Wednesday, April 7, 2010

43. මිලින වූ හසිතය

ඔබ මා මුල් වරට මුන ගැසුනු
අවධිය මා හට සිහිවෙයි
කළු වුනත් දැකුම්කළු යනු කුමක්දැයි
පුංචි කෙල්ලක වුනත් මා
මුල් වරට වටහා ගත්තේ ඔබ නිසාවෙනි

නමටම ඔබිනා වූ
ඔබේ සිනාව
දෑස් පුංචි කර මුතුවන් දසන් පෙන්වා
ඔබ පෑ සිනාව
දැනුත් මැවී පෙනෙන්නා සේය
නමටම ඔබිනා වූ
ඔබේ ඒ සිනාව
දැන් දැන් මා හඬවනු දැනේ

හවැන්නේ දී මුල් වරට
අප එකම පංතියකදී මුන ගැසීමු
දෙවන වරට මුන ගැසුනේ
නම වැන්නේදීය
එදාත් මා දුටුවේ හවැන්නේදී දුටු
සුපුරුදු සිනාවමය

මිතුරියන් ඔබ වෙතට ඇදෙනා වූ
ලකුණක් ඔබ වෙත වීය
මිතුරියන් පමණක්ද?
අපේ සදාදරණීය ගුරුතුමිය
ඉඳුමිණි මහත්මිය පවා
ඔබට ඉමහත් දයාවකින් බැඳුනාය

එකොළොස් වසරකට පසු
මුල් වරට
ඔබේ ඒ සිනාව
මූණු පොතින් දිටිමි
මිතුරු ඇරයුම් එව්වෙමි
නැවතත් දකින රිසින් සැබෑවටම
සිනා පිරි ඔබේ මුව
ඒ ඇරයුම පිළි නොගෙනම
ඔබ අප අතහැර ගියාය
සදහටම අප අතහැර ගියාය

ආදරණිය මිතුරිය
හසිතා
මතු අත් භවයේදී හෝ
ඔබේ පැතුම් ඉටු වේවා යි
පතනෙමි ප්‍රිය මිතුරිය

(මෙයින් ඔබ්බට තවත්
වදන් නොමැත මා හට)





18 comments:

  1. අනේ අප්පේ ... මක් වෙලාද නැති උනේ?

    ReplyDelete
  2. @ තිස්ස අයියා, වැප්, චතු,

    හදිසි අනතුරක්. කන්තෝරුවේ උත්සවයක් තිබිලා එයට සහභාගී වෙලා එන අතරතුර තමයි වෙලා තියෙන්නේ.

    ReplyDelete
  3. ශකේ ශකේ.... හරිම කනගා‍ටුදායක ආරංචි...! තරුණ ජීවිත නේ... හැදූ වැඩූ දෙමාපියන්ට කොපමන දුකක්ද... අපිවත් යන එනකොට පරිස්සමින් එලවමු... වෙන ඉතින් මක් කරන්නද... මෙවන් අකල් මරණයකට කිසිදා සසරේ නොපත් වේවායිද පතමි...

    ReplyDelete
  4. @ තිස්ස අයියා,

    කීමට වචන නොමැත. හරිම හොඳ කෙල්ලක්. එයා ගැන ලියනවා නම් ගොඩාක් දේවල් තියෙනවා. ඒත් අද මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. පස්සේ බලමු. අද අවසන් කටයුතු. ඒකට යනවා හවස

    ReplyDelete
  5. @ ``` Outsider```

    අහන හැමෝටම කියවෙන්නේ එහෙම තමයි මිතුර

    ReplyDelete
  6. අෙහා් දුකකි !!!!1
    ඒතකොට අද ගෙදර ඒන්න රැ ෙවනවද ?
    ෙකාෙහද මළ ෙග් තිෙයන්ෙන

    ReplyDelete
  7. @ Dilina,

    කඩවත. ඉතිරි ටික චැට් එකෙන් කියන්නම් මල්ලි

    ReplyDelete
  8. ජීවිතය අනියතයි, මරණය නියතයි
    අපටත්
    දවස තමා තවම දන්නෙ නැත්තේ!

    ReplyDelete
  9. @ තනෝජා අක්කි,

    දවස???????????????

    මගේ ඒ දවස ගැන වැඩි බයක් දුකක් නැහැ අක්කි.

    ඒත්.....................

    ReplyDelete
  10. අයියෝ දුකේ බෑ . . .

    ReplyDelete
  11. අනේ ඇය..

    ඇයට නිවන් සුව !!!!

    ReplyDelete
  12. මිතුරියට නිවන් සුව පතනව අක්කෙ....... අපරාදෙ තරුණ ජීවිතයක්....

    ReplyDelete
  13. හපොයි.

    වෙනත් අදහසක් ඇතිව කියවගෙන ගිය කවියක්. අන්තිමේදි ෂොක් උනා මම.

    ඒ සොයුරියට නිවන් සුව පතමි.

    ReplyDelete
  14. ඔබේ මිතුරිය ගැන ඇත්තටම කණගාටුයි අක්කෙ...
    ඇගෙ මරණින් මතු ජීවිතය යහපත් එකක් වෙන්න කියල පතන්නම්..
    (මට ඇයට නිවන් සුව පතන්නට බැහැ... මොකද මං විශ්වාස කරන විදිහට නිවන කියන්නෙ මරණින් මතු ලබන දෙයක් නොව ජීවත්ව සිටියදීම ලැබිය යුතු දෙයක් නිසා..)

    ReplyDelete
  15. කලු කපුටා සුදු වන තුරු...
    මොල් ගහේ දළු ලන තුරු...
    120 ට 220 ක් ආවඩා ආයුබෝ වේවා !!!

    ලැබුවා වූ සිංහල, දමිළ අළුත් අවුරුද්ද
    රන්දිල් අක්කිටත්, පවුලේ සියළු දෙනාටත්
    සාමය, සෞභාග්‍යය සපිරි,
    සියළු පැතුම් ඉටු වන
    සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...