Tuesday, April 6, 2010

42. අවුරුද්දත් කිට්ටු කිට්ටු......................

සියලු මිතුරු මිතුරියන් වෙත දන්වා සිටින වග නම්..........................


අද පටන් ලබන 19 වන දින දක්වා අපේ කන්තෝරුවේ අවුරුදු නිවාඩුව කාලයවේ.

මට හිතෙන අයුරට ඒ කාලය තුල නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියටත් නිවාඩු දෙන්නට සිදුවේ.


හේතුව අපේ නව නිවසට තාමත් අන්තර්ජාල (අ)පහසුකම ලබාගෙන නොමැති වීමත් ලබා ගත්තද, අම්මා කෙනෙකු, බිරිඳක, වශයෙන් කොම්පියුටරය ඉදිරිපිට වාඩි වී කී බෝඩය ඔබ ඔබා සිටිනවාට වඩා වැඩ මේ අවුරුදු කාලේ මට ඇති නිසාත්ය.






බ්ලොග් මැරතන් දුවන්නටද ආසා නැත්තේම නොවේ.එහෙත් ඕවා කරන්නට ගොස් අගේට ඉන්න මහත්තයාගේ ඉවසීමේ සීමාව පැන පැන ගියහොත් මට දුවන්නට පාරද මදිවනු ඇත.


තාම කිසිදාක තනිවම සාදා නැතත් මේ පාර මගේ අතින්ම කැවුම් කොකිස් ටිකක් හදා ගන්නට හිතේ මනාපයක් ඇත. මහත්තයත් අගේට සතුටු වනු ඇත. ඇයි 'බිරින්දෑට දැන් ඒකත් පුළුවන්' කියලා මහත්තයාට හිතෙද්දී මට ලකුණු කිහිපයක් වැටී ආදරය තව තවත් වැඩිවනු ඇත. ඉතිං වැඩ ටිකක් පෙන්වීමට මේ නිවාඩු කාලය යොදා ගැනීමට සිතාගෙන සිටිමි. (චූටි නංගීට කෝල් එකක් දී ගෙන්වා ගැනීමට සිදුවේ. තනිව කීවාට තනිවම හැදුවෝත් මටවත් කෑමට බැරි යම්කිසි වෙනයම් ආහාරයක් නිපදවීමට ඉඩඇති බව, නැති කරගත යුතුව ඇත).

මේ වර වෙන වර වලට වඩා අපේ ආර්ථිකයේ යම්කිසි දරුණු පසුබෑමක් දකින්නට ලැබේ. දූගේ කටයුතු නිසා නොදැනීම කල් ගිය වෙඩින් ඇල්බම් එකේ කටයුතු කඩිමුඩියේ සම්පූර්ණ කර ගත්තේ අවුරුද්දට එන පිරිසත්, අපි යාමට හිතාගෙන සිටින දිහාස් වල පිරිසත් එය දැකීමට ඉමහත් මනාපයකින් පසු වීමය. කෙසේ හෝ එය සම්පූර්ණ වීම සතුටට කාරණයක් වුවද හිතුවාට වඩා වැඩි මුදලක් ඒ සඳහා වැය වීම පසුම්බියට දරුණු ආබාධයක් සෑදෙන්නට එක් හේතුවක් විය. කවදා හරි අපේ මතකයද අමතක වන වයස එළඹී කල ඒ දිනයේ සුන්දර මතකයන් වශයෙන් ඉතිරි වන්නේ එය පමණක් නිසා පසුතැවිල්ලක් නම් නැත.




කුමක් කරන්නදෝ හෝයි හදවත ලබ්...ඩබ්...ලබ්...ඩබ්... කියමින් අසයි. ඩොන් නෝ ඩොන් නෝ යි මොළය පිළිතුරු සපයයි.
අනේ අම්මේ කී දෙනෙක් කියලාද? ප්‍රධාන පිරිස දුවත් අපි දෙන්නත් එක්කම එකලොස් දෙනයි. පරිවාර පිරිස තාම ගණන් සාදා නොමැත. සාදන්නට දැන්ම බලාපොරොත්තුවක්ද නොමැත. පුංචි පවුල රත්තරන් කියලා එහෙම කියපු කෙනාට හිතෙන්න ඇත්තේ මේවගේ අවුරුදු කාලෙක වෙන්න ඇති. කොහොම හරි ප්‍රධාන පිරිස සමඟ අවුරුදු සමරා වැඩේ අහවර කරනු මිස පෙර සිතා සිටි පරිද්දෙන් අම්මාගේ ගම් පළාතේ යාමට නොසිතිය යුතුව ඇත. ගියානම් සියල්ල සතුටු වනු ඇත. එයාලාටම පෙන්වන්න ඕනෑ නිසා කඩිමුඩියේ සාදා ගත් ඇල්බම් එකත් (අයියලා මල්ලිලාගේ භාෂාවෙන් කියනවා නම්) කිරි ටොයියා වගේ බැබලි බැබලි තියෙන නිසා ආඩම්බරෙන් පෙන්වන්නට පුළුවන. අම්මෝ ................. ඕනෑ නැත. ආපු වෙලාවක පෙන්වන්නට සිතාගත යුතුව ඇත. වත්කමේ හැටියට පිංකමක් කරගෙන අවුරුද්ද සතුටින් සැමරීමට සිතාගත්තෙමු.

එවිට,

අවුරුද්දත් කිට්ටු කිට්ටු...................... පසුම්බියට තට්ටු තට්ටු...................... කියා ගීතය සංශෝධනය නොකර,


අවුරුද්දත් කිට්ටු කිට්ටු..................... එරබදු මල් පොට්ටු පොට්ටු..............ම කියාගෙන සිටිය හැකිවනු ඇත.

අක්කලා නංගිලා අයියලා (වගේ ඉන්න අංකල්ලා ) මල්ලිලා ඇතුළු සැම දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ‍!!!!!!!!!!!!!!!! කියා පතමින් අදට මගේ කථාව මින් අවසන් කරමි.




27 comments:

  1. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා! කියල ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  2. @``` Outsider```,

    මමත් එසේම ප්‍රාර්ථනා කරනවා,
    ඔබටත් එසේම වේවා!!!!!!!

    ReplyDelete
  3. ෆොටෝ ඇල්බම් ගැන.
    ඔය කිව්වට අර එක එක පැත්තට හරෝල කරකවල ගන්න ෆොටෝ නම් එකක් තිබුනාම ඇති.
    වැදගත් වෙන්නේ නෑයෝ, යාළුවෝ එකක් ගත්තු ඒවා විතරයි.
    කතන්දරකාරයා

    ReplyDelete
  4. @ කතන්දරේ,

    ඒ කථාවනම් දැනට යම්තම් දුරට ඇත්ත. ඒත් ඉතිං අපි දෙන්නාගේ ඒ පිංතූර ටික දකිද්දි ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. පස්සේ ඉතිං මොනවා හිතෙයිද දන්නේ නැහැ. ඒක කාලයට භාරයි.

    ReplyDelete
  5. කැවුම් කොකිස් හැදිල්ලේ සිටම සියලු වැඩ කටයුතු සාර්ථක වේවායි පතනවා. :)
    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා අක්කේ.

    ReplyDelete
  6. @ RAVEN,

    ඔබ දෙපලටත් පවුලේ සැමටත් අපිත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!! කියා ප්‍රාර්ථනා කරනවා මල්ලී.

    ReplyDelete
  7. සුබම සුබ අළුත් අවුරුද්දකට සුබ පතනව අක්කෙ... කරන්නවූ සියළුම කටයුතු සාර්ථක කරගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.............

    ReplyDelete
  8. @ විශ්මි,

    ඔයාටත් එසේම වේවා නංගියෝ

    ReplyDelete
  9. "හාල් මැස්සෝ ඔලු..." නොදැක සිටියාලූ නියායෙන් අපව අපවාදයට පත්කල නැගනියනි...

    (දෙඤ්ඤම් බැටේ...!)

    ඔය "දිහාස්" කියන එක නිවැරදි යෙදුමක්ද...? බොහෝ දෙනා යොදනවා... මෙය සිංහල යෙදුමක් ඉංගිරිසියෙන් plural කර ගැනීමක්ද...?

    ReplyDelete
  10. @ පැංග්ස්,

    (මාත් දෙඤ්ඤම් බැටේ...!)

    ආ දිහාස් ද? දිහාස් කියන්නේ අපේ අම්මලාගේ මහගෙදර තියෙන පැත්තට කියන නමනේ

    ReplyDelete
  11. ආහ්..හැබෑද බස් එකේ නොම්මරේ 134 ද...?

    ReplyDelete
  12. @ පැංග්ස්,

    නැහැ. 138. :-)

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!! පැඟිරෝ.

    ReplyDelete
  13. කැවුමේ කොණ්ඩය හරියටම එන්නට ප්‍රාර්ථනා කරමි. අපටනම් ඒ හැටි නිවාඩු නැත. ඡන්දයටත් භාගයයි. ආයෙ 10 වැනිදා මගෙ වාරය. අවුරුද්දට ඉතින් 13,14 සහ 12 හෝ 15 එක් දවසක්. තවම 12ද, 15ද තීරණය වී නැත. දුක තමයි. අනෙක්වා අපේ පෞද්ගලික නිවාඩු.

    කෙසේ වෙතත් කිරියෙන් පැණියෙන් ඉතිරුනේ නැතත් දුකක් කරදරයක් නැති සුභම සුභ අළුත් අවුරුද්දක් වේවායි තනෝජා අක්කා, ලෙස්ලි අයියා, ටිෂානි හා අෂානි දූලා සමඟම පතමි.

    අනෙත් සොයුරු සොයුරියන්ටත් අවුරුද්ද ජය වේවායි පතමි.

    ReplyDelete
  14. නව අවුරුදු කෑමක් බිහිවි එය වඩවඩාත් ප්‍රසිද්ඪවේවායි පතන්නම් ................
    නිකන් රන්දිල් කැවුම් වලේ නමක්..... හී හී

    ReplyDelete
  15. @ තනෝජා අක්කි,

    කැවුමේ කෙසේ වෙතත් මටත් ඒ හැටි කොණ්ඩයක් නැත.

    රජයේ රැකියාවක්නේ අක්කි. ඕවා ඔහොම වුනාට පැන්ෂන් එක තියෙනවානේ.

    අපි Ran(dika)Ran(ulima)Dil(ruksha)එක්ව ඉත සිතින් ඔබ සැමට සුභ පතනවා.

    ReplyDelete
  16. @ චතු,

    ඔව් පේටන්ට් එකත් ගන්නයි හිතාන ඉන්නේ.

    ReplyDelete
  17. @ Ran

    මට පැන්ෂන් නැතෝ... රජයේ රුකියාවක් නෙමේ කරන්නේ...

    ReplyDelete
  18. @ තනෝජා අක්කි,

    අනේ ඇත්තද? මම හිතුවේ රජයේ රැකියාවක් කියලානේ

    ReplyDelete
  19. මේක පුදුම නිවාඩුවක් නේ අපිටත් ඔය කන්තෝරුවේ ජොබ් එකක් සෙට් කරල දෙනවද? පඩි නැතත් කමක් නෑ නිවාඩු තියනව නම්.

    ReplyDelete
  20. @ තිසර,

    ඇස්වහ කටවහ දුරුවේවා!!!!!!!
    අද ඉඳන් කිව්වාට හෙටත් එනවා. මට වැරදිලා අද ඉඳන් කියලා තියෙන්නේ.

    :-)

    ReplyDelete
  21. @@ තිසර,

    පඩි නැතත් කමක් නැහැ නිවාඩු තියේනම් නේද?

    එහෙනම් කරන රස්සාවෙන් අස් වෙලා ගෙදර හිටියානම් මොකද?

    :-)

    ReplyDelete
  22. Ran(dika)Ran(ulima)Dil(ruksha)
    ඔබ සියලු දෙනාට ලබන්නාවු නව වසර සුබම සුබ නව වසරක් වේවායි ඉත සිතින් පතමි !!!

    කලු කපුටා සුදු වන තුරු
    මොල් ගහේ දළු ලන තුරු
    120ට 220ක් ආවඩා ආයුබෝවේවා !!!

    ReplyDelete
  23. රන්දිල් අක්කා, අයියා ඇතුලු පවුලේ සැමට සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා.

    මම හිතනවා කුලුදුලේ හදපු කැවුම් සහ කොකිස් රහට තියෙන්න ඇති කියල.

    ReplyDelete
  24. @සන්සරසිදු මල්ලි

    ඔබ සැමටත් එසේම ප්‍රාර්ථනා කරනවා මල්ලී.

    සියලු පැතුම් ඉටුවන, සියලු කාර්යයන් සාර්ථක වන වසරක් වේවා !!!!!!!!

    ReplyDelete
  25. @ Raven,

    නලින් මල්ලී විශ්මි නංගී ඇතුළු පවුලේ සැම වෙත ඉතාමත් සුභම සුභ සියලු බලාපොරොත්තු ඉටුවන නව වසරක් වේවා!!!!!!!!!!!!

    කැවුම් කොකිස් ගැන කියනවා නම් මල්ලී, වැඩේ සාර්ථක වුනා හිතුවාටත් වඩා හොඳට. සතුටුයි හැමෝටම. :-)

    ReplyDelete
  26. මෙන්න ඇවිල්ලා කාපු තෙල් කෑම දිරවාගන්න...!

    සුභ අලුත් අවුරුද්දක්පවුලේ සැමට සොයුරිය...!

    ReplyDelete
  27. @ පැඟි අයියා,

    අවෝ ගියෝ ඒ වෙලාවේ.

    අම්මලා ගෙදරදි නංගිගේ කොම්පියෙන් තමයි ලොග් වුනඔබ සැමටත් නව වසර සුභ වෙන්න ඇතැයි සිතමි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...