Sunday, April 25, 2010

46-44. සිරිත් මල්දම 55 සහ 56

55.
යකෝ යන බස් නොහොබි සිතන්නේ
ඌ මූ යන බස් කැතැයි අසන්නේ
කෝ බොල යන බස් දුරු කරපන්නේ
පිරිය වඩන බස් පවසාපන්නේ

56.
ළමා කමට නිසි වැඩ කරපන්නේ
තරුණ කමට හෙම සිත නොම ගන්නේ
යටත් කමට සිත ගෙන හැදියන්නේ
උසස් බවට පැමිණෙයි නිසැකින්නේ

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...