Tuesday, April 20, 2010

44. ඉර පායන්නට පෙර........

ඉර පායන්නට පෙර
අසන්නට අවැසිය යමක්

ඔයා මට තවමත්
ඉස්සර වගේම ආදරෙයිද?
ඔව් මම ආදරෙයි
ඉස්සර වගේම ආදරෙයි

ඇත්තටම ආදරෙයිද?
ඔව් මම ඇත්තටම ආදරෙයි

එහෙනම් මොනවද මේ මිනිස්සු කියන්නේ?
ඉර පායන්නට පෙර කියන්න මට

මිනිස්සු මොනවා කිව්වත්
මම ඔයාට ආදරෙයි

මුළු හදවතින්ම?
ඔව් මුළු හදවතින්ම

කිසිම අඩුපාඩුවක් නැතිව?
ඔව් කිසිම අඩුපාඩුවක් නැතිව

එහෙනම් මොනවාද මේ මිනිස්සු කියන්නේ?
ඉර පායන්නට පෙර කියන්න මට

මිනිස්සු කියන්නේ එයාලාට පේන දේ,

ඒ කියන්නේ......................?

ඔව් ඒක තමයි.............!!!!

ඒ කියන්නේ උඹ ඌටත් ආදරෙයි?
ඉර පායන්න කලින් මට ඇත්ත කියපන්

ඔව් මම ආදරෙයි,
ඇත්තටම, මුළු හදවතින්ම, කිසි අඩුපාඩුවක් නැතිවම
ආදරෙයි.........................


**********************************************

ඉර පායා ආවේය
වෙනදා වාගේම ඉර පායා ආවේය

හිරුගේ සැඩ රැස් දරාගත නොහැකිව
රැයේ වට පිණිබිඳු සැනින් වියැකී ගියසේම
සින්නකරව ආදරය ලියා නොදුන් වරදට
පිහි තුඩින් වට ලේබිඳු සෙමින් කැටි වූ වගයි

11 comments:

  1. කරන්න දෙයක් නෑ... මම උනත් ඒ දේ කරන්න ඉඩ තියනවා....

    ReplyDelete
  2. තමන්ට නොලැබෙන දේ තව කෙනෙක්ට ගන්න ඉඩ නොතියා විනාශ කරන එකෙත් එක අතකට වරදක් දකින්න බෑ..... ඒක සාපේක්ශයි........ ඒත් මට අනුවනම් නොලැබෙන දේට යන්න අරින්න ඕනෙ......තමන්ගෙ නෙවෙයිනම් මොකට රඳවගන්නවද....... හැමෝටම තනි තනි විඳීම් තනි තනි ජීවිත තියෙනවා....... හොඳ නිර්මාණයක් අක්කේ.......

    ReplyDelete
  3. අයිතිය පිළිබඳ ප්‍රශ්නය..

    සමහරු නම් හිරුරැස දරාගෙන ඉන්න උත්සාහ කරනව පිණි බිදු තෙත්බව රැකගෙන.වේදනාව නම් වැඩියි තමයි ඉතින්. පුද්ගලයාට අනුව තමයි කොයි දේත්.

    කවුද මේ උඩින්ම කමෙන්ට් කරල තියන මරුමුස් පොර.බයේ බෑ මිනිහගෙ කමෙන්ට් එක දැක්කම :P

    ReplyDelete
  4. @ පැඟී,

    ඔව් අපි දන්නවා.:-)

    ආදරේ වැඩි වන්න වන්න, ඒ වගේ දෙයක් දරා ගැනීමේ හැකියාව ප්‍රතිලෝමව සමානුපාතික වෙන අවස්ථා වැඩි නේද අයියේ?

    ReplyDelete
  5. @ විශ්මි,

    ඔව් විශ්මි නංගී. මටත් එහෙම හිතෙනවා. ඒත් අපි හිතන තරම් ලේසියෙන් අපි ආදරේ කරන දේවල් පරිත්‍යාග කරලා ඉන්න බැරි බවත් මම දන්නවා.

    ReplyDelete
  6. @ Raven,

    දෙන්නෙක් අතරට මේ ආකාරයට තුන්වැන්නෙක් පැමිණීම බොහොම විට අවසානයේ ඛේදවාචකයක්.

    ඉංදියානු මහා ගාන්ධර්ව රවි ශංකර්ගේ ජීවිත කථාව කියවලා තියෙනවාද? රවි ශංකර් දැනට විවාහ වෙලා ඉන්න කාන්තාවගේ පෙර සැමියා ඒ දෙන්නාගේ සම්බන්ධය ගැන දැනගෙන කැමැත්තෙන්ම වෙන් වෙලා තියෙනවා. තමන්ගේ බිරිඳ බිහි කරපු රවි ශංකර්ගේ දරුවකු අවුරුදු 8ක් තිස්සේ ඇති දැඩි කරලාත් තියෙනවා ඒ වෙන් වීමට පෙර.
    මේ සිද්ධියේ ඇත්ත නැත්ත ස්ථිරවම දන්නේ නැහැ මමත් පොතක දැක්කේ. ඒත් එහෙම මිනිස්සුත් ඉන්නවාද කියලා හිතෙනවා නේද?

    ReplyDelete
  7. @රන්දිල්: හ්ම්ම්ම්... හිත හදාගන්න අමාර්යි...
    මට හිතෙන්නේ මම මිනිස්සුන්ව මතුපිටින් ආස්‍රය නොකරන නිසා වෙන්නෑති... මෙරූ වාගේ, ආවාගියෝ මිතුරෝ, සම්බන්ධකම් මට නෑ... මගේ හිත විවෘත කරන්න බැරි සම්බන්ධකම් මම ඇති කරගන්නේ නෑ... හැබැයි ඒ තියන විශ්වාසය කැඩුවොත් ඉතින් ඩබලක් දෙනවාම තමා...
    අර රවිශංකර් හුටපටේ එකා නම් අමුම අමු නෝංජලයෙක් කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
  8. @ පැංග්ස්,

    ඩබලක් හා............ හොඳයි. නරක නැහැ.
    මගේ තියරිය නම් ටිකක් වෙනස් අයියේ. මම අදාල කිහිප දෙනෙක් ඉන්නවා, ඒ අයට හැර අනිත් හැමෝටම බෙදන්නේ ඒ අය මට බෙදන හැන්දෙන්ම තමයි. අර අදාල කිහිප දෙනා මට මොන හැන්දෙන් බෙදුවත් මගේ හැන්ද නම් වෙනස් වෙන්නේ නැහැ.

    රවි ශංකර් හුටපටය ගැන දැක්වු අදහස සමහර විට නිවැරදි ඇති. අනිත් අතට යථාර්තය අපි හිතාගන්නත් බැරි දුරකින් වටහා ගත්ත කෙනෙක් කරන්නෙත් ඒ ටිකම වෙන්න බැරිද?

    ReplyDelete
  9. කාරනා දෙක සම්බන්ධයෙන්ම එකඟයි... වයසට වඩා මුහුකුරා ගිහින් නොවෑ...!

    ReplyDelete
  10. @ පැංග්ස්,

    බොහෝ දෙනෙකු තම මතයම උළුප්පා දක්වන්න උත්සහ දරණ සමයේ, ඔබේ නිහතමානී භාවය පිළිබඳව සතුටුවෙමි.

    ReplyDelete
  11. "Ira payannata pera" sandaha vikalpa avasanayak

    "Ira paaya aveya, venada vagema ira paya aveya"

    Sun came up as it does from time immemorial, but very slowly as if afraid of what lies underneath and would be revealed in a moment.

    Most of the dew drops that were shining like brilliant jewels had vanished silently.

    A lonely solitary figure with a bent head and sagged shoulders, bearing a deep deep infinite pain caused by the answer he himself sought so desperately before sun rise, was slowly walking away in to the swirling mist stepping on those few dew drops remaining; they of course didn't disappear but remained shining inspite of being trodden.

    "Ma ithin yanna yanawa, mata yanna avasarai, mata aran yanna ette e matakaya pamanai"

    "Esanda eya bala sitiyaya"

    Someone was also there watching the vanishing shadow with unshed tears and heartfelt feelings no words could describe, knowing for certain this is the farewell.

    As the shadow finally dissolved in to the vortex of mist, her hand came up suddenly as if trying to hold him back, accompanied by a choking sob.

    "Aadaraya beda gatha noheki vuvada, adaraya venuven parithyagasheeli viyaheki saha viyayuthu bava sanituhan karamin rayehi vata pini bindu hiru peyu pasuvada uda hiru eliye didula vagai"

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...