Saturday, April 14, 2012

115. සුබ නව වසරක් වේවා!!!




අවුරුද්ද කියන්නෙ වසරේ එක් වැදගත් දවසක්.අපි පොඩි කාලෙ ඇත්තටම ඒ දවස, තුන්සිය හැටහතර දවසෙම ජීවන අරගලයෙ යෙදී වෙහෙසෙන මිනිස්සුන්ට, එක දවසකට පොඩි විවේකයක් අරගෙන, කාල බීල තමන්ගෙ නෑ හිත මිතුරන් එක්ක සතුටු වෙන්න වෙන් කරල තිබුණු දවසක්.ඒ වගේම ඒ ජීවන අරගලයෙ යෙදෙද්දි නොවරදවාම ඇතිවෙන පොඩි පොඩි රණ්ඩු සරුවල්, හිත් නොහොඳකං, අමතක කරල ජීවිතේ අලුතින් පටන් ගන්න දවසක්.

හැමදෙයක්ම වෙනස්වෙනව. ජීවිතෙත් එහෙමයි....සියලු සංස්කාර ධර්මයෝ අනිත්යයයි කියල බුදු හාමුදුරුවො කිව්වෙ අන්න ඒ නිසා. ඉතින් අවුරුද්දත් වෙනස් වෙලා. අවුරුද්දෙ පරමාර්ථ සමරන ආකාරය ඒ ඔක්කොම වෙනස් වෙලා. ඒක ස්වාභාවිකයි. එහෙම වෙන්නම ඕන.

ඉතින් මේ වැදගත් දවසෙ එක එක්කෙනා ප්රාර්ථනා කරන්නෙ තමන්ට කැමති කැමති දේවල්. තම තම රුචිකත්වය අනුව.මම ප්රාර්ථනා කරන්නෙ මට හිතෙන විදිහට අද අපිට අත්යාවශ්ය, වැදගත්ම, ඒ වගේම අපිට නැතිම දේ ලැබෙන්ටයි කියල.





මගේ දයාබර මිතුරනි, මිතුරියනි...

රන්දිල් වාසනා සහ රනුලි ද සමඟ, සඳා සහ මම ද ඔබ සැමට සුබ නව වසරක් ප්රාර්ථනා කිරීමට එක් වෙන්නෙමු
.


28 comments:

  1. ඔබ සැමටත් ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත් , ඔබට ද සුබ නව වසරක්!!!

      Delete
  2. අඩවියේ ඇත්තන්ට හා පවුලේ සැමටත්,
    මේ අඩවියේ පලවෙන හරබර දෑ කියවන්න ගොඩවෙන සැමටත්,

    සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩීන්,

      By the grace of the almighty God, peace be with you always!!!

      Delete
  3. අර වීදුරුව ඇතුලෙ ඉන්න පළගැටියාට නිදහස ලැබෙනවට මාත් කැමැති. හැබැයි එයා නිදහස බැලුනු ගමන්ම පහන් දැල්ලක පහස හොයාන යනව දැක්කම මට හිතේවිද දන්නැහැ “අනේ මම වීදුරුව ඇරල ඌට යන්න දුන්නෙ අපරාදේ “ කියලා.

    හැබැයි ඉතින් වූ පහන් දැල්ල විඳිනව නම් , ජිවිතේ මිය දුනත් හිර වෙලා හිටියට වඩා ඒක සැපයි කියල හිතනව නම් මගේ හිතේ කිසිම කහටක් නැහැ.

    රවි අයියාටත් සඳා අක්කාටත්, රන්දිලි මැතිනියටත් එම මැතිතුමා වෙන වාසනාටත් ඔවුන්ගේ පුංචි සුරතලී රනුලිටත් , ලැබෙන්න සිටිනා පුංචිත්තාටත් ( ඒක මම නිකමට හිතල කීවේ හරිය )මේ වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන , අතට යහමින් මුදල් ලැබෙන නිදහස පිරි වසරක් වේවායි කියලා පතන ...

    මම
    ෴ සොඳුරු සිත වත් ෴

    ReplyDelete
    Replies
    1. / අර වීදුරුව ඇතුලෙ ඉන්න පළගැටියාට නිදහස ලැබෙනවට මාත් කැමැති. හැබැයි එයා නිදහස බැලුනු ගමන්ම පහන් දැල්ලක පහස හොයාන යනව දැක්කම මට හිතේවිද දන්නැහැ “අනේ මම වීදුරුව ඇරල ඌට යන්න දුන්නෙ අපරාදේ “ කියලා. /

      අඩේ එහෙම කොහොමද බං, උඹ කොහොමෙයි එහෙම පළඟැටියා වෙනුවෙන් තීරණ ගන්නෙ?......හෙහ්, හෙහ්,

      / හැබැයි ඉතින් වූ පහන් දැල්ල විඳිනව නම් , ජිවිතේ මිය දුනත් හිර වෙලා හිටියට වඩා ඒක සැපයි කියල හිතනව නම් මගේ හිතේ කිසිම කහටක් නැහැ./

      අන්න එහෙම වරෙන්....පළඟැටියට තමන්ට කැමති විදිහට තමන්ගෙ ජීවිතේ ගත කරන්න පූර්ණ නිදහස තියෙන්න ඕන...ඒක ඇවිල්ල අනුල්ලංඝනීය අයිතියක්...තේරුණාය?.....

      / ලැබෙන්න සිටිනා පුංචිත්තාටත් ( ඒක මම නිකමට හිතල කීවේ හරිය ) /

      අඩේ බොරු කියන්න එපා...එක්කො රන් ඔය ගැන උඹට මොනව හරි කියල තියනව නැත්නම් බොලොග් ලියනවට අමතරව උඹ පාට් ටයිම් වී.ඕ.ජී. වැඩකුත් කරනව නිකං ජොලියට වගේ.....නෑ කියන්න එපා....හෙහ්, හෙහ්,

      සුබ පැතුමට බොහොමත්ම ස්තූතියි වත්, ඔබටත් සුබ නව වසරක්!!!

      Delete
  4. නිදහස් සිතිවිලි සිතනා අකුරු කරනා සැමට සුභ අළුත් අවුරුද්දක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ, ඔබටත් සුබ නව වසරක්!!!

      Delete
  5. 'නිදහස් සිතුවිලිවල' හැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක්!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි, ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවන්නා වූ සුබම නව වසරක්!!!

      Delete
  6. නිදහස් සිතිවිලිහි සියලු දෙනාට සෞභාග්‍යමත් නව වසරකට ආසිරි henryblogwalker the Dude ගෙන්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි henry, ඔබට ද සුබ නව වසරක් පතන්නෙමි!!!

      Delete
  7. සුබ අලුත් අව්රුද්දක් වේවා....

    ReplyDelete
  8. රවී අයියා ඇතුළු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. ප්‍රර්ථනා කළ දේ ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි නඟේ, ඔබට ද ඔබ හෘදයාංගම වූවන්ටද සුබ නව වසරක්!!

      Delete
  9. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කතන්දර, ඔබටද සුබ නව වසරක්!!!

      Delete
  10. Replies
    1. ඔබටත් සුබම වේවා සෑම් , ස්තූතියි....

      Delete
  11. පීදුනු සොඳ සුවඳ පිරුණු රඹ කැන් සිරි සේමා
    රත් පැහැයෙන් පිපී දිලෙන එරබදු මල් සේමා
    සුභ හෝරාවෙන් නැකැතට කිරි ඉතිරෙන සේමා
    සව් සිරි පිරි සුභ නව වසරට සෙත් පතනෙම්මා

    හැම සුභ සිහිනයම මල් ඵල ගැන්වේවා
    යන මග ගල් බොරළු මත මල් ඇතිරේවා
    සැමදා සිනහවෙන් මුව ඔපවත් වේවා
    හද පිරි අසිරි සුභ නව වසරක් වේවා

    නිදහස් සිතුවිලි හරහා අපිට දැනුම සතුට ගෙනෙන රවි අයියාටත්, රන්දි අක්කාටත්, ඒ පවුල් වල හැම දෙනාටත්, මේ කියවන යාළුවෝ හැමදෙනාටත් සතුට, සෞභාග්‍යය සපිරුණ වාසනාවන්ත සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. රඹකැන් ඉදෙනා සුවඳක් ගෙන එන්නේ පවනේ,
      එරබදු මල් රතට රතේ අතු ඉති අග පිපුනේ,
      සුබ නැකතට කිරි ඉතිරී සතුටු සිනා දිලුනේ,
      නඟේ, පතමි ඔබ සිත් මල පහන් වෙලා නිවුනේ,

      ස්තුතියි සිත්තමී. ඔබටත් සිත්තර තුමාටත් ඔබට හෘදයාංගම වූ සැමටත් සුබ නව වසරක් පතන්නෙමි!!!

      Delete
  12. රවි අයියටත් නිදහසේ සිතිවිලි ලියන සියලුම දෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා .. !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , සඳරු මල්ලි....ඔබටත් ඔබට හෘදයාංගම වූ සියල්ලන්ටත් සුබ නව වසරක්ම වේවා!!!

      Delete
  13. හපුච්චේ කාලෙකට පස්සෙ පය ගැහුවෙ.

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම පතමි, සිතුවම්...සුබ නව වසරක්!!!

      Delete
  14. රවී අය්යා ප්‍රධාන නිදහස් සිතිවිලි වල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. ආහ්, මෙකුවියනි.....ඔබටත් ඔබ පවුලේ සැමටත් සුබ නව වසරක්!!!

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...