Friday, November 1, 2013

227. කවිකාරියකගේ ප්‍රේමය…..15




සුට්ටි පුතේ..කළාමැදිරියො කෑවොත් එහෙම අහසෙ තරුයි මුහුදෙ මඩයි ඕන බෙහෙත් කරන්ට..... අපෙ අත්තම්ම එහෙම කිව්වෙ කෑගල්ලෙ අපෙ ගෙදර පිළේ ඉඳගෙන මේ වගේම කළාමැදිරියො අපෙ වටේ කැරකෙනව බලා ඉඳල මම ඒ එකෙක් අල්ලන්ට හදපු වෙලාවකයි. මම හිටියෙ උන්දැගෙ ඔක්කෙ. එදා හවහ ඉඳලම ලයිට් ගිය දවසක්. 

" ඒයි බොලා දන්නවද? කළාමැදිරියො කෑවොත් හොඳ කරන්ට බෑ...වන් ඇන්ඩ් ඔන්ලි ඇන්ටිඩෝට් ඊස් ස්ටාර්ස් ඉන් ද ස්කයි ඇන්ඩ් මඩ් ෆ්‍රොම් ද සී…" එහෙම කියල මම නැඟිට්ට. 

අරුං තුන් දෙනා කටවලුත් ඇරගෙන මා දිහාවෙ බලාහිටිය විදිහට මට මැරෙන්ඩ හිනා... 

යකෝ සාලේ මූට පිස්සුද? අපිට පිස්සුද? නැත්තං අපි දෙගොල්ලටම පිස්සුද? එකත් එකටම එවුංගෙ හිත් ඇතුලෙ වැඩ කරන්ඩ ඇත්තෙ අන්න ඒ කල්පනාව....හෙහ්, හෙහ්, 

පහුවදා මම ලිව්ව ලියුමක් සුජාතට. ඒකෙ මම කියන්ට තියෙන එව්ව ඔක්කොම කිව්ව..ආය මොකටද කොළේ වහල ගහන්නෙ...විශේෂයෙන්ම ජීවිතේට බලපාන ජීවිතේට සම්බන්ද කාරණා වලදි ඔය කොලේ වහල ගැහිල්ල කියන්නෙ බොහොම භයානක දෙයක්. දැලි පිහියෙන් රැවුල බානව වගෙ වැඩක්....අහ්, වැරදුනානෙ..ඔය උපහැරණ, ආත්තෝපදේස, පස්තාව පිරුලු ඔක්කොම මට කලවං වෙලයි තියෙන්නෙ.හරිම උපමාව ඇවිල්ල මයින හමෙං රැවුල බානව වගෙ අන්න එහෙමයි 

මෙහෙම සිංදුවක් අහල තියද බොහොම දුර්ලබ එකක්? 

මයින හමක රැළි මත මුතු කඳුලු කැට සලා..ලා..ලා… 
සඳලු තලේ වැතිරී දවසම බුදියාලා...ලා..ලා… 
පේම තටාකෙට පොම්පේ දාලා වතුරත් හින්දාලා...ලා..ලා… 
මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා..ලා..ලා...මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා ලා..ලා... 

කොහෙද යකෝ එහෙම සිංදුවක් තියෙන්නෙ කියල මයෙ ඇඟට ගොඩ වෙන්ට හදන්ට එහෙම එපා ඔන්න....බොහොම දුර්ලබ එකක්ය කියල කිව්වෙ ඒකනෙ..සමහරවිට මම විතරක් වෙන්ට ඇති ඒක අහල තියෙන්නෙ.....ආන්න තේරුණාය? සෝ දුර්ලබ..සෝ දුර්ලබ... 

එදා කොහොම හරි මට ලියුම තැපැල් කරන්ට බැරිඋනා. පහුවදා බදාද අපි කදුරුවෙල බඩු මුට්ටු ගේන්ට යන දවස..කදුරුවෙලිම්ම ලියුම දාන්නම්ය කියල මම හිතාගත්ත. 

හවස හතාමාරට වගෙ අපි කට්ටිය සුපුරුදු විදිහට සාලෙ අර අපෙ රවුං කනප්පුව මතකනෙ නේද? ඒක වටකරගෙන හිටිය..ප්‍රධාන මාතෘකාව උනේ විජිත. එදා දවල් දෙකට වගෙ විජිත ඇවිත් තියනව කෑම්ප් එකට ඒත් ඒ එක්කම වගෙ අසූ තුනේ නැඟල කොහෙද ගිහිල්ල. අපෙ තිබ්බ ජීප් හැඳින්නුවෙ නොම්මරේ අන්තිම ඉලක්කං දෙකෙං...අසූතුන කිව්වෙ ඒ ජීප් එකේ නොම්මරේ හතලිස් හතයි අසූතුන 

සැමී තමයි පණිවිඩේ ගෙනාවෙ.... 

" උඹ දැක්කද බං? " මම ඇහුව.. 

" නෑ මහත්තෙය...ඉම්රාන් දැකල තියනව.." ඉම්රාන් කිව්වෙ අපෙ චෙක් රෝලෙ හිටපු මුස්ලිම් කොලුවෙක්...අර එක පාරක් බතක් එහෙම ඉව්වෙ..ආන්න ඒකා... 

" මොකක්ද ඉතිං ඒකා දැක්කයි කියන්නෙ? " 

" විජිත මහත්තය ඇවිල්ල ඒ එක්කම ලොකු මහත්තය එක්ක කතා කරල අසූ තුනේ නැඟල ගියාලු. " 

ඔය විජිතයගෙ මොකක්ද නෑ කමකුත් තියනව ලොක්ක එක්ක. ඒත් මේ යස්සය ආපු ගමම්ම කොයි තූත්තුකුඩියෙ ගියාද කියලයි අපිට ප්‍රශ්නෙ උනෙ. ඒ ගැන හිත හිත ඉඳල වැඩක් ඇත. අනික අපෙ දිගින්ද හරහින්ද? 

" ඌ ගිය තැනකින් එන්නෙ නැතෑ..මෙන්න මෙහෙ වරෙල්ල මේක ඉවර යක් කරල දාන්ට. " ජයේ බෝතලේ අතට ගත්ත… 

මධු සාදය වෙනද වගෙ නැඟල ගියේ නෑ. වෙනද මුලින් පටන්ගත්තු එක ඉවරකරල ක්ලබ් එකෙං තව එකකුත් ගෙනල්ල ගහල ඉවර වෙන වෙලාවෙ අද පලවෙනි බෝතලෙත් තව කාලක් විතර ඉතුරුයි. මත් ගතිය උනත් අර පාවෙනව නොවෙනව වගෙ ගාණට ආව නොආව වගෙ හිතෙනව නොහිතෙනව වගෙ දැනෙනව නොදැනෙනව වගෙ කියල කියන්නෙ ..අන්න ඒ තත්වෙ තිබ්බෙ...

කොහොම කිව්වත් විජිත ආපු එක අපි හැමෝගෙම හිත්වල වැඩ කලා. මේ මනුස්සය මේ තත්වෙට පත්වීම ගැන අපි ඔක්කොමලගෙ චුට්ටං හරි වගකීමක් තියනවනෙ කියල වරදකාරී හැඟීමයි ඒකට හේතු උනේ.කොහොම හරි හැමදේම වෙන්නෙ හොඳටයි කියල කියනවනෙ..එදා ආතල් එක නැඟල නොගිය එක හොඳයි කියල පස්සෙ කල්පනාකරනකොට අපි හැමෝටම හිතුන. 

පස්සේ කල්පනාකොරනකොට කියන එකට බෝම සෝක් වචනයක් තියනව...මොකක්ද මේ හරි ප්‍රත්‍යාවලෝකනය..ඉතිං පස්සෙං පහු අන්න ඒක කරද්දි අපිට තේරුං ගියා එදා වෙනද වගේ සුපුරුදු ලෙස අප්පමාදෝ අමර පදං නොවිච්චි එක හොඳට ගියාය කියල. 

" මේ කාල බුදිය ගන්නවද මේ ටික ගහල තව බාගයක් වත් මොබිලයිස් කරනවද? " 

ඇස් දෙකත් පියාන පුටුවෙ දිගාවෙලා හෙමිහිට සිංදුවක් කිය කිය හිටපු මම …….. 

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ 
රුදු සපුන් නිබඳ සරනා බිමේ 
ඔබේ සිනා වත මගේ නවාතැන 
අරුණු විහිදුවාවී ජීවිතයේ 

…..එක පාරට කෙලින් වෙලා බෝතලේ අඩියෙම ඉතුරුවෙලා දැං පැය බාගයක් විතර දුක් විඳින අරක්කු ජුංඩ දිහාවෙ බලල ඇහුව. 

" කමු බං...අද මහ වහුතු දවසක්..බොන්ටත් තියෙන්ට ඕන එක ගැම්මක්,..අද නෑ ඒක…" 

විමලෙ නැඟිටල සරම බඩ මැදිං ඇඳ ගත්ත. 

" සැමී පුතා කෑම ඇරපං…" 

එහෙම කියාගෙන මම නැඟිටල මිදුලට බැස්ස. විමලෙත් ආව මයෙ පස්සෙම.. 

" මේ යකා විජිතය කොහෙ ගියාද බං?..."

පපුව අතගාන ගමන් විමලෙ මගෙං ඇහුව.. 

" අනේ මන්ද බං මටත් මාර අප්සෙට්…" 

පිටිපස්සෙ වතුර ටැංකිය ගාව පිඟං හෝද හෝද හිටපු සැමී සාලෙට ආව.. 

" මහත්තය විජිත මහත්තය එනව.." 

" හ්ම්ම්ම්..ඔහෙ ආදෙං ඉතිං…" විමලෙ සාලෙට ඇවිල්ල ඉඳගත්ත. 

" හොඳටම බීලද කොහෙද…. ටැංකිය ගාව තව ටිකෙං ලිස්සල වැටෙනව…" 

සැමි එහෙම කියනකොටම විජිත සාලෙට එන්ඩ ආව. මනුස්සය එක පාරට සාලෙට එන්නෙ නැතුව කුස්සියෙං සාලෙට එන දොර උලුවස්සට අත් දෙක ගහගෙන බරවෙලා ඇස් ලොකු කරල අපි එක එක්කෙනා දිහාවෙ බැලුවා. 

" විජිත මොකෝ මේ? " 

නිහඬතාවය දරන්ටම බැරිතැන මම ඇහුව… 

" මොක්...කෝ මේ? මොක්...කෝ මේ?...උ....ඹ දන්නෙම නෑ නේද මොකෝ මේ කි....යල? …" 

වචන පැටලි පැටලි විජිත කිව්වෙ අර ලොකු කරගත්තු ඇස් දෙකෙං මා දිහාවෙ බලාගෙන ඇහිපිල්ලමක්වත් නොගහ….. ඒකා බලාගෙන හිටපු විදිහට මට බයත් හිතුන. 

අනික විජිත මට කතාකලේ උඹ කියල...කටපුරා අයියෙ කියල කියපු තමන්ට බාල එකෙකුටවත් උඹ නොකියපු එකාට වෙච්චි දෙයක්..එහෙම හිතනකොටත් මයෙ හිතට ආවෙ මහ මොකක්ද කියාගන්ටවත් බැරි හිස් හැඟීමක් වගෙ එකක්... 

" මේ...විජිත..උඹට ප්‍රශ්නයක් තියනවනම් ඒක අපි කතා කරමු මනුස්සයො වගෙ නැත්තං එහෙම..." විමලෙ නැඟිට්ට. 

" ඇයි?.... නැත්තං එහෙම උඹ මට ගහන්ටද? " 

විජිත උළුවස්ස අතෑරල අඩි දෙකක් තුනක් ඉස්සරහට ආව..ඒ ඒ එක්කම කෑම මේසෙ පුටුවක ඇන්ද අල්ලගෙන ඒකට බර උනා..මූට කෙලින් ඉන්ටවත් බෑ..ඒ තරමට බීලා.. 

විමලෙ අපි කාගෙත් ගෞරවය දිනාගත්තු වැඩිහිටිය..ඌට අපි උඹ කියනව තමයි ඒ හිත පුරා පිරිල උතුරලායන සහෝදරකමට..ඒත් විජිතය විමලෙට කතා කරපු විදිහට මට යස්සය ආරූඩ උනා.ඒත් මම එහෙම්මම ඉඳගෙන හොඳ හුස්මක් උඩට අරගෙන හෙමීට පහලට දැම්ම.පුළුවන් තරම වෙලා අරගෙන. 

හිතට දරාගන්ට බැරි තරමෙ කේන්තියක් ආපුහම මොකවත් කියන්ට කරන්ට කලින් එහෙම හොඳ හුස්මක් ගන්ටෙයි කියල මම ඔය කොහෙද කියවල තියනව. පොඩි කාලෙ ඉඳල පිස්සුවෙං වගෙ කියවපු දේවල් වලින් මම ජීවිතේට බොහොම ප්‍රයෝජන අරගෙන තියනව..මේ එහෙම දවසක්. 

මම නැඟිට්ට.. 

" මේ විමලෙ අයියෙ... උඹ ඉඳගනිං කියන එක අහල.." 

මම විමලෙගෙ උරහිසට අත තියල ඌව ආපහු ඉන්දෙව්ව.. 

" උඹල කවුරුවත් කතා කරන්ට එපා වචනයක්වත් ..විජිතට ප්‍රශ්නයක් තියනව නම් තියෙන්නෙ ඒ මා එක්ක විතරයි…" 

මම හිටපු ඔක්කෝගෙම මූණු දිහා වටේට බලාගෙන ගියා. 

" විජිත උඹත් බීල... මාත් බීල... බීල ඉන්නකොට ප්‍රශ්න විසඳගන්න ගියාම වෙන්නෙ ප්‍රශ්නෙ විසඳෙනවට වැඩිය තව අවුල් වෙන එක. අනික මිනිස්සු බොන්නෙ ප්‍රශ්න විසඳගන්න නෙවෙයි. ජීවිතේට පොඩි සැහැල්ලුවක් ගන්න . කරදරවලින් මොහොතකට හරි දුරස් වෙන්න..හරි ඒත් කමක් නෑ ඒ කතා ඔක්කොම පැත්තකින් තියමු. ..උඹට මාත් එක්ක ප්‍රශ්නයක් විසඳගන්න තියනවනං කෙලින්ම කියපං..පුළුවන් විදිහට අපි ප්‍රශ්නෙ විසඳගන්ට බලමු.. අඩු ගානෙ උත්සාහයක්වත් දරමු.සැමී.... ඔය මහත්තයව ඉන්දවපං පුටුවක." 

සාමාන්‍යයෙන් බීපුවම වෙන්නෙ අපි අතින් වෙන්නෙ පස්සෙ අපිම පසුතැවිලි වෙන සිද්දි. ෂෙහ්, අපරාදෙ මම එහෙම කිව්වෙ නැත්නම් අපරාදෙ මම එහෙම කලේ..මට තිබ්බෙ තව ටිකක් ඉවසන්ට ඔහොම තමයි බොහොම වෙලාවට පස්සෙ අපටම හිතෙන්නෙ.ඒත් ඒ වෙලාවෙ මම ඉවසපු ඉවසිල්ල මටම පුදුමයි.අද උනත් ඒ ගැන ආයෙම හිතනකොට මට හිතෙන්නෙ කොහොමද මම එහෙම ඉවසුවෙ කියල.සැමීගෙ අත ගසා දැම්ම විජිත. ඒත් පුටුවක් ඇදගෙන ඌම ඉඳගත්ත. 

" හරි..මෙතන හරි වැරැද්ද ගැන කතා කරන්ට තරම් සුදුසු තත්වයක් නෑ.ඒත් කමක් නෑ, උඹට අහන්ට දෙයක් තියනවනම් අහපං, කියන්ට දෙයක් තියනවනම් කියපං, " 

" මට අහන්ට තියෙන්නෙ එකයි ******* " 

විජිතය පාවිච්චි කලේ අසභ්‍ය යයි සම්මත වචනයක්.එක අතකට අපි එදිනෙදා ව්‍යාවහාරයෙදි බොහෝ විට කිසිම ගානක් නැතුව ඒ වචනෙ පාවිච්චි කරනව. ඒත් එහෙම නෙවෙයි ඒ වචනෙම තරහෙං පාවිච්චි කලාම. ඒක වෙනයි. 

ජයේ නැඟිට්ට දඩස් ගාල.... 

" ජයේ..ඉඳගනිං ****** " 

මම කිව්වෙ දත්මිටිකාගෙන..ඒ තවත් අසභ්‍ය වචනයක්..ඒත් ඒකෙ කිසිම අවුලක් නෑ. 

" හරි විජිත..උඹට ඕන විදිහකට මට කතා කරපං... එක අතකට මට උඹ ඔහොම නෙවෙයි කතා කරන්ට ඕන..හරි එව්ව ඇරිච්චාවෙ...උඹට අහන්ට තියෙන එක අහපංකො ඉතිං " 

ඌ කතාකරපු විදිහ හරි නෑ කියල ඌටම හිතිලද කොහෙද විජිතය කතා කලේ බිම බලාගෙන.. 

" ඇයි උඹ මට මෙහෙම කලේ? " 

මතු සම්බන්ධයි...... 



50 comments:

  1. ඔන්න මම තමා ඉස්සරල ම ආවේ! මේ...අහන්න දෙයක් තියනවා. කළාමැදිරියො කනවද? ඒ කියන්නෙ උන් දෂ්ට කරනවද?

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      ඒ කළාමැදිරියො, රෑ බදුල්ලො ( රෑ බදුල්ලො කියන්නෙ කළාමැදිරියට වඩා ලොකු සතෙක්, ඌ ඉගිලෙන්නෙ නෑ, දිගයි... පුරුක් හතර පහක් තියනව, අන්තිම පුරුකෙ කෙලවර නිල් පාට එළියක් තියනව ) කනවයි කියල කියන්නෙ නිකං කතාවට කියන එකක් කියලයි මම හිතන්නෙ.එහෙම එවුං කාපු සීන් එකක් මම ජීවිතේට අහල නම් නෑ...

      Delete
    2. මම දන්න විදිහට ඔය කතාව කියන්නෙ පොඩි උන් ඕකුන්ව අල්ලන්න ආස හින්දා.. පොඩි උන් අල්ලල නිකං ඉන්නෙත් නෑනෙ..මිරිකන එකනෙ කරන්නෙ... ඉතිං ඕක ඒ සත්තුන්ව බේරගන්න හැදිල ආපු කතාවක්...

      Delete
  2. මලා John Kothalawala kiwwalu....

    Awaiting for the next episode....

    ReplyDelete
  3. පව් අප්පා විජිත...මොන තරම් පල් වැඩක්ද කලේ? :(
    අනෙක මේ කොහෙද යන ගෑනියෙක් හින්දා...:D
    දාලා තියෙන ෆොටෝ එක සුජාතා වගේමද? ඒක නම් නියම හොල්මනක් වගේ හී හී

    ReplyDelete
    Replies
    1. Podi Kumarihami,

      / පව් අප්පා විජිත...මොන තරම් පල් වැඩක්ද කලේ? :( /

      කව්ද ඩෝ පල් වැඩක් කලේ?...කවුද පල් වැඩක් කලේ? ඒකා කියන කියන වෙලාවට කවි ලියල දුන්නු එකද පල් වැඩේ? ඈ??? ඒකද පල් වැඩේ?

      උඹ පොඩ්ඩි මගෙං අහගන්ටයි ඔය කං දෙකේ ඇඟිලි ගහ ගන්ට....

      / අනෙක මේ කොහෙද යන ගෑනියෙක් හින්දා...:D /

      එහෙම ගෑණු කොහෙද ඉන්නෙ? සියලුම කාන්තාවෝ වනාහී මට දහසින් බැඳි පියලි මෙන් අගනේය. ඔවුන් පියමන් කරනා දුහිවිල්ල පවා මට රන්සුණු මෙනි.

      අපි එහෙමයි හරිය?

      Delete
    2. // ද ඩෝ // ‘the door’ මේ මොකක්ද මේ? කණ කොහොමත් වහගත්තා...කණ ගාව මේ විදියට බෙරිහන් දෙනකොට කොහොමද කණ් ඇරගෙන ඉන්නේ?

      Me thinks thou doth protest too much …..කියන කතාවත් ඔලුවට ආවා කෑගහපු විදියට.

      //සියලුම කාන්තාවෝ වනාහී මට දහසින් බැඳි පියලි මෙන් අගනේය. ඔවුන් පියමන් කරනා දුහිවිල්ල පවා මට රන්සුණු මෙනි//

      I like the silent church before the service begins, better than any preaching. :)

      Delete
    3. Podi Kumarihami,

      සමාවෙන්න, ඔබ තුමියගෙ ගෞරවයට හානියක් උනයි කියල හිතනවනම්, මගෙ තුන් හිතකවත් එහෙම කල්පනාවක් තිබ්බෙ නම් නෑ..සාමාන්‍යයෙන් මගෙ භාවිතාවෙ හැටියට කවුරුහරි එක්ක ආස්සරේ කරද්දි ඇමතුම අනුපිළිවෙලට වෙනස් වෙන්නෙ මෙහෙමයි,

      මුලින්ම දැක්ක දවසෙ - හලෝ මිස්ට වීරසිංහ

      දවසක් දෙකක් ආශ්‍රය කලාට පස් සෙ - හලෝ වීරෙ.

      තවත් කිට්ටු උනහම - හලෝ මචං,

      ඊටත් ප ස්සෙ - අඩෝ

      අන්තිමට - *******

      ඉතිං මගෙ භාවිතාව අනුව අඩෝ, ඩෝ කියන්නෙ එහෙම හිතවත් කමේ උපරිම ඇමතීම්. අන්තිම ඇමතුමෙන් ප්‍රසිද්දියෙ අමතන්ට බැරි නිසා :)….ඔබ තුමියට ඒක අගෞරවයක් වගෙ හිතෙනවනම් සමාධිය භජනය කරන සේක්වා!! මින්පසු එසේ ඔබ නොඅමතමි..

      Delete
    4. අඩෝ.....කවුද ඩෝ.....අඩෝ පඩෝ ගාන්නේ.මොකද ඩෝ බලන්නේ.....@&%$3 සල සලාං

      Delete
    5. අරූගේ මොනවද කැඩිලා වැටුනේ...හී හී...

      Delete
  4. Ane ow paw Vijithaya......Matath Hari dukai eyata una wadeta..........Anika hama de ganama vistara karana Ravi Aiya moko danne na eyage liyama gana kisima wistharayak nodamme......

    ReplyDelete
    Replies
    1. Sacheera,

      ලියුමෙ විස්තරේ නොදැම්මෙ හේතුවක් ඇතුව..හෙහ්, හෙහ්, උඹට වැඩේ මීටර් උනා නෙවද?

      Delete
  5. අපේ කාලෙ ඔය වගේ වැඩ කරන එවුන්ට කිව්වෙ වවුල් කැXX කියලා......

    ReplyDelete
    Replies
    1. Ano,

      මෙහෙමයි ඇනෝ ඉතිං..විජිතය කරපු වැඩේ වැරදියි නම් තමයි ඒත් උගෙ පැත්තෙං කල්පනා කරල බැලුවම ඌට සාධාරණ හේතු තියෙන්න ඇති එහෙම කරන්න. ඒ නිසා අර වවුල් මොකක්ද කියන එක එච්චරම සාධාරණ නැහැ කියලයි මගේ නම් කල්පනාව...

      Delete
  6. අනේ මන්ද අයියේ... මේ 'මතු සම්බන්ධයි' කියන එක්ක දැක්කහම මට කන්න තරහයි බං.....

    "ඇයි උඹ අපිට මෙහෙම කරන්නේ?"

    ReplyDelete
    Replies
    1. @තිසර,
      සම්පූර්ණ ඇත්ත..අත් දෙකම උස්සලා එකඟයි.
      ඒත් දවසක් ඇර දවසක් වගේ අප්ඩේට් කරන එකම වටිනවා නෙව..ඒක නිසා ඉවසලා ඉන්න..

      Delete
    2. තිසර සහ රූ,

      මොකදෑ ළමයිනේ කොරන්නෙ?..අද මේ සතියටම තියෙන නිවාඩු දවස...යාලුවො එක්ක පොඩි ආතල් එකක් ගන්න තියන වෙලාවෙ දනි පනි ගාල කොටසක් ලියල පබිලිස් කලේ බොලා හින්දමයි..හරි, හරි ඇසැප් ලියන්නං ඇසැප්..:)

      Delete
  7. //සාමාන්‍යයෙන් බීපුවම වෙන්නෙ අපි අතින් වෙන්නෙ පස්සෙ අපිම පසුතැවිලි වෙන සිද්දි. ෂෙහ්, අපරාදෙ මම එහෙම කිව්වෙ නැත්නම් අපරාදෙ මම එහෙම කලේ..මට තිබ්බෙ තව ටිකක් ඉවසන්ට ඔහොම තමයි බොහොම වෙලාවට පස්සෙ අපටම හිතෙන්නෙ.//

    අනේ අම්මපා මේ බොන මිනිස්සුන්ට ඔය උඩ කියලා තියන බණේ මතක් වෙන්නේ බීලා වෙරි හිඳුනටත් පස්සෙ නෙව..!!

    ReplyDelete
    Replies
    1. රූ,

      ඔන්න ඉතිං කිව්ව එකක්..

      ඇයි බොල යෝදියෙ බිව්වහමත් අමුවෙං ඉන්නව වගෙ හොඳ සිහියෙං සියළු කාරණා කටයුතු සිද්ද වෙනවනං ඔයහැටි වියදං කරල බොන එකේ තේරුමක් තියද? :)

      Delete
    2. @රවී,
      ඇත්ත නෙව..දැන්නේ මට මේක සිහියට ආවේ..මමත් කාලක් ක්‍රියා කරලද මන්දා කොමෙන්ටුව කොටලා තියෙන්නේ..

      Delete
  8. ඇයි උඹ මට මෙහෙම කලේ?
    ඒකම තමයි මමත් අහන්නෙ,රවී මොනවද ඌට කළේ.ඔන්න කල හොඳ පස්සෙන් පන්නන්න පටන් ගත්ත නේද.
    දැන් ඉතිං බලාගෙන ඉඳපන්කො තව සතියක්.

    ReplyDelete
    Replies
    1. හැලප,

      කියලා වැඩක් නෑ බං... මට උනෙ අර කොටි දෙනට වෙච්චි එකේ අනික් එක..:)

      Delete
  9. කලාමැදිරියා ... වටින සතෙක්

    ReplyDelete
    Replies
    1. ජනියා,

      ඔව් නේද? එහෙම කියනව මාත් අහල තියනව..කළාමැදිරි රාත්‍රිය එහෙමත් තියනවනෙ...අවාසනාවට ඇත්ත කතාවක් :)

      Delete
  10. වඳින්න ගිය දේවාලේ ඔළුවට කඩන් වැටිලා .....

    ReplyDelete
    Replies
    1. බින්දි,

      වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුන විතරක් නම් ඔහෙ බැරිය බාං... දේවාලෙ කඩං වැටුනෙත් මයෙ වැරැද්දෙංය කියල අනීවාරතේ චෝදනාවකුත් ආපු එකනෙව කාල ඉන්ට බැරි ...

      Delete
  11. හුටා... කෙලිය නේද තාප්පෙටම, දැන් මොකේදැයි දන් වළඳන්නෙ කිව්වලු.

    නිකං විජිතය හිතල තියෙන්නෙ රවී කවිය අස්සෙ වෙනම පණිවිඩයක් encrypt කරල යවල, ඌට කෙලවපු ගානට.

    ReplyDelete
    Replies
    1. ඒකනෙව බාං ...කාටද මෙව්ව කියන්නෙ ඉතිං ? :(

      Delete
  12. කුම්බලා මාලු කැවනම් විදවපන් රවියො ඔ ඔ කිවුවලු

    ReplyDelete
    Replies
    1. මම උබට යන කොච්ච්ය කියල කිවුවෙ ඔන්න ඔක අයියෙ.උබ නොහිතපු චොදනා උබට එනව අනිවාර්යෙන් උබ සුජාතට ගැවුනොත්.කොච්චිය ගමන අරඹල ඉවරයි.උබ අයින් වෙයන් කියන එකයි මම කිවුවෙ.නැතුව සුජාතට නෙමෙයි.ඔය එන්න යන චොදනාව සුජාතත් එක්ක තරදියක දැම්මොත් චොදනාවෙ පැත්ත බර වැඩියි උබ වගෙ මිනිහෙකුට.මම දන්නව උබ ඔය ලියුම තැපැල් කරන්නෙ නැ.

      Delete
    2. දමිත්,

      යස්..මල්ලි ඔබ හරි, උඹ කියාපු දුවන කෝච්චියෙ කතාව මට හරියටම තේරුනෙ දැනුයි...:)

      Delete
  13. ෂුවර් එකට සුජාතා විජිතයට බූට් එක දීල තියෙන්නෙ මම කැමති රවීට කියලද කොහෙද... කාලා වරෙන්කො කිව්වලු ;)

    ReplyDelete
    Replies
    1. සාතන්,

      ඒකත් කියන්ට බෑ තමයි..නැත්තං මොකෝ මේකා මේ වෙඩි කාපු ඌර වගෙ?... නැද්ද?

      Delete
  14. ෂිහ්..අපි අහල පහලක හිටියේ නැහැනේ විජිතය අතට දෙකේ දෙකේ පොල්ලක් කිට්ටු කරන්ට...
    නැහැ මං මේ කිව්වේ පොර කෙලින් හිටගන්න බැරිව වැටෙන්න යන හින්දා පොඩි ආධාරකයක් විදියට.. :D

    ReplyDelete
    Replies
    1. මාර්ස්,

      හෙහ්, හෙහ්, උඹ එතන හිටියනං කරන්නෙ විජිතයට මුවාවෙලා මට අර පොල්ලෙං දෙකක් දෙන එක...මම නොදන්නවය උඹ ගැන...:)

      පොඩි කාලෙ ඔය දෙන්නෙක් ඔන්න ගහගන්ට ඔන්න මෙන්න කියල ඉන්නව පොර කුකුල්ලු වගෙ ඒත් කට විතරයි..ගහ ගන්නෙ නෑ. අපි කරන්නෙ එකෙක්ගෙ පිටිපස්සෙ ඉඳල අත දාල අනිකට එකක් අනින එක..හෙහ්, හෙහ්, අම්මද බොල ඊට පස් සෙං පහු මොනවද? ගුටි කෙළිය ඔය යන්නෙ දඩ බඩ ගාල..කමෝන්..කමෝන්...

      Delete
    2. පිස්සුද අයියා එහෙමත් කරවනද අපි... :D

      අපිනං ඉස්සර කරන්නේ ඔහොම නෙවෙයි... වලිය යන දෙන්නා ගහගන්නේ නැහැ වගේම පේනවනං... “හා බය නැති එකා අනිකාගේ කනෙන් අල්ලනවා“ කියන එක තමා... වලිය ෂුවර්...
      කරුමෙට ඉතිං ඔය ක්‍රමේට වැඩිහරියන් වලිවලට මුල පුරලා තියෙන්නෙත් මංම තමා.. බුදු අම්මේ දෙක වසරේ වගේ ඉදන් හය වසර විතර වෙනකල් ගහ නොගත්ත දවසක් නැති තරං.. අන්තිමට අන්තිමට ගහනවට වඩා ගුටි කන ගතිය වැඩියි වගේ කියලා තේරුනාම වැඩේ අල්ලලා දැම්මා.. :D

      Delete
    3. මම වැඩිපුරම කලේ මලේ වලි ඕගනයිස් කරපු එක...අලුතෙං කොල්ලෙක් පන්තියට ආහම උගෙං අහනව තව එකෙක් පෙන්නල උඹ අරූට බයද කියල..ඌ නෑ කිව්වම අනික එකාට විස්තරේ කියල අන්න අරකා උබට බය නෑ කිව්වය කියල වලිය සංවිධානය කරන්නෙ මම...

      Delete
  15. බොහොම උද්වේගකර අවස්ථාවක් එක පාරටම නිවිලා ගියා නොවැ... :(
    ඒත් රවී.. ඉක්මනටම ඉතුරු ටික ලියනවනේ..?? :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      හරි,හරි මැඩම්... ඉන්න ඉවසලා ෂුට්ටක්..විගැහිං ලියමි, විගැහිං ලියමි..:)

      Delete
  16. ඊට පස්සෙද උඹ දත් දැම්මේ චීන සාප්පුවෙන්?

    ReplyDelete
    Replies
    1. Henry,

      යකෝ මාර වැඩේ කියන්නෙ උඹල මොනව කිව්වත් මට ඒ සම්බන්ද මොකාක් හරි කතාවක් මතක් වෙන එක නෙව…හෙහ්,හෙහ්

      ඉස්සරහ උඩු ඇන්දෙ දත් හතරක් දාපු මගෙ යාලුවෙක් හිටිය...දවසක් ඔය බොහොම අහේම කාලෙක අපි හතර පස් දෙනෙක් ගියා ඒ කිට්ටුව ගමක හැලි අරක්කු පොට් එහෙකට..නකතං වෙන්ට ගහල ඔන්න අපි ආපහු එනව කියමුකො පාර පුරා..හා..හා..පාර පුරා මල් ඉහිරෙයි..ඇඳපු චීත්තේ..හා..හා..ඇඳපු චීත්තේ..

      සෙස්ස පස්සට......:) ( ගරුතර රූ නෝනා මහත්මිය…. සමාධිය භජනය කරන සේක්වා!!! )

      Delete
    2. @රවී,
      එසේය එසේය..ඔය සමාව භාජනගත කිරීම නිසා ස්ටෝරු කාමරය දැන් ඇඟිල්ලක්වත් රිංගවන්න බැරි විදිහට පිරිලා තියෙන්නේ කියලා දන්නවන්න කැමතියි..!!!

      Delete
  17. බුද්ධික, ඔයා මේක දකීද කියලා නම් මම දන්නේ නෑ. ඇයි විකසිත සින්ඩියට යූසර්නේම් පාස්වර්ඩ් ගහන්නේ නැතුව යන්න බැරිවෙන්න සෙට් කරලා තියෙන්නේ? ඒකෙන් එන පාඨකයෝ සංඛ්‍යාව අඩුවෙන්න පුලුවන්. අපි කවුරුවත් කැමති නැති වැඩක් තමයි පාස්වර්ඩ් ගහන එකයි වර්ඩ් වෙරි‍ෆිකේෂන් හරහා යන එකයි. ඒකෙ දොර හායි ගාලා ඇරලා තියන්නකො.

    ReplyDelete
  18. ගහපිය ගහපිය *^**&%*&%(
    එකට ඉන්න උන් කොටවන්න ගෑණුන්ට පුළුවන් කියන්නෙ ඕකනෙ (කොටස් 2ක් මට මිස් වෙලා)

    ReplyDelete
    Replies
    1. යසිත්,

      " ගහපිය, මරපිය ඔළුවට කොටපිය කියල සද්දයක් ඇහුණා....." .ෆ්‍රෙඩී සිල්වගෙ එහෙම සින්දුවක් අහල තියනවද?

      Delete
  19. මචං හොඳ වෙලාවට නොබී හිටියේ (ටිකක් බීලා හිටියේ)..සමහර වෙලාවට මොකක් හරි කොක්කක්,ඇණයක් වගේ දෙයක් සිද්ධවෙන්න තියෙනවා නම් එදාට දාන ඩ්‍රින්ක් එක කිසි ගතියක් නැතිවෙලා අමුත්තක් දැණෙනවා. මට එහෙම වෙනවා හිටපු ගමන්. විජිතයාව මට දැණෙන්නේ පුදුම කනගාටු විදිහකට බං. උඹලා ඌව කාලයක් යනකම් කන්න, බොන්න දීලා ආදරයෙන් බලාගන්න ඇති කියලා හිතෙනවා. මට දැන් දැන් සුජා ගැන ඇතිවෙන්නේ සියුම් කේන්තියක්. ඒකට උඹත් පොඩ්ඩක් සම්බන්ධයි.

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං..මොනවද කියනවද බාං මොනව කියනවද? ...හෙහ්, හෙහ්

      Delete
  20. සාමාන්‍යයෙන් 50 - 100 දාගත්තමා මමයි ප්‍රේමය ලිලයා වැඩෙන්නේ. සමහරු අඬනවා, අඬඅඬා බොනවා. හෙමත් නැත්නම් බොන්න සෙට් වෙච්ච එකෙක් එක්ක ‍බාල්දියක් දාගෙන ආයෙ බොන්න එපා කරවනවා.. මේක තමයි ස්වභාවය.. අනේ විජිතට වෙච්ච දේ... .තව ටිකක් පොලවලා දැම්මාම පැය කිපයකට ඒකා බුදි....

    ReplyDelete
    Replies
    1. දයා,

      ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිදාකාරයි කියල කියන්නෙ කට කහනවටයැ නැද්ද දයා? :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...