්න උගන්නන අපේ සමහර හාමුදුරුවරු වගේ.

    ReplyDelete
  22. තරිඳු,

    "ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ ගැන ප්‍රශ්නය තියෙන්නෙ භික්ෂුන්ට විතරයි. ඒ නිසා ඇයි අපි මේ උඩ පනින්නේ"


    ඒකත් එහෙමද? බුදු හාමුදුරුවො භික්ෂූන් වෙනුවෙන් ඔය "ත්‍රිකෝටික පාරිශුද්ධ භාවය" ගැන කිව්වත්, මං තේරුම් අරං හිටියෙ ඒක හැමෝටම අදාලයි කියලා. එතකොට ගිහියෙක් වෙනුවෙන් ම මැරූ සතෙක්ගෙ මස් කන එකෙන් ගිහියට පවක් වෙන්නෙ නැද්ද?

    ReplyDelete
  23. @ Taboo,
    ඔබගේ අදහස තර්කානුකූලයි වගේම එකඟ වෙන්න පුළුවන් අදහසක්

    @ Kirigalpoththa,
    ඔව් මටත් එහෙම හිතෙනවා

    @ විශ්මි,
    ඒත් සමහර අය හිතනවා සැපයුම නිසා ඉල්ලුම ඇති වෙලා කියා.

    @ V,
    අපි බොහොම දෙනෙක් එහෙම තමයි නේද?

    ReplyDelete
  24. @ චතු,
    ස්තුතියි මල්ලී. ඔයාගේ කොමෙන්ටුවෙන් කොටසක් මා විසින් උපුටා ගන්නා ලදී. ස්තුතියි නැවතත්.

    @ Tharindu,
    :-)

    @ Ranaweera,
    මෙතනදී ඔබ උපහාසය මතු කරනු පිණිස සමහර කරුණු භාවිතා කලත් මෙවැනි තර්ක ඇත්තටම ගෙනෙන අයත් නැතිවාම නොවෙයි.

    ReplyDelete
  25. මම නම් බීෆ් පෝර්ක් චිකන් මාළු ඕනෑ දෙයක් කන නිසා ඔනන් ඒකට අදාල එකට ඡන්දේ දුන්නා

    ReplyDelete
  26. මොන අහේතුවක් ද මන්දා..මටත් ඕවා නැතුව බෑ අනේ. මාත් vote කරා.

    ReplyDelete
  27. @ දුකා,
    අනේ මන්දා අයියා මට බැනලාද කියලත් හිතෙනවා. 'මම මාංශ භක්ෂණය කරන නිසා මට අදාල නැත' කියලත් උත්තරයක් තිබ්බා නම් හරි වගේද? :-)

    @ නිල් අහස,
    ස්තුතියි සහෝදරී

    ReplyDelete
  28. මමත් ඡන්දෙ දැම්මා. රන්දිල් අමුතුම දේවල් වලටනේ ඡන්ද තියන්නෙ. බලමුකෝ.....

    ReplyDelete
  29. @ බුද්ධි,

    හොඳයි. බලමු නේද? ඡන්ද ප්‍රථිඵලය කොහොම වෙයිද කියලා.

    අනේ මම ඔයාගේ අලුත් කථා කියෙව්වා. අර පැණි කුරළු කතන්දරේ එහෙම. ඒත් තාක්ෂණික ගැටළුවක් නිසාද වෙන මොකක් හරි ගැටළුවක් නිසාද කියන්න දන්නේ නැත මට සමහර බ්ලොග් වලට කොමෙන්ට් කරන්න බැහැ.(ඔයාගේ ඇතුළුව) ඉතිං මට කියන්න ඕන කලේ කථාව හොඳයි. අදත් අකුරක් කියලා දෙන්නද කියලායි.

    ඔයා fපෑන් කියලා ඔපිස් කියලා ටයිප් කරලා තිබෙනවා දැක්කා. ඊට වඩා හොඳයි නේද මෙහෙම ලිව්වොත්. ෆෑන්, ඔෆිස්

    ෆ = shift + f

    ReplyDelete
  30. I think we have to consider the circumstances prevalent during Lord Buddha's time when analysing " Thrikotika Parisuddha Mansha" condition.

    "Sangha" had to depend entirely on
    " Pindapatha " provided by people who were mostly poor; as such most probably Buddha didn't want to impose conditions on preparing "Dana". in addition he may have wanted to prevent those "Sangha" who were fond of meat from requesting meat.

    I stand to be corrected but I agree with Tharindu that " Thrikotika ........... " condition was for "Sangha" only.

    In case of laymen there should be no such thing as "Suitable"'meat.

    The notion that eating meat is a sin or not may vary as per your attitude but it is certainly against every norm or ethics.

    ReplyDelete
  31. @Ranaweera and Ravi

    analyzing of the time, occasion, reason and the background is essential if you want to understand vinaya correctly. furthermore you need to read about the adjustments, additions and omissions done later by Buddha him self. trying to understand vinaya without these is useless.

    i completely agree with Ravi that the reason for this is to avoid monks asking for meat.

    finally let me point out that there are many vinaya rules that were imposed not because of the requirement, just because of common practice. example.. was wiseema. and there are other rules that completely irrational which i personally believe things added later on to Buddhism. i have discussed about that in a post of mine regarding the bhikshuni pewidda.

    ReplyDelete
  32. කිරිබත්ගොඩ ඤානානන්ද හිමි විසින් රචිත "නිර්මාංශ ප්‍රශ්නය" කෘතිය මගේ සිතේ තිබූ මේ ගැටළුව විසඳුවා.

    ReplyDelete
  33. සාර දේ අසාර ලෙසත් අසාර දේ සාර ලෙසත් ගන්න පුද්ගලයකුට හොඳම නිදර්ශනයක් මෙහි රණවීර නම් පුද්ගලයා සපයයි. මොහුට අනුව කඩෙන් මස් ගෙන කෑමෙන් අමුතු පවක් සිදුනොවේ. එල්ලාවල මේධානන්ද නැමැති චීවරධාරියා අරලියගහ මන්දිරයේ සාදවල මත්පැන් භාවිතය සාධාරණීකරණය කළේද මෙවන් මොඩ තර්කයකින් විය හැකිය.

    ReplyDelete
  34. ටැබූ,

    හත් පලේ ගා ගත්තා නේද?

    "මං තමයි හැම දේම දන්නෙ, බුදු දහමේ පින්-පව් තීරණය කරන්නෙ ඕන ආර්ථික විද්‍යාවෙන්. මිල දී ගන්න නිසා තමයි මරන්නෙ. ඒ නිසා ත්‍රිකෝටික පාරිශුද්ධ නැහැ. ඒ නිසා සීහ සෙන්පතිය කඩෙන් මස් අරං දීපු දානෙත් ත්‍රිකෝටික පාරිශුද්ධ නැහැ. ඒක ත්‍රිකෝටික පාරිශුද්ධ යැයි කිව්වෙ ගෞතම ආර්ථික විද්‍යාව දන්නැති නිසා වෙන්නැති. -- ටැබූ තමයි හරි. ටැබූ, ගෞතමටත් වඩා බුදු දහම ගැන දන්නවා." වගේ අමු අමුවේ බුදු දහමට පටහැනි මෝඩ අදහසක් ඉදිරිපත් කරල, ඒකෙ අඩු පාඩු වහ ගන්න බරි වෙන කොට, මේ වගේ හරයක් නැති, උත්තරයක් විදියට පේන ඒ වුනාට කිසිම තර්කයක් නැති, නිකං පුද්ගලික මඩ ගැහීම් විතරක් තියන උත්තරයක් වගේ එකක් දීල "පිහිදා ගන්න" හදන එකෙන් වෙන්නෙ, එක තැනක ගැවිලා තිබ්බ ටික, හත් පලේ ගෑවෙන එක විතරයි.

    "මොහුට අනුව කඩෙන් මස් ගෙන කෑමෙන් අමුතු පවක් සිදුනොවේ."

    මම නෙවෙයි හලෝ, බුදු හාමුදුරුවො, සීහ සෙන්පති කඩෙන් මස් අරං දුන්න දානෙ ගැන කියපුවා බලන්නකො. රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, පූජ්‍ය ආචාර්ය විලේගොඩ අරියදේව හාමුදුරොවො ඒක ගැන කරපු විවරණයක් කලින් පෙන්නලා තිබ්බා දැක්කෙ නැද්ද?

    කොහෙද ඉතින්, ඔයා බෞද්ධත් නෙවෙයි, බුද්ධ ධර්මය ගැන හරි හමන් දැනුමකුත් නැහැ. ඒ වුනාට නොදන්නෙ බුදු දහම ගැන පොර ටෝක් දෙන්නත් ඕන, ඒ වුනාට නොදන්න කමට කරන වැරදි පෙන්නුවාම ඉවස ගන්න බැරි තරමට හීන මානෙනුත් ඉන්නෙ.

    ReplyDelete
  35. ටැබූ වගේ බුද්ධාගම ආර්ථික විද්‍යාවෙන් විවරණය කරන්න දන්න අය ඉන්න එක කොච්චර වාසනාවක් ද? ටැබූ, මෙන්න තවත් "සිවුරු පොරවා ගත් හොරෙක්" ඉන්නවා.

    Q: If you eat meat you are indirectly responsible the death of a creature. Isn’t that breaking the first precept?

    A: It is true that when you eat meat, you are indirectly and partially responsible for killing a creature but the same is true when you eat vegetables. The farmer has to spray his crop with insecticides and poisons so that the vegetables arrive on your dinner plates without holes in them. And once again, animals have been used to provide the leather for your belt or handbag, oil for the soap you use and a thousand other products as well. It is impossible to live without, in some way, being indirectly responsible for the death of some other beings. This is just another example of the First Noble Truth, ordinary existence is suffering and unsatisfactory. When you take the First Precept, you try to avoid being directly responsible for killing beings.

    http://www.buddhanet.net/ans45.htm

    -Ven S Dhammika.

    ReplyDelete
  36. @Ranaweera,

    සිරිතක් ලෙස මම මෝඩයින් සමඟ වාදයට නොයමි.

    - Taboo

    ReplyDelete
  37. හත්පලේ ගා ගන්නේ ටැබූ නොවේ. රණවීරයි. ඒක හොඳින්ම පැහැදිලි වෙන්නේ ශ්‍රාවස්ති ධම්මික හාමුදුරුවන්ව සිව්රු පොරවා ගත් හොරෙක් කීමෙන්. රණවීර උදාහරණයට අරගෙන පෙන්නන ඔය හාමුදුරුවන් ධම්මික හාමුදුරුවන්ගේ නියපොත්තක් තරම් වත් වටින්නේ නැති බව මට පැහැදිලිව කියන්න පුලුවන්. ධම්මික හාමුදුරුවෝ කියන්නෙ කව්ද කියලවත් රණවීර නොදන්නා බව පැහැදිලියි.

    අපේ වැඩිහිටියො නොදන්න දේට ගොලුවෙයන් කිව්වේ කට වහගෙන ඉන්න තාක් කල් මෝඩයාත් නුවණැත්තෙක් නිසයි. ඒ නිසා ටැබූ වගේම මටත් කියන්න තියෙන්නේ මෝඩයන් එක්ක වාද කරල වැඩක් නැති බවයි.

    ReplyDelete
  38. ටැබූ,

    "සිරිතක් ලෙස මම මෝඩයින් සමඟ වාදයට නොයමි."

    මම නං නිවාඩු පාඩු ඇති විට, "තමන් අති මහත් පණ්ඩිතයා යැයි" පෙන්නං ඉන්නා ඔබ වැනි මෝඩයන්ට ඉඳ හිට සංග්‍රහ කරමි.

    ඒ කෙසේ වෙතත් ඔබට වාදයක් කිරීමට දෙයක් ඉතුරුව නැත. සිංහ සේනාපති වෙලඳ පොලෙන් මිල දී ගත් මාංස "ත්‍රිකෝටික පාරිශුද්ධ" බව බුදු රජානන් වහන්සේ වදාල මුත්, බුදුන්ටත් වඩා බුදු දහම ගැන කෙළ පැමිණි (එහෙත් අබෞද්ධ) ටැබූ, ආර්ථික විද්‍යාවද යොදමින් වෙලඳ පොලෙන් ගත් මාංස "ත්‍රිකෝටික පාරිශුද්ධ නොවන" බව විවරණය කිරීම කෙතරම් විචිත්‍රද!

    "ගෞතම මොනව කිව්වත්, කඩෙන් ගන්න මස් ත්‍රිකෝටික පාරිශුද්ධ නැහැයි" කියන්නේ "තමන් සියල්ල දත් පණ්ඩිතයා" යැයි සිතන් ඉන්නා මෝඩයන් නොවේ නම් වෙන කවුරුද!

    ReplyDelete
  39. තරිඳු,

    අනේ මල්ලියේ! ඔයාට සෑහෙන්න පැටලිලා. මං ශ්‍රාවස්ති ධම්මික හාමුදුරුවන්ට "සිව්රු පොරවා ගත් හොරෙක්" කියලා කිව්වෙ නැහැ කිසිම වෙලාවක. ඔයාට මගේ උපහාසත්මක පිළිතුර හරියට වැටහිලා නැහැ. අනික ශ්‍රාවස්ති ධම්මික හාමුදුරුවන්ව මම පුද්ගලිකව මුන ගැහිලා නැති වුනත්, මීට අවුරුදු ගානකට කලින් උන් වහන්සේ ගෙ "Good questions, good answers" පොත් පින්ච කියවන්න ලැබිලා, උන් වහන්සේ ගැන බොහොම ගෞරවයෙන් හිතන්නෙ.

    මේ "මස්" ප්‍රශ්නෙදි, උන් වහන්සේගේ සහ විලේගොඩ අරියදේව හාමුදුරොවෝ (සහ ගෞතම බුදු හාමුදුරුවෝ) ඉන්න එකම අදහසේ. ටැබූ ඉන්නෙ ඊට විරුද්ධ අදහසේ. එහෙම හිමි වරු ටැබූ ගේ බාසාවෙන් "සිව්රු පොරවා ගත් හොරු" (ටැබූ ගේ දෙවනි හා තුන් වෙනි කොමෙන්‍ටු කියවන්න). ඒකයි කොමා ඇතුලෙ "සිව්රු පොරවා ගත් හොරෙක්" කියලා, උපහාසාත්මකව ලිව්වේ.

    ReplyDelete
  40. වරදවා වටහා ගැනීම ගැන සමාව

    ReplyDelete
  41. තරිඳු,

    ත්‍රිකෝටික පාරිශුද්ධ භාවය අදාල වෙන්නේ භික්ෂුන්ට පමණක් බව යැයි ඔබ කී දේ පැහැදිලි කරල දෙන්න පුළුවන් ද?
    ත්‍රිකෝටික පාරිශුද්ධ නොවෙන මස් පාරිභෝජනයෙන් ගිහියන්ට අකුසලයක් නොවෙන්නේ ද?

    ReplyDelete
  42. @ Ravi,

    Able to be agreed with your thoughts. But have look for the last day of the Election. This is a Democratic Country ne. :-)

    ReplyDelete
  43. "This is a Democratic Country ne"

    You should have posted this comment on Thursday ( 1st of April )

    ReplyDelete
  44. KOHOMATH OYA MASKANNE EPA KIYANNE ADUMA THARAMIN PANSIL PADE PAHAVATH RAKINNE NETHI UN.ISSELLAME PANSIL PADA PAHA PERFECT VIDIHATA RAKINNE.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...