Friday, October 11, 2013

223. කවිකාරියකගේ ප්‍රේමය…..11


විජිත එහෙම්මම කුස්සියෙ පඩිය උඩ ඉඳගත්ත දෑතිම්ම ඔලුව බදාගෙන. මාත් ඒ ලඟිම්ම ඉඳගෙන උගෙ උරහිසට අතක් තිබ්බ. 

" ඈ මලේ... මොකද අපි දැං කරන්නෙ? " 

" අනේ මට තේරෙන්නෙ නෑ අයියෙ.." විජිත ඔලුව බදාගෙනම කෙඳිරි ගෑව. 


එහෙම පිලේ පඩියෙ ඉඳගෙන එළිවෙනකල් කල්පනා කලත් විජිතටත් මටත් ඒ ගැන කරන්ටෙයි කියල අබමල් රේණුවක දෙයක් තිබ්බෙ නෑ. කරුණු කාරණා සිද්ද උනේ අපි දෙන්නගෙම පාලනයෙන් තොරව.වෙන්ට තියන දෙයක් ඔන්න ඔහෙ වෙන්නෙ නැතුවය කියල බලා ඉන්ටයි අපිට වෙලා තිබ්බෙ. 

මොකෝ කවි කොන්ත්‍රාත්තුව නිසා මම අර ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් එක අතඇරල නිකා ඉන්ටය? අනික කවදා හෝ මේ වැඩේ මෙහෙම සිද්ද වෙන්ට තිබ්බ දෙයක් නෙව. අද නැති උනත් හෙට හෝ අනිද්ද සුජාතා මේ සීන් එක දැනගන්නව. ඒ නිසා විජිතට තියෙන්නෙ මොනව හරි කරල වැඩේ ගොඩ දාගන්න එක. පහුවදා උදේ කොළඹ යනකනුත් මම හිතමින් ගියෙ ඔන්න ඔහොම. 

ඇත්ත දැනගත්තම අර කෙල්ල මොනවගේ තීරණයක් ගනීද? 

විකල්ප දෙකයි සුජාතට තියෙන්නෙ....එක්කො අනේ මේ මනුස්සය වංචාවක් කලා තමයි..ඒත් ඒක ඒ හැටි බරපතල සීරියස් කේස් එකක් නෙවෙයි නෙව, ඒ නිසා ඔන්න ඕක අමතක කරල දාමුය කියල හිතල වැඩේ අල්ලල දාන එක.අනික එහෙම ඒ පැත්තට, ඒ කිව්වෙ විජිතගෙ පැත්තට තරාදිය බර වෙන්ට තවත් කාරණාවක් තියනව. ඒ තමයි මේ යස්සය මේ ඔක්කොම කලේ ආදරේ නිසාය කියන කාරණාව. 

ආදරේ වෙනුවෙන් ඔහොම පොඩි වංචාවක් කලාට කමක් නැතය කියල හිතන්ට පුළුවන්නම් කිසිම අවුලක් නෑ. ඒත් මෙතන වැදගත් වෙන්නෙ මම හිතන එකවත් විජිත හිතන එකවත් එහෙමත් නැත්තං ඔහෙල හිතන එකවත් නෙවෙයි අර කෙල්ල හිතන විදිහ...මොන හේතුවක් හින්ද කලත් ඒක වංචාවක් රැවටිල්ලක් නේද කියල සුජා හිතුවොත් ඉතිං වැඩේ කලාස්. ( කලාස් කියන්නෙ ඇරබික් වලින් එල්ලාම් මුඩිංජි කියන එක. එල්ලාම් මුඩිංජි කියන්නෙ දෙමලෙන් කලාස් කියන එක ) 

මම සුජාතා එක්ක කතාබහ කරපු කාල සීමාව ඕනනම් වැඩිම උනොත් පැය එකහමාරකට දෙකකට වැඩිය නෑ.ඒත් ඒ පොඩි කාලෙදි මට එයා ගැන ඇතිවෙච්ච හැඟීම අනුව නම් මම හිතන්නෙ නෑ සුජාතා විජිතට සමාවක් දෙන ජාතියෙ කෙනෙක්ය කියල. 

සාමාන්‍යයෙන් මහිලා පක්ෂය ගැන මගෙ තක්සේරු වරදින්නෙ නෑ, කිව්වම මොකද?.... ඒත් මිනිස් සිත ගැන කාටද කියන්ට පුලුවන් නේද?...හිත කියන එක අරමයි මෙහෙමයි කියල ඉරි ගහල රූල් ගහල කොටු කරල කෝවක දාල අච්චුවක දාල කිරන්ට මනින්ට පුළුවන් එකක්ය... නේද? ඒ කොහොම උනත් සුජාතා ගැන මගෙ තක්සේරුව සාකල්‍යයෙන්ම අසත්‍ය වේවා කියල තමයි මම නිතරම ප්‍රාර්ථනා කලේ... 

" මොකද බං උඹ කනවද බාවනා කරනවද? " ඒ විමලෙ...

පැත්තක් අඩි හතරක් වගෙ වෙච්ච හරි හතරැස් ෆෝමිකා මේසෙ වටේ අපි හතර දෙනයි, කුමාරයි ජයේයි අනික් දෙන්න.බෙලෙක් කඩේ හන්දියෙන් ගොඩ පැත්තට තියෙන පාරෙ යාර විස්සක් විසිපහක් යනකොට වම් පැත්තෙ තිබ්බ මේ බත් කඩෙන් තමයි අපි හැමදාම වගෙ දවල්ට කෑවෙ.රත්මලාන ටෙක් එක තියෙන්නෙ බෙලෙක් කඩේ හන්දියෙ මොරටුව දිහාට යද්දි දකුණු පැත්තෙ. 

මම හිනාවෙල වටපිට බලල ඉස්සො හතර පස් දෙනෙක් පිඟානට බෙදා ගත්ත. අනික් අය කාලත් ඉවරයි. 

" ඒයි හදිස්සියක් නෑ.උඹ හෙමීට කාපං..මල්ලි යෝගට් තුනක් ගේන්න…" විමලෙ පස්ස හැරිල වේටර් කොලුවට කෑගැහුව. 

කාල ඉවරවෙලා එහෙම කැෂියර් එක ගාවට ආව. 

" ඒයි විමලෙ උඹ ගෙවපං අද..උඹේ ටර්න් එක… "


විමලෙ බිල ගෙවල ගෝල්ඩ් ලීෆ් තුනකුත් ගත්ත. කුමාරය දුම්පානයෙන් සපුරා තොරයි.කඩේ ඉස්සරහ ඇවිලෙන ලණ්ණෙං අපි සිගරට් පත්තු කරගත්ත.

( සැයු - මේ සිගරට් සීන් එක මම මුලින්ම ලියලත් ආය ඩිලීට් කරල දැම්ම. මොකටද ආයෙ දුම්පානය ප්‍රවර්ධනය කරනවය කියල කතාවක් අහගන්නෙ කියල. මෙන්න ඒ එක්කම බැලින්නං හෙන්රීස් තුමා තනිකර සියලු දුෂ්චරිත ගැන ලියල පෝස්ට් එකක් දාල. ඉම්පාර මම කල්පනා කලා ඌට හොඳ නං මට මොකද හොඳ නැත්තෙ ? ඉඳපිය මාත් ලියනවයි කියල..ඒ පාර තමයි මේ ආයෙම ලිව්වෙ...තව ඉතිං එක දුෂ්චරිතයක් ගැන විතරයි ලියන්ට තියෙන්නෙ ...හෙහ්, හෙහ්,...ඉන්ටලාකො ඉවසල..ආයෙම ඒ ගැනත් ලියඤ්ඤංකො වෙලාවක..ආය මොටෝ අඩුවක්..හෙහ්, හෙහ්, ඒ දුෂ්චරිතෙ ගැන තමයි අපූරුම අත්දැකීම් තියෙන්නෙ. ) 

ෂියේට් ගහල ඉවර වෙලා පෙපර් මින්ට් කූරකුත් අරගෙන අපි ගාළු පාර පැන්න. ඉස්සෙල්ල කොළඹ පැත්ත බැලුව..ඊට පස්සෙ ගාල්ල පැත්ත බැලුව ආයම කොළඹ පැත්ත බැලුව. ඉක්මන් ගමනින් පාර මාරු උනා. අපිට තුනේ පංතියෙදි ලියනාරච්චි මැඩම් මහ පාරට එක්කගෙන ගිහිල්ලම පාර මාරුවෙන්ට ඉගැන්නුවෙ ආන්න එහෙමයි. " පලමුව දකුණු පස බලන්න. ඉන්පසු වම් පස බලන්න. නැවත දකුනු පස බලන්න. වාහනයක් නොපැමිණෙන්නේ නම් ඉක්මන් ගමනින් පාර හරහා මාරු වන්න. " 

පෙපර්මින්ට් ගත්තෙ මේ දවස්වල පොඩි උකුළු මුකුළුවක ( ඉංගිරිසියෙං Flirtation කියන්නෙ..අන්න ඒක ) යෙදෙමින් මම උන්නෙ ..අන්න ඒ නිසා..දුම්පානයෙන් පසු පොඩි කාලෙ නම් පේර කොළ. පස්සෙ පෙපර්මින්ට්. 

කාල ඉවරවෙලා අපි ආපහු ටෙක් එකට ගියත් දවල් ලන්ච් අවර් එක පැය එකහමාරක් නිසා තව පැයකට කිට්ටු කාලයක් තිබ්බ. සිසු විවේකාගාරෙ පැත්තෙ ගියේ ඔහෙ ඉඳගෙන කයියක් වත් ගහමුය කියල හිතාගෙන. 

" ඒයි අන්න…" 

කුමාර මගෙ ඇළපතට ඇන්න.නිශාන්ති ළමය ඉන්නව පත්තරයක් බල බල......ඔෆිස් එකේ කෙල්ලො හිටිය හතර දෙනෙක්ම.අපි කවුද කරන රස්සාවල් මොනවද කියල එවුන් දන්න නිසාම වෙන්ට ඇති මට හිතෙන්නෙ අපෙ කට්ටියට ඒ කෙල්ලියංගෙ තිබ්බ පොඩි ගෝ එකක්. අපිත් ඉතිං ඔය නිකං ඉන්න වෙලාවෙනෙ කියල ලාවට උං එක්ක ටෝක් එක දාගෙන ඉන්නව. 

නිශාන්ති ඔෆිස් එකේ රෙජිස්ට්‍රේෂන් ක්ලාක්. ලියාපදිංචි කිරීමේ ලිපිකාරිනිය.කෙට්ටුයි, උසයි..තලේලුයි.දන්නවද ඔය හමේ පාටට තල එළළු කියල කියන්නෙ ඇයිද කියල? ආ..ඊට කලින් කියන්ටලාකො එහෙම වචනයක් අහල තියනවද කියල..හරි අහල නැත්තං දැං අහගන්ට. එහෙම වචනයක් තියනව. ඒකෙ තේරුම තමයි තල ඇටවල පොත්ත අයිං කලාම කළුත් නොවෙන සුදුත් නොවෙන ඒ දෙක අතර වගෙ පාටක් එනව. අන්න ඒ පාට ඉස්තිරියාවංට තමයි කියන්නෙ තල එළළු කියල. 

ඉස්සෙල්ලම දවසෙ මමයි කුමාරයි උදෙම්ම ආව කෝස් එකට රෙජිස්ටර් වෙන්ට. වොචර් හට් එකෙන් කිව්ව ඇතුලෙ මිස් කෙනෙක් ඇති ඔෆිස් එකට ඇතුල් වෙන තැනම වම් පැත්තෙ, එයාව හම්බ වෙන්ට කියල, ...ඒ මිස් තමයි නිශාන්ති. 

" ඔයාල මොකද? " 

නිශාන්ති යන්තමට හිනා වෙලා ඇහුව. මට පස්සෙ දවසක කිව්ව එයා හිතුවෙ ළමයෙක් ටෙක් එකට දාගන්ට ආපු තාත්තල දෙන්නෙක් කියලලු. අපිට ඒ දවස්වල බොහොම ලාබාල කොළු ගැටව් උනාට අර පට්ට දඩං අව්වෙ දූවිලි වකාරෙ වැඩ කරල කාපිරිවගෙ කළු වෙලයි හිටියෙ. ඒ මදිවට මම මූන පුරා රැවුල් බූසෙකුත් වවාන . කුමාරය නම් ආය දවස් පතා රැවුල කපනව. 

" අපි මේ අර ඉක්ටෑඩ් එකේ කෝස් එකට.... "

" ආ...පොඩ්ඩක් ඉන්නවද මම මේ හදිස්සි වැඩක්..මේක ඉවරවෙලා මම කතා කරන්නං… "


" හරි අපි ඔයාව පේන තැනකිං ඉන්නංකො..." මම උරේ තිබ්බ බෑග් එක අනික් උරේට මාරු කරන ගමන් කිව්ව.දිග ඇරගෙන හිටපු ෆයිල් එකට නැමිල හිටිය ඔලුව එක පාරට ඉස්සුණා. 

" ඒ මොකටද? " ලියාපදිංචි කිරීමේ ලිපිකාරිනිය වචන වලින් දමල ගැහුව. 

" වෙන මොකටවත් නෙවෙයි අනේ, එතකොට ඔයාගෙ වැඩේ ඉවර උනාම අපි දන්නවනෙ..." මම මේසෙට අත්දෙක තියල බරවෙලා කිව්ව.. 

" හා..හා..එහෙනං ඕන එකක් ඕන තැනක ඉන්නකො..." 

ආයෙම ඔලුව ෆයිල් එකට පාත් උනා. ඒත් යටි තොල හපාගෙන..ඒ වගේම කම්මුලේ සුළි දෙකකුත් යන්තමට වගෙ මම දැක්කද කොහෙද...

නිශාන්ති ඉස්සරහම පුටු දෙහෙක අපි ඉඳගත්ත.ෆයිල් එකටම ඔලුව පාත්කරගෙන ඈ මොනවද ලියන දිහාවෙ මම බලාගෙන හිටිය. ටිකකින් ඔලුව උස්සනකොටම මම අහක බලාගත්ත. ආයෙම කටාක්ෂ නිරීක්ෂණයෙන් බලනකොට ඔලුව ආයෙමත් පාතට හරවගෙන.ඒත් යටි තොල තවම හැපිල. 

අන්න ඒ නිශාන්ති තමයි පත්තරයක් බල බල හිටියෙ. 

" ආ, ළමයා මොනවද පත්තරේ තියෙන්නෙ?..." මම ඒ ලඟම තිබ්බ අනික් පත්තරේ පෙරලන අතරෙ ඇහුව. 

" හරියට මනුස්ස ආස්සරයක් නැති කැලෑ වල දීර්ග කලයක් රස්සාවල් කරන අයගෙ මනස වර්දනය බාල වෙනවයි කියල නම් තියනව… "

" ආ, ඒකත් එහෙමද? හරි එහෙමනම් මනස වර්දනය නොවිච්චි අය කරන දේවල් වලට තරහ ගන්ටත් ඔට්ටු නෑ හොඳද? " මම එහෙම කියල එයා දිහාට කිට්ටු උනා.. 

" ආ..මේ එව්ව ඔට්ටු නෑ හොඳද? " නිශාන්ති අහකට පැන්න. 

" ආ." මම ඇඟිලි මිටිකරගත් අත්ල එයාට දික්කලා. " ඕනද? "

" මොකෝ ...ගොළු හදවත කියල හිතුවද? " යන්තං හැරිල බලල ඈ ආපහු පත්තරේ බලන්ට ගත්ත. 

" නෑ...ගොළු හදවත නං නෙවෙයි..මේක ඇවිල්ල බීරි පෙණහැල්ල." හිකිස් ... ඈට හිනාවක් පැන්න. 

The cutest kind of flirting, in my opinion, is the flirting that isn't too noticeable. Its not straight forward and sometimes you can't tell whether its flirting or not. Its cheesy. Its cute. When you are indecisive it adds I suppose a certain kind of romance undoubtedly. 

කුමාරයි මමයි නැවතුනෙ බොරලැස්ගමුවෙ කුමාරලගෙ නැන්දාවකගෙ ගෙදර. ඔය නැන්දාවක කියන්නෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ වචනයක්. බොරලැස්ගමුවෙ දේවාල පාරෙ...බෙල්ලන්විල පන්සල පේනතෙක් මානෙ.ඒ ගමේ කොල්ලො සෙට් එක අපි දෙන්න එක්ක හොඳටම ෆිට් උනා.බොරලැස්ගමුවෙ ඉඳල දෙහිවල පැත්තට එනකොට බෙල්ලන්විල පන්සලට ඉස්සෙල්ල තියනව පාරෙ දකුණු පැත්තෙ ලොකු වතුර බට පේළියක්.හවසට ඔය බට පේලිය උඩ ඉඳගෙන සිගරට් එකක් ගහන එක මගෙ සිරිතක් වෙලයි තිබ්බ. ඒ කරල බෙල්ලන්විල පන්සල පැත්තෙ රවුමක් ගහල ඔය හොඳ තැනක් බලල ඉඳගෙන බාවනාවක් කාරිය කරල...හෙහ්, හෙහ්, දන්නෙ නැද්ද ඉතිං? 

විජය ඝාතනය සිද්ද උනේ ඔය අතරෙ...කලින් මම සටහනක් ලිව්ව ඒ ගැන " ඝාතනයක් සමඟ අතීතයට " කියල. පිච්චර් බැලිලි, පොත් ප්‍රදර්ශන, එතකොට සතියකට දෙපාරක් විතර දෙහිවල හන්දිය කිට්ටුව තියෙන පර්ල් ඉන් එකේ සෙට් වෙන එව්ව. මොරටුවෙ අපෙ යාලුවෙක් හිටිය..සොයිසාපුර ෆ්ලැට්ස් වල. උගෙ දිහා ගිහිල්ල මූදෙ නාන්ට යනව බෝතල් තුන හතරකුත් අරගෙන බයිට් එකට බීෆ් කොත්තු දෙක තුනකුත් දාගෙන. අන්තිම වෙනකොට බයිට් එක කොත්තුවලට වැඩිය ඉතිං මූදු වැලි තමයි.. 

ඔය ආතල් අස්සෙ නිශාන්ති එක්ක ආතල් එකත් ලාවට වගෙ නැඟලම යනවා. 

ඔය අස්සෙ කවි ලියවිලි ගැන ඒ හැටි මතකයක් තිබ්බෙ නම් නෑ ආය බොරු කියන්නෙ මොකටද? එහෙත් අළුයට සැඟවුනු ගිණි පුපුරක් හදිසියේ හමා ආ සුලඟක් කරණ කොට ගෙන පණ ගසා ඇවිලෙන්නාක් මෙන්, සුලඟ නිසාම අකීකරු වූ ගෙල දක්වා දිගු කෙස් කළඹ ආම්බාං කොටගැනීමට උත්සාහ දරන අතර " අයිය මට කවි එවනව නේද? "   යනුවෙන් කෙලිලොල් ස්වරයකින් විමසන සිනාසෙන දෑසක හිමිකාරිය වූ එක්තරා යුවතියක පිලිබඳ සොඳුරු මතකයන් විටින් විට මහද කොණිති නොගැසුවේම නොවන බව මෙහිලා සටහන් කර තැබීමට මට අවසර!!! 

මාස දෙකකට විතර පස්සෙ..සරත් ගියා අපෙ වැටුප් අරං එන්න..මතකනෙ අර බෝතල් තුනක් අරගෙන දීල ඕකා වැටුප් ගෙන ඒමේ වැඩේ තනිකරම උගෙ සම්බුද්දියටම ලියාගත්තනෙ. 

" හරි වැඩේනෙ අයියෙ වෙලා තියෙන්නෙ. " 

සල්ලිත් අරගෙන ඊලඟ සඳුදා පංතියට ආපු සරත් එහෙම කිව්වෙ දහයට තේ බොන්ට ලැබෙන විවේකයෙදි. 

" මේ... ඒ හරි වැඩ වැරදි වැඩ ගැන පස්සෙ කතා කරමු..හොඳද? ඉස්සෙල්ලම දෙයියනේ කියල අපෙ සල්ලි දීල ඉඳිං " විමලය කිව්ව 

මගෙ සල්ලි මම ගණං කලා…" මොනවද බං සරතය විස්වාස නෑ වාගෙනෙ උඹ සල්ලි ගණං කරල බලන්නෙ? " ජයේ නං කෙලින්ම උගෙ සල්ලි සාක්කුවට දාගත්ත. 

" නෑ බං ඌ අවිස්වාසෙකට නෙවෙයි. මම මාවම විස්වාස නෑ.හෙට මම කියන්න බැරිනෑ මල්ලි ඊයෙ මෙහෙ පඩි සල්ලිවලිං රුපියල් පන්සීයක් අඩුයි කියල. අන්න ඒ නිසයි මම සරත ඉස්සරහම ගැන්නෙ. " 

" අම්මප ඒකත් ඇත්ත ….ඉඳහං එහෙනං මාත් ගනින්ට ඕන " ජයේ සල්ලි ආයම අතට ගත්ත. 

" හරි සරත් දැං කියාපං උඹ කියන්ට ආව හරි වැඩේ මොකද්ද කියල? " 

" අයියෙ ....විජිත......" 

" ඔව් විජිත…. ඌට මොකද දැං වෙලා තියෙන්නෙ? " 


මතු සම්බන්ධයි...... 

55 comments:

  1. ලියමු ලියමු. හැබැයි ගොඩක් අදින්න එපා.

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      ස්තූතියි දිලිනි..නෑ, නෑ...ආය අදින්න දෙයක් නෑ..කතාව ඉවරයි ලඟදීම..:)

      Delete
  2. දකුණ බලා වම බලන්න
    නැවතත් දකුණම බලන්න
    පාරේ වාහන නැත්නම්
    ඉක්මනින්ම මාරුවෙන්න..කියල තමයි අපට නම් ඉගැන්නුවෙ

    ReplyDelete
    Replies
    1. දිමුතු,

      යස්..එහෙම තමයි අපිටත් කියල දුන්නෙ...

      Delete
  3. උබත් රවි අයියේ නටන්න තියෙන දහාටවන්නම් විස්සක් විතර නටල ගන්න තියෙන ආතල් ඔක්කොමත් අරගෙන ඉන්නෙ නෙද?

    ReplyDelete
    Replies
    1. දමිත්,

      ඔය කරන්ට තියන දේවල් කලින්ම ඒ කාලෙම කරල ඉවර කලාම ලේසියි බං..හිතටත් නිදහසයි, ආය පස් සෙ කාලෙකදි කවුරුහරි ලියන කියන කියෙව්වම ඇහුනම සික් අපිට තිබ්බෙ නෑනෙ එහෙම ආතල් එකක් කියල හිතෙන්නෙ නෑ එතකොට කවදාවත්..:)

      Delete
  4. කලාස් කියන්නේ ජර්මන් වලින් කපූට් කියන එක. කපූට් කියන්නේ ඇරබික් වලින් කලාස් කියන එක. දැන් පැහැදිලියිනේ. ඔන්න මමත් උදව්වක් හැටියට තව පොඩ්ඩක් පැටෙලෙව්වා.

    ෆ්ලර්ට් කිරිල්ල ගැන කිව්වොත්, දඩ මසට වඩා දඩයමේ තියන ආතල් එක. මාලුවට වඩා මාලු බෑමේ තියෙන ආතල් එක වගේම තමයි. වෙන විස්තර අනවශ්‍යය.

    එක මාසෙන්ම විජිතයා කෙලවා ගත්තාවද්ද?

    ReplyDelete
    Replies
    1. Henry,

      Not the result idiot not the result. rather the fun lies in following the process

      කවුද දන්නවද එහෙම කිව්වෙ?

      Delete
    2. ඩෝප් දාල පිස්සු කෙලල පොරක් ගෙනිච්චලු ඔන්න පොලිසියට...දැං පොරගෙන් ප්‍රශ්න කරනව..

      " තමා කොහෙද ඉන්නෙ? "

      " සිරිතේක්කු අයිය එක්ක "

      " එතකොට සිරිතේක්කු අයිය ඉන්නෙ? "

      " ආ එයා ඉන්නෙ මාත් එක්ක "

      " හරි, හරි දැං තමාල දෙන්නම ඉන්නෙ කොහෙද? "

      " එකට "

      Delete
    3. කවුද එහෙම කිව්වේ? මම නම් නෙවෙයි. කවුද ඇත්තටම?

      උඹේ ඔය දෙබසට සමාන ඇත්තම සිද්දියක් ආශ්‍රයෙන් මම 2011දිද කොහෙද බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා. ලින්ක් ඒක හොයලා දාන්නම්.

      Delete
    4. / කලාස් කියන්නේ ජර්මන් වලින් කපූට් කියන එක. /

      උඹ දන්නවද කපෝති කියන වචනෙ හැදුනෙ කපූට් කියන ජර්මන් වචනෙං කියල?

      1899 ඉඳල 1901 වෙනකල් දකුණු අප්‍රිකාවෙ ආධිපත්‍යයට බ්‍රිතාන්‍යයන් සහ බුවර්වරුන් අතර තිබ්බ යුද්දෙන් බුවර්ස්ල පැරදුනා.බුවර්ස්ල කියන්නෙ ඕලන්ද, ඩෙන්මාර්ක් සහ බහුතරයක් ජර්මන් ජාතිකයන්ගෙන් සැදුම්ලත් දකුණු අප්‍රිකාවෙ අවුරුදු දෙසීයක් විතර පදිංචි වෙලා හිටපු ආගමනිකයො.බුවර් යුද්දෙං පරාජිතයින් හිරකාරයො හැටියට නොයෙක් බ්‍රිතාන්‍ය යටත් විජිත වලට ගෙනාව.

      ලංකාවටත් එහෙම ගෙනාපු අය හම්බන්තොට සහ ත්‍රිකුණාමලේ පදිංචි කලයි කියල තමයි කියවෙන්නෙ. ටික කාලෙකට පස්සෙ එයාල ආපහු අප්‍රිකාවට යැව්වලු. ඒත් එහෙම නොයා මෙහෙම නැවතුනු බොහොම ප්‍රසිද්ද බුවර් වරයෙක් තමයි Your namesake හෙන්රි එංගල්බ්‍රෙෂ්ට්.යාල වනෝද්‍යානයෙ ප්‍රථම පාලකයා.

      ඒත් පළවෙනි ලෝක යුද්ධ කාලෙ බ්‍රිතන්‍යයන්ට මාරම හිස රදයක් වෙච්ච ඇම්ඩන් කියන සුප්‍රසිද්ධ ජර්මන් සබ්මරීන් එකට ආහාර සැපයුවයි කියන චෝදනාව උඩ මිනිහව සෑහෙන කාලයක් හිර කරල තියනව සුද්දො. එහෙම හිරේ ඉන්දැද්දි හැදිච්චි ලෙඩකින්ම තමයි අන්තිමට මනුස්සය මැරෙන්නෙත්.

      ඇම්ඩන් කියල කට්ට කයිරාටික මිනිස්සුන්ට කියන්ට ගත්තෙ ඔය ඇම්ඩන් සබ්මරීන් එකේ සීන් එකෙන් පස්සෙ.

      බූරු ඇඳ, බූරු කුට්ටම ඔය බුවර් සිරකරුවන්ගෙන් අපිට ලැබුණු දායාද...

      කපෝති ගහන්නෙත් ඕමි, 304 ගහද්දිනෙ..Meinheer කියල Afrikaans වචනයක් තියනව ( Afrikaans කියන්නෙ බුවර්ලගෙ භාෂාව ) ඒකෙ තේරුම ඉංග්‍රීසියෙන් මයි ලෝඩ් කියන එකට බොහොම කිට්ටුයි. බූරු කුට්ටමේ රජාට හේරා කියල නම වැටුනෙ ඒ වචනෙ ආශ්‍රයෙන් කියල මට හිතෙනව.

      දකුණු අප්‍රිකානු ක්‍රිකට් ටීම් එකේ, AB de Villiers, Francois du Plessis , Jacques Rudolph, Jacques Kallis, Marchant de Lang,Rory Kleinveldt ...මේ ඔක්කොම බුවර් සම්භවයක් තියෙන අය. උඹට ක්‍රිකට් අරහං උනාට කමක් නෑ..මතක තියාගනිං...:)

      විල්බර් ස්මිත්ගෙ බහුතරයක් කතා ඔය බුවර්ස්ලගෙ මුල් කාලෙ ඔවුන් වින්ද දුෂ්කරතා අලලලා ලියවුන එව්ව.

      Delete
    5. මටත් ඉතින් මොකක් හරි මගුලක් කියන්න තියෙනවා....මාත් එක්කත් ඔය BOER කාරයෝ දෙන්නෙක් වැඩ කරා. එකෙක්ගේ වාසගම VILIJOEN අනික RUDOLPH. පළවෙනි එකාගේ වාසගම උන් කියන්නේ විල්යොන් කියලා. මම ඌට විලියොං කියලා තමයි කතාකරන්නේ. පස්සේ මට අරකී බැන්නා මිනිස්සුනට ලස්සනට කතා කරන්න කියලා. කාරනාව පැහැදිලි කරලා දුන්නා.

      BOER ලාගේ කෑම වලදීත් මේ අය ටිකක් සැරට කන්න කැමතියි.BILTONG කියන්නේ මේ අයගේ කෑමක්.DRIED SALTED BEEF නියම බයිට් එක. තව තියෙනවා KOMKOMRE SAMBAL කියලා එකක්. අපේ පිපිඤ්ඤා සම්බෝලය තමයි.KOMKOMRE කියන්නේ පිපි වලට.

      උඹේ පැහැදිලි කිරීම BILTONG!!!!!!!!!!!!!!!!!

      Delete
    6. ඔව් මචං. කපෝතිය ගැහුවේ කපූට් වලින් තමයි.

      ඔය වචනේ සිංහලට එකතු වුනේ හැබැයි ජර්මන් වලින් නෙවෙයි. ඩච් වලින්. උඹ දන්නවා ඇති French. Spanish, Italian වගේ භාෂා Romantic Languages හැටියටත්, English, German, Dutch, Swedish වගේ භාෂා Germanic Languages හැටියත් බෙදෙන බව. ඉතින් ජර්මන් සහ ඩච් (ඕලන්ද) භාෂාවල පුදුමාකාර සමානකමක් තියෙනවා.

      බූරු කුට්ටමේම තියෙන වචන හැදුනු ඩච් වචනේ මම නොදන්නවා වුනාට ඒකේ ජර්මන් equivalant එක මම කියන්නම්. එතකොට තේරුම් ගන්න ලේසියි.

      පොරොව = Frau/ෆ්‍රෞ/ නෝනා, (දැන් උඹේ සඳා Frau Weerasinghe) මැතිණිය, Lady.etc.
      හේරා = Herr /හෙඅර්/ මහත්තයා, (උඹ Herr Weerasinghe
      හාරත = Herz /හෙඅර්ට්ස්/ හදවත, heart

      යනාදී වශයෙන්...

      Delete
    7. Herr, Aru,

      මම කමෙන්ට් එක කොටන අතරේ අරූත් එකක් දාලා බව දැක්කේ කමන්ට් එක පබ්ලිෂ් වුනාට පස්සේ. මචං ඔය භාෂාවල් වල /j /සද්ද කරන්නේ /ය/ කියලා. ඒකයි විලියොං අවුලක් නැත්තේ.

      මම අහන්න ගියේ ඒක නෙවෙයි. මචං එතකොට සම්බල් කියන වචනේ ආවේ උන්ගෙන්ද? මම ඒත් කල්පනා කලා ඕක. ඔයිට සමාන සම්බාර් කියන ඉන්දියානු වචනේ ඇත්තටම සම්බලයක් නෙවෙයි හොද්දක්නේ. එතකොට අපේ සම්බලේ වගේ එකට උන් වතුර දාලා ඒකට චට්නි කියනවනේ.

      එතකොට මට කියහං විලියොං කාරයා සම්බලේට කිව්වෙත් 'සම්බල්' කියලද කියලා.

      Delete
    8. Herr Henry..........මෙන්න තවත් Biltong එකෙක්.
      මචං විලියොං කාරයා කියන්නේ සැඹල් වගේ විදිහට ඒක. අපෙන් ඒ වචනේ සහ කෑම Boer කාරයෝ එහාට ගෙනිච්චාද දන්නේ නැහැ. අර Ajax කියන්නේ ඇයක්ස් වගේ හුරුවට නේද?

      Delete
    9. හෙන්රි,

      මචං, ඔව් උඹ හරි...එහෙම තමයි භාෂා ෆැමිලීස් දෙක වෙන් වෙන්නෙ. රොමෑනික් වලදි ( Specially Spanish ) J ශබ්ද කරන්නෙ H කියලයි. Jose = ජෝසේ නෙවෙයි හෝසෙ. Jose-maria Olazabel කියල ගොල්ෆර් කෙනෙක් ඉන්නෙ. මිනිහගෙ නම හෝසෙ මරීයා ඔලසබල්...අර ටෙනිස් ක්‍රීඩකයා Juan Martin Del Potro = හුවන් මාටින් ඩෙල්පොට්රෝ...

      එතකොට ජර්මනික් වල ( Swedish ) J = O ඇබා එකේ හිටියෙ Bjorn Ulvaes = බියෝන් උල්වයේස්..එතකොට අපේ කාලෙ සුප්‍රසිද්ධම ටෙනිස් ක්‍රීඩකයා Bjorn Borg. මිනිහ ඇවිල්ල බියෝන් බෝග්..

      අඩේ අම්මප එහෙම බැලුවම අපිට ඕන නම් උඹට කිව්වෑකි හෙන්රි හයවර්ධන කියල :)

      Delete
    10. Aru,

      / BILTONG කියන්නේ මේ අයගේ කෑමක්.DRIED SALTED BEEF නියම බයිට් එක /

      අම්මාපල්ල ඊරිසියාවෙ බෑ බං..විල්බර් ගොයියගෙ පොත් කියෝලම විශේෂයෙන් " When the lion feeds " ...මට නොනිමෙන දොල දුකක් තිබ්බෙ බිල්ටොං හදල කන්ට.

      ඒ පාර අපෙ ගෝලයට කියල ගවනර් ගාතයක් ගෙන්න ගෙන පොත ළඟ තියාගෙන ඒකෙ කියල තියෙන විදිහට මස් තීරු කප්පවල දුමේ දාල වේලුව. වැඩේ එච්චරම සාර්තක උනේ නං නෑ. දුං රහයි කන්ට බෑ මේ මස් කිලෝ පහට ගිය සල්ලි චමරියට දාන්නෙ එහෙම නෑ. උඹයි සැමියි ( සැමීකිව්වෙ අපෙ චමරියෙ ගෝලය ) වියදම බෙදාගෙන තොපි දෙන්නම මේ ඔක්කොම කාපියව් කියල කෑගැහුව අනික් එවුං..

      අපෙ අත්තම්ම අපි අනුරාදපුරේ ඉන්න දවස්වල මාම වේලපු දඩමස් ගෙනාවම ගලේ දාල තලල ලුණු සහ දෙහි ඇඹුල් සමඟ රතු ලූණු කපල දාල මරු සම්බලක් හදනව. වෙලාවට මට ඕක මතක තියල අන්තිමට එහෙම හැදුව බලන්ට..අම්මට උඩු මෙන්න ඔක්කොම ඉල්ල ඉල්ල කෑව. ඉඳපංකො ඒ කතාව වෙනම කියන්නං

      පලි - Biltong කියන්නෙ බං වේලපු ගවනර්ම විතරක් නෙවෙයි වේලපු ඕනම දඩමසක් වනාහී වේ.ඊවන් පැස්බරාස්

      Delete
    11. උඹලාදෙන්නටම
      ඇබා Björn මගේ හෙන යාලුවනේ බංස්. බුවාට නියම වයිකිං මූණක් තිබ්බේ. ටෙනිස් Björn නම් නිකං අඳුනනවා විතරයි. නමුත් මම අර හෙඩ් බෑන්ඩ් එකට ආසයි

      මචං භය නෙවෙයි යයවර්ධන.

      අනික j කේස් එක. ඒන්ජල් කියන නම උන් කියන්නේ අංහෙල් කියලා.

      ඇයි අර කතාව උඹට මතකද? ප්ලේන් එකක එකලඟ සීට් දෙකක ඉන්න උන් දෙන්නෙක් කතාවට වැටෙනව. දකුණු/මධ්‍යම අමෙරිකාවේ ස්පැනිෂ් කතාකරන රටක ගත කරපු නිවාඩුවක් ගැන එකෙක් කියනවා.
      "ඔයා කොහෙද නිවාඩුව ගත කලේ?"
      "සැන් ජෝසෙ වල."
      "ඒ කියන්නේ සන් හෝසේ වල. ඒක ප්‍රනවුන්ස් කරන්නේ එහෙමයි. 'ජ' කියන්නේ නෑ. 'ය' කියලා කියන්නේ. ඔයා කොයි කාලෙද සන් හෝසෙ වල හිටියේ?"
      අරූ පොඩ්ඩක් කල්පනා කරනව.
      "හූන් සහ හුලයි වල."

      Thanks Aru.

      Delete
    12. රවී.....උඹයි සැමියයි මස් කපාගෙන දුමේ දැම්මට බිල්ටොන්ග් හදන්න බැහැ :D ඒවට අපේ තල්දූවේ ගෙදර වගේ ඉස්පැෂල් SMOKING ROOMS තියෙන්න ඕන:D.......SMOKING කියන්නේ FOOD PREPARATION ක්‍රමවේදයන්ගෙන් එකක්.
      මචෝ උඹ හරි. ඕනම මස් වර්ගයක් බිල්ටොන්ග් කරතහැකි. වඩාත් සුදුසු RED MEAT වර්ග තමයි.BILTONG මෙහේ ගන්න තියෙනවා පොඩියට පැකට් කරලා. අමු පොල් හොයා ගන්න තියෙන අමාරුව (අපි ගමේ උදවිය )නිසා මාස දෙක තුනකට වරක් කන පොල් සම්බෝලයට උඹ කියන වැඩේ කරනවා. බිල්ටොන්ග් හීනියට ලියලා දානවා. පට්ට රසයි දෙහි ගානට වැටුනාම.

      Delete
    13. Henry,

      / පොරොව = Frau/ෆ්‍රෞ/ නෝනා, (දැන් උඹේ සඳා Frau Weerasinghe) මැතිණිය, Lady.etc./

      අම්මප, උඹලත් කරන වැඩ!!

      අපෙ උන්දැ ඊයෙ තමයි මේ පෝස්ට් එක කියෝල තියෙන්නෙ...ඔය උඹෙ Frau Weerasinghe කතාව දැකල මට බැණුං කෝටියයි. මොකද මයෙ පරම පිවිතුරු, උදාර උත්කෘෂ්ඨ, අතිරමණීය, සකල කලා වල්ලභ, සර්වාභරණ විභූෂිත ප්‍රේමය ප්‍රකාශ කොට තෙවන දිනයේදී ඇය මා අමතා මෙලෙස පැවසුවාය.

      " හරි, මම කැමතියි, ඒත් එකක් කියල ඉන්ට ඕන නමෝ විත්තියෙම්ම, මයෙ නම වෙනස් කරන්ට නම් බෑ ඔන්න හරිද? පාත්ත නං මට දාගන්ට බෑ.."

      මම ඉතිං මොනවයි කියල කියන්ටද? "එසේය මහා රාජිණියනි,ඔබගේ සිතැඟි එසේම ඉටු වේවා!!" කිව්ව. උඹේ මේ කතාව දැකල උන්දැට ඌරු ජුවල් යන එක පුදුමයක්ද ඉතිං?

      අනේ මන්ද බං... මම හිටියෙ මේ පාර ගෙදර ගිහාම උඹල කට්ටියටම එන්ට කියල බිල්ටොං පාටියක් දාන්ට..දැං මෙවුන්දැ ඉන්න මූඩ් එකේ හැටියට ඒ වැඩේ පෝස්පෝං කොරන්ට වෙනව.

      Delete
    14. Seven dead funerals! © මල හත්තිලව්වයි! දැන් මොකෝ බං අපි කොරන්නේ? අනික සඳා නෝනා (ෆ්‍රොයිලයින් සඳා) මේවා කියවනවා කියලා මම දැනගෙන හිටියේ නෑනේ.
      වස වැ‍රැද්දයි!Poison Mistake!©

      Delete
    15. Henry,

      ඔය අම්මණ්ඩි එහෙමකට කියවන්නෙ නෑ බං මයෙ බොලොග්ගෙක, මම ඔය එයයි ගැන වැනුවොත් කතා කරල කියනව අන්න බලන්ටෙයිය කියල. එහෙම මිසක් ඒ මනුස්ස දූට තියෙන වැඩ කන්දරාව එක්ක මෙව්වයෙ හක්කලං කරන්ට එයයිට කොහෙද වෙලාවක්.

      දන්සැල් විවුර්ත කිරිලි,සමුගැනීමේ සාද සංවිදානය කිරිලි,ක්‍රීඩා උස්සව සම්බන්දීකරනය කිරිලි,අර ගෙදර වැඩ කරන බාස්ලට බැන අඬගැහිලි, ඉස්කෝලෙ විනෝද චාරිකා වල ගරු ප්‍රදාන සංවිදායක වසයෙන් ක්‍රියා කිරිලි..මේකී නොකී හැටහුටහමාරක් වැඩ ඔක්කෝම බදාගෙන ඉන්නෙ එවුන්දැ අර කවුද දොඩං ගොඩ බදා ගත්තැහෙ.

      මේක වෙලා තියෙන්නෙ උන්දැගෙ ඉස්ටාප් එකේ ඉන්නව ඔය බොලොග් වල පදිංචි වෙලා ඉන්න ගැටිස්සියො දෙතුං දෙනෙක්..

      එවුං තමයි මේ වැඩේ පත්තු කරල තියෙන්නෙ..ඊයෙ ටෙලිපෝං කරල අහලනෙ..

      "අක්කෙ අර අයිය කාටද කවි ලිව්වය කියල කියන්නෙ? "

      " කොහෙද? කාටද? "

      " අර සුජාද කවුද කියල..ඒත් ටීචර් කෙනෙක්ලු.."

      " ආ..වෙන්ට ඇති..දන්නෙ නැද්ද නංගි ඔය ඒ දවස්වල එව්ව.."

      මගෙ කීර්තිනාමය රැකගන්ට ඕන හින්ද උන්දැ එහෙමයි කියන්නෙ. එහෙම එහාට කියල මට දෙහි නෙවෙයි කැපුවෙ ජම්බෝල.

      " මේ මනුස්සයො..මොනවද මේ ලියන්නෙ? මට මෙතන දෙයියනේ කියල රස්සාව කරගෙන ඉන්ට දෙනවද නැද්ද?...රටේම ඉන්න ඩාංඩිඟිසියන්ට කවි ලිව්ව මදිවට එව්ව ගැන තව රටේ ලෝකෙ හැමෝට කියවන්ට ලියනවත් එක්ක…"

      කොටිම්ම මගෙ ස්කයිප් කනෙක්ෂන් එකත් ඩිසේබල් උනා. මෙහෙම ආව මසාජීස් එකක්

      Due to ultra-high decibel level of your conversation Skype has automatically disabled your connection in order to protect our communication equipment. Would restore service ASAP.

      මම ආන්සර් කලා මෙහෙම.

      Absolutely no need to hurry, just take your own time.

      Delete
    16. ඕලන්ද ජාතිකයින් පැවතෙන්නේ ජර්මනියේ බතාවී නිම්නයෙන් ආපු අයගෙන් කියල විශ්වාස කරනවලු. ඕක මන් කියෙව්වේ අර ඉන්දුනීසියාව ගැන ලියන්න කියවද්දී. ඕකනේ ඒ කාලේ ජකර්තා වලට බතාවියා කියල නම දැම්මෙත් ..
      ඉතින් ඔය බාසා දෙක අතර සමානකම් ඇති .

      Delete
  5. >>බොරලැස්ගමුවෙ ඉඳල දෙහිවල පැත්තට එනකොට බෙල්ලන්විල පන්සලට ඉස්සෙල්ල තියනව පාරෙ දකුණු පැත්තෙ ලොකු වතුර බට පේළියක්.හවසට ඔය බට පේලිය උඩ ඉඳගෙන සිගරට් එකක් ගහන එක මගෙ සිරිතක් වෙලයි තිබ්බ.<<
    බොරු කියන්න එපා බං.
    අබුඩ ගහන් ගිහිල්ල ඉනිමගක් තියලද නැග්ගෙ වතුර බටේ උඩට.
    පන්සල කිට්ටුව බට භූගත වෙන්න කිට්ටුවද..?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      මොකටෙයි බොල බොරු කියන්නෙ?..පන්සල කිට්ටුව බට තියෙන්නෙ උඩින් තමයි. ඒත් එව්ව දිගටම එහෙම නෑ.බොරලැස්ගමුව පැත්තට කන්ද උඩට යනකොට බට පොළව ඇතුලට යනව. අන්න ඒ මුල හරිය ගැනයි මම මේ කිව්වෙ.

      Delete
    2. කෙන්ජි....මේ කතාව හරි. බොරලැස්ගමුව පැත්තට යනකොට බට පොලව යටට යනවා.

      Delete
    3. උඹ දැනගනිං කෙන්ජි. රවියා කවදාවත් අහුවෙන බොරුවක් කියන්නේ නෑ. බොරුවක් කිව්වත් ඒක ගොඩ දාගන්නවා මොන කරමයෙන් හරි. දැන් ඔය බට උඹ කියන විදියට පොළොවට උඩින් තිබ්බොත් ඕකා උඹ ලංකාවට එන්න කලින් ඔය ටික වලලනවා. ඇතිනම් පන්සල ඔය පයිප්ප වැලලෙන්න කිට්‍ටු ප්‍රදේශයට අරං යනවා. නැත්නම් කන්ද්ඩ වෙනස් කරනවා. මහවැලියේ හිටපු උන්නේ. මූට ගොරක දඩමස් කරන්නත් දඩමස් ගොරක කරන්නත් පුලුවන්.

      (හුදෙක් විනෝදාශ්වාදය පිණිස පමණි ලියූ කමෙන්‍ටුවක් පමණි.)

      Delete
    4. Henry,

      Thanks Machang, one of the best compliments I had received ever, heh, heh,

      As you know ( I am sure about that heh, heh ), it's much more difficult to tell a lie simply because you would have to justify later more often than not.

      / (හුදෙක් විනෝදාශ්වාදය පිණිස පමණි ලියූ කමෙන්‍ටුවක් පමණි.) /

      උඹ මොනව උනත් මට හීනිවට වගෙ බය පක්ෂපාත කමකුත් තියෙනව නේද?...හෙහ්,හෙහ්

      (හුදෙක් විනෝදාශ්වාදය වැඩිදුරටත් වර්ධනය කොට ගැනීම උදෙසාම ලියූ පිළිවදනක් පමණි.)

      Delete
    5. බෙල්ලන්විල කියන්නෙ මගේ එක ඉස්පොට් එකක් රවිය.
      බට පහු වුන ගමන් පන්සල් තාප්පෙ පටන් ගනිද්දිම දකුණට හැරෙන පාරෙ ගිහිල්ල,පන්සල් තාප්පය ඉවර වුන ගමන් අඩි තුනේ පාරත් එක්කම තිබුන පළමු ගෙදර මගේ හොද තැනක් උනා ඒ කාලේ.
      ඒ ගෙදර කුඩා එළිමහන දහවල් කාලයේ සුජා වැනි ඇය වලියන් සමග සුහද හමුවීම් සදහාද ,රාත්‍රී කාලයේ තොල කට තෙමා ගන්නා තැනක් වුනි,
      කපු මහත්තැන් නලාගේ ආශිර්වාද හඩ මැද්දේ...





      Delete
  6. ඈ බං තල එළළු පාට කියන්නෙ ඉස්තිරියාවන්ට විතරද.

    ReplyDelete
    Replies
    1. හැලප,

      නෑ නේද? පිරිමින්ටත් එහෙම කිව්වෑකි නම් තමයි. ඒත් වැඩිපුර කියවෙන්නෙ බබලත්තු ගැන තමයි නේ?

      Delete
  7. ෆ්ලර්ට් කිරිල්ල ගැනනම් හොඳම විග්‍රහය. ඒ ප්‍රොසෙස් එක එක්තරා සුවයක් සහ සනීපයක්. දැණී නොදැණී දැණුනත් නොදැණුනා වැනී නේද රවී.

    මචං.....විජයට 1988 වෙඩි තියලා ඝාතනය කරන කොට මම මගේ පළවෙනි නිවාඩුවට ලංකාවට ඇවිල්ලා.යාළුවෙක් එක්ක උගේ කාර් එකේ විජයගේ ගේ පාස් කරලා කිරුළපන පැත්තට එනකොට තමයි සද්දේ ඇහුනේ. මම ඊට සුමානෙකට පස්සේ තමයි බැන්දේ. රස කතා ගොඩයි. කාලයක් පර්ලින් එක තමයි දිනපතා තිප්පොල.

    තවත් දුශ්චරිත ගැන ලියපන් බලන්න අපිත් දන්න එව්වාද කියලා.......උඹලා නැති කාලේ විජිතයා කසාදවත් බැඳලද?

    ReplyDelete
    Replies
    1. Aru,

      මම විජයගෙ මළ ගෙදර ගියා මචං...

      1998 දළඳා මාළිගාව ඉස්සරහ බෝම්බ පිපිරීම නම් මටත් ඇහුණා.මම ඊට කලින් දවසෙ රෑ හිටියෙ මුල්ගම්පල යාලුවෙකුගෙ ගෙදර. එහෙ ජනෙල් වීදුරු හිටං හෙල්ලුනා ඒ සද්දෙට.

      අපෙ තව යාලුවෙක්ගෙ ගෙදර තල්වත්තෙ. තල්වත්ත කියන්නෙ මාළිගාවෙ ඉඳල කිලෝ මීටර් හතරක් ඇති. යාළුවගෙ තාත්තගෙ කං ඇහෙන එක ටිකක් හොරයි. උංගෙ ගෙදර වහලට පොල් ගහක් පාත්වෙලා තිබිල ඒ දවස්වල.ඕකෙ වඳුරො ඇවිල්ල දඟලනකොට ගෙඩි වැටෙනව වහලට. එදා ඔය බෝම්බෙ සද්දෙ ඇහුනම තාත්ත පටංගත්තලු වඳුරංට දෙස් දෙවොල් තියන්ට.

      " මේ කාලකන්නි සත්තු හින්ද වහලෙ උළු කැටයක්වත් තියාගන්ට නැති හැටියක්.අදත් පාන්දරම පොලයක් කඩල දැම්ම නේද වහලට? "

      Delete
    2. අරූ උඹ දන්නව ඇති මවුන්ට් ග්‍රිල් එතන අපේ සෙට් එක නිතරම සෙට් වුනා.
      ඒ කාලේ හැටියට ස්ටාර් පහයි අපිට එතන.

      Delete
    3. මොකද නොදන්නේ? ඒ කාලෙනම් ගෑණු ළමයෙක් එක්ක හරි යන්න පුළුවන් තැනක්..

      Delete
  8. රවී,
    හැබැයි දෙමළෙන් "එල්ලාම් මුඩින්ජි" කියන එක ඇරබික් වලින් "කුල්ලු කලාස්" වෙන්න ඕනේ නේද..??
    අහුවෙන හැම වංගුවකින්ම හැරිලා තමා ගමන යන්නේ නේද..?? :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      / හැබැයි දෙමළෙන් "එල්ලාම් මුඩින්ජි" කියන එක ඇරබික් වලින් "කුල්ලු කලාස්" වෙන්න ඕනේ නේද..?? /

      ෂුක්රාන් ජසීලන් සයේඩා..:)

      / අහුවෙන හැම වංගුවකින්ම හැරිලා තමා ගමන යන්නේ නේද..?? :) /

      අපි එහෙමයි මැඩම්...සුට්ටි කාලෙ ඉඳලම..උදේට කන්ට පාන් රාත්තල් දෙකක් ගේන්න කඩේට යැව්වොත් රෑට තමයි ඒ පාං කන්ට වෙන්නෙ...හන්දියක් ගානෙ ඉන්න තෙල් බෙහෙත් කාරයො, මැජික් කාරයො, හිඟන්නො ..ඔය ඔක්කෝමලා දිහාවෙ මම බලා ඉන්නෙ කටත් ඇරගෙන. එතනින් ගිහාම මගෙ ෆේවරිට් තමයි ඩෝප් කාරයො සහ වලි....

      අපෙ අත්තම්ම කියන්නෙ අවුරුද්දට කැවුම් බදින්ට තෙල් ගේන්ට නං මාව පෙබරවාරි මාසෙවත් කඩේට පිටත් කරන්ට ඕනය කියල..

      Delete
  9. //විජිතට මොකද උනේ...?//

    ඌට මොනනා උනාම අපිට මොටෝ... අර කෙල්ලට උන විපත කියහංකෝ කයිකාර අයියගෙන්... :D

    ReplyDelete
    Replies
    1. මාර්ස්,

      / අර කෙල්ලට උන විපත කියහංකෝ කයිකාර අයියගෙන් /

      ආය මඟුලක් කතා කරනව..අහවල් විපතක්ද බං?....එක පාරක් කිව්වම අහපංකො...

      අර පෙසන්නාරච්චි කොලුවගෙ පොත්වල මෙහෙම තියනවලු.

      " ශ්‍රී මහා බෝධිරාජයාගේ මුදුනත සුදිලෙනා චූඩා මාණික්‍යරත්නයක් මෙන් දැඩි ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් යුතුව ඔහු සිය ඇකය මත හුන් ඇගේ හිස සිප ගත්තේය. එහි කිසිදු රාගාන්විත හැඟීමක් නොවුනු අතර හුදෙක් පාරිශුද්ධ සෙනෙහසක ඡායා මාත්‍රයක් එහි ගැබ් විය. "

      අන්න ඒ ආකාරයි බොල මයෙ සෙනෙහෙ...තේරුණය?

      Delete
  10. මේක මුල කියවල අගට එද්දී, පෝස්ට් එකේ මුල තිබ්බේ මොනවද මතක නෑ, කමෙන්ට් ටික කියවගෙන එද්දි පෝස්ට් එකේ තිබ්බේ මොනවද මතක නෑ!! මේ කතාවෙ අවසානයක් අපේ ළමයින්ගෙන් අහල දැනගන්න වෙන එකක් නෑ නේද? :D

    ReplyDelete
    Replies
    1. Muhudu,

      / මේක මුල කියවල අගට එද්දී, පෝස්ට් එකේ මුල තිබ්බේ මොනවද මතක නෑ, කමෙන්ට් ටික කියවගෙන එද්දි පෝස්ට් එකේ තිබ්බේ මොනවද මතක නෑ!! / මේ කතාවෙ අවසානයක් අපේ ළමයින්ගෙන් අහල දැනගන්න වෙන එකක් නෑ නේද? :D

      Alzheimer's disease (AD), also known in medical literature as Alzheimer disease, is the most common form of dementia. There is no cure for the disease, which worsens as it progresses, and eventually leads to death. It was first described by German psychiatrist and neuropathologist Alois Alzheimer in 1906 and was named after him. Most often, AD is diagnosed in people over 65 years of age, although the less-prevalent early-onset Alzheimer's can occur much earlier. In 2006, there were 26.6 million sufferers worldwide. Alzheimer's is predicted to affect 1 in 85 people globally by 2050.

      Although Alzheimer's disease develops differently for every individual, there are many common symptoms. Early symptoms are often mistakenly thought to be 'age-related' concerns, or manifestations of stress. In the early stages, the most common symptom is difficulty in remembering recent events.

      අනේ අප්පේ මම හීනෙකිංවත් හිතුවෙ නෑ මුහුදුට 65 ක්ය කියල...මොකද කරන්නෙ ඉතිං? අසනීප කියන එව්ව ඔහොම තමයි :(

      Delete
  11. චකේ චකේ සෑහෙන්ට පරක්කු වෙලානෙ මේ පැත්තෙ ඇවිල්ලා තියෙන්නෙ.. පෝස්ට් එකට වඩා රහ කමෙන්ට්ස් ටිකක් තියෙනවා.. :D

    පලි: මොකදෑ බොලවු මේ යසට තියෙන බ්ලොග් එකට එකේකේවා කොරන්නෙ.!? අර රන්දිලාට පිස්සුයැ ආයෙමත් මේකෙ ටෙම්ප්ලේට් එක වෙනස් කොරලා තියෙන්නෙ.!? ;)

    ReplyDelete
    Replies
    1. බූරාස්,

      හෙහ්,හෙහ්, ඒකනෙ..බොහොම තදින් දැනුන උඹ නැති අඩුව...ආනන්දෙං පඤ්ඤාවට, පඤ්ඤාවෙං නාලන්දෙට කියලනෙ කියන්නෙ....

      ආ, ඒ වියුණු මුහුණත මාරු කලේ අපේ රන්දිල් නෝන මාත්තෙය. ( Naturally...මොකද ඔය නොදන්න දේවල් කොරන්ට ගිහිල්ල අර පලංචියේ ලී ඉරුවේ අපි එකට කියල කියන්නෙ..අන්න ඒ මනුස්සයට වෙච්චි දේ කොරගන්ට මගෙ කිසිම කැමැත්තක් නෑ )

      රන්දිල් එහෙම තමයි. පොඩි එකීට අලුත් ඇඳුං අන්දල බලනව වගෙ මේකටත් ඔය එක එක විසිවිත්තර කරල බලනව සාමාන්‍යයෙන් අවුරුද්දෙ අන්තිම විතර....ඒ මොක උනත් මම නං කැමතියි මේකට...ඇයි බං මේක නරකද කලිං එකට වැඩිය?

      Delete
  12. පෝස්ට් එකටත් වඩා එළ කොමෙන්ට් ටිකක් තියනවා.... අර හෙන්රි තුමාගේ කාඩ් කුට්ටමේ නම් ටික නම් නියමයි... ඉතිහාසය, භාෂාව, සමාජ අධ්‍යයනය, සූප ශාස්ත්‍රය වගේ විෂයයන් ගණනාවක්ම ඇතුලත්....

    පෝස්ට් එකත් අර මොකද්ද එක උච්ච වෙන විදිහට නවත්තලා තියනවා....

    ReplyDelete
    Replies
    1. තිසර,

      මෙතන වෙන්නෙ මේකනෙ මල්ලි,

      බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ඥාණවෘද්ධ, බහුශ්‍රැත, දශක පසක් පමණවූ ජීවන අත්දැකීම් බහුල වියතුන් කිහිප පොලක් එකතුවූ සඳ රචනා කොට ඇති වියුණුව පිළිබඳ පමණක් සාකච්ඡා කිර්‍රිමෙන් තෘප්තිමත් විය හැක්කේද? ඇත්තෙන්ම නොහැකිය.

      එබැවින් එදවස ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ අම්බිගා ගීතයෙන් ගීතය මෙන් වියුණුවෙහි එක් වදනක් අරභයා ඇරඹෙන විද්වත් සංවාදය නොයෙක් විෂය කරුණු අලලා දසත විහිද යන්නෙ නිතැණිනි.

      Delete
  13. පොස්ටුව ගැන වර්ණනා කරලම දැන් ඇතිවෙලා තියෙන්නේ..උඩට එකතු කරලා තියන පින්තූරේ නම් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. රූ,

      බොට තැන්කියු කියලත් මට දැන් ඇතිවෙලයි තියෙන්නෙ..ඒත් ආයෙම එහෙම කියන්නං..බොහොම ස්තූතියි රූ..

      Delete
  14. අනෙ අම්මප රවි අයියෙ. උබත් මාරම තැනකින්නෙ බොල නවත්තල තියෙන්නෙ. දැන් ඉතින් අනිත් කොටස දානකම් ඇස් උඩ තියන් බලන් ඉන්න ඕන අරූට මොන වෙලාද බලන්න.

    ReplyDelete
    Replies
    1. ශාන් මලේ,

      ඉඳහං ඉඳහං වහාම දාන්නං ඊලඟ කෑල්ල :)

      Delete
  15. කියෝලා ගියා තමයි ඒ වුනාට කමෙන්ටුවක් කොටන්න බැරි වුනා . අර කවුද උඩ කිවා වගේ උඩ ඉඳන් පහල එද්දී මතක නැහැ පටන් ගත්තේ කොහොමද කියලා ..ඉතින් හිතා බලන්නකෝ කියෝලා දවස් ගානකට පස්සේ මේකේ ලිපියකට කොමෙන්ටුවක් කොටන්නේ කොහොමද කියල .සුජා ගැන අකුරු හතරක් පහක් නම් තිබ්බ තමයි..හැබැයි අර ක්ලාක් කෙල්ලට දාපු ලයින් එක ගැන ඊට වඩා තිබුන

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / අර කවුද උඩ කිවා වගේ උඩ ඉඳන් පහල එද්දී මතක නැහැ පටන් ගත්තේ කොහොමද කියලා /

      ආන්න එහෙම තමයි නෝනා මෙතන වැඩ. නමේ හැටියට වැඩේ යනව..නිදහස් සිතුවිලි..නිදහස් කිව්වම ආය නෑ සම්පූර්ණයෙන්ම නිදහස්,කොටින්ම ප්‍රතිචාර කියන එව්ව වියුණුවෙ ලියල තියන දේට අදාල වෙන්ට ඕනත් නෑ..

      එක පාරක් හෙන්රි කිව්ව වගෙ නේරු ගැන මම පෝස්ට් එකක් ලිව්වය කියමු. බොලා කැමති සරනේරු ගැන කතාකරන්ටනම් ඒකට මගෙන් කිසිම තහනමක් නෑ. අපි කතා කරමු. සරනේරු ගැනත් අපි දැනගන්ට එපාය නැද්ද හොඳයි?

      / සුජා ගැන අකුරු හතරක් පහක් නම් තිබ්බ තමයි..හැබැයි අර ක්ලාක් කෙල්ලට දාපු ලයින් එක ගැන ඊට වඩා තිබුන /

      මෙතන වැඩේ නෝනො ඇත්ත ලියනකොට අපිට ඕන ඕන විදිහට ලියන්ට බෑ නෙව. ඒ ඒ සිද්ධි එව්ව වෙච්චි අනුපිළිවෙලට, වෙච්චි විදිහට ලියන්ට ඕන..කතාවෙ නම කවිකාරියකගේ ප්‍රේමය නම් තමයි, ඒත් මේ හරියෙදි කවිකාරි කතාවට කෙලින්ම සම්බන්ද වෙන්නෙ නෑ.මොකදෑ ඉතිං කොරන්නෙ? :(

      Delete
  16. aiyo Ravi aiye..Oyata yana yana thana kellangen karadara neda.......Bus1ka giyath course1k karanna giyath kellangen berumak naneda........:P ..............

    aha sure1 tama vigithayai sujai badala lamayekuth hamba wenna innawalu.....ara eyata kavi liyala hiten love karapu raviyata Binduwalu......Onna ohomalu kavikari premaya sarthaka karagaththe...Kavi karaya ana gaththe............

    ReplyDelete
    Replies
    1. Sameera,

      ජීවිතේ හැටි එහෙම තමයි මල්ලි, ඔය සුට්ටි සුට්ටි පයිරු පාසානං තිබ්බ ඕසෙට..

      ඒ සියල්ල නිමාවූ ඉක්බිති මට ඇය හමුවිය.

      මේ මම, දැනට බ්ලොග් නොලියන, නවම්මාවත ගොයියගෙ බ්ලොග් එකට කාලෙකට ඉස්සෙල්ල ලියපු කමෙන්ට් එකක්.

      අවසාන පෙම,
      මුණගැසුනු සඳ,
      සිත උපන් සැනසුම,
      මෙතෙකැයි කිව නොහැක.

      Delete
  17. රවිඅයියා,
    දේවාල නෙමෙයි දේවාලමුල්ල පාර...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...