ඊයෙ දහයට වගෙ ඇති වෙලාව. දෙකට කලින් ඉවර කරන්න ඕන වැඩක මම එරිල හිටියෙ නහයටත් උඩින්.ටෙලිෆෝන් එක වැදුන…
" Mr Ravi….There is someone on the line who wants to speak to you..... "
ඒ පල්ලෙහා තට්ටුවෙ අපෙ රිසෙප්ෂනිස්ට් ….
" Okay……"මම කිව්ව.
" Is this Mr. Ravi?....Our general manager would like to speak to you........... "
පිලිපීන් කෙල්ලක් කතාකලේ..මෙහෙ ගොඩක් කම්පනීස් වල රිසෙප්ෂනිස්ට්ල පිලිපීන් කෙල්ලො..උං කතා කරන විදිහෙං අඳුන ගත්තැහැකි පට ගාල..
" No problem, put him on …"
රිසීවර් එක උරහිසටයි කනටයි හිරකරගෙන කම්පියුටර් එකේ යතුරු ඔබන ගමන්ම මම කිව්ව.
ආන්න උරහිසෙන් තවත් පොරෝජනයක්....ඔය දෙකයි පනහෙ බබලත්තුංට අඬන්ට දෙනවට වඩා උරහිසෙං තව පොරෝජන බොහොමයක් තියනව..( සිත්තමී..ඇහුණැයි බොට? ) හරි, දසරුවෙන් ප්‍රයෝජන ගැන ඒ ඇති..ආපහු ඊයෙ උදේ අපේ ඔෆිස් එකට....
ඔන්න මම දැන් බලාගෙන ඉන්නව අර General Manager කතා කරනකල්.තත්පර විස්සක් විතර බලල මම කතා කලා…
" හෙලෝ...හෙලෝ…."
මොන?....කිසිම සද්දයක් නෑ...උරහිසත් රිදෙන්ට ඇල්ලුව. ඒ පාර ඔන්න මම ඕන කෙහෙල්මලක් කියල කෝල් එක කට් කරල නිකා හිටිය. නිකා හිටිය කියන්නෙ නිකා හිටියෙ නෑ. මම අර කිව්වෙ කලින් හදිස්සි වැඩක් ගැන. ඒක කරන්ට පටන් ගත්ත.
ඔන්න හවස හතරට විතර ආයෙම මට කෝල් එකක් ආව.පල්ලෙහා කවුද ඉන්නව කියල මාව හම්බ වෙන්න ඇවිල්ල. ගිහිල්ල බැලුවම මෙහෙ ගිණි නිවාරණ උපකරණ ගෙන්වන කම්පනි එකක Sales Executive කෙනෙක්. මිනිහ ලංකාවෙ ...මුස්ලිම්...ඉතිං කෝපි එකක් එහෙම බොන ගමන් අපි කතාකලා.
" උදේ අපේ බොස් කතා කලා මිස්ට රවීට. කෝල් එක කට් වුනා කියලයි මට කිව්වෙ ලොක්ක. "
" ආ..දහයට වගෙ නේද?.....අනේ සොරි..කට් උනා නෙවෙයි...මම හදිසි වැඩක ඒ වෙලාවෙ හිටියෙ....මම විනාඩියක් විතරම ලයින් එකේ හිටියනෙ..සද්දයක් නැති තැන මමයි ලයින් එක කට් කලේ...."'
මිනිහ අහක බලාගෙන හිනා උනා..
" අපේ බොස්ට හිටපු ගමන් ගොතයක් එනව. නිතරමත්නම් නෑ. ස්ට්‍රෙස් වෙනකොට වැඩියි. මේ ටිකේ ටිකක් දරුණුයි කේස් එක.එහෙම උනාම එයාට වචනයක් එන්න සෑහෙන වෙලාවක් යනව. උදේ වෙන්න ඇත්තෙ ඒකයි. "'
ඒ කතාව එතනින් ඉවරයි. ඒත් මේ ගොත ගහන බොස්ගෙ කතාව හින්ද මට එසඳ, එකල මා යොවුන් වියෙහිදී අත්දුටු සිදුවීම් කීපයක් මතකයට ආව. යම් කෙනෙකුගෙ ශාරීරික අබල දුබලතාවයකට උසුළු විසුළු කරන එක ඒ තරම් සුදුසු නම් නැහැ තමයි.ඒත් බොහොමයක් වෙලාවට අපි එහෙම කරනව. ඇත්තටම මම මේ කතා කියන්න හිතුවෙ එහෙම කිසිම කෙනෙක්ව උපහාසයට ලක්කරන්න හිතල නම් නෙවෙයි.ඇත්තටම වෙච්චි සිදුවීම් කිහිපයක් කියල පොඩ්ඩක් හිනාවෙල ජීවිතේ බර හෑල්ලු කරගන්ට එච්චරයි.....
අර අපි පොඩි කාලෙ කතන්දර පටන් ගන්න විදිහ මතකෙයි?
එකමත් එක කාලෙක...නැත්නම් යටගිය දවසට දවස් දෙකකට පස් සෙ දවසක බරණැස බ්‍රක්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයේහි.....
ඒ වගෙ මයෙ කතා ඉතිං පටන් ගන්නෙ ...මේක සිද්ද උනේ මම උතුරු මැද සහ නැහෙනහිර පළාත් මායිමේ ව්‍යාපෘතියක වැඩ කරන කාලෙදි.....ඔන්න ඔය විදිහටනෙ...ඉතිං මේකත් ඒ සුපුරුදු පූර්විකාවෙන්ම තමයි පටන් ගන්න වෙන්නෙ..
ජයනාත් හොඳ කොල්ලා...මට එහෙම වැඩිය අවුරුදු දෙකක් විතර වැඩිමහල්..ගම වලස්මුල්ල පැත්තෙ...උස මහතයි... සුදුයි. ඒත් පොඩි කේස් එකක් තිබ්බ, මිනිහ ගොතයි...කාලෙකට එච්චරම දරුණු නෑ...ඒත් කාලෙකට කතා කරගන්නම බෑ.
මම මේ කියන යුගයෙ මොබයිල් තියා ලෑන්ඩ් ෆෝන්ස් උනත් දැං වගෙ පඳුරක් පඳුරක් ගානෙ තිබ්බෙ නෑ.අපෙ ගෙදර අහල පහලක ටෙලිෆෝන් එකක් තිබ්බෙ පන්සලේ විතරයි. හදිස්සියකට පණිවිඩයක් දෙන්න ඉතිං ලොකු හාංදුරුවන්ට කතා කරල ගෙදරට පණිඩිඩයක් යවල අප්පච්චිට පන්සලට ඇවිල්ල ඉන්න කියල කියන්න ඕන.
රට හැමතැනම ටෙලිපෝං පෙට්ටි හයි කර කර යන්ට පටං ගත්ත ඔය කාලෙ.මුලින්ම මට මතක ට්‍රයිටෙල් ද මොකක්ද කියල කම්පනි එහෙකින් ඔය වැඩේ පටන් ගත්තෙ. අපෙ කෑම්ප් එක කිට්ටුව හැතැම්ම බාගයක් විතර එහාට වෙන්ට තිබ්බ පොඩි ටවුමක් වගෙ එකක්. ටවුමක්ය කිව්වට බස් ස්ටෑන්ඩ් එහෙකුයි කඩ කීපෙකුයි විතරයි ඔතන තිබුනෙ.මඩකලපු පාර අයිනෙ...ඔතනත් හයි කරපි ටෙලිපෝං පෙට්ටියක්....අපිට නේද මාර හැපී......ඒ හැටි ගෙවල් වලට කතා නොකලත් ඔය වගෙ එකක් තියන එකම මදෑ. අනික ඒ දවස් වල ඔය මල් නෙලීම වගෙ අනම් මනම් අපි දන්නෙවත් නෑ....අම්මප ඇත්තම ඇත්ත....
ජයනාත්ලගෙ අල්ලපු ගෙදරට ඔන්න ටෙලිෆෝන් එකක් ගත්තලු. ඔන්න ඌට වැහුන ටෙලිෆෝන් පිස්සුව.ඔය බොක්ස් එහෙක මට මතක විදිහට විනාඩියකට ගාස්තුව රුපියල් දෙකයි. ජයනාතයත් ඔන්න අපි ඔක්කෝමල සන්තකේටම තියන රුපියල් දෙකේ එව්ව ටික එකතුකරගෙන ඔන්න යනව ගෙදරට කෝල් ගන්න කියල. ඒ කරල ඔන්න රෑ වේගන එනකොට ආපහු එනව. මූණ හරි නෑ.
" මොකද මචං?..... " අපි අහනව..
" හ..හ්.....හරියට..ක ක්..කතාකරගන්න බැරි උනා බං …"' ඌ කියනව.
අපි ඉතිං ඕක වැඩි ගානකට ගත්තෙ නෑ. එක දවසක් ඔන්න අපේ තව යාලුවෙක් ආව අපි පොඩි ආතල් එකක් අරගෙන එහෙම රිලැක්ස් එකේ ඉන්න තැනට.ඔය වෙලාවෙ ජයනාතය ගිහිල්ල සුපුරුදු ලෙස කෝල් ගන්ට. ඔන්න කතාව ඇදිල ආව උගේ මේ අබූත කෝල් ගැනිල්ලට.
" මාර වැඩක්නෙ බං ...මේ මනුස්සය රුපියල් දෙකේ එව්ව මල්ලක් එකතු කරගෙන යනව. ඒත් ඇහුවම කියන්නෙ කතා කලේ නෑ කියල.." මම කිව්ව.
අර ආවයි කිව යාලුව...මිනිහගෙ නම සරත්චන්ද්‍ර....ඌ ටික වෙලාවක් සද්ද නැතුව ඉඳල පොඩි එකක් අරගත්ත. ….දීපං දුමක්....මම සිගරට් එහෙකුත් පත්තු කරල දුන්න...උගුරු දෙකක් එහෙම ඇදල අපි ඒ වෙලාවෙ එතන හතර දෙනෙක් හිටිය…. ඔක්කොගෙම මූණු දිහා අනුපිළිවෙලට බලං ඉඳල මෙහෙම කිව්ව.
" අනේ මචං මම කිව්වයි කියලනං ජයනාතයට දැනගන්න තියන්න එපා.මට ඔය ජයාගෙ කෝල් ගැනිල්ලෙ හොරේ ඊයෙ අහු උනානෙ. මේකා රුපියල් දෙක දානව බොක්ස් එකට. ඒ කරල රිසීවර් එක අතට අරගෙන ඔන්න කතා කරනව....මූ තටමල තටමල ඔන්න හ..හ...හ..හ..හ..හලෝ........තා.....තා...තා...ත....තාත්තෙ කියන කොට ඔන්න විනාඩිය ඉවරයි. කෝල් එක කට් වෙනව. අයෙම රුපියල් දෙකක් දානව. ඒ විනාඩියෙත් කියන්නෙ තාත්තෙ කියල විතරයි.ඉතිං බං ඔය විදිහට මහ බැංකුවෙං ගහන ගහන දෙකේ කාසි ඔක්කොම මූට දුන්නත් මූට කියන්න වෙන්නෙ තාත්තෙ කියල විතරයි......"
අපි එකා එකා මූණිං මූණ බලාගෙන උන්න අර මොනවද කාපු රිලව් වගෙ හිනාවෙන්ඩද අඬන්ඩද කියල හිතාගන්ට බැරුව.
" මචං මේක කියල උඹල ජයනාතයට නෝන්ඩිය දානව එහෙම නෙවෙයි ඔන්න...හරි නෑනෙ ..."
එදා රෑ නිදාගන්ට ඉස්සර මම කාටත් ඇහෙන්ට කිව්ව. හැබැයි කිව්වත් වාගෙ ඊට මාස තුනකට විතර පස් සෙ ඌ හෙඩ් ඔෆිස් එකට ට්‍රාන්ස්ෆර් එකක් හම්බ වෙල යනකල්ම කවුරුත් ඌ ඉන්න තැන ඔය ගැන කටක් හෙල්ලුවෙ නෑ..හැබැයි ඌ නැති තැන යාවජීව මාතෘකාව ඕක.
අපේ ඉන්නවනෙ නිර්මානශීලී කට්ටිය. උං ඔය කතාවෙ විවිධ වර්ෂන්ස් හැදුව. එකක් ඔන්න ජයනාත්ගෙ තාත්තයි අම්මයි දෙන්නමත් ගොතයිලු.ඉතිං මූ එක පාරක් රුපියල් දෙක දාල තා..තා..තා..ත් ..තෙ කියනවනෙ.මූ කල්පනා කරනව ඊලඟ රුපියල් දෙකත් දාල ආයෙම තා..තා....තා...ත්..තෙ කියන්ට ගියොත් ඒකත් ඉවරනෙ. ඒ නිසා දෙවෙනි රුපියල් දෙක දාල මේකා රිසීවර් එක කනේ තියං ඉන්නව මොකවත් කියන්නෙ නෑ. තාත්ත කතා කරනකල්..අප්පට සිරි තාත්තත් ගොතයිනෙ. ඒරුපියල් දෙකේ තාත්ත පු.....පු...පු...පු.......පුතේ කියනව විතරයි. ඉතිං මාරුවෙං මාරුවට ඔහොම තමයි වෙන්නෙ..එක රුපියල් දෙහෙක මූ තාත්තෙ කියනව ඊළඟ රුපියල් දෙකේ මුගෙ තාත්ත පුතේ කියනව.
අනික් වර්ෂන් එකේ හැටියට තාත්තයි අම්මයි ගොත නෑ. ඉතිං අල්ලපු ගෙදරට ගිහිල්ල පැයකට විතර පස් සෙ තාත්ත එනව ගෙදර.
" මොකද අනේ මෙච්චර වෙල?..." අම්ම අහනව තාත්තගෙං...
" පුතා කතා කලානෙ හාමිනේ…"'
" අනේ ඉතිං,…. මොකද කොළුව කිව්වෙ? සනීපෙන් ඉන්නවය කිව්වද? "'
" ඒ මොකවත් කිව්වෙ නෑ පුතා…"'
" ඈ......එහෙනම් මේ පැයක් විතර පුතා මොනවද කිව්වෙ? "'
" තාත්තෙ කිව්ව එච්චරයි "'
" ඈ..පැයක්ම එච්චරද කිව්වෙ?.. "
" ඔව්…"
ඉතිං ඔන්න මේ ජයා හෙඩ් ඔෆිස් ගියාට පස් සෙ මට ලියුම් එවනව. මයෙ බුදු පිටා ඌ...පුල්ස්කැප් පිටු දෙකක විතර මාගලක් ඔන්න මෙහෙම....
හි...හි...හි...හිතවත් වි..වී..වී......වීරේ වෙ..වෙත,
ඔ..ඔ...ඔ.....ඔබගේ...සැ..සැ..සැපදුක්......කෙ...කෙ...කෙසේද?
ඔ.ඔ.ඔ.ඔළුව ම..ම...ම...ඤ්....ඤ්..ඤ් ඤං වෙ..වෙ...වෙනව උගේ ලි...ලි...ලියුං කි...කි..කියවන්ට ..ගි..ගි..ගිහාම..හෙ..හෙ..හෙහ්...හෙ...හෙ....හෙහ් : : : :) : : : :)
හෙඩ් ඔෆිස් එකේදි එක කෙල්ලක් මිනිහ ගැන උනන්දුයි කියල ජයනාතය මට ලියා එව්ව. ඒත් මිනිහ ඒකිට කැමති නෑ කියලත් කියල තිබ්බ.ඒත් අන්තිමට මිනිහ බැන්දෙ අර කෙල්ලමයි. ඒ දවස්වල නේවාසික ට්‍රේනිං එකක් ඇවිල්ල මට යන්ට බැරි උනා වෙඩිං එකට.පස්සෙ හෙඩ් ඔෆිස් ගිය වෙලාවක කැන්ටිමේ පෙලේන්ටියක් ගහන ගමං මම ඇහුව උගෙං ඔය විස්තරේ...
" ඒ බං උඹ කෙල්ලට ඒ හැටි කැමැත්තක් තිබ්බෙ නෑ නේද? ඒත් අන්තිමට මොකෝ බොලේ ඒකිම බැන්දෙ?.."
" අනේ වී..වී..රෙ..මා..මා..ර..වැඩක්නෙ මට උනේ...ඒ ඒ ඒකි දවසක් ම..ම....මගෙන් කෙලින්ම ඇහුවනෙ මම කැ..කැ..කැමතිද කි...කි..කියල...එයාව බ..බ..බඳින්ට… "
" ඉතිං උඹ කෙලින්ම බෑ කිව්වනං ඉවරයිනෙ මචං...."
" බෑ කි..කි..කියල කි..කි...කියන්ට...ත......ත...තමයි..මම හැ..හැ..හැදුවෙ...ඒත් බෑ..කි..කි..කියල කියා..ග..ග..ගන්නකොට ඒ..ඒකි ගෙ..ගෙ..ගෙවල් දෙකටමත් කි..කි...කියල කේ..කේ...කේන්දරත් බ..බ..බලවල ඉ...ඉ...ඉවරයි. "
හපොයි.............
ReplyDeleteමම දන්න යාලුවෙක් ඉන්නවා.. මිනිහා ගොතේ අනුකරණය කරන්න ගිහින් ගොත වෙච්ච පොරක්.. ඌ අදටත් ගොතයි.. එක්සයිට් වෙච්ච ගමන් බඩුම තමයි.. එතකන් හොඳට ඉන්නවා...
අපොයි දෙයියනේ..එහෙමත් වෙනවද?....:( :(
Deleteඔන්න රවී අයියා බය වෙලා...හිහි
Deleteබය වෙන්නෙ නැද්ද බං මෙවුං මේ කියන එව්වට :) :)
Deleteඅ....අ.....අ...අයි....අයියේ....... ගො....ගො... ගොත..... එවුන්.... ලි...ලි...ලියුං.... ලි.. ලි...ය... ලියන...කො.. කො..ටත්.... ගො..තේ.... ලි....ලි....ය...වෙ...වෙ..වෙනවද?
ReplyDeleteමොනව කියනවද බං..එහෙම වෙනව....එහෙම වෙනව..:)
Deleteහපොයි දෙයියනේ.... මූණට මොකුත් කිව්වෙ නැතුවට ඔය හදල තියෙන පද ටික මදැයි.... නිර්මාණශීලී භාවය ගැන නම් කියලම වැඩක් නෑ.... හික්ස්...
ReplyDeleteමට මෙහේදි මුණ ගැහුනු ගොත තායිවානීස් හාදයෙකුට නම් ගොතේ මතුවෙන්නෙ කේන්ති ගියාම.... එතකොට නම් ඌට තරහ ගියාට අහන් ඉන්න උන්ට හිනා යනව....
ස්තූතියි මියුරු....:) :)
Deleteමට මතක් උනේ විල්සන් ගොයියව!!
ReplyDeleteජීවිතයේ මුල් වරට ගොත ගහන ලියවිල්ලක් දැක්කාමයි.
ReplyDeleteනිර්මානශීලී කියන්නේ ඉතින් රවි කතා කරලා වැඩක් නෑ.:D
ඔයාටත් ස්තූතියි පොඩ්ඩි...:)
Deleteරවිගේ කතා කීමේ හැකියාව ගැන අපි නොදන්නවය .
ReplyDeleteඑහෙනං..එහෙනං..හෙහ්, හෙහ්,
Deleteඅර ලිවුම ආවෙත් ටැලිපෝං එකෙං ද රවි අයියේ... හි හි
ReplyDeleteඅර Shark tales කාටූන් එකේ හිටියා සයිලස් කියලා ( මට නම හරියටම මතක නෑ) මාළුවෙක්..උෟට කෙන්ති ගියාම හරි බය උනාම හරි එකපාරටම බැලුමක් වගේ පිම්බෙනවා... මට මේක කියවද්දි ඌව මතක් උනා... හි හි
ලියුං කොහොමද බොල ටැලිපෝං එකෙං එන්නෙ? :)
Deleteමේකට උත්තරයක් මං ලියන්නං අයියෙ... :-D
ReplyDeleteහරි ජනූ.....:)
Deleteමේව ලියන්න එපා මචන්.. එක පාරක් විහිලුවට ගොතයක් ඇඩ් එකකට දාලා... මුලු රටටම ගොතය විහිලුවක් කරා.... ආභාධ වලට හිනා වෙන එක පහත් මිනිසුන්ගෙ ගතියක්... ඒ මිනිස්සු ඇත්තටම ඒකෙන් සෆර් කරනවා...
ReplyDeleteසමාවෙන්න, හිත රිදුනනම්..කතාව ඇත්ත..මමත් මේ කතාව ලියන්නද නොලියන්නද කියල සෑහෙන්න කල්පනා කලා. අපහාසයක් කරන්නට මගෙ තුන් හිතකවත් නොතිබුනත් ඇත්ත ඔබ කියන කතාව... එහෙම කෙනෙකුගෙ හිත රිදෙන්න පුලුවන් තමයි. ඒත් බොහොමයක් විහිළු තියනව ශාරීරික දුබලතාවයක් එහෙම නැත්නම් මානසික තත්වයක්, ජාතිය ආගම හෝ කුලය ගැන සඳහන් වෙන එව්ව. මම මේ එව්ව හරිය කියනව එහෙම නෙවෙයි හොඳද?
Deleteආයෙමත් කියන්න තියෙන්නෙ සමාවෙන්න කියල තමයි :(
ප්‍රශ්නයක් නෑ... මම ෆුල් ටයිම් ඇනෝ කෙනෙක්...
Deleteමානසික ආභාදයන්ට හිනා වෙලා ඔය වගේම පොස්ට් එකක් මේ බ්ලොග් අවකාසෙ පල උනා, තව මේ විදිහෙම සිද්ධියකටත් පෝස්ට් එකක් පල උනා... මම ඒ දෙකටම විරුද්ධව කරුනු ඉදිරිපත් කරාම දෙන්නගෙන්ම ලැබුනෙ අපහාස, බැනුම් විතරයි... දෙවෙනියට කියපු එකා කුණුහරුපෙනුත් බැන්නද කොහෙද... ඒ අතින් ඔබ ශ්‍රේෂ්ඨ මහත්මයෙක්....
මේ ටිකත් ලියලම යන්නම්.. කවදාවත් යාලුවො එකතුවෙන තැනක... පිරිසක් අතරේ මේ වගේ විහිලු කරන්න එපා.. එතන 10ක් හිටිය නම් අඩු තරමෙ 9ක් වත් ඒ කතාව තව සෙට් එකක් එක්ක කියනවා.. මේක චේන් එකක් වගේ ගිහිල්ලා සමාජ මතයක් ගොඩ නැගෙනවා... ඒ වගේ සමාජ මතයක් තුලින් යම් ප්‍රජාවක් අපහසු තාවයට ලක් වෙනවා...
මේ ටික කියුවේ ඔබ බුද්ධිමත් මහත්මයෙක් නිසා...
මේ පොස්ට් එක මකන්න එපා... ඒත් මේ කතාව කියවන යාලුවනේ මේක කියවලා රස විදලා අමතක කරලා දාන්න.... තවත් තැනක කියන්න යන්න එපා.... වැරදි සමාජ මතයන් ගොඩනගන්න දායක වෙන්න එපා.... හිනායන කතාවක් කියන්න වෙලාවක් ආවාම වෙන කතාවක් මතක් කරගෙන ඒක කියන්න....
රවී මහත්තයෝ අමනාප වෙන්න එපා
Deleteමටත් කියන්න තියෙන්නේ මේ ඇනෝ කියපු දේම තමා
මගෙ පොඩි දරුවට කුඩා කල වචන කථා කරන්න වුණු ප්‍රමාදයක් නිසා අපි දෙන්න සෑහෙන්න ආතතියකින් පසුවුණා
මේ ඇනෝ ඉතාම සංයමයකින් මා කියන්නට සිතු හැමදේම කියා තියනවා
මෙව්වා ඉතින් මෙහෙම කථා කල යුතු මාතෘකා නම් නෙමේ
ඊයේ අපට මුණගැසුණු විශේෂඥ පිරිසකගෙන් ප්‍රධානියට ඔහුගේ දිව නිතරම පාලනයකින් තොරව 'ල'යන්න කියවෙනව - හරිම අසාමාන්‍ය තත්වයක් - කියන දේත් අපහැදිලියි - අපතේ යන කාලය ගැනත් මට තරමක නොරිස්සුමකුත් ආවා
ඒත් මටත් බොහෝ වයසින් අඩු අපේ රටේම මගේ සොයුරු ඉංජිනේරු සගයෙක් මට ඒ තත්වය සෙමින් පහදල දුන්න - එය කුඩාකලම හඳුනාගත යුතු රෝගී තත්වයක් බවත් ඒවාට ප්‍රථිකාර කල හැකි ලංකාවේ ඇති ස්ථාන ගැනත් ඒ මල්ලී මාව කාරුණිකව දැනුවත් කලා...
මේ පොස්ට් ඒක කියවන මට හෝ මගේ දරුවෙකුට ඔය තත්වය තිබ්බ නම් මගේ හිත නොඅනුමානයෙන්ම රිදෙනවා
නොහඳුනන 'ඇනෝ' ඔබට මගේ ගෞරවය හිමිය!
@ තිස්ස දොඩන්ගොඩ
Deleteසන්යමය ඇති උනේ රවීගෙ පෝස්ට් එක දාල තිබුනු විදිහ සහ කොමෙන්ට්ටුවට රිප්ලයි කර තිබූ ආකාරයෙන්...
එම නිසා ගෞරවයේ සැබෑ අයිතිකරු රවීමයි...
@ තිස්ස,
Deleteඅනේ නෑ තිස්ස..කිසිම අමනාපයක් නෑ..ඒ වෙනුවට මගෙ හිතේ තියෙන්නෙ ලොකු පසුතැවීමක්..තිස්ස කියන්නෙ මම මේ බ්ලොග් ලෝකෙ ගරු කරන කීප දෙනාහෙන් එක්කෙනෙක්. ඉතින් ඔබ කියන කිසිම දේකට මම අමනාප වෙන්නෙ නෑ, ඒ ඔබ යමක් කියනවනම් ඒ හොඳට හිතල මතල මිසක ඔහෙ ආවට ගියාට කියන්නෙ නෑ කියල මම පැහැදිලිව දන්න නිසයි.ඒ වගේම ඔබට යම් සිත්තැවුලක් උනා නම් තිස්ස මගේ අවංක කණගාටුව පිලිගන්න. එහෙම දෙයක් මගෙ තුන්හිතකවත් නොතිබුන එක වෙනම කතාවක් . ඒත් නොදැනුවත්වම හරි මගෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න...
@ Anonymous ,
Deleteස්තූතියි ඔබට, අවංකව තම අදහස් ප්‍රකාශ කලාට...කිසිම අමනාපයක් නෑ...ඔබ කියූ දේවල් සම්පූර්ණ ඇත්ත....
අයියෝ..ගොතයක් නිසා අකමැති ගෑනු ළමයෙක්ට කරගහන්න සිද්ද වෙච්ච හැටි..කලින් දැනං හිටියනං!!
ReplyDeleteකලිං දැනං හිටියානම්????...කා ගැනද මේ කියන්නෙ?
Delete/*( සිත්තමී..ඇහුණැයි බොට? )*/
ReplyDeleteඇහුණෝ........! :)
ආ, ඒක හොඳයි..ඇහුනනම් ඔය මම කිව්ව එව්ව හොඳට හිතට ගං...ඇහුණැයි බොට?
Deleteඇහුනත් ඇහුන්නෑ වගේ ඉඳින් සිත්තමී .. නැත්නම් හදිස්සියකට උරහිසක් නැති වෙන්නේ මේ අපිටමයි හැමෝම මේ පාරේ ගියොත්
Deleteඋරහිස් කුළියට දීමට තිබේ!!!!
Deleteඔබට අවශ්‍ය හිස තබා හැඬීමට පුළුල් උරහිසක්ද?..හෝරානුකූලව පහසු මිලට උරහිස් කුළියට දෙනු ලැබේ.
සැ.යු. - සිත් තැවුල් පහව ගිය ඉක්බිති උරහිසට අයිතිවාසිකම් නොකියන බවට පොරොන්දු පත්‍රයකට අත්සන් කල යුතුය.
මෙන්න අපිට වෙලා තියෙන එක විපත්තියක්:
ReplyDelete//යම් කෙනෙකුගෙ ශාරීරික අබල දුබලතාවයකට උසුළු විසුළු කරන එක ඒ තරම් සුදුසු නම් නැහැ තමයි.ඒත් බොහොමයක් වෙලාවට අපි එහෙම කරනව. ඇත්තටම මම මේ කතා කියන්න හිතුවෙ එහෙම කිසිම කෙනෙක්ව උපහාසයට ලක්කරන්න හිතල නම් නෙවෙයි.ඇත්තටම වෙච්චි සිදුවීම් කිහිපයක් කියල පොඩ්ඩක් හිනාවෙල ජීවිතේ බර හෑල්ලු කරගන්ට එච්චරයි...//
උඹට මේකට වෙනම ඉස්තුති කරන්න ඕනෙ මචෝ. ඉස්සර අපිට විහිලුවක් දෙකක් කරලා ඉන්න තිබ්බ නිදහස දැන් ඇත්තෙම නැතුව ගිහින්. මේක මම පෝස්ට් එකක් ලියන්න ප්ලෑන් කරගෙන ඉන්න මාතෘකාවක්. ඒත් මෙතන කෙටියෙන් ඇදලා දාන්න යන්නෙ. (කෙටියෙන්?)
විහිලු වර්ග කොච්චර තිබ්බද? ඉස්සර අපිට පුලුවන් අපිටම හිනාවෙන්න. පෞද්ගලිකව මටම සහ තමන්ගෙ ජාතියට රටට. ඒවා හරි සුන්දර විහිලු. එතකොට, නැන්දම්මට, වයිෆ්ට, දේශපාලනඥයන්ට, ජනාධිපතිට, අමෙරිකන් කාරයන්ට, ඉන්දියානුවන්ට, බොසාට, ගුරුවරුන්ට, දොස්තරලට, නීතිඥයන්ට, මුස්ලිම් වෙලන්දන්ට(තම්බි නානා) කියන්නෙ. සිංහලයන්ට, දමිලයන්ට, සුද්දන්ට, පල්ලියට, පංසලට, පියතුමන්ටල්ට, හාමුදුරුවරුන්ට, තගාලට, ගණිකාවන්ට, හමුදාවට, ...ඔය විදියට ගත්තොත් ලිස්ට් එක ලිව්වෑකි තව දිගට.
අද බලාපං විහිලුව වරදවා තේරුම් අරගෙන විහිලුව කරපු එකාට අපරාදෙ විහිලුව කලේ කියලා හිතෙන තැනටනෙවෙයිද වැඩ සිද්ද වෙන්නෙ කියලා. අද මොනම විහිලුවක්වත් කරන්න බෑ මේ හැම මගුලම සීරියස් ගන්න උන් නිසා. මම ඇත්තෙන්ම මට තාම කියන්න පුලුවන් මටම හිනාවෙන විහිලු විතරයි. ආහ්. අමතක වුනා. විහිලු කරන්න පුලුවන් උඹටත්. තව කීපදෙනෙකුටත් විතරයි වරදවා වටහා ගැනීම්වලින් තොරව.
උඩින්ම එකඟයි ඩූඩ්... political correctness එක නිසා සෑහෙන විහිලු ගානක් වාරණය වෙන්න යන්නේ... ඔහොම ගිහින් මිනිහෙක්ව විස්තර කරද්දි කලු, සුදු, උස, මිටි, මහත, කෙට්ටු වගේ වචනත් පාවිච්චි කරන්න බැරුව යයි.
Deleteඩූඩි / තිසුර එකම කාරණය මචංලා අපට 'සම්මත' යැයි කියන දෙයින් පරිබාහිර දෙයක් ඇත්නම්, ඒකට මිනිසුන් හිනාවෙනව නම් අපි පොඩි අපහසු තාවයකට පත්වෙන එක විතරයි මචංලා.. ඇත්ත සමහරු ඉන්නව තමන්ගේ 'සම්මත' යැයි සැලකෙන අඩුපාඩු ගැන නිදහස්ව හිතන, කථා කරන - සමහරු එයිට එහායින් ගිහින් ඒක ආදායම් මාර්ගයක් පවා කරගන්නවා - ඒ වගේ අය සම්බන්ධයෙන් නම් අවුලක් නෑ නේද? ඒත් පොදුවේ මිනිස්සු එහෙම නෑ නොවෙද? ඉතින් මොටද ඉඩක් කඩක් තියන්නේ කෙනෙක් අපහසු තාවයකට ලක්වෙන - ඔය ඉතින් මට හිතෙන හැටි!
Deleteවැරදියි ඩූඩ්.... විහිලුවක් තියනවා ගුරුවරයෙක් දුර පලාතක ගිහින් තනි ගුරුකාමරේ ගුරුතුමියක් ඉන්නකොට, වැස්ස නිසා ඇදට ගොඩවෙලා, කොට්ටෙන් බැරියර් එකක් හදන් නිදා ගත්තා... පහුවදා ගුරුතුමී අහනවා කොට්ටෙන් පනින්න බැරි වෙච්ච එකා පාලමෙන් පනින්නෙ කොහොමද කියලා...
Deleteඉහත විහිලුවේ ගුරුවරු හිනාවට ලක්කරන්නෙ නෑ... ඔවුන්ගේ ආභාධයක් හෝ දුර්වල කමක් හෝ නොහැකියාවක් හෝ යම් අඩුවක් හෝ ජාතියක් ජන්මයක් හාස්‍යයට ලක්කරන්නෙ නෑ...
හිතන්න ඔබේ දරුවා ගොතයි ( සමාවෙන්න රවී මේ උදාහරණෙ ගත්තට, ඔබට රිද්දන්න නොවෙයි ) පාසැලේ ඔහු ඒ නිසා පීඩාවට පත්වෙනවා... ඔබ සාප කරන්නේ ගොතය විහිලුවක් කරගත් සමාජයට නේද? ඔබේ දරුවා ගොතනම් ඔබ කිසිදා මෙවන් විහිලුවකට හිනා වෙනවාද?
සමානාත්ම තාවය අගයන සමාජයක මෙවැනි විහිලු නෑ... නුගේගොඩ නාවල පාරේ උදේ වැඩට යන කෙනෙක් සිටීනම් දකිනවා ඇති උපතින් ආභාදිත තරුණියක් කලින් ඇගේ ශටල් එක එනතුරු අපහසුවෙන් සිටගෙන සිටිනවා... මෙම අසරණිය පාර පනින්නේ බකල ගසමින්... ඇය වෙනුවෙන් නිර්මිත වූ විහිලුවක් තිබේ නම් අපි සිනා සිය යුතුද?
ඔවුන් ඉල්ලන්නේ අනුකම්පාව නොව සමානාත්මතාවයි... මෙවන් විහිලු අපි සමාජගත නොකල යුත්තේ ඒ නිසයි....
ඇනෝ කතාකරන සංයමය මම අගය කරනවා. නැතිනම් මම මේකට පිළිතුරු දෙන්නෙ නෑ.
Deleteඔබ කියන දෙයිනුත් සනාත වෙන්නෙ මම කී දේමයි. මට විහිලු කරන්න පුලුවන් මටම විතරයි. The Joke Is On Me.
අහලා ඇතිනෙ සින්දුව. Bee Gees ගැයුවේ. The Joke Was On Me.
I started a joke
Which started the whole world crying
But I didn't see
That the joke was on me, oh no
I started to cry
Which started the whole world laughing
Oh, if I'd only seen
That the joke was on me
I looked at the skies
Running my hands over my eyes
And I fell out of bed
Hurting my head from things that I said
'Till I finally died
Which started the whole world living
Oh, if I'd only seen that the joke was on me
I looked at the skies
Running my hands
Over my eyes
And I fell out of bed
Hurting my head from things that I said
'Till I finally died
Which started the whole world living
Oh if I'd only seen that the joke was on me
Oh no! that the joke was on me
Oh...
@ තිස්ස දොඩන්ගොඩ
Deleteසන්යමය ඇති උනේ රවීගෙ පෝස්ට් එක දාල තිබුනු විදිහ සහ කොමෙන්ට්ටුවට රිප්ලයි කර තිබූ ආකාරයෙන්...
එම නිසා ගෞරවයේ සැබෑ අයිතිකරු රවීමයි...
http://www.youtube.com/watch?v=5dhjwWhlk5Q
Deleteඉස්සර අපිට තිබ්බ පිස්සන්කොටුවේ කතා ...මෙහෙම වාරණයක් දාගත්තොත් විහිලු නැතිවෙලා යයි. අපි කවුරුත් හිනාවෙන්නෙ අදාල සිද්දියට විතරයි. කොට/උස /වස /කළු /සුදු ,බඩ ඇති ,පුක නැති,දත් ඉස්සරහට තියන ඔය හැමේකටම විහිළුවක් තියනවනෙ. මේකත් එක්තරා සිද්දියක් විතරයි හිනාවෙන්න.
Deleteහෙන්රි..මචං උඹේ කතාව ඇත්ත එක පැත්තකින්..ඒත් ඒකෙම අනික් පැත්තත් ඒ වගේම ඇත්ත. විහිළුවක් විහිළුවක්ය කියල අමතක කරල දාන්ට අපිට පුළුවන් උනාට ඒ තත්වයට ප්‍රායෝගිකව මුහුණ දෙන අයට එහෙම ලේසියෙන් ඒක අමතක කරල දාන්ට බෑ මචං :( :(
Deleteතිස්සටත්, ඇනෝටත් බොහොම ස්තූතියි.... මම අනිවාර්යයෙන් පිළිගන්නවා මේ වගේ දුබලතාවයක් තියන කෙනෙකුට හෝ එවැනි කෙනෙක් තමන්ගේ සමීප අයෙක් නම් ඔවුන්ට යම් සිත් රිදීමක් ඇතිවිය හැකි බවට. රවීව මම පෞද්ගලිකව දන්නෙ නැති උනත්, උන්දෑ ලියන දේවල් කියවලා මම දන්නවා රවී එහෙම ලිව්වේ කාටවත් අපහාස කරන්න නෙමෙයි කියලා... සමහර විට වෙන කෙනෙක් මේක කිව්ව නම් මගේ ප්‍රතිචාරයත් වෙනස් වෙන්න තිබ්බා.
Deleteලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
ReplyDeleteනයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!
//" බෑ කි..කි..කියල කි..කි...කියන්ට...ත......ත...තමයි..මම හැ..හැ..හැදුවෙ...ඒත් බෑ..කි..කි..කියල කියා..ග..ග..ගන්නකොට ඒ..ඒකි ගෙ..ගෙ..ගෙවල් දෙකටමත් කි..කි...කියල කේ..කේ...කේන්දරත් බ..බ..බලවල ඉ...ඉ...ඉවරයි. " //
ReplyDeleteහියැක් හූ !!!
ඔන්න තවත් ස්පෑම් කාරයෙක් බෝවෙලා රවි අයියේ !!!
:) :)
Deleteමගේ තාත්තටත් ඔය තත්වේ තිබ්බ.. හ යන්න කියද්දී වචනේ එන්නේ න..ඉතින් පොඩි කාලේදී ළමය් ස්කොලේදී විහිලු කලාම ගහගෙන කොඉවෙලෙත් ස්කොල මාරු කලාලු ..පස්සේ කලෙක නම් ගානක් නැතිඋනාලු..හොඳම කතාව තම අපේ පොඩිම බාප්පා තාත්තලට වඩා ගොඩක් පොඩි. අම්ම මාව හම්බුවෙන්න ඉන්නකොට බාප්පා දවක් ඇවිත් අහනවලු අක්කේ අක්කේ මේ බඩේ ඉන්න බබත් ඉපදිලා අඬනකොට අය්ය වගේ ගොත ගගහ අඬය් ද දන්නේ නෑ කියලා ..
ReplyDeleteස්තූතියි මෙකුවි...මෙහෙම තත්වයක් දිහාවෙ උපේක්ෂා සහගතව බලන්ට ඔබට හැකිවීමත් ලොකු දෙයක්...
Deleteඅනේ මන්දා රවී අයියෙ මේකට මොනා කියන්නද කියලා.
ReplyDeleteකිසිම දෙයක් කියන්න එපා මල්ලි..කිසිම දෙයක් කියන්න එපා...කියන්න දෙයක් ආයෙම නෑ.....:( :(
Deleteඕක පට්ට ජනප්‍රිය උනේ අර නෝනාවරුණි මහත්වරුණි එකෙංනේ..
ReplyDeleteමා මා මා මා මචං රත්නපාල...
ප්‍රේමචන්ද්‍ර ඉන්නවද?
:) :)
Deleteහනේ කමෙන්ට් ටික කියවගෙන එනකොට කියන්න හිටපු දේ අමතක උනා නෙව :(
ReplyDeleteආයෙම කියවහං පෝස්ට් එක...ඒත් කමෙන්ට් කියවන්ට එපා...:) :)
Deleteමට "The King's Speech" මතක් උනා.
ReplyDeleteහයවෙනි ජෝර්ජි ගොයියත් ඒ මොඩල් එකේ තමයි....:)
Deleteහොද ලිපියක්
ReplyDeleteම... ම... මා... මා... ර... ක..ක.. තා....ව..
ReplyDelete:)
Deleteමගෙ කමෙන්ට් එක වැටිලා නෑ නොවැ ඇයි මන්දා. කමක් නෑ යාලුවගෙ කතාවට පොඩ්ඩක් හිනා වෙන්න අමාරු වගේ තේරුනා. :)
ReplyDeleteස්පෑම් එකෙත් නෑනෙ බොලේ..මක් උනාද මන්ද?...:)
Deleteහෆොයි දෙයියනේ බෑ කියල කියන්න තටමද්දී කසාදෙත් කෙරිලා ඉවර වෙච්චි . . .
ReplyDeleteමම නම් එහෙම අය මුන ගැහුනම ඒ අය එක්ක කතා කරන්නේ බොහෝ ම සීරුවෙන් . . ඩිංගක් වත් හිත නොරිදෙන විදිහට මූනෙන් කිසිම අවුල් හැඟීමක් නොපෙන්වා ඉන්න කරන ට්‍රයි එක හෙන අමාරුයි හැබැයි . . හෙ හෙ හේ
මගෙ යාලුවෙක් හිටිය දුකා පොඩි ගොතයක් තියන.....ඔන්න මූ පාරෙ යනව කියමුකො...කවුරු හරි මුගෙං අහනව වෙලාව..
Delete" මේ. මි.මි.ස්.ට..ර්... වෙ. වෙ. වෙ..ලාව කී...කී... යද? …"
ඉතිං මේ අහිංසකය උත්තර දෙනව.....
" අ...අ.අ..ට..හ..හ....මා.ර..යි…."
මොනවද අහල පහල එවුනුත් අල්ලගෙන නෙලනව මූට...පව්.......පස්සෙ මූ පාරෙ තොටේ යද්දි කතාකරන එක අතෑරලම දැම්ම..:(