හැත්තෑව දශකය...ඔන්න ආයෙමත් පටන් ගත්ත....ඒත් කොරන්ට දෙයක් නෑ....හැත්තෑව දශකයෙ යව්වන යව්වනියො හැටියට දෙයියෝ සාක්කි හැත්තෑව දශකය නැතුව ආය ජූතක බමුණගෙ අමුඩ ලේන්සුව ගැන කතා කොරන්ටය?
නාට්‍ය චිත්‍රපට සංගීතය ඔය හැම කලා අංශයක්ම ඔය දවස්වල පුදුම විදිහෙ දියුණුවක් ලැබුව.
බෙල්ලෙ උපන් ලප තුනක් එක පෙළට තියන කුළුඳුල් තරුණියක් මුණ ගැහුන විලී අබේනායකට......ගාමිණී , මාලිනී. ලෙස්ටර් - නිධානය
අබිලිං මාමා මිහිදුම අතරින් පිය මනිමින් බොඳව නොපෙනී යන තුරු සිරිසේන බලා හිටිය දොරකඩට වෙලා…...ජෝ , මහගමසේකර..තුංමංහංදිය
මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව...දුක් ගීයක් ලියනු මැනව...නන්නා ඳුනනා ඔබගේ...ඒ..ඒ ..ඒ ..ඒ… හිත කීරිගැහෙන ඒ හඬ වාතලයට මුසුව යද්දි ඔවුන් තුන්දෙනා කෙමෙක් ඉහලට නැඟෙන දුම් රොටු සුළඟේ විසිර අතුරුදන් වෙලා යනව හිස් ඔහේ බලන් හිටිය…..කළං, විමල්, සෝමසිරි, විජය...අමරදේව සමඟ පතිරාජ
හෙලන් මා දැල විසි කරල මාළු අල්ලනව වෙරළෙ පොල් ගහක් යට ඉඳගෙන බේබි මහත්තය බලා හිටිය ඇහිපිය නොගහ…..මාලිනී, විජය..පතිරාජ...බඹරු ඇවිත්
ශ්‍රී සම්බුද්ධ සද්ධර්ම අනුහසින් ...කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්..රසික ඔබ මිලනයෙන් ආනන්දජනකවූ මේ සොඳුරු රාත්‍රී යාමයේ සුව හසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා..ප්‍රීතියෙන් උදම් වේවා!!!!! - මේ ඊයෙ පෙරෙයිද අවසන් ප්‍රසංගය පැවත්වුනු ස..... මංගල දර්ශනය.. වික්ටර්
ඒ අතර වේදිකාවේ භූමිකාව...ලූෂන් සමඟ රතු හැට්ටකාරි....හෙන්රි ගේ මකරා..ලන්ස්ලොට් ලෙස ධර්මසිරි බණ්ඩාරනායක...
අවසානයේ හුණු වටය....මවිසින් මේ සියළු අනුපාන, කටගැසුම් ඔබ වෙත ගෙන ආයේ මේ කූට ප්‍රාප්තිය වෙතය. ඒ මක් නිසාද යනු ඔබට සටහන අවසානයේ වැටහෙනු මට නොඅනුමානය.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ උත්තරීතර කලා නිර්මාණය...
දෙයක් වේනම් මෙදියත...සුදුස්සාටම අයිති වියයුතු. කල්ප විනාශය තෙක්ම වලංගු එහෙත් මෙදියත කිසිදාක ක්‍රියාත්මක නොවුනු, ක්‍රියාත්මක නොවන එසේම ක්‍රියාත්මක වේයයි සිතියද නොහැකි සනාතන ධර්මතාවය....
හුණු වටයේදී බ්‍රෙෂ්ට් අනුගමනය කල දුරස්ථකරණයේ රංග කලා රීතිය...එදවස කුඩා දරුවකුව සිටි මට කිසිසේත්ම නොවැටහුණු නමුදු පසු කලෙක දුරස්ථකරණය පිළිබඳ යම් තරමකට හදාරා හුණු වටය යලි නැරඹූකල්හි බ්‍රෙෂ්ට් ඒ පිළිබඳ කෙතරම් සැලකිලිමත් වී තිබිණිදැයි මට පසක් විය.
නාට්‍යය යනු වේදිකාව මත රඟදැක්වෙන්නක් විනා සත්‍ය සිදුවීමක් නොවන බව ප්‍රේක්ෂකයාට නිරතුරු ඒත්තුගැන්වීම නාට්‍ය කරුවාගේ කාර්ය භාරය වියයුතුබව බ්‍රෙෂ්ට් තරයේ ඇදහූයේය.වේදිකාවේ පාත්‍ර වර්ගයා හා සමඟ අනන්‍ය වීම , එහි රඟ දැක්වෙන නාටකය හා භාවාතිශය ලෙස ඒකාත්මික වීම මඟින් ප්‍රේක්ෂකයා නාට්‍යයකින් ලැබිය යුතු බුද්ධිමය අවදි කිරීමෙන් වැලකෙන බව ඔහු පැවසුවේය.
අසඩක් විනිශ්චයකරුවකුවූ හොර දෙටුවෙකු මඟින් ඔහු තැත්කලේ අපට ඒ පණිවිඩය ලබා දීමටය.අප අවදි කිරීමටය. එහෙත් බ්‍රෙෂ්ට්ගේ අපේක්ෂාව කෙතරම් දුරට ඉටුවිණිදැයි යන්න පිළිබඳ මට ඇත්තේ සැකයකි.
අසඩක්........
හුදු බලලෝභී පාලකයාගේ අවශ්‍යතාවය මත විනිසුරු අසුනට ඔසවනු ලැබූ හොර දෙටුවෙක්...එහෙත් ඔහු වනාහී දයාර්ද්‍ර ගුණ සපිරි මානව වර්ගයා කෙරෙහි දයාබර සිතැති හොරදෙටුවෙක්ම විය.විනිශ්චයාසනාරූඪ වූ වහාම ඔහු පවසන මේ උදාන වාක්‍යය හුණුවටය මුල්වරට නරඹා ගෙවීගිය මේ දශක සතරකට ආසන්න කාලය මුළුල්ලේ මසිත නොමැකී රැඳී පවතිනුයේ කුමන හේතුවක් නිසා ද යනු අදටත් මම නොදන්නෙමි.
" හැමදාමත් නඩුකාරයා කියන්නෙ හොරෙක් . ඔන්න මේ පාර ඒ සම්ප්‍රදාය තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල හොරෙක් නඩුකාරයෙක් උනා...……''
- අසඩක් - විනිසුරුවරයකු වූ සොර දෙටුවා - හුණු වටයේ කතාව.
අසඩක්ගේ කියමනට අද අමුතු යටි පෙළක් වගේ එකක් දැනෙනවා වගේ වගේ
ReplyDeleteහපොයි..එහෙමත් එකක්ද?..:) :)
Deleteපුදුම දශකයක් නේ 70....මේ හැම දෙයක්ම සිදු උනේ 70 දශකයේදීද?
ReplyDeleteඔච්චර නෙවෙයි බොල..තව හුඟක් දේවල් සිද්ද උනා....ඔය බොහොම සේසයයි මම කිව්වෙ......
Delete//ඔහු වනාහී දයාර්ද්‍ර ගුණ සපිරි මානව වර්ගයා කෙරෙහි දයාබර සිතැති හොරදෙටුවෙක්ම විය//
ReplyDeleteචුට්ටක් ඔය වගේ හෙරක් නං හිටියා.. ඊයෙ පෙරේද වෙනම්ම හිටියා මං හිතන්න.. දැන් නං මක් උනාද දන්නෙ නෑ...
එහෙනං එහෙනං..හිටිය නේන්නං...:)
Deleteඅසඩක් ගේ කියමන අද වේදිකාවක කියවුනොත් මක් වෙයිද...?
ReplyDeleteමං නං හුණු වටය බලලා තියෙන්නේ ටීවී එකෙන් තමයි.. ඒකේ කිසි ගතියක් නෑ.. ඇත්ත කියන්න එපැයි.. අම්මා නං කියනවා වේදිකා නාට්‍යය ගොඩක් ලස්සනයි ලු... හනේ මන්දා...
හෙහ්, හෙහ්, අසඩක්ට එහෙනං වේදිකාවෙන් බහින්ට නෙවෙයි...සුනිල් පෙරේරට අර සුප්‍රසිද්ධ සිංදුව කියන්ට දුන්නෙ නැති ජාතියෙ කස්ටියනෙ අද අපිව පාලනය කරන්ට අපිම පත් කරගෙන ඉන්නෙ...
Deleteයස් හිරු...ඔබ හරි..වේදිකා නාට්‍යයක ඒ ගතිය අඟල් 24 ක තිරයකින් බලල පපුවට ගන්ට බෑ.පුළුල් වේදිකාවක ප්‍රේක්ෂකයා ඊට පහලින් ඉන්නම ඕන. ඇස් මට්ටමට ඉහලින් නාට්‍යය රඟ දැක්වෙන්න ඕන. වේදිකා නාට්‍යය කියන නමම ගන්නකො. Stage Drama...ඇයි වේදිකා කියල විශේෂයෙන් කියන්නෙ?
අතීතය පුනරාවර්තනය වෙමින් ජීවිත අතරින් ගලා යයි..බ්‍රෙෂ්ට් මේ නඩුකාරයෝ ගැන කිව් කතා ඔහුගේ අත්දැකීම් නොවේ යැයි කිව හැක්කේ කාටද?
ReplyDeleteහැමදාම කොහෙත් වෙන්නෙ ඒකමනෙ රූ.....මිනිස්සු ගැන තීරණ ගන්නෙ අපක්ෂපාත සාධාරණ මිනිස්සු නෙවෙයි...ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙම වෙයි..:(
Deleteහුණු වටය දැං කරන්නෙ අළුත් නළු නිලියො දාල මෙලෝ රහක් නෑ.. ඉස්සර පරණ ශිල්පීන් කරපු කාලෙ මාර තාත්විකයි..
ReplyDeleteඅලුත් කට්ටිය දාල කරන නාට්‍යය මට බලන්න හම්බ උනේ නෑ යසිත්.....
Delete//නාට්‍ය චිත්‍රපට සංගීතය ඔය හැම කලා අංශයක්ම ඔය දවස්වල පුදුම විදිහෙ දියුණුවක් ලැබුව.// අපට එහෙම හිතෙන්නෙ අපේ වයස නිසාද කියල මට පොඩි සැකයක් තියනවා. තමන් වයස 8 සිට 22 දක්වා කාලය තුළ ගෙවෙන දශකය හොඳම දශකය කියල හැමෝටම හිතෙනවද?
ReplyDeleteඔබ හරි, ජීවිතේ ගැන රටේ ලෝකෙ ගැන ..මොනවද වෙන්නෙ කියල බොහොම කුතුහලයෙන් ගෙවන කාලයක් ඔය පෙර යොවුන් විය සහ යොවුන් විය ( Pre-teens & Teenage) ඔය කාලෙ හිතට වැටෙන එව්ව ස්පොන්ජ් එකක් වතුර උරාගන්නව වගෙ හිතට කාවදිනව. සමහරවිට මම හිතන්නෙ 90% වගෙ මුළු ජීවිත කාලෙටම ඒ හදවතට වැදුනු දේවල් බලපානව. අපි ඊට පස් සෙ යුග ඔක්කොම සන්සන්දනය කරන්නෙ අපෙ හිතේ අර කාවැදිල තියෙන මතකයන් එක්ක. එහෙම උනාම තමයි ඔය අපේ කලෙ නං ඔහොම උනේ නෑ. මෙහෙමයි මෙහෙමයි කියල කියන්නෙ. එහෙම තමයි අපි හැමෝම...
Deleteහැත්තෑවෙ දශකය. හුඟ දෙනෙකුට මතක කලු සුදු දශකයක් හැටියට.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
යස් හෙන්රි..... ඒක දෙවිදිහටම වෙන්න පුළුවන්.රූපකාත්මකව ( Metaphorically ) මෙන්ම වචනානුරූපීව (Literally)....චිත්‍රපට බහුතරයක් කළු සුදු, පත්තරවල පින්තූර කළු සුදු,සතුට පත්තරේ මට මතකයි කවරෙ විතරක් පාට පාට ගැහැව්ව. අපිට ඒකත් මහ පුදුමයක්.අනික් අතට ජීවිතේ බොහොම සරලයි. Life was so simple just like a black & white picture...:) :)
Deleteඅනේ මන්දා මාර දශකයක් මේ 70 .ඔය දශකයේ ඉපදිච්ච එකෙක් විදිහට ලැජ්ජයි මට නම් . ඔය වික්ටර්ගේ ස''බලන්න බැරි වුනා . අනික් එව්වත් රුප පෙට්ටියෙන් තමයි. මන් අහන්නේ ඔය දශකය හරිම අමාරු බත් නැතුව අල බතල කාපු හාල් පොලු තිබ්බ අහේනි කාලයක් නම් කොහොමෙයි අච්චර උත්කෘෂ්ට නිර්මාණ බිහිවුනේ ..ආ අමතක වුනා රුසියාවෙත් හොඳ පොත් ලියවුනේ විපලවයට කලින් සහ විප්ලව සමයේ නේ .
ReplyDeleteමුලින්ම කියන්න ඕන 70 දශකයෙ බිහිවෙච්ච නිර්මාණ ඉතා විශිෂ්ඨයි කියල කියන්නෙ මමනෙ. 80 දශකයෙ යෞවන යෞවනියො ඉන්නවනම් කියයි 80 දශකය තමයි හොඳ කියල. 90ටත් එහෙම තමයි. යොවුන් වියේදි තමන්ගෙ හිතට කාවැදිච්චි ආකල්ප කියවීම් කියන එව්ව ජීවිත කාලයක් පුරාම පවතිනව නොමැකී.
Deleteඊ ළඟට 70-77 ආණ්ඩුව සමාජවාදය පැත්තට බර එකක්. සමාජවාදයෙදි කලාවට අනුග්‍රහය දක්වන එක රාජ්‍ය ප්‍රතිපත්තිය. අන්න ඒ නිසා මම හිතන්නෙ විශිෂ්ඨ නිර්මාණ බොහොමයක් බිහිවුනා.77 න් පස් සෙ නිදහස් ආර්ථිකයත් එක්ක ඒ අනුග්‍රහය දැක්වීම් ඔක්කොම අහෝසි උනා.සාහිත්‍ය කරල කාටද හරිගියෙ කියල ප්‍රථම පුරවැසියම කිව්වම ආයෙ වෙන මොනවද?