වැසි වළාවන් පසුපස සැඟව ගත් බැවින් අඩසඳෙන් ගලා ආ මඳ එලිය ද අතුරුදන් විය. තුරුපත් සිලිසිය අතරින් හමා ආ සිහිල් සුළඟ ද එක් වරම නතර වූ කල ගත කිලිපෙවූ සිහිලස ද පහව ගියේය.
'' එදා මුලු දවසම වැස්ස එක දිගටම....අපුච්චයි මායි දවසම අම්මණ්ඩිට තනි රැක්කා. කලින් දවසෙ දවල් මම ඔහෙ නිකමට වගෙ ඉඟුරු කරල් හත අටක් තැම්බුව. එව්වත් හොඳටම වේලිල තිබ්බෙ.එව්වයින් ඉතුරු වෙලා තිබ්බ කරල් තුන හතරක්..හවහ අඳුරු වැටීගෙන එනකොට...දවසම පැල් බැඳගෙන වැස්ස නිසා අමුතුවෙං ආයෙ අඳුරක් වැටෙන්ට කියල එකක් තිබ්බෙ නෑ....බඩ ගින්දර වැඩි නිසාම මම ඉඟුරු කරක් දෙකක් කාල අපුච්චටත් දෙකක් ද කොහෙද දුන්න. ...එදා රාත්තිරියෙ නම් මට හොඳටම නින්ද ගියා...තෙහෙට්ටුවටම...අපුච්ච පහුවදා මට කතා කරනකොට ඒත් මහ පාන්දර....''
'' දරුවො..අපි පිටත් වෙන්ට ඕන...වතුර එන්ට එන්ටම වැඩි වෙනව...අද දවල් වෙනකොට මෙහෙටත් අල්ලයි....''
" අපුච්චගෙ හැමදාමත් තිබ්බ කිසිදේකට කලබල නොවෙන ගති සොබාව ඒ වෙලාවෙත් උන්දැ ගාව තිබුන...මෙච්චර දෙයක් වෙලත් ඒ ඇස් දෙකේ තිබුනෙ පුදුම නිවිච්ච පෙනුමක්. මයෙත් හිතට ඒ නිසාම කිසිම බයක් හැකක් දැනුනෙ නෑ අයියෙ... ''
'' ගෙදරින් පිටවෙලා මඟට බහිනකොටම මට ඉවෙං වගෙ තේරුනා ආයෙම මෙතනට නම් එන්න වෙන්නෙ නෑ කියල. ඒ එක්කම මම කිසිම දෙයක් ගත්තෙ නෑ. ඒ වගෙ වෙලාවක ජීවිතේ ගැනවත් විස්වාසයක් නැතිව දොට්ට බහිනකොට වෙන මොනව අරං යන්ටද අයියෙ?........අනික එහෙම අරං යන්ට කියල දෙයක් අපෙ පැලේ තිබ්බෙත් නෑ...පැලේ දොරකොඩ ගාවට වෙලා මම ඔලුව උස්සල ආකහේ දිහාවෙ බැලුව. එතකොටත් වහිනව ආකහේ හිල් වෙලා වතුර වැක්කෙරෙන්නැහෙ. අඩි දහයක් දුර පාර පේන්නෙ නැති තරමයි වැස්සයි අඳුරයි හින්ද. ''
'' ආපහු නොබලාම එහෙම්ම මඟට බැහැල වළලුකරට එරෙන මඩේ මම අඩි දහයක් පහලවක් ගිහිල්ල නැවතුනා. ඔලුව උස්සල ආකහේ දිහාවෙ බලා හිටිය. වැස්ස හරියට ගල් ගහන්න වගෙ. ඇස් කෙවෙනි අස්සට වැහි බිංදු කොච්චර වටුනද කිව්වොත් ඇස් පුපුරු ගහන්ට ගත්ත. ''
'' දෑස් දෙක පියාන එහෙම්මම බිම බලාගෙන ටික වෙලාවක් ඉඳල මම හෙමිහිට ආපහු හැරුන. අපුච්ච එතකොටමයි ගෙපැලෙ දොරකඩින් එලි බැස්සෙ....දෑතිම්ම අම්මණ්ඩිවත් හරහට වඩාගෙන.....දණිස් යටිනුයි උරෙස්ස යටිනුයි අත් දෙක දාලයි උන්දැව උස්සාන හිටියෙ. ''
'' අම්මණ්ඩිගෙ එක අතක් පාතට වැටිල ඔහේ එල්ලුනා. අපුච්ච අඩියක් අඩියක් තියන පාරක් පාරක් ගානෙ ඒ අත එහාටයි මෙහාටයි හෙල්ලුනා. බෙල්ල කඩං වැටිල ඔලුවත් එහෙම හෙල්ලුනෙ නැත්තෙ උන්දැ අම්මණ්ඩිගෙ ඔලුව කෙලින් කරල පපුවට හිප්පාගෙන අතකිං තද කොරානත් උන්නු හන්දයි....''
'' අපුච්ච මා ළඟට එන්ට ඉස්සරවෙල කඩුල්ලෙං පැනල පාරට ආව .අපෙ ගෙපැල තිබ්බෙ ඩිංගක් විතර උස බිමක. ඒ උස් බිමෙං පාතට බැස්සම අපිට යන්ට උනේ දණක් ඉතර වතුරෙ බැහැල. දවස් දෙහෙකිං විතර හරි හැටි කෑමක් නැති අහේමෙත් එක්ක හිතේ අමාරුවත් එකතුවෙල මම ඒ වතුරෙ පයක් උස්සල පයක් තිබ්බෙ හීනෙං ඇවිදින්නැහෙ. එක පාරක් මම ආපහු හැරිල බලද්දි අපුච්ච නැවතිල මා දිහා බලා ඉන්නව. මාත් එතනම නැවතිල උන්දැ දිහා බලා හිටිය.මෙ වෙනකොට වතුර අපේ ඉණ ගාවට විතර ඇවිල්ල. එහෙම්මම මා දිහා බලා හිටියට මට තේරුණ උන්දැට මාව පේන්නෙ නෑ ක්ක්යල. උන්දැ එක්කො සිහි විකල් වෙලා නැත්නම් බර කල්පනාවක හිටියෙ ඒ වෙලාවෙ. ''
'' අපුච්චා....... මම එතනම ඉඳගෙන මහ හයියෙං කෑගැහුව...මට පුලුවන් වෙර යොදල කෑගැහුවට යාන්තමට උගුරෙං අඬක් පිට උනා විතරයි කියලත් මට තේරුණා..දාරානිපාත වරුසාවෙ ඉවරයක් නැති සද්දෙ හන්ද අපුච්චට මයෙ බෑඟිරි ගැහිල්ල ඇහුනද නම් මන්ද..ඒත් උන්දෙ එක පාරට නිංදෙං හෑරියා වගෙ මා දිහාවෙ බලල ආයෙම වතුරෙ දණිපනි ගාල එන්ට පටං ගත්ත. ටිකෙං ටික වතුර ගැඹුරු උනා...අපිට ඇලපාර හොයාගන්ටත් බැරි තරමයි. ඇල පාරෙං එගොඩ වෙලා අපුච්ච කොහෙ යන්ට තනනවද කියල මං දැනගෙන හිටියෙ නෑ. ඒත් අපුච්ච කොහෙ හරි මාව එක්කං යයිනෙ ආරක්සාව තියෙන තැනකට ආං ඒ විස්වාසෙ පිට මම කිසි දෙයක් නාහ උන්දැත් එක්කම පස්සෙං ගියා. ''
'' වතුර පාර එන්ට එන්ටම සැර උනා.අන්තිමට අපුච්ච එහෙම්මම නැවතුනා.. ...මයෙ දිහා බොහොම කණගාටුවෙං වගෙ බලා ඉඳල දිග හුස්මක් හෙලල කිව්ව ..... දුවේ , සුද්දියෙ, මෙතනිං අපි තුං දෙනාට වෙං වෙන්ට වෙනව...අම්මණ්ඩිව කියාපං අපි යන්ට යනවයි කියාල ..."'
'' මම අම්මණ්ඩිගෙ මූණයි ඇස් දෙකයි අත ගෑව. ......ඒ කරල දෑතිම්ම මූණ වහගෙන ඇඟිලි අස්සෙං බලාන උන්න.අපුච්චි අම්මව මේ වෙන කොට බොහොම සැරේට ගලායන වතුර පාරෙං හෙමීට තිබ්බ. ''
'' අම්මණ්ඩි වතුර පාරෙ ඔහේ පාවෙලා ගියා...මුලින් හෙමීට ..ඒත් හැඩ පාර මැද්දෑවට සේන්දු උනාම වේගෙ ටික ටික වැඩිවෙල ගිහිල්ල අන්තිමට කුඹුක් ගස් අස්සෙං ඈතටම පාවෙලා....... නොපෙනීම..... යන්ට.... ගියා...... යන්ටම.....ගියා....අයිය...යන්ටම ...ගියා....''
ඇය අවසාන වදන් කිහිපය පැවසූයේ වදනින් වදන නවතමින් මෙන්ම එම වදන් උසුරුවීම සිතට මහත් වෙහෙසක් ගෙන දෙන්නාක් මෙනි. ඇගේ සිතෙහි උතුරායන සංවේගය වටහාගත් දඩයක්කාරයා ඈ වෙත තම සුරත දිගු කලේය.
පෙරදී මෙන් ඉකිබිඳ නොහැඬූ නමුදු ඇය ඔහු වෙත වාරුව යලිදු උරහිසෙහි හිස සඟවාගත්තීය.
'' අපුච්ච අම්මණ්ඩි නොපෙනී යනව බලා ඉඳල මා දිහාට හැරුන. ඉවරයි..මගේ ජීවිතේ එක යුගයක් ඉවරයි. දුවේ , අපි කොහොම හරි මේ හැඩ පාරෙං එගොඩ වෙන්ට ඕන. ඒක ලේසි වෙන්නෙ නෑ. ඒත් අපි තුන්දෙනා කුරා කූඹියෙකුටවත් හිතාමතා වරදක් කරල නැතිබව ඇත්තක් නම් ඒ වැඩේ එච්චරම අමාරු වෙන්න විදිහකුත් නෑ.යමු. උඹට හොඳට පීනන්ට පුලුවනිනෙ. මගේ ලඟින්ම වරෙන් හොඳද?...... මට මොනව උනත් උඹ ජීවිතේ අනතුරේ දාගෙන මට උදව් කරන්ට එන්ට එපා. මා ගැන නොසලකා උඹ ජීවිතේ බේරගනිං... උන්දැ නැමිල මගෙ නලල ඉම්බ...මට හිතෙන්නෙ උන්දැටත් හිතෙන්න ඇති ඒ මාව දකින අන්තිම මොහොතෙයි කියල...''
'' උන්දැයි මායි එක ලඟින්ම පීනුවට හැඩ පාරෙ මැදක් යනකොට වතුර ගලාගෙන ආවෙ නිකං පිස්සු වැටිල වගේ...ඒ වතුර පාරෙ සැරට අපුච්චට මාත් එක්ක පීනන්ට බැරිඋනා.පස්සෙ අපි දෙන්නම ගහගෙන යන්ට පටන් ගත්ත පහළට. දියවැලකට අහු උනා වගේ අපිව ගහගෙන ගියේ. ''
'' දියවැලකට අහු උනාම කවදාවත් දියවැලට විරුද්දව පීනන්ට එපා කියයි මයෙ අපුච්ච මට කියා දීල තිබුනෙ......දුවේ, සුද්දියෙ හොඳට මතක තියාගනිං, දියවැලකට අහු උනොත් කවදාවත් දියවැල යන අතට විරුද්දව පීනල බේරෙන්ට තනන්ට එපා. ඒකෙං කිසිම පොරෝජනයක් වෙන්නෙ නෑ. නිකං හති වැටිල අන්තිමට දියේ ගිලෙන්ටයි වෙන්නෙ.බේරෙන්ට තියන එකම විදිහ තමයි දියවැල ගහගෙන යන අතට ඒත් එක්කම පාවෙලා යන්ට දීපං...ඒ කරල හෙමීට දිය වැලේ සැර ගතිය අඩු උනාම ඒකෙං බේරිල පැත්තකට වෙලා ඊට පස්සෙ ගොඩට පීනපං..තේරුණා නේද මයෙ දුවේ... ඒ කාලෙකට ඉස්සරයි අපුච්ච මට කියා දුන්නෙ. තේරුනා අපුච්චි.....මම ඒ වෙලාවෙ ඔලුව වැනුව....''
'' මම දියවැල දිගේ ගහගෙන ගියා පහලට. අපුච්චිත් ඒ එක්කම එනව මම දැක්ක.ටික වෙලාවකිං දියවැලේ සැර අඩු උනා...අපුච්චියි මායි දිය පාර මද තිබුණු ලොකු ගල් කුලකට ගොඩ වෙන්ට තැනුව...ගල ලිස්සන නිසා වැඩේ ලේසි උනේ නෑ. එක පාරටම මහ විසාල වතුර කඳක් කොහේදෝ ඉඳල ආව. අපුච්චි අන්තිම මොහොතෙ පුලුවන් වෙර දාල මාව ගල් තලාව උඩට තල්ලු කලා. ඒත් ආපු දිය පාරෙ සැරට උන්දැට ගොඩ වෙන්ට ලැබුනෙ නෑ. උන්දැ ගහගෙන ගියා පහලට.අපුච්චී...... මම කෑගැහුව උන්දැ ගහගෙන යනව බලා ඉඳල. එක පාරක්....තව පාරක්...තවත් පාරක්...ඔව්..තුන් පාරක් උන්දැ දිය යට ගිහිල්ල ආයෙම මතු උනා...ආයෙමත් මතු වෙයි කියල මම ඇස් දෙකත් ලොකු කරගෙන බලා හිටියට ආයෙම මම දැක්කෙ කැරකි කැරකි ගලායන වතුර කඳ විතරයි...මයෙ අපුච්ච ආයෙ මතු උනේ නෑ අයියණ්ඩී...''
යුවතිය යළි නිහඬ වූවාය. ඇගේ දුක්බර කථාවට සවන් දෙමින් සිටි දඩයක්කාරයාගේ සිතෙහි ඈ කෙරෙහි දැඩි අනුකම්පාවක් මෙන්ම ඇගේ කතාව අවසානයේ ඈ කුමක් අයැද සිටිනු ඇතිද?...තමනට සුපුරුදු ජීවන රටාව වෙනස් කොට ඇය හා සමඟ........ඔහුගේ සිතුවිලි දහර එක්වනම බිඳී ගියේ ඈ යලි කථාව ඇරඹූ හෙයිනි.
'' එහෙම්මම ගල් ගැහිල මම ඒ ගල් තලාව උඩ හිටිය...කඩාගෙන බිඳගෙන එන වතුර පාර මං හිටපු ගල්තලාවෙ හැප්පෙන්නෙ මහ සද්දෙං...ඒ කරල දෙපැත්තට බෙදිල ගලාගෙන යනව පහළට. පොඩි වතුර රැල්ලක් විතරක් ගල් තලාව උඩට ගලා ඇවිල්ල මයෙ දෙපා තෙමනව...ඔහොම ගල් ගැහිල වගෙ ඒ දිය රැළි දිහා බලා ඉඳල එක පාරටම මම පැන්න අර මහ වතුරට...දැං උනත් මේ මොහොතෙ උනත් අයියෙ මම එහෙම පැන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ...සමහරවිට ජීවිතේ එපාම වෙලා වෙන්න ඇති...... අම්මණ්ඩියි අපුච්චයි නැතුව මම විතරක් ජීවත් වෙලා මොටද කියල හිතුන වෙන්නත් පුළුවන්...නැත්නම් මැරිල ගියොත් මේ ඔක්කොගෙන්ම සහනයක් වෙයි කියල හිතුන වෙන්නත් පුළුවන්, ඔය මොකක් හරි මම ඒ වෙලාවෙ වතුරට පැන්න එච්චරයි මම දන්නෙ. ''
ඇය නිහඬව හුන්නීය. ඔහුගේ උරහිසෙහි හිස හොවාගත් අයුරු නිහඬවම හුන්නීය. ඔහු ද නිහඬව හුන්නේය. ඈ වැලඳගත් සුරතින් ඇගේ හිස පිරිමදිමින් නිහඬවම හුන්නේය.
ඇගේ හද ගැහෙනා රාවය ඔහුටද ඔහු හද ගැහෙනා රාවය ඇයටද පැහැදීලිව ඇසුණු ඒ කල්පාන්තයට මොහොතකට පෙර ඇතිවන්නේ යයි කියන දැඩි නිශ්ශබ්දතාවය බඳු නිහඬතාවයේ වෙලී ඔහු ද ඇය ද තම අනාගතය පිළිබඳ අවිනිශ්චිත හැඟුම් සමුදායක වෙළී කොහොඹ ගස වටා ගුලි ගැසෙන ඝණ අඳුර දෙස හිස් බැල්මෙන් බලා සිටියෝය.
මතු සම්බන්ධයි........
මේක හරියට බැද්දෙගම වගේ. ඊට වඩා රසවත්...
ReplyDeleteහප්පච්චියේ...හිරු....ඒ ප්‍රශංසාව බාරගන්ට තරම් මම සුදුසුද කියන එකත් මට ප්‍රශ්නයක්....මොනව හරි කමක් නෑ...බොහොම ස්තූතියි කියල කියන්නං...ඔයාලගෙ අගය කිරීම් තමයි මට තවත් ලිවීමට උත්ප්‍රේරකයන් වෙන්නෙ...:) :)
Deleteබාෂාව තැන් කිහිපයකදිම ට්‍රැක් පැනලා තියෙනවා....තව ටිකක් උථ්සාහ කරන්න....
ReplyDeleteමට පුද්ගලිකව මේකෙ වැරදි කීපයක් පේනවා...
බාගෙදා ලොකු ගත්කරුවන්ට සහ පොත් ලියන කියවන අයට මේකෙ වැරැද්දක් නැතුව ඇති....වෙලාව නෑ ආයෙ දැක්කොත් කියන්නම්...
කලින් කොටසට මේ ගැන කමෙන්ට් එකක් දාල හැරුණ විතරයි...අමිල ඒ ගැන ලියල..
Deleteරවී අයියාට,
කලින් කොටසෙ ඉඳල මටත් දැනෙන දෙයක් තමයි.... කතාවෙ සමහර උද්වේගකර අවස්ථා විස්තර කරද්දි ඒ චරිත අමතක වෙලා රවී අයිය මතුවෙලා තිබුණ...
දැන් ඔය උඹ අපිට බයිනවනෙ අයියෙ... අඩයක්කාරය දත් මදින විදියයි, මූණ හෝදන විදියයි සේරම අහනව කියල... එහෙම තමයි හොඳ පාඨකයො වුණාම...බලාපං දැන් අපි උඹලගෙ චරිත අස්සෙ රිංගල උන්ගෙ පුංචි චර්යාව ගැන පවා හිතනව....දැන් සෑහෙන කාලයක් තිස්සෙ
අපි උඹේ මේ කතාවෙ චරිතත් එක්ක ජීවත් වෙනව නෙ.. ඒ හන්ද දැන් ඒ චරිත යටපත් වෙලා උඹේ භාෂාව වෙනස් වෙලා... නොගැලපෙන වාක්‍ය වැටුණ ගමන් අපිව ඒ තැන්වල හැප්පෙනව....ඒක තමයි මට කලින් වතාවෙත් පෙණුන දේ...
බොලාට ඉවර කරගන්ඩ හදිස්සියි කියල මං දන්නව... ඒ වුණාට අපෙන් ගැලවිලා එහෙම ලේසියෙං දුවන්ඩ දෙන්ඩ බෑනෙව උඩිං පල්ලෙං අතගාල....
@ amila,
Deleteස්තූතියි අමිල, ඒ වැරදුනු තැන කිව්වනම් මට පුලුවන් ඉස්සරහදි එව්ව හදාගන්ට...:)
@ ජනූ,
Deleteබොහොමත්ම ස්තූතියි ජනූ...මම දන්නවනෙ උඹ ඇවිල්ල බෙල්ල ගහල ගියත් කියන්ට තියනදේ කෙලිම්ම කියන කෙල්ලෙක් කියල...මම බොහොම කැමති ගතිගුණයක් අන්න ඒක.....අපරාදෙ කියන්ට බෑ උඹ ගාව ඒක නම් තියනව මදි නොකියන්ට...හෙහ්, හෙහ්,
කතාව ඇත්ත..වරද පිළිගනිමි.එම වැරදි ඉදිරියේදී නොවීමට උදක්ම වග බලා ගනිමි...:) :)
good post....nice
ReplyDeleteඈ බං අයියෙ, 'ඉඟුරු කරල්' කියන්නෙ මොනවැයි.!? :P
ReplyDeleteවෙල්ලස්සෙ විශේෂයෙන් වැව් ගම්පත්තුවෙ බඩ ඉරිඟු හඳුන්වල තියෙන්නෙ ඉඟුරු කරල් කියලයි. ආර්. එක් ස්පිට්ල් මහත්මයගෙ වන සරණ කෘතියෙ ඒ වගේම මහානාම රාජපක්ෂ නැත්නම් කවුරිත් දන්න විදිහට මායා රංජන් මහත්මයගෙ දිගාමඬුල්ලේ ආශ්චර්යය පොතේ ඒ බව කියවෙනව. අන්න ඒ ආශ්‍රයෙන් තමයි මලේ මම මේ ඉඟුරු කරල් කියල මෙතන යෙදුවෙ....
Deleteරසවත්ව ලියලා තියෙනවා...
ReplyDeleteදියවැලකට අහු උනාම කවදාවත් දියවැලට විරුද්දව පීනන්ට එපා කියයි මයෙ අපුච්ච මට කියා දීල තිබුනෙ......
මේ කථාව සහතික ඇත්ත... ජීවිතාරක්ෂක පුහුණු වීම් වලදීත් මේ තියරිය භාවිතා වෙනවා...
sthuuthiyi siraa....:) :)
Deleteහබෑට මාත් අහන්න හිටියෙ බඩ ඉරිඟු වලට ඉඟුරු කියන ඩයලෙක්ට් එකකුත් තියෙනවද?
ReplyDeleteඅද නම් අනුවේදනීයයි! අව කැපෙන කතාවක් වත් කියන්නට නොසිතේ!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අන්න බං උඩහ බූරට කිව්ව ඉඟුරු කේස් එකට උත්තරේ....
Deleteඅනේ නිකම් පලයං බං යන්ට..අනුවේදනීයයි...ආච්චිගෙ ******, බොට කියන්ට එකක් මතක් වෙන්ට නැතුව ඇති එකත් එකටම.....:) :)
උඹ වගේම මටත් වෙලාවකට කියන්න දෙයක් මතක් වෙන්නෙ නැතුව යනවා තමයි බං.
Deleteසිරාවටම. මෙකෙ මල ගෙවල් දෙකයිනෙ බං. ඒකයි ට්කක් තැන්පත්ව හිටියෙ.
ඈ බං. එතකොට ginger වලට මොන මගුලද කියන්නෙ?
/ ඈ බං. එතකොට ginger ට මොන මගුලද කියන්නෙ? /
Deleteමම මේ කියන්නෙ අවුරුදු හත්තෑවකට වගෙ එහා කාලයක් ගැන බං..ඒ කාලෙ ජින්ජර් තියා සුනිල් පෙරේරවත් ඉපදිලා නැතුව ඇති...හෙහ්, හෙහ්,
//මගේ ජීවිතේ එක යුගයක් ඉවරයි. //
ReplyDeleteමෙහෙම කතා කරන්ට පුලුවන් මේ අපුච්චා ලේසි අපුච්චෙක් වෙන්ට බෑ.
//ඈ වැලඳගත් සුරතින් ඇගේ හිස පිරිමදිමින් නිහඬවම හුන්නේය. //
මේක කොහොමද වෙන්නේ කොහොමද කියලා බලන්ට ගිහින් තව පොඩ්ඩෙන් අම්මගෙන් ගුටිත් කනවා. :)
හරිම අමාරු වැඩක්. කට්ටිය ලඟ ඉන්න කෙනෙක් එක්ක කරලා බලන්ටලාකෝ. :D:D:D
//'' දියවැලකට අහු උනාම කවදාවත් දියවැලට විරුද්දව පීනන්ට එපා කියයි මයෙ අපුච්ච මට කියා දීල තිබුනෙ......දුවේ, සුද්දියෙ හොඳට මතක තියාගනිං, දියවැලකට අහු උනොත් කවදාවත් දියවැල යන අතට විරුද්දව පීනල බේරෙන්ට තනන්ට එපා.//
‘ go with the flow’ කියලා කියන්නේ මේ හන්දා වෙන්ට ඇති. :)
"/ හරිම අමාරු වැඩක්. කට්ටිය ලඟ ඉන්න කෙනෙක් එක්ක කරලා බලන්ටලාකෝ. :D:D:D /
Delete"
These stunts are performed by professional artists who are highly trained. Do not attempt repeat do not attempt any actions described herein on your own.
/ ‘ go with the flow’ කියලා කියන්නේ මේ හන්දා වෙන්ට ඇති. :) /
Go with the flow but never lose your identity.
අනේයියා තාමත් මතු සම්බන්ධයි :)ඒ කියන්නේ ඉවර නෑ නැක්ස්ට් එක තියේ :(
ReplyDeleteයකෝ මම දන්න ලෝයර් නෝනල නං නඩු මතු සම්බන්ද වෙන්ට වෙන්ට කැමතියි...හෙහ්, හෙහ්,
Delete