Thursday, June 10, 2010
57. අම්මේ මම එනවා එනවාමයි....................
පුංචි කාලේ ඔබේ අතින්
බෙදලා දුන්නු බත් පිඟාන
රසයි රසයි කියමින් කෑවත්.........,
කෑව විටදි බත් දෙකටක්
ඔබේ අතින්ම අනාපු
මා කෑ බත් පිඟානේ රසය
පැරදී පලා යනවා පෑල දොරින්........,
දැනුත් අම්මේ ආසයි මට
ඇවිත් කන්න ඔබේ අතින්
බත් කටවල් එකක් දෙකක්
ඒත් කොහිද මට වෙලාව
උදේ ඉඳන් රෑ වෙනකම්
ෂෙඩියුල් වෙලා මගේ වෙලාව........,
උදේ රැයින්අවදිවෙලා
උයා පියා හදා බෙදා
මළු දෙකකට දාගෙන අපි
ඉස්සර කාලේ ඔබ වාගෙම
දෙන්නා එක්ක ඉගිලිලා
වැඩට එන්නේ අපි දෙන්නා
පුංචි පැටික්කි ගෙදර තියා
දන්නවානේ මගේ අම්මේ........,
හවස් කොරේ අපි දෙන්නා
මගින් මගට අඩු පාඩුත්
මල්ලකට එකතු කරන්
බෙල්ල කැඩිලා වගේ නැවත
ගෙදර බලා ඉගිල්ලෙන්නේ
ඉස්සර කාලේ ඔබ වාගෙම
පුංචි පැටික්කිගේ මුව පොඩියට
එක් කරන්න සිනා මලක්
මගේ අම්මා දන්නවානේ..........,
මේ සේරම දැන දැන ඔබ
දින පහ හය අපි නාවොත්
මූණ නොරොක් කරන් ඉන්නේ
අඩපාලි මට කියන්නේ
එහෙම වුනත් සෙනේ සිතින්
බත් දෙකටක් හනි හනිකට
බෝම රසට උයා දෙන්නේ
මව් ස්නෙහය නිසාම බව
මම දන්නවා මගේ අම්මේ........,
මේ සේරම දැන දැන මම
බෝම නරක දුවක් වෙලා........,
අද ඔබ මට අමතාලා
පවසනතුරු මා නොදනිම්
නැවතුන බව රෝහලෙහි
හාංකවිස්සියක් ඒ ගැන
ඇහේ දාන් දරුවෝ හැදුවේ
මෙහෙම වෙන්නද මගේ අම්මේ?........,
මගේ අම්මා සුවපත් වී
විගස ගෙදර ආව කලට
නොවරදවා දින දෙකකට
සැරයක් මා ඔබ දකින්න
එන බව දිව්රමි මේ ලෙස
ඒ දිව්රුම මා රකිනා සැටි
දැක ගන්නට ඉක්මනටම
සුවපත් වී සතුටු සිතින්
ගෙදර යමු අපි අම්මේ........,
Subscribe to:
Post Comments (Atom)
අම්මට ඉක්මනටම සනීප වෙන්න කියලා මාත් ප්‍රර්ථන කරනව රන්දිකා. අපිට තියෙන වැඩ එක්ක ඔය කියනවා වගේම අමාරුයි නේ නිතර අම්මල ගැන බලන්න. ඔයා ඒකට හිත අමාරු කර ගන්න එපා.
ReplyDeleteඅම්මට ඉක්මනින් සනීප වෙයි නංගෝ . . . අපි එහෙම ප්‍රාර්ථනා කරමු . . ඇස් දෙකට උනන්න හදපු කඳුලක් අමාරුවෙන් හිර කර ගත්තා. . මේ තමයි ජීවිතේ හැටි . . ඉස්සර අම්මලා අපි වෙනුවෙන් දුවපු රේස් එක අපි දැන් අපේ දරුවෝ වෙනුවෙන් දුවනවා. ලෝක ස්වභාවය අදුන ගත්තු ඔයාගේ අම්මා පිටින් නෝක්කාඩු කිව්වාට හිත ඇතුලේ කිසිම කහටක් නැතුව ඇති . . ඔයා දුක් වෙන්න එපා . . .
ReplyDeleteහරිම සංවේදි කවි පෙළක් මගේ ඇහටත් කදුලක් ඉනුවා.
ReplyDeleteජීවිතය කොයි වගේද කියලත් අම්මාගේ සෙනෙහස ගැනත් හිතට කිදා බහින විදියට පද ගලපලා තියෙනවා
ඉක්මන් සුවය පතනවා
ඒකයි නගේ ජෝතිපාල මහත්මයා ගයන ගීයක තියෙන්නේ
ReplyDelete“නොබලා ඉන්නට බෑ නුඹලා මට
ලොකුම දුකනෙ දරු දුක මා පුතුනේ“
කියලා...
ඔයා එයා ගැන නොබැළුවාට නොවෙයි ඔය නෝක්කාඩු ඔක්කොම.. ඔයාව නොදැක, ඔයාගෙ කටහඬ නොඅසා ඉන්න බැරිකමයි.. කොච්චර දුකක් ඔයාගෙ හිතට දැනුනත් වචන වලින් පිට කරන්න යන්න එපා. ඒවා අති භයානකයි..
අපි එයාලව තේරුම් ගන්න ඕනේ.. අපි උස් මහත් වෙලා දරුවන් ලැබුනත් අපි එයාලගෙ ලොකුපුතා, චූටි පුතා නෙ තාම...
අම්මාට ඉක්මන් සුවයක් ලැබේවා!
අම්මට ඉක්මන් සුවය පතනවා !!!
ReplyDeleteමිහිරි, දුකා, ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය , තනෝජා, හිඟන්නා ඇතුළු අපේ අම්මාට සුව පැතූ ඔබ සැමට පිං දැන් ඇයට සුවයි.
ReplyDeleteඅම්මලාගේ සෙනෙහස ඉස්සරහා අපි හැමොම පරාදයි.....
ReplyDeleteඅම්මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා......
තෙරුවන්සරණයි!
ස්තුතියි ඉලංදාරියා ඔබටත් අපේ අම්මාට සුව පතන්න එකතු වුනාට,
ReplyDeleteඅක්කේ .. අදයි මේ බ්ලොග් එකට ආවෙ. එක දිගට ඔක්කොම කියෙවුවා.ඒ අතීතෙ ඔයා ලියලා තියන විදියට ඇහැට කඳුලු එනවා අක්කේ..මේ බ්ලොග් එකේ තියෙන්නෙත් අපේ කතාවමයි.. ඒත් මගේ කතාවෙ අවසානය ලස්සන නෑ... මටත් ඔයා වගේ කෙනෙක් හිටියනම්.. ඔයාගෙ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා..
ReplyDelete@ නසරාණියා,
ReplyDeleteඅනේ ඇත්තට දාගෙන ඉන්න නමක හැටි :D
දන්නවාද මලේ, ඔයා දාගෙන ඉන්න නම අයියා හැම තිස්සෙම කියන නමකට සමානයි "නස්රූණියා" තමයි එයා කාට හරි බනිද්දි කියන නම. මම හිතන්නේ භාවිතයේදි වෙනස් වුනත් මේ දෙකම එක වෙන්න ඇති නේද?
ස්තුතියි මලේ මේ පැත්තේ ආවාට. වෙලාවක් ලද වහාම ඔයාගේ බ්ලොග් එකට ගොඩ වදින්න බලාපොරොත්තු වෙනවා.