Thursday, September 5, 2013

215. කවිකාරියකගේ ප්‍රේමය…..4



කවිකාරියකගේ ප්‍රේමය…..1 

කවිකාරියකගේ ප්‍රේමය…..2 

කවිකාරියකගේ ප්‍රේමය…..3 

පහුවදා පාන්දරම මට ඇහැරුනා...මයෙ හිතේ පහට වාගෙ..කලින් දවසෙ රෑ ටිකක් විතර වැඩිවෙන්ට බිව්වම මට ඔය වගෙ පාන්දර ඇහැරෙනව දරුණු තිබාසෙකුත් එක්ක. 

මයෙ ඇඳ ලඟ අතට අහුවෙන මායිමේ කොයි වෙලාවෙත් ටෝච් එකක් තියනවමයි.අපි ඔය කැළේ මැද්දෑවෙ ගතකරපු කාලෙ වැඩි හරියක් නිල නිවාස වලට ලයිට් තිබ්බෙ නෑ. ජෙනරේටරයක් දානව හවස හයේ වගෙ ඉඳල රෑ එකොළහ වගෙ වෙනකල්. ඊට අමතරව කට්ටිය දවල් කෑමට ආපහු එන වෙලාවට ඒ කිව්වෙ දොළහෙ ඉඳල දෙක දක්වා වගෙත් ජෙනිය දානව. 

ඊට අමතරව ඉතිං ඔය නැඟල යන පාටියක් වගෙ වෙලාවට ලොක්කට කියල පර්මිෂන් අරගෙන පැයක් වාගෙ ජෙනිය දාගන්නත් පුලුවන්.රෑ ඇහැරෙනකොට පට්ට කලුවර නිසා මගෙ ඇබ්බැහියක් වෙලා තිබ්බෙ ඉතිං ඔය ටෝච් පොල්ල අතට අහුවෙන මානෙ තියාගන්න එක.තව හේතුවක් ඇවිල්ල සරපයො..

ඔය අපි හිටපු දිහාවල සරපයො කියන ජාතිය ඕසෙට. කැලෑව මැද්දෑවෙ සරපයො ඉන්න එක ඉතිං කියන්ටත් දෙයක්ය ආය ..නැද්ද? අර ලේ මාපිල්ලු එහෙමත් එහෙ හිටියයි කියනව...ඇත්තම කිව්වොත් මම නම් දැකලම නෑ. ඒත් දැකපු එවුං කියන විස්තර මම අහල තියනව. 

ඔය ලේ මාපිල්ලු කියන ජාතිය එනවයි කියන්නෙ හත්දෙනා ගානෙ. එකා පස්සෙ එකා වැඩිමහළු අනුපිළිවෙලට.ඇවිල්ල නඟිනව වහලට. වහලෙදි එවුං එකා එකා අනුපිළිවෙලට වලිග හපාගන්නව එකිනෙකාගෙ.... අන්තිමටම හත්වෙනියගෙ වලිගෙ හපාගන්නව මුල් එකා. දැන් මාපිල්ලු හත්දෙනා ඉන්නෙ රවුමට .... 

කෙමිස්ට්‍රි කරපු උදවිය දන්නව ඇති නේද බෙන්සීන් අණුවෙ ව්‍යුහය..අන්න ඒ වගේ...අර කවුදමේ?? ......ආ, හරි කෙකුලේ නෙ ඒ වැඩේ හොයාගත්තෙ...කෙලුලේට ඔය දාම අණුවක ව්‍යුහය පිළිබඳ අයිඩියානන්ද එක ආවය කියන්නෙ ඔය අපි වගේම ටිකක් අත වැඩිවෙන්ට දාගෙන හතරගාතෙ දාල බුදියං ඉන්නකොට පෙනිච්චි හීනෙකිං කියනවනෙ...අහල ඇති නේද?...හරි...කලිං අහල නැතත් කිසි අවුලක් නෑ..දැං ඇහුවනෙ....හෙහ්, හෙහ්,... 

හරි බෙන්සීන් සහ කෙකුලේ ගැන ඒ ඇති..බෑක් ටු මාපිලාස්.....ඊට පස්සෙ වෙන්නෙ පල්ලෙහා කවුරුහරි නිදාගෙන ඉන්න කෙනෙකුගෙ හරියටම බෙල්ල කෙලින් පරාලෙක අර එක මාපිලෙක් වල්ගෙ පටලෝ ගන්නව.ඊළඟට මාපිල්ලු රෝදෙම දිගඇරීගෙන වැටෙනව පල්ලෙහාට..අන්තිම එකා නිදාඉන්න මනුස්සයගෙ බෙල්ලෙ බල නහරෙට විදල ලේ බොනව. 

ඔය මාපිල්ලු ලේ බොනවයි කියන්නෙ බල නහරෙං විතරලු. බල නහරෙ නැත්තං එහෙම කිසි අවුලක් නෑ. ඔය මුල්ම කාලෙ අපේ ඔය වියාපූර්ති පටංගත්තු මුල්ම කාලෙ.... මම මේ කියන්නෙ හැත්තෑවෙනි දසකයෙ මුල් බාගෙ.... බඳව ගත්තයි කියන්නෙ බල නහරෙ නැති උදවිය විතරයි. උප්පැන්න සහතිකේ, අධ්‍යාපන සහතික ඊළඟට බල නහරෙ රහිතයි කියල වෛද්‍ය සහතිකේකුත් අනිවාර්යයයිලු ඒ දවස්වල.විමලෙය තම්යි ඕව කියන්නෙ...ඉන්නකො විමලෙගෙ වාං පතුල් කතාවලදි ඒ විස්තරේ කියන්නංකො....හෙහ්, හෙහ්, 

අඩේ පඳුරු තලන්නෙම නෑ නෑමයි කියල එක හිත් හිතාන හිටියට පොඩි පඳුරකුත් තැලුන නේද? හරි එකොළොස්වෙනි සිල්පදේ සමාදං වෙන්න ඕන ව.ක්‍රී.ප.ගෞමාන්වික මණ්ඩලීකරණං වේරමණී සික්ඛා පදං සමාදියාමී..... කථා අවසන්කිරීමෙහිලා බෙහෙවින් බාධා පමුණුවන ගොමු මැඩලීමෙන් මම වැළකෙමි....අන්න දැං හරි...ඒ ඇවිල්ල එකොළොස්වන සිල් පදය. 

රයිට් ආපහු ටෝච් එකේ කතාවට....මම කිව්වනෙ ඔය ටෝච් එකේ වැඩේ මට පුරුද්දකට ගිහිල්ලයි තියෙන්නෙ කියල. ඒ වගේම තමා කුඩෙත්.ඔය අපෙ ගෙවල් පැත්තට වහින්නෙ මේ හිටපු ගමං...ගෙදරිං දොට්ට බහිනකොට නිල්ම නිල් පාට ආකහේ...එක වළාකුලක් නෑ ආසාවට...මෙන්න විනාඩි පාළහක් යන්ට වෙන්නෙ නෑ..කළු කරගෙන වහිනව මොර හූරන්ට....වැස්සට තෙමෙන එක වගෙ මට විඳින්ට බැරි දෙයක් නෑ මේ තුංලෝකෙ..ඒ නිසා මම කොහෙ ගියත් කුඩයක් අරං යනවමයි. 

අපි බැඳපු අලුත එක පාරක් අපෙ උන්දැගෙ ගෙදර ගිහිල්ල ආපහු එන්ට පිටත් වෙද්දි එයයිගෙ අප්පච්චි දැක්ක මයෙ කුඩෙයි ටෝච්චෙකයි.. 

" පුතාගෙ අතේ ටෝච් එකයි කුඩෙයි නැතිවෙන්නෙම නෑ නේද? " උන්දැ හිනැහිලා එහෙම මයෙං ඇහුව. 

" එහෙම නැතුව කොහොමෙයි අප්පච්චි?......අර පරණ කතාවක් තියෙනවනෙ බින්න බහින්ට යනවනං තල අත්තයි හුළු අත්තයි වහලෙ ගහල තියාගන්ටෙයි කියල.බින්න නොබැස්සත් මම ඉතිං මේ කාලෙ තල අත්තටයි හුළු අත්තටයි තියෙන්නෙ කුඩෙයි, ටෝච් එකයි නෙව..ඒ දෙක නං අරගෙනම තමයි මෙහෙ එන්නෙ. " මම ඔහොම කිව්වම උන්දැ හක හක ගල හිනා උනා. 

" මොක උනත් ඒක නං නුවණට හුරු කල්පනාව තමා, ඔය ඉස්ත්‍රී පක්සෙ ඉන්නව නේද? සත පහකට බැරුවා මායිං කොරන්ට…" එහෙමත් කිව්ව කෝකටත් වටපිටත් හෝදිසි කරල කාරිය ...හෙහ්, හෙහ්, 

ඉතිං විජිතට කවි ලියල දුන්නුදාට පහුවදා පාන්දර පහට වගෙ මට ඇහැරුනා. ඇඳ ඉහ අද්දරම තිබ්බ වතුර බෝතලේ අරගෙන එක දිගට තුන් කාලක් වගෙ බිව්වෙ තිබහ නිසාමයි.වතුර බිව්වත් එක්කම ඊළඟට එන උවමනාව මොකක්ද කියල දන්නවනෙ… 

අපේ කම්බි වැට අයිනෙ තිබ්බ තරමක පලු ගහක්.ඕක යට තමයි අපේ එළිමහන් කැසිකිළිය වෙලා තිබ්බෙ. ඒත් ඒ පායන කාලෙ ඔය වැඩේ හින්දම අහල ගංහතක නහය කුණු වෙච්චි නැති එකෙකුටවත් ඉන්ට බැරි සයිස් එකක් තමයි වෙලා තිබ්බෙ. 

ඒ හින්දම අපි සුහද එකඟතාවයකට ඇවිල්ල තිබ්බ අඩු ගානෙ වැස්සක් දෙකක් වැටෙනකල් නියමිත වැසිකිළිය පාවිච්චි කරන්ට. ඒ අනුව මම ඒ වැඩෙත් කරල සීතල හුළං පාරක් වදින්ටත් එක්කල සරමත් කැහිපොට ගහගෙන මිදුලෙ ජෑම්ගහ යට පිටපළුවකින් හදල තිව්ව ලෑලි බංකුවෙ ඉඳගත්ත. 

මයෙ හිතේ අහුමුල්ලක මොකක් හරි වද දෙනව උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳලම. ඇත්තම කිව්වොත් ඊයෙ රෑ මත් වෙලා හිටිය උනත් කොච්චර සිංදු කිව්වත් නැටුවත් මොනවහරි වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවය කියන හැඟීම මගෙ හිතේ කොණක පැළපදියම් වෙලා ඉඳගෙන මට වද දුන්නෙ හීතල කාලෙ මිදුල මැද අපි ගිණි තපින්ට ගහන ගිණි මැලේ නිවිල ගියාට පස්සෙං පහු උනත් එකපාරටම කොහේද ඉඳල හමාගෙන එන හුලං රැල්ලකිං අළු අයිංවෙලා ගිණි දැල්ලක් මතුවෙලා දිලිසෙන්නැහෙ. 

ජෑම් ගහ යට පිටපළුව උඩ ඉඳගෙන හීතලට අත්දෙකත් පෙරවාගෙන ඉන්නකොට ඔන්න මයෙ හිතට එක පාරට ආව මේ දෙගිඩියාවට හේතුව මොකද්ද කියල. 

ඊයෙ අර ලියාපු කවි .......ඒ වෙලාවෙ ජොලියට වගෙ වැඩේ කලාට මේ කරන්නෙ වැරැද්දක්ය අසාධාරණයක්ය කියල මගෙ හිත මට වද දුන්න. .කිසිම කෙනෙක් මාව රවට්ටනවට මම කැමතිනෑ වගේම තමයි කවුරු උනත් කැමති නෑ කිසිම කෙනෙක් තමන්ව රවට්ටනවට… 

මේ කිසිම දෙයක් නොදන්න අහිංසක යුවතියක්…. ආදරය සෙනෙහස හොයාගෙන ජීවන මංපෙතේ හුදකලාව පියමනින සොඳුරු යුවතියක්, මුලාවෙ දමන්ට රවට්ටන්ට මමත් හවුල් උනාය කියන හැඟීම මගෙ හිතෙං කොහොමටවත් අයිං කරගන්ට මට බැරි උනා. 

විජිතය හිටියෙ කෑම්ප් එකේ මහ හේට්ටුව ලඟම කොහොඹ ගහ යට ක්වාටස් එකේ. එළිය වැටෙනකල් වත් ඉන්නෙ නැතුව මම ටෝච් එකත් ගහගෙන ඌ හම්බ වෙන්ට ගියා. දොරවහල උගෙ කාමරේ… 

" මලේ..විජිත...ඒයි මේ දොර ඇරපං….." දොරට හත් අට පාරක් තඩිබානකොට විජිතය සරමත් ඇඳ ඇඳ ඇවිල්ල දොර ඇරිය. මාව දැක්ක ගමං උගෙ ඇස් ලොකු උනා.. 

" ඇයි අයියෙ මේ පාන්දරම? කාටවත් අසනීපයක් වත්ද?.." 

" නෑ..නෑ එහෙම එකක් නෙවෙයි…" 


කාටහරි අසනීපයක් නං ඉස්පිරිතාලෙ අරං යන්නෙ නැතුව උඹට කියන්ට එන්නෙ උඹ මොකෝ දොස්තරද? එහෙම තොල මතුරමින් මම කාමරේට ඇතුල් වෙලා ලියන මේසෙ ගාව තිබ්බ පුටුව ඇදල අරගෙන වාඩි උනා. විජිතයත් අතිම්ම කොණ්ඩෙ හද හද උගෙ ඇඳේම ඔන්න වාඩිඋනා කෙලවරට වෙන්ඩ.. 

" ඇයි අයියෙ?..." ඌ ආයෙම ඇහුව.. 


" මල්ලි මේ……." මම ඔලුව උස්සල උගෙ මූණ දිහාවෙ බැලුව.. 

" අර මම ඊයෙ ලියපු කවි පෙල ……" 

" ඔව් ඉතිං? " 

" මේ ඒක අර ගෑනු ළමයට යවන්න එපා මල්ලි." 


කොල්ලගෙ මූණ කළු උනෙ බලාගෙන ඉන්දැද්දි.. 

" අනේ ඇයි අයියෙ ඒ?.." 

" අර ඊයෙ ජයේ කියාපු හින්දයි උඹේ මූණ බලාගෙන බෑ කියන්ට බැරිකමටයි මම ඔය කවි දෙක තුන ලියල දුන්න නං තමයි. ඒත් මල්ලි අපි මේ අර ළමයට ලොකු වංචාවක් රැවටිල්ලක් නේද කරන්නෙ කියල මට හිතෙනව බං…" 

හීංවට නළල ඇතුලෙං කැක්කුමක් මතුවෙන්ට ගත්ත හින්ද දෑතෙ ඇඟිලි වලින් නළල දෙපැත්ත මසාජ් කරන ගමන් මම කිව්ව...... 

" එහෙම වෙන්නෙ නෑ අයියෙ මම සුජාට ආදරෙයි..එහෙම හිතල බලනකොට මේක එක විදිහක වංචාවක් නම් තමයි. ඒත් ඒ ආදරේ හින්දම කරන වංචාවක්..මම හිතන්නෙ සුජා මට ඒකට සමාව දෙයි.." 

මගෙ හිස රුදාව ටික ටික වැඩිවේගන එනව ඔන්න..මේ ඔය ආදරේ ගැනවත් වංචා ගැනවත්...ආදරේ නිසා කරන වංචා නියම විදිහට ඒ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන් වංචා රැවටිලි ගණයට ගැනෙනවද නැද්ද කියලවත් කෙස් පලන තර්ක ගෙනල්ල සාකච්ඡා විමර්ශන කරන වෙලාවක් නෙවෙයි 

" හරි මල්ලි එහෙනං ඕන එකක්...උඹ එහෙනං ඒ ළමයට වැඩි කල් නෑර මේ විස්තරේ ඔක්කොම කියනව නේද? " මම ඔලුව අල්ලගෙනම නැඟිට්ට. 

" හරි අයිය බය වෙන්න එපා..එහෙම රැවටිල්ලක් කෙරෙන්නෙ නෑ. මම ඒ ඔක්කොම බලාගන්නං.." විජිතය හිනාවෙලා එහෙම පොරොන්දු උනා. 

සතියකට වගෙ පස්සෙ...සිකුරාද නැත්තං සෙනසුරාද දවසක්...මට එහෙම මතක සති අන්ත වල අපේ චමරියෙ ඔය පවුල් පන්සල් වෙච්චි කට්ටිය කොහොම කොහොම හරි යනව ගෙවල් බලා..මමයි තව කවුරුහරි..මට හරියටම නම නම් මතක නෑ..විතරයි ඉතුරු වෙල හිටියෙ. සමරෙද කොහෙද..හරි කවුරුහරි හිටපු එකත් හවස කදුරුවෙල ගියා කොණ්ඩෙ කපාගෙන එන්නෙයි කියල.. 

හවහ පොඩ්ඩක් ඇලට් එකක් කාරිය ගහල නැඟිටල පිටිපස්සෙ ටැංකියෙං ඇඟපත කාරිය හෝදගෙන සැමී ගෙනත් දුන්නු කහට එකත් ගහන ගමන් මම පොතක් කියෙව්ව සාලෙ ඇඳි පුටුවෙ දිගාවෙලා අර කනප්පුව උඩ කකුල් දෙක එහෙමත් තියාගෙන. පොත ඇවිල්ල ගුණදාස අමරසේකර මහත්මයගෙ " ගල් පිළිමය සහ බොල් පිළිමය "'.... එතුමගෙ දේශපාලන මතිමතාන්තර මට පෙන්නන්න බැරි එක වෙනම කතාවක්. ඒත් ලංකාවෙ අද ඉන්න දක්ෂම නවකතාකාරයෙක් අවිවාදයෙන්ම... 

" සැමී..මහත්තය ඉන්නවද?..." කුස්සිය පිටිපස්සෙං ඇහුනෙ ඒ විජිතයගෙ කටහඬ.. 

සැමීත් මොනවද කිව්ව මට හරියකට ඇහුනෙ නෑ...සමහරවිට කියන්න ඇති සාලෙ ඉන්නව කියල...විජිතය කඩාගෙන සාලෙට ආවෙ පුරඟනහලකට පොලිසියෙං පනිනව වගෙ.. 

පොලිසියෙං පනිනව කිව්වම මතක් උනේ මේ පහුගිය ඉරිද ලංකාදීපෙ මරු කාටුන් එකක් තිබ්බ.පොලිස් ජීප් එකක් පාර අයිනෙ නවත්තල රාලහාමිල දඩබඩ ගෑවිල්ලෙ බහිනව එළියට බැටං පොළු එහෙම අරගෙන...බල්ලො ජෝඩුවක් ඉන්නව ඒ කිට්ටුව. පොලිසිය දැක්ක ගමං බල්ල පණ කඩාගෙන දුවනව ඒ ළඟම තියෙන බෝක්කුවක් යටට. බැල්ලි කියනව " හැංගෙන්න ඕන නෑ අනේ...ඒ ඇවිල්ල තියෙන්නෙ අපිව කසාද බන්දවන්න නෙවෙයි.කසිප්පු අල්ලන්න " පියල් උදය සමරවීරගෙ කාටුන් එකක්. බොහොම දක්ෂ විකට චිත්‍ර ශිල්පියෙක්.. 

ඉතිං විජිතය කඩාගෙන ඇවිල්ල මං ඉස්සරහ දඩස් ගාල ඉඳ ගනිපි පුටුවක.. 

" මොකද බං මේ? අර පුකට අයිස් පලං ගහපු හරක වගෙ? …" මම ඇහුවෙ කකුල් දෙක කනප්පුවෙං බිමට ගන්න ගමං.. 

හෙහ්, හෙහ්..ඒකගෙ මූණ කට රතු උනේ බලාඉන්දැද්දි...බිම බලාගත්තු ගමං ටික වෙලාවක් ඌ එහෙම්මම හිටිය. මමත් පොත වහල කනප්පුව උඩ තියල පුටු ඇන්දට දිග ඇදිල හේත්තුවෙලා එහෙම්මම හිටිය විජිතයගෙ මූණ දිහාවෙම බලාගෙන. මට හිනායන්ටත් එනව, ඒත් බොහොම අමාරුවෙන් වලක්කගෙන හිටිය සද්ද නැතුව. 

විජිතය ඔලුව උස්සල බලපු පාර එක පාරම දැක්කෙ අර කනප්පුව උඩ තිබ්බ පොත. 

" මොකද්ද අයියෙ මේ? ගල් විහාරෙ ගැන ලියපු එකක්ද? …" විජිත ඇහුවෙ පොත අතට ගන්න ගමං..

ගල් පිළිමය සහ බොල් පිළිමය පොතේ මුල් පිටුවෙ තිබ්බෙ ගල් විහාරෙ සැතපෙන පිළිමෙ චිත්‍රයක්.. 

" මේ මෙහාට දීපං ඕක...උඹ දැං මේ අර මම කලිං කියපු මොකක්ද එක ගහපු ඒ කලිං කියාපු සතා වගෙ දුවගෙන ආවෙ මේ පොත ගැන අහංටද?....නෑනෙ...ආපු කාරණේ කියාල හිටපං ඔක්කොටම කලිං..පිළිම ගැන බැරිය පස්සෙ කතා කරන්ට." මම පොත උදුරගත්ත. 

" සුජා ලියුමක් එවල…" විජිතය කිව්වෙ ඔලුව උස්සල බලල යන්තමට හිනාවෙන ගමං.. 

" ආ...ඒකනෙ..මම හිතුව..ඉතිං මොකෝ කේස් එක?..." 

" නෑ එහෙම ප්‍රශ්නයක් නෑ..අර අපි යවපු කවි වලට උත්තරයක් එවල…" 

" එහෙමද? ඉතිං ගනිංකො බලන්ට…" මම අත දික්කලා… 

විජිතය ආයෙම හිනාවෙල සාක්කුවෙං අරගත්තු ලියුම මට දුන්න.. 

කවි හතරක් පහක් නම් තිබ්බද කොහෙද..ඒත් මට ඒ ඔක්කොම මතක නං නෑ බොලල්ලා...ඔන්න මතක තිබ්බ කවි දෙකක් නං මෙහෙමයි... 

කතර තනිමඟ තැබුණු පියවර, 
පෙලට එක්වුනු ඔබෙ සිනාවයි, 
සතර අත පිස හමා එන මඳ, 
සුලඟ ගෙනෙනුයෙ ඔබේ සුවඳයි, 

නෙතට ලංවී කඳුළු පිසලන, 
මඳහසිනි තොල් මත වෙලෙන්නේ, 
සතුට සැනසුම මවෙත ගෙන එන, 
සෙනෙහසිනි පදවැල් ගෙතෙන්නේ, 


මම හෙමිහිට දෙතුං පාරක් කවි පෙල කියෙව්ව..මම ලියපු කවියකට පිලිතුරු විදිහට ඔය කවුරුහරි කවියක් ලිව්වමයි. සුබාට මම කවි ලිව්වට එයා කවදාවත්ම මට කවි ලිව්වෙ නෑ...කවි ලිව්ව විතරක්නං බැරිය මම ලියන කවි එයාට ඇහෙන්ට කියන්ට උනෙත් අන්තිමට මටමයි. 


" මොකක්ද අනේ මේ?..." 

" ඔයා ගිය සුමානෙ එව්ව ලියුම…" 


" මම ඒකෙ කවි හතර පහකුත් ලියල එව්ව... කියෙව්වද?..." 

" ආ තිබ්බ තිබ්බ..ඒත් ඒ හරියට එනකොට මයෙ ඇස් දෙක කඩා වැටෙන්ට වගෙ නිදිමත . ඒ පාර ලියුම පැත්තක දාල මම නිදාගත්ත. " 


අනෙ අම්මාපල්ල මට ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව යන්නෙ ඔය වෙලාවට තමයි.මූනත් එක්ක රත් වීගෙන එනව තේරෙනකොට මම අහක බලාගත්ත. 

" ෂෙහ්..තද උනහමනෙ ඔයාගෙ අර පවුරු…. මොකක්ද අනේ ඒ ඔයාලට තියනවයි කියන්නෙ? …" 

තියනවයි කියන එක මම කියන්නෙ නෑ මෙතන..මම අහක බලාගෙනම තොල් මතුරනව.. 

" ආ හරි පවුරු වලලු..පවුරු වලලු..ආන්න ඒක මතුවෙලා පේන්නෙ.." 

මම අහක බලාගෙනම ඉන්නව....ටිකකිං මූණ රත්විල්ල අඩුවෙල යන්තමට හිනාවක් ආවට මම අහක බලාගෙනම ඉන්නෙ එයාට මගෙ හිනාව පෙනෙයි කියල.ඒත් එයා දන්නව මට වැඩි වෙලාවක් එයයි එක්කලා තරහ වෙලා ඉන්න බෑ කියල. 

" කෝ ඔය මදැයි..පවුරු වලලු පෙන්නුව දැං මදැයි..හොඳ ළමය වගෙ මේ පැත්තට හැරිල මගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන මං වෙනුවෙන්ම ලියාපු මේ කවි කියන්නකො ලස්සනට.මම ඔයාගෙ උකුලෙ ඔලුව තියාගෙන ඔයාගෙ ඇස් දෙක දිහාවෙම බලාගෙන අහගෙන ඉන්නං…" 

ඇහැ ආයෙම තෙත් වීගෙන ආවෙ මටත් නොදැනීම...විජිතයට පෙනෙයි කියල මම එකපාරටම පුටුවෙන් නැඟිට්ට. 

" ඇයි අයියෙ? ඇයි? මොකෝ මේ එක පාරටම? …" විජිතයත් ඒ එක්කම නැඟිටල මගෙ ලඟට ආව. 

" නෑ බං මොකවත් නෑ...එක පාරට මේ ඇහැක් කෙවෙන්න වගෙ ඇල්ලුව...උඹ ඉඳගෙන හිටහංකො..මං පොඩ්ඩක් මූන හෝදගෙන එන්නං සැමී මේ මහත්තයට තේ එකක් හදහං කොල්ලො හොඳ එකා වගෙ.." 

මම එහෙම කියල විජිතයට ආපහු ලියුම දීල ඉස්සරහ දොර ඇරගෙන මිදුලට බැස්ස. 


මතු සම්බන්ධයි...... 

පලි - අර හරකගෙ පස්චාත් බාගෙ අයිස් පලං ගහන සීන් එක මොකක්ද දන්නවද?.ඕක මම දැක්කෙ අපෙ අප්පච්චිලගෙ ගමේ ( උන්දැ ඇවිල්ල දකුණෙ ) අවුරුදු කාලෙක ගිය වෙලාවක තිරික්කල රේස් එකක් බලන්ට ගිහිල්ල. 

ආය මොනවද අයිස් පලම හරකගෙ නියමිත ස්තානයෙ ගැහුවම ඒක දුවනව පණ එපා කියල.. අයිස් පලම දියවෙනකොට කොහොම ඉවසන්ටද? පව් නං තමයි ඒත් මොකදෑ කොරන්නෙ? 

රිජිෆෝම් පෙට්ටියක දාල අයිස් පලං හත අටක් තිරික්කලේ පැත්තක තියනව. තිරික්කල කාරය " ජඃ කොටියා....හර් ර් ර් ර් ර් රේහ්.." කියල අයිස් පලමක් අරං කටේ ගහගන්නව ....ඒ එක්කම තව එකක් අරං අරූගෙ අතන ගහනව. ඒක දියවෙලා කෝට්ට වැටුනම " ජඃ මඃ යමං පුතා ර් ර් ර් ර් රේහ් " කියල තව පලමක් අරං අදාල ස්තානයෙ ගහනව. 

ඔහොම වැඩේ දිගටම යනව. එක්කො තරඟය ඉවරයක් වෙනකල්, එක්කො අයිස් පලං ඉවරයක් වෙනකල්,නැත්තංඅර සතාගෙ පස්චාත් බාගය හිරිවැටිල ඌට මොකවත්ම නොදැනී යනකල්... 

65 comments:

  1. //ඔහොම වැඩේ දිගටම යනව. එක්කො තරඟය ඉවරයක් වෙනකල්, එක්කො අයිස් පලං ඉවරයක් වෙනකල්,නැත්තංඅර සතාගෙ පස්චාත් බාගය හිරිවැටිල ඌට මොකවත්ම නොදැනී යනකල්... //

    නිකං ලංකාවෙ ජහමනයට වෙන්නෙත් මේ අයිස් පලං කේස් එක වගේ එකක්. එකක් ඉවර වෙන්න තව එකක් ගහනව. තරඟය ඉවරකුත් නෑ අයිස් පලං ඉවර වෙන්නෙත් නෑ. හැබැයි අපේ නම් දැන් ඔය කිව්ව පස්චාත් බාගෙ ලොවෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අහ් අමතක උනා කියන්න. කතාව ලස්සනයි.

      Delete
    2. හෙහ් හෙහ්.. මරු කමෙන්ට් එක..

      Delete
    3. Ano,

      ඔය වැඩේ පුරුදු උනාමත් මාර ආතල් එකක් තියනව කියල තමයි කියන්නෙ..පස්චාත් බාගයට අයිස් පලං සත්කාරය....හෙහ්, හෙහ්,

      සමහර ඕකට පුරුදු වෙච්ච මහීසයො අයිස් පලමක් ගහනකල් හෙල්ලෙන්නෙ නෑල්ලු මැරූකොට..අපිටත් වෙල තියෙන්නෙ ඒකමද මන්ද බොලේ..හෙහ්, හෙහ්,

      Thanks Ano....:)

      Delete
  2. අයියෝ....අයියෝ.....මම ඔය අයිස්ක්‍රීම් කතාවක් ඇහැව්වමයි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජිය කරත්තෙට නැග්ගනම් හරකා දුවන දිවිල්ලට කප් එක සුවර්....

      Delete
    2. කෙන්ජි,

      අයිස්ක්‍රීම් නෙවෙයි බං අයිස් පලං....අයිස් පලං...අර පැතලි කෝටු කෑල්ලකිං අල්ලගෙන කන්ට තියෙන්නෙ බං අන්න එව්ව...

      Delete
    3. කොහෙද උදෙන්ම පිස්සු ඩබල් වෙන කතා අහල අකුරු කොටද්දි පොප්සිකොල් අයිස්ක්‍රීම් වෙලා රවී.
      සකරින්/රෙදි ඩයි දාපු,පැය ගනං දිවේ පාට ඉතුරු වෙච්ච අපි නොදන්න අයිස්පලම්.

      Delete
  3. මචං, කතාවක් කියනකොට සම්පූර්ණයෙන් කියපං, මගදි කෑලි හංගන්නේ, ගිලින්නේ නැතුව. පාඨකායව නොමඟ යවන්න එපා මොකද පාඨකයා ඉස් ද කිං.

    මෙතෙක් කතාව...

    පල්ලෙහා කවුරුහරි නිදාගෙන ඉන්න කෙනෙකුගෙ හරියටම බෙල්ල කෙලින් පරාලෙක අර එක මාපිලෙක් වල්ගෙ පටලෝ ගන්නව.ඊළඟට මාපිල්ලු රෝදෙම දිගඇරීගෙන වැටෙනව පල්ලෙහාට..(මේකට කියන්නේ මාපිල් යෝ-යෝ කියලා) අන්තිම එකා නිදාඉන්න මනුස්සයගෙ බෙල්ලෙ බල නහරෙට විදල ලේ බොනව.

    අද එතැන් සිට:

    එතකොට මේ ලේ උරා බොන මාපිලාගෙ බඩ විතරක් නෙවෙයි පිරෙන්නේ. ඌ උරාබොන ලේ උගේ වල්ගේ හපාගෙන ඉන්න මාපිලා උරා බොනවා,

    ඌ උරාබොන ලේ උගේ වල්ගේ හපාගෙන ඉන්න මාපිලා උරා බොනවා.

    ඌ උරාබොන ලේ උගේ වල්ගේ හපාගෙන ඉන්න මාපිලා උරා බොනවා.

    ඌ උරාබොන ලේ උගේ වල්ගේ හපාගෙන ඉන්න මාපිලා උරා බොනවා.

    ඌ උරාබොන ලේ උගේ වල්ගේ හපාගෙන ඉන්න මාපිලා උරා බොනවා.

    ඌ උරාබොන ලේ උගේ වල්ගේ හපාගෙන ඉන්න මාපිලා උරා බොනවා.

    හරිනේ හය පාරක් ඒ පේලිය රිපීට් කොලානේ.

    ඊට පස්සෙ පරාලේ එල්ලිලා ඉන්න එකාගේ බඩ පිරිච්ච ගමන්, ඒ කියන්නෙ ඌ සංතෘප්ත වෙච්ච ගමන් ඌ තවදුරටත් ලේ උරාබීම නවත්තනවා. ඊට පස්සෙ තව දුරටත් ලේ උරාබොමින් ඉන්න ඌට යටින් ඉන්න එකා උගේ බඩ පිරෙනකල් ලේ උරා බීල, බඩ පිරුණු ගමන්ම ලේ උරා බීම නවත්තනවා. මේක හයපාරක් ටයිප් කලා කියලා හිතාගනිල්ලකෝ. අන්තිමේදි අර යටින්ම ඉඳං බලනහරේ හපං ඉන්න එකාගේ බඩ පිරුණු ගමන්ම ඌත් ලේ උරාබීම නවත්තලා බල නහරේ අතාරිනවා. ඒ වගේම ඌ උගේ sphincter කියන වෑල්ව් එක වහනවා මොකද නැතිනම් අර හත්දෙනාම බීපු ලේ ටික හෝස් පයිප්පේ ඇරියා වගේ ආපහු වැක්කෙරන නිසා.

    මේ ලේ උරාබීමේ ක්‍රියාවලියට ගතවෙන්නේ තප්පර 26.558ක් කියලා ගනං බලලා තියෙනවා. උරා බොන ලේ ප්‍රමාණය මාපිලාගේ වයස අනුව තමයි තීරණය වෙන්නේ. මාපිලාගේ විෂ්කම්භය X මාපිලාගේ දිග X 7 කියන අගයෙන් මාපිලාගේ ඔලුවේ දිට X 7 අගය අඩු කරන්න ඕනේ. කෙසේ හෝ පනිට්‍ටු 1.5 - 1.8ත් අතර ප්‍රමාණයක් කියලා තමයි විශ්වාස කරන්නේ.

    ප:ලි: මහවැලි ක්වාර්ටර්ස් වලට එන මාපිලා වයසින් අඩු වෙන්න ඕනේ. මොකද වහලය නැතත් සීලිම අනිවාර්යය අංගයක් වන මහවැලි ක්වාර්ටර්ස් වල බිම ඉඳලා සීලිමට අඩි දහයක් තියෙනවා. සීලිමේ ෆෑන් හුක් එකේ ඉඳලා බිමට තියෙන දුරින් ඇඳේ උස, මෙට්ටයේ ඝනකම, කොට්ටයේ උස සහ බෙල්ලේ විශ්කම්බය අඩු කරාම එන අගය අනිවාර්යයෙන්ම සීලිම නැති නිවසක බාල්කයක ඉඳලා බිමට ඇති දුරට වඩා වැඩි වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. @හෙන්රි,රවී,
      +++++++++++++++++++++++

      පලි @හෙන්රි, රවි තුමා වගේ ලියන්ට පුරුදු වුනාට කාරි නෑ..ඒත් ඒවා මේකේ කොමෙන්ටු විදිහට විතරක් තියාගන්ට හොඳේ..

      Delete
    2. හෙන්රි,

      අපෙ අත්තම්ම ඉස්සර මට කතා කියන්නෙ මෙහෙමයි.

      " ඔන්න පුතේ ඉතිං කුමාරය ඇවිල්ල රාස්සයගෙං කුමාරිව බේරගෙන තමංගෙ මාලිගාවට ගියා….."'

      " ඉතිං අත්තම්ම එතකොට…..? "මම විරෝධය පලකරනව..

      " ඉන්නකො මම කතාව කියල ඉවර වෙනකල්…... ඊට පස්සෙ පුරස්න තියනවනං අහන්ට.."

      " හා……"මම එකඟ වෙනව..

      කතාව ඉවර උනාම ඔන්න මගෙ පුරස්න.." අත්තම්මෙ ….අර කුමාරිව හිරකරල තිබ්බ ගල්ලෙනේ යතුර රාස්සයක ගිලල උගෙ බඩේනෙ තිබ්බෙ..එතකොට කුමාරය කොහොමද ඒ යතුර ගත්තෙ?.."

      " ආ ඒක මෙහෙමයි පුතේ....."' අත්තම්ම ඔන්න මට සම්පූර්ණ විස්තරේ පැහැදිලි කරනව…

      " මම එහෙම කතාවෙ තැන් තැන් වලින් අඩුකරල කියන්නෙ මොකද දන්නවද?... පුතා කතාව සාවදානව අහගෙන ඉන්නවද කියල බලන්ට.."

      අන්න බොල මමත් එහෙමයි...කට්ටිය නිකම්ම ඔහෙ කියවගෙන යනවද එකත්පස්ව දඩි අවදානෙං පංචෙන්ද්‍රියම එකඟකොට සමාපත්ති සුවයට සමවැදී කතාව කියවනවදැයි කියල පරීක්සා කොරන්ටයි මම ඔහොම පොඩි අඩු ලුහුඬුතා තියන්නෙ චේතනාන්විතව...චේතනා පරිසුද්ද වේනං පෙං සටං පරදින්නෙ නෑ කියලත් අර කවුද කියල තියනවනෙ..හරි මල්ලි උඹ ඒ පරීක්සනයෙන් සමත් පිහාබන වර්න සහිතව.....උබේ දීර්ග ටීකාවට පිලිතුරු යතා කාලයේදී...හොඳද?

      Delete
    3. අම්මප හෙන්රියො උඹ නං රවිගෙම මල්ලි

      Delete
    4. @රූ:කමෙන්ට් වලට විතරයි රූ. ඒත් රවියාට දාන කමෙන්ට් වලට විතරයි. මේකාම තමයි කිව්වේ statistics make any damn lie more convincing කියලා. අනිත් එක ඔය දශම ගණං.
      @රවී. බලා සිටිමේ දෑස් දල්වා
      @හැලප්ස්: මම අයියා මචං. රවියගේ අම්මයි අපේ අම්මයි දෙන්නම අම්මලා මචං.

      Delete
    5. හෙන්රි,

      / ඒ වගේම ඌ උගේ sphincter කියන වෑල්ව් එක වහනවා /

      ඒකට සිංහලෙං කියන්නෙ බං චක්‍ර පිධානය කියල...සාමාන්‍ය ව්‍යාවහාරෙ නං ගුද කපාටය නොහොත් බොග් වෑල්ව්....ඔය බොග් වෑල්ව් එක අක්‍රිය උනොත් කෙලියම තමා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියනව..

      එකක් බොග දැමීමෙහිදී අධික තැටමීම..අනික මෙතන කියන්ට බෑ...එහම කිව්වම හිතාගන්ට පුලුවන් නේද?...හිතාගන්ට බැරි කට්ටිය හිතාගන්ට පුලුවන් අයගෙන් අහගන්ට…

      නිද්‍රාජනක ඖෂධ ගත්තමත් ඔය චක්‍ර පිධානය අක්‍රිය වෙනව තාවකාලිකව. ඒකනෙ අර සුප්‍රසිද්ධ කියමනක් තියෙන්නෙ ෂේක්ස්පියර්ගෙ .. " Never ever partake a laxative and a sedative at the same time even if you would get to know who your real friends are. "

      / මොකද නැතිනම් අර හත්දෙනාම බීපු ලේ ටික හෝස් පයිප්පේ ඇරියා වගේ ආපහු වැක්කෙරන නිසා. /

      හෙහ්, හෙහ්..මම මේ ඔය සීන් එක ගැන පොඩි වියුණු සටහනක් ලියන්ට කියල හිත හිත හිටියෙ බං හෙන්රියො අනෙ අම්මප...වෙන මොකවත් නෙවෙයි...අපෙ ගෙදර ඕවහෙඩ් ටෑන්ක් එක ගැන...මේන් ලයින් එකේ ප්‍රෙෂර් එක හොඳ හින්ද මම ගෙදරට ඕවර්හෙඩ් ටෑන්ක් එකේ සප්ලයි එකට අමතරව කෙලින්ම මේන් ලයින් එකෙන් සප්ලයි එකත් අරගෙන තියනව. මම සිය පාරකට වැඩිය කියන්න ඇති බාසට අර කෙලින්ම මේන් ලයින් එකෙන් එන කනෙක්ෂන් එකට නන් රිටර්න් වෑල්ව් එකක් ( ප්‍රතිවර්ත්‍ය රහිත කපාටයක් ) දාපං කියල...කොහෙද?උඹ දන්නවනෙ බාස්ල ගැන. උං කරන්නෙ උංට ඕන දේ මිසක් අපි කියන එක නෙවෙයිනෙ.

      " පිස්සුද නෝන? එහෙම එකක් මොකටද? අපි පුරුදුවෙන්ට මෙව්ව කරනවයි කියල හිතුවද? "

      අන්තිමට උනේ බාසා දැම්මෙ නෑ නන් රිටර්න් වෑලව් එකක්. ඒ නිසා මේන් ලයින් එකේ වතුර නැති උනාම අපෙ ඕවර් හෙඩ් ටෑන්ක් එකේ වතුර ඔක්කොම බූස් ගෑවිල්ලෙ ඇදිල යනව ආපහු. මරු වැඩේ කියන්නෙ බං එහෙම ආපහු ඇදිල යනකොටත් මීටරේ කරකැවිල මට චාජ් වෙන එකයි. ඒ කියන්නෙ එක වතුර ලීටරේකට මම ලීටර් තුනක මිල ගෙවනව...හෙහ්, හෙහ්..කොහොමද ආතල් එක ?

      / මොකද වහලය නැතත් සීලිම අනිවාර්යය අංගයක් වන මහවැලි ක්වාර්ටර්ස් වල /

      ඒ යකෝ උඹලට හදාපු කෝටස් වල තමයි මචං සීලිං ද පෑංද අරකද මේකද ඔක්කොම තිබ්බෙ...එව්ව මචං ජානපදිකයින්ගේ අවශ්‍යතා පිරිමැස්ම වෙනුවෙන් ඒ කාර්ය මණ්ඩලයට හදාපු එව්ව නෙව. ඒව ස්ථිර ගොඩනැඟිලි.මම මුලින් හිටියෙ මචං ඉඳිකිරීම් අංසෙ.ඒකෙ අපිට තිබ්බෙ අර්ධ ස්ථිර නිවාස. ( සැමි පරමන්ට් එව්ව )පස්සෙං පහු එව්වටත් සීලිං සහ රූණො ආවට මුල් දවස්වල එහෙම තිබ්බෙ නෑ.

      / සීලිමේ ෆෑන් හුක් එකේ ඉඳලා බිමට තියෙන දුරින් ඇඳේ උස, මෙට්ටයේ ඝනකම, කොට්ටයේ උස සහ බෙල්ලේ විශ්කම්බය අඩු කරාම එන අගය අනිවාර්යයෙන්ම සීලිම නැති නිවසක බාල්කයක ඉඳලා බිමට ඇති දුරට වඩා වැඩි වෙන්න ඕනේ. /

      සීලිම නැති ගෙදරක බාල්කෙ ඉඳල බිමට දුරට වඩා සිලිම තියෙන ගෙදරක ඒ දුර වැඩි වෙන්නෙ කොහොමද බං? දැං ඔන්න කියන්න එහෙම එපා මගේ තියරියමයි උඹත් පාවිච්චි කලේ කියල එහෙම හරි? මම කිව්වෙ මේ අර සාවධ්හනයෙන් කතාව කියවනවද කියල පරීක්සා කරන තියරි එක ගැන හරිය?

      අනික බොල මාෆිලා වනාහී එල්ලිල ඉන්නෙ පරාලෙ...බාල්කෙ නෙවෙයි

      Delete
    6. @රවි,
      අපි ඒකාලේ අනිත් උන්ට තොගේ වක්‍ර පිධාන දිගෑරෙන්න දෙන්නේ කියලා කරපු තර්ජනයේ නියම අදහස දැන් තමයි හරියටම තේරුනේ ඕං.

      ඇයි යකෝ උඹවත් දාහංකෝ ඒ වෑල්ව් එක. ඕක මහ දෙයක්යැ. උඹ අපි එන කාලෙටම ගෙදර යනවනම් කියහං මම දාලා දෙන්න. මාත් ඔය පයිප්ප වැඩ ඉලෙක්ට්‍රික් වැඩ කරනවා DIY. ඈ බං, වතුර ආපහු යනකොටත් මීටරේ වැඩි වෙන පැත්තටමද කැරකෙන්නේ? මම හිතුවේ ඒකේ අනිත් පැත්ත. එතොකොට ඔය ටැංකිය ඕවෆ්ලෝ වෙන එකට මොකද කරලා තියෙන්නේ? බලා ඉඳලා වහනවද?

      >>සීලිම නැති නිවසක බාල්කයක ඉඳලා බිමට ඇති දුරට වඩා වැඩි වෙන්න ඕනේ. << අනිවා අඩු වෙන්න ඕනේ. මම ඒ බැලුවේ උඹ සාවධ්හනයෙන් කමෙන්ට් එක කියවනවද කියල පරීක්සා කරන එක. බාල්කෙත් ඒකටම තමයි. හරියට අර දසම ගනං දාලා විශ්වාසනීයත්වය තහවුරු කරනවා වාගේ.

      Delete
    7. හෙන්රි,

      / ඇයි යකෝ උඹවත් දාහංකෝ ඒ වෑල්ව් එක. /

      හෙහ්, ඒක දාන එක එච්චර දෙයක් නෙවෙයි..ඒත් මම ගෙදර යනකල් හිටියොත් ඒ වෙනකොට වතුර බිල ගෙවන්ටම ගේ උගස්තියන්ටයි වෙන්නෙ. ඒ නිසා මම අර බාසට හොඳ දෙකක් කිව්ව ටෙලිපෝං එකෙං..ඒ පාර ඕක අපෙ අම්මට බැණ බැණ වෑල්ව් එක දැම්මලු..දැං අවුලක් නෑ.

      / උඹ අපි එන කාලෙටම ගෙදර යනවනම් කියහං මම දාලා දෙන්න. /

      තෑන්ක්ස්..හෙන්රි ෆො ද ඔෆර්…....පයිප්ප, ඉලෙක්ට්‍රික් වැඩ වලට අමතරව තව මොනවද උඹට පුලුවං කියාපංකො මම ලිස්ට් එකක් හදල තියන්න..:)

      / වතුර ආපහු යනකොටත් මීටරේ වැඩි වෙන පැත්තටමද කැරකෙන්නේ? මම හිතුවේ ඒකේ අනිත් පැත්ත. /

      අපෙ උන්දැ තමයි එහෙම කිව්වෙ..මටත් හැබැයි ඒ කතාව එච්චර විස්වාස නෑ..මීටරේ ආපහු කැරකිල්ල කොහොම වෙතත් නැවතිලවත් තියෙන්න ඕනය කියලයි මමත් හිතන්නෙ..මේ පාර ගිහාම ප්‍රායෝගික පරීක්ෂනයක් කරල බලන්ටෝන...

      / එතොකොට ඔය ටැංකිය ඕවෆ්ලෝ වෙන එකට මොකද කරලා තියෙන්නේ? බලා ඉඳලා වහනවද? /

      අම්මප නියම ආතල් සීන් එක ඒක...බ්ලොග් පෝස්ට් එකක් ලියන්ට වටින වැඩේ.

      මුලිම්ම ටැංකිය උතුරන හේතුව හිතාගන්ට බැරිවෙලා අපෙ බාසට..ඔන්න බලාපං බං අවුරුදු විස්සක් වැඩ කරපු බාස්ලගෙ දැනුම...බෝල් වෑල්ව් එක මාරුකරල ඉස්සෙල්ලම. ඒකෙ අවුලක් නෑනෙ.

      අපෙ උන්දැ ඊට පස්සෙ තක්කු මුක්කු වෙලා ඔන්න මට කිව " අනේ බලන්ටකො ඒයි මෙන්න මෙහෙමයි,, මෙන්න මෙහෙමයි, බෝල් වෑල්ව් එකෙත් අවුලක් නෑ ඒත් ටැංකිය උතුරනවනෙ " කියල..මම ඊට පස්සෙ හේතුව පැහැදිලි කරල කලයුතු ප්‍රතිකර්මයත් කියල දුන්න. රූප සටහනක් ඇඳල පෙන්නලම.

      මේන් ලයින් එක සප්ලයි ලයින් එලට සම්බන්ධවෙන තැනට උඩින් ස්ටොප් වෑල්ව් එකක් දැම්ම. මේන් ලයින් එකෙන් කෙලින්ම වතුර ගන්නකොට ඕක වහල තියෙන්නෙ. මේන් ලයින් එකේ වතුර නැති වෙනකොට මචං ඒක අරින්න ඕන.

      හැබැයි සතියකට වගෙ සැරයක් මේන් ලයින් එකෙන් කෙලින්ම ගන්න වෑල්ව් එක වහලදාල ටැංකියෙන් ගන්න වෑල්ව් එක ඇරල වතුර පාවිච්චි කරන්න ඕන. නැත්තං වතුර Stagnate වෙනවනෙ.අපෙ හාමිනේට මම ලියල දීල තියෙන්නෙ අනුගමනය කල යුතු ක්‍රියා මාර්ගය. Valve 1, Valve 2 කියල පොඩි බෝඩ් ගහලයි තියෙන්නෙ බිත්තියෙ...හෙහ්, හෙහ්

      Once a week Open valve 1 close valve 2 and use the stored water in over head tank. When the tank empties totally, open valve 2 & close valve 1 this would fill up the tank.When the tank fills up close valve 1

      Valve 1 - on the supply line from tank before the connection to main line

      Valve 2 - On the main supply line before the divergence to supply line

      Delete
    8. අනවශ්‍ය විදියට බට හා වැල්ව් අපතේ හැර ඇති බව හැගේ... මේ ලයින් එකෙන් නන් රිටන් වැල්ව් එකක් හරහා ටැංකියට වතුර එවා.. ටැංකියේ ඔවර් ෆ්ලෝ.. (මගේ වචනේ ඔෆ් ලෝ.කොහේද අර ඉංගිරිසි ගුරා මේකේ කොමෙන්ට් බලනවනේ.. :D ) බටේට හයි කරන්න කැජට් එකක් තියේ.. (මට ඒකේ නම මතක නැතත එකෙන් වෙන්නේ අපි විසින් කලින් සකස් කර ඇති මට්ටමට වතුර පරිමාව අඩු වූ විට මේල් ලයින් එක ඇරී වතුර පිරීමත්.. ඔවර් ෆ්ලෝ මට්ටමට ආසන්න වූ විට ලයින් එක වැසීමත්ය.. උදා හරණ ලෙස කොමොඩ් ටැංකියේ ඇති පරිදිය) එයින් පසුව සාමාන්‍ය පරිදි ටැංකියේ සිට ගෘහස්ථ නල පද්ධතියට වතුර ලබා ගත හැකිය... වතුර පල් වීමක් නැත.. සතියකට සැරයක් ලයින් වසමින් ඩෙගා නැටිය යුතු නැත. බට හා වෑල්ව් අනවශ්‍ය ලෙස යෙදිය යුතු නැත. ඒ වෙනුවට අර කියාපු ගැජට් එකට යන ගාන හා උපදේශක ගාස්තු ලෙසින් මා හට අය විය යුතු රුපියල් 1999.99 (+vat) ක මුදල පමණි...

      Delete
    9. මාරෙ මලේ,

      / එයින් පසුව සාමාන්‍ය පරිදි ටැංකියේ සිට ගෘහස්ථ නල පද්ධතියට වතුර ලබා ගත හැකිය…/

      එහෙම උඩිස් ජල රඳවනයෙන්ම ( overhead tank ) විතරක් වතුර ගන්නවනම් උඹ කියන විදිහ අවුලක් නෑ. ඒත් අපේ මේන් ලයින් එකේ ප්‍රෙෂර් එක වැඩියි.. ටැංකියෙන් ගත්තම එන්නෙ ප්‍රෙෂර් එක අඩුවෙලා. මේන් ලයින් එකේ ප්‍රෙෂර් එකෙන්ම වතුර ගන්න ඕන නිසයි මම අර වෙනම මේන් ලයින් එකෙනුත් කනෙක්ෂන් එකක් ගෙදර සප්ලයි ලයින් එකට දුන්නෙ. අන්න ඒ අමතර සීන් එක නිසයි මේ වැඩිපුර වෑල්ව් සහ සතිපතා ඩෙඟා නැටිල්ල කරන්න වෙන්නෙ. වීක්ලි ඩෙඟා නැටිල්ල මල්ලි කරන්නම වෙනව. මොකද මේන් ලයින් එකෙන් කෙලින්ම සප්ලයි ගන්නකොට ඒකෙ ප්‍රෙෂර් එක වැඩි නිසා ඕවර්හෙඩ් ටැංකියෙ වතුර පාවිච්චි වෙන්නෙ නෑ.

      ඔය උඹ කියන්නෙ අර ෆ්ලෝටර් වෑල්ව් කියන එක වෙන්න ඕන.

      / ඒ වෙනුවට අර කියාපු ගැජට් එකට යන ගාන හා උපදේශක ගාස්තු ලෙසින් මා හට අය විය යුතු රුපියල් 1999.99 (+vat) ක මුදල පමණි…/

      උපදේශක ගාස්තු පිළිබඳ අවුලක් නැත. උඹ ඉල්ලන්නෙ 1999.99 ක් විතරයිනෙ. රයිට් මගෙ ගානෙ දාන්නං තව 1000.00 ක්. එතකොට කීයද ඔක්කොම? රු. 2999.99. ඒ ගාන මම ගෙවන්නං උඹට.

      හැබැයි පුතා පොඩි කොස්සක් තියනව.මෙහෙ එකවුන්ට්ස් වල සල්ලි ආපහු ගන්නනං අවම ගානක් තියෙන්න ඕන. අපි හිතමු රු. 10,000.00 කියල. මගෙ දැනට තියෙන්නෙ ඒ ගානට රු. 3000.00 ක් අඩුවෙං...ඒ නිසා සල්ලි ගන්න බෑ. මේ මල්ලි මෙහෙම කරමු. මම උඹට දෙන්නං මගෙ එකවුන්ට් නම්බර් එක. මට දාපං රු. 3001.00 ඒ සල්ලි ලැබුණු වහාම මම උඹට එවන්නං රු. 6000.99 + උඹට සල්ලි එවන්ට ගිය වියදම. ...මොකෝ කියන්නෙ?

      Delete
    10. නොදෝමකින්.. මේ ගොයියත් එක්ක ගනු දෙනු කරනවට වඩා හොදයි.. සුදු ලේන්සුවකුත් අරං කැළණි පැත්තේ ගියානං...

      නැහැ නැහැ එපා.. ඒ ගාස්තුවෙන් වැඩක් නැහැ.. මං මේක පිනට කියලා අතෑරියා... :D

      Delete
    11. ඉංග්‍රීසි ගුරා කමෙන්ට් කියෝනවා නේද? මොකක්ද බොල බටේට හයි කරන 'කැජට්' එක කියන්නේ?

      >>නොදෝමකින්.. මේ ගොයියත් එක්ක ගනු දෙනු කරනවට වඩා හොදයි.. සුදු ලේන්සුවකුත් අරං කැළණි පැත්තේ ගියානං...

      නැහැ නැහැ එපා.. ඒ ගාස්තුවෙන් වැඩක් නැහැ.. මං මේක පිනට කියලා අතෑරියා... :D <<

      මාරේ මල්ලි , ඔය පොඩී ගානක්නේ බං. මේ ගොයියත් එක්ක DNA පරීක්ෂනයක් කොරන්ඩම ගිහින් අන්තිම මොහොතෙ පූරුවේ වාසනාවකටද කොහෙද වැලකිලා ගියා, මේ ලඟකදි.

      Delete
    12. ඕං ආවා.. ඕං ආවා... :D

      මේ.එකක් කියඤ්ඤං... ඉංගිරිසිවල අඩු පාඩු බලන එක ඉවසඤ්ඤං... හැබැයි පුතෝ සිංහල වල අක්ෂර අවුලක් උනාම එව්වා හගිස්සන්න එන්ට එා.. යකෝ මේක මල මගුලක් උනා නෙව...

      මාත් තේරුං ගත්ත දෙයක් තමා රවිකිඤ්ඥ ගැහිල්ල අපිට ගුණ නැති වග... :D

      Delete
  4. මාපිල් කතාව නම් බොහොම ප්‍රසිද්ධ, ගමරාල කපුටො හත්දෙනෙක් වමනෙ කලා වගේ බොරුවක්...
    1. ලේ මාපිල්ලු ලේ උරා බොන්නෙ නෑ..
    2. හත්දෙනා ගානෙ එනව කියල එකකුත් නෑ, අනිත් අතට මාපිල්ලු කියන්නෙ උග්‍ර විෂ සහිත සර්පයො නෙමෙයි...

    මොනවැයි ඔය පවුරු වළලු කියන්නෙ... ඒ නමින් ෆිල්ම් එකක් නම් තිබුනා මතකයි...

    ReplyDelete
    Replies
    1. /මාපිල් කතාව නම් බොහොම ප්‍රසිද්ධ, ගමරාල කපුටො හත්දෙනෙක් වමනෙ කලා වගේ බොරුවක්... /
      ශිහ් මෙයා ආතල් කඩනවනේ :P

      Delete
    2. සාතන්,

      / ලේ මාපිල්ලු ලේ උරා බොන්නෙ නෑ.. /

      එහෙනං මොකද බොල එවුන්ට ලේ මාෆිල්ලු කියල කියන්නෙ?..:)

      / හත්දෙනා ගානෙ එනව කියල එකකුත් නෑ, අනිත් අතට මාපිල්ලු කියන්නෙ උග්‍ර විෂ සහිත සර්පයො නෙමෙයි…/

      විස නම් නෑ තමයි. මොකද ඔය අපෙ විමලයගෙං ඔය විදිහට මාෆිල් පයිප් ලයින් එකක් ලේ බීල තියනව. මූට වෙලා තියෙන්නෙ අර වලල්ල හැදෙනව පරාලෙ ඉඳල පාතට එනව ඔක්කොම බලාගෙන හිටියට අඩුගානෙ නැඟිටින්නවත් බැරිවෙලා. ඌ නං කියන්නෙ ඔය මාපිල්ලිංගෙ මොනවහරි වශීකරන බලයක් වගෙ ඇති කියල.හැබැයි ලේ උරාබොනකොට හෙන ආතල් කියලයි ඌ කිව්වෙ. ටිකකිං ඌට නින්ද ගියාලු සනීපෙට. ඔවුන්ට නිදි මාපිල්ලු කියලත් කියනව නෙව..

      / මොනවැයි ඔය පවුරු වළලු කියන්නෙ... ඒ නමින් ෆිල්ම් එකක් නම් තිබුනා මතකයි… /

      අර තියෙන්නෙ බං එකක් පවුරුසත්තෙ කියල, පිරිමින්ට තියනවයි කියල. අන්න ඒකට නෙව අරුන්දැ පවුරු වලලු කියල කිව්වෙ.

      අපෙ උන්දැ ඔය වගෙ අපහාසාත්මක අන්තිම නෝන්ඩිදායක වචන නිස්පාදනය කරන්ට රුසිය.අපෙ ඒ කාලෙ තිබ්බ වුර්තීය සමිතියක්. ඕකෙං ඔන්න අවුරුදු දොලහක්ද කොහෙද සේවා කාලය පිරිච්ච සාමාජිකයින්ට ප්‍රදානය කලා සමරු පලකයක්. එදා ඉඳල එවුන්දැ අපෙ සංගමේට කිව්වෙ පිඟං සංගමේ කියල..

      " ලඟදි ආවෙ නෑ නේද ඔයාලගෙ අර පිඟං සංගමෙං ලියුමක් එහෙම? මොකෝ දන්නෙ නෑ?..."

      ඔන්න ඔහොම කියනව හිටපු ගමං..මට නේද? උතුර දකුණ මාරු වෙනව...

      Delete
    3. /*මොකද ඔය අපෙ විමලයගෙං ඔය විදිහට මාෆිල් පයිප් ලයින් එකක් ලේ බීල තියනව. මූට වෙලා තියෙන්නෙ අර වලල්ල හැදෙනව පරාලෙ ඉඳල පාතට එනව ඔක්කොම බලාගෙන හිටියට අඩුගානෙ නැඟිටින්නවත් බැරිවෙලා.*/

      එක්කො විමලයා කියන මනුස්සයා හීනයක් දැකල, නැත්තං පට්ට කෙප්පයක් අතඇරල... ලංකාවෙ තාම ලේ උරාබොන සර්පයො වාර්ථා වෙලා නෑ මම දන්න තරමින්...

      හෙහ් හෙහ්.. පවුරුසත්තෙටද පවුරු වළලු කියල තියෙන්නෙ... රවී අයිය (අංකල්) එක්ක ඉඳලම වෙන්ටෑ එහෙම හැඩගැහෙන්න ඇත්තෙ ;)

      Delete
    4. සාතන්,

      / ලංකාවෙ තාම ලේ උරාබොන සර්පයො වාර්ථා වෙලා නෑ මම දන්න තරමින්… /

      ඒකනෙ කියන්නෙ බං..කොහෙද මම අනන්ත කිව්ව විමලෙයට ඔය සීන් කෝන් එක ගැන සවිස්තර වාර්තාවක් ලියල යවමුය කියල. උඹ කියන එක හරි..ලංකාවෙ මෙතෙක් එහෙම ලේ බොන සර්පයෙක් ගැන වාර්තා වෙලාම නෑ තමයි.

      මම ඔය හින්දම දෙහිවල සත්තු වත්තෙ සර්ප අංසෙ ලොක්කට ලියුමක් දැම්ම මේ ගැන කියල...මට අද වගෙ මතකයි එහෙං මට උත්තර එවල තිබ්බ....

      Dear Mr. Weerasinghe,

      We must really thank you for making the effort in reporting this unusual incident. " Le mapila " or Forsten's cat snake has never been reported to be a blood sucker. For that matter non of the serpents in Sri Lanka are sustaining on blood as far as we know.

      As such if you could provide irrefutable scientifically sound evidence that such a species in fact exist that would be definitely a great honor to our motherland . In addition as per the prevailing custom the discoverer of such a new species would be honored by naming the new species after him/her.

      In conclusion let me say we are eagerly awaiting your response in this very important matter.

      Sincerely,

      ………………………………………

      Chief Herpetologist,
      Sri Lanka Zoological Gardens,

      විමලයට මම වැන්දෙ නැති එක විතරයි මත් එක්ක යමංය දෙහිවල ගිහිල්ල උඹේ අත්දැකීම විස්තර කරල කියමුය ඒ මහත්තුරුන්ට කියල. කොහෙද? ඒ බූරුව සත පහකට ගනං ගත්තෙ නෑ නෙව. එදා මා එක්ක ගියානං අද විමලෙගෙ නමිනුත් ඉන්නව මාපිල්ලු ජාතියක්...හෙහ්, හෙහ්…

      විද්‍යාත්මක නාමය - Boiga forsteni wimalayensis

      සාමාන්‍ය නාමය - Forsten and wimale's cat snake.

      මම ඔය උගෙ නමින් ඒ මාපිලා හඳුන්වනවය කිව්වම මොකද දන්නවද ඌ කිව්වෙ?

      " තොට පිස්සුද යකෝ?...මගෙ නම මාපිලෙකුට දාන්ට මට මොලේ අර්සස්ය කියල උඹ හිතුවද?.."

      ඕන්න ඔහොම..ඉතිං බලාපං..පවට පින දෙන්ට බෑය කියන්නෙ ඕක තමයි.

      Delete
    5. ///" තොට පිස්සුද යකෝ?...මගෙ නම මාපිලෙකුට දාන්ට මට මොලේ අර්සස්ය කියල උඹ හිතුවද?.." ///

      රවියෝ මට මේ ටික කියවලා මොලේ අර්ශස් හැදෙනකම් හිනාගියා බන්!!මේවා ඇත්තද බන්!!

      Delete
    6. Aru,

      සත්තෝද්දියානෙං ආපු ලිවුම ඇරෙන්න ඉතිරි හරිය ඇත්තම ඇත්ත.

      ආ... තව එකක් ඔය මාපිල්ලු ලේ බොන සීන් එක ඉතිං විමලයම විතරයි දැකල තියෙන්නෙ.... :) :)

      Delete
  5. මෙ රවි අයියෙ උබ අද කතාව කිවුවෙම නෑතිගානයි හොදේ.අර මාපිලගෙ කතාව මාපිලෙක් මෑරුවම උගෙ ඈගෙන් පිටවෙන රසායනයක තියෙන සුවද නිසා වටෙ ඉන්න අනිත් මාපිල්ලු ඈදිල එනවලු.එකලු ඔය හත් දෙනාගෙ කතාව හෑදිල තියෙන්නෙ.ඔක්කොම ලු වලින් ඈ.

    ReplyDelete
    Replies
    1. Damith,

      ඈ බොල උඹලගෙ නෑනෙ කිසිම රොමෑන්ටික් ගතියක්...අඩේ මේ හැමදෙයක්ම විද්‍යාත්මකව නිර්වචනය කරන්ට යන්ට එපා බං..ජීවිතේ එතකොට නෑ කිසි මෙව්ව එකක්…

      මම කාලයක් සැට් වෙලා උන්න සයන්ස් ටීචර් කෙනෙක් එක්ක. දවසක්දා හැන්දෑවක අපි දෙන්න ඔන්න ගෝල් පේස් එකේ බංකුවක් උඩට වෙලා ඉන්නව පෙම්සුව විඳිමිං..

      " මේ අන්න බලන්නකො අර ඉර ගිලෙන්ට යනකොට මුළු අහසම රතු පාට වෙන්නෙ හරියට අපේ ආදරේට ආසිර්වාද කරන්න වගේ නේද? "'මම ඇහුව එයාගෙ අතකින් අල්ලන ගමන්..

      " පිස්සුද හැබෑට?...එහෙම කෙහෙල්මලක් නෙවෙයි..සූර්යයා බටහිර ක්ෂිතිජයට ලංවෙනකොට හිරු කිරණ ඒ කෝණය අනුව පූර්ණ වර්තනයකට ලක් වෙනව. සූර්ය කිරණ වර්ණාවලීක්ෂයෙ අවම සංඛ්‍යාතය තියෙන්නෙ රතු වර්ණයට. ඒ නිසා ඒ වර්ණය පමණයි අපේ ඇහැට පේන්නෙ. ඒ ඇර මේ අපේ ආදරේට ආසිර්වාද කිරිල්ලක් නෙවෙයි ඒක..."

      මම කටත් ඇරගෙන බලාහිටිය එයාගෙ මූණ දිහාවෙ.

      දෙවෙනි දවසෙ දේදුන්නක් පායල තිබ්බ වෙලාවක මම කිව්ව. " දේදුනු පායන්නෙ වාසනාවට කියල ඔයා දන්නවද? දේදුන්නක් පාටපු වෙලාවක කරන ඕන ප්‍රාර්තනයක් හරි යනවලු…"

      එදත් එහෙමයි.." මොන විකාර කියවනවද මන්ද හැබෑටම...දෙදුනු පායන්නෙ වාසනාවට නෙවෙයි සුර්යාලෝකය..blah..blah,,,blah….. "

      එදත් එදයි මම ගියේ නෑ එවුන්දැ මුණ ගැහෙන්ට...හෙහ්, හෙහ්...

      Delete
    2. මේක දැක්කෙ නෑනෙ කලින්... මම තව කමෙන්ට් එකක් දැම්මා ලේ බොන සීන් එක ගැන.. ශෙක් ;)

      මොනා වුනත් ටීචර් හින්දා හවසට අහස රතු වෙන විදිහ කටපාඩම් වෙලා ඈ..

      Delete
    3. රවී උඹනම් යකෙක් බන්....දමිත් උඹ ඕවා ගනන් ගන්න එපා කොල්ලෝ.

      Delete
  6. අද අර සික්ඛා පදේකුත් සමාදන් වෙලා මේක කළේම පඳුරු තලපු එකනේ අප්පා.. එකොලහත් කෙසේ වෙතත් එකක්වත් පිලිපදින්නෙ නැතුව ඇති මං හිතන්නෙ.. ඒ මදිවට කතාවෙ මැද හරියෙන් මතු සම්බන්ධයිත් කියලා දාලා.... මේකා විමලයට හපන්....

    ReplyDelete
    Replies
    1. හිරු,

      මැද හරියෙන් කොහෙද බොල මතු සම්බන්ධයි කියල දැම්මෙ? ඒක දැම්මෙ කතාව ඉවර වෙලා..ඊට පස්සෙ තියෙන්නෙ පලි කොටස...:)

      Delete
  7. ඒ කියන්නේ සුබාගේ කේස් එක ඉවර කලාට ඉවර වෙලාම නෑ වගේ..හ්ම් ඊලඟ කොටසත් බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. රූ,

      පිස්සු කතා කරනවද හැබෑට මැඩම්? එහෙම හිතේ ඇඳිච්චාමකල දාන්නෙ කොහොමද?

      ඔහෙලයි කාලෙ තියෙන්න නැතුව ඇති මහිතේ ගල්ලෑලි, ගල්කූරු..අපි එක දෙක වසරවල පාවිච්චි කලේ ගල්ලෑලි සහ ගල්කූරු...අකුරක් වැරදුනාම හරිම ලේසියි. යාන්තමට වතුරෙන් තෙමා ගත්තු රෙදි කෑල්ලකින් හෙමිහිට පිහදාන එක ව්තරයි තියෙන්නෙ.

      හිත් වලට එහෙම බෑ බං හිත් වලට එහෙම බෑ....හිත්වල ඇඳිච්ච සිතුවම් ගලේ කෙටූ අකුරක් වගෙ හැමදාම තියෙනව…Nothing is forgotten, nothing is forgotten ever….කියල කිව්වෙ කවුද මතකද?…. රොබින් හුඩ්...

      Delete
  8. අම්මටසිරි අයියේ හරකා පවුනේ යකෝ...
    අයිස් පලමක් පුකේ (නරක වචනයක් නොවේ) ගැහුවම ඌ කොහොම ඉවසන්නද ඈ....
    කතාවත් එල....

    ReplyDelete
    Replies
    1. තරියා,

      ස්තූතියි තරියා..හරකා නං පව් තමයි බං..ඒත් මොකදෑ කොරන්නෙ?

      Delete
  9. අපේ ලංකාවෙ මහජනතාවත් අර අයිස්පලම පුකේ ගහපු හරක් හේ තමා...එක අයිස් පලමක් දියවෙනකොට තව අයිස්පලමක් ගහනව පුකේ...හැම තිස්සෙම හිරිවැටිල හැම තිස්සෙම හිරිවැටිල

    ReplyDelete
    Replies
    1. හැලප,

      පස්ස ෆුල් ටයිම් හිරිවැටිලම නිසා ඒ හැටි අවුලකුත් නෑ හැලප මම හිතන්නෙ..:)

      Delete
  10. "....මම පොතක් කියෙව්ව සාලෙ ඇඳි පුටුවෙ දිගාවෙලා අර කනප්පුව උඩ කකුල් දෙක එහෙමත් තියාගෙන."... Meda para kanappuwa udata bothalak path une nathei....


    ReplyDelete
    Replies
    1. සකල,

      ඉඳපංකො බලාගෙන...:)

      Delete
  11. /" ෂෙහ්..තද උනහමනෙ ඔයාගෙ අර පවුරු…. මොකක්ද අනේ ඒ ඔයාලට තියනවයි කියන්නෙ? …"/

    හැහ්? ඇත්තට මොනාද අනේ අයියේ ඔයි පවුරු??

    ReplyDelete
    Replies
    1. ආම්ස්,

      පවුරුසත්තෙ බං..පවුරුසත්තෙ..අර උඹේ Disappeared into thin air නොහොත් ආගිය අතක් නැති වෙච්ච හේවාරාළට තිබ්බෙ මදි නොකියන්ට...අන්න ඒක...:)

      Delete
  12. තිරික්කල් රේස් දැන් බලන්න නෑනෙ. නැත්තන් අයිස් පලං තියරිය බලන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. මුහුදු,

      දැනටත් මම හිතන්නෙ ඔය දකුණෙ සමහර පලාත්වල තියනව අවුරුදු උත්සවේ එක අංගයක් හැටියට. ඒත් අයිස් පලං ව්‍යාපෘතිය නං ක්‍රියාත්මක වෙන එකක් නැතිවෙයි.

      Delete
  13. රවීගේ අයිස් පලම් කතාවට දෙවෙනි නැහැ ඇනොගේ කමෙන්ට් එක.විජිතයගෙන් තව කවි-අරක්කු ඕඩර් එනවද බං?

    ReplyDelete
    Replies
    1. අරූ,

      නැත්තං නැත්තං... ඒ භාණ්ඩ හුවමාරු ක්‍රියාවලිය දිගටම නැඟල ගියා මචං...:)

      Delete
  14. අනේ අපොයි අර හරකා... වනේ වන හතුරෙකුටවත් එවන් අබැද්දි නොවේවා...

    ඉස්සර කතන්දර කියන කතා කලාවෙ තිබුණා යාං හෑලි කියලා. කොටසක්. රවිට මතකද මන්දා අපි සල්ලිවලට ඉස්කොලෙ පොත් ගත්ත කාලෙ 4 හරි 5 පොතේ හරි තිබුණා "සුබලයාගේ පින" කියලා පාඩමක්. අන්න ඒකතාවෙත් යාං හෑලි ගොඩක් තිබුණෘ මේ වගේම.

    ReplyDelete
    Replies
    1. දයා,

      යාන් හෑලි කියල සිංහලට ඇවිල්ල තියෙන්නෙ දයා Yarns කියන ඉංගිරිසි වචනෙං.90 දශකයේ සුනන්ද දේශප්‍රිය කරපු යුක්තිය පත්තරේ පල වුනා යාං හෑලි කියල අපූරු දේශපාලන රස කථා මාලාවක්...

      සුබලයාගේ පින....හෙහ්, මට තාම මතකයි දයා..පහේ සිංහල පොතේ තිබ්බෙ ඒ කතාව..ඒකෙ තව හිටියා මතකද සුබලයගෙ යාලුව..තුරු වෙළුමා...මිනිහ විනෝදෙට කරන්නෙ කැළේ මහ විසාල රූස්ස ගස් එකට අඹරවන එක. ඒකයි ඒ නම් තුරු වෙලුමා...ඕකෙම නේද අර ගමන් කරන පොල් ගහක කතාවක් තිබ්බෙ?...පිඹුරෙක්ගෙ පිට උඩ හැදිච්චි පොල් ගහක්...

      Delete
    2. අන්න හරි.. තුරු වෙලුමා කියල මෑන් හිටියෙ ඒ කතාවෙ තමා. එතකොට අර ඇවිදි පොල්ගහ. (පිඹුරගෙ පිටේ) අන්න නියම පාඩම් මුලු ජීවිතේමටම මතකයි සල්ලිවලට ගත්ත පොත්වල තිබුණ සාහිත්‍යය. වැඩේ කියන්නේ අද පාඩම් පොත්වල කිසිම රසයක් නෑනේ.

      Delete
  15. "ඇහැ ආයෙම තෙත් වීගෙන ආවෙ මටත් නොදැනීම...විජිතයට පෙනෙයි කියල මම එකපාරටම පුටුවෙන් නැඟිට්ට." ... ඒ තරම් සංවේදියි නේද රවී..??

    " සත්තෝද්දියානෙං ආපු ලිවුම ඇරෙන්න ඉතිරි හරිය ඇත්තම ඇත්ත.

    ආ... තව එකක් ඔය මාපිල්ලු ලේ බොන සීන් එක ඉතිං විමලයම විතරයි දැකල තියෙන්නෙ.... :) :)"..... මේවටද ටොන් පච කියන්නේ රවී..?? බුදු අම්මෝ.. මෙහෙමත් ගෙතිල්ලක්.. එත් හැබැයි ලස්සනට ගොතනවා නේද...??

    ///" තොට පිස්සුද යකෝ?...මගෙ නම මාපිලෙකුට දාන්ට මට මොලේ අර්සස්ය කියල උඹ හිතුවද?.." ///
    හිනා වෙලා පන යනවා රවී..:) ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳා...Thank you so much......නන්රිල්.....බොහොත් ෂුක්රාන්...ඩන්ක.... :)

      Delete
  16. ලේ මාපිලාලගේ මොලේ තමයි මොලේ. හරිම ඉනොවේටිවි..හිහ්. මම හිතන්නේ උන් මිනිහා ගැන අනුකම්පා කරලා හත් පාරක් බෙල්ල හිල් කරන්නේ නැතුව එක පාරින්ම් වැඩේ ගොඩ දානවා

    ReplyDelete
    Replies
    1. සයුරීස්,

      ආන්න දැක්කද? සුට්ටි සතා උනාට කොහොමද උගෙ මොළේ?...හෙහ්, හෙහ්,

      Delete
  17. රවී, මේ අයිස් පලම් කතාව මම අපේ අම්මගෙන් ඇහුවා, මොකද අම්මලා පොඩි කාලේ ඉස්කෝලේ ගියේ තිරික්කලෙන් කියලා, කියලා තිබුණ නිසා. හැබැයි අපේ අම්මා නම් කීවුවෙ වෙන කතාවක්...

    ReplyDelete
    Replies
    1. සඳා,

      පිස්සුද හැබෑටම? ඔව්ව අහනවද අම්මලගෙං? අනික ඔහොම ස්ටිමියුලේෂන් එකක් කරල හරකව මෝටිවේට් කරල ගන්නෙ රේස් වලට විතරයි. පොඩි එවුං ඉස්කෝලෙ යන තිරික්කලේ හරකට ඔය ට්‍රීට්මන්ට් එක දුන්නොත් ළමයි ඉස්කෝලෙ නෙවෙයි යැවෙන්නෙ....හෙහ්,හෙහ්...වෙල් ගානෙ, බඩවැටි ගානෙ බෝක්කු පල්ලෙ හොයල තමයි පොඩිඋං ටික එකතු කරගන්ට වෙන්නෙ...හෙහ්, හෙහ්

      අම්ම කිව්වෙ අර ගම්මිරිස් කුඩු සීන් එක නේද? හෙහ්, හෙහ්, ඒක හරිගියෙ ළමයා ඒ ආදි කාලෙ විතරයි...පස්සෙ හරක් ඉගෙන ගත්ත ඒ වෙලාවට කරන්ට ඕන දේ..හෙහ්,හෙහ්, ආය නෑ තිරික්කල කාරයගෙ කෙලින්ම පෙනහල්ලෙ තමයි නවතින්නෙ ගම්මිරිස් කුඩු ටික..එයිට පස්සෙ තමයි ඔය අයිස් පලම් වැඩේ හොයාගත්තෙ...:) :)

      Delete
    2. අනේ අම්මේ රවී.., ඔයා නම්...
      අපේ අම්මා කීවුවෙ මොකක්ද දන්නවද..?? හරකාගේ නැට්ට කෙළවර හරියෙන් නවනවා කිවුවා.. එතකොට ඌට රිදිලා වේගයෙන් දුවනවලු.. එහෙම තමා රේස් වලට කරන්නේ කියලා..

      Delete
    3. අම්මප..අම්ම එහෙමයි කිව්වෙ?....හෙහ්, ඔයයි අම්ම කියපු එක නොකිය ඇඹරෙනකොට මගෙ හිතට ආවෙ අර ගම්මිරිස් පෝරියල් එක...:) :)

      Delete
  18. නැද්ද ගුරුවරියක් සමඟ උඹේ....

    ReplyDelete
    Replies
    1. තියනව තියනව බං මොකැයි නැතුව?....ඒකත් ලියඤ්ඤංකො විජහට...:)

      Delete
    2. මම මේ කම්පනා කොරන්නේ සඳා අක්ක එයයිගේ මේ හස්බන්ඩ මහත්තයා හෙවත් රවී අයිය එක්කල ගත කරන ජීවිතේ ගැන බ්ලොග් සටහන් පෙළක් ලියන්ට ගත්තොත් එයා ඒකට දාන නම මොකක් වේවිදෝ කියාල...
      හ්ම්ම්ම් දැන් බලාන්ට රවී අයිය ලියන්නේ 'ගුරුවරියක සමඟ මගේ ජීවිතය' කියල. එතකොට...සඳා අක්ක ලියාවි මෙන්න මෙහම:
      ..."පිස්සු හටනක් සමඟ මගේ ජීවිතය"
      ..."පැණි හැළියක් සමඟ මගේ ජීවිතය"
      ..."පඳුරු තලන මුදියන්සේලාගේ රවී බේගල්සිංහ සමඟ මගේ ජීවිතය"

      මෙන්න මෙහෙමත් ලියනට ඉඩ තියෙනවා:
      ..."my life with a sweet-talking clinically insane yet brilliant mind boggling story spinner"


      :D :D!!!!

      Delete
    3. ආම්ස්,

      තැන්කියු..තැන්කියු....තැන්කියු..අමාස් මැඩම්…

      මම ඉස් ඉස්සෙල්ලාම රස්සාවකට යන්ට හදනකොට අපෙ ගමේ හිටපු ඉහලම පෙලේ රජයේ නිලදාරිය මට දුන්න නොම්මර එකේ චරිත සහතිකයක්. ඒකෙ හුඟක් හරිය පට්ට බොරු ලියල තිබ්බෙ. පස්සෙයි මම දන්නෙ සීන් එක. මනුස්සයගෙ බාල දුව මාත් එක්ක එකට ටියුෂන් ගියා. අපි හොඳම යාලුවො...මහ උන්දැ හිතල තියෙන්නෙ වෙන දෙයක්.. අනේ මයෙවත් ඒ කෙල්ලගෙවත් හිතකවත් එහෙම දෙයක් තිබ්බෙ නෑ ඇත්තම කිව්වොත්..

      රයිට් මට කියන්ට ඕන කලේ මෙච්චරයි..ඒ සැටිපිකට් එකෙං පස්සෙ මට මේ ඒ වගෙ අගනා සැටිපිකට් රාජයෙක් හම්බ උනාමයි...තැන්ක්‍යු අගේන් අමාස්..:)

      මම ඔය බ්ලොග් එකක් කියල එකක් ලියන්ට පටං ගත්තනෙ ඔන්න..

      " මේ ඒයි..මම බ්ලොග් එකක් ලියන්ට පටං ගත්ත දැං දවස් තුන හතරකට ඉස්සර.."'

      " මොකක්?"

      " බ්ලොග් එකක් ..ඒයි බ්ලොග් එකක්…"'

      " මොකද්ද බ්ලොග් එකක් කියන්නෙ?.."

      " මෙහෙමයි..ඔය ඉතිං නොයෙක් දේවල් ලියන්ට පුළුවනි බ්ලොග් එකක. පරන කතන්දර, අත්දැකීම්...කවි ඔය වගෙ ඕන දෙයක්…"

      " හප්ප..ඔයා ඉතිං මොකද?...පට්ට පල්බොරු ලියයි හතරැස් කරල අතේ පැලවෙන්ට…"

      " ඔන්න ඉතිං..එතකොට මා ගැන එහෙමයි හිතාගෙන ඉන්නෙ..එහෙමද?.."'

      " නෑ ඉතිං මනුස්සයගෙ තරම දන්න නිසයි මම එහෙම කිව්වෙ...තරහද? "

      " නෑ ඉතිං මොකට තරහ වෙන්ටද? බොරුවක්මත් නෙවෙයිනෙ ඔයයි කිව්වෙ...හෙහ්, හෙහ්,"

      " ආන්න,…. ඒකනෙ කියන්නෙ හි, හි,"

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...