Saturday, April 24, 2010

46-03. මෙන්න තවත් අගනා සුභාෂිතය කවියක්

තමන් හට නොසමයන් වන කලට සම
මුවින් නොබැණ ඉවසනු සුදන ගරු කම
නොමින් කුමුදු විකසිත වනු දැක දැකම
විළින් මෙන් තඹුරු මුකලිත වේය සැම

තමන්ට සමාන නොවන අය සමතැන් ගන්නට සුදානම් වන විට කුමුදු පිපෙනු දැක පරව යන නෙළුම් මල් මෙන් යහපත් මිනිසුන් නිහඬ භාවයම රකී.

2 comments:

  1. දුවන්න දුවන්න, තව හයියෙන් !

    කලින් මඩ ටිකක් ගහපු නිසා. ඔන්න වතුර 1ක් ගැහුවා. :P

    ReplyDelete
  2. සුභාෂිතයේ කවි ඔක්කොම දානවද මැරතන් එක ඉවර වෙනකොට?

    කමක් නෑ. කමක් නෑ. විහිළුවට කීවේ.

    ඉඩක් තියෙනවානම් ජාතික තොටිල්ලේ කවිත් දාන්න.

    ජය වේවා...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...