Wednesday, November 13, 2013

230. කවිකාරියකගේ ප්‍රේමය…..18



මේ වෙනකොට ඉර මුදුං වෙලා හොඳටම...වැවෙං ගලාගෙන එන හුළං රැල්ලෙත් අර කලිං තිබ්බ හීල් සිසිලස මැකිල ගිහිල්ල.තොප්පිගල පැත්තෙ ඉඳල පියාඹගෙන ආපු දියකාවො රංචුවක් එකා පස්සෙ එකා වැවට පාත් වෙලා දඩයම පටංගත්ත. 


" පිටිං බලන කෙනෙකුට මගෙ ජීවිතේ කිසිම අඩුපාඩුවක් නෑ කියල හිතෙයි අනිවාර්යයෙන්ම. අපෙ අම්ම පවුලෙ එකම දරුවා. අම්මගෙ එකම දරුවා මම . ඒ නිසා ආච්චිගෙ නමට තියෙන වතුපිටි කුඹුරු ඔක්කොම මට තමයි ආච්චිගෙන් පස්සෙ. එතකොට මට දෙය්යනේ කියල සෑහෙන පඩියක් හම්බුවෙන රස්සවක් තියනව. අතපය හතර අඩුවක් නැතුව තියනව. ඒ ඔක්කොමත් හරි..ඒත් අයිය දන්නවද මනුස්සයෙකුට ඔය මොනව තිබ්බත් ජීවිතේ අවශ්‍ය තව දෙයක් තියනව. ඒක නැතුව ජීවත් වෙනවයි කියන්නෙ ඒ මනුස්සය ජීවත් උනත් මැරිල වගෙ. අයිය දන්නවද ඒ මොකක්ද කියල? ..." 

විජිත දෙවෙනි පාරටත් ඔලුව හරවල මගෙ මූන බැලුව. උත්තරේ මම හොඳාකාරවම දැනගෙන හිටියත් මම මොකවත් කිව්වෙ නෑ. යන්තමට තොල් මෑත් කරල හිනා උනා… 

" ඔව්..මම දන්නව අයිය ඒ මොකක්ද කියල දන්නවයි කියල ඒ තමයි ආදරය..ඒ තමයි ආදරය..ඒ තමයි ආදරය.." විජිත එහෙම තුන් පාරක්ම කිව්ව. 

මම ආය ඉතිං මොනවයි කියල කියන්ටද? යන්තමට දෙතොල මෑත්වෙච්ච හිනාව එහෙමම රඳවගෙන දියකාවො රංචුව වැවේ මාළු අහිනක් වටකරනව බලාගෙන හිටිය.ඒක බලන්ටම වැඩේ..ඔන්න දියකාවො බොහොම සංවිධානාත්මකව තමයි මේ වැඩේ කරන්නෙ...කට්ටියම වැවේ එක පැත්තකින් පටන්ගෙන.... 

" මගෙ ජීවිතේටම මම ආදරය කලානම් කලේ ඒ මගෙ අම්මට විතරයි…" 

විජිත කතාව කියාගෙන යනව. ඒ කතාව අහගෙනම මම දියකාවො මාළු වටකරනව බලා හිටිය. 

" ආච්චිට මගෙ හිතේ තිබ්බෙ ආදරේකට වඩා ගෞරවයක්. ...අපෙ අම්මගෙ එක ෆොටෝ එකක්වත් ගෙදර නෑ කියල කිව්වොත් අයිය විස්වාස කරනවද? අම්මගෙ හැඩහුරුකම මට මතක නිකං හීනෙන් දැකපු බොඳ වෙච්චි රූපයක් වාගෙ...." 

අපි ඉඳගෙන හිටපු කුඹුක් හෙවණට යාර විස්සක් තරම දුරින් වැව මැදට නෙරල ගිය ගල් කුට්ටියක් තිබ්බ. හත්දා වැහි කාලෙ වැවේ වතුර කට මස්ටං පිරුනම වැව ඉස්මත්තෙ තිබ්බ පුරාණ ගමේ කොල්ලො කුරුට්ටො ඔය ගලට නැඟල තමයි බඩ පිණුං ගහන්නෙ. දියකාවො මාලු අහින එලවං යන්නෙ ඒ දිහාවට. 

" ඉස්කෝලෙ යන කාලෙ මට අයියෙ ඕන හැටියෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්ට තිබ්බ. ඒත් ඒ කිසිම ගෑණු ළමයෙක් ගැන මගෙ හිත ගියේ නෑ. ඒ දවස්වල මටත් ඒ ඇයි කියල තේරුම් ගන්න බැරුවයි හිටියෙ. " 

දියකාවො වටේටම රැකවල් කරල මාළු ඉවුර අයිනට ගල් කුට්ටිය දිහාට එළවගෙන එනව. දිය කාවො වටය මැද වැවේ වතුර මතුපිට මාළු දඟලනව මට මෙතෙන්ටත් පේනව.මම ඉර එළිය වැටිල දිස්නෙ දෙන වැව මතුපිට සිද්ද වෙන මේ ස්වභාව ධර්මයාගෙ අපූරු ක්‍රියාවලිය තවත් හොඳට බලාගන්ට වමතෙ ඇඟිලි දිගඇරල නළලට තියල ඇස් මුවා කරගත්ත. 

" ඒත් මට එහෙම වෙන්ට හේතුව හරියටම තේරුනෙ කවද්ද දන්නවද අයියෙ? ඒ යන්තමට වගෙ වැස්සකුත් වැටිච්චි දවසක්......එදා කොහොම හරි වෙනදට වඩා කලින් ආව බස් ස්ටෑන්ඩ් එකට. හරි,කලින් දවසෙ මයෙ ඉස්කෝලෙ යාලුවෙක් ආව අපේ ගෙදර..මිනිහ එයා ෆෝස්...පාන්දරම චයිනබේ කෑම්ප් එකට යන්න ඕන නිසා මමත් එයත් එක්ක පාන්දරම ආව කුරුණෑගල්......." 

" කදුරුවෙල මේල් බස් එක ගහල තිබ්බ ස්ටෑන්ඩ් එකේ...මම නැඟල ඉඳගත්ත. බොහොම ඉක්මනට බස් එක ලෝඩ් උනා.ජනේලෙ වීදුරුවෙන් මම හිරි පොද වැස්ස වැටෙනව ඔහේ බලාගෙන හිටිය. එක පාරටම මගෙ පපුව පුරා පිරිච්ච පිච්ච මල් සුවඳක්...මම හෙමිහිට ඔලුව හරවල බැලුව....අයිය කිව්වට විස්වාස කරන්න..මගෙ ලඟ හිටගෙන හිටියෙ මගෙ අම්ම...මම කලින්ම කිව්වනෙ..අම්මගෙ ෆොටෝ එකක්වත් මා ලඟ නෑ..මූණ කට අයිරුවත් මතකෙ නිකං මීදුමක් අස්සෙං පේන බොඳ වෙච්චි චායාවක් වගේය කියල. ඒත් සුජාගෙ..මා ලඟ හිටගෙන් හිටියෙ සුජා...මූණ දැක්ක ගමන් එක පාරටම මට ඉස්තිරවම හිතුන මගෙ අම්මත් මේ වගේම වෙන්න ඕනය කියල. එහෙම කොහොම හිතුනද මම දන්නෙ නෑ. ඒත් මට ඒ ගැන එදා කිසිම සැකයක් තිබුණෙත් නෑ. අදත් නෑ..හෙටත් නෑ. ඒක ඉස්තිරයි. " 

" මිස්, ඉඳගන්න…...මම නැඟිට්ට..තෑන්ක්ස් ..එයා මා දිහා බලල හිනාවෙල ඉඳගත්ත..අන්න ඒ වෙලාවෙ සුජා මා එක්ක මුල් වරට හිනා උන වෙලාවෙ ඉඳල අයියෙ මට පිස්සු වගෙ. " 

දියාකාවො වටකරගෙන එනකොට මේ එන්නෙ මොකාටද කියල මාළුන්ට තේරෙන්නෙ නැද්ද? ඉවෙං වගෙ එහෙම තේරුණත් උං කරන්ට දෙයක් නැතිකමට පුරුද්දට වගෙ ඉවුර දිහාට පීනනවද? 

" ඊට පස්සෙ මගෙ ජීවිතයම උනේ සුජා..එතකල් මම ඔහෙ ජීවත් උනා තමයි . ඒත් කිසිම අරමුණක් අනගත බලාපොරොත්තුවක් මට තිබුනෙ නෑ.සුජා මුණගැහුනට පස්සෙ මගෙ ජීවිතේට අරමුණක් බලාපොරොත්තුවක් ආව. වැහි වලාකුළු වලින් ඉර වැහිල පළාතම අන්දකාර වෙලා තියෙද්දි එක වංගියෙම නොහිතූ විදිහට හුළඟකට වැහි වලාකුළු ගහගෙන ගිහිල්ල ඉර එළිය පළාතම එළිය කරනව වගෙ ...අයිය එහෙම අවස්තාවක් දැකල තියනවද? " 

මාළුවා දන්නවනම් තමන් කොටුවෙන්නයි යන්නෙ කියල ඇයි ඌට බැරි වතුරෙ ගැඹුරට පීනල ජීවිතේ බේරගන්ට. එහෙම පීනන්ටත් කම්මැලි මාලු ඉන්නවද? මේ මම වගෙ... 

විජිත කතාව නවත්තල ඔලුව බාගෙට හරවල මගෙ දිහා බලා ඉන්නව මම දැක්කෙ ඔන්න එතකොටයි.මගෙන් මොනවද ඇහුව වගෙත් මතකයි… 

" ම්ම්...ආ..මල්ලි මගෙන් මොකවත් ඇහුවද? " 

ඌට ඒකෙ ගාණක් නෑ..ආයෙම ඉස්සරහට හැරිල කතාව පටන් ගත්ත..මමත් ආයෙම හැරුන දියකාවංගෙ පොයියංගම දිහාවට... 

" සුජා කවි ලියනව කියල මම දැනගත්තෙ අහම්බෙන්..දවසක් බස් එකේදි එයාගෙ පොතක් ඇතුලෙ තිබිල එයා ලියාපු කවි වගයක් දැකල…" 

මම දන්නව බං ඒක..මට එහෙම කියවෙන්ඩමයි ගියේ.... 

" කොහොම හරි කවි දෙක තුනක්වත් ලියල දුන්නොත් සුජාගෙ ආදරේ තවත් වැඩිවෙයි කියලයි මට හිතුනෙ.ආදරේ හින්දම එහෙම කලා තමයි, ඒත් ඒක මහ මෝඩ වැඩක් කියල මට තේරෙන්නෙ දැනුයි. " 

උඹට කිව්වනෙ මම ඕක...ඒකත් මම කිව්වෙ නෑ..දත් දෑන්ද එකට තද කරගෙන කට ඇතුලෙ සුටුපුටු ගෑව විතරයි. 

" කවි ලියන්නෙ මම නෙවෙයි කියල සුජාට කියන්ට ඕනය කියල මම කීප දවසක්ම හිතුව. ඒක කියන්ට ඔන්න මෙන්න කියල ආයෙම මට බයක් වගෙත් හිතුන. ඒ වෙනකොට මම සුජා ගැන තේරුම් අරගෙන හිටියෙ. ඒ නිසාමයි මට වැඩියක්ම බය හිතුනෙ.අයියට මතකද මම දවසක් බලෙන්ම වගෙ අයියව සුජාට මුණ ගැස්සුව...මම එහෙම කලේ ඊට පස්සෙ කවි ලිවෙ අයියයි කියල එයාට කියන්ට හිතාගෙන..ඒත් ඊට පස්සෙ මට හිතුන එහෙම කිව්වොත් මට සුජාව නැතිවෙයිමයි කියල " 

එහෙම හිතුනෙ ඇයි?  කියල මම විජිතගෙන් ඇහුවෙ නෑ..මට එහෙම හිතුනෙ ඇයි කියල අයිය අහන්නෙ නැද්ද?  කියල විජිත මගෙං ඇහුවෙත් නෑ. විජිත එහෙම කිව්වෙ ඇයි කියල මම හොඳාකාරවම දන්න බව විජිත දන්නවය කියලත් මම දැනගෙන හිටිය. 

" අයියල කොළඹ ට්‍රේනිං එකට ගියාට පස්සෙ තමයි වැඩේ අන්තිමටම සවුත්තු උනේ. මට සුජාට ඇත්ත කියන්ටම සිද්ද උනා. සුජා කියන්නෙ අයිය අමුතුම ගතිගුණ තියෙන කෙල්ලෙක්. එයා හිතන්නෙ ඔය සාමාන්‍ය ගෑණු ළමයි හිතන විදිහට නෙවෙයි.. 

" හ්ම්ම්ම්. මම දන්නව…." මට ඉබේම කියවුනා. 

විජිතයට ඒක ඇහුනෙ නෑ මගෙ හිතේ හොඳ වෙලාවට. ඇහුණ උනත් ඒ වචනෙ දිගේ හාර අවුස්සන්න තරම් තත්වෙක ඌ හිටියෙ නෑ කියල මම හොඳාකාරවම දන්නව. 

" සුජා කිව්වෙ මොකක්ද දන්නවද?..විජිත මොන හේතුව නිසා උනත් ඔයා මට වංචාවක් රැවටිල්ලක් කලේ. ඒක මට කිසිම විදිහකින් අමතක කරන්ට නම් බැරිවෙයි. අන්තිමට සතියකට විතර පස්සෙ එයා මට කිව්ව බොහොම කණගාටුවෙන් උනත් අපි අතර තිබ්බ සම්බන්දෙ නතර කරන්ට එයා තීරණය කලාය කියල. " 

" මා එක්ක තරහ වෙන්ට එපාය කියල ඔයාගෙන් ඉල්ලන එක හරිද නැද්ද කියල මම දන්නෙ නෑ. මම දන්නෙ එක දෙයයි. ඔයා මට වංචාවක් කලා. ඒක මගෙ හිතේ හැමදාම තියේවි අළුයට හැංගුණු ගිණි පුපුරක් වගෙ. ගිණි පුපුරු හිතේ තියාගෙන එක වහලක් යට ජීවත් වෙන්න බෑ විජිත. මම දන්නෙ නෑ. එහෙම පුළුවන් අයත් ඇති. ඒත් මට බෑ. ඒ නිසා අදින් මේ සම්බන්දෙ අපි නතර කරමු..එහෙම කියල කුරුණෑගල බස් ස්ටෑන්ඩ්  එකේදි එයා මට පිටුපාල... පිටිපස්ස එකපාරක්වත් හැරිල බලන්නෙ නැතුවම යන්ටම ගියා අයියෙ... යන්ටම ගියා. " 

අන්තිම හරිය කියද්දි විජිතට ඉකි ගැහුන. දෙයියෝ සාක්කි..වැඩිහිටි මනුස්සයෙක්.... පිරිමියෙක් මේ වගෙ කාරණේකට අඬනව මම ඔය දැක්කමයි. මගෙ හිත නිකං හිරි වැටුන වගෙ උනා.මොනව කියාගන්ටද කියල හිතාගන්ට බැරුව මම විජිත දිහා බලාගෙන එහෙම්මම හිටිය. මල්ලි අඬන්ඩ එපා ඔව්ව ඔහොම තමයි කියල කියන්ටය ආය? අනික විජිත වගෙ දරාගන්ට බැරි වේදනාවකින් මිරිකිල ඉන්න කෙනෙකුට කොයි විදිහට මොනව කිව්වත් වැඩක් නෑ. තමන්ම තමන්ගෙ වේදනාවට ප්‍රතිකර්මයක් හොයාගන්ට ඕන. එතන තියෙන්නෙ එච්චරයි. බොහොම සරලයි පහසුයි. 

විජිතට ඇතිතරම අඬන්ඩ දීල මම කුඹුක් ගහට හේත්තු උනා.දියකාවො අන්තිමට මාලු අහින වැව් ඉවුරෙ ගල ගාවට කොටුකරගෙන දඩයම භුක්ති විඳින්ඩ පටන්ගෙන. මාලුවො ගැන මගෙ හිතේ ඇති උනෙ මහ දුකක්. ඒත් එහෙම තමයි ජීවිතේ හැටි. 

ඉර මුදුනටම ඇවිල්ල...දෙය්යෝ සාක්කි. මේ මනුස්සයගෙ ජිවිත කතාව අහන්ට ගියායිං සයිට් එක පැත්තෙ යන්ට බැරිඋනා. ලැම්බට් ඉන්න හින්ද අවුලක් නං නෑ. වයසක මනුස්සය උනාට අතිපණ්ඩිතයෙක් නෙවෙයි. තමන් හැමදේම දන්නවය කියල හිතාගෙන ඉන්න මනුස්සයෙකුත් නෙවෙයි. හරියටම ෂුවර් නැති තැනක් තියේනම් පටස් ගාල ඇවිල්ල අහනව. ඒ නිසා අවුලක් නෑ. ඒත් කෝකටත් ඒ පැත්තෙ ගියොත් හොඳයි. 

" විජිත මොකද කරන්නෙ? දැන්ම ආපහු යනවද? මම පොඩ්ඩක් සයිට් එක පැත්තෙ ගියොත් හොඳයි. ලැම්බට් ඔලුව තියන මනුස්සය. ඒත් කෝකටත් බලල එන්නම්.." 

මම නැඟිටල අත්දෙක උස්සල දිග ඇදිල හිරි ඇරිය. ෂෙහ්...අම්මප... පස්සත් එක්ක හිරි වැටිල මේ ගල උඩ ඉඳගෙන ඉඳල.කලිසමේ පිටිපස්සෙ රැඳිල තිබ්බ වේලිච්ච කොල එහෙම අතිං ගසල දැම්මට මට දැනුනෙ වත් නෑ. 

" අයියෙ? ….." විජිතත් නැඟිට්ට. 

" මම අයිය හම්බ වෙන්ට ආවෙ මගෙ කතාව කියන්ටම විතරක් නෙවෙයි…. ඉල්ලීමකුත් කරන්ට." 

" එහෙමද? …" මම යන්ට හැරුන එක නැවතිල ආපහු විජිතගෙ මූන බැලුව. 

" අයියෙ.... මම දන්නව අයිය හරිම හොඳ මනුස්සකං තියන කෙනෙක්ය කියල.මම ඊයෙ කියපු දේවල් වලට මට සමාවෙන්න. ඒ එකක්වත් මම හොඳ සිහියෙං කරපුව නෙවෙයි. මම දන්නෙ නෑ මට මොනව වෙලා තිබුණද කියල….." 


" හරි මල්ලි මම කිව්වනෙ එව්ව ඔක්කොම චැප්ටර් ක්ලෝස් කියල... එව්ව ඉවරයි. එහෙම නෙවෙයි මොකක්ද මගෙං ඉල්ලීමක් කරන්න තියනවය කියල කිව්වෙ? "

විජිත මා ලඟටම ආව. මගෙ අත් දෙක අල්ලගෙන ඇස් වලට එබුන. 

" අයියෙ…. මම මේ බැගෑපත් ඉල්ලීමක් කරන්නෙ ..සුජාටයි මටයි අයිය බාදාවක් වෙන්න එපා. අපේ ජීවිත වලින් කරුණාකරල අයිය අයින් වෙන්න. මම ඉල්ලන්නෙ එච්චරයි. " 

මතු සම්බන්ධයි...... 

93 comments:

  1. ඔන්න අද තමයි මට හිතුනේ විජිතයගෙ හොම්බ කට සමතලා වෙන්න දෙකක් දෙන්න... එහෙම කොහොමද ඌ උඹෙන් ඉල්ලන්නේ... ගිහින් කියාපංකෝ සුජාට අනේ මට අරෙන්න වෙන කාටවත් ලව් කරන්න එපාය කියලා.

    අර 'ගැහැණු ළමයි' පොතෙත් තියෙන්නේ... කුසුම්ගෙ නැන්දා තමන්ගේ පුතාට මොකවත් කියන්නෙ නෑ, හැබැයි කුසුම්ට උපදෙස් දෙනවා නිමල් ලව් කරන්න ආවොත් මග අරින්න කියලා... පෝය දවසේ බාර් එක වැහුවහම, බොන කට්ටිය නිකං ඉන්නවා කියලා හිතන එකේ අනිත් එක මේක...

    ReplyDelete
    Replies
    1. හි හි මාත් කියෝලා එන්නම් උඩට ගිහින්

      Delete
    2. //ඔන්න අද තමයි මට හිතුනේ විජිතයගෙ හොම්බ කට සමතලා වෙන්න දෙකක් දෙන්න.//

      මට නම් මේක හිතුනේ විජිත කෙලින්ම කාරනේට බහින්නේ නැතුව වටේ යන හැටි දැක්කාම. අනේ දෙය්යනේ හැම පිරිමියෙක්ම මෙහෙමද? :)

      Delete
    3. අළුත බැඳපු මනමාලියෙක් කියන කතා ද මේවා :)....

      Delete
    4. අලුත බැන්ද අයට තමාලු ඉවසන්ට බැරි... :D

      Delete
    5. Vijitha is pushing his luck. විජිතයා මාර බේරිල්ලක් බේරුනේ. අර අම්මන්ඩිව බැන්දානම් ඌට වෙන්නේ under constant surveillance ජීවත් වෙන්න. ඌ කොච්චර වාසනාවන්තයෙක්ද කියලා ඌ දන්නේ නෑ.

      Delete
    6. තිසර අය්යට වගෙම තමා රවී අයියෙ අද විජිතය රවුං කරගෙන එද්දි මට හිතුණෙත් ඌට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්ඩ දෙන්ඩ නං තමා... එහෙනං ඌට තිබුණ නෙව කවි ලියල දෙන්ඩ කියල අයියට පින්සෙන්ඩු නොවී ඉන්ඩ...
      කොටිංම මං මේක කියවල හොඳට කල්පනා කරල බැලුව මේ උඹ එක්ක අපිට තියෙන බැඳීම හන්ද කතාව දිහා උඹට පක්ෂපාතව බලන හන්දද එහෙම වෙන්නෙ කියලත්...
      එක අතකට ඌට හොම්බට ඇනල වැඩක් නෑ..
      මේව අති සංවේදී, සංකීර්ණ කාරණානෙ.. ආදරේට වඩා අහිමි වෙයි කියල ඇති වෙන අසීමිත බයයි අහිමි වීමේ වේදනාව දරාගන්න නොහැකියාවයි හන්ද අසාධාරණ ඉල්ලීම් වුණත් කරන්න මිනිස්සු පෙළඹෙනව ඇති..

      Delete
    7. තිසර,

      / ගිහින් කියාපංකෝ සුජාට අනේ මට අරෙන්න වෙන කාටවත් ලව් කරන්න එපාය කියලා. /

      පිස්සුද බාං?..සුජා මුගෙ මූණවත් බලන්නෙ නෑ හෙහ්, හෙහ්, එහෙම ඉල්ලිම් කරන්න ගියානං මුගෙ කර අඹලයි ඒ යෝදි පස්ස බලන්නෙ....ඉඳහංකො මම ඔය ප්‍රශ්නෙම ඇහුව විජිතයගෙං ඇපිසෝඩ් 19 එකේදි..උගෙ උත්තරේ කියවහංකො හොඳේ මලේ....

      / පෝය දවසේ බාර් එක වැහුවහම, බොන කට්ටිය නිකං ඉන්නවා කියලා හිතන එකේ අනිත් එක මේක…/

      ඒක මෙහෙමයි මල්ලි..මෙහෙම හිතහං..ඔන්න ගමේ එක බාර් එකක් තියනව.කට්ටිය ඕකට බොන්න යනව..ඔන්න තව බාර් එකක් දානව එතනම. මොන හේතුවක් නිසා හරි දැං ජනප්‍රිය ඒක. පරණ බාර් එකේ අයිතිකාරය අලුත් බාර් එකේ අයිතිකාරයගෙන ඉල්ලීමක් කරනව බාර් එක වහල දාන්නය කියල. එහෙම උනොත් අර කට්ටිය ආපහු පරණ බාර් එකට එයි කියලයි මිනිහ හිතන්නෙ. එහෙම හිතන එක හරිද වැරදිද කියන එක ගැන මම තර්ක කරන්නෙ නෑ..පරණ බාර් අයිති කාරය හිතන විදිහයි මම මේ කියන්නෙ...

      Delete
    8. අපූර්ස්...

      හරි, හරි කියවල එන්න.කියවල එන්න :)

      Delete
    9. පොඩීස්,

      කෙලින්ම කාරණේට බැස්ස අර වඳුරට වෙච්ච දේ දන්නව ඇතිනෙ නේද?

      Delete
    10. හෙන් රි නම් වියුණු සරන්නා,

       / අර අම්මන්ඩිව බැන්දානම් ඌට වෙන්නේ under constant surveillance ජීවත් වෙන්න. /

      අඩේ ඒ කොහොමද උඹ සුජාතා ගැන එහෙම වර්ගීකරණයක් කලේ? ...I am totally at sea Machang…

      Delete
    11. ජානිස්,

      / මේව අති සංවේදී, සංකීර්ණ කාරණානෙ.. /

      අන්න ඒක සහතික ඇත්ත.

      මැඩම් ජීවිතේ කිසිම දෙයක් මෙන්න මෙහෙමයි වෙන්න ඕන...මේ විදිහටයි හැසිරෙන්න ඕන කියල උඩින් එක රූලකුයි යටට රූල් දෙකකුයි ගහල ඉවර කරන්න බෑ.

      එහෙම හරියටම කරන අයට රතු පෑනෙං ලොකු හරියකුත් හම්බ වෙයි. ඒත් බහුතරයක් එහෙම නෑ. මිනිස් සිතුම් පැතුම්, බලාපොරොත්තු..අපේක්ෂා...අධිෂ්ඨාන කියන ඔය එව්ව මෙව්ව එකකට එකක් පැටලිල කලවං වෙලා පැහිල බුබුලු දාල පිටාර ගලන්ට ගිහාම මොනවයිං මොනව වෙයිද කියල දන්නෙ සැක්කරයගෙ පුතා වයිම විතරයි.

      Never Judge anyone by your standards not even you…

      Delete
    12. වඳුරට වෙච්චදේ දන්නේ ජේන්ලු. පොඩ්ඩි දන්නේ ඉතින් ජයසේන , චුට්ටි මැණිකේ වගේ අයගේ කතා විතරලු. :)

      Delete
    13. මම අදහස් කලේ රවී, ඔය වගේ නිතරම ඉස්කෝලේ හාමිනේ විසින් පනවන දැඩි තත්ව පාලනයක් සහ අඛන්ඩ ඇගයීම් යටතේ ජීවත් වෙන්න වෙනවා ඕකට බැන්දට පස්සෙත්. ඊට වඩා හොඳයි ඕක කෙලින්ම උඹටම කරගහන්න දීලා මාරු වෙන එක.
      ඉස්කෝලෙ හාමිනේලා බැඳපු එකෙක්ගෙන් අහලා බලපං ඕක ගැන. කොච්චරවත් අමතකවෙනවනේ මිනිහා තමන්ගේ ශිෂ්‍යයෙක් නොවන බව. ඒ මදිවට තමන් ඉස්කෝලෙ යන කාලේ කරපු වැරදි මතක් කර කර බනිනවත්නේ. 'ලු' ඈ. උඹයි මමයි නම් ඕවට නෑ. හාහ් හාහ්!

      Delete
  2. මොනා වුනත් විජිත පව් ,, ඒත් ගැහැණු ළමයා ගැන නම් මොකුත් කියන්න බැහැ .. ඔයා හරිම උසස් විදියට කතාව ලියලා තියෙනවා ... මාළුන්ගේ දියකාවන්ගේ කතාවත් එක්ක විජිතගේ කතාව සමාන්තරව ලියලා තියෙන විදිය හරිම අපුරුයි ..කතාවේ කොටස් 4 ක් වගේ ඉදන් තමයි මං කියවන් ආවේ ,, ගොඩක් සාර්ථක නිර්මාණයක් ,, දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. අපූ සංසාර්,

      බොහොම ස්තූතියි අගය කිරීම උදෙසා...:)

      Delete
    2. අපූර්වී ඔමායා.....අපූ සංසාර් බලන්න....සත්‍යජිත් රායිගේ ...පාතර් පංචලී...අපරාජිතෝ සහ එහි තුන්වැන්න තමයි අපූ සංසාර් හෙවත් අපූගේ ලෝකය...නිදහසේ බලන්න......බොහෝ ඉස්සර මම බැලුවා...රවීගේ කමෙන්ට් එකෙන් ආපහු මනස කුලප්පු උනා

      Delete
    3. මට කවුරු හරි ටීචර් කෙනෙක් දුන්නා ඉස්කෝලෙදි මගේ නම තියෙන නිසා ,,දැන් මට ඒකෙ තිබ්බ දෙයක්වත් මතක් නැහැ ,, ලංකාවට ආපුවාම හොයාගෙන බලන්න ඕනේ ඒක 1959 කාලේ එකක්

      Delete
    4. මේක පොත් හැටියට පලවුනාද?

      Delete
    5. අරූ,

      ඔව් බං ඔය තුන් ඈඳුතු කතාව බෙංගාලි ලේඛක විභූතිභූෂන් බන්දෝපාධ්‍යායගෙ රචනයක්. එයාගෙම ජීවිත කතාව ඇසුරෙන් ලියවුනයි කියලයි කියන්නෙ.

      චින්තා ලක්ෂ්මී සිංහාරච්චි සිංහලට පරිවර්තනය කලා පොත්තුනම.

      පොථේර් පංචලී = මාවතේ ගීතය

      අප්රාජීතෝ = අපරාජිත ජීවිතයක්

      අපූ සංසාර් = අපූගේ ලෝකය

      Delete
    6. ඔව් රවී අයියා ලස්සනට කියලා තියෙන්නේ ,, වෙලාවට මං පසේ දැක්කේ හි හි

      Delete
    7. රවි,

      විභූතිභූෂණ් පොත් දෙකයි ලිවුවෙ බංස්.. පථෙර් පංචාලි හා අපරාජිතෝ.. ඒ පොත් දෙක තුනට කඩලා රායි ෆිල්ම්ස් තුනක් ගැහුවා.. ඒ ෆිල්ම්ස් තුන අනුව යමින් තමා චින්තා සිංහලට පොත් තුනක් විදියට මුලු කතාවම පරිවර්තනය කලේ..

      Delete
    8. බූරා,

      ස්තූතියි මල්ලි..මම දැනගෙන හිටියෙ නෑ ඒක...අපූ ත්‍රිත්වය , අපූ ත්‍රිත්වය කියල කොයි වෙලෙත් පට්ට ගහන නිසා මම හිතාගෙන උන්නෙ පොත් තුනක්ය කියල :)

      Delete
  3. //" අයියෙ…. මම මේ බැගෑපත් ඉල්ලීමක් කරන්නෙ ..සුජාටයි මටයි අයිය බාදාවක් වෙන්න එපා. අපේ ජීවිත වලින් කරුණාකරල අයිය අයින් වෙන්න. මම ඉල්ලන්නෙ එච්චරයි. " //

    පේන හැටියට අන්තිමට 'අනේ පව්' කියන්ට වෙන්නේ සුජාට වගේ. :D

    ReplyDelete
    Replies
    1. රවියා නොකියූ කතාව:

      එයා මට පිටුපාල... පිටිපස්ස එකපාරක්වත් හැරිල බලන්නෙ නැතුවම යන්ටම ගියා අයියෙ... යන්ටම ගියා. "

      අන්තිම හරිය කියද්දි විජිතට ඉකි ගැහුන. දෙයියෝ සාක්කි..වැඩිහිටි මනුස්සයෙක්.... පිරිමියෙක් මේ වගෙ කාරණේකට අඬනව මම ඔය දැක්කමයි. මගෙ හිත නිකං හිරි වැටුන වගෙ උනා.

      "මල්ලි අඬන්ට එපා මල්ලි. මඩකනයෝ හුංගෝ තමයි දියකාවන්ගේ කොක්කුන්ගේ ආහාරේ. පායන කාලෙට දඩයම තවත් ලේසියි."

      විජිත මං දිහා බැලුවා. කඳුලු නැවතුනා. ඇස් දොට්ට පැන්න, කට ඇද වුනා. මූණේ නහර දම්පාට වෙලා ඉලිප්පිලා පේන්න ගත්ත.

      "මොන ****ද? ඇයි යකෝ මම මෙච්චර වෙලා කියපුවා උඹ අහගෙන හිටියේ නැද්ද, ‍තෝ වගේ එකෙකුට මේ වගේ හදවත අතට අරං කතා කරන්න ගියාට මට **ට පයින් ගහගෙන මැරෙන්න හිතෙන්නේ. ඔව්, **ට පයින් ගහගෙන මැරෙන්න හිතෙන්නේ. **ට පයින් ගහගෙන මැරෙන්න හිතෙන්නේ!" විජිත තුන් පාරක් ප්‍රතිරාවය කලා.

      Delete
    2. හෙන්රි නම් වියුණු සරන්නා,

      හෙහ්, හෙහ්, කොහොමද මම උඹට දාපු නම ? ආතල් බේරෙනව නෙවද? සන්තියාගෝ නම් සැරිසරන්නගෙ ලොකු අප්පච්චිගෙ දෙවෙනි කසාදෙ පවුලගෙ බාල මලයට පිහියෙං ඇන්න එකාගෙ හීං නැන්දම්මගෙ බාල කොලුවගෙ හොර ගෑණිගෙ මල්ලි වගේ නේද? අන්න එහෙමයි අපි ...

      රයිට් දැන් ඌණ පූරණයට..අද එතැන් සිට...

      අද එතැන් සිට කියනකොට ඔන්න මතක් උනා...උඹට මතකද නවයුගයෙ ඒ කාලෙ ( ඒ කාලෙ කිව්වෙ අර ස්වර්ණමය යුගයෙ , හැත්තෑව දශකයෙ.. ) පල වුනා අද එතැන් සිට කියල කොළමක්..ලිව්වෙ එල්.සී. ජයසිංහ ..ඔය එල්.සී. ජයසිංහ කියන නමින් ලිව්වෙ හෙන් රි තෙන්නකෝන් මහත්මය. තෙන්නකෝන්ගෙ සමාජ සමයං ලිව්වෙ..අන්න එයා. එල්.සී. ජයසිංහ කියන්නෙ එතුමාගෙ බිරිඳ..ඔය අද එතැන් සිට කතාවෙ තිබ්බෙ මොකක් හරි ජනප්‍රවාදයෙ එන ප්‍රසිද්ධ කතාවක් ඉවර වෙච්චි තැන ඉඳල එතුමා ලියනව මෙහෙමයි ඉස්සරහට තව දුරටත් උනේ කියල..හිනා වෙල පණ යනව බං..ඔය සීරීස් එකම මම එකතු කරල පොතක අලවල තිබ්බ. අපේ මහ ගෙදර පරණ පෙට්ටගමක් අස්සෙ ඇති නොවැරදීම ..නහයට පරණ ජොකෙක් වත් බැඳගෙන දූවිලි පිහදාල අවුස්සල බලන්ට ඕන මේ පාර ගිහාමවත්...හෙහ්, හෙහ්,

      ඕ..කේ..එහෙනං අද එතැන් සිට....

      / විජිත මං දිහා බැලුවා. කඳුලු නැවතුනා. ඇස් දොට්ට පැන්න, කට ඇද වුනා. මූණේ නහර දම්පාට වෙලා ඉලිප්පිලා පේන්න ගත්ත. /

      / "මොන ****ද? ඇයි යකෝ මම මෙච්චර වෙලා කියපුවා උඹ අහගෙන හිටියේ නැද්ද, ‍තෝ වගේ එකෙකුට මේ වගේ හදවත අතට අරං කතා කරන්න ගියාට මට **ට පයින් ගහගෙන මැරෙන්න හිතෙන්නේ. ඔව්, **ට පයින් ගහගෙන මැරෙන්න හිතෙන්නේ. **ට පයින් ගහගෙන මැරෙන්න හිතෙන්නේ!" විජිත තුන් පාරක් ප්‍රතිරාවය කලා. /

      අම්මාපල්ල මට යකු නැග්ග..ඇයි යකෝ මේ යකාගෙ අඳෝනාව අහගෙන ඉඳපල්ලකො ....වෙන වැඩක් නෑ..

      " මේ විජිත..මේක අහපං *****, මෝඩයට **** රත්තරං....කියල උඹ අහල තියනවද? "

      විජිතයගෙ දත් මිටි කැවෙනව මම දැක්ක. අත් දෙකත් මිට මෙලවුනාද කොහෙද? මම එව්ව ගණං ගත්තෙ නෑ...කියන්ට ඕන ටික කිව්ව මූණටම පොල්ලෙං ගැහුව වගෙ…

      " මේ ඉස්සෙල්ල මම කියන්ට යනදේ අහල ඉඳපං...යකෝ ගෑණියෙක් මත්තෙ මැරෙන්ට යන්ට එපා..ගෑණුන්ට උනත් එක පිරිමියෙක් මත්තෙ මැරෙන්ට එපා කියලයි මම කියන්නෙ..ඔය ඕන තරං ගෑණුත් ඉන්නව පිරිමිත් ඉන්නව..ඔය කවුරුත් එකයි බාං..ඕන **** පණං අටයි කියල කතාවකුත් තියනව. උඹ අහල තියනවද? නැත්තං අද අහගනිං..සුජාට බම්බු ගහගන්ටෙයි කියල අද ඉඳල මනුස්සයෙක් වගෙ ජීවිතේට මූණ දීපං..ඉඳපං මම කියන්ට "

      " ලැම්බට් අයියාආආආආඅ..... " මම වාඩිය පැත්තට හැරිල කෑ ගැහුව..

      " මහත්තයා …"ලැම්බා ආව දුවගෙන..

      " මේ ලැම්බට් අයිය ….මොනවද තියෙන්නෙ හපන්ඩ එහෙම?..."

      " ඊයෙ රෑ මම පරණ හොරොව්ව ගාව දැලක් ඇටෙව්ව මහත්තය. හොඳ සයිස් තිලාපියො හත් අට දෙනෙක්ම අහු උනා.."

      " අඩේ උඹලගෙ වාඩියෙම ඉන්නවනෙ විස්සක් විතර…"

      " නෑ මහත්තය උංට මාලුම කාල අපෝ වෙලයි තියෙන්නෙ. මැෂින් කරවල බැද්ද ගෝලයින්ට.මාළු මම ලෑස්ති උනෙ මිරිසට උයන්ට මහත්තයට ගෙනියන්ටත් එක්ක..."

      " හරි එව්වයිං හතර පහක් බැදපං අයියෙ හීංවට කපල ගම්මිරිස් යන්තමට අතගාල...මේ ඒක නෙවෙයි..අරූ... කවුද බං උගෙ නම? "

      " මම දන්නව මහත්තය අහන්ට යන එක..සිරිතේක්කුව නේද? "

      " ආන්න හරි ඌ තාම පෙරනවද? "

      " ආය මොනවද අර මෙතෙන්ටත් පේන්නෙ යාන්තමට දුම…"

      Delete
    3. වැව් ඉස්මත්තෙ තිබ්බ බොහොම ආදි කාලෙ බෝදියක්. ඔය බෝදිය යට තමයි සිරිතේක්කුව බඩු පෙරුවෙ..

      " හරි එහෙනං ලැම්බට් අයිය ගෝලයෙක් යවල අරං වරෙං දෙකක්..ඉඳපං සල්ලි දෙන්ට.." මම පස්සෙ සාක්කුවෙං පර්ස් එක ගත්ත

      " සල්ලි තියාගන්ට මහත්තය..මමම යන්නං ගේන්ට..ගෝලයෙක් යවන එක හරි මදි…"

      ලැම්බට් අයියගෙ තිබ්බ පරණ හම්බර් එකක්..ඒකෙ නැඟල පොර පැද්ද වැව් කණ්ඩිය දිගේම බෝදිය දිහාට..

      " විජිත වරෙං එතකල් අපි නාගමු.."

      " මෙහෙම?..." විජිතයගෙ ඇස් දෙකත් ලොකු උනා..

      " මෙහෙම කියන්නෙ? …..ජොකා පිටිං නාමු බං..මෙහෙ ආය කවුරුත් එන්නෙ නෑ..ඔන්නං දර කඩන්ට එන මුස්ලිම් කෙල්ලෙක් දෙන්නෙක් එයි.උන්ට ඔව්වයෙ ගානක් නෑ…"

      අපි දෙන්න වැවට බැහැල පීනගෙන ගියා ගල් තලාව දිහාට..

      කුඹුක් ගහ යට ඉඳගෙනම විජිතයි මායි ලැම්බට් අයියයි එදා ගැහුව දෙකම…අන්තිම බාගෙ ගැහුවෙ තුං දෙනාම එකට බදාගෙන නටන ගමං..That's Life..Heh..heh…

      අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නෙ අයියා මල්ලී වාගෙ අයියා මල්ලි,
      එක හැලියේ බත් කන්නේ එක යහනේ සැතපෙන්නේ අයියා මල්ලී වාගෙ අයියා මල්ලි,


      නකතං වෙන්ට ගහල බඩ පැලෙන්ට බතුත් කාල අපි දෙන්න පොඩි ඇලට් එකක් ගැහුව කුඹුක් ගහ යටම..

      " අයි...යෙ….." විජිතය තටමල වගෙ කියා ගත්ත..

      " මො..ක්..ක..ද මලේ? " මාත් ඇස් ලොකු කරල ඇහුව.." මොකෝ බොලේ කබ්රාල් වත්ද? "

      " නෑ..නෑ...එහෙම එකක් නෙවෙයි…..අර්..ර ..ඉස්..සෙල්ල කි..කි..කිව්වෙ ඇත්ත..මද? "

      " මො...න? "

      " ඕන **** පණං අටයි කියල...."

      " හෙහ්, හෙහ්, බොරු බං ….."

      " ඈ?..... එතකොට?..."

      " පණං හතරෙ එව්වත් ඔය ඕන හැටියෙ තියනව...හෙහ්, හෙහ්, හෙහ්, "

      විජිතයයි මායි හිනාවෙන සද්දෙට කුඹුක් ගහේ වහන්ට ආපු දියකාවෝ දෙන්නෙක් බය වෙලා ආපහු පියාඹගෙන ගියා වැව් ඉස්මත්තෙ සිරිතේක්කුවගෙ බෝදිය දිහාට...

      Delete
    4. පොඩීස්,

      / පේන හැටියට අන්තිමට 'අනේ පව්' කියන්ට වෙන්නේ සුජාට වගේ. :D /

      හ්ම්ම්ම්ම්ම්...ම්ම්ම්ම්ම්...හ්ම්ම්ම්ම්ම්ම්ම්……..ඒ නීරීක්සනයෙත් තියනව යම් මෙව්ව එකක්..:)

      Delete
    5. ඩූඩ්......."රවීයා නොකිව් කතාව" .....හරියටම හරි....ඒක වහන්න තමයි මූ රිප්ලයි එකක් තව පෝස්ට් එකක් සයිස් දිගට දාන්නේ.

      රවී....අද එතැන් සිට මට මතකයි...ඒ හෙන් රි තෙන්නකෝන් මහත්මයාගේ බිරිඳ කියලා දැණගෙන හිටියේ නැහැ.

      Delete
    6. //අද එතැන් සිට කියනකොට ඔන්න මතක් උනා...උඹට මතකද නවයුගයෙ ඒ කාලෙ ( ඒ කාලෙ කිව්වෙ අර ස්වර්ණමය යුගයෙ , හැත්තෑව දශකයෙ.. ) පල වුනා අද එතැන් සිට කියල කොළමක්..ලිව්වෙ එල්.සී. ජයසිංහ ..ඔය එල්.සී. ජයසිංහ කියන නමින් ලිව්වෙ හෙන් රි තෙන්නකෝන් මහත්මය. තෙන්නකෝන්ගෙ සමාජ සමයං ලිව්වෙ..අන්න එයා. එල්.සී. ජයසිංහ කියන්නෙ එතුමාගෙ බිරිඳ..//

      මේ කෑල්ල මම හතරපස් සැරයක් උඩ ඉඳන් පල්ලෙහාටයි ඔළුව කරකවලා උඩ ඉඳන් පල්ලෙහාටයි කියවලා බැලුවා..ම්හ්...තේරුනේ නෑ..
      රවි තව පොඩ්ඩක් පැහැදිලි කරනවද හෙන් රි තෙන්නකෝන් හා එල් සී ජයසිංහ කියන්නේ කවුද කියලා?..අපි පත්තර කියවන කාලේ නවයුගය තිබුනේ නැද්ද කොහෙද..

      Delete
    7. රූස්,

      අඩේ බොලේ තේරුණේ නැත?...මෙහෙමයි නෝනෙ....හෙන්රි තෙන්නකෝන් කියන්නෙ හැටේ සහ හැත්තෑවෙ දශකවල බොහොම ප්‍රසිද්ධ කලාකරුවෙක්...ඉරිදා ලංකාදීපෙ ඒ කාලෙ පල වුනා තෙන්නකෝන්ගේ සමාජ සමයං කියල කාටූන් එකක්. පවුලක සාමාජිකයො එක එක්කෙනා ඒ සතියෙ රටේ ලෝකෙ සිදුවෙච්චි දේවල් ගැන තම අදහස් ප්‍රකාශ කරනව. පුදුම විදිහට රසවත්ව හෙන්රි ඒ කාටූන් එක ඇන්දා. ඒකම තමයි දයා රාජපක්ෂ අදටත් කරගෙන යන්නෙ. ඒත් දයාට ඒ වැඩේ බෑ. හෙන්රිගෙ සමාජ සමයං බලල පුරුදු අපට දයාගෙ කාටූන් එක දැක්කම හිනායනව නෙවෙයි ඇඬෙනව.

      තව පොඩි එකාගෙ ලියුම කියල එකකුත් ලිව්ව හෙන්රි. අකුරු වරද්දල පොඩි එකෙක් ලියන විදිහට ලිව්ව ඒකත් හරිම අපූරුයි. එතකොට දැන් එන්නං " අද එතැන් සිට " තීරු ලිපියට. නවයුගයෙ එල්.සී. ජයසිංහ නමින් අද එතැන් සිට ලිවෙ හෙන්රි තෙන්නකෝන් මහත්මයමයි. එල්.සී. ජයසිංහ කියන්නෙ එතුමහෙ බිරිඳගෙ නම.

      ඒ තීරු ලිපියෙ තිබ්බෙ ඔය ජනප්‍රවාද සහ බෞද්ධ සාහිත්‍යයෙ ප්‍රසිද්ධ කතා ගැන හෙන් රිගෙ වර්ෂන් එක. ඉබ්බයි හාවයි රේස් එක, හාවා කිඹුලො පිටේ නැඟල ගඟෙන් එතෙර වෙච්ච හැටි, කාල ගෝල කතාව, නරිය නිල් තීන්ත බාල්දියකට වැටිච්චි කතාව එතනිං ගිහාම ගම දුවගෙයි නරියගෙයි කතාව..ඔය වගෙ එව්ව හරිම අපූරුවට ලියල තිබ්බ. කරුමෙ කියන්නෙ එහෙං මෙහෙං ඇරෙන්න එකක්වත් හරියකට මතක නැති එක නෙව.

      යන්තමකට හරි මතක තියෙන්නෙ අර බීරි පවුලෙ කතාව විතරයි. හතර බීරි කතාව....අර කොල්ලෙක් ඇවිල්ල දොම්පෙට යන පාර අහන්නෙ... අන්න ඒක..කෙල්ලගෙං පාර ඇහුවම කෙල්ල හිතනව කොල්ලා මම ඔයාට කැමතියි කිව්වය කියල. කෙල්ලත් කියනව අනේ මමත් ඔයාට කැමතියි කියල. ...ශිහ් මේකි එක පාරටම ඔය ඉස්සරහ තියෙන හන්දියෙන් වමට තියෙන පාර කෙලින්ම දොම්පෙට කියල නොකිව්වනං පොඩි ටෝක් එකක් දාගෙන ඉඳල සැට් කරගන්ට තිබ්බය කියල හිතෙං බැණ බැණ කොල්ල යන්ට යනව. බලනකොට කොල්ලත් බීරියි.

      Delete
    8. මම බොගේ මේ අටමගලේ උනු උනුවේ රීඩරෙන් කීයෙව්වට මේකට ගොඩවෙන්නෙම මේ බෝ වැල්වටාරම් දාලා රවුම් කරලා රාමු කරලා මලවල තම්බලා ලුණුදාලා ලියන කතා ටික කියවලා යන්නමයි.

      Delete
    9. හැන්රියාගේ නම තව ටිකක් මොඩිෆයි කලා මම...

      HENRY BLOGWALKER
      HEN-RYB-LOG-WALKER (පොඩ්ඩක් කැඩුවා එහෙට මෙහෙට)
      HEN-RIB-LOG-WALKER (නොසලකා හැරිය හැකි වෙනස් කිරීමක්)

      කිකිළි-සැකිළි-කොට-මගියා

      Delete
    10. තිසර උඹ දුන්නා නේද රිටර්න් එක අර මම කිව්ව එකට, හාහ් හාහ්!

      නෑ බං රවී. මම දවසක් මූට කිව්වා තිසර කිව්වාම මට මතක් වෙන්නේ තිසරපටක් කියලා. පස්සෙ තවත් ඒ ඔස්සේ ගිහින් මුගේ නම කිව්වාම මැවෙන චිත්ත රූපය තිසරපටෙන් වැහිලා තියෙන ජාතිය කියලා කිව්වා. එතකොට මූ ඉඳන් කිව්වා උඹට ඒ ජාතිය දකින ගානේ මාව මතක් වෙන්න ගත්තොත් ලෙඩේ නේද කියලා. ඔන්න දුන්න රිටර්න් එක.

      හැබෑට රවියො, තිසර කිව්වාම උඹට මොනවද මතක් වෙන්නේ, ඈ?

      උඹලා දෙන්නම මගේ නම්ට කරපු විග්‍රහය නම් මරු බං. දෙන්නටම ස්තුතියි.

      Delete
    11. බූරුස්,

      ඇයි බං පස්සෙ ලියන අතුරු කතා රීඩරෙං එන්නෙ නැද්ද?

      මම නං ඔය රීඩර් බීඩර් ගැන අඳෝ සංසාරයක් නොදනිමි. අපි ඇවිල්ල B.B.C. පරම්පරාවෙ උදවිය.( Born Before Computers )

      Delete
    12. හෙන්රි,

      ආය මඟුලක් මතක් කරනව..තිසර තමයි..හුහ්..තිසර....මේ නිවාඩුත් නැති අල්ල පනල්ලෙ උඹල මේ ආය එකක් මතක් කරනව...අනික මෙහෙ බාං තිසර තියා නහයක් කටක්වත් දකින්ට තියන එකක්ය ආය.....

      Delete
    13. ඔය ගැනද බංස්ලා අර නන්දා මාලිනී සිංදුවකුත් කියන්නෙ "තිසර පටින් අදින්නෙපා වලාකුළයි කැඩෙන්නේ.." කියලා.. ;)

      Delete
    14. :-D බූරයියෙ බොටත් මුංගෙ පිස්සුව බෝ වෙලාද??
      ඔව්ව දකිද්දි මටත් ඉතිං ඉන්ඩ බෑනෙ..

      ඔන්න අපි දවසක් සින්දු කියකියා ඉන්නව.. කියන්නෙ මා සනසා... අර මර්වින් පෙරේරාගෙ සින්දුව...
      ඒකෙ තියෙන්නෙ අර හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා කියල කෑල්ලක්
      ඕක කියන අතරෙ අපේ එකෙක් ඒකට කිව්වෙ මෙන්න මෙහෙම බං
      ඇඳුම් තෙරපිලාදෝ හසුන් මුස වෙලා!!

      Delete
    15. ඉතිං ඒ කතාවත් ඇත්තනෙ බංස්.. "ඇඳුම් තෙරපිලාදෝ හසුන් මුස වෙලා.." ඒ කියන්නෙ ඇඳුම් (මං හිතන්නෙ ඔය කියන්නෙ යට ඇඳුම් වෙන්ටෝන) ටිකක් තදට ඇඳලා තියෙන නිසා හසුන් (හංසයො වෙන්ටැති නේද) මුස වෙලා (සිහි මුර්ජා වෙලා) කියලනේ.. බලාන්ට කොයිතරම් කලාත්මක අන්දමින් වර්ණනා කරලා තියෙනවද කියලා.. :D

      Delete
    16. බූර්ස්,

      එහෙම නෙමෙයි බොල,

      තිසර පටින් අදින්නෙපා,
      ගලවනකල් ටිකක් හිටිං,
      ඉරුනොත් හෙම මලකෙලියයි
      එකම එකයි තියෙන්නේ.

      Delete
    17. ඇත්තටම ක්ලැරන්ස් ගෙ සිංදුවක් තියෙන්නෙ.."තිසර පටින් ලැමා... කියන රහස කිමා" කියල.... ඒත් උඹල මගෙ නම් අල්ලගෙන ආතල් ගන්න එක වැරදියි මං කියන්නෙ... වැරදියි.. බොහෝම වැරදියි....

      Delete
    18. //මොන ****ද? ඇයි යකෝ මම මෙච්චර වෙලා කියපුවා උඹ අහගෙන හිටියේ නැද්ද, ‍තෝ වගේ එකෙකුට මේ වගේ හදවත අතට අරං කතා කරන්න ගියාට මට **ට පයින් ගහගෙන මැරෙන්න හිතෙන්නේ. ඔව්, **ට පයින් ගහගෙන මැරෙන්න හිතෙන්නේ. **ට පයින් ගහගෙන මැරෙන්න හිතෙන්නේ!" විජිත තුන් පාරක් ප්‍රතිරාවය කලා.//

      meka kiwwa witharai Ravi aiya kiuwwa "ubata male thaniyama oka karaganna bane hitin man korala dennam kiyala"........Gahuwa pain aye itin monada Vijitaya kelinma wawe.........

      hitala balannako kohomada ehema unanam...........

      Delete
    19. තිසර,

      / ඇත්තටම ක්ලැරන්ස් ගෙ සිංදුවක් තියෙන්නෙ.."තිසර පටින් ලැමා... කියන රහස කිමා" කියල /

      හෙහ්, හෙහ්..තිසර පටින් නෙවෙයි කොල්ලො තිසර පැටින්...හංස පැටව්.....අහපං හොඳට... කනට අතක් වත් තියල. ..හෙහ්, හෙහ්

      Delete
    20. Sacheera,

      ඒක මරු කෑල්ල බං..ෂෙහ්... මට මැවිල පේනව රවී අඩියක් පස්සට තියල විජිතයගෙ පුකට දෙනව දකුණු කකුල උස්සල පාරක් අර අපේ කාලෙ හිටිය සුප්‍රසිද්ධ රග්බි ක්‍රීඩකයෙක් චාල්ස් විජේවර්ධන කියල..මනුස්සයගෙ පෙනල්ටි කික් එකක් වගෙ ..හෙහ්, හෙහ්,

      විජිතය ගිහිල්ල කෙලිම්ම වැටෙන්නෙ අර දියකාවො මැද්දෑවට. උං බය වෙච්චි පාර මුගෙ අම්ම මතක් කරකර ඉගිලිල යනව යන්ට. :)

      Delete
  4. විජිත පවු ... අහිංසක මෝඩයෙක්... අර වගේ ගල් හිතක් තියෙන කෙල්ලෙක් ඒ අහිංසකයට හරි යන්නේ නෑ.. අනිත් එක සුජා කියපු කතාවත් සහතික ඇත්ත.. එක තැනකදි විශ්වාසය පළුදු උනොත් ආයිත් ඒක හදාගන්න පුළුවන් චාන්ස් බොහොම අඩුයි...

    මං සුජා උනා නං මං කරන්නෙත් ඔය ටික... හැබැයි මං රවීට ලියුං ලියන්නෙත් නෑ ජීවිතේට.. මොකද හොර වැඩ වලට උල්පන්දන්‌ දෙන යාලුවො, හොර වැඩේ කරන උන්ට වඩා නරකයි...

    හි හි....

    ReplyDelete
    Replies
    1. උඹ හරිම රූඩ් රවි. අරූගේ ලේ ගලන හදවත අතට අරං අයියේ ෂොපිං බෑග් එකක් නැද්ද මේක ඔතාගන්ට කියලා අහනකොට උඹ කාවයියෝ දිහා බලං ඉඳලා ආ මල්ලි උඹ බෑරක්ද මේ යන්නේ කියලා අහනවා.

      Delete
    2. Hiru,

      / මං සුජා උනා නං මං කරන්නෙත් ඔය ටික.. /

      හෙහ්, හෙහ්, උඹ සුජා උනා නං මං උඹට කවි ලියනව තියා උඹ ඉන්න අහල ගං හතක පස් පාගන්නෙ නෑ..දෙයියම්ප....

      කතාවක් කියන්නද? මේක මේ චර්චිල් ගැන චර්චිල් දන්නවනෙ නේද?

      චර්චිල් අගමැතිකාලෙ විරුද්ධ පක්ෂෙ මන්ත්‍රී වරියක් එක්ක බොහොම උණුසුම් වාදෙකට පැටලුනා. අර අම්මණ්ඩිත් ඇරියෙ නෑ..ඔය උඹ වගෙ වෙන්ට ඇති.

      අන්තිමට කිව්ව උන්දැ.." අගමැතිතුමා මම ඔබේ බිරිඳනම් මම ඔබට වහ දීල හුඟාක් කල් "

      චර්චිල් ගත් කටටම මෙහෙම කිව්ව. " මන්ත්‍රී තුමිය…. ඔබ මගේ බිරිඳ නම් මම වහ බීල ඊටත් වඩා කල් "

      Delete
    3. ඒ කියන්නෙ අපේ මහත්තයා රවියයියටත් වඩා එඩිතර හිතක් තිබ්බ එක්කෙනෙක් නේද? හප්පා.. මං මේක කිව්වම අඩි තුනක් හතරක් උඩ යයි... හි හි...

      අපේ උන්දැට කවි ලියන්න බැරි හින්දම හොඳයි... හි හි

      Delete
    4. Henry,

      / උඹ හරිම රූඩ් රවි. /

      අනේ නෑ බං.එච්චර ලොකු නෑ ඒ ගල් තලාව...රූඩ් නෙවෙයි පර්ච් එකක්වත් නැති තරං

      / අරූගේ ලේ ගලන හදවත … /

      අරූ සම්බන්ද උනේ කොහොමද බං මේ කතාවට?...ඕකා මං දැනගත්තෙ මේ ඊයෙ පෙරෙයිදනෙ...

      Delete
  5. මගේ කමෙන්ට් වල ලියන කරුණු වලින් උඹ සමහර ඒවා මග අරින නිසා මමත් කල්පනා කලා උඹ කතාව ලියනවා වගේම කොටස් වශයෙන් කමෙන්ට් කරන්න. :D

    ReplyDelete
    Replies
    1. හෙන් රීස්,

      මේ අස්තාන චෝදනා කරන්න එපා හොඳද? උඹේ චෝදනාව දැක්කම මම පොඩි සර්ච් පාරකුත් දාල බැලුව එහෙම මුද්‍රණ දෝසයක් බැරිවෙලාවත් වෙලා තියද කියල..ම්හු.අහු උනේ නං නෑ...කොතනද බොල එහෙම උනේ? එහෙම වෙලා තියේනම් බැරි වෙලා හරි සමාවෙලා කියපං බලන්න කොහෙද කියල :(

      Delete
  6. විජිත වගේ අය අද කාලෙ ඉන්නවද ඇත්තට ම?

    ReplyDelete
    Replies
    1. දිලිනීස්,

      අද කාලෙ ඉන්නවද නම් මංද බොලේ අපේ කාලෙ නං හිටිය..:)

      Delete
  7. මචං......අද තමයි නියම කොටස....මට අද විජිතයත් එක්ක මල පැන්නා. නාගසලං වෙන්න දෙවරක් පෙරුම ගහලා, ඔළුවේ කැක්කුමට නිවාඩුවක් දාන්න හිටිය එකාට වැඩටත් එන්න උනා. ඔළුව කැක්කුමයි...ඊයේ ඩෝප් එක්ක බැහැගෙන එන අස්සෙයි ....මේ යකාගේ යෝනියවල් අහගෙන ඉන්න ගියාම...ඕන බෝධිසත්වයෙකුට මල පනිනවානේ බං.

    අනිත් එක විජිතයා කොහොමද උඹට කියන්නේ බාධාවක් වෙන්න එපා කියලා. හැබැයි එහෙම කියන එවුනුත් ඉන්නවා..මට එකෙක් ගෝල්ඩ්ලීෆ් පහකුත් අරන් දීලා කිව්වා උන්ගේ ගෙවල් පැත්තේ එන්න එපා කියලා. ඌ මගේ කෑල්ලක් කසාද බැඳලා. ඒකී එන්න කිව්වා මම ගියා. මූ ආවා.හැබැයි මුකුත් සිදුවෙමින් පවතින අවස්තාවක නෙමේ. ඌ මාව දන්නවා. එතැන විජිතයා වැරදියි.

    රවී...ඔය සිද්ධි වෙනකම් මේ *කයා ලියුම් වලින් විතරමද ගනුදෙනුව? ඩේ කෙයාර් සෙන්ටර් එකකටවත් ගිහිල්ලා තිබුනේ නැද්ද දෙන්නා? මට සැකයි උඹ සුජාව...ඩේ කෙයාර් ගෙනිච්ච්ද කියලා.

    ReplyDelete
    Replies
    1. අරූස්...

      / මට එකෙක් ගෝල්ඩ්ලීෆ් පහකුත් අරන් දීලා කිව්වා උන්ගේ ගෙවල් පැත්තේ එන්න එපා කියලා. ඌ මගේ කෑල්ලක් කසාද බැඳලා. /

      හෙහ්, මරු කතාව ඒක..උඹට අහන්ට තිබ්බෙ..ඇයි බොල තොට වයිෆ් වටින්නෙ ගෝල්ඩ් ලීෆ් පහක් ද කියල..

      අර බුදු හාමුදුරුවො කිව්වයි කියන කතාව මට මතක් උනා. අචිරවතී ගංගාවෙන් එතෙර වෙන්ට ගිහිල්ල හිටියලු බුදු හාමුදුරුවොයි තව හාමුදුරුවරු තුන් හතර දෙනෙකුයි. තොටියා එගොඩට ගිහිල්ල හින්ද කට්ටිය මෙගොඩ ඉන්නවලු. ඔය අතර ඉර්දිබල තියන තාපසයෙක් ආවලු. කෙලින්ම කිසි කතාවක් නැතුව වතුර උඩිං ඇවිදගෙන එහා පැත්තට ගියාලු.අර හිටපු අනික් හාමුදුරුවරුන්ට මේක මහ මදිකමක් වගෙ උනාලු.

      එයාල අතර කසුකුසුව ඇහිල බුදු කාමුදුරුවො ඇහුවලු ...." ඇයි..මොකක්වත් ප්‍රශ්නයක්ද? " කියල

      එක හාමුදුරු කෙනෙක් ආවලු ඉස්සරහට.." එහෙමයි අර තාපසය කරපු හාස්කම ඔබ තුමා දැක්කනෙ. ඇයි ඔබතුමාටත් එහෙම කරන්න බැරි? "" කියල ඇහුවලු..

      " මේ ගඟෙන් ඔරුවෙන් එගොඩ කරන්න තොටියගෙ ගාස්තුව කීයද ?" ඔන්න බුදු හාමුදුරුවො අහනව..

      " තඹ කාසි බාගයයි…"' උත්තර ලැබෙනව..

      " ආන්න දැක්කද? ඒ තාපසයගෙ හාස්කමේ වටිනාකම එච්චරයි …" බුදු හාමුදුරුවො කිව්වලු...:)

      / මට සැකයි උඹ සුජාව...ඩේ කෙයාර් ගෙනිච්ච්ද කියලා. /

      ආය මගුලක් කතාකරනව...පිස්සුද යකෝ? අපි ඇවිල්ල ඒ දවස්වල පිරිත් පැං වක්කරල හදපු බෝ පැල වගෙ...

      Delete
    2. මචං .....ඌට වයිෆ් වටින්නේ ගෝල්ඩ්ලීෆ් පහද මන්දා......මට ඒ දවස්වල ගෝල්ඩ්ලීෆ් පහ රටක් වටිනවා....පොර ඒක දන්නවා. අන්තිම කෝඩේ ගහලා හිටපු කාලයක්.

      බලපන් නොගැලපෙන කසාද.......ඒකි මූවයි....දුවවයි දාලා ගියා..පව් වැඩේ බං.....ඒකිනම් බොහෝ බොහෝ කාලයකට පෙර මෙහේ ආවා. සුද්දෙක්ව බැඳලා ඉන්නවා....ඒ සෙට් එක ගැනත් යමක් ලිවිය යුතුයි....ඒක හරිම සාපයක් වගේ දෙයක් බං

      Delete
  8. අයියෙ නැද්ද කුලියටවත් හොද කොන්දක් හොයාගන්න විජිතයට බදින්න.මට තියෙනව ලොකු කොමන්ටුවක් දාන්න.උබ ම්ව්ක ඉවාර කරපන්කො ඉට පස්සෙ මම දාන්නම්.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      හෙහ්, හෙහ්..ලොකු කමෙන්ටුවක් ඈ???? හරි හරි... දාපංකො... දාපංකො :)

      Delete
  9. මේ වෙලාවේ සුජා ගැන හිතේ පොඩි කහටක් ඇතිවුනා..මේචචර කල් විජිත ආස්‍රය කරලා ඒ මනුස්සයාව අඳුරගත්තේ නැද්ද?

    මේ කතාව මුල ඉඳන්ම සුජායි විජිතයි එක එක්කෙනාට නොගැලෙපෙනවා කියලා ව්‍යංගාර්ථයෙන් කියන්න රවී උත්සාහ කරලා තිබුනා..අද කොටසෙදි නම් ඒක හොඳටම පේන්න තියනවා. මේ විදිහට තමන්ගේ තියන ප්‍රශ්න කතා කරලා විසඳගන්න බැරි නම් දෙන්නට දෙන්නා කොහොමවත් ගැලපෙන්නෑ කියල මට ඉත්තේරුවෙන්ම කියන්ට පුළුවනි..

    ඒක නිසා ඔය 19 වෙනි කොටසේ මොනවා ලියන්නට හිතාගත්තත් ඊට කලින් අර ලියපු ලියුම දියකාවන්ට කන්ට දාන්නැතිව තැපැල් කරලා දාන්ට අනේ...!!

    ReplyDelete
    Replies
    1. රූස්,

      / මේචචර කල් විජිත ආස්‍රය කරලා ඒ මනුස්සයාව අඳුරගත්තේ නැද්ද? /

      හෙහ්..එහෙම කොහොමද බං මිනිස්සු කියන ජාතිය අඳුන ගන්නෙ? එහෙම බැරි එකනෙව මැඩම් පුරස්නෙ...

      Delete
  10. එදා මට බැන්නනෙ කථාව ගැන කියන්නෙ නෑ කියලා, මෙකය් අය්යෙ සිද්දිය..ඕන් මුලදි නම් අය්ය කථාවට වඩා පඳුරු තල තල උන්න නිසා කම්මැලි කමටය් කියෙව්වෙ..හැබැය් පහු ගිය ටිකේනම් කවුරුහරි මානවිකාවකට පින් සිද්ධ වෙන්න කථාව ට්‍රැක් එකට වැටිල තිබ්බා..ඒ හින්ද ලියවිල්ලනම් ආය් අපූරුය්..ඒත් අනෙ මන්ද මේ සුජා සහ විජිත යන ඩබලව මට අල්ලන්නෙ නෑ අප්පා..උන් දෙන්නගෙ ලව් එකේ නෑ අය්යගෙ අර කලින් කථාවල හිටිය චරිත වගෙ ෆුල් හිතට වදින ගතියක්..(සමහරවිට කථානායකයා වෙනස් නිසා වෙන්න ඇති :P) ඒකඉ වැඩිපුරම කමෙන්ට් කලේ නැත්තෙ..හැබය් ඉතින් කම්මෙන්ට් ටිකය් රිප්ල්ය් ටිකය් නම් කථාවටත් වඩා රස වින්ඳා..

    ReplyDelete
    Replies
    1. මෙකුවීස්,

      අනේ බං මම නිකං ජොලියට ඒ බැන්නෙ..හිත රිදුනනං සමා වෙයං..

      ඒක ගානක් නෑ බං.... කමෙන්ට් කලයි නොකලයි කියල මම ඒ ගැන කිසිම විදිහකින් හිතන්නෙම නෑ..කියන්ට දෙයක් තියනව නං උඹල කියනවයි කියල මම දන්නවනෙ.

      මට අර අසුර විදිල්ලට දෙකක් කියන්ටයි ඕන කම තිබ්බෙ...හෙහ්, හෙහ්,අර ජානිස් ගොයියට..ඒ පාර බණින මෝඩ් එකට එන්ටර් වෙලා ඉන්දැද්දි දැකපි ඒ එක්කම පාතිං උඹත් කමෙන්ට් කරල තියනව. ඒ ගමන ආය මොකටද උඹට අසාදාරනයක් කරන්නෙ..උඹත් මගෙ යාවජීව පෙරේක්සිකාවක් නෙව..අනික උඹට තරහ යන්ට උනත් බැරි නෑ. දක්කද මේ මනුස්සයගෙ ගතිය. අර ජනූට විතරක් බැණ අඬ ගැහැව්ව ඒ එක්කම පාතිං මමත් කමෙන්ට් කාලා. කෝ මට බැන්නෙ නෑනෙ ..හුහ්. ඇයි අපි කළුද? කියල. අන්න එහෙම හිතලයි මම බොටත් බැන්නෙ...තේරුනා නෙවද?

      Delete
    2. මෙකුවි, ඔය කියන්න තියෙන දේ කෙලින්ම ඇදලා අරින ගතියට මම හිස නමා ආචාර කරනවා. ඇත්තෙන්ම මට නම් මූ ලියපු කතාවලින් කම්මැලිම කතාව අර වල් දඩයක්කාරයගේ කතාව. අර කෝච්චරවත් පිටි උරේට හේත්තුවෙලා පිටි නාහේ ගිහිං කිඹුහුම් අරින කතාව.

      අකමැති වුනත් කමක් නෑ, ඇවිත් මොනවාහරි කියාපං. මාත් දඩයක්කාරයගේ ඒවට යන්නෙ කොහෙද මල්ලේ පොල් කමෙන්ට් කලා මාර විදියට.

      Delete
    3. @ravi ayya
      මුලින්ම සුභම සුභ උපන්දිනයක් වේවා අය්යට..තව චිරාත් කාලයක් රස කථා කිය කිය සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා..

      ඊට පස්සෙ //අනේ බං මම නිකං ජොලියට ඒ බැන්නෙ..හිත රිදුනනං සමා වෙයං..// පිස්සුද අපි ගනන් ගනී ඕවා..අදත් මන් බලන් හිටියෙ කවුරුහරි මොනාහරි කියනකන් සෙට් වෙන්න..මේ අය්යත් ඔය මගෙ බහුශෘත විවෙච්න ගනන් ගන්න එපා හොඳේ..දන්නවනෙ බැන බැන හරි කියොනව කියල :D

      @හෙන්‍රි අය්ය

      අපොය් කියනවා අය්යෙ. එහෙම අත අරිනවද මුන්දගෙ කථා ටික.. ඒ වගෙම ඉතින් අය්යගෙ බ්ලොග් එකෙත් කමෙන්ට් නොකලට ඔක්කොම හොරාට ඇවිත් කියෝල රස විඳලා යනව..අර පරිවර්තන ටික නම් උපරිමය්..කොහෙද කමෙන්ට් කරල පුරුද්ද තියෙන්නෙ මෙකෙය් පොඩ්ඩිගෙ එකෙය් විතරය් නෙ..

      Delete
    4. මෙකූස්,

      මම හිතුව ඒත් උඹගෙ හිත රිදුනවත්ද කියල..නැත්තං අවුලක් නෑ..ඔය මම කියවන විකාර ගණං ගන්න එපා බං....

      හරි එහෙනං සුබ පැතුමට ස්තූතියි හොඳද? දන්නවද චාර්ලිස් කුමාරයගෙත් අද උපන් දිනේ..ඒ එක්කම ජවහර්ලාල් නේරු තුමා....

      ඔන්න පොඩි කතාවක්...

      When you consider Lord Buddha, Jesus Christ and Prophet Mohammed......whats common to all of them?

      They were all born on Public Holidays.

      Delete
  11. අද තමයි කතාව ටිකක් නිදහසේ කියවන්න ලැබුනේ.. විජිත ගැන දුකත් හිතෙනවා වෙලාවකට.. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ස්තූතියි මල්ලි..ලඟදිම දැන ගත්තෑකි...ඉක්මනටම :)

      Delete
  12. රවි සුභ උපන්දිනයක් වේවා ........ !!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔබටත් එසේම වේවා!!!!

      Delete
    2. රවි අයියෙ ඇත්තටම මගෙ උපන්දීනේ 13 Nov ඒ නිසා තමයි මට ඔයාගෙ උපන්දිනේ මතක තියෙන්නෙ.

      Delete
    3. ඇනෝ, උඹටත් වාසනාවන්ත උපන්දිනයක් වේවා.

      Delete
  13. සුබ උපන් දිනයක් මල්ලි. උඹ ඉටිපන්දම් පහක් ගහපු කේක් එකක් දාගෙන හිටියා දැක්කා FB එකේ. එක ඉටිපන්දමකින් අවුරුදු පහක් නියෝජනය වෙන බව තේරුම් ගත්තා.

    ReplyDelete
    Replies
    1. Henry,

      කේක් ගෙඩියක්??? කවුද බං කේක් ගෙඩියක් දැම්මෙ? ඉඳහං බලන්ට ...ආහ්හ්හ්. ඒ අර පොඩ්ඩි අම්මණ්ඩිනෙ.....හෙහ්, හෙහ්, දසකයකට ඉටිපන්දම ගානෙ ගහල තියෙන්නෙ බං....

      Delete
  14. සුබ උපන් දිනයක් රවී,සුජාට ලිව්ව ලියුමට මොනව කරන්නද හිතං ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ස්තූතියි මචං..කල්පනා කරල බලන්ට ඕන මොකද කරන්නෙ කියල...යවන්ටද? එපාද? your suggestions are most welcome....

      Delete
  15. මුලින්ම ඔබ තුමාට මෙවැනි රසබර ලිපිලේඛන තව තවත් ලියමින් අපගේ ඔලුව කොලොප්පන් කරන්නට ශක්තිය දහිරිය සමග දිර්ඝායුෂ පතනවා අද මේ එළඹුන සුබ උපන්දිනයේ .

    හරි දැන් සුජා ගැන ...අම්මපා මටත් හිතෙනවා විජිත්යාගේ හොම්බට දෙකක් දීලා පියවි සිහියට ගන්න .අද වගේ හොඳ දවසක වයලන්ස් හොඳ නැති හින්දා නිකා ඉඅන්නවා .කෙල්ලක් බැහැ කිව්වා නම් ආයේ ඒ ගැන මක් කරන්නද. අනික සුජා වගේ ස්මාර්ට් කෙල්ලක් ඔය වගේ ලාමක ටින් ටින් කෙනෙක්ට ගලපෙන්නෙත් නැහැ .

    ReplyDelete
    Replies
    1. බින්දි,

      ඉස්සෙල්ලම සුබ පැතුමට ස්තූතියි!!!

      ඔය කෙල්ලො බැහ් ගාපු ගමං ආ..එහෙමද එහෙනං මක් කොරන්ටද? ගුඩ් බායි..ලබන ආත්මෙ වත් එහෙනං මොකක් හරි සලකල බලමු කියල අතෑරල දැම්මොත් හොඳට හිටියි..එව්ව කොහෙද අපිත් එක්ක...හෙහ්, හෙහ්...

      Delete
  16. සුභ උපන්දිනයක් වේවා රවි අයියෙ... (අපි ඉතින් දන්නෙ අනිත් අය කිව්වහමයි ).... තවත් විශේෂ දවසක් එනව නේද හෙටානිද්දා?

    ReplyDelete
    Replies
    1. තිසර,

      ස්තූතියි තිසර...ම්ම්ම්..මාසෙකිං විතර නම් එකක් තියේ..ඒක ගැනය ඔය කියන්නෙ?

      Delete
  17. සුභම සුභ උපන්දිනයක් වේවා !!!!!!!!!


    ( වයස කීයද අහන්නත් බැහැ 25ක් විතර ඇති මාහිතේ :) )

    ReplyDelete
    Replies
    1. සෝන්යා,

      උඹල දෙන්නගෙම වයස එකතු කරල නවසි ඉත්තක තියෙන ගෙඩි ගාන අඩුකරපං..එතකොට උත්තරේ හම්බවෙයි...:)

      Thank You Sonya!!!

      Delete
  18. සුභම සුභ උපන්දිනයක් රවී... !!!! (කමෙන්ට් වලින් දැනගත්තේ..)
    නිරොගී සුවය, සතුට හැමදාම රැඳේවා.. !!!!

    අර විදියට පිටිපස්සවත් බලන්නේ නැතුව ගිය සුජා ආයේ ලංකර ගනීවි කියලා හිතලද විජිත විරේට ඒ දෙන්නගේ මැද්දට එන්න එපා කිවුවේ..?? ... හපෝයි... හොඳටම දුර්වලයි...

    ReplyDelete
    Replies
    1. සඳා,

      ඉස්සෙල්ලම සුබ පැතුමට ස්තූතියි!!!

      / අර විදියට පිටිපස්සවත් බලන්නේ නැතුව ගිය සුජා ආයේ ලංකර ගනීවි කියලා හිතලද විජිත විරේට ඒ දෙන්නගේ මැද්දට එන්න එපා කිවුවේ..?? ... හපෝයි... හොඳටම දුර්වලයි.. /

      රයිට් එතකොට අපිට පොඩි කාලෙ ඉඳලම කියල දෙන්නෙ කොහොමද? පරාජයෙන් දුර්මුඛ වෙන්න එපා ජයග්‍රහණයට ලඟාවෙනකල් නොපසුබටව උත්සාහ කරන්න කියල නේද? උත්සාහ වන්තයා ජයගනී... Failures are the pillars of success…Nothing like trying …T ry and try one day you can fly…

      So Vijitha is doing just that…..:) Anything wrong with it?

      Delete
  19. නිදහස් සිතුවිලි මැදින්
    අවුදින් පිල මත ඉඳන්
    නිවී හැනහිල්ලේ දොඩමලුව
    ආගිය විත්ති කියා
    හොහ් හොහ් හඬින්
    අපිත් හිනස්සන
    සිනමා කලා සාහිත පොත පත ගැන
    රස මතක ගුලා පිරිමැද
    මන්බඳින බස්වහරෙන්
    මිහිරි ලියවිලි අකුරු කරන
    රවි නම් වියුනු ලොව සැරිසරන්නා
    හැත්තෑව දසකයේ තරුණයා
    ඔබට දීර්ඝායු වේවා
    සුබ උපන්දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      මේ දිවිගමන බෝ දුරය,
      ගත දවන වෙහෙසින්ද ,
      ලවන් වියලෙන පවසින්ද,
      බොහෝ කොට පෙලෙන්නෙමි.

      එසඳ සරතැස් නිවනු වස්,
      හිඳ ගතිමි වනස්පතියක සෙවණෙහි,
      මඟ අසලවූ හරිතවන් පත් ගැවසි,
      තුඟු පරිමඬල විදහා ,
      නැඟී හුන් යෝධයකු සදිසි,

      මා මෙන්ම විඩාපත්වූ,
      බොහෝ සද්ධිගාමිකයෝ,
      දාහය නිවනු වස් තැන තැන,
      අසුන් ගෙන සිටියෝය එහි,
      ඔලගු පසෙකලා උරෙහි ගෙන පැමිණි,

      මඳ හෝ ඉසුඹුවක් වන ලෙස ඔවුනට,
      විඩා බර වූ දිගු ගමනට,
      ජීවිත ගමනෙහි බෝ සිදුවීම්,
      අත්දැකුම් සහ සබඳකම්,
      පැවසුවෙමි ඔවුනට,
      මා දයාබරවූ සොයුරන් සොයුරියනට.

      දාහය සමඟ සරතැසද ඔබ පෙලන,
      දුරුව යානම් මඳක් හෝ,
      ඒ මහත් සතුටකිය මා ලද,
      ඒ මහත් සතුටකිය මා ලබන,


      බොහොමත්ම ස්තූතියි නිර්නාමික, බොහොමත්ම ස්තූතියි....:)

      Delete
  20. චිරං ජයතු!! එහෙම කිව්වොත් හරිද.........

    ReplyDelete
    Replies
    1. අරූස්,

      හරි බං..හරි....

      බොහොම ස්තූතියි මචං...:)

      Delete
  21. Many happy returns of the day!!!

    ReplyDelete
  22. heaa Ravi ayyage upandineda? kee weni ekada? keeya unath kamak na suba upan dinayak wewaa !!

    aa kathawe ithiri tikath balalama mona hari kiyannai inne

    ReplyDelete
    Replies
    1. සයුරි,

      පණහයි බං පණහයි...සෙල්ලං නෑ තේරුණාය? මින් මනත මගෙ පෝස්ට් කියවනකොට පුටුවෙං නැඟිටල කියවහං හරිය? ඔන්න නොකිව්වයි කියන්න එපා...

      Delete
  23. me ravi aiye hoda hitin ahanne......me kavi karige halla itiri kalla danne nadda....ai ane api dawas kiyak kiyala awith balala giyada....nane kisima update 1k anthima narakai..........................

    ReplyDelete
    Replies
    1. Sacheers,

      අනේ බොලේ..සමාවෙන්ට..සමාවෙන්ට...මේ සතියෙ බොහෝසේ කාරිය බහුල වූ සේක.අර මොකාගෙද කොහාටද මොනවද ගැහුව වගෙ..ඒකයි හේතුව..නැත්තං බොලා අමතක වෙලා එහෙම නෙවෙයිය....හොඳය...ඈසුනෑස්..ඈසුනෑස්..හරිය?

      ඉස්තූතියි හොඳය ඇවිදිල්ල හිට බල යනවට..මේ කවිකාරි උන්දෙට මක්කය වෙලා තියෙන්නෙ කියල...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...