Friday, September 13, 2013

216. කවිකාරියකගේ ප්‍රේමය…..5

Image - Dominique Amendola.com


කවිකාරියකගේ ප්‍රේමය…..1

කවිකාරියකගේ ප්‍රේමය…..4 

" ඇයි අයියෙ? ඇයි? මොකෝ මේ එක පාරටම? …" විජිතයත් ඒ එක්කම නැඟිටල මගෙ ලඟට ආව. 

" නෑ බං මොකවත් නෑ...එක පාරට මේ ඇහැක් කෙවෙන්න වගෙ ඇල්ලුව...උඹ ඉඳගෙන හිටහංකො..මං පොඩ්ඩක් මූන හෝදගෙන එන්නං සැමී මේ මහත්තයට තේ එකක් හදහං කොල්ලො හොඳ එකා වගෙ.." 

මම එහෙම කියල විජිතයට ආපහු ලියුම දීල ඉස්සරහ දොර ඇරගෙන මිදුලට බැස්ස. 

මිදුලෙ ටිකක් එහාට මෙහාට ඇවිදල පිට පැත්තෙංම ගිහිල්ල පිටිපස්සෙ ටැංකියෙං මූණත් ටිකක් හෝදං කාරිය ආපහු මම සාලෙට ගියා. විජිත අර මම බල බල උන්නු පොත පෙරල පෙරල හිටිය. 

" ඉතිං මලේ?..මොකෝ දැං කෙරෙන්න ඕන?.." 

" ආයෙම අයිය ලව්ව කවියක් දෙකක් ලියව ගන්න ඕනෙ කියල හිතලයි මම මේ ආවෙ අයියෙ.." ඌ ඔලුව උස්සල මගෙ මූණ දිහාවත් නොබල බිම බලාගෙනයි ඔය ටික කිව්වෙ... 

" කවියක් දෙකක් ලියන එක නම් ඒ හැටි දෙයක් නෙවෙයි බං ..ඒත් මම අර කලිම්ම උඹට කිව්වෙ...මයෙ හිතට හරි නෑ බං...කොහොම උනත් මොන චේතනාවෙන් උනත් කවුරුහරි රවට්ටන එක හොඳ වැඩක් නෙවෙයි කියලමයි මට හිතෙන්නෙ…" 

" නෑ අයියෙ මම දිගටම මෙහෙම කරන්නෙ නෑ...ඉක්මනටම එයාට ඇත්ත කියනව. අනේ අයියෙ...මට මේ උදව්ව කරල දෙන්නකො…" 


ඇත්තටම මයෙ හිතේ කොණක පොඩි පහේ විචිකිච්චාවක් තිබ්බ නම් තමයි. ඒත් කාලෙකට පස්සෙ කවියක් ලියන්ට මේ අහම්බෙන් ලැබිච්චි අවස්තාව පැහැර හරින්ටත් මගෙ හිතේ තිබ්බෙ ලෝබ කමක්. 

කවි කියන එව්ව ඔය නිකම්ම හිත අයාලේ යනකොටත් ලියවෙනව.ඒත් බොහොම හැඟීම්බර කවි ලියවෙන්නෙ හිත එක අරමුණක තියාගෙන ලියනකොට. සුබා එක්ක සෙනෙහෙන් බැඳිල ගෙවපු කලෙ මගෙ අතින් කවි ලියවුනෙ දුන්හිඳෙන් වතුර ගලන්නැහෙ. ඒ ලෙංගතුකම මැකිල ගියත් හරි මගෙ කවි හිතත් හිඳිලම ගියාද කොහෙද?..ඒ නිසා ආයෙම අරමුණක් ඇතුව කවි ලියන්න ලැබිච්ච අවස්තාව මඟ නොඅරින්න මම තීරණය කලා, අරමුණ මගේ පෞද්ගලික අරමුණක් නොවුනත්. අනික සොඳුරු යුවතියක් එක්ක කවි ගණුදෙනුවක් ප්‍රතික්ෂේප කරන්නෙ මොන මෝඩයද? 

වසන්තය දෝතට රැගෙන විත්, 
කණක තරුවක් දිලි විලාසෙන, 
අනන්තය තෙක් ඇවිද යමු සිත්, 
මලක රැඳි රොන්සුණු සිනාසෙත, 

සියපතක ඉසි පිණි බිඳක රැඳි, 
හිරු කිරණ ඉඳුසැව් මැවෙන්නේ, 
වැහිපොදක නිරුදක කතර බිඳි, 
පිරූ සෙනෙහස හද පිරෙන්නේ,
 
කතාකරනා දෑස අබියස, 
විපිලිසරවී මහද ගොළුවෙත, 
තොලග රඟදෙන සිහින් මදහස, 
මිහිරි කවියකි සිත්පහන්වෙත,

බවකතර දුර ගෙවා ආ මඟ, 
සොඳුරු ළඳ නුඹ හමුවුනේ, 
නතර වූයෙමි ඔබේ නෙතුලඟ, 
තමරු විල්තෙර පිබිදුනේ, 


මේ එදා මම ලිව්ව කවිය...මත්පැන් ගැන විජිත ඇහුවෙත් නෑ..මට එහෙම අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ....කවි සංකල්පනා බිහිවෙන්න හිත බාගෙට මත්වෙන්න ඕනය කියන කියමන මම අහල තියනව. ඒ කතාවෙ යම්තාක් දුරට ඇත්තකුත් තියෙනව. හැබැයි එක කාරණයක් තියනව. මත්වෙනව කියන්නෙ මත්පැන් වලින්ම වෙන්න ඕන නෑ..ආදරෙන් සෙනෙහසින් මත්වෙනව කියන්නෙ මත්වීමක් තමයි. බොහොම වෙලාවට ආදරෙන් සෙනෙහසින් මත්වීම මත්පැන්වලින් මත්වීමට වැඩිය බලගතු වෙන්න පුලුවන්. 

ඊට පස්සෙත් සුජාගෙ කවි වලට මම පිළිතුරු කවි ලිව්ව...ඒ ලියපුව ඔක්කොම මෙතන ලියන්ට ගියොත් මේක කවි මඩුවක් වෙනව තනිකරම... ඒ නිසා කවි දැං ඔය මදැයි නේද? විජිතයගෙං ඊට පස්සෙ හැමදාම නම් අපි බොන්ට ලෑස්ති උනේ නෑ...ඒත් ජයේගෙ විමලෙගෙ අතේ සල්ලි නැතිඋනාම " ඒයි මල්ලි මේ...අරං වරෙං බෝතලයක්..නැත්තං අද උඹට කවි නෑ..හරී? " ඔන්න ඔහොම පොඩි තර්ජනයක් දාල උං බෝතලයක් දෙකක් මරාගත්ත.ඒත් ඒ වෙනකොට ඒ බොන සිහියක් නම් මට තිබ්බෙම නෑ. අර කෙල්ල සුජා එක්ක කවි ගනුදෙනුවට මම වහ වැටිල හිටියෙ. 

ඔය විදිහට මාස තුන හතරක් ගියයි කියමුකො. ඊට පස්සෙං පහුත් දෙතුං පාරක්ම මම විජිතයට අර වැඩේ මතක් කලා. වැඩේය කිව්වෙ මේ කරන බහුරූ කෝලම ගැන ඇත්තම විස්තරේ ගෑණු ළමය එක්ක කියන එක..හා අයියෙ මම කියඤ්ඤංකො මම කියඤ්ඤංකො කිව්ව මිසක ඒක එහෙම කියනව තියා ඒ ගැන තුං හිතකිංවත් හිතන පාටක්වත් පේන්ට නම් තිබ්බෙ නෑ... 

ඔහොම ඔන්න එක දවසක මයෙ කාමරේ මේසේ ඉඳගෙන මම කවියක් ගලපමින් හිටිය. 

" ගඟුල ගැලු ඉම් පෙදෙස් පසුකොට...."' මම හෙමිහිට තොල මැතුරුවෙ ඊලඟ පදේ ගැන අදහසක් ගන්න හිතාගෙන. 

විජිත මගෙ ඇඳේ ඉඳගෙන මා දිහා බලා උන්න යන්තමට හිනාවීගෙන. 

" අයියෙ මම අයියගෙන් කාරණාවක් අහන්න මට ඇත්තම කියනවද?..." 

" ම්ම්ම්..ගඟුල ගැලු ඉම් පෙදෙස් පසුකොට කිව්වොත්ද වඩා හොඳ ගඟුල ගැලු ඉම් කොණක් නොම දැක කිව්වොත්ද?...ඉම් පෙදෙස් පසුකොට..ඉම් කොණක් නොම දැක…" 


පස්සට වෙලා පුටුඇන්දට හේත්තුවෙලා අත්දෙකත් පපුවට බැඳගෙන මම කල්පනා කරන්ට ගත්ත. 

" අයියෙ මේ?....මම කියපු එක ඇහුණද? " 

" ඉම් පෙදෙස් පසුකොට කියල දැනට ලියමු. පස්සෙං පහු එන විදිහක් බලල වෙනස් කරන්ට බැරුවය ඕන්නං?..." මම මටම කියාගත්ත හෙමිහිට. 

" ආ..මලේ උඹ මොකවත් කිව්වය?...මම විජිතය දිහාවට හැරුන.." 

" කිව්ව නේන්නං ..මම ඇහුවෙ අයියට සුජාගැන මොකද හිතෙන්නෙ කියලයි… " 

එක පාරටම උත්තරයක් දීගන්ට බැරුව මම ඒකගෙ මූණ දිහා බලා ඉන්ටැති මයෙ හිතේ එක විනාඩි බාගෙයක් විතර. 

" ඇයි මලේ...ඇයි උඹ එක පාරටම ... එහෙම ඇහුවෙ? …" මම අන්තිමට කියා ගත්ත. 

" නෑ අයියෙ මම ගොඩක් දවසක ඉඳල හිටියෙ අයියගෙන් මේ ගැන අහන්ට…" 

හ්ම්ම්ම්ම්.......ඇත්තටම මගෙ හිතේ සුජා ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද?...මාස තුන හතරක් වගෙ කාලයක් තිස්සෙ මම එයාට කවි ලියනව..එයා මට කවි ලියනව..නීතියෙ තියනව පෙරකලාසි කියල එකක්..ඉංගිරිසියෙන් කියන්නෙ By Proxy කියලයි. ඒ කියන්නෙ කවුරු හරි වෙනුවට අදාල කටයුතු කරන්ට නීත්‍යානුකූලව අවසර දුන්නයි කියන එක.එතකොට මම කවි ලියන්නෙත් එහෙමද? පෙරකලාසියක් මත කවි ලියමි..හෙහ්, හෙහ්..ඒකත් නරකම නෑ...මට හිනහවකුත් ගියා. 

ඔබේ නමින් ලියවුනු කව්,
අකුරු කලේ මමයි ලඳුනි,
එනමුදු කිසි දිනෙක එබැව්,
හඟවනු නොහැකිව ලතවෙමි....

" සුජා කැමතියි කිව්ව අයියව මුණ ගැහෙන්ට…"එක පාරටම විජිතය කියාපි. 

මම නේද...අර කරකෝල අතෑරිය කියන්නෙ..අන්න ඒ වගේ උනා.. 


" ඈ...ඒ කියන්නෙ මලේ උඹ මම ගැන ඒ කෙල්ලට කිව්වද? " 

" කිව්වයි කියන්නෙ ඔය කවි ලිවිල්ල ගැන මොකවත් නං කිව්වෙ නෑ තාම..මම එයාට කිව්වෙ මෙහෙමයි., මගෙ හොඳ යාලුවෙක් ඉන්නව..එයත් ඔය කවි එහෙම ලියනව ...එහෙම කිව්වම තමයි එයා කිව්වෙ අඳුනගන්න කැමතියි කියල..මොකද අයිය කියන්නෙ? …" 

එක පාරටම මට උත්තරයක් දෙන්න බැරුව මම ටික වෙලාවක් ඇස් දෙකත් පියාන කල්පනා කලා අත් දෙකත් පපුවට බැඳ ගත්තු ගමංම. 

සුජා මුණ ගැහිල කතා කරන්ට හිතේ කොණක පොඩි ආශාවක් නොතිබුනේම නැති උනත් ආයම නිකං බයක් වගෙ හැඟීමකුත් ..බයක්මත් නෙවෙයි මේ දෙගිඩියාවක් වගෙ හැඟීමකුත් මගෙ හිතේ පිරිල උතුරන්න ගත්ත. 

" ඕන නෑ මල්ලි..පස්සෙ බලමුකො.." මම එහෙම කියල ප්‍රශ්නෙං මඟ ඇරිය එදා. 

ඊට පස්සෙං පහුත් තුං හතර පාරක් ඔය සුජා මුණගැහෙන එක ගැන විජිත මතක් කලත් මම ඔය ඒ වෙලාවට මොනවහරි කියල ඒක මඟඇරියා. 

ඔය වෙනකොට අපි කට්ටිය හතර පස්දෙනෙක් අර්ධ කාලීන කාර්මික විද්‍යාල පාඨමාලාවකුත් කලා අපේ වෘත්තියට සම්බන්ධවම.සති අන්තයෙ පාඨමාලාව පැවැත්වුනේ. අපි බොහෝවිට සිකුරාදා හවස් වෙලා ජීප් එහෙකින් කදුරුවෙලට ඇවිල්ල කොහෙහරි කිට්ටු යාලුවෙකුගෙ ගෙදර රෑ නතර වෙලා පහුවදා උදෙන්ම යනව අර කිව්ව පාඨමාලාවට. 

විජිතය බොහොම වෙලාවට සිකුරාද හවස ගෙදර යනව….සිකුරාද ඉස්කෝලෙ ඇරිල එහෙම්මම සුජාත් එක්කම එකට බස් එකේ යන්ට පුලුවන් නිසා මනුස්සය මොක කරල හරි සිකුරාද හවස පනිනවමයි..... 

දවසක් හෙනහුරාදාවක පාන්දර මම ලෑස්ති වෙලා කදුරුවෙලට යන්ට ජීප් එකට නඟිනකොට මෙන්න ව්ජිතයත් ඉන්නව ජීප් එකේ පිටිපස්සෙ. 
" ඇයි බං උඹ සිකුරාද හවහට නේද වෙනද ගෙදර යන්නෙ?..." 

වාඩි වෙලා කරේ එල්ලං තිබ්බ මගෙ ට්‍රැවලිං බෑග් එක අතට අරගෙන උකුල උඩ තියාගන්න ගමං මම ඇහුව… 

" නෑ අයියෙ ඊයෙ මට හදිස්සි වැඩක් තිබ්බ.." ඌ හිනාවෙන ගමං කිව්ව. 

" එතකොට අර ළමය? …." මම හීං සැරේ විජිතයගෙං ඇහුව. 

" ආ..එයා ඊයෙ යන්ට ඇති.." විජිත ඕනවට එපාවට වගෙ කිව්ව… 

කදුරුවෙල ස්ටේෂන් එක ඉස්සරහ අපි බහිනකොට හයට තරම ඇති..යාන්තමට වටපිට එලිපෙහෙලි වේගන එනව.බස් එකින් එක ඇවිල්ල පටවං ආපු සෙනඟ බස්සනව. තඹාල, ඕනෑගම, සේවාගම..ඔය අතරෙ එනව බී.ඕ.පී 400, බී.ඕ.පී. 317 කියල බෝඩ් ගහගත්තු බසුත්. 

අපි රස්සාවට ගිය අලුත ඔය B.O.P. කේස් එක අපිට මහ හිනා කන වැඩක්. මොකද ඊට කලිං අපි දන්නෙ BOP කියල අර තේ වර්ගය විතරයි.Broken Orange Pekoe...ඔය බී.ඕ. පී කියන අකුරු තුනට අපේ එවුං හදල තිබ්බ මරු නමක්. මෙතන කියන්ට නම් බෑ ඕන්න ඒක...පුළුවන් කට්ටිය හිතාගන්ටකො...හෙහ්, හෙහ්, 

හරි ඉතිං දන්නවය ඔය B.O.P. කියල ගං වලට නං වැටුනෙ කොහොමද කියල?...තිස් හතළිස් ගනංවල ඩී. එස්. සේනානායක මහත්තය කෘෂිකර්ම ඇමතිකාලෙ ඔය රජරට පුරාම ගොවි ජනපද පිහිටෙව්වනෙ.එතකොට පදිංචි කරපු මිනිස්සුන්ට කුඹුරු සහ ගොඩ ඉඩං මැනල වෙං කරල දීල තියෙන්නෙ කට්ටි කැඩීමේ පිඹුර අනුව.ඒ පිඹුරු කතා ආවෙ මේ ඊයෙ පෙරෙයිද නෙව. ඒ කාලෙ ඔය සිංහල නං තිබිල නෑ..ඉංගිරිසි නම විතරයි. Blocking out Plan..... 

අන්තිමට උනේ බ්ලොකිං අවුට් ප්ලෑන් එකේ නොම්මරේ අනුව ඒ ගමටත් ඒ නමම වැටිච්ච් එක.තව ඔය යාය කියල කියන්නෙත් ඒ වගෙ ජනපදවල ගම් හඳුන්වන්ට යොදාගත්තුනම්...යාය කියල සිංහලෙං කියන්නෙ ට්‍රැක් කියන වචනෙට..ට්‍රැක් 8, ට්‍රැක් 16, ට්‍රැක් 32, ට්‍රැක් 41 අන්න ඒ වගෙ. 

යාය කියනකොට මට මතක් වෙනව අපූරු සිංදුවක්..ගායකය එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙවෙයි..උපාලි රන්තිලක...ඒත් අපූරු සිංදුව...කාලෙං කාලෙට මගෙ ප්‍රියතම ගීත තිබ්බ...දෙදාස් දෙකේ විතර මම නිදාගන්න වෙලාව ඇරුනු කොට අනික් හැමවෙලේම , නානකොට..කන බොනකොට විතරක් නෙවෙයි සරීර කෘත්තිය කොරන එකත් කලේ මේ සිංදුව කියන ගමං...හෙහ්, හෙහ්, 

දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි 
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි 


ඔය ගම් වලට ඒත් එක්කම එක එක ස්ථාන නාම හැදුන හැටි හොයා බලන එක මගෙ සිරිතක්. පරණ ගොවි ජනපදවල සෝමියල් හන්දිය කියල එකක් තියනවමයි. මුලින්ම ගොවි ජනපද පිහිටුවන්ට කැළෑ එලි කරද්දි කපපු ගස් ඔක්කොම පී. ඩබ්ලිව්. ඩී..නැත්තං රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙ ලී මෝල් වලට දාල ඉරල තියනව. ඒ ලී වලින් තමයි ජානපදිකයින්ට ගෙවල් හදල දීල තියෙන්නෙ. ඒ ලී මෝල් ( Saw Mill ) තිබ්බ තැන් තමයි ඔය සෝමියල් කියල අද හැඳින්වෙන්නෙ. 

සුජා ඉගැන්නුවෙ බී.ඕ.පී. 317 ඉස්කෝලෙ...

සෝමිල් හන්දි, කට්ටි කැඩීමේ පිඹුරු ගැන හිත හිත උන්නු මගෙ උරහිසට අත තියල විජිත කතා කලා.. 

" අයියෙ මේ තමයි සුජා......." 

මතු සම්බන්ධයි......



52 comments:

  1. විජිතයි, සුජායි කෙසේ වෙතත්, රවිගෙයි, සුජාගෙයි පෙම් කතාව මෙතැන් සිට පටන් ගනීද දන්නේ නෑ.

    කලකට උඩදි බලපු ජනප්‍රිය හින්දි චිත්‍රපටියක් මතක් උණා. ඒ කතාවේ විදියට නම් සුජාව අයිති වෙන්ට ඕනි ඔය කවි ලීව කෙනාටයි.:)

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙම මෙතනින් පස්සෙ රවී - සුජා කතාවක් යයි වගේ කියල...

      Delete
    2. @ බූරාස්,

      මොකෝ බොල අද වීක් එන්ඩ් එකේ ගැහුවද ටිකක් විතර වැඩිවෙන්ට?...

      සාජන් නල්ලතම්බි එකේ කොහෙද බොල මේ වගෙ කතාවක්....හෙහ්, හෙහ්..

      Delete
    3. @ පොඩ්ඩි,

      පිස්සුද බං?...ඔය දෙකයි පණහෙ හින්දි පිචැර් කැලේ දන්නවද අපි හරියට වැඩේට සමවැදිල තිර කතාවක් ලිව්වොත්...හරිය?

      කුමරියකට පෙම් කලෙමි කතාවෙං හින්දි ෆිල්ම් එකක් ගහන්ට මයෙ හිතේ තියනව අයිඩියා එකක්...ජයේට මම හිතාගෙන ඉන්නෙ නනා පටේකාර් සහ චුට්ටි මැණිකෙට නන්දිතා දාස් ගන්ට..නමක් තවම කල්පනා කරනව....:)

      Delete
    4. @ සාතන්,

      හෙහ්..එහෙමද හිතෙන්නෙ?...:)

      ඇයි බං රවී ප්‍රාන්ගෙ භූමිකාවට එන්ටර් උනොත් හොඳ නැද්ද?

      Delete
  2. මෙතන ඉදල රවී කෙලින්ම සුජාට කවි ලියයිද මන්ද?
    රවී මම වගේ එකෙක් නෙමෙයි නේ..................?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නං..මේ ලෝකෙ කිසිම විටක එක වගේම දෙන්නෙක් නෑ කෙන්ජි...සම නිඹුල්ලුන්ගෙ උනත් සිතුම් පැතුම් වෙනස් ....

      Delete
    2. ඒ ලියල තිබුන විදියට ඔබට සිත් රිදීමක් ඇති වුවාද?එසේ නම් සමාවන්න.
      එක වාගේ හත් දෙනකු ලෝකෙ කොහේ හරි සිටිනවාය කියන්නෙ බොරුවක් නේද රවී.

      Delete
    3. කෙන්ජි,

      බණ ටෝකිං ද මචං?..මොන සිත් රිදීමක්ද? :) :)

      අනික උඹත් මං වගේද කියල අහන එකේ වැරැද්ද මොකද්ද?..මෙතන මට පේන්නෙ වැරැද්ද මගේ...:( මම සරල උත්තරයක් දෙන්නෙ නැතුව මහප්පරාණ ලියන්ට ගියායයිං උඹට හිතෙන්ට ඇති මුට තද වෙලාද කොහෙද තමයි කියල. ආයෙම මගෙ උත්තරේ කියවනකොට මටත් එහෙම හිතෙනව...එහනං දැං මම සමාව ඉල්ලන්නං...සිත් රිදීමක් වූයේ නම් සමාවන්න.

      ගොමේනසායි කෙන්ජි සං....

      ප.ලි. - මචං...මේ ඇවිල්ල ගූගල් ජපං, ...ඒ වචනෙ වැරදිනං ආයෙත් සමාවෙයං...:)

      මෝ ඉකායි ගොමේනසායි කෙන්ජි සං....

      මචං...මේ ඇවිල්ල ගූගල් ජපං, ...ඒ වචනෙ වැරදිනං ආයෙත් සමාවෙයං...:)

      මෝ ඉකායි මෝ ඉකායි ගොමේනසායි කෙන්ජි සං....

      :) :) :) :)

      Delete
    4. කෙන්ජි,

      / එක වාගේ හත් දෙනකු ලෝකෙ කොහේ හරි සිටිනවාය කියන්නෙ බොරුවක් නේද රවී /

      පිස්සුද බං ඒ කතාව ඇත්තම ඇත්ත...:)

      වරෙං නිවාඩු වෙලාවක...අපි දෙන්න යං අනික් පස් දෙනා හොයාගෙන...:)

      Delete
  3. දැන් මෙතැන් සිට එලිපිට නටන හැටි

    ReplyDelete
    Replies
    1. දමිත්,

      එලිපිට කියනකොට මතක් උනේ..ප්‍රියාගෙ අඳුර අඳුර මගේ සිංදුවෙ තියනව කොටසක් " නොයනු මැනවි දා තනිකර එළියේ …." කියල...අහල තියේ නේද?...ඒ ටික අහනකොට මොන වගෙ චිත්ත රූපයක්ද මැවෙන්නෙ?

      Delete
    2. අදුරට පෙම් කරපු කාලයක් හැමොටම ඇති

      Delete
  4. මං ඕක මුලිම්ම කිව්වද මන්ද.... හි හි

    ReplyDelete
    Replies
    1. හිරු,

      මොකෝ නොකිව්වෙ? මොකෝ නොකිව්වෙ?...නමෝ විත්තියෙං කතාව පටං ගත්තු දවසමනෙ උඹ එහෙම කිව්වෙ...හෙහ්, හෙහ්,

      Delete
  5. අනේ අර අසරණයා... පූජා වට්ටිය පිටින්ම ගෙනල්ලා තියලා නේද කපුවගේ කකුල් දෙක ගාවින්ම..?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ... කපුවා පූජා වස්ටියට මක්කා කොරයිද ;)

      Delete
    2. සාමාන්‍යයෙන් දේවාලේ සිද්ධ වෙන විදියට වෙයි බං... කපුවා හොඳ හරිය..මුල් කොටස.. අරං ගැතියට ඉතුරු බිතුරු ටික දෙනවනේ ලොව ලොව ඉන්න... :D :D :D

      පව් නේද විජිතයා.. හෙහ් හෙහ්...

      Delete
    3. මාර්ස් මලේ,

      ඉතිං බොල පූජා වට්ටිය කපුවට නැතුව ආය වෙන කාට දෙන්ටද?

      Delete
  6. ඕකනේ කියන්නෙ අනුන් නමින් අකුරක්වත් ලියන්න හොඳ නැහැ කියල :)

    ReplyDelete
    Replies
    1. සෝන්යා,

      ඇත්ත තමයි කතාව...:)

      මේ බී.ටී.ඩබ්ලිව්. ( එහෙම කිව්වම ක්‍රිකට් මතක් වෙනව ) සෝන්යා කිව්වම මට මතක් වෙන්නෙම අපරාධය සහ දඬුවම නවකතාවෙ ඉන්න සෝන්යා....

      Delete
  7. " අයියෙ මේ තමයි සුජා......."

    ඉතින් ඊට පස්සෙ???

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      ඇයි බං දැක්කෙ නැත?

      / " අයියෙ මේ තමයි සුජා......."  /

      / මතු සම්බන්ධයි....../

      Delete
  8. ඒ කාලේ පෑනේ මිතුරු මිතුරියෝ වෙලා ඉඳලා පස්සේ යාළුවෙච්ච කතා කොච්චර තියනවද?
    (අද කාලේ සයිබර් ආදර කතා වගේ)
    කවි නිසා පටන් ගත්ත ප්‍රේම කතාවක් වගේ....

    ReplyDelete
    Replies
    1. රූ,

      අභිමාන් කියල අපේ කාලෙ හින්දි ෆිල්ම් එකක් තිබ්බ.අමිතාබ් බච්චන් සහ ජයා බහදූරී...ඒකෙ ප්‍රචාරක දැන්වීම රේඩියෝ එකේ ගියේ මෙහෙමයි " ඔවුන් දෙදෙන එක් කලේද සංගීතයයි..වෙන් කලේද සංගිතයයි "

      අන්න ඒ වගේ මෙතන වෙන්නෙ " ඔවුන් දෙදෙන එක් කලේද කවියයි..වෙන් කලේද කවියයි "

      Delete
    2. මචං.....ඔය දැන්වීමේ හඬ සහ නිර්මාණය බංඩාර කේ.විජේතුංග මහත්තයගේ නේද?

      Delete
    3. යස් අරූ..බණ්ඩාර කේ. විජේතුංගගෙ තමයි හඬ සහ නිර්මාණය දෙකම.

      අපූර්ව දක්ෂතා තිබුණු සහසකින් එකෙක් වූ මිනිසෙක් ඔහු...

      මම කැමතිම ඔහුගේ ගීත රචනයක් මේ....

      දිනෙන් දින ඔබ මා වෙතින්
      දුරස් වන විට මගේ මනැසට
      තවත් ළං වනු පමණෙකිය ඔබ
      දිනෙන් දින ඔබ මා වෙතින්

      රුදුරු රළ පෙළ හඬක් නොනැගේ
      බිහිරි වී ඇත මගේ දෙසවන
      රැයේ තරුමල් කිනිති නොපෙනේ 
      අන්ධ වී ඇත මගේ දෙනයන

      මළානික හද විලේ ඉවුරේ
      ඔබේ පියවර ලකුණු අහුරකි
      මිලින කුසුමෙක කඳුළු මල් පිනි
      ඔබෙන් නොහැලෙන කඳුළු බිඳු වැනි

      ඔබේ හසරැලි සිහින අතරේ 
      යළිත් මා මන පුබුදුවන්නට 
      සතුටු සයුරක නැගෙන සිරිකත
      විලස මා වෙත නැවත එනු මැ

      Delete
    4. රවී.....මගේ කැමතිම ගීත ගොන්නේ උඩින්ම තියෙන එකක්. සනත්ගේ අපූරු ගායනය.සනත්ගේ "එක යායට මල්"කැසට් එකේ කවරේ දැකලා ඒකාලේ කට ලූස් යාලුවෙක් කිව්වා, යකෝ මේකට දාන්න තිබුනේ "එක යායට කෙස්" කියලා.
      මගේ තරුණ කාලෙදි මට කිහිප විටක් බංඩාරව ඇසුරු කරන්න ලැබුනා. පස්සේ ලියන්නම්.

      Delete
  9. රවී.1) BOP සහ සෝමියල් හංදියේ හරි අරුත අද තමයි ඉගෙනගත්තේ.ස්තූතියි.
    2)උපාලි රන්තිලකගේ මේ සින්දුව මම ඉතාම රස විඳපු ගීතයක්. නැවත මතක් කරදීමට ස්තූතියි. උපාලි තරුණ සේවාවෙන් ආව බව මතකයි.මෑතකදී ජයලාල් රෝහන සමග එකතුවී යම්කිසි හොඳ වැඩක් කරන බවත් ආරංචියි.
    3)උඹ අහිංසක විජිතයාට ද්‍රෝහී වූවාද නැත්නම් සුජා විජිතයාට ද්‍රෝහී වුවාද? දෙකෙන් මොකක් හරි වෙලා කෙලවුනේ විජිතයාටද?

    ReplyDelete
    Replies
    1. අරූ,

      හෙහ්, හෙහ්, ඔක්කෝටම කෙලවෙන්ඩත් පුලුවං බං...

      ඒ.නෙ. - උඹ එතකොට අරුණ නේද?...අඩේ මෙච්චර දවස් අරූ කියනකොට මගෙ හිතට ආවෙ ශ්‍රී ල ශ්‍රී අරුමුග නාවලර් .....මතකද? සමාජ අධ්‍යයනයට තිබ්බෙ අපේ ජාතික වීරයෝ පාඩමේ...එම්.සී. සිද්දි ලෙබ්බේ, ටී. බී. ජයා,...ඔය නායකයංගෙ පින්තූර හොයල ක්ෂේත්‍ර පොත කියල එකක් හදල ඒකෙ අලවල ...හපොයි කරපු දේවල්....හෙහ්, හෙහ්,

      Delete
    2. බුදු අප්පෝ....හොඳටම මතකයි.

      Delete
  10. අද ආවේ දිගටම එන්නම් ,ඔයාගේ බ්ලොග් එකේ ගොඩක් දේ තියනවා

    ReplyDelete
    Replies
    1. අපූර්වී,

      ස්තූතියි..ස්තූතියි...සාදරයෙන් පිළිගනිමි....සාදරයෙන් පිළිගනිමි...වාඩි ගන්ඩකො බලන්ට එහෙනං දෙතුං පලකිම්ම....:)

      Delete
  11. කොහොමත් කවිකාරි සුදුසු කවිකාරයෙකුටම තමයි,නේද රවි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      එහෙමම නොවෙන අවස්තාත් තියෙනව මචං...මේ ඇවිල්ල ඒ වගේ එකක්..:(

      Delete
  12. Coming colours are not so good...eh...? This could be ur next love may be....

    ReplyDelete
    Replies
    1. Coming colours not so good Uncle, take the girl inside home......You think this is my next love? ..:) :) well let's see....

      Delete
  13. " අයියෙ මේ තමයි සුජා......." මෙහෙම කිවුවම රවිට මොනවද වුණේ..?

    ReplyDelete
    Replies
    1. සඳා,

      එහෙම කිව්වම රවී මතු සම්බන්ධ උනා...:)

      Delete
  14. ඔක්කෝම ටික අදයි කියෙව්වේ... ආයේ ඉතින් කියන්න දෙයක් නෑ... ඕන් පෝස්ට් එකකින්ම කිව්වා... රස උතුරුනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං බොහොමත්ම ස්තූතියි...:)

      Delete
  15. දැන් මේක හින්දි ෆිල්ම් එකක් නං, සුජා කියන්නෙ හිච්චි කාලෙ රවීගෙ ලව් එකක්. කවි වලින් පුද්ගලය කව්ද කියල අඳුනගෙන තමා හම්බ වෙන්න ඕන කියල තියෙන්නෙ. ඒත් ඉතින් මේක හින්දි ෆිල්ම් එකක් නෙවේ නෙ. :( එක්කො එහෙම වෙයි ද? :D :D :D

    B.O.P. එකේ අනික් තේරුම මොකද්ද?

    ReplyDelete
    Replies
    1. Broken Orange Pekoe කියන්නේ තේ වර්ගයක් නේද මුහුදු. ඕක ඔය තේ වෙන්දේසියේ තේ විකිනිච්ච මිල ගණං කියන කොට ඇහෙන එකක්නේ.

      එතකොට ඔය රබර් මිළ ගණක් කියන කොට RSS නොම්මර 40 කියනවා.

      Delete
    2. @ මුහුදු,

      ලොකු හාංදුරුවො ගෝල නමට කිව්වලු මෙහෙම " වැඩේ නං අපූරුයි පොඩිනම ..ඒත්......... "

      අන්න ඒ වගෙ මට කියන්න වෙන්නෙ " ඒ කතාව නං අපූරුයි මුහුදු, ඒත් අවාසනාවට එහෙම මෙනෙයි නෙව වෙන්නෙ " කියල තමයි...:)

      Delete
    3. හෙන්රි,

      RSS කියන්නෙ බං Ribbed Smoked Sheet…

      පොඩි දවස්වල අපි ගත්තෙ දිනමිණ සහ Daily News පත්තර විතරයි. ගත්ත කිව්වට වඩා ගැලපෙන වචනෙ ගැන්නෙව්ව කියන එක. මොකද ඒ කාලෙ දිනපතා පත්තර තිබ්බෙ ඒ දෙක විතරයි

      දිනමිණේ අකුරක් නෑර මම කියවනව අපෙ ඉස්තෝප්පුවෙ කුළුනක් යට බිම ඉඳගෙන..සතුන් විකිණීමට වෙළඳ දැන්වීම් වල තියන සත්තු වර්ග මට ඒ කාලෙ කට පාඩං..එළදෙනුන් - අයර්ෂයර්, ජර්සි, ෂෙට්ලන්ඩ්.... මී දෙනුන් - මූරා.... එළුවන් - ජමුනපාරි...කුකුළන් - ආර්. අයි. ආර්., ඕස්ටලොෆ්, වයිට් ලෙග් හෝර්න්

      Delete
    4. @හෙන්රි,

      B.O.P. තේ වර්ගෙ දැන ගත්තට මේ රවී කියල තියෙන්නෙ තව තේරුමක් තියෙනව කියල. මම ඇහුවෙ ඒක. :D

      Delete
  16. Ravi aiye mata hitenne wena deyak.......Sujatath kavi liyala denne wena girl kenek......samaharavita Suba wennath puluwan.....eya kavi walin aiyawa adura gannawa...Sujawa ewanawa balagena yanna aiyge aluth wistara........ehema wennath puluwan neda......:)

    ReplyDelete
    Replies
    1. සචිනි,

      මොකදෑ බොලේ බැරි?...මොකදෑ හැබෑට බැරි?...හෙහ්, ඒකත් අපූරු කතාවක් වෙයි එහෙම උනොත්...ඉඳහං කවිකාරියකගේ පේමය විකල්ප අවසානය කියල එකක් ලිව්වොත් එහෙම ලියඤ්ඤං...:)

      Delete
  17. අනේ විජිතයා වගේ මැට්ටෙක් ඇත්තට :)

    ReplyDelete
    Replies
    1. සයුරි,

      ඕකා කපටි කමටම කරපු මගඩියක්ය කියල හිතෙන්නෙ එහෙම නැත? :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...