Thursday, November 14, 2013

112. අද... උපන්දින සැමරුමක්....

හොඳ මිතුරෙක්,
කවියෙක්,
විහිළුවෙක්,

උන්මත්තකයෙක් (උමතු දුම්රියක්),
කතන්දරයෙක්,
දාර්ශනිකයෙක්,
විහිළුවෙක්,

නීතියෙක්,
නිෂ්ශබ්දයෙක්,
ශබ්දයෙක්,
ගායකයෙක්,
කාවෙක්,
පඳුරු තලන්නෙක්,
විහිළුවෙක්,

සිනහාවෙක්,
සිනහා පුපුරුවන්නෙක්,
පමණ මැණුමෙක්,
ගාම්භීරයෙක්,
ගල් බමුණෙක්,
විහිළුවෙක්,

ඉංගිරිසියෙක්,
සිංහලයෙක්,
දෙමළයෙක්,
අරාබියෙක්,
සංස්කෘතයෙක්,
පාලියෙක්,
(විශේෂ උපාධිය) අණ්ඩර දෙමළයෙක්,
විහිළුවෙක්,

උදව්වෙක්,
ගුරු වල්ලභයෙක්,
ප්‍රසන්නයෙක්,
මාගල් වියන්නෙක්,
තුෂ්නිම්භූතයෙක්,
විකාරයෙක්,
විහිළුවෙක්,

රෙදි නමන්නෙක්,
තේක්ක කොලයෙක්,
සූර්යාභිධානයෙක්,
ඕළු මලෙක්,
කෝසල සිහිනයෙක්,
දඩයක්කාරයෙක්,
වාං පතුලෙක්,
අන්දර මල් දමෙක්,
විහිළුවෙක්,

උපන්නා(ලු)
හරියට ම අඩ සියවසකට පෙරාතුව
අදවන් දිනෙක
ඒ අපේ ආදරණීය විහිළුකාර කථාකාර සහෘදයා හට
සුභ පතමු
පෙර හාෆ් සෙන්චරිය ලැබුවා සේම
ඉදිරියේදී ද ඕල් රවුන්ඩර් කෙනෙකු වශයෙන්
තව තවත් බොහෝ ලකුණු එක් රැස් කර,
කඩුළු දවා,
උඩ පන්දු රැක ගනිමින්
චිරාත් කාලයක් යෙහෙන්වැජඹෙනු
පිණිස
 

61 comments:

  1. Too late Randika.. This should've come early in the morning.. (Therefore, we could've organize something..) :D

    ReplyDelete
    Replies
    1. Bura,

      What the hell. why do you needed to know early in the morning.eh?...celebrations are normally held during night. aren't they?

      Delete
    2. ඇයි බංස්! එහෙනම් උදේ පාන්දරින්ම ගහේ බඩු ටික බාලා වෙන් කරලා තියන්ටයි කියලා පණිවුඩයක් යවන්ට ලේසියි.. මයියොක්කා ටික ගලවලා සුද්ධ බුද්ධ කරලා තියන්ට ලේසියි.. හොටබරි මාංසය හොයාගෙන අවශ්‍ය කලමනා දාලා අතපත ගාලා මැරිනේට් වෙන්ට තියාගන්ට ලේසියි.. එතකොට හැන්දෑවෙලා සූකර මද්දවය හදාගන්ට පට්ටාං ගන්ට පුළුවන් නෙවැ.. සැලිබ්‍රේට් කොරන්නෙ රෑ ජාමෙ වුනාට බොලං සැලිබ්‍රේට් කොරන්ට ලෑස්තිවෙන්ට වෙන්නෙ දවාලෙනෙ.. :D

      Delete
  2. හුටා..සුභම සුභ උපන්දිනයක් වේවා රවී.

    ReplyDelete
    Replies
    1. සිතුවම්,

      මොකද බොල හුටා?...හුටා කියන්නෙ මහ පුදුම දෙයක් දැක්කම නැත්තං ඇහුවහමනෙ..මට උපන් දිනයක් තියනව කියන එක පුදුමයක්ද බොල?..උඹ හිතුවෙ මම ලෝකාරම්බයෙ ඉඳලම ඉන්නවයි කියලද?

      ස්තූතියි මල්ලි..ඉතිං ඉතිං ලිවිල්ල අතෑරලම දැම්ම නේද?

      Delete
    2. මේ හුටා එකට අපේ කෙල්ල හොඳ ප්‍රශ්නයක් ඇහැව්වා..තාම එයාට නර්සරි එකෙ සීයට ගනින්න උගන්නල තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන් විතරය්..ඉතින් අපි හැට පහ වගෙ කිව්වොත් එයා ඒක ඉන්ග්‍රීසියෙන් අහනවා..මගෙ කටෙ කොඉවෙලෙත් තියෙනව ඔය "හැටහුටා මාර" කෑල්ල..කෙල්ල දවසක් අහනවා අම්මා හුටා කියන්නෙ ඉන්ග්ලිශ් වලින් මොන නම්බර් එකද? කියලා.. දීපල්ලකො උත්තර

      Delete
    3. Mekuwi,

      හුටා..කෙලිය නේද? හෙහ්,හෙහ් ඉතිං මොකෝ උඹ කිව්වෙ...

      Sixty Huta කියල ෂේප් උනාද? මොනවහරි කියාපං..උත්තරයක් නොදුන්නොත් වෙන්නෙ පොඩි එකී ටීචර් ගෙන් අහයි ගිහිල්ල." අපෙ අම්මි කියනව හැට හුටමාරක් කියල. ඉංග්‍රිසියෙං කියන්නෙ කොහොමද ඒක? " හෙහ්හෙහ්, උඹට පෝර මල්ලක් ඔලුවට දාගෙන ඊට පස්සෙ ඒ ඉස්කෝලෙ ඉස්සරහින් යන්ට එනට වෙන්නෙ.

      Delete
  3. සුභම සුභ හාෆ් සෙන්චරියක් රවි අයියේ!

    /*ඒ අපේ ආදරණීය විහිළුකාර කථාකාර සහෘදයා හට
    සුභ පතමු
    පෙර හාෆ් සෙන්චරිය ලැබුවා සේම
    ඉදිරියේදී ද ඕල් රවුන්ඩර් කෙනෙකු වශයෙන්
    තව තවත් බොහෝ ලකුණු එක් රැස් කර,
    කඩුළු දවා,
    උඩ පන්දු රැක ගනිමින්
    චිරාත් කාලයක් යෙහෙන්වැජඹෙනු
    පිණිස*/

    රන්දි අක්කාගේ මේ සුන්දර, ආදරණීය සුභ පැතුමට අපිත් ඉතසිතින්ම එකතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      බොහොම ස්තූතියි නඟේ...:)

      Delete
  4. සෙන්චරියක් ගහන්න හැකිවේවා...!!!

    ReplyDelete
    Replies
    1. එදිරි,

      අනේ අප්පේ..එච්චර නම් ඕන නෑ...2063...අප්පට උඩු.. සෙල්ලමක්ද හැබෑටම?

      ස්තූතියි එදිරි....

      Delete
  5. සුබම සුබ උපන් දිනයක් වේවා රවී....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහන්...:)

      Delete
  6. කලිනුත් සුබ පැතුවා මතකයි,කමක් නෑ
    සුබම සුබ උපන් දිනයක් මා හිතවත් රවී !!!

    ReplyDelete
    Replies
    1. හැලප,

      කලිනුත් ස්තූතියි කියල නම් කිව්ව..කමක් නෑ ආයෙමත් ස්තූතියි මචං....:)

      Delete
  7. රවී සමා ඔ තන්ජෝබි ඔමෙදිතෝ ගොසයිමසු ...!!!

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      මම දන්නෙ මචං ජපං වචන දෙක තුනයි...

      හැත්තෑව දශකයෙ ( When else?... Heh, heh ) සිළුමිණේද කොහෙද ගියා " තදා ඉමා " කියල ජපන් යුවතියක් සහ සිංහල තරුණයෙක් අතර ප්‍රේම සම්බන්ධයක් ගැන කතාවක්. මට මතක විදිහට කතාව ලිව්වෙ තොම්සන් ඒ. වැන්දබෝනා මහත්මයා.තදා ඉමා කියන්නෙ මං ආවා කියන එකද?

      ඊට පස්සෙ සෙවන් නයිට්ස් ඉන් ජැපෑන් බලල තව වචන කීපයක් ඉගෙන ගත්ත. යුකි ගුනි ඒ යසුනරි කවබතාගෙ සුප්‍රසිද්ධ නවකතාව. ඊටත් පස්සෙ මම ටායිසේ කම්පනි එකේ ජපං ඉංජිනේරුවෙක් එක්ක වැඩ කලා. ඌ මගෙ හොඳ ගජය . උදේ මාව දැක්ක ගමං කියන්නෙ " සෙයිකෝ නානි " කියල. එහෙම තමයි ජපං වලිං හොඳම යාලුවන්ට උදේම සුබ පතන්නෙ.

      මොකක් හරි කමක් නෑ උඹ කිව්ව එකට ඉස්තූතියි කෙන්ජි..:)

      Delete
  8. I wish that for every extra candle on your cake, you receive an extra reason to smile. Happy Birthday to you!


    යොම් උලදෙත් සමයක් !! :)

    ReplyDelete
  9. බොන් කොම්ප්ලෙආන්නෝ රවී අයියේ..

    ReplyDelete
    Replies
    1. අයි ඈම් ගොන්ජි පජාන් අයෑම් ෆ්‍රොම් ජැෆැන්

      අයි ඈම් අපුර්වී අයෑම් ෆ්‍රොම් ඉශ්රායෙල්

      අයි ඈම් දිනේෂ් අයිම් ෆ්‍රොම් ඉතලි

      හි හි :)

      Delete
    2. දිනේෂ්,

      ග්‍රාසී මිල්ලෙ දිනේෂ් :)

      Delete
    3. අපූර්,

      අප්පට සිරි, ඊස්රායෙල් උඹ එහෙනං..නියමයි..කවදකහරි මමත් සංචාරයක යෙදෙන්ට හරිම ආසාවෙන් ඉන්න රටක්..First Impressions are there for Life කියනවනෙ. ඊශ්‍රායලය ගැන මම මුලින්ම ඇහුවෙ 1972 මියුනික් ඔලිම්පික් ගම්මානයට පහර දීල මට මතක විදිහට ඉශ්‍රායල් ක්‍රීඩකයො 11 වගෙ ගානක් මරපු වෙලාවෙ. ඒක කලේ පලස්තීන ත්‍රස්තවාදීන්..

      ඊට පස්සෙ 1973 යොම් කිපූර් යුද්ධය. ඊජිප්තුව සහ සිරියාව ප්‍රධාන මුලු අරාබි ලෝකයටම විරුද්ධව ඊස්‍රායලයට සටන් කරන්නට සිද්ද උනා. අමරිකාව පූර්ණ සහයෝගය දුන්න ඒක ඇත්ත. ඒ වගේම රුසියාව සහ කියුබාව ඊජිප්තුවට උදව් කලා. ඒ දවස්වල ඊස්‍රායලයෙ අගමැති ගෝල්ඩා මයර් මහත්මිය. අන්න කාන්තාවො!!!......හෙහ්, හෙහ්,

      ආරක්ෂක ඇමති හිටියෙ මෝෂෙ ඩයාන්..එක ඇහැක් එකකින් වහගෙන. අපෙ යාලුවෙක් ඇහැක මොකක්ද අමාරුවකට සති දෙකක් විතර ඒ ඇහැ වහගෙන ආව ප්ලාස්ටර් එහෙකින්. එදා ඉඳල උගෙ වනම මොෂේ ඩයාන්..හෙහ්, හෙහ්, සයිනායි අර්ධද්වීපය ගෝලාන් උස්බිම් ඒ කාලෙ අපිට හරිම හුරුපුරුදු තැන්.

      1948 දි ඊශ්‍රායලය පිහිටුවීම ගැන අපූරු පොතක් පස්සෙ කාලෙදි මම කියෙව්ව. Oh, Jerusalem... කර්තෘවරු ඩොමිනිස් ලපියරේ සහ ලැරී කොලින්ස්..බොහොම වැදගත් තොරතුරු අඩංගු ඊශ්‍රායලය කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්ට නම් කියවිය යුතුම පොතක්...

      මම දන්න ගෑණු ළමෙක් ඉස්රායලේ සෑහෙන කාලයක් වැඩ කලා හෙදියක් විදිහට...

      Delete
    4. ඔබට මගේ බ්ලොග් එකේ ඊශ්‍රායල් සංස්කෘතිය කියන ලේබලය යටතේ ලිපි කීපයක් කියවන්න පුළුවන්.. මං ගොඩක් ආසයි මේ රටේ සංස්කෘතිය ගැන ලියන්න සහ කියවන්න ..ඔව් , දැන් ඉන්න ජනාදිපති සිමෝන් පෙරිස් ගිය මාසේ 90 වෙනි උපන් දිනය සමරුව ,, මේ මාසේ මුල අගමැති නෙතන්යාහු 64 සැමරුවා ,, මේ රටේ මිනිස්සුන්ගෙන් ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි ,,

      දැන් වෙලාව 10.00 යි , තව පැය 3 කින් මාත් යනවා දවස් 2ක් බෙත්ලෙහෙම් , සංචාරයක් , ඇවිත් ඉරිදට වගේ ෆොටෝ එක්ක ලිපියක් ලියන්නම්

      Delete
    5. මාත් යන්නම හිතන් ඉන්න රටක්...මගේ හොඳම හොඳ මිතුරියක් ඉන්නවා එහෙ ..

      Delete
  10. හැප්පි හැප්පි බර්ත්‌ඩේ රවියයියෙ... හි හි

    අමතක වෙලාද මන්ද

    ඇත්ත වගේ
    බොරු කියන්නෙක්...

    හි හි

    ReplyDelete
    Replies
    1. හිරූ,

      හැප්පි හැප්පි? හොඳට හිටියි උඹේ හැප්පුනොත් එහෙම...මම මේ හාල් මැස්ස වගෙ එකා වෙච්චි. විසි වෙච්චි තැන හොයාගන්ට වරුවක් නිවාඩු දාන්ට වෙනව...

      ස්තූතියි හිරු..:)

      Delete
  11. Happy Birth Day Ravi Aiye.............

    ReplyDelete
  12. අනේ මන්ද බං ඊයෙත් සුභ පැතුවා.... හරි අදත් සුභ උපන් දිනයක් වේවා.... දෙකක් තිබ්බ කියල වැඩි වෙනවයැ.... ඒක නෙමේ අර උන්දි ආසාවට එක වචනයක් ඉතුරුකරලා නෑ අපිට කියන්න....

    ReplyDelete
    Replies
    1. තිසර,

      හදලවත් මොනවහරි කියාපං :)

      බොහෝසේ තුති පුදන්නෙමි..හංසාභිධාන මා මළනුවනි !!!

      Delete
    2. දැන් තුන්දෙනයි,
      සූර්යාභිධාන
      බුරාභිධාන
      දැන් හංසාභිධාන! :D

      Delete
    3. මේ නමට නම් මම බොහෝ කැමතිය...

      Delete
    4. මාත් කැමතියි මටත් ඒ වගේ නමක් මෙව්වා කරනවා නං........... ෆෝරැන් එග්සාම්ප්ල් රන්දිලාභිධාන........... (මේ ගොයියා කලින් ඔය නම කිවව්දත් මන්දා) :D

      Delete
    5. ටිෂර,

      හෙහ්, හෙහ් උඹ කැමතියි ඒ නමට නේද? අනිවා මෙව්වට එහෙනං උඹ උඩින්ම කැමති වෙනව…

      ඉතිරිළමැදාභිධාන

      පියයුරාභිධාන

      Delete
    6. රන්දිල්,

      එහෙම ගෞරව පුරස්පරව ඉස්ත්‍රී පක්සෙට ආමන්ත්‍රනය කරනව මම දැකලම නෑ නෙව...මම හිතන්නෙ ඔහොම යෙදෙන්නෙ පූජ්ජිය පක්සෙට විතරක්ම හින්ද වෙන්ට ඇති.

      ඕනෙම නම් රන්දිලාභිධානී කියල අපි කියමු.

      Delete
  13. ඔන්න සුබ ම සුබ උපන්දිනයක් පැතුවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනීස් :)

      Delete
  14. විහිළුවෝ, සුබ උපන්ස් දිනයක් වේවා ! උඹත් එහෙනම් ආඩම්බරකාර උන් ඉපදෙන මාසෙ ඉපදිච්ච එකෙක් ඈ !

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ස්තූතියි මල්ලි..අම්මාපල්ල උඹ කිව්වමනෙ ඒක මතක් උනේ..පහුගිය පෝස්ට් එකේ තිසරයත් අහල තිබ්බ හෙටානිද්ද තව විශේෂ දවසක් එනව නේද කියල..ඒත් මීටර් උනේ නෑ මට...ඔන්න බලාපං සෙල්ලං නෑ හොඳද?....මට ඔයිට වැඩිය ගරු නම්බු දීල කතා කරහං...හෙහ්, හෙහ්,

      Delete
    2. මාසේ විතරක් නං මොකද දවසත් කොච්චර වැදගත්ද චාල්සාභිධාන උතුමා ඉපදුන දවස නෙව......... (හරියට කියැවුනාද මන්දා නම........ වැරදි නං හදලා ගන්න වෙනවා සූර්්‍යාභිධාන තුමෝ) :D

      Delete
  15. රන්දිල්,

    මගේ වියුණු සම රචිකාවිය,

    මෙවන් උපන්දින ශුභාසිංසනයක් ලියා පලකිරීම වෙනුවෙන් ඔබට මාගේ හදවතෙහි පිරී ඉතිරෙන ස්තූතිය පළ කීමට මට අවසර!!!!!

    ReplyDelete
  16. මෙවන් පුතෙක් ලොවට දායාදකල ඒ වීරසිංහ යුවලට ආචාර කරමින් උඹට සුභ උපන් දිනයක් පතමි!!!!!!!!!!

    මොනවා උනත් මම බොට වඩා අවුරුද්දක් වැඩිමල්...ගරු සැලකිලි සහිතව කතා කරපන්.මෙන්න මගෙන් තෑග්ගක්. මෙතුමා මගේ බ්ලොග් එක ෆලෝ කරන බව කියන්නේ නිහතමානී ආඩම්බරයෙන්. උඹ මේකට කැමති වෙයි.


    https://www.facebook.com/pages/Asoka-Asapuwa/168343106668335?ref=hl

    Please see this link .

    ReplyDelete
    Replies
    1. අරූස්,

      බොහොම ස්තූතියි මචං..අපෙ අප්පච්චිත් මට මතකයි ඒ කාලෙපොඩි පොඩි කවි එහෙම ලිව්ව.උන්දැ නැතිවෙලා දැන් අවුරුදු විස්සකට කිට්ටුවෙන්ට එනව. අම්මප අද හිටියනම් උඹ ලියපු එකාට බොහොම සතුටු වෙයි අනිවාර්යයෙන්ම. ඇත්ත මචං මම අම්මගෙන් අප්පච්චිගෙන් ඉගෙන ගත්තු දේ බොහොමයි. ජිවිතේට නොබියව මූණ දෙන්ට පස්සෙ කාලෙදි මට ඒ දේවල් බොහොම උදව් උනා.

      අපෙ අප්පච්චි මචං අමුතුම චරිතයක්. බොහොම නිශ්ශබ්ද ලෝකෙ පෙරලුනත් ආ..එහෙමද? කියල කියන ජාතියෙ මනුස්සයෙක්. අප්පච්චි ඉන්දැද්දි මම හරියට උන්දැව තේරුම් ගත්තෙ නෑ කියලත් වෙලාවකට මට හිතෙනව.හාට් ඇටෑක් එකක් ඇවිල්ල ඉස්පිරිතාලෙ ඉන්දැද්දි මම ලඟ හිටියෙ. ඒ වෙලාවෙ ඒ ගැන කතාකරන්ට මයෙ හිතේ බොහොම ඕනෑකම තිබ්බ. ඒ අප්පච්චි ආය ගෙදර එන එකක් නැතිවෙයි කියල මට හිතුන නිසා. දෙතුන් පාරක් කියන්ට හදලත් මම නිකා හිටිය.

      ඒත් අප්පච්චි සනීප වෙල ගෙදර ආහම හැමදේටම වෙනව වගෙ වැඩේ දවසින් දවස කල් ගියා. අන්තිමට එක පාරටම නොකියාම උන්දැ අපිව දාල ගියා. ඒ කතාව එදා ඉස්පිරිතාලෙදි අප්පච්චි එක්ක කතා කලානම් මම කියන කතාව ලියන්ට ඕනය කියල මම දෙතුන් පාරක්ම හිතල වැඩේ පටන් ගත්තත් ආයම මයෙ හිත මට ඒකට ඉඩ දුන්නෙ නෑ.තවම කල් වැඩියි වගෙ කියලත් මට හිතෙනව.

      අප්පච්චිල ගැන දවසක් කතා කරද්දි ජනූට ( ජනූගේ සටහන් ලියන ජනනි ) මම මේ විස්තරේ කිව්වම ඒකි කිව්වෙ පපුව විරේක වෙන්ටත් එක්ක ලියල දාපං අයියෙ කියල…

      හෙහ්, හිතේ තිබ්බ එව්ව ඔක්කොම ලියවුනා අරූ..ඒකත් හිතට සහනයක්...බලාපං උඹ ලියපු වචන දෙක තුනෙං මම කොච්චර දුර ගියාද?

      Delete
  17. සුබ උපන්දිනයක් රවී අයියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Praසන්ன :)

      Delete
  18. රවි අයියේ උඹට සුභ උපන් දිනයක් වෙවා.තව අවුරුදු 50ක් විතර බ්ලොග් ලියා අපිට ආතල් දෙන්න ලැබෙවා

    ReplyDelete
    Replies
    1. දමිත්,

      බුදුම්පා තොපිට ඝහන්න ඕන කටු සැමිටියෙං..තව අවුරුදු පණහක්..අර දුංකලේ වගෙ වේලි වේලි ඉඳපංකො..වෙන මොකටවත් එහෙම නෙවෙයි මෙවුංට ආතල් ගන්ට බ්ලොග් ලියන්ට..මම කිව්වය කියල හිතාගං..එහ්හෙන්නං...

      Delete
    2. මල පැන්න පාර ඉස්තුතියි කියන්ටත් අමතක මතක බැරි වෙච්චි..ඉස්තුතියි මලේ... හොඳය?

      Delete
  19. තව පාරක් උඹට සුභ උපන්දිනයක් මචං. රන්දිල් මහගෙත් අම්මපා හරිම හිත හොඳ ගෙවල් අයිතිකාර කාන්තාවක් නොවැ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හෙහ්, හෙහ්, ආය මොනව කියනවද මේ ඔහේ? බෝම හිත හොඳ කාන්තාවක්ම තමා...

      Delete
  20. දෙයියෝ සාක්කි.....

    ඊයෙනේ උපන්දිනේ තිබිල තියෙන්නේ......
    පහුඋනත් කමක් නෑ....
    නිරෝගී දිවියෙන් සපිරි සුබම සුබ උපන් දිනයක් රවී...... ඔබට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයා....

      Delete
  21. ලැබේවා සිත් පැතුම්
    විලසින්ම ඉෂ්ටවී....
    ලැබේවා සුව දිවිය
    රැකෙන සේ "කටු බොඩිය"..
    ලැබේවා තුටු හැඟුම්
    දෝරේ ගලන්නටම..
    පතමි නැවතක් වරක්
    සුභම සුභ උපදිනට... :)

    (රවී.., උඩින් රන්දිල් ලියලා තියෙන සුභ පැතුමේ හැම කොටසක් අවසානයේම "විහිළුවෙක්" කියලා තියෙන්නේ.. ඒ තරම්ම සිනහ උපද්දවන්නෙක්ද ..??)

    ReplyDelete
    Replies
    1. සඳා,

      ඔන්න ඉතිං උඹත් ලෑස්ති උනාද ඒ පාර?...අර එකෙක් එක්ක මල පැනල යන්තං පැසර් එක නෝමල් උනාද මෙන්න ආයම.....

      ස්තූතියි සඳා..:)

      පලි - ප්‍රශ්නෙට උත්තර - හෙහ්, ඒක නෙව කියන්නෙ..මාව දැක්කත් හිනායනවයි කියල තමයි ඔය අම්මන්ඩි කියන්නෙ නං..අනේ මන්ද ...

      Delete
  22. ඊයේ විශ් කලානේ ..කෝ අපිට කේක්

    ReplyDelete
    Replies
    1. බින්දි,

      වරෙල්ලා කට්ටියම අපෙ ගෙදර....කේක් දෙන්නං ඕන හැටිය…

      අපෙ උන්දෙ ටිකක් එක විදිහක් හැබැයි...රෑ දෙගොඩහරියෙ බොලා ඔක්කොම දොට්ට දාල දොර වහන්ටත් බැරි අම්මණ්ඩියෙක් එහෙම නෙවි..ඒ නිසා එනවනං කෝකටත් අර අකුලන මෙට්ටයක් කොට්ට දෙකක් එහෙමත් අරං වරෙල්ල..අරම අකරතැබ්බක් උනොත් ඔය පිලේ හරි බැරිය බුදියෙන්ට...

      Delete
  23. පරක්කු වුනත් සුභම සුභ උපන්දිනයක්..

    පෝස්ටුවල, කොමෙන්ටුවල පොර ටෝක් දීලා පොරොන්දු වුනු වෙන්ට කතා ඔක්කෝම ලියලා මලවලා පබ්ලිෂ් කරන්න හැකියාව ලැබෙන්න පනස් අවුරුද්දට තවත් පනස් අවුරුද්දක් ආවඩා ආයිබෝ........බොහ් වේවා..!!

    ReplyDelete
    Replies
    1. රූ,

      අම්මාපල්ල අද නං මෙවුං මයෙ පැසර් එක බහින්ට දෙන්නෙම නැති හැඩක් තමයි තියෙන්නෙ..කතා කරගෙන ලියනවද මන්ද? මුන්දැටත් ඕන මාව තව පනහක් ජීවත් කරවන්ට වෙන අහවල් දේකටවත් නෙවෙයි පොර ටෝක් දුන්නය කියල උන්දැ කියන කතා ටික ලියව ගන්ට...අනේ ඉතිං ....

      Delete
  24. අඩ සියවසක්! අපෝ නාකි උන්දැක්නේ මෙයා!!! අර චාර්ල්ස් සීයා වාගේ!
    හික් හික්! මොකා හරි හැපි බ්ර්ත් ඩේ මෙව්වා එකක් වේවා!
    කේක් කෑල්ලක්... පුඩිං ඩිංගක් ... නැත්තං පීට්සා කෑල්ලක් හරි.. ඉතිං..... එව්වා යුතුකං!

    ReplyDelete
    Replies
    1. මනේක්ස්,

      අනේ බං සාතිසය සංවේගය සහ හද පතුලෙම්ම නැඟෙනා සෝකාලාපයයි මේ!!!..වෙරිම වෙරි සොරී..පහුගිය ටිකේ පුල්ම පුල් බුසී උනා නෙව..රාජකාරි එහෙං..ගෙදර උන්දෙගෙ වදේ එහෙං...ඒ අස්සෙ මේ කොටි වලිගෙකුත් අල්ලගෙන තියෙන්නෙ...ඔන්න කොටිම්ම සමහර වෙලාවට කෑමත් අමතක වෙනව..මේ පහුගිය සිකුරාද ඔන්න බොරුවක් මුසාවක් එහෙම නෙවෙයි..තුං වේලම කෑවෙ හවස හයට විතර...

      චාලියයි මායි එක දවසෙ..මට වඩා පාලහක් වැඩිමල්..හෙහ්, හෙහ්, බොලා මට ගවුරවේ දක්කනව මදි බොහොම..තේරුනාද? ...ඔක්කොමත් හරි අර උඹෙ නෑණන්ඩි..කියල වැඩක් නෑ ඒ මානවිකාවි ගැන නං....මම ඉත්තේරුවෙම්ම කලකිරිලයි ඉන්නෙ...අනෙ අම්මාපල්ල..

      Thank You so much Dear :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...