Tuesday, May 4, 2010

48. මයි කාර් මයි පෙට්‍රල් සහ අවර් චුස් අවර්ට චුස්

අප දහදියෙන් ලැබ පණ
දෙ-රෝදයෙන් දුවන
අපගේම රථයෙන
කඩිමුඩියේ අප දෙදෙන
යන කළට උදෑසන
(මයි කාර් මයි පෙට්‍රල්)

සීරුවෙන් සිටින්
නොකියා කියමින්
නළා හඬවමින්
අත පයද වනමින්
පොලිස් නිල දැරුවන්
ගෙන යති කර මතින්

අප ඡන්දයෙන
ලැබ ඉන්ධන
විදුලි එළියක් ලෙසින
අසුරු සැනකින් දිවයන
මහ රථයක් දිලිහෙන
සහ එහි ඉන්දන
ලද (ජ)(තා) (නියෝජිත)යෙක් !!! යහතින
(අවර් චුස් අවර්ට චුස්)

13 comments:

  1. හප්පා. මමත් සෑහෙන මුහුණ දීල තියන අද්දැකීමක් සහ හිතිල තියන සිතුවිල්ලක්.
    තරහවක් එක්ක හිනාත් යනව අපිව පහුකරන් යනගමන් අපිටම බයිනෙත්තු මානද්දි. කුණුහරුපයක් දෙකක් හිතින් කියල හිත සැහැල්ලු කරගන්නව ඒ වෙලාවට.

    ReplyDelete
  2. ඇත්තටම අපිට පිස්සුද කියලා හිතෙනවා මේවා දැක්කහම මේ මිනිස්සුන්ව දියවන්නා ගෙදරට යවන්න අපේ මිනිස්සු මොනතරම් නැහෙනවාද?

    ReplyDelete
  3. all the best akke

    ReplyDelete
  4. නිල රථෙ උජාරුව
    යන අපේ නියෝජිත
    තුමා යලි අපි දකිනු
    පිණිස එයි සය වසක් ඇවෑමෙන්
    එතෙක් ඉවසන්න.....

    ReplyDelete
  5. @ Raven, Madhu and indi,

    අනේද කියන්නේ නේද?
    අපිත් අපේ පෙට්‍රල් ටික, කාලය, ඇඳගෙන යන ඇඳුම, ඒ ඇඳුම හෝදන්න සබන්, වොෂින් මැසිමට කරන්ට්, වතුර ආදි බොහෝ දේ වියදම් කරගෙන ඡන්ද පොළට ආපහු යයි. උක්ත දක්වන ලද දේවල් ඒ තරම් වියදම් නෙමෙයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ඒත් ඒ වියදමටවත් සෑහෙන්න තරම් මේ මිනිස්සු අපට සේවයක් කරනවාද?

    ReplyDelete
  6. කතාවනම් ඇත්ත අක්කේ.. මේ අද්දැකීමට අපිත් හුඟක් අවස්තාවල මුහුණ දෙනවා....... වැඩියෙන්ම පහු වුන චන්ද කාලෙදි.... ජනතා සේවකයන් , ජනතා නියෝජිතයන් පාරෙ යන්නෙ ජනතාව තලා පෙලාගෙන.....

    ReplyDelete
  7. අපේම මිනිස්සු දැන දැනම ස්වාර්ථය ගැන විතරක් හිතල පෝරකේට හිරගේට යවන්න ඕනි එවුන්ව තමන්ගෙ නායකයො කර ගන්නව නම් ඒ නිවට කමට උන් දෙන පිළිතුර ඔයිට වඩා නරක් වුණත් කරන්න දෙයක් නෑ. ඒකත් ඉහටත් උඩින් අනුමත කරන්නෙත් මේ වස්සොම තමයි.

    ReplyDelete
  8. @ විශ්මි,

    මම හිතන්නේ අපේ රට වගේ රටවල් කිහිපයක විතරයි මේ තත්ත්වය තියෙන්නේ.

    අනෙක් රටවල දේශය පාලනය කරන්නේ සාමාන්‍ය ජනතාව තුලින්ම නැගුනු අය මිසක් අසාමාන්‍ය පිරිසක් නොවෙයි කියලා අහපු දැකපු දේවල් නිසා හිතෙනවා.

    ReplyDelete
  9. @ outsider,

    අම්මෝ මල්ලියෝ ඔච්චර කේන්ති ගන්න එපා.

    මොනවා කරන්නද? කැපුවත් නිල් කැපුවත් කොල කියාගෙන ඉන්න පිරිසක් සමගයි අපි ජීවත් වෙන්නේ. අපේ රටේ අම්මා තාත්තා දරණ දේශපාලන මතය විවේචනය කලොත් කෑමත් නැති වෙන ගෙවල් කීයක් නම් තියේද? අම්මා තාත්තා එද්දි ඉඳගෙන ඉන්න පුටුවෙන් නොනැගිටින එව්වෝ ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක් දුර එද්දිම නැගිටිනවා. ඔන්න ඔහොමයි ශ්‍රී ලංකාව.

    ReplyDelete
  10. ඇත්ත කතාව තමා.
    අපිට ඉන්න බැරුවට ඉතින්....

    මේකම මෙහෙමත් ලියවුනා මට
    http://bingunada.blogspot.com/2010/04/blog-post_30.html

    /බිඟුවා...!

    ReplyDelete
  11. පයින් ඇවිද‍ගන ගියත් සමහර වුන් මරන්න කවුරැත් නෑ එත් මෙක දැන් ප%හ+ විලාසිතාවක් වෙලා තමන්ගෙ බලය පෙන්විම ඉවසන්න මනසික රොගින්ට බලය දුන් ඡන්දදයකයෝ අප වෙින්නෙමු

    ReplyDelete
  12. @ Bings,

    අනේ ඇත්තටම ඔයාටත් ඒකම වෙලා නේද?

    ReplyDelete
  13. @ Indika Dissanayake,

    අනේ මන්දා, අපේ රටේ මේ දේවල් කවදා නම් වෙනස් වෙයිද මන්දා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...