Tuesday, February 26, 2013

164. අසුරු සැණින් පාදස්ථලවල වඩා හිඳුවන්නෝ ද එලෙසම ඊටත් වඩා විගසින් බිමට ඇද දමන්නෝ ද ඔවුහුමය. From the top of the pedestal to the dusty earth in just four sentences.


මගෙ ජීවිතේට මම හීනෙං වත් හිතුවෙ නෑ මෙහෙම වියුණු සටහනක් ලියන්ට වෙයි කියල.ඒත් හැමදාමත් වෙනව වගෙ සිතුදේ නොම වේ නොසිතු දෙයක් වේ..හෙහ්, හෙහ්, 

ප්‍රභාකරන්ගෙ බාල පුතා බාලචන්ද්‍රන්ගෙ ඡායාරූප කියල කීපයක් පහුගිය දවස්වල ප්‍රසිද්ධ උනා. මුල් ඡායාරූපවල ඒ දරුවා විස්කෝතු කමින් ඉන්නව සහ අවසාන ඡායාරූපයෙ වෙඩි පහරවල් කීපයක් සහිතව මැරිල ඉන්නව. මේ ඡායාරූප ඇත්තද එහෙම නැත්නම් නිර්මාණය කරපු එව්වද? එතකොට ජිනීවා මානව හිමිකම් කමිටුව ඉදිරියේ ලංකාවට උත්තර බඳින්න වෙලා තියන අල්ල පනල්ලෙ මෙව්ව එලියට ආවෙ ඇයි කියන ප්‍රශ්න ගැන මම කතා කරන්නෙ නෑ. ඒ ගැන මගේ මතයක් තියනව. ඒත් මේ කතාකරන්න යන දේට එව්ව කොහොමවත් අදාල වෙන්නෙ නෑ. 

මම කතාකරන්න යන්නෙ ඊට පස්සෙ ඒ සිද්ධිය ගැන මාරයා ලියාපු පෝස්ට් එහෙකට ඇල්කෙමියා ලියාපු කමෙන්ට් එකක් සම්බන්ධව ඇති වෙලා තියන හෙයියම්මාරුව ගැන. 

“කියන්න වදන් නෑ… සහතික ඇත්ත….වඳ පීදිච්ච කෙහෙල් ගහක් ගලවනකොට වටේ ඉන්න මොටෙයියොත් ගලවන්නෙ ඒවා ලොකු වුනත් හැදෙන ගස් වඳ පීදෙන නිසා….මම දන්නෙ එච්චරයි.”. 

ඔන්න ඔහොමයි ඇල්ගෙ කමෙන්ට් එක. දැං වෙලාතියෙන්නෙ නියම ආතල් වැඩක්. අන්න ඒ වාක්‍ය හතරෙ කමෙන්ට් එක ගැන වචන දෙතුං දාහක බ්ලොග් පෝස්ට් එකක්ම ලියල උත්තර බඳින්න වෙලා ඇල්කෙමියට. කට්ටිය හිටු කියල නෙලනව ඇල්ට…. ඔයා හරිම නරකයි ඇල්...අපි ඔයා ගැන හිතාගෙන හිටියෙ ඔහොම නෙවෙයි. ඔබ වනාහී සුවඳ විහිදෙන රෝස කුසුමකි. අඳුර දුරලන තාරුකාවකි. අරකද මේකද රටේ නැති එව්ව... 

දැන් පොඩ්ඩක් හිතල බලන්න මෙතන තියෙන්නෙ ත්‍රස්තවාදය නෙවෙයිද කියල....ත්‍රස්තවාදය කියන්නෙ තුවක්කුවක් ඔලුවට තියල උඹ අරම කරපං නැත්තං අපි/මම මෙහෙම කරනව කියල කියන එකම නෙවෙයි. 

" උඹ ලියපුව ඉල්ලා අස්කරගනිං... නැත්තං මම / අපි උඹව නංවල තියන පරමාදර්ශී මහා පුරුෂ තනතුරෙං වහාම ක්‍රියාත්මක වන පරිදි අයිං කරල දානව…" 

අන්න එහෙමයි වැඩේ වෙන්නෙ...ඔහොම කෙලින්ම කියන්නෙ නෑ. ඒත් හැඟවෙන්නෙ ඕකයි. 

මහත්මා ගාන්ධි කලෙත් ඕකම නේද?....එතුමා අනුගමනය කලේ අවිහිංසා ත්‍රස්තවාදය...උඹල මෙහෙම කලේ නැත්නම් , මම කියන විදිහට මෙව්ව මෙව්ව මේ විදිහට කලේ නැත්නම් මම නොකා නොබී ඉඳල මැරෙනව.ඔය අවිහිංසා ත්‍රස්තවාදය භයානකයි කෙලින්ම ඩිරෙක්ට් ත්‍රස්තවාදයට වඩා. ඩිරෙක්ට් ත්‍රස්තවාදයෙදි ත්‍රස්තවාදියගෙ ඉල්ලීම් ඉටු කලේ නැත්නම් සමහරවිට වෙඩි තියල අපිව මරල දායි. එතනිං වැඩේ ඉවරයි. ඒත් අවිහිංසා ත්‍රස්තවාදයෙදි වැඩේ ඊට වැඩිය බොහොමත්ම සීරියස්. රයිට්, ඔන්න මෙහෙම හිතන්න...ඉල්ලීම් දෙන්නෙ නැතුව අර මනුස්සය නොකා නොබී ඉඳල මැරුණයි කියමු. අප්පට සිරි...අපිත් ඒ එක්කම මලා නම් දාහෙං සම්පතයි කියල හිතෙයි ඔන්න. මොකද අර රටක් වටින මනුස්සය මලේ තමුසෙ මේ ඉල්ලීම් නොදුන්න නිසාය. උඹ අන්තිම අසප්පුරුස මිනිස්මරුවෙක්ය ( මිනීමරුව කියන වචනෙ වැරදියි. මිනිස්මරුවයි කියල යෙදුවෙ ඒ හින්දයි ) කියල රටේම ඉන්න කොල්ලොයි බල්ලොයි ඔක්කොම ඇඟට ගොඩ වෙන්නෙ නැද්ද බලන්න..මොනවද ඔට්ටු? 

ඔය කොල්ලො කෙල්ලංගෙ ලව් හුරස් පරස් වලදි අම්මල තාත්තල කියන්නෙ අනේ දුවේ ..නැත්නං මයෙ පුතේ උඹ ඔය කටයුත්ත කොරගත්තොත් මම වහ බොනව, එල්ලිල මැරෙනව ඔන්න ඔහොම..ඒත් ඔය ත්‍රස්තවාදයෙම එක පිලිබිඹුවක්ම තමයි. ගාන්ධි කලෙත් ඒක, අර පේම පලහිලව් වලදි අම්ම තාත්ත කරන්නෙත් ඒක, මෙතන මේ කට්ටිය කරන්නෙත් ඒක. තමන් ගොඩ නඟා ගත්තු යම් සිවිල් බලයක් සමාජ පිළිගැනීමක් තියනවනම් ඒක යොදවල කෙනෙක් ලවා තමන් අකමැති දෙයක් බලෙන් කරවීම. 

මට තේරෙන්නෙම නැත්තෙ තව කෙනෙක්ගෙ තමන්ගෙ මතයට විරුද්ධ මතයක් දැරීමේ අයිතියට ගරු කරන්න ඇයි මෙච්චරම අමාරු කියල. අන්තවාදයට විරුද්ධයි කියල අඬබෙර ගහන මිනිස්සුම තමයි බලාගෙන ගිහාම මේ අවිචාරශීලී වැඩේ වැඩිපුරම කරන්නෙ..අන්න ඒකයි මට කණගාටු..... 

මේ ඔක්කොටම මුල මට හිතෙන්නෙ ප්‍රතිරූප හදා ගැනිල්ල. එහෙම කරන එකේ අවුලක් නෑ. වියුණුවක් ලියන කෙනෙක් ලියන දේවල් අනුව අපේ හිතේ ඉබේම එහෙම චිත්‍රයක්, පිළිරුවක්,ඇඳෙනව තමයි. ඒකෙ අවුලක් නෑ. ඒත් වැඩේ ඕනවට වඩා දුර දිග ගෙනිච්චොත් ඔන්න කේස්. විශේෂයෙන්ම පාදස්ථල හදල එව්ව උඩට නංගවන්න ලෑස්ති උනොත් ඔන්න වැඩේ කිරිමෙල්.එහෙම උනාම එදා ඉඳල අපිට අමතක වෙනව බ්ලොග් ලියන්නෙ සාමාන්‍ය අපි වගේම මනුස්සයෙක්ය කියන එක. මොකද ප්‍රතිරූපය ලියන එව්ව කියවන්නයි අපි බලාගෙන ඉන්නෙ. අනික් එක ඒ ප්‍රතිරූපය ලියන්න ඕන අපිට ඕන විදිහට විතරයි. සුට්ටක්වත් රෝං ගියොත් කැති පොලු අරගෙන එන්නෙ දෙඤ්ඤං උඹට බැටේ කියල හුහ්, බලාපල්ල මේකා කියන එව්ව..මූට වටිනවද මෙහෙම කතා කියන්න..ඔහොම නෙවෙයි මෙහෙමනෙ කියන්න ඕන..හිටු තෝ කකුල් කෙටි දෙකෙන් අල්ලල පරසක්වල ගහන්ට...ආන්න නිදහස් මතධාරීන්ගෙ ක්‍රියා පිලිවෙල... 

අපේ රටේ තියෙන්නෙ අන්ත පසුගාමී අන්තිම ගෝත්‍රික සමාජයක්ය කියන එක ආයෙම පාරක් ඔප්පු කලේ අන්තවාදීන් කියල හංවඩු ගැහිච්ච අය නෙවෙයි අන්තවාදයට විරුද්ධ ලිබරල්වාදියොයි කියල කියාගන්න අය වෙච්චි එකයි මට තියෙන ලොකුම කණගාටුව... 

අඳුරු බිම්ගෙය කෙළවර ඉතා කුඩා ආලෝකයක් හෝ දක්නට නැත!!! 

“If everyone is thinking alike, then no one is thinking.” ― Benjamin Franklin 

Freedom is always, and exclusively, freedom for the one who thinks differently.” ― Rosa Luxemburg 

“In a number of cases dissenting opinions have in time become the law” - Charles Evans Hughes quotes (American Jurist and Statesman. 1862-1948) 

25 comments:

  1. මම කිවුවෙත් අවසානයට,
    පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන මේ ලෝකයමයි, ඔබට එරෙහි වී නැගිටින්නේ........... කියලා, ඔන්න ඔය හේතුව නිසා....
    ඒත්, අවාසනාවට ලංකාවෙ අපි බොහොමයක් දේ වලට බැඳීම් ඇතිකරගෙන ඉන්නෙ... අපි කවුරුවත්, (මට එහෙම කිවු අය) බැඳීම් වලින් නිදහස් නෑ...
    ඉතිං මම මොනවා කරන්නද ?

    ස්තූතියි මේක විග්‍රහ කළාට....

    ReplyDelete
  2. රවී අයියේ,

    අපි අයෙක්ව අපේ ප්‍රියතම රචකයෙක් කියලා අඳුන්වන්නේ ඇයි? මේ පොතට මම කැමතියි කියලා කියනවට වඩා මේ රචකයට මම කැමතියි කියලා කියනවා. ඒ රචකයාගේ ඊලඟ පොතත් ආව ගමන් ගන්නවා. ඒ අපි රචකයා ගැන ඇතිකරගෙන තියන ප්‍රතිරූපය නිසා නේද? අපි පොදු අවකාශයක යමක් ලියනවා නම් ලියන්න සහ කියවන්නා අතර ඇති මේ සම්බන්ධය පිළිගන්න ඕනේ නේද? ඒකෙන් කියවෙන්නෙ නෑ ලියන්නාට තමන් කැමති දේ ලියන්න බෑ කියන එක... නමුත් තමන් ලියන ඒවට ගල් මුල් එන්න පුළුවන් කියන යථාර්තය දැනගෙන ඉන්න ඕනේ. මගේ නං පෞද්ගලිකව කැමැතියි, එක අයෙක් කැමති දේ ලියනවට සහ අනෙක් අය ඊට විරුද්ධ නං, ඒක විවේචනය කරන එකට. ඇත්තටම ඔය පරමාදර්ශ හදන්නේ කෙනෙක් ලියන ඕනෑම දෙයක්, සුපිරියි, පට්ටයි කියන අය. විරුද්ධනං ඒක කියන එක දෙපාර්ශවයටම හොඳයි. ලියන්නාට අවස්ථාවක් ලැබෙනවා කියවන්නා කියන දෙය ගැන නැවත හිතා බලන්න. ඒ වගේම කියවන්නාටත් දැන ගන්න ලැබෙනවා මේ ලියන්නාගෙන් හැමදාම තමන්ට කැමති විදිහේ ලියමන් බලාපොරොත්තු වෙන්න බැරි බව.

    ඕක ත්‍රස්තවාදයක් කියලා මං දකින්නේ නෑ.. මොකද කියවන්නාට කිසිම ක්‍රමයක් නෑ අනිකා බ්ලොග් ලියන එක නවත්වන්න හරි ඒ ගැන වෙන බලපෑමක් කරන්න හරි. ලියලා අකමැත්ත ප්‍රකාශ කරනවා ඇරෙන්න කරන්න පුළුවන් වෙන දෙයක් නෑ. මට කවුරු හරි ඇඟෙව්වොත් එයාල බලාපොරොත්තු නොවුනු දෙයක් මම කලා කියලා. මම පොඩ්ඩක් ආපහු හිතලා බලනවා. ඒ වගේම ඒක කිව්ව අය ගැන සලකලා බලනවා. දැන් මටත් තියනවනේ ඒ අය ගැන ඇඳගත්ත චිත්‍රයක්, ඒ අනුව හිතලා බලනවා මේ පුද්ගලයා කිව්ව දේ සලකලා බලනවද නැත්තං අර කෙළ පිඩක් සේ ඉවත ලනවද කියලා.

    ඇල්කෙමියාගේ සිද්ධිය සම්බන්ධයෙන් "මම" දකින්නේ මෙහෙමයි. ඒ වාක්‍ය හතර විවේචනයට ලක්වීම සාධාරණයි. හරිම අසංවේදී ප්‍රකාශයක්. ඒ අදහස ඊට වඩා වෙනස් විදිහට ඔහුට කියන්න තිබ්බා.. ඔහු පෝස්ට් එකෙන් කරනන් හදන්නේ ඒක. ඒ මම දකින විදිහ. ඒ වෙනුවෙන් ඔහුට පිළිගැනීම් ලැබුනු බවත් අමතක කරන්න එපා. ඒ වගේම ඔහුට එය ලිවීමට ඇති අයිතිය පිළිගන්නවා කියන්නේ, එය විවේචනයට බඳුන් කිරීමෙන් වැලකිලා ඉන්නවා කියන එක නෙමෙයි. ඇලාව විවේචනයට ලක්වීම, ඒ විවේචකයන්ව දැන් රවි අයියාගේ විවේචනයට ලක්වීම, ඒකට මගේ විවේචනය එකතු කිරීම යන ඔය සියලු දේට මම එකඟයි.

    වැඩි දුර යන්න ඕනෙ නෑ.. අයියාගෙම පෝස්ට් එක තුලේ මේකෙ උත්තරය තියනවා.

    //අපේ රටේ තියෙන්නෙ අන්ත පසුගාමී අන්තිම ගෝත්‍රික සමාජයක්ය කියන එක ආයෙම පාරක් ඔප්පු කලේ අන්තවාදීන් කියල හංවඩු ගැහිච්ච අය නෙවෙයි අන්තවාදයට විරුද්ධ ලිබරල්වාදියොයි කියල කියාගන්න අය වෙච්චි එකයි මට තියෙන ලොකුම කණගාටුව... //

    මෙතන තියන තර්කයම තමන්ගේ පැත්තට අදාල කර ගැනීම තමයි අනිත් අයත් කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තිසර,

      ස්තූතියි මල්ලි ඔබේ අදහස් දැක්වීමට...

      ඔබ කියන දේට මම එකඟයි. කෙනෙකුට තමන් කැමති දේ කරන්න ලියන්න කියන්න නිදහස තියෙන්න ඕන සම්මත සදාචාරාත්මක රාමුව ඇතුලෙ. ඒ වගේම තව කෙනෙකුට ඒ අදහස් විවේචනය කිරීමේ අයිතිය තියෙන්නත් ඕන. ඒකෙ ගැටළුවක් නෑ. ඒත් ඒ එක්තරා සීමාවක් ඇතුලෙ.

      "දැන් ඔබ කියපු රචකයගෙ උදාහරණයම ගමු. කතාව ඇත්ත. අපි යම් නවකතාවක් හෝ කෙටිකතාවක් කියවද්දි ඒ රචකයා/රචිකාවිය එක්ක යම් බැඳීමක් ඇති කරගන්නව. එතකොට අපි හිතමු අපි බොහොම ආසාවෙන් පිටවෙච්ච පළමුවෙනි දවසෙම මිලදීගත්තු ඔහුගෙ/ඇගේ අලුත් පොත අපි හිතපු විදිහෙ එකක් නෙවෙයි. ඒ කියන්නෙ ඔහු හෝ ඇය ලියන රටාවෙන් සම්පූර්ණයෙන්ම බාහිරයි. අපි කොහෙත්ම කැමති නෑ මේ අලුත් ප්‍රවනතාවට..හරි..මොකද අපි කරන්නෙ?...අපිට කරන්න පුළුවන් ආයෙම ඒ රචකයගෙ පොත් කියවන්නෙ නෑ කියල තීරණය කරල පොත් නොගෙන ඉන්න. එහෙමත් නැත්නම් එක්කො ඒ පොත ගැන විවේචනයක් ලියල පත්තරේකට යවන්න නැතිනම් ඒ අදාල රචකයටම යවන්න. සදාචාරාත්මක සීමාව ඇතුලෙ අපිට කරන්න පුලුවන් එච්චරයි. එහෙම නැතුව ඒ මනුස්සයගෙ ගෙදර හොයාගෙන ගිහිල්ල මෙහෙම පොත් ලියන්න එපා. මම මේ හොඳින් කියන්නෙ....ඔයා ලියන්න ඕන මේ වගේ එව්ව. තේරුණාද? එහෙම කියන්න අපිට අයිතියක් තියනවද?

      "

      සමාවෙන්න..ඇලාගෙ විවේචකයන් කරන්නෙ අන්න ඒ වගේ දෙයක් කියලයි මට හිතෙන්නෙ...මම වැරදි වෙන්න පුළුවන්...ඒත් ඒ මගේ අදහස….සදාචාරාත්මක විවේචනයෙන් ඔබ්බට ගිහිල්ල සියුම් ත්‍රස්තවාදයක් එතන තියනව කියලයි මට හිතෙන්නෙ..ඔබට එහෙම නොපෙනෙන්න පුළුවන්...ඒකෙ ගැටළුවක් නෑ....

      / ඕක ත්‍රස්තවාදයක් කියලා මං දකින්නේ නෑ.. මොකද කියවන්නාට කිසිම ක්‍රමයක් නෑ අනිකා බ්ලොග් ලියන එක නවත්වන්න හරි ඒ ගැන වෙන බලපෑමක් කරන්න හරි. ලියලා අකමැත්ත ප්‍රකාශ කරනවා ඇරෙන්න කරන්න පුළුවන් වෙන දෙයක් නෑ. /

      ඇලා බ්ලොග් ලියන එක නවත්තන්නම ඕන නෑ තිසර මෙතන ත්‍රස්තවාදයක් තියනවයි කියල අර්ථ දක්වන්න. ඔහුට කැමති පරිදි ලියන්න තියෙන නිදහසට බලපෑම් කිරීමත් එක්තරා ත්‍රස්තවාදයක්. මම දකින්නෙ එහෙමයි.ඒ වගේම ඔබ කිව්වනෙ කිසිම ක්‍රමයක් නැහැ අනෙකා බ්ලොග් ලියන එක නවත්වන්න කියල.නැහැ, එහෙම වෙලා තියනව මේ සිංහල වියුණු ලෝකයෙ...කෙනෙකුට තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න පුළුවන් කාලය සහ ශ්‍රමය වැයකරගෙන කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී මේ කරන දේ මේ වගෙ කතා අහගෙන මොකට කරනවද කියල ඕනම කෙනෙකුට හිතෙන මොහොතක් එනව...පෘථග්ජන මිනිස්සුනෙ අපි ඔක්කොම.

      / මෙතන තියන තර්කයම තමන්ගේ පැත්තට අදාල කර ගැනීම තමයි අනිත් අයත් කරලා තියෙන්නේ. /

      හෙහ්, හෙහ්, හරි තිසර..ඔබේ තර්කය හරි...එහෙම තමයි වෙලා තියෙන්නෙ...ඒ දක්වා මම ඔබ සමඟ එකඟයි.ඒත් අපි දෙන්න වෙන් වෙන මංසන්ධිය එන්නෙ ඊට පස්සෙ. ඇලා හා එකඟ නොවුනු පුද්ගලයින් ඔහු විවේචනය කල අන්දම සාධාරණයි කියන අදහසේ ඔබ සිටිනා අතර ඒ විවේචනය කල අන්දම යම් ආකාරයක ත්‍රස්තවාදයක්ය කියන අදහසෙයි මම ඉන්නෙ. කලිනුත් කිව්ව වගෙ ඒකෙ අවුලක් කොහෙත්ම නැත.

      තිසර සහෝදරය, ගවයින් ආපහු නිවසට පැමිණෙන තෙක් අපට මේ ගැන වාද කල හැක. එකඟ නොවීමට එකඟවී සුහදව වෙන්ව යමු යලි හමුවන තෙක්...:) :)

      Delete
  3. මම මේක කියවන්න කලින් අල්කෙමියාගේ පොස්ට් ඒක කියෙව්වා...මධ්‍යස්ත මතධාරියෙක් විදියට මට නම් හිතුනේ..අපි මේ දේ ගැන හරියට දන්නේ නැතුව නිකන් බොරුවට කා ගහ ගන්නවා..සමහරු ඕනවට වැඩිය සංවේදී වෙලා...සමහර තාත්තලාට කිරි එරිලා..උවමනාවට වැඩි අනුකම්පාව භූමි කම්පාවක් වෙනවා...එකම විකාරයක්...නිදහස් අදහසකට මිනිහෙක් ඉන්න තැනින් පහලට ඇදලා දානවා කියන්නේ බොහොමයක් ප්‍රවීණ යෝ යයි කියාගන්න අය නිදහස් මතයට තැනක් දෙන්නේ නැති බමුණු කුලේ කියන එක.

    ReplyDelete
    Replies
    1. බාලචන්ද්‍රන්ගෙ සිද්ධිය ගැන මයියගෙ වියුණු සටහනට මම ලියපු ප්‍රතිචාරයක් මේ...

      2009 ට වසර හතරකට පසු ලියවුනු අදහස් කීපයක්.....

      තෝරාගත් එක් දරුවකු වෙනුවෙන් හඬා වැලපෙන
      මානව හිතවාදියනි,
      බාලචන්ද්‍රන් මිය යාම වෙනුවෙන් මසිත හඬා වැටෙන්නේය.
      ඒ ඉඳුරාම ඇත්තකි.

      එහෙත් ඒ ඊට පෙර මියගිය,
      සියළු සිහල දමිල යෝනක කිරි දරුවන් සියල්ල වෙනුවෙන්
      මසිත හඬා වැටෙන තරමටය.
      ඊට අඩුවෙන්ද නොවේ.
      ඊට වැඩියෙන්ද නොවේ.

      ඔහු වනාහී නිකම්ම බාලචන්ද්‍රන් නොවේ.
      ඔහුගේ නමට මුලින් කැපිටල් පී අකුරක් ඇත්තේය.
      ඒ කැපිටල් පී අකුර යනු ඔහු මෙලොවට බිහිවන විටම ගෙන ආ කටු ඔටුන්නකි.
      ගෙල පැලඳි උරචක්‍රමාලයකි.

      ඔහු මියගියේ ඒ අකුර නිසාමය.
      ඔබ සැම ඔහු වෙනුවෙන් හඬනඟන්නේද ඒ අකුර නිසාමය.
      පී අකුර මුලට නැති බොහෝ බාලචන්ද්‍රන්ලා මින් පෙර මියගියහ.
      ඔවුන් වෙනුවෙන් හඬ නැඟීමට කිසිවෙක් නොවූහ.

      එහෙත් ඔහුගේ නමට මුලින් ඇති පී අකුර යනු
      ඔහු තෝරාගත්තක් නොවන නිසා
      එනිසාම ඔහුට දිවි අහිමි කිරීම,
      කිසිදු අයුරකින් සාධාරණීකරනය කල නොහැක.
      පිළිගනිමි.
      එහෙත් අප ජීවත් වන්නේ සාධාරණ ලොවකයයි ඔබට පැවසුවෝ කවරහුද?

      Delete
  4. ඔතනදි ගැහැව්වෙ ඇලාට නෙමෙයි, ඇලා මෙහෙමයි කියල එකිනෙකා ඇති කරගෙන තියන ප්‍රතිරූපයට,

    ඇලා කැමති උනත් අකමැති උනත් එකිනෙකා ගැන විවිධ පුද්ගලයන්ගෙ හිත් තුල ප්‍රතිරූප ගොඩනැ‍ඟෙනව. ඒක රවියටත් එහෙමයි මටත් එහෙමයි. වලක්වන්න බෑ. හැබැයි ඒ ප්‍රතිරූපය එහෙම්මම රකින්න ඕන කියල කාටවත් බලපෑම් කරන්න බෑ.

    ඇලාගෙ ලිවීම් තුලින් ඇලා මෙහෙමයි කියල ප්‍රතිරූපයක් ඇතිවෙන්නෙ මගේ හිතේ. ඒක ඇතිවෙන්නෙ "මම" මූලික කරගෙන. "මම" ඇතුලෙ තියනව මම හරි කියල හදාගෙන ඉන්න රාමුවක්. මම ඇලාව දාල තියෙන්නෙ අන්න ඒ රාමුව ඇතුලට. කොයියම්ම වෙලාවක හරි ඇලා ඒ රාමුවෙන් පිට පනිනවනම්, ඒක දැනෙන්නෙ "මට" රිදෙන්නෙ මගේ "රාමුවට". මට හැ‍ඟෙනව "මම" ඇලා ගැන ඇතිකරගෙන උන්න ප්‍රතීරූපය වැරදියි කියල. ඒකේ ව්‍යංගාර්ථය "මම" වැරදියි කියන එක.

    ඔන්න ඔය "මම වැරදියි" කියල එන ඇඟවීම හරිම කර්කෂයි. සමහර වෙලාවට දරාගන්න බැරි තරම්, ඒකයි විවිධ අවස්ථාවලදී පහරදෙන්නෙ. ඕක තේරුම් ගත්තානම් පහර දෙන්නවත් විරුද්ධවෙන්නවත් හිතෙන්නෙ නෑ. හැබැයි මම වැරදියි කියල පිළිගන්නවට වඩා "මම වැරදියි" කියල ආපු ඇඟවීම විනාස කරන්න අපි කවුරුත් කැමතියි. [මේ ලියන මාත් එහෙම්මමයි ආයිබෝං]

    ඔන්න මගේ මනෝවිශ්ලේෂනය : මොකෝ හිතන්නෙ, ඇලාගෙන් හිස්වෙච්ච අර මොකක්ද අනු තනතුරට මාව ගන්නවැයි දැං ?? පඩිත් එපා !!!!

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රතිරූප "මම" වටා ගොඩනඟාගන්නෙත් ඒ ප්‍රතිරූප ඇදහීම තුලින් තමන් ඔවුන් හා එක පෙළට හිටගැනීමෙන් "මගේ වටිනාකම" වැඩිවෙනවා කියන අදහස නිසා. ඒකයි ඔවුන් කොතනක හරි රාමුවෙන් පිට පැන්නම ජුවල් යන්නෙ. හැබැයි එතනදි ඇත්තටම වෙන්නෙ,

      "හුටා !! මම මෙච්චර වෙලා හිටං ඉඳල තියෙන්නෙ මේ යකා ගාවද, චිහ් !"

      කියන අදහස විඳ දරාගන්න බැරුව පිච්චු කෙළින එක. ගුටි දීල හරි තමන්ගෙ රාමුව ඇතුලට ආයෙම දාගන්න හදනව. ඒ පිච්චුකෙලීම සාධාරණීයකරනය කරන්න එක එක ජාතියෙ ලේබල් අලවන්න පුළුවන්, හරියට ජාතිවාදී, මනුස්ස්කමක් නැති, කුමන්ත්‍රණකාරයො, ඩොලර් කාක්කො ..... ඔය ඔක්කෝම විඳදරාගන්න පුළුවන් "හුටා මං වැරදියි" කියන අදහසට වඩා.

      Delete
    2. අම්මප නොම්බර එකේ මනෝ විස්ලේසනය...එළකිරි සහ ජලය..හෙහ්, හෙහ්,

      අනු පරමාදර්ශී කෙසේ හෝ වේවා ප්‍රධාන තනතුරටම උඹට පත්තීම දෙනවද කියලයි මම මේ කම්පනා කොරන්නෙ.....

      / ඇලා කැමති උනත් අකමැති උනත් එකිනෙකා ගැන විවිධ පුද්ගලයන්ගෙ හිත් තුල ප්‍රතිරූප ගොඩනැ‍ඟෙනව. ඒක රවියටත් එහෙමයි මටත් එහෙමයි. වලක්වන්න බෑ. /

      ඇත්තම නේන්නං නවමො...උඹ ගැනත් මයෙ හිතේ තියනව නෙවෙන්නං පෙතිරූපයක්. මම දැං මේ ටිකකට ඉස්සර මයෙ හිත ඇතුලට ගිහිල්ල අහුමුළු ගානෙ හෝදිසි කොරල බැලුව..ඉන්නව ඉන්නව ඇස්වාක් කටවාක් හේම නෑ ඔය ඉන්නෙ බොහොම අපූරුවට එරමිණිය ගොතාගෙන එහෙම ...හෙහ්, හෙහ්,ඒත් ඔන්න බලාපං මයෙ කරුමෙ කියන්නෙ පාංදර නැඟිටල දවල්ට කන්ට ඔතං එන බත් ඩිංගිත්ත කා ගන්ට ඉස්සරවෙලා නෙව ඔය හෝදිසිය මම කොරව්වෙ. දැං වෙලා ඇත්තෙ බත් ටික කොටා බාගන්ට විදිහක් නෑ නිකං නිකං මේ අමියාවක් වගෙ බඩේ. නෑ කිසිම පිරියාවක්...ඔන්න බලාපං අපටත් වෙන වැඩ..

      උඹේ ඇනලයිසිස් එක ගැන කතා කලොත් සම්පූර්ණ ඇත්ත. අපි හැමෝම තුල මමත්වයක් තියනව.මම තමයි ප්‍රධාන..මගේ සුඛ විහරණය වෙනුවෙන් මේ ලෝකෙ හැම දෙයක්ම කැප වෙන්න ඕන.මම ගාවට ඊළඟට මගෙ පවුලෙ අය, ඊට පස්සෙ ඥාතියො, ඊටත් පස්සෙ අහල පහළ අය, ඊළඟට ගමේ අය.... ඔය අනුපිළිවෙළට තමයි පහළට ගමන් කරන්නෙ...

      ඔය මමත්වය නැතිකරන එක බොහොම අමාරුයි. අමාරු පැත්තක තිබ්බාවෙ බෑම කියලයි මට හිතෙන්නෙ. එහෙම මමත්වය නැති කලාය කියන්නෙ සියළු බැඳීම් වලින් වියුක්තයි. නිබ්බහන්...නිවන්…

      මම මම ගැන මහ ඉහළින් හිතාගෙන ඉන්නවනෙ. මම අරමයි මම මෙහෙමයි කියල. මම අන්තවාදී නෑ..බොහොම ලිබරල් කියල හිතාගෙන ඉන්න එකත් එක විදිහක අන්තවාදයක්. අන්ත වාදී නෑ කියන එකත් එක විදිහක අන්තවාදයක් කියල හිතෙන්නෙ නැද්ද? ( ටිකක් විතර Paradox එකක් වගේ කියලත් හිතෙනවයි බොට? ) එහෙම උනාම වෙන්නෙ අන්තවාදීන් කියල අපි හංවඩු ගහල ඉන්න අය කියන ඕනම දේකට අපිට එකහෙලා විරුද්ධ වෙන්නම වෙනව. එහෙම නැත්නම් අර අපේ මමත්වය එක සැණෙන් බිඳිල පොඩි පට්ටම් වෙලා යනව. අන්න ඒකට අපි බයයි.

      මේ ඔක්කොම කරන්නෙ ඒ මමත්වය රැකගන්ට කියලයි මට හිතෙන්නෙ...

      Delete
    3. //ඔය මමත්වය නැතිකරන එක බොහොම අමාරුයි. අමාරු පැත්තක තිබ්බාවෙ බෑම කියලයි මට හිතෙන්නෙ//

      ඒකෙ නෙව මං අර උඩැහින් වරහං ඇතුලෙ දාල තියෙන්නෙ " [මේ ලියන මාත් එහෙම්මමයි ආයිබෝං]" කියල.

      කොටිංම මම මේ "මම" ගැන ලිව්වට ඒ ලියන විදියටම "අවබෝධයක්" තියනවනම් "මම" කියල අදහස් කරන්න කෙනෙක් නෑ. අපි කොච්චර දේවල්නම් දන්නව කියල හිතාගෙන ඉන්නවද. ඒත් පොත්තෙන් පොත්ත ඇරගෙන මදේට යනකොටයි තේරෙන්නෙ කොච්චර ‍රැවටිල්ලකද ඉඳල තියෙන්නෙ කියල. ඒත් ඒ ‍රැවටිල්ලෙ ර‍ඟේ හරියටම අවබෝධවෙන්නෙ නෑ.

      අපි ඔය කියන "මමත්වය" ගැන කතාකරන්නෙ එක එක පොත්පත් කියවල, එක එක්කෙනා කියන දේවල් අහගෙන ඉඳල "ආ හරි මේක තමයි ඒ" කියල හිතේ ඇතිකරගන්න විශ්වාසය මත ඉඳගෙන. විශ්වාසයන් සත්‍යයෙන් කොච්චර ඈතද කියල අපි දන්නෙ නෑ. මොකද "සත්‍ය" කියන්නෙ මොකක්ද කියල අපි නොදන්න නිසා.

      විකාරයි වගේ නේද ?

      //ඇත්තම නේන්නං නවමො...උඹ ගැනත් මයෙ හිතේ තියනව නෙවෙන්නං පෙතිරූපයක්.//

      හෙහ් හෙහ්.. මගේ හිතේ උඹහැ ගැන තිබිච්ච ප්‍රතිරූපය නිකං අඩි පණහක් හැටක් උස කොස් ගහල මුදුන් අත්තෙන් ගැලවිලා "දොහ්" ගාල පොලවට පතබෑවිලා හතර අතේ වීඩිවෙලා ගියපු වැල ගෙඩියක් වගේ සුණු විසුණුවෙලා ගියේ අර නවම් මාවතේ වංගුවෙන් මතුවෙනව දැක්කම බොලං. හෙහ් හෙහ්.. අම්මප !

      // අන්ත වාදී නෑ කියන එකත් එක විදිහක අන්තවාදයක් කියල හිතෙන්නෙ නැද්ද? ( ටිකක් විතර ඵරඩොං එකක් වගේ කියලත් හිතෙනවයි බොට? )//

      මොකෝ නොහිතී....

      ජිඩ්ඩු ක්‍රිශ්ණමූර්ති කියනවිදියට නම්, සැබෑ අබෝධය ලත් පුද්ගලයා කිසිම විශ්වාසයකය, කණ්ඩායමකට, පුරුද්දකට නො ඇලී "මේ මොහොත" කෙරෙහි පමණක්ම අවධියෙන් ඉන්නව. ඒකත් මම දන්නෙ ක්‍රිශ්ණමූර්ති කිව්වනිසා මිසක් මට තේරිච්ච නිසා නෙමෙයි නෙ. [හැබැයි මම ආසයි මට තේරෙනව කියල හිතන්න.]

      "අන්තවාදී නෑ" කියන එකෙන් අදහස් වෙන්නෙ මොකක්ද කියන එක ලේසිපාසු පුතයෙකුය තේරුම් ගන්න බෑ [මට නං තියෙන්නෙ රළු අදහසක් විතරයි ඕං] . මොකද ඒ ගැන හිතනකොටම අපේ හිතට එන්නෙ "අන්තවාදය" කියන එක. ඒකට සාපේක්ෂව තමයි "අන්තවාදී නෑ" කියන එක අර්ථදක්වන්නෙ. ඒක හරියට "අහිංසාව" කිව්වම මුලින්ම මතක්වෙන්නෙ "හිංසාව" නිසා.

      තව විදියකට්ට කිව්වොත් "ඇපල්" ගැන නොහිතා ඉන්න කිව්වම මතක්වෙන්නෙම ඇපල් නිසා. [ඇපල් නොවෙන දේවල් ගැන හිතන්න නම් ඇපල් ගැන තමයි ඉස්සෙල්ලම හිතන්න වෙන්නෙ]

      මගේ ඔළුව ‍තෝන්තුයි වගේ බොලං. ඔය ඇති දැනට.

      Delete
    4. අම්මට වූඩූ..තාත්තට ගෝයා කිව්වලු...ඔය තියෙන්නෙ රඹටි හැලෙන්ඩ ..අම්මප පහුගිය ටිකේ මම මාර අප්සැට් එකේ බොල කොල්ලො උන්නෙ උඹැහැ පේන්න නැතුව. මාසෙකට දෙහෙකට සැරයක්වත් අඩුම ගානෙ මොල ගෙඩිය තුංකුදුරුස් වෙලා නන්නත්තාර වෙලා කරුකුට්ටං වෙලා යන්ට ඔන්න ඔහොම පුරස්නයක් ගැන ඔලුව බදාගෙන කම්පනා කලේ නැතොත් මට හරි හමනකට නින්ද යන්නෙත් නෑ කිව්වම..හෙහ්, හෙහ්,

      යස් අන්තවාදී නෑ කිව්වම ඒ කියන්නෙ අන්තවාදයෙ සම්පූර්ණ විරුද්ධාන්තයට ගිහිල්ල කියන එකද?. නැත්තං අර එහාටත් නැතුව මෙහාටත් නැතුව මැද්දෑවෙ ඉන්න එකටද?

      උඹට මතකද නොබැඳි ජාතීන්ගෙ සංවිධානය කියල එකක් තිබ්බ. දැන්නං කාලෙකින් ආරංචියක්වත් නෑ..ඒ ඇවිල්ල ඒ දවස්වල ඇමරිකාවටයි රුසියාවටයි එ කියන්නෙ ධනවාදී සහ සමාජවාදී කියන කඳවුරු දෙකටම නැති රටවල් එකතු වෙලා හදාගත්තු සංවිධානයක්. මට මතකයි කවුරුහරි පත්තරේක ලිපියක් දාල තිබ්බ ඒ රටවල් මොනව හෝ සංවිධානයකට බැඳිල ඉන්නව නම් නොබැඳි කියල කියන්න පුළුවන්ද කියල. මිනිහ තර්ක කරල තිබ්බෙ නොබැඳි සංවිධානයක් කියල එකක් තියෙන්න බෑ කියල. සංවිධානය කිව්ව ගමන් එතන බැඳීමක් එනව ..බලාගෙන යනකොට කතාව සම්පූර්ණ ඇත්ත.

      / හෙහ් හෙහ්.. මගේ හිතේ උඹහැ ගැන තිබිච්ච ප්‍රතිරූපය නිකං අඩි පණහක් හැටක් උස කොස් ගහල මුදුන් අත්තෙන් ගැලවිලා "දොහ්" ගාල පොලවට පතබෑවිලා හතර අතේ වීඩිවෙලා ගියපු වැල ගෙඩියක් වගේ සුණු විසුණුවෙලා ගියේ අර නවම් මාවතේ වංගුවෙන් මතුවෙනව දැක්කම බොලං. හෙහ් හෙහ්.. අම්මප ! /

      අන්න මලේ ඒකම තමයි වෙන්නත් ඕන..දැං උඹ මගෙ ගැන පූර්ව නිගමන වලට එළඹිලා හිටියනෙ ( හරියටම නම් පූර්ව චිත්‍රයක් මවාගෙන හිටිය කියලයි කියන්න ඕන ) එක පරට මාව දැක්ක ගමං උඹ තුස්නිම්බූත උනා.විලම්බීත උනා. සිංහලෙං කිව්වොත් සොක් උනා. ඒ සොක් එක ඒ උඹේ මොලෙ හෙල්ලිල්ල නිසා මස්තිෂ්ක අණු ඔක්කොම කලින් එහෙට මෙහෙට හැරිල හදාගෙන තිබ්බ රූප ඔක්කොම ඉබේම මැකිල අණු ඔක්කොම එක දිශාවකට මුහුණ ලා පෙලගැසුනා. උඹට තේරුණය මෙච්චර වෙලා කියපු ටික?...ඕකේ හරි. දැං උඹේ ඔළු ගෙඩිය බොහොම පිරිසිදු සුදු කඩදාසියක් වගෙ. අර පූර්ව නිගමන අනම් මනම් එව්ව මොකවත් නෑ. අළුත උපං බිළිඳෙක්ගෙ ඔලුව වගෙ. ආන්න...දැං උඹට බොහොම ලේසියි මං ගැන නිවැරදි චිත්‍රයක් ඇඳ ගන්ට. ඒත් උඹ ඒක හරියට කරගත්තද කියලනම් මම දන්නෙ නෑ...හෙහ්, හෙහ්,

      Delete
    5. පොඩ්ඩක් හොට දානවා.... නවම්මාවත කිව්වහම මට තියන ප්‍රතිරූපේ මෙහෙමයි.... මමනේ ප්‍රතිරූපය හදන්නේ ඒ හින්ද පොඩ්ඩක් මෙහෙම වෙනස් කරනවා... අර ඉස්සර ගම් වල නං හැදුනා කියන්නේ කාලයක් තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙවී..

      නවම් මාවත
      නවං මා වත

      ඒ කියන්නේ මගේ මූණ නමා ගෙන කියන එක.... මූණ ඇඹුල් කරගෙන ඉන්න පොරක්ව තමා මගේ හිතේ තියෙන්නේ..

      Delete
    6. චිත්තරූප මැවෙන්නෙ හිතේ කොහේ හරි ගබඩාවෙලා තියන දේවල් වලින් පොඩි පොඩි කෑලි එකතුවෙලා කියලයි මම හිතන්නෙ. කවදාවත් නොදැකපු කෙනෙක් ගැන හිතේ ඇතිකරගන්න පිංතූරයත් එහෙම්මයි. රවී අයියා දකිනකොටම සුනුවිසුණුවෙලා ගියේ අන්න ඒ මගේ හිතේ තිබිච්ච රූපය. රවී අයියගෙ වැ‍රැද්දවත් මගේ වැ‍රැද්දවත් නෙමෙයි මට තිබිච්ච අමුද්‍රව්‍යවලින් හදාපු චිත්තරූපය හැබෑ එකම නොවීම.

      නවම් මාවත කිව්වම මගේ හිතේ කිසිම දෙයක් මැවෙන්නෙ නෑ උදේ හවා දකින ප්‍රකෘත්තියේ පවතින තාරදාපු පාර මිසක්.

      හැබැයි මම "පාරක්" කියල අදහසින් භාවිතා කරන නම තුලින් තිසර ඒ ලියන කෙනාව දකිනව. ඒ තිසරගෙ හිත ඇතුලෙ තියන චිත්තරූප හරහා. ඒක හැබෑවක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

      මට තිසර කිව්වම චිත්තරූප ගොඩක් මැවෙනව, රණ තිසර [තේරුම් දෙකෙන්ම], තිසර පට [වැල්වල වනල තියන ඒව, කඩවල්වල ඩමියට අන්දවල තියන ඒව වගේ උප කුලක ගොඩක් එක්ක] ඊට අමතරව මගේ මුල්ම පෝස්ට් එකකත් ලියල තියන "ඇයි මචං උඹ හැම දේකටම ඉක්මන් උනේ" එකේ ඉන්න තිසරවත්.

      ඒ සේරම ඇ‍ඳෙන්නෙ මගෙ හිතේ. ඒවා හැබෑවටම තිසරගෙ ප්‍රකෘතියත් එක්ක සමපාත නොවුනත් අපි හැම කෙනෙක්ම යම් වචනයක් වෙනුවට මොනයම් ආකාරයක හෝ පිංතූරයක් තියනව. මම හිතන්නෙ ඒකෙ එහෙම වෙන්නෙ වචන හුදෙක් අකුරු විදියටම මතක තියාගන්න අපේ මනස හැඩගැහිල නැති නිසා වෙන්න ඇති.

      // මූණ ඇඹුල් කරගෙන ඉන්න පොරක්ව තමා මගේ හිතේ තියෙන්නේ..//

      මං ලොවි ගෙඩියක් කන වෙලාවක් වෙන්ඩැ, හෙහ් හෙහ් :D

      Delete
  5. මානුෂීය ත්‍රස්ථවාදය...

    ReplyDelete
  6. අම්මපා මේ අන්තර්ජාලයත් එපා වෙලා මුණු පොතුත් එපා වෙලා බ්ලොග් කියවිල්ලයි ලිවිල්ලයි එපාම වෙලා උන්න පහුගිය ටිකේ .කම්මැලිකමක් ඉහට ගැහුවම මේවා පැත්ත පළාතේ නෑවිත් ඉන්න හිතෙනවා සුමාන ගණන් . ඒ උනාට ඔය ඊ පතක් බලන්න පරිගණකය පැත්තේ ආවම හොරෙන් වගේ බ්ලොග් එකක් දෙකක් කියෝලා මේ අලකලංචි දැකලා තවත් එපා වුනා .
    මාත් දැක්ක . අනේ ඇත්තටම මේ වෙද්දී '' එල ''..මරු පොස්ට් එක ..වගේ ගුණත් නැති අගුනත් නැති පතෝල වර්ගයේ කමෙන්ට් කමෙන්ට් එකක් ඇරෙන්න මුකුත් කියන්න කට අරින්න බැරි කමක් තියෙනව මේ සිංහල බ්ලොග් අවකාසේ .

    හුඟක් බ්ලොග් වලදී අදහසක් කියන්න හොඳටම ඕන වුනත් ලේබල් ගහගන්න ඕන නැති නිසා ආපු පාරෙන්ම එන වෙලාවල් අනන්තයි .

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ලේබල් වදිනවට බයේමත් නෙවෙයි මොකටද නිකම් මේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ කියල හිතල තමයි මම හිතන්නෙ හුඟක් දෙනා එහෙම කරනව ඇත්තෙ...

      මොකොයි ඔහෙට ඔක්කොම එපා වෙලාය ඉන්නෙ?...හෙහ්, හෙහ්, අන්න ඒක හොඳ ලක්ෂණයක්..කාලෙකට හැමදෙයක්ම එපාවෙන එක බොහොම විචක්ෂණ ඉතා බුද්ධිමත් මනසක විශේෂ ලක්ෂණයක්..බින්දි ළමය දන්නවය?..

      කොහොමද තමා හරියටම ඒ ගැන සහසුද්දෙං දන්නෙ කියල අහුව?..දන්නෙ මටත් එහෙම වෙන නිසානෙ..ආය වෙන කොහොමද? ) :)

      Delete
    2. මම ඔය ලේබල් එක වදින බව දැන දැනමයි මගේ හිතට එකඟව ඔය කියපු ප්‍රතිචාරය දැම්මෙ... මට ලබන්න දෙයක් නෑ වගේම නැතිවෙන්න දේකුත් නෑ...
      ඇල්කෙමිච්චි එපා කියද්දියි අනිත් ලිපිය රෑ නිදි වරාගෙන ලියලා දැම්මෙ... මට බැඳීම් නෑ.. මම කිසිම කණ්ඩායමකට අයත් නැති නිදහස් මිනිහෙක්. මට ආණ්ඩු පක්‍ෂයේ මිනිස්සු එක්ක වගේම විපක්‍ෂයේ මිනිස්සුත් එක්කත් කිසිම කහටක් නැතුව එකට වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දෙමල මනුස්සයෙක් වගේම අච්චර බෞද්ධ කමට පහර ගහන අන්වර් මනතුංගත් එක්ක උනත් කිසිම කහටක් නැතුව කතා කරන්න පුළුවන්. ක්‍රිෂ්ණමූර්ති කිවූ ජීවිතාබෝධය මම ලබලද කියන්න මම දන්නෙ නෑ, ඒත් මගේ හිගේ කිසිම කහටක් නැතුව ඕනම කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් කියන එක මම දන්නවා.
      ඒ වගේම මගේ හිතේ තියෙන දේ (මට ජීවිත තර්ජනයක් නැතිනම් පමණක්) කියන්න මම බය වෙන්නෙත් නෑ... මම ස්වාධීනයි. මම ලියන එක නවත්වන්නෙත් නෑ...

      Delete
  7. රවියාණෙනි දැන් ඔබ මේ කර ඇත්තේ කුමක්ද ?
    විග්‍රයහය තේරුම් යයි එහෙත් ,


    විවාහයට එකඟ වී වුනිද ?
    වස බීමට පෙර ඒ බව කියා පෑමක්ද ( වස බිව්වා දැක්ක ඈ )
    කුප්පිය අතට ගැනීමද ?
    මා ඔස්සේ වරෙව් කීමද ? ( අම්මප එනවා තේරුණා නම් )

    ReplyDelete
    Replies
    1. සමාවන්න සහන්... ඔබ කියන්න මට නොවැටහේ..:( :(

      Delete
  8. //අපේ රටේ තියෙන්නෙ අන්ත පසුගාමී අන්තිම ගෝත්‍රික සමාජයක්ය කියන එක ආයෙම පාරක් ඔප්පු කලේ අන්තවාදීන් කියල හංවඩු ගැහිච්ච අය නෙවෙයි අන්තවාදයට විරුද්ධ ලිබරල්වාදියොයි කියල කියාගන්න අය වෙච්චි එකයි මට තියෙන ලොකුම කණගාටුව...

    සිරා කතාව...

    ReplyDelete
  9. oya kiyana seen eka thrashthawadaya nevi Ravi aiya.okata kiyanna imotional blackmail kiyala.api ethuluwa ape wate inna hemoma oka pavichchi karala seehena weda kotasak karagannawa.

    ReplyDelete
    Replies
    1. අම්මප බලාගෙන ගියාම ඒකත් හරි තමයි බොලේ....හෙහ්, හෙහ්, :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...