රූපවාහිනි වැඩසටහනක් නැරඹීමෙන් මුල් වරට දෙනෙතට කඳුළු පිරුනේ කළු හිසකෙස් ඇති රොබින්හුඩ් මිය ගියදා සේ මතකයේ ඇත. එයින් අනතුරුව නොයෙකුත් හින්දි චිත්‍රපටවල වීරයන් ගුටි කද්දි, වීරවීරිය නිවාස අඩස්සියට පත් වද්දී ඔවුන් වෙනුවෙන් හදපතුලෙන් නැගී ආ වේදනාවෙන් හොරෙන් හොරෙන් හැඬුවා මතකය.
තවද, ඉඳහිට හෝ ‘ක්යා මත්සේ ක්යාමත් තක්’ චිත්‍රපටයේ සේ වීරයා සහ වීරවරිය යන දෙදෙනාම හෝ එක්කෙනෙකු හෝ මියගිය විට බිම පෙරළි හඬන්නට ලැජ්ජාවෙන් ඉකි ගසමින් හැඬු හැටිද මතකය. ඒ ද නිදිමරාගෙනය. කාලයත් සමඟ රූපවාහිනි වැඩසටහන් හා චිත්‍රපටවලට හඬන හැඬුම් අමතකව යාම පුදුමයට කාරණයකි.
දැන් විකාශය වන බොහොමයක් වැඩසටහන් බැලුවද පෙනෙන්නේ නැත. වෙන වැඩක් නැති වේලාවක හෝ යමක් ගැන කල්පනා කරමින් සිටින විට හෝ රූපවාහිනිය දල්වාගෙන නෙත් යොමා සිටීම හැර උවමනාවෙන් බලන්නට දෙයක් අද විකාශය වන්නේම නැති තරම්ය. දැන් කල්පනා කර බලන විට එකල ද වැදගත් වැඩසටහන් විකාශය වී නැති බව සිතෙන අතර එකල නිදිමරාගෙන චිත්‍රපට බැලූ අපි නම් වූ පොඩි එව්වෝ දැන් අහුවුනා නං පස්ස පැත්තට දෙකක් දී ඇඳට දමන බවද සහතිකය. :)
Life is Beautiful
පසුගිය සෙනසුරාදා රාත්‍රී 10.30 ට පමණ රූපවාහිනිය දල්වා ගත්තේ ද කල් මැරීමේ උවමනාවට මිස යමක් දැකීමේ උවමනාවෙන් නොවේ. ඒ සැමිතුමා එයාලාගේ “කොල්ලෝ ටික” හා එක් ව වාර්ෂික අවුරුදු සැමරුමට එක්වීමට ගොස් සිටි නිසාය. කෙසේ හෝ ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙමින් පැවති චිත්‍රපටය විනාඩි කිහිපයක් ගත වද්දීම මගේ අවධානය දිනා ගැනීමට සමත්විය. එය දුටුමතින් හිතුනේ චාලි චැප්ලින් ගේ කාලයේ නිපදවූවක් ලෙසය. එහි නම වූයේ, Life is Beautiful යන්නයි.
වේදිකා නාට්‍යයක සේ දෙබස් සහිත වූ එහි දිව ගිය ආදර කථාව සරළ, අතිශයින් සිත් ඇදගන්නා සුළු වූවක් විය. ඉහළ මධ්‍යම පාන්තික ඉතාලි ජාතික යුවතියක් හා තමාගේම පොත් හලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුව ඇතිව, සිය මාමාගේ ආපනශාලාවේ වේටර්වරයෙකු සේ සේවය කරන යුදෙව් තරුණයකු අතර ඇති ආදර කථාව ප්‍රේක්ෂකයා සිනා ගන්වමින් දිවයයි. ඔහු, ඇගේ සියලු නෑ හිතමිතුරන් ඉදිරිපිටදී සිය ආදරවන්තිය රැගෙන යන්නේ ඇය හා විවාහ අපේක්ෂිත ව සිටිනා තරුණයා අන්දමන්ද කරමිනි.
ඔවුන්ගේ පුත් ජොෂුවා හා ඔවුන් දෙදෙන ඉතාමත් සාමකාමී සතුටු පිරුණු පවුලක් ලෙස චිත්‍රපටය අපට පෙන්නුම් කරයි. ප්‍රධානම වැදගත්දේ මෙහි පියා සර්වසුභවාදි ලෙස සිතන අයෙකු වීමයි. කිසිම දුක්බර දේකට ඔහුගේ මුහුණට දුකක සේයාවක් වත් ගෙන ඒමට හැකියාවක් ලැබෙන්නේ නැත.
දිනක් පිය පුතු දෙදෙනා ඔවුන්ගේ පොත් හල වෙත යන විට, අසල රසකැවිලි හලක් වෙත පුතු දිව යයි. “යුදෙව්වන්ට හා බල්ලන්ට ඇතුළුවීම තහනම්” එහි සඳහන් වැකිය දුටු පුතු හැකිලි පියා වෙත දිව එයි. ඒ ඔවුන් යුදෙව්වන් නිසාය. එහිදී පියා පුතු සනසන ආකාරය සරළය. සියුම්ය. විනෝදයක් ගෙන එයි. එහෙත් ඒ වැකි පෙලට යටින් දිව යන උපහාසය තේරුම් ගත යුතුව තිබේ.
කෙසේ හෝ ඒ ලස්සන පවුල වෙත අභාග්‍ය පැමිණේ. පුතුගේ උපන්දිනය දා අම්මා සිය මෑණියන් කැඳවාගෙන ඒමට ගොස් සිටියදි හිට්ලර්ගේ හමුදා විසින් පිය පුතු දෙදෙනාත් ඔවුන්ගේ නෑයින් සමූහයත් රැගෙන යයි. ජොෂුවාගේ අම්මා පැමිණ සිදු වී ඇති දෙය වටහා ගන්නී, ඇය ද විගස ඔවුන් පසු පස යන්නීය. ඇය යුදෙව් ජාතික කාන්තාවක් නොවුවත් හමුදා නිලධාරියා හා කථා කොට එම දුම්රියට ම නැග ගන්නීය. අනතුරුව දිව යන කථාව මා කියනවාට වඩා ඔබ ම නැරඹීම වඩා සුදුසු බව මා මෙන්ම ඔබද සිතනු ඇතැයි සිතමි. චිත්‍රපටය අවසන් වන විට බොහොම විට මා මෙන් ම ඔබද හඬමින් සිටිනු ඇති බව මට සිතේ.
ඉතාමත් අනුවේදනීය වූ කථා ප්‍රවෘත්තියක්, සර්ව සුභවාදී චරිතයක් හා නාට්‍යමය ස්වරූපය භාවිතා කරමින් සාර්ථක ව ඉදිරිපත් කර තිබීම අපූරුය. පියෙකුගේ දාරක ස්නේහය, සැමියෙකුගේ ආදරය, මිනිසකුගේ දරාගැනීමේ ශක්තිය, ඕනෑම දුකක දී එයට සිනා මුසුව මුහුණ දීමේ හැකියාව ආදී වු නොයෙකුත් දේ මුළු චිත්‍රපටය පුරාවට ම අපට පෙන්නුම් කරයි. ඒ පියා තරම් දුක් කරදර දරා ගැනීමට සැබෑ ලෝකයේ මිනිසුන්ට නොහැකි වුවත්, තමන්ගේ ජිවන අන්දරය සාර්ථක ව ලියා ගැනීමට යහපත් මිනිසුන්ට මෙම චිත්‍රපටය ඉවහල් වනු නොඅනුමානය.
ජර්මන් බස නොදත්ත ද නාසි නිලධාරියා ගේ කථාව, සිය පුතුගේ හිත හැදෙන පරිද්දෙන්
පරිවර්තනය කරන්නට ඉදිරිපත් වෙමින්
හිට්ලර්ගේ වදකාගාර වල දී තිබූනු අප කියවා අසා තිබෙන තදබල නීති අනුව මෙහි දැක්වෙන සේ කටයුතු කිරීමට හැකි වූවාද යන්න නම් ගැටළු සහගතය. මූලික කථාවට හානී නොවන පරිදි කටයුතු කිරීම නිසා එසේ වන්නට ඇතැයි සිතමි.
දහසක් දේ කියැවුනු අවස්ථාව
මුළු කථාවම සර්වසුභවාදී පියා කේන්ද්‍ර කරගනිමින් ඔහු වටා දිව ගියද, අප චිත්‍රපටයෙන් කියවා ගත යුතු තවත් වැදගත් යමක් මම දිටීමි. මෙය කියවන මගේ මිතුරු පිරිස, පසු ලියැවිල්ලක් සේ මට ම එය ලියන්නට ඉඩ නොතබාවී දෝ කියා විමසා බලන්නට සිතුවෙමි. චිත්‍රපටය නරඹන්න. සමහරවිට සංවේදී ඔබ මනසට ද මසැසින් එය ගෙනයාවි.
චිත්‍රපටයේ වගතුග හා ලැබූ සම්මාන
මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Roberto Benigni මෙහි අධ්‍යක්ෂවරයා වන අතර Vincenzo Cerami හා එක්ව මෙය ලියා ඇත්තේද ඔහු විසිනි. චිත්‍රපටයේ ඔහුගේ බිරිඳගේ චරිතය රඟ දක්වන්නේ, සැබෑ ජීවිතයේද ඔහුගේ බිරිඳ වන Nicoletta Braschi වන අතර ඇය ඔහුගේ නිර්මාණ බොහොමයක ප්‍රධාන චරිතය රඟ දක්වා තිබේ.
පෙර දී සඳහන් කල පරිදි මෙය දුටු මතින් දැනෙන්නේ චාලි චැප්ලින් යුගයේ චිත්‍රපටයක් සේ වුවද, මෙය නිපදවා තිබෙන්නේ 1997 වර්ෂයේදීය. 1998 කැනාස් අන්තර්ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය 71 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සංගීතය, හොඳම නාට්‍යානූරූපී චිත්‍රපටය, හොඳම විදේශ චිත්‍රපටය හා හොඳම නළුවා යන සම්මාන ද දිනාගෙන ඇත. එයට අමතරව හොඳම අධ්‍යක්ෂණය ආදී වූ තවත් සම්මාන තුනකට නිර්දේශ වී තිබේ.
චිත්‍රපටය මෙතැනින් ඩව්න්ලෝඩ් කරගත හැකිය.
චිත්‍රපටය මෙතැනින් ඩව්න්ලෝඩ් කරගත හැකිය.
කෝ ඉතින්.....
ReplyDeleteබලන්න කිව්වට මුකුත් නැහැනෙ....
DVD එක ගෙදරට එවනවාද.....???
අනේ ඇත්තමයි ඒක අමතක වුනානේ. ස්තුතියි සිහි කලාට. ඔන්න යටින්ම දුන්නා තැන.
Deletehttp://thepiratebay.se/torrent/6212633/
http://thepiratebay.se/torrent/4030152 ඉහත එක හරි නොගියොත් මේකටත් යන්න http://thepiratebay.se/torrent/4030152
Deleteමන් මේ ෆිල්ම් එක බෛස්කොප් සෛට් එකේ දුන්න කාලේ බැලුව. හරිම ලස්සන හරිම සංවේදී මගේ ආසම ෆිල්ම් ලිස්ට් එකේ එකක් ..ෆිල්ම් එක ගැන කලින් කියවල බලන මගේ කැත පුරුද්ද නිසා අවසානේ දනගේනය් බැලුවේ.. ඒක හරි අපරාදයක් ඒ ෆිල්ම් එකට නම්..ඇත්තටම ඒ වගේ මනුස්සයෙක්ට ජීවත් වෙන්න පුලුවන්නම්..
ReplyDeletehttp://www.baiscopelk.com/?p=2820
බයිස්කෝප් එකේ දීලා තිබුනා කියලා මං දැනන් හිටියේ නැහැ මෙකුවි.
Deleteස්තුතියි........
මට නං කොහෙන්වත් කියවන්න වුනේ නැහැනේ. මුලින්ම ෆිල්ම් එකම තමයි පෙනුනේ.........
මටත් තියෙන හදිස්සියට 12 ප්‍රවෘත්ති වෙලාවෙ නෙට් එකේ සර්ච් කරල කතාව මොකක්ද කියල කියවල බැලුව :)
Deleteමං නං ඇස් දෙක වැහෙද්දි, බොහොම අමාරුවෙන් ඇරගෙන අනිත් පැත්තේ ගිය දෙමළ චිත්‍රපටය බල බලා හිටියා........ :)
Deleteනියම ෆිල්ම් එකක්... මුල් ටික මමත් බැලුවෙ චාලි චැප්ලින්ව අනුකරණය කරල හදපු ෆිල්ම් එකක් කියල හිතාගෙන... අන්තිම හරියෙදි නම් බලන් හිටියෙ අර තේරවිලි තෝරන දොස්තර ලොක්ක එතනින් පැනගන්න හෙල්ප් එකක් දෙයි කියල.. කොහෙද?...
ReplyDeleteBenigni ගෙ පවුලෙ ඉතිහාසයටත් ටිකක් සම්බන්ද කතාවක් කියල තමයි විකි එකේ නම් තිබුනෙ...
එයාලාට සම්බන්ධයි කියලා තිබුනද? මං එච්චර ඒ ලිපිය කියැව්වේ නැහැ අවශ්‍ය කොටස් උපුටා ගත්තා විතරයිනේ. පස්සේ බලන්න ඕනා...
Deleteචිත්‍රපටය කලින් බලල නම් නැත. නිවාඩුව බාගෙන බැලීමට අදිටන් කර ගතිමි.
ReplyDeleteඉස්සරහට සති පතා වගෙ රූපවාහිනියෙන් අයි. ටී. එන්. එකෙන් බලන්ට පුලුවනි මට හිතෙන්නෙ නාසි වධ කඳවුරු ගැන නිර්මාණය වුනු චිත්‍රපට...හෙහ්, හෙහ්,
ඔය වගේම නාසි වධකාගාර ගැන කියන මට ඇඬුන ෆිල්ම් එකක් තමයි '' The boy on striped pyjamas ''
මේ කතාව ගැන වගේම ඒ කතාව ගැනත් විවේචන තියනව. මේ වගෙ සිද්ධියක් නාසි වධ කඳවුරු වල පැවතුණු වතාවරණය අනුව වෙන්න බැහැ කියලයි විවේච්කයො කියන්නෙ...ඒ වගේම මේකෙන් කරන්නෙ නාසි කඳවුරු වල තිබුණු දරුණු අමානුෂික තත්වය ලිහිල් කරල ලෝකයාට පෙන්වීමට තැත් කිරීමක් කියන එකත් එක විවේචනයක්...ඒත් මට හිතෙන්නෙ මොනව උනත් ලෝකෙ ඕනම දරුණු සිද්ධියක් වෙද්දි මේ වගේ මානුෂික සිද්ධීන් වෙන්ට තියෙන ඉඩ කඩ බැහැර කරන්ට බැහැ.යක්කු වෙච්චි මිනිස්සු අතරෙ ශාන්තුවරයොත් ඉන්නව...ඒක තමයි ඇත්ත.
තව මගෙ අදහසක් තමයි අද ඊශ්‍රායලය කියල රටක් පවතින්නෙ හිට්ලර්ට පිං සිද්ද වෙන්ට කියන එක. එක පාරට බැළුවම මහ අභූත අදහසක් වගෙ තමයි පෙනෙන්නෙ. ඒත් ඊශ්‍රායලය කියල යුදෙව්වන්ට වෙනම රටක් පිහිටවල දෙන්ට මූලික හේතුව උනේ නාසි කඳවුරු වල ඔවුන් විඳපු අමානුෂික වධ වේදනා, ඒ වගේම මිලියන ගනනින් සිදු වූ යුදෙව් සමූල ඝාතන.
මේ අපරාධ වලට වග කියන්න ඕනෙ හිට්ලර් උනාට අවශේෂ මුළු ලෝකෙටම ඒ වගකීමෙන් මිදෙන්නට බැරි උනා. බ්‍රිතාන්‍යය, අමරිකාව ඒ වගේම රුසියාව ..ඒ රටවල් හිට්ලර් මේ වගෙ අපරාධ කරද්දි මොකක්ද ඒව වලක්වන්ට ගත්තු පියවර? ඒ නිසා යුද්ධය අවසානයෙදි තමන්ගෙ වරදකාරී හෘදය සාක්ෂියෙන් මිදෙන්ට, පශ්තාත්තාපයෙන් ගැලවෙන්ට, ප්‍රතිකර්මයක් හැටියට අමරිකාව සහ බ්‍රිතාන්‍යය ඊශ්‍රායලය පිහිටුවන්ට උපරිම සහය දුන්නෙ කියලයි මට හිතෙන්නෙ...
ඒ වගේම ඊශ්‍රායලය අද කරන නොපනත්කම් හැම දෙයක්ම අමරිකාවට අකමැත්තෙන් හරි අනුමත කරන්න වෙලා තියෙන්නෙත් ඒ නිසා කියලත් මට හිතෙනව...වෙනත් නොයෙකුත් හේතු අතර...
නැහැ ඒක නෙවෙයි ප්‍රධානම හේතුව.. අද අමෙරිකාවෙ පවා ඉහල පුටුවල ඉන්න බලපුළුවන් කාරයො සල්ලිකාරයො බහුතරය යුදෙවුවො, ආන්න ඒකයි හේතුව.. :)
Deleteඇත්ත බං ඇත්ත ඇත්ත,
Deleteඒක තමයි මම කිව්වෙ මලේ වෙනත් නොයෙක් හේතු අතර කියල...අමරිකාවෙ යුදෙව් වන්ගෙ බලපෑම ආර්ථික, මූල්‍ය, ජනසන්නිවේදන, දේශපාලන ඔය හැම අස්සක් මුල්ලකම පැතිරිලයි තියෙන්නෙ.ඒත් ඊට අමතරව පොදු ජනයා අතර මට හිතෙන්නෙ තියනව ඊශ්‍රායලය කෙරෙහි බැඳීමක් කරුණු කිහිපයක් මත. එකක් හිට්ලර් කරපු සංහාරය නිසා.අනෙක අරාබි ලෝකෙ මැද ඊශ්‍රායලය තනිවම කරන සටනට ගෞරවයක් වගෙ දෙයක්. මගේ හිතේ උනත් මුල්ලක ඇත්තටම තියෙනව ඊශ්‍රායලය ගැන ගෞරවයක්....හෙහ්, හෙහ්,
බලල නම් නැහැනේ . බලන්න ඕනේ . ලස්සනයි වගේ . ඔය නාසි කතන්දර සෙට් එකේ සේරම වගේ බලල තියෙද්දී මේක මග ඇරුනේ ඇයිද මන්දා . @ බුරා ..මන් දැනන් උන්නේ නැහැනේ ඇමරිකාවේ ලොකු පුටුවල යුදෙව්වෝ ඉන්න වග . ඊශ්‍රායලය නරක වැඩ කළා වුනත් එයාලත් ඉන්නේ හැමදාම සැකෙන් බයෙන් . කෙනෙක් කිව්වේ මෙච්චර කරදර විඳින්න වුන එක අපරාධයක්ලු මේ වතුරත් නැති පොඩි බිම්කඩකට .
ReplyDeleteThis comment has been removed by the author.
Delete@ බින්දි,
Deleteවෙලාවක් ලැබුනහම මේ ටික කියවන්න... :)
1.http://en.wikipedia.org/wiki/American_Jews
2.http://en.wikipedia.org/wiki/List_of_Jewish_American_politicians
3.http://www.rense.com/general27/jlobby.htm
4.http://www.bibliotecapleyades.net/sociopolitica/esp_sociopol_zion30.htm
5.http://www.jewwatch.com/jew-occupiedgovernments-usa.html
තව ඕන්නං ගමකට දෙඤ්ඤං... :D
ස්තුති කිව්වා..
ReplyDeleteහෙමීට බලමු..
ජය !
මගෙත් ආසම සිනෙ සිත්තමක්...
ReplyDeleteදාරක ස්නේහයේ සුවඳ තැවරුණු මා දුටු අපූරු සිත්තමක්..
අනේ හරිම සංවේදී ෆිල්ම් එකක්...මාත් බැලුවා. අර අන්තිමට කියපු අවස්ථාව ගැන නම් මතකයක් නෑ. අපහු ඇවිත් බලන්නම් මොකක්ද කියලා.
ReplyDeletei'v seen it...n loved it...tks fr sharing....:)
ReplyDeleteස්තූතියි....
ReplyDeleteමට අර බල්ලොයී යුදෙව්වොයි ගැන කතාව දැක්කම මතක් වුනේ ලංකාවේ තියන බල්ලන්ට පමණක් කුනු දැමිය හැකි තැන් ගැන.. :-) කුනු ගොඩ දැක්කම හිතෙනව ලංකාවෙ කොච්චර බල්ලො ඉන්නවද කියලා..
අම්මපා ඇත්ත ! බෝඩ් එක කියවලත් එක්කනේ මේ කකුල් දෙකේ බල්ලෝ කුණු දාලා යන්නේ... ඒ කියන්නේ උන් බල්ලෝ කියලා උන්ගේ හෘද සාක්ෂියම පිළිගන්නවා කියන එකනේ !!!
Deleteදැන් ඉතින් මේක බාගෙන නිදහසේ බලන්න ඕන.. ජයවේවා!!
ReplyDeleteඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඕනේ සහෝදරී... බලමු trailer එකක් යූටියුබ් තියේද කියලා... නිදිවරාගෙන චිත්‍රපටය බලලා අපිට විස්තරේ කීවට බොහොම ස්තුතියි !!!
ReplyDeleteකලින් මා දී තිබු ලිංක් එක වැරදි බව මිතුරෙකු පැවසුවා. එහෙම වැරැද්දක් තිබුනි නං,
ReplyDeletehttp://thepiratebay.se/torrent/4030152 මේ ලිංක් එක භාවිතා කරන්න
La Vita E Bella... ඉතාම සුන්දර ඒ වගේම ඉතාම සංවේදී නිර්මාණයක්. මතකයාගේ කැමතිම චිත්‍රපටියක්. ඉතාලි බාසාවෙන් නිමවුනු (මුල් පිටපත වෙන්න ඇති ) මතකයා ලඟ තාමත් තියෙනවා, බලලා මකලා දාන්න ලෝබ හිතුනු චිත්‍රපටි ගොඩේ.
ReplyDelete//මුළු කථාවම සර්වසුභවාදී පියා කේන්ද්‍ර කරගනිමින් ඔහු වටා දිව ගියද, අප චිත්‍රපටයෙන් කියවා ගත යුතු තවත් වැදගත් යමක් මම දිටීමි. මෙය කියවන මගේ මිතුරු පිරිස, පසු ලියැවිල්ලක් සේ මට ම එය ලියන්නට ඉඩ නොතබාවී දෝ කියා විමසා බලන්නට සිතුවෙමි. චිත්‍රපටය නරඹන්න. සමහරවිට සංවේදී ඔබ මනසට ද මසැසින් එය ගෙනයාවි. //
ReplyDeletehttp://goo.gl/EoXmjw