Tuesday, April 27, 2010

47. පුත්‍රයකුගේ උදාන ගීතය නොහොත් සැමියකුගේ ශෝකාලාපය




අම්මාට පින් සිදුවන්නට..........
ඉර නොවැරදී මදින්නට යෙදුන ඇඳුම් ඇඟලා
මුව පෙනෙන්නට දිස්නය දුන් පාවහන් පයලා
නේක විධ රස මසවුලෙන් ‍නොඅඩු වූ
බත් පතත් ගෙන අතට
ජැන්ඩි පහට ඒ කාලේ වැඩට ගියේ මං

සිහි වෙද්දී බොඳ වෙයි දෙනෙත්
ඒ වාගේ කාලයක් ආයේ කිසිදා නොමැත වාගේ
පෙනෙන තෙක් මානයකවත්.....................

අම්මාට පින් සිදුවන්නට..........
ඉර නොවැරදී මදින්නට යෙදුන ඇඳුම් ඇඟලා
මුව පෙනෙන්නට දිස්නය දුන් පාවහන් පයලා
ජැන්ඩි පහට වැඩට ගිහින්
ආවේ ගෙදර උජාරුවෙන්
මිතුරියක් පෙම්වතිය වූදා මං

පෙම්වතිය කලකින් වීය පෙම්බරිය
අහෝ ඛේදයකි! නොවිය යුත්තකි සතුරෙකුටවත්
රසමසවුළු වීය අතුරුදන්
ඉරි නම් බෝය මාගේ ඇඳුමෙ දැන්‍
පාවැසුම් හීත් නැත දිස්නයක්
එලෙසින්ම නැත කිසිම දිස්නයක්
ඉරී තැලී ගිය ජීවිතයෙත්


අහෝ!!! මගේ අම්මාට පින්සිදුවන්නට..........
ඇගේ අම්මා නිරතුරුවම සිහිවේ දැන් දැන්






24 comments:

  1. "ඇගේ අම්මා නිරතුරුවම සිහිවේ දැන් දැන්"
    හරිම දරුණු තත්ත්වයක්.

    සමහර අම්මලා නම් යටිහිතින් ප්‍රාර්ථනා කරනවා මේ වගේ තත්ත්වයක්.

    ReplyDelete
  2. Raven මල්ලී,

    මම මෙතැනදී අදහස් කලේ, තමන්ගේ අම්මාගේ ගුණයන් ඉස්මතු වී පෙනෙන තරමට බිරිඳගේ දොස් ඉලිප්පෙන විට මිනිස්සු බනින්නේ දුවගේ අම්මාට කියන එකයි මල්ලී. ඒත් අම්මා විසින් පුතාගේ හිතට යම් යම් දේ ඇතුළු කරන බවත් ගම්‍ය වන බව මල්ලිගේ කොමෙන්ටුව නිසා පෙනුනා.

    කෙසේ නමුදු බිරිඳගේ සිතුවිල්ලත් ලඟදීම බලාපොරොත්තු වන්න :-)

    ReplyDelete
  3. මවක් සහ බිරිඳක් යනු දෙදෙනෙක්. ඉතින් සමාන කරන්න යාමෙන් තමයි ගැටඵව මතුවෙන්නෙ.
    මව් ගුණය බිරිඳක්ගෙන් බලාපොරොත්තු වෙනවනම් එයා විවාහ නොවීම තමයි හොඳම දේ.
    ඒකෙ අනෙක් පැත්තත් එහෙමයි.

    ReplyDelete
  4. ඔබේ ඔය අදහස ඔබටම වටීවි යම් දවසක ``` Outsider```. හොඳින් සිහිතබාගෙනම ඉන්න ඕන. මොකද ඔය වගේ අදහස් ප්‍රායෝගික ජීවිතයේදී අමතක වීමෙන් ජීවිත අවුල් ජාල කරගත් අය මම දැකලා තියෙනවා.

    ReplyDelete
  5. එක්කෝ කොහෙද යන උර චක්‍රමාලයක් කරේ දමාගෙන...
    එහෙම නැත්නම් පුතණ්ඩියට අතක් පයක් හොලවන්න නොදී අම්මණ්ඩී වැඩේ වනසලා...
    අර අහිංසක ගැනිවම කන්න හදන්නනේ තමන්ගේ වැඩ ටික තමන්ම කරගත්තනං මොකද...?

    ReplyDelete
  6. ඇයි දෙයියනේ! ඇඳුම් මදින්නයි සපත්තු පොලිෂ් කරන්නයි වැඩකාරයෙක් ගත්තනම් අහවරයි නොවැ.
    ;-)
    හැම වැරැද්දටම අම්මට බැනලත් හරියන්නෑ. අම්මට ඔලොක්කුව දාල කෙල්ල ගෙදර වැඩ ඉගෙන ගත්තෙ නැද්ද දන්නෙත් නෑනෙ?

    ReplyDelete
  7. සැමියෙක් වූ පුත්‍රයාණනි,
    මම බිරිඳක් වූ දුවනියක් වෙමි..
    මා නැන්දණිය බිරිඳක්ව මවක් ව තිස් වස් වුණද.
    මම නවකයෙක් වෙමි..

    ඔබ බිරිඳ වෙන්නම
    මා මවු කමටහන් ලදිමි මම.
    ටිකක් කල් ගත්තහම කිම
    ඔබ ට හුරු වෙන්න මම..

    බිරිඳක් වෙන්න ඔබ කිවු නිසා..
    මෙහෙ කාරියක් වෙන්න නොකිවූ නිසා..
    බෙදා හදා ගන්න හිතු නිසා.
    දිරි දෙන්න මට හැදෙනු පිණිසා..

    මා වැරදි කළ විට.
    අම්මා ට දොස් නොදෙන් මෙලෙසට..
    ඔබ ලොවට මගෙ නුගුණ කිව්වට..
    ඔබ මවුට මං තරහ නැහැ කිසි විට..

    ReplyDelete
  8. ජීවිතේ මල් කියනව නේද ?

    එයා මාතෘ භාර්යයාවක් නෙවෙයි වෙන්න ඈති....

    භාර්යයාවන් වරිග 07 ක් ද කොහෙද බන්නව නේද?

    ReplyDelete
  9. තිස්ස අයියගේ කතාවට සහ Outsider ගේ කතාවට 100% ක් එකඟ වෙමි.........

    ReplyDelete
  10. @ PANGS,

    ‍අම්මෝ උදේ පාන්දරම දැක්කේ මෙයාගේ සැර කොමෙන්ටුවනේ. නිදි මතත් ගියා.

    අයියා කියනදේ වෙන්නත් පුළුවන් තමයි. අපි බලමුකෝ බිරිඳ මොනවා කියයිද කියලා හෙට අනිද්දම.

    ReplyDelete
  11. @ freedom,

    ඇත්ත. ඒත් බොහෝ සැමිවරු හිතාගෙන ඉන්නේ සිය බිරින්දෑ වරු කොලේක අත්සන් කරලා ජීවිත කාලෙටම තියා ගන්න ගත්ත මෙහෙකාරියෝ කියලානේ. :-)

    ReplyDelete
  12. පුරසඳ නැගනිය,

    මට බිරිඳගේ කොටස ලියන්න ඉතිරි කරලා නැහැ වගෙයි පෙනෙන්නේ.

    හිතට වැදුනු කවි පෙලක් නංගී. ස්තුතියි

    ReplyDelete
  13. @ Wath,

    බොහොම භාරියාවෝ විවාහයට ඇතුළු වෙද්දී බුදුන් කිව්ව එක භාරියාවක්වත් නොවෙයි, බබා භාරි ඔන්ලි. පස්සේ තමයි වෙනස් වෙන්නේ. ඒ දේ හොඳ අතට ද නරක අතට ද යන්න තීරණය වෙන තීරණාත්මක සාධකය සැමියාගේ කල්කිරියාවේ තරම නේද සහෝදරී?

    ReplyDelete
  14. විශ්මි නංගී,

    අපි භාර්යාවෝ හැටියට කැමති වුනත් outsider සහ තිස්ස අයියාගේ අදහසට, රටේ තත්ත්වය ඊට වඩා වෙනස් වීම තමයි දුක නේද?

    ReplyDelete
  15. ගන්න නංගියේ ඉලපත...! තමන්ගේ පවුල් ජීවිතේට අතදාන්න දෙන්නාගේම අම්මා තාත්තට වුනත් ඉඩ දෙන්න එපා... ඔයාගේ දුව ලොකු වුනහම ඔයත් ඒ වැඩේ කරන්න එපා... උදවුවක් උපකාරයක් ඕන වුනහම දෙනවා මිසක් ඒ උදවු හිලව් කරගෙන ඒ ගොල්ලන්ගේ ජීවිත පාලනය කරන්න යන්න හොඳ නෑ... වැඩේ සමහර ගැහැනුත් ඉතිං ඕන දේටයි එපා දේටයි අම්මට අඬගහනවා... තමන්ගේ වැඩ තමන් කොහොම හරි කරගන්න උත්සාහ කරන්නේ නැතුව...

    ReplyDelete
  16. @ Pangs,

    Attention Please !!! Attention Please !!!

    කරුණාවෙන් සවන් දෙන්න. කරුණාවෙන් සවන් දෙන්න.

    මෙම ලියැවිල්ලෙන් අප නිවසේ කිසිවකු හෝ නොහැඳින්වෙන බව කරුණාවෙන් සලකන්න.

    නමුත් මාගේ ආදරණීය මස්සිනා පොඩ්ඩ විවාහ වූ පසු මෙසේ සිතන්නට ඉඩ ඇතිදැයි නොදන්නා බව පමණක් සටහන් කරමි. :D

    ReplyDelete
  17. හ්ම්ම් මස්සිනා පොඩ්ඩ වාසනාවන්තයි... ගුරුහරුකමක් වත් දෙන්න, වාතයක් වුනත් පොඩ්ඩක් හරි මොළයක් තියන නෑනන්ඩියෙක් ඉන්න එක...

    ඇත්තටම රන්දිල් ඒ වාගේ වෙලාවට කවුරු හරි කෙනෙක්.. ටිකක් කිට්‍ටු කෙනෙක් ඒක පෙන්නලා දෙනවනම් හොඳයි නේ...? අහන කෙනත් අවංකවම adjust වෙන්න කැමති කෙනෙක් නම්...

    ReplyDelete
  18. හා හා දාන්න බලන්න ඉක්මනට බිරිදකගේ කියවීම

    ReplyDelete
  19. @ Pangs,

    ඔව් අයියේ, වාතේ වුනත් පොඩ්ඩක් මොළේ තියෙන එක නෙමෙයි වැදගත්වෙන්නේ, ලොකු නෑනාට පොඩි නෑනා අල්ලන ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ නේද?

    ReplyDelete
  20. @ චතු,

    පුළුවන් ඉක්මනින්.

    ReplyDelete
  21. නවත්තපියවි ඕක//////

    මේක හරි වැඩක්නෙ
    අහක ඉන්න අපි පලිද මෙවට
    කව්රැවත් SHIRT මදින්තෙ නැතුව ඇදන් ගියාට
    සපත්තූ පොලිෂ් කරත්තෙ නැතූව ගියාට
    අපි මොනව කරන්නද

    පැහැදිලි ඉරිසියාව

    ReplyDelete
  22. මේ මල්ලී මෝඩ බබෙක් වෙන්න එපා හරිද?

    මේ මම ලිව්වේ මට හිතුන ලියවිල්ලක් මිසක් අපේ ගෙවල් වල කථාවක් නොවන බව ඔයාම දන්නවානේ.

    ReplyDelete
  23. අඩෙ මෙයා sira අරගෙන
    හු හු හු හු හු හු
    00000මේක කියවන අයට කියන්නෙ 0000000
    ඔන්න මමත් කියනව
    මේක කවියක් විතරයි
    මටත් ඔයවගේ කවි බඩගින්නට කියවෙනව
    හදිස්සියට ලියාගන්න බෑ
    නැත්තන් මෙයාට වඩා හොද කවියෙක් මං

    ReplyDelete
  24. අනේ ඔව් අනේ!!!!!

    මල්ලිට බඩගිණි වුනාම එහා ගෙදර ඉන්න අපි සවන් පත් අගුළුදාගෙන ඉන්නේ. මොකද එයාට ඒ වෙලාවට කවි කියැවෙනවානේ :-D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...