එදින රාත්‍රියෙහි , රාත්‍රිය නොව සත්‍ය වශයෙන්ම ඒ හිමිදිරිය යනුවෙන් නිවැරදි විය යුතුය, උක්ත යුවතිය තම සංවේගජනක අන්දරය පවසා අවසන්වන විට අරුණළු පතිත වනු වස් ඉතිරිව තිබුනේ හෝරාකට මඳක් අධික කාලයක් බැවිනි.
පෙරදිග අහස පැහැපත්වන්නට ආරම්භ වන හෝරාව ආසන්න වන විට ද ඇය ඔහු උරහිසට වාරුවීගත් අයුරු එලෙසම සිටියාය. පිළිවෙලට ඉහළ පහළ වැටෙන ඇගේ ආශ්වාසයෙහි දීර්ඝ සහ ගැඹුරු ස්වභාවය ඇය තද නින්දට පත්ව සිටින අයුරු කියා පෑවේය.
ඔහුගේ සුරත ඇගේ හිස පිරිමැදීම නතරකොට මේ වනවිට ඇගේ උරහිස වටා ගොස් ඈ ඔහු වෙතට වාරුකොටගෙන තිබිණි. අතැඟිලි වලින් ඇරඹි හිරිවැටීමක් සුරත පුරා කෙමෙන් විහිද ගියද ඔහු ග්‍රහණය ලිහිල් නොකොට ඒ ඉවසා සිටියේ ඇගේ නින්දට බාධා කිරීමට වූ දැඩි අකමැත්ත නිසාමය.
හිමිදිරි අහස පැහැපත් වෙද්දී උඩුකයට සහ දෙදණට යටින් අත් යවා ඇය ඔසවාගත් දඩයක්කාරයා ගෙපැල තුලට ගොස් පෙට්ටගම අද්දර එලා තිබූ මුවසමෙහි ඇය දිගාකලේය. ඇය පොරවාගෙන හුන් රෙදිකඩ පරෙස්සමින් සකස් කොට, ඇලයකට හැරී සුරත මත තබාගත් හිසැතිව නිදන ඇය දෙස මොහොතක් බලා සිටියේ, ගෙපැල දොරකඩ ආවරණය කල බට පැළැල්ල වසා දමා සුපුරුදු පරිදි ගෙපිල මතුයෙහි දිගා වූයේය.
උදෑසන දඩයක්කාරයා අවදිවන විට හොඳින් එළිය වැටී තිබිණි. ඔහු එක් වරම අවදි වූයේ සවණට වන් නුපුරුදු කිසියම් ශබ්දයක් හේතුකොටගෙන බව නිදිමත නම් වලාවන් අතරින් පායන හිරු මඬලක් පරිදි ක්‍රමයෙන් හැඟී ගියද ඒ කවර ශබ්දයක්දැයි එකහෙලා සනිටුහන් කොටගත නොහුනු හෙයින් හේ එක් වරම දෑස් විවර නොකොට මඳක් පොරොත්තු වූයේය.
එහෙත් කිසිදු ලෙසකිනුදු ඒ හඬ කුමක්දැයි හඳුනාගත නොහැකිවූ කල්හි ඔහු සෙමෙන් දෑස විවර කළේය.
දඩයක්කාරයාගේ නිවහන වූ ගෙපැල ඉදිරිපිට වූ රූස්ස කොහොඹ රුක පිළිබඳව මේ කථාවෙහි කිහිප විටකදී මීට පෙර සඳහන් කෙරුණු බව ඔබගේ මතකයෙන් ගිලිහී ගොස් නොමැත්තේයයි යන උපකල්පනයේ පිහිටා සිට ඉදිරියට කථාව පැවසීමට මට අවසර දයාබර සහෘදය / සහෘදිනිය........
උක්ත කොහොඹ රුක සෙවණෙහි ඇය ගෙමිදුල අමදිමින් සිටියාය. අසල වූ වන බූටෑවෙන් සිඳ ගත්තේයැයි සිතිය හැකි හරිත වන් අතු රිකිලි කිහිපයක් එකට බැඳ නිමවාගත් දළ මුස්නයක් ආධාරයෙන් ඇය ගෙමිදුල අමදිමින් සිටියාය.
හිණෙන් නැවී ඉතා කඩිසර ලෙස ඇය එම කාර්‍ය්යෙහි නිරත වූවාය. පැය විසි හතරකට ද අඩු කාලයකට පූර්වයෙහී ජිවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් මහෝඝයෙක ගසාගෙන පැමිණ, ආශ්චර්යයකින් මෙන් දිවි ගලවාගත්තියකගෙ කිසිදු ලක්ෂණයක් ඇය කෙරෙන් කිසිසේත්ම විද්‍යාමාන නොවීය.ඒ එසේමය. ජව සම්පන්න තාරුණ්‍යයෙන් මොනවට සපිරී ඔද වැඩුණු ඕ තොමෝ වහා අතීතයෙහි දුක්ඛ දෝමනස්සයන් යටපත් කොට ලා පියා ජීවිතය ඉදිරියට ගෙන යාමට ඉටා ගත්තාක් මෙනි.
කෙලින් වී හිඳ බිත්තියට වාරු වූ දඩයක්කාරයා ඔහුට පිටුපා අනලස්ව දැඩි අවධානයෙන් තම කර්තව්‍යයෙහි යෙදෙන ඈ දෙස අඩවන් දෙනෙතින් යුතුව බලා සිටියේය. මොහොතකින් ඔහු දෙතොලට මන්දස්මිතියක් නැඟුනේ නිරායාසයෙනි. ඒ මන්දස්මිතිය දෙතොල් විවරවන සිනහවක් බවට පත්වන්නට වෙර දරද්දී කිසිවෙකු තමා දෙස බලා සිටිනා වග සවනේන්ද්‍රියකින් දැනුනාක් මෙන් ඇය ඇමදීම එක වරම නවැත්වූවා සෙමෙන් හිස හරවා උරහිසට ඉහලින් ඔහු දෙස බැළුවාය.
ඉක්බිති ඇය සිනාසුණාය.
යෙදී හුන් කාර්‍යය එකෙණෙහිම නතර කල ඕ තොමෝ මිදුල අමදිමින් සිටි බෝලත්ත ද රැගෙන සෙමෙන් දඩයක්කාරයා වෙත පිය නැඟුවාය. එකද පරඬැලක් හෝ වියළි පත්‍රයක් ඉතිරි නොවනසේ මනාව අතුගා තිබූ ගෙමිදුල සුදු වැල්ලේ ඇගේ පා සටහන් එකිනෙක පසුපස සටහන් වූයේ බොහෝ ප්‍රවේශමෙන් ඇඳි චිත්‍රයක් මෙනි. පා සලකුණු පරීක්ෂාකිරීමෙන් ඕනෑම පුද්ගලයකුගේ දේහ ලක්ෂණ මෙන්ම ගතිගුණ පිළිබඳවද නිවැරදි අනාවැකි පැවසිය හැකිබව මහ දඩයක්කාරයා පැවසූවා මතු නොව ඒ ශාස්ත්‍රය ඉගැන්වූ බව ද දඩයක්කාරයාගේ සිතට එක වරම නැඟිනි.
එහෙත් දීර්ඝ කාලයකට ඉහත මහ දඩයක්කාරයා ඉගැන්වූ එම ශාස්ත්‍රය භාවිතයෙන් තොරවීම හේතුකොටගෙන මතකයෙන් මැකීගොස් තිබිණි.ඒ නැවත සිහියට නඟාගැන්මට කල උත්සාහය අසාර්ථක වූ කල ඔහු ඒ වෑයම අතහැර දැමීය.
දඩයක්කාරයා ආසන්නයෙම පිළෙහි හිඳගත් ඈ වරක් ඔහු දෙස හැරී බලා යලි ඉවත බලාගත්තී වදන් ඉතා ප්‍රවේශමෙන් තෝරාගනිමින් කථා කළාය.
'' මම ඊයෙ මයෙ කතාව කිව්ව අයියට.......අයිය කැමතිනම් විතරක් අයියගෙ කතාවත් මට කියන්න...''තම කථාව කෙසේ ආරම්භ කලයුත්තේද යන්න තීරණය කිරීම, ජීවිතයේ කිසිදිනක එක දිගට වචන දහයක් හෝ විස්සකට වැඩි සංඛ්‍යාවක් තෙපලා නොමැති දඩයක්කාරයා හට මහත් අපහසු කරුණක් වූයේය.
තම ජීවිත කථාව අරඹනුයේ කොතැනකින්දැයි තීරණය කරනු පිණිස දඩයක්කාරයා මොහොතක් දෑස් පියා ගත්තේය.
'' අයියගෙ නම මොකක්ද? ''ඈ එසේ ඇසුවේ දෑස් පියාගත්වනම පසුවන ඔහු දෙස මොහොතක් බලා සිටීමෙන් අනතුරුවය.
ඒ පැණයෙන් තිගැස්සුනු ඔහු වහා දෑස් හැර ඇය දෙස එක එල්ලේ බලා සිටියේ විශ්මය පත් දෑසිනි.
ඔහුගෙ බැල්ම දුටු ඇය හඬනඟා සිනාසුණාය.
'' මොකද මේ තුස්නිම්බූත වෙලා වගේ?...අයියට නැද්ද නමක් කියල එකක්?..'' ඇය තවමත් සිනාසෙන්නීය.
'' ඇත්තටම මට නමක් නෑ තමයි....'' ඇගෙ සිනහව කෙමෙන් වියැකී ගිය ඉක්බිති පැතිර ගිය නිශ්ශබ්දතාවය බිඳලමින් දඩයක්කාරයා තෙපලීය.
'' ඈ???? "'.....ඇගේ මුව විවර වූ අයුරු ඔහු දෙතොලට සිනගවක් ගෙන ආයේය.
'' එතකොට මිනිස්සු ඔයාට කතා කරන්නෙ... ඒයි මේ.... කියලද?...'' ඇගේ සිනා හඬ යලිදු ගෙමිදුල පුරා පැතිර ගියේ කොහොඹ අතු පතර සැඟව හුන් කොබෙයියන් යුවලක් වේගයෙන් පියාපත් සලමින් කොහේදෝ ඈතකට පළවා හරිමිනි.
'' මිනිස්සු මට කියන්නෙ දඩයක්කාරය කියලයි....'' සිනහව මැකීගිය ඉක්බිති දඩයක්කාරයා පැවසූයේ බැරෑරුම් ස්වරයකිනි.
'' ඒ ඉතිං අයිය දඩයං කරන නිසා වෙන්නැති...එහෙම නෙවෙයි ඔයයිගෙ අම්ම තාත්ත ඔයාට කතා කලේ මොනව කියලද?...''
'' පුතා කියල ...නැතුව ආයෙ වෙන අහවල් දෙයක් කියන්නද?...'' ඔහුගේ හඬෙහි වූ අවංක භාවය ඔහු මේ කරනුයේ රැවටිල්ලක් නොවන බව ඇයට ඒත්තු ගැන්වීය.
'' ආ...එහෙමද?......'' ඇය අවසානයේදී එය පිළිගත්තාය. එනම් දඩයක්කාරයාට දඩයක්කාරයා හැරුණු කොට වෙනත් නමක් නොමැති බව ඇය පිළිගත්තාය.
එසේ පිළිගත්බව ඇය හැඟවූයේ දෙතුන් වරක් හිස ඉහලට සොලවමින් ඔහු දෙස බලා සිනාසීමෙනි.
'' එතකොට අයියගෙ අපුච්චගෙ නම? ''හදිසියේම මතක් වූ පරිදි ඇය යළි විමසූයේ එක් වනමය.
'' ඒත් දඩයක්කාරයම තමයි.... '' ඔහුගෙ ස්වරයේ යාන්තමට තැවරී තිබූ නොඉවසිල්ල වටහා නොගත්තා හෝ නො එසේනම් වටහාගත්තද ඒ බව නොපෙන්වූවා විය හැක ඇය යලිදු සිනාමුසු මුහුණින් පිළිවිසියාය.
'' එතකොට අපුච්චයි අයියයි දෙන්නම දඩයක්කාරය කියල... ''ඇගේ පැණය අවසන් කිරීමට පෙර ඔහු කථාකලේය.යම්කිසිවෙකු පැණයක් විමසූ කල ඒ පිළිබඳව බොහෝසේ කල්පනාකොට ඉක්බිති ප්‍රවේශමෙන් වදන් තෝරා බේරාගෙන කෙටි පිළිතුරක් දෙනු විනා කිසිවෙකුගේ කථාවට බාධා කිරීමෙහිලා කිසිවිටෙක නොයෙදුනු බැවින් තමන්ගේ මේ හැසිරීම දඩයක්කාරයාටම මහත් විශ්මයට කාරණයක් විය.
'' නෑ අපුච්ච ඉන්න කාලෙ උන්දැ මහ දඩයක්කාරය...මම පොඩි දඩයක්කාරය...උන්දැ මියැදුනාට පස්සෙං පහු තමයි මම දඩයක්කාරය උනේ. ''
'' හරි, හරි.... ඒ කාලෙ අයිය පොඩි දඩයක්කාරය දැන් මහ දඩයක්කාරය..ආ..නෑ...නෑ...පොඩි දඩයක්කාරයෙක් දැන් නෑ නෙව ඒ නිසා අයිය නිකම්ම දඩයක්කාරය....එතකොට ආයෙම පොඩි දඩයක්කාරයෙක් ඉන්න දවසට අයිය මහ දඩයක්කාරය වෙනව...'' ඇය ඔහු දෙස නෙත් කොණකින් බැලුවාය.
'' එහෙමද දඩයක්කාර අයියෙ?......'' ඇය යලිත් වරක් හඬනඟා සිනාසුණාය.
ආයෙම පොඩි දඩයක්කාරයෙක් ඉන්න දවසට....එවන් අවස්ථාවක් පිළිබඳව සිහිනෙනුදු මින් පෙර සිතා නොසිටි දඩයක්කාරයා එක වරම කුමක් පැවසිය යුතුදැයි සිතාගත නොහුනේ නිරුත්තරව යුවතියගේ සිනාසෙන දෑස දෙස බලා සිටියේය.
දඩයක්කාරයා දෙස බලාගත්වනම සිටි ඇගේ සිනහව එක වරම අතුරුදන් වූයේය.
'' හරි හරි...අයියගෙ නම දඩයක්කාරය...අපුච්චගෙ නම මහ දඩයක්කාරය ..ඒ ටික දැන් මට කිව්වනෙ...දැන් අයිය කියනකො බලන්න අයියගෙ කතාව.... ''
දඩයක්කාරයා බොහෝ වෙලාවක් කොහොඹ ගස දෙස බලා සිටියේ තම ජීවිත පුවත යුවතිය හා සමඟ පවසනු පිණිස සිතුවිලි තෝරා බේරා එකලස් කරගනු පිණිසය. යුවතියද ඔහු කථාව ආරම්භ කරන තුරු නිසොල්මන්ව ඉවසිල්ලේ බලා සිටියාය.
අවසන සිතෙහි තව ජීවිත කථාව ගොණු කොටගත් දඩයක්කාරයා කථාව ඇරඹීය.
'' ඔන්න මෙහෙමයි අපෙ අප්පච්චි මට කිව්ව විදිහට අපේ කතාව.................... ''
හෝරා දෙකකට ආසන්න කාලයක් දඩයක්කාරයා තම කථාව ඇය හා සමඟ පැවසීය. කිසිදු හරස් ප්‍රශ්න විචාරීමකින් තොරව ඕ ඒ සාවධානව අසා සිටියාය.
කථාව මුළුමනින්ම පැවසීමට හෝරා දෙකකට ආසන්න කාලයක් ගත වූයේ දඩයක්කාරයාට එක් දිගට බොහෝ වේලාවක් කථා කොට පුරුද්දක් නොවීම හේතු කොට ගෙනය. ඔහුගේ කථාව අතරතුර දීර්ඝ නිශ්ශබ්දතාවයන්ගෙන් ගෙවී ගිය විරාමයන්ද බොහෝ තිබුණි.
අවසන දඩයක්කාරයා කථාව නිමකලේය. ඒ අතර සෙමෙන් ඔහු වෙත ඇදී ඒ යුවතිය ඔහුගේ උරහිසට යලිත් වරක් හිස තබා වාරු වූවාය. ඉක්බිති නිරායාසයෙන්ම සිදුවිය යුතු ඊලඟ පියවර ලෙස දඩයක්කරයා ඇගේ උඩුකය වටා තම සුරත යවා ඇය වැලඳ ගත්තේය.
මම මෙහෙ නවතින්නද අයියා?...ඇය ඔහුගෙන් කිසිදිනෙක ඇසුවේ නැත.
ඔයා එහෙනම් මෙහෙ නවතින්න.....ඔහු ඇයට කිසිදිනෙක පැවසුවේද නැත.
එහෙත් ඒ තමන්ගේ ඉරණම බව තමන්ගේ දෛවය බව ඔහු මෙන්ම ඇයද එක පැහැර දැන සිටියෝය.ජීවිත ගමනේ නොයෙක් කම් කටොළුවලට බඳුන් වී මංමුලා වුනු මනුෂ්‍යයින් දෙදෙනෙකු වූ ඔවුහු ජීවිතයට මුහුණ දීමෙහිලා තමන්ගේ උරුමය මේ යයි හොඳින් වටහා ගත්තෝ ඊට නොපැකිල මුහුණ දීමට සිත් දැඩි කරගත්තෝය.
මතු සම්බන්ධයි........
ඇත්තටම සමහර වෙලාවට වචන අවශ්‍යම නෑ එකිනෙකා තේරුම් ගන්න...
ReplyDeleteහරි ලස්සනයි ඒ හරිය ගලපලා තියෙන විදිය....
/ ඇත්තටම සමහර වෙලාවට වචන අවශ්‍යම නෑ එකිනෙකා තේරුම් ගන්න.../
DeleteAs far as the eye can see and even beyond, the whole world was totally immersed in soothing milky brilliance emanating from the full moon now and then peeking behind from some silky wisps of smoke that couldn't be called clouds by the vividest imagination.
I was there reclining on the stone bench in the shade of that colossal mango tree with semi open eye lids, totally content with the whole world.
With a whisper of winnowing wind and the lingering fragrance of jasmines , she came out and sat by me putting her head on my shoulder and sighing contentment.
After a time that felt like an eternity she lifted her head and looking at my eyes tried to say something.
'' Shhhhhhh...'' touching her lips with the forefinger of my right hand silencing her I smiled at her...
Don't say anything my dear because what ever you say, would break the magic and the serenity too.....I didn't say that of course but they were my thoughts inside my heart if you would ever want to know ....
A thousand and one thanks Hiru...heh, heh,
"We sit silently and watch the world around us. This has taken us a lifetime to learn. It seems only the old are able to sit next to one another and not say anything and still feel content. The young, brash and impatient, must always break the silence. It is a waste, for silence is pure. Silence is holy. It draws people together because only those who are comfortable with each other can sit without speaking. This is the great paradox."
Delete~ The Notebook by Nicholas Sparks
"You say it best, when you say nothing at all..." :D
Most beautiful reply comment I've ever got so far..... Thanks
Delete(And yes... Sometimes my hubby does that too.... hi hi..)
/ (And yes... Sometimes my hubby does that too.... hi hi..) /
Delete'' දෙයියෝ සාලෙ මේ මනුස්සයට සිංහල තේරෙන්නෙ නැති හැටියක් අම්මාපල්ල...බොල යෝදියෙ එක විනාඩිපහකට ඔය බෙලි කටු මල්ල හොලෝන එක නවත්තල හිට වටපිට බලාපංකො මේ හඳ එලිය පායල පලාතම එලිය වැටිල තියෙන අපූරුව විතරක්..... ''
When I put my finger on her lips I didn’t say so of course, but to be frank they were the thoughts inside my heart if you would ever want to know ....:) :) :)
දවසම බෙලිකටු මල්ල වහගෙන ඉන්නෙ ගෙදර එනකං.... ආවට පස්සෙත් වහං ඉන්න කියන්‌ෙන් .. මොන කරුමයක්ද...
Deleteඑතකොට නම් ඉතිං මට %$$#%%.... ඒ උනාට ඉතිං මාත් හිතනවා විතරයි... හි හි...
හුරේ දඩ් ගොලුවෙක් නෙවෙයි!
ReplyDeleteඋඹ කතාව නතර කල එක හොඳයි මොකද බුවාට කතා කරලා අමාරු ඇති.
මේ කතාවෙ බලගතුම චරිතෙ නිරූපණය කරන්නෙ දඩ්ගෙ උරේ නේද?
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මල්ලි හරි මල්ලි....උරේ ඊස් ද මෝස්ටඩ් ද ඉම්පෝටඩ්ද කාර්ණාව ද...:) :)
Deleteඋඹට අසනීපයක්වත්ද මචං? සාමාන්‍යයෙන් උඹ මේ වගෙ කම්මැලි කමෙන්ට් රිප්ලයි දාන්නෙ නෑනෙ.
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හැමදාම මාගල් ලියන්ට බෑ බොල හෙන්රියො......හෙහ්, හෙහ්,
Deleteහදිසි වෙලා ඉවර කරලා .ඒ නිසාම රවි ( මාමා ද අයියද සීයද ?) අපේ බ්ලොග් වල කමෙන්ට් දානව වගේ සමහර කොටස් ලියලා .හොහ් හොහ් කෑල්ල විතරයි අඩු :)
ReplyDelete//උක්ත කොහොඹ රුක //
ලන්කා ආන්ඩුවෙන් එන ලියුම වගේ :) ඒවයෙත් ඔය කොචොරෝවත් තියෙන්නේ "උක්ත කරුණ " පිලිබඳ කියලා හී හී
දඩස් සියෙස්ටා කොම්පැණියෙ වැඩ කොලාද ඉහත ආත්මේ , අරක පුදුම උරහිසක් නෙව :)
ඔයින් එකකට නේ ගැහැණු ළමයි ආසා
Delete@ TG,
Deleteඉස්තිරී පරානවල හැටියක්ම නෙව..කොච්චර කිව්වත් නෑ නෙව තඹ පිච්චි අලුක්කාල් හුළහකට ගනං ගන්නෙ.... උංට හිතුනු එකම තමයි හරි .......බොල යෝදියෙ කී පාරක් කිව්වද හොහ් හොහ් නෙවෙයි කියාල හිට.... ...හෙහ් හෙහ්,.....අඩේ.... හෙහ්, හෙහ්,
ඔය පිරිමි උරහිස තියනව නෙවද?...ඕකෙ වටිනාකම කියා නිම කරන්ට බෑ හරිද?...
TG ඒ ගැන නොදැන ඉන්ට විදිහක් නෑනෙ..මේ උරහිස ගැන කියන උඹලගෙ කාලෙ පබැඳුමක්....
හිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද?......
@ බින්දි,
Deleteආන්න හරි .../ ඔයිං එකකටයි ගෑණු ළමයි ආසා /...හරි...එතකොට කියාපං බලන්ට දෙවියන් වහන්සේ පුරුස පක්සෙට උරහිස් දෙකක් දෙවා වදාලේ මක්කටදැයි කියාල...
පිරිමි කෙනාට එක උරහිසක් රිදෙනෙකාට, ගෑණු කෙනාට අනිත් උරහිසට මාරු වෙන්න පුළුවන් වෙන්න...
Deleteහෙහ්, අම්මප මරු උත්තරේ...ඇරහං කට…. රට ඉඳි ගෙඩියක් ඔබන්ට....
Deleteඒත් බං ඔය විදිහට අර අහිංසකට කවමදාවත්ම නිවනක් නෑ නෙව…..සදාකල්ම එක්කො වං උරේ නැහ්නං දකුණු උරේ අත ගගා තමයි ඉන්ට වෙන්නෙ....:( :(
හිතේ ඇති දෙපැත්තෙන් දෙන්නෙක් උරහිසට හේත්තු කර ගන්ට . එකක් හේත්තු කරගෙන කියන දුක් ගැනවිලි ටික මදිද . ආයේ දෙකක් හේත්තු වුනොත් දෙවියන් වහන්සේගේ ගුණ සිහිවෙයි
Deleteඉතාම ආසාවෙන් කියවන කතාවක්.ලස්සනයි පමනක් නොවේ
ReplyDeleteරසට ගොතල තියෙන නිසා
බොහොම ස්තූතියි හැලප....බොහොම ස්තූතියි :) :)
Deleteඇති යන්තං . මන් උන්නේ දැරිවි අතුරුදන් වේවිදෝ කියල . පොඩි දඩයක්කාරයෙක් එයි වගේ ඉස්සරහට .
ReplyDelete/ මන් උන්නේ දැරිවි අතුරුදන් වේවිදෝ කියල /
Deleteඅර මොකටෙයි ඒ කෙල්ල අතුරුදහන් වෙන්නෙ?.....හෙහ්, හෙහ්,
/ පොඩි දඩයක්කාරයෙක් එයි වගේ ඉස්සරහට /
ඔන්න ඉතිං...ඕකනෙ බැරි ඉහ ගහල ඉන්ට....අපි මෙහෙ තාම හිතනව..මුන්දැල වෙන දේ කියලත් ඉවරයි...අර කොටිදෙන කිව්ව වගෙ '' මට හිතට අමාරු ඔක්කොටම ඉස්සෙල්ල මෙව්ව පත්තරේ වැටෙන එකට " මතකයි නේද?...ඔබාගෙ ඉස්ටෝරිය...හෙහ්, හෙහ්,
දැරිවි තවම ඇඳන් ඉන්නේ අර රෙදි පාන්කඩේ වෙන්න ඇති .
Deleteමට මතක් වෙන්නේ හුලවාලි .
'' මගේ අතින් දුන් සළුවෙන් දෙවුර වසා ගියා
රිදී පොටක් පළඳන්නට වරම් නැතුව ගියා ''
This comment has been removed by the author.
ReplyDeleteමට මතක් වෙන්නෙ ශ්‍රියාණි අමරසේකර/විජය කුමාරතුංග හා දඩයක්කරුවා ලෙස සොමී රත්නායක රගපාපු චිත්‍රපටයක්... නම මතක නෑ ඒකෙ...
ReplyDeleteඅඩේ ඉස්සෙල්ල ශ්‍රියාණි අමරතුංග කිව්ව ඊට පස්සෙ ශ්‍රියාණි අමරසේකර කිව්ව ඒ දෙකම වැරදියිනෙ සිරෝ...හරිම නම ශ්‍රියාණි අමරසිංහ ....හෙහ්, හෙහ්,
Deleteවස ලැජ්ජාවයි... මට ඔය සමහර නම් අමතක වෙනවා... සොමී රත්නායකගෙ නම මතක් කරගත්තෙත් සෑහෙන ගේමක් දීලා ගූගල් දෙයියන්ට පින් සිද්ධ වෙන්ට...
Deleteශ්‍රියානි අමරසිංහ..!!?? ඒ කවුද බොලේ ඒ.?? 'ශ්‍රියානි අමරසේන' කියලානං නිළියක් හිටියා.. :P
Deleteps: තව 'සුමනා අමරසිංහ' කියලත් හිටියා.. :)
සිරා කියන ෆිල්ම් එක 'බිනරි සහ සුදුබණ්ඩා'..
Deleteහෙහ්, හෙහ්, මම මේ බැළුවෙ ශ්‍රියාණි අමරසේන ගැන හරියටම දන්නෙ කවුද කියල...අන්තිමට බූර මලෙයටම එන්ට උනා හරි නම කියන්ට.....:) :)
Deleteබිනරි සහ සුදුබණ්ඩ ද ඒ කතාව?...එහෙනං සිරෝ ඒකෙ ඉඳල තියෙන්නෙ දඩයක්කාරය වෙන්ට බෑ...සොමී රත්නායක ඉන්ට ඇත්තෙ වෙඩික්කාරයහෙ චරිතෙට...ඕක අර මුදලිනායක සෝමරත්නගෙ ඔරිජිනල් කතාවනෙ...බිනරමලී කියල ෆිල්ම් එහෙකුත් ආව කාලෙකට ඉස්සර..
බිනරමලී මලී එක්ක එන්න බිනර මහේ මැද..
පායාපන් මගේ පැළට පායාපන් හඳ....
ඒකෙ වෙඩික්කාරයට හිටියෙ පියදාස ගුණසේකර..ආරච්චිල ඩී. ආර්. නානායක්කාර...ඔන්න බලාපංකො ඒකෙත් හැටි මට ඒකෙ ප්‍රධාන චරිත දෙක බිනරමලියි සුදුබණ්ඩටයි රඟ පෑවෙ කවුද කියල මතක නැති හැටියක්.....බිනරමලී බොහෝ විට අනුලා කියලයි මතක...
ඇයි කට්ටියට සුමනා ගෝමස් අමතකද ? ඇමරිකාවෙ ඉදන් ලගදි දවසක ඔන්න මව්බිමට සැපත් වෙනවලු...
Deleteආන්න හරි වෙඩික්කාරයා තමා, දඩයක්කාරයා නෙවෙයි.. රවියා කියනකොට තමා මටත් මතක්වෙන්නෙ..
Delete"වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට.." :)
අනුලා නෙවෙයි බං බිනරමලී ෆිල්ම් එකේ හිටියෙ, ස්වර්ණා කහවිට, සුදුබණ්ඩාට රඟ පෑවෙ මුදලිනායක සෝමරත්නමයි..
පලි: ඔය උඹ කියාපු "බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද" සිංදුව ඒ ෆිල්ම් එකේ සිංදුවක් නෙවෙයි.. සුජාතාගෙ "මල් මල් වනමල් මැද පිපි බිනරමලී" එතකොට මිල්ටන්ගෙ "රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ", ආන්න සිංදු..
මේ රූමතී නං එසේ මෙසේ එකියක් නෙවෙයි... බලපං.... අපි දඩයගෙන් මෙච්චර දවසක් වචනයක් දොට්ට දාගන්ඩ දාපු දහං ගැට...!! මේකි ආව විතරයි!! දඩය කතා කොරනව..
ReplyDeleteඒක නං ඒකි කරගත්ත ලොකු පිනක්!!
හැබැයි අයියෙ මට අල්ලන්නෙම නැත්තෙ මේ මේකි මේ ඔයා මෙයා කිය කිය පොෂ් වෙන්ඩ හදන හැටි තමා...
අනේ බං මොකද උඹ මේ හැටි ඒ අහිංසකී එක්කම එල්ලෙන්ට තනන්නෙ? ....:)
Deleteඋඹ ඒ කාලෙ ඉඳම්ම එහෙමයි...මට මතකයි නෙව...අර මයෙ චුට්ටි එක්කත් උඹ හිටියෙ කොයිවෙලෙත් අර කොහෙද ඉඟුරු ගහගත්තැහෙ නොරොක් වෙලා...අම්මප බොට ඇහැට කණට පේන කෙලි පොඩ්ඩියො පෙන්නන්ටම බැහැ නෙව.....
Right here is the perfect website for anyone who hopes to understand this topic.
ReplyDeleteYou realize so much its almost hard to argue with you (not that I personally would want to…HaHa).
You definitely put a brand new spin on a subject that's been written about for a long time. Wonderful stuff, just wonderful!
Feel free to surf my blog post : cheap brochure printing
අප්පේ... ඉස්සරහට නං දඩයක්කාරයට ලේසි පහසු වෙන්නෙ නෑ.. අහිංසක දඩයක්කාරයගෙ නිදහස් ජීවිතේට අද සිට අඟුළු වැටෙයි.... කරුමෙ පළ දෙනවා කියන්නෙ ඕකටනෙ :D
ReplyDelete