Wednesday, July 7, 2010

60. ජූලි හතයි.......දූට මාස දහයයි.........

ජූලි හතයි
දූට මාස දහයයි
හැන්දෑවට ගෙට වන් කළ
ඈ නිවන්නේ අපේ දාහයයයි

කිරි කිරි දසන් පෙන්වා
සිනා සලන පුංචි දෝණි
නිවාලන්නේ දවස පුරා
එකතු කරපු මහන්සියයි


තව ඇත්තේ දෙමාසයයි
අපේ දූට අවුරුද්දයි
තව ඇත්තේ දස වසරයි
පාසල් ගොස් පස් වසරයි

තව ඇත්තේ විසි වසරයි
වේය නුඹත් ලොකු‍ කෙල්ලක්
ගුණ යහපත් කම් ඇති
දුවක් වෙන්න අපේ දුවේ
අප හැමදෙන පතන එකම
පැතුම එයයි රං මැණිකේ

තව ඇත්තේ තිස් වසරයි
කාලය සැනින් පියඹයි
නුඹේ අම්මා සෙනේ සිතින්
අද ගලපන මේ පදවැල්
ඉපැදේවී නුඹේ සිතෙත්

ඔන්න අදත් අම්මා ගියා
සිතින් හිතන් බොහොම දුරක්
අනේ අනේ ජූලි හතයි
දූට තවම දස මාසයයි

30 comments:

  1. හ්හ්ම්ම්.. හැම අම්මා කෙනෙක්ගෙම හීන මම මේ කවි පෙළේ දැක්කා...
    ඉස්සර අපේ අම්මත් ඔහොමයි..
    තව අවුරුද්දෙන් ඔයාට මෙහෙම වෙන්න ඕනේ අරහෙම කරන්න ඕනේ..කියලා මං ගැන හීන ගොඩක් මවාගෙන උන්නා.
    ඒවායින් කීයෙන් කීයද මට ඉෂ්ඨ කරන්න පුලුවන් වුණේ.

    මට මගේ අම්මව මතක් උනා මේක කියෙව්වම.

    ReplyDelete
  2. ම්......ම්........ඔව් අන්ශ් මං දන්නවා ඔයායි අම්මායි ගැන හැම දේම. මම ඒ ලිපි කියවලා තියෙනවා. අම්මා ඉන්න තැනක ඉඳන් ඔයා දිහා බලා සතුටු වෙනවා ඇති.

    ReplyDelete
  3. My most sincere wishes:may you be able to compose more loving verses in 2 months, 10 years, 20 years & 30 years from this day

    ReplyDelete
  4. @ Ravi,

    Thank you very much for your wishes. I also wish same for me. :D

    ReplyDelete
  5. ඇහැට කදුලක් ආවා අම්මා මතක් වෙලා, අනේ අපේ පස්සෙන් වැටී ගෙන හැමදාම මහන්සි වෙන්න ඇත්තේ එයාගෙ හිතේ තිබ්බ මේ වගේ ගොඩාක් හීන ඉටු කර ගන්නනෙ, ඒත් දැන් අම්මාගෙන් හැතම්ම දහස් ගානක් දුරට වෙලා ඉන්න එක ගැන අම්ම හිතෙන් කොයි තරම් දුක් වෙනවා ඇතිද.

    අද මම මගේ පුතා ගැන එදා අම්ම අපි ගැන දැක්ක හීන දකිනවා, මේ ලෝකේ හැටි තමා නේද රන්දිකා.....

    ReplyDelete
  6. ඔව් මිහිරි, දරුවන්ට හිතැති දෙමව්පියෝ සංසාරේ පුරාවටම මේ පාරමිතාව තමයි පුරන්නේ. අපිත් ඒ කුලකයේම තමයි නේද?

    ReplyDelete
  7. මෙන්න මගෙනුත් සුබ පැතුම්......ආදරය උතුරන කවි පෙළක්....:D

    ReplyDelete
  8. ස්තුතියි හේමලයෝ.

    ReplyDelete
  9. අපේ අම්මත් ඔය වගෙම හිතන්න ඇති... කවි පේලිය ලස්සනයි පොඩි එකී ඊටත් වඩා ලස්සනයි....

    ReplyDelete
  10. ම්...ම්... අනිවාර්යයෙන්.

    ස්තුතියි පුතේ අදහස් දැක්වීමට

    ReplyDelete
  11. ලස්සන නිර්මානයක්...සුභ පැතුම්...... :)

    ReplyDelete
  12. ♠GaŋGster♠™,

    ස්තුතියි අදහස් දැක්වීමටත් සුභ පැතුමටත්

    ReplyDelete
  13. සුභ පතන්න මම පරක්කු වුනාද කියලත් හිතෙනවා... මේ අම්මත් ඔය හීනම නිතර දකිනවා... ළඟම හීනෙ මයෙ ලොකු දූ මෙදාපාර ශිෂ්‍යත්ව විභාගයට වාඩිවෙනවා... තව දවස් 44යි...

    ඔයාගෙ දූටත් ඔයාල දෙන්නටත් යහපත් අනාගතයක් පතනවා නංගි!

    ReplyDelete
  14. මම දන්නවානේ තනෝජා අක්කි ඔයා මොන වගේ අම්මා කෙනෙක්ද කියලා. ඔයාත් මාත් මිහිරිත් එක වගේ කියලා මට හිතෙනවා. දුවගේ විභාගයට මම සුභ පතනවා. ඇය ඉහලින්ම සමත්වේවා !!!!!!

    ReplyDelete
  15. දස මසක් ගෙවි ගොස් ඇතිය අද නොදැනීම
    තවත් දසවසක් ගෙවෙන විට ඇය ලොකුය
    සුභ පැතුම් මගේ..නුත් ඇගේ දිවි සරුවෙන්න කාලය පියාඹා යනු ඇත මේ ලෙසන්
    නොදැනීම හරි ඉක්මනට...

    ReplyDelete
  16. ඔන්න රන්දිල් අක්කා, ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන්නත්, පොඩි දෝනීට නිදුක් නිරෝගී අනාගතයකටත් මගෙන් උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  17. මගෙනුත් සුබ පැතුම් ....

    සියලු දෙනාටම බුදු සරණයි

    ReplyDelete
  18. ආදරය උතුරන පද පේලියක්..
    හැම අම්මා කෙනෙක්ම විතරක් නෙවේ හැම තාත්තා කෙනෙකුගෙත්ම ප්‍රාර්ථනාව මේක තමයි..

    ReplyDelete
  19. අම්මා කෙනෙක්ගෙම හීන ,,,,මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  20. @ බුද්ධි,

    ස්තුතියි මලේ ඔබටත් සුභ පැතුමට

    @ වැප්,

    මේ පැත්තේ ඇවිත් අපට සුභ පැතුවාට ඔබටත් ස්තුතියි

    ReplyDelete
  21. @ නිමන්ති,

    කාලයට තටු ඇවිත් වගෙයි දැන් හරියටම හිතෙන්නේ.
    සුභ පැතුමට ස්තුතියි සොයුරිය

    @ සෝරෝ,

    ආන් ඒකනේ කියන්නේ, ඉක්මනටම තාත්තා කෙනෙක් වෙයන් මල්ලී. දරුවන් ගැන හීන දකින්න :D

    @ ruwan kumara maddage ,

    ස්තුතියි ඔබටත් සුභ පැතුමට

    ReplyDelete
  22. ඳූ පැටියටයි මුලූ පවුලටමයි තෙරැවන් සරණ පතනවා.
    වාසනාවන්ත, සිනහවෙන් පිරි ජීවිතයක් සැමදාම ඉතිරි වේවා

    ReplyDelete
  23. ස්තුතියි හෙළයෝ මේ පැත්තේ ඇවිත්,අපිට සුභ ප්‍රාර්ථනා කලාට

    ReplyDelete
  24. සමහර විට ඒක සදාකාලික හීනයක්ම වෙන්නත් පුළුවන්..

    ReplyDelete
  25. රන්දිල් නගේ, දූ පොඩිත්ති දකින කොට මට මතක් වෙන්නේ මගේ දුවගේ පොඩි කාලය . . . ඔය කෙලි පැටික්කි වගේමයි . . . . දැන් එයාට අවුරුදු 10 යයි . . . කාලය හරි ඉක්මනටම ඉගිලෙනවා නගේ . . . ඔයාගේ සියලු ප්‍රාර්ථනා මල් ඵල ගැන්වේවා !

    ReplyDelete
  26. @ සෝරෝ,

    හම්........... ඒකත් එහෙමද මලේ. මම කිව්වානේ කාලය තමයි ඔසුව. අපි බලමු.

    @ දුමී,

    ඔයාටත් දුවටත් පවුලේ සැමටත් තිසරණ සරණයි අයියා. දුව මේ පාර ශිෂ්‍යත්ව විභාගේ කරනවා ඇති නේද? සුභ පැතුම් ඒ සඳහාත්.

    ස්තුතියි අයියා මේ පැත්තේ ආවාට

    ReplyDelete
  27. රට කරවන කෙනෙක් වෙන්න දුව මතු කාලේ

    ReplyDelete
  28. ම්.......ම්.....දැන් දැන් ගෙදර ඉඳන් කරන දේවල් දැක්කහම අපටත් ඔහොම හිතෙනවා. ඒක අපි හිතන්නේ හැම දෙමව්පියන්ගේම සිහිනය වෙන්න ඇති. ස්තුතියි ඉලංදාරියා මේ පැත්තේ ආවාට.

    ReplyDelete
  29. අදනේ මේක කියෙව්වේ

    ReplyDelete
  30. අටම්ට වගේම මටත් එවුනේ අද

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...