රොබින් හුඩ් කථාවේ චරිත, වටේ පිටේ යහළුවෝ සමඟ රඟපාන ගමන්,
ඒ අයත් එක්කම ක්‍රිකට් උණුසුම ඇති කාලෙට ක්‍රිකට් ද ගොයම් කපපු කාලෙට එල්ලේ ද ගහන ගමන්,
හුලං ඇති කාලෙට සරුංගල් යවන ගමන්,
පාසලේ ක්‍රීඩා උත්සව ඇති කාලෙට ඒවා ගෙදරත් ඇවිත් කරන ගමන්,
වෙසක් කාලෙට කූඩු, තොරණ හදන ගමන්,
පොසොන් කාලෙට මිහින්තල හදන ගමන්,
ඔය කොයි කොයි කාලෙටත් පොදුවේ එයා කරලා තියෙන එකම දේ සුරතල් මසුන් හදන එකයි.
දැන් කියලා ඒකේ වෙනසක් නැහැ. කොහේ හරි යද්දී සුරතල් මසුන් විකිණීමට ඇති වෙළෙඳ සැලක් දුටුවොත් නතර කරනවාමයි. වෙලාවකට මට බයිසිකලෙන් බැහැලා නැගලා ඇති වෙනවා. බොහෝ වෙලාවට ඉඳහිට යන පැති වලට එයා ගමන් මාර්ගය හදාගෙන තිබෙන්නේ ඒ වගේ වෙළෙඳ සැල් කිහිපයක්ම ආවරණය වන විදිහටයි. සමහර වෙලාවට ඉතිං පරංගි කෝට්ටෙත් යනවා. ඉතිං මාත් යනවා.
ඉතිං මේ කථාව ලියන්න ගත්තේ එයාගේ මත්ස්‍ය සුරතලයට ඇති වු අකරතැබ්බයක් හා ඒ හා සම්බන්ධ තවත් කථාවක් කීමටයි. පසුගිය දවස් වල ඇතිව තිබූ වැසි රහිත කාලය නිසා ද කොහේද අතරමං වූ කොකෙකු සැමිගේ මාළු ටැංකි පැත්තේ කැරකෙන්න පටන් අරං තිබුණා. පසුගිය සති අන්තයේ අපි මොණරාගල ගිය අතර පැමිණෙන විට අනේ, ලස්සනට පීන පීනා හිටපු ෆයිටර් වර්ගයේ සති කිහිපයක් වයසැති පුංචි මාළු ළමයි ටිකයි තව කිහිප දෙනෙකුයි නැහැලු. කොක් හාමි මේ සඳහා වගකිවයුතු බව සැමගේ ඒකමතික තීරණය වුණා.
මේ සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගතයුතු බව අපි කථාවුනත් නිශ්චිත තීරණයකට එළඹියේ නැහැ.
කොහොම හරි මේ සතියේ දවසක උදේ මම ආහාර සුදානම් කරමින් සිටින විට සැමීගේ අම්මා කෑ ගසන හඬක් ඇසුනා.
“පුතේ.............. කොකා මැරිලා............. මාළු කාලා කොකා මැරිලා................”
එක්වරම හිතුනේ අනේ ............ කියලා විතරයි මට.
සැමි දෙස බැලූ කල ඔහු හිනා වුනේ සෑහීමකට පත් වූ මනසින් යැයි මට හිතුණා.
"ඇයි ඒක කොහොමද වුනේ?,................. ඔයා මොනවා හරි කලාද?" මම ඇසුවා.
කිසිම දුකක් මුණේ නැහැ. මට හිතා ගන්නත් බැහැ, තමන්ගේ මාළු බේරෙණ නිසා කොකා මැරුණ එක හොඳයි කියලා හිතන්න තරම් මෙයා දරුණු වුනේ කොහොමද? අම්මා තවම හඬ නගනවා.
" කියන්න ඔයා මොකද කලේ?.........." මම අතින් අල්ලගෙන ඇහුවා.
"නැහැ නිකං දැලේ පැටලිලා මැරෙන්න ඇති.............."
ඒත් මට විශ්වාස වුනේ නැහැ. මූණ බැලුවම හිතෙනවා මෙයාගේ සම්බන්ධයක් නම් තියෙනවාමයි කියලා.
"අනේ කියන්න ඔයා මොනවා හරි කලාද?"
"නැහැ නිකං පොඩි ගැජමැටික් එකක්" කියා සතුටින් හිනා වුණා.
මම විගසින් හැරුනා. සැමිටත් තවදුරටත් එතැන ඉන්න බැහැ වගේ මට නොපෙනෙන ඉසව්වකට ගියා.
අයියෝ මට හිතුණු දේවල්නම් .................... මෙච්චර දරුණු වෙන්න පුළුවන්ද මගේ ආදරේට? 'සමහර වෙලාවට අපි හිතනවාට වඩා මිනිසුන් කොච්චරක් නම් වෙනස්ද?' මට හිතුණා. මට ඇෙඬෙන්නත් ආවා. අම්මා තාම කෑ ගහනවා. මට මැරූණු අසරණ කොකා මැවිලා පෙනුනා. බලන්න නම් යන්නේ නැහැ කියලා හිතා ගත්ත මම අතට අහුවුණු හාල් මැස්සන්ගේ බෙලි ටික කඩා ගෙන කඩා ගෙන ගියා.
"අම්මේ .............. අම්මේ ........................." සැමි කිසිම දුකක සේයාවක්වත් නැතිව අම්මාට කථා කලා.
අම්මත් හිනැහෙමින් ආවා. " කොකා මැරිලා"
දෙදෙනාටම මා නොපෙනෙන නිසා හොඳයි. මම හිතා ගත්තා. 'මෙච්චර නපුරු මිනිස්සු වුනේ කොහොමද මේ අය'.
ගිය අවුරුදෙත් මේ කාලෙට ඔය වගේම කොකෙක් ආවා. ඒත් වැස්ස නැති කාලේ. පාර දිගේ අපුරුවට පිය මැන මැන ඇවිත් තියලා ගිය දෙයක් ගන්න එනවා වගේ තමයි අපේ ගෙදරට ආවේ. පව් ................... පස්සේ වැස්සට පසු ඒ සතා ආවේ නැහැ. චුට්ටක් ඉවසන්න බැරි වුනානේ මෙයාට.
"කෑ ගහන්න එපා වටේ මිනිස්සුන්ටත් ඇහෙයි" සැමි පවසනවා අම්මාට. දෙන්නම හිනා වෙනවා වැඩේ සාර්ථකයි කියලා.
මම කිව්වානේ මේ සිද්ධිය වුනේ මේ සතියේ දවසක කියලා.
ඉතිං අදත් මේ සතියේ දවසක් කියලා ඔයාලාට අමතක වුණා වගේම, අද අප්‍රියෙල් මාසේ පළමුවැනිදා කියලා මටත් අමතක වුනානේ.
නැන්දම්මා කොකා මැරූ හැටි නොහොත් ........................... ලේලියව අප්‍රියෙල් මෝඩයා කරපු හැටි....... ඔන්න ඔහොමලු වුණා කියන්නේ.
කට්ටිය කථාව කියෙව්වානේ. දැන් මෙතැනට නොගිය අය ගිහින් ඡන්දෙත් දාලාම යනවාද තරහ නැතිව.
කැතයි හොඳේ...........
ReplyDeleteමම ගෙදරින් පිටත් වෙනකොටම මහත්තයා කිව්වා අද අප්‍රිෙයල් පළවැනිදා කියලා...
ෂිහ් ! ඒක අමතක වුනානෙ, මේක ඉවරෙට කියවනකම්ම...
ඒ කියන්නේ හබීයි නැන්දම්මයි කොකා මැරුවේ නැද්ද .. . ??
ReplyDeleteතමන් ආදරේ කරන දේ රැක ගන්න මිනිස්සු දරුනු වැඩ වුනත් කරනවනේ නගේ . . ඇත්තට වුනත් ඒකට හිත නරක් කර ගන්න එපා . . .
@ තනෝජා අක්කි,
ReplyDeleteජය වේවා!!! මගේ වැඩේ හරි.
@ දුකා,
ReplyDeleteඅයියෝ අයියේ, ඒ අම්මාට කැරපොත්තෙකුටවත් ගහන්න බැරි එකේ කොකා මරන්නේ කොහොමෙයි කියලා මට ඒ වෙලාවේ හිතුනේ නැති හැටි.
මට මැවිලා පේනවා...
ReplyDeleteඔයා ඔය උඩ පනින හැටියටමනේ ඔයාගෙ සැමීයි, නැන්දම්මයි උඩ පැන්නේ නේ?
@ තනෝජා අක්කි,
ReplyDeleteආයෙත් අහලා අනේ. ඇතිවුණු ලැජ්ජාව නිසා අප්‍රමාණ ලෙස සංතෝෂයි.
උදේම අප්‍රේල් ලණුවක් කාල මමත් ඉන්නෙ.
ReplyDeleteමගේ ඡන්දය ගැන තාම කල්පනා කරනව අක්කෙ. තව දවස් තියනවනේ නේද? :)
@ Raven malli,
ReplyDeleteසතුටුයි ඒ ගැන.
ම් ම් ඡන්දය මැයි මස 31 දක්වා පැවැත්වේ.
@ Raven malli,
ReplyDeleteමල්ලී මම කිව්වා නේද කොමෙන්ට් ප්‍රශ්නයක් ගැන. තාම ඒක විසඳුනේ නැහැ. විසඳුන වහාම ඒ පැත්තේ ඇවිත් ගිය බව සටහන් කරන්නම්. සමහර දෙනෙක් කිව්වා ෆ්ලෑෂ් ප්‍රශ්නයක් වෙන්න ඕනේ කියලා. ගොඩක් අයගේ බ්ලොග් වලට කොමෙන්ට්ස් දාන්න දැනට මට නොහැකි වී තිබෙනවා.
අනේ වාසනාවන්..... හි හි හි ශෝක් නැන්දම්මෙක්නෙ අක්කෙ..... මක් කරන්නද ඇත්ත කියන්න එපැයි... මමත් මේ බොරුවට අහු වුනානෙ..... :(
ReplyDelete@ විශ්මි,
ReplyDeleteඔව් ඉතිං 'වාසනා'ගේ අම්මානේ.
සංතෝෂයි සංතෝෂයි අප්‍රමාණ සංතෝෂයි.
අක්කේ කමෙන්ට් ප්‍රශ්නය ගැන මමත් හොයල බැලුව ඒත් විසදුමක් හොයගන්න බැරි උනා. කමෙන්ට් කරන්න බැරි උනාට අක්කා අපේ ලිපි නොවරදවා කියවන වග අපි දන්නවා. ඒ ගැන වද වෙන්න එපා. අපි බලමුකෝ මේකට විසඳුමක් සොයාගන්න ඉක්මනින්. මාත් තව ටිකක් හොයල බලන්නම් දන්න අයගෙන් අහල.
ReplyDelete@ Raven,
ReplyDeleteස්තුතියි මල්ලී.
කොකා පැත්තකට වෙලා බඩ අල්ලන් හිනා වෙනවා ඇති, ඔයා රැවටුන බව දැකලා. හිහ්..හිහ්..හී...
ReplyDeleteමම නම් තාම මෝඩයා නොවී shape එකේ ඉන්නවා.
@ නිල් අහස,
ReplyDeleteඔව් දැන් හිනා වෙලා හිනා වෙලා කොකා මරණාසන්නයිලු.
කොහොම වුනත් ඔයා මේ කථාවට අහු වුනේ නැහැ කියලා නම් කියන්න එපා සහෝදරී. :-)
අම්මෝ....
ReplyDelete@ ``` Outsider``` ,
ReplyDelete"අම්මෝ...."
ඇයි අම්මෝ කිව්වේ?
welawata mama antima tika kiywe kalin..
ReplyDeletehiks...
katawa passe kiyawanawa
heta wage
ඕං බාගයක් කියවාගෙන යද්දී ලියන්න හිතුන දේ...
ReplyDelete"ෂහ් කොච්චර අවංක බ්ලොග් ලියවිල්ලක්ද...
මේකට තමයි බ්ලොග් කලාව කියන්නේ...
තමන්ට හිතෙනදේ ඒ විදිහටම ලියන එක...
ප්‍රස්තුතය තමන්ගේ ආදරවන්තයා වුනත්..."
චික් විතරක් ... හෙට වත් මේක බැලුවනම් ...තව පැය කීයද තියෙන්නේ දවස ගෙවෙන්න... පුදුම ජීවිතයක් ...ලණු හා මඩ...! ඔං ඉතින් උත්තරෙත් "පැඟි අයියව ඇන්දුවා..." කියල හිනාවෙයි...දැන දැනම එනවා... හොඳම වැඩේ....
@ බිඟු,
ReplyDeleteබිඟු දනී බිඟුගේ සිත දනී
මට තාම තේරුම් ගන්න බෑනේ කොකාට මොකද වුනේ කියලා
ReplyDelete@ පැඟි අයියා,
ReplyDeleteගණන් ගන්න එපා අයියේ. මම මේ ලියැවිල්ල ගොඩක් දුරට හිතලා ලිව්ව එකක්. ලියන භාෂාව යොදාගෙන ලියන්න තරම් නිස්කාංසුවක් නොතිබුන නිසයි මේ විදිහට ලිව්වේ. ඒත් කෙටි හෝ දිගු කථාවක් රචනයේදී සාමාන්‍යයෙන් භාවිතා කරනවා යැයි කියලා කියන ගොඩක් කරුණුත් මම හිතෙන කරුණුත් මේ ලියැවිල්ල ලියද්දි උදව් කර ගන්න උත්සහ කලා.
ඒ උත්සහය සාර්ථකයි වගේ නේද? මටත් එහෙම හිතෙනවා. හේතුව මේ ලියැවිල්ල කියවාගෙන යද්දී මමත් රැවටෙනවා වගේ හිතෙනවා. :-)
@ චතු,
ReplyDeleteඅයියෝ අයියෝ,මටත් වඩා ඔයා රැවටිලානේ මල්ලී.
මමත් රැවටුනෝ.....
ReplyDelete@ Aruna CLCBMV,
ReplyDeleteජය වේවා !!!!!!!
ඔය වගේම seen 1ක් අප් ෙගදරත් ෙවලා තියනව
ReplyDeleteඒ seen 1ත් ෙකාකාමයි හිටිෙය
ඒ පුද්ගලෙයා set 1මයි හිටිෙය
ඒිකත් අප්‍රිෙයල් පළවැනිදා උෙන්
හරි පුදුමයි ෙන්ද .. . ??
@ Dilina,
ReplyDeleteආ මල්ලී, පරවියෝ මැරුණු හැටි නම් මම කිව්වේ නැහැ. ඒකත් පස්සේ වෙලාවක ඉඩක් ලැබුණු හැටියේ කියන්න ඕනේ. මම කල්පනා කලේ මැරිච්ච පරවියෝ බලන්න මාමණ්ඩියි මස්සිනා පොඩ්ඩයි දුවපු හැටි දානවාද නැද්ද කියලායි. :-)
අම්මේ ඇති කොකා මැරිලා නැති නිසා සතුටුයි..:-)
ReplyDeleteහාල් මැස්සෝ බෙලි කැඩුවෙ ඇයි අප්පා ඒකට..
ඔන්න අද තමා මම ඉස්සෙල්ලාම මේ පැත්තෙ ආවේ.
ඇත්තම කියනවනම් මට මේක තේරුනේ දෙපාරක් කියෙව්වට පස්සෙයි..එක අතකට ඒ මගේ කියවීමේ විදිය නිසා වෙන දෙයක්..
අද අප්‍රේල් පලවෙනිදා නෙවේ 3 ඒ නිසා :-)
හිහ් හිහ් හී...
ReplyDeleteඅද නම් අප්‍රේල් පළවෙනිදා නොවුනත් මට මේක කියවන්න ඉඩක් ලැබුණේ අද..
හොඳ වෙලාවට...
මං බේරුනෙත් ඒ හින්දයි...
@ නිමන්ති,
ReplyDeleteඇත්තටම ඔයා විතරයි දැක්කේ හාල් මැස්සන්ගේ කථාව. මම ඒක යෙදුවේ හේතුවක් ඇතිව සහෝදරී. මට පෙන්වන්න අවශ්‍ය වුනේ අපි එක සතෙක් මැරුණම දුක් වෙනවා, ඒ සතාගේ මළකුණවත් නොදකින්න අදිටන් කර ගන්නවා, තව සතෙක්ගේ මළකුණක් ගැන තුට්ටුවකට මායිම් නොකර.
@ සන්සරසිදු,
ReplyDeleteපරක්කු වුනා කියලා රැවටිල්ලේ ප්‍රමාණය අඩු වෙයිද මල්ලී? :-)
"ඇත්තටම ඔයා විතරයි දැක්කේ හාල් මැස්සන්ගේ කථාව. මම ඒක යෙදුවේ හේතුවක් ඇතිව සහෝදරී. මට පෙන්වන්න අවශ්‍ය වුනේ අපි එක සතෙක් මැරුණම දුක් වෙනවා, ඒ සතාගේ මළකුණවත් නොදකින්න අදිටන් කර ගන්නවා, තව සතෙක්ගේ මළකුණක් ගැන තුට්ටුවකට මායිම් නොකර."
ReplyDeleteහ්ම්ම්ම්.... ඔය එක්කෙනෙක් අගයන්න අනෙක් ඔක්කොම හෙලා දැක්කා වාගේ නේ...?
@ පැඟී අයියා ඇතුළු සැම වෙත,
ReplyDeleteඅනේ හිත රිදුනා නම් සමාවෙන්න.
එහෙම හිතලා කොමෙන්ට් කලේ නැහැ. මං වගේ බෝම ස්මෝල් කෙනෙක් ඔය වගේ ඒවා හිතලා මතලා යොදයි කියලා පැඟී අයියා ඇතුළු අපේ විද්වත් මණ්ඩලය බලාපොරොත්තු නොවන නිසයි ඒ යෙදිල්ල නොපෙනෙන්න ඇත්තේ. මමත් දත කට මැද ගෙන බලාගෙන හිටියේ කවුද මේක දකින්නේ කියලා. ඒත් කවුරුත් දැක්කේ නැතිවම මට හිතුනා මගේ යෙදිල්ල කාටවත් නොපෙනෙන වර්ගයේ එකක් කියලා. ඉතිං ඔහොම හිතාගෙන ඉද්දි තමයි මේ කොමෙන්ටුව ලැබුනේ.
ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපි බොහෝ විට එක එක්කෙනාගේ බ්ලොග් කියවන්නේ එක එක කෝණ වලින් නේද? අපි Blood Injected Dreams කියවන මානයෙන් සයිබර් යාය කියවන්නේ නැහැනේ. අන්න ඒ වගේ දෙයක් තමයි අයියේ මෙතැන වෙලා තියෙන්නේ.
හැබැයි පැඟී, ඔයා මට ඔහොම කියන එකත් වැරදියි.
"ගණන් ගන්න එපා අයියේ. මම මේ ලියැවිල්ල ගොඩක් දුරට හිතලා ලිව්ව එකක්. ලියන භාෂාව යොදාගෙන ලියන්න තරම් නිස්කාංසුවක් නොතිබුන නිසයි මේ විදිහට ලිව්වේ. ඒත් කෙටි හෝ දිගු කථාවක් රචනයේදී සාමාන්‍යයෙන් භාවිතා කරනවා යැයි කියලා කියන ගොඩක් කරුණුත් මම හිතෙන කරුණුත් මේ ලියැවිල්ල ලියද්දි උදව් කර ගන්න උත්සහ කලා." කියලා මම ඔයාට කිව්වානේ.
මාලු ගැන කියාගෙන එද්දි මට මතක් උනේ වෙන කතාවක්.
ReplyDeleteකතාවක් තියෙනවා මාලු ගන්න අලුත්ම බයික් එකේ කට්ටියක් කුරුණැගල යද්දි මනුස්සයෙක් හැප්පුනා කියලා ඒකට. මනුස්සයා මහාපාරෙ වැටිලා ඉද්දි මේ දෙන්නා,"ෂිශ් මෙතනත් සීරිලා මෙතනත් සීරිලා" කිය කිය අලුත් බයික් එකේ සිරිච්ච තැං හොයනවලු. අර මනුස්සයා ගැන වගේ වගක් නැතුව. රන්දිලුත් දන්නවද ඒ කතාව......
අපොයි මොකද මං නොදන්නේ............ අපි කට්ටියම ඉන්න තැනදි නේ ඔය කථාව කිව්ව කෙනා කිව්වේ බුද්ධි........... :D
ReplyDelete