Wednesday, May 28, 2014

262. විමලෙගෙ වාංපතුල් කතා 12… හීතල රෑක කතාවක්… Saga Of A Very Cold Night….

Image : Vincent Giarrano 

අපෙ ඔය රෑ ජාමෙ කොත්තමල්ලි සුට්ටක් විතර පානය කරද්දි කට්ටිය ඔය නොයෙක් කතන්දර කියනවය කියල මම කලින් පාර කිව්ව මතකනෙ. මේත් එහෙම කිව්ව තවත් කතාවක්...

මේ කතාවෙ කතා නායකයත් අර මම කලිං කියාපු කතාවෙ පීතර අයියගෙ ජාතියෙම පොරක්, ඒ කිව්වෙ දිනපතාම අර වැඩේ ඕනමයි, ඒ අතිං බලනකොට පීතර අයිය තව හොඳා, ඒ මනුස්සය රෑට විතරයි, මේ කතාවෙ සාපිං ගොයියට ඕකට වෙලාවක් කලාවක් නැහැ, රෑත් එකයි දවාලත් එකයි,

ඉතිං සාපිංගෙ බාරියාව, ඒ කිව්වෙ මැගිලිංටත් මේ වැඩේ එපාම වෙලා තිබුනෙ, ඇයි, දෙයියෝ සාක්කි, ඕනම අමුර්තයක් තිස්ස දෙවේලෙ බොන්ට ගිහාම වහ කදුරු වගෙ වෙනව කියල ආය කියන්ටත් දෙයක්ය. නැද්ද?

දවසක්දා ඔන්න ගිණි මද්දහනෙ මැගිලිං අක්ක කුස්සියෙ මිරිස් අඹරනව. සාපිං අයිය කුස්සියට ආවෙ ආය අනේ එහෙම දේකට නම් නෙවෙයි. මේ දිව ගිලෙන්ට යන තිබාසෙට කළගෙඩියෙං හීතල වතුර එකක් නවාගෙන බොන්ට කියල. ඒත් මැගිලිං අක්ක ඉහිං කණිං දාඩිය දමාගෙන මිරිස් ගල එක්ක ඔට්ටුවෙනව දැකල සාපිං අයියගෙ තිබාසෙ අමතක වෙලා ගියේ එක මොහොතෙං. හැට්ටෙ පිටටම ඇලිල. දණිස්සට කැටිකරාන ඉන්න රෙද්ද හින්ද පස්ස එහෙම නෙරල පේනව ආය නෑ...හෙහ්,හෙහ්,

ආය මොනවද සාපිං අයියට ඉහිලුං නැතුව ගියා. එහෙම්ම පිටිපස්සෙං ගිහිල්ල මැගිලිං අක්කව බදාගන්ට තැනුවෙ නැද්ද මේ මනුස්සය...

උදේ ඉඳල ගෙදර අර වැඩේටයි මේවැඩේටයි නැහිල නැහිල පාං කියාගන්ට බැරුව හිටපු මැගිලිං අක්කට නේද? ආය නෑ යකු නැග්ග.

" මොකක්ද, ඕයි, මේ මල කරුමෙ, තමුසෙට මේ වැඩේට රැයක්, දවාලක්, වෙලාවක්, කලාවක් කියල නැහැනෙ, අම්මප මම කපල දානව ඕක වෙලාවක, ඕක තියෙන නිසා නෙව මේ වදේ " මැගිලිං අක්කා පුපුරා හැලුනා,

 " කෑගහන්ට එපා යෝදියෙ..ආය බෑ කිව්වනං ඉවරනෙ..රටේ ලෝකෙ හැමෝන්ටම ඇහෙන්ට බෑඟිරි ගහන්නෙ.."


එහෙම කියාගෙන සාපිං අයිය විජහට කුස්සියෙ එළිපත්ත ගාවට ඇවිදිල්ල වටපිට බැලුව , මැගිලිං අක්කහෙ කෑගැහිල්ල කාටවත් ඇහුනද කියල..හතර විළි ලැජ්ජාවයි නෙව එහෙම උනානං...

හරියටම ඔන්න ඔය වෙලාවෙ සාපිං අයියලගෙ ගේ අද්දරිම්ම  තියෙන දෙවට දිගේ පන්සලේ හාමුදුරුවොයි දායක සබාවෙ සබාපති තුමයි දෙන්නත් එක්ක යනව පන්සල පැත්තට. කොහේ හරි දවල් දානෙකට වැඩල වෙන්ට ඕන හාමුදුරුවො. සාපිං අයිය දකිනකොටත් ඒ දෙන්න ගේ පහුකරල වැට මායිමටම ගිහිල්ල. ඒත් දෙන්නත් එක්ක මොකකට හරි දේකට හිනා වෙනව සාපිං අයියට හොඳටම ඇහුණ. සාපිං අයියට ඉර හඳ වගෙ විස්වාසයි මේ දෙන්න හිනාඋනේ මේ මැගිලිං අක්ක සාපිං අයියට අර නොහොබිනා විදිහට බැණ අඬගාපු එක ඇහිලය කියල.

සාපිං අයියට ලැජ්ජාවට වැඩියි කේන්තිය, කේන්තියට වැඩියි ලැජ්ජාව,

" හිටපංකො, උඹ කරදර වෙන්ඩ ඕන නැහැ, මම්ම කපල දාඤ්ඤංකො, කිව්වත් වාගෙ මේක තියෙන නිසානෙ මේ ඔක්කොම "

මෙහෙම කියල සාපිං අයිය පිහි කොටේකුත් අරගෙන, මිදුලෙ දෙල්ගහ යට හරහ දාල තිබ්බ කොස් කොටේ ගාවට ගියා. ඒ කරල හිට ගේ පැත්තට පිටි පාල සරම උස්සල කොස් කොටේ ගාව කෙළිං කටිං වාඩිවෙලා පිහියෙං කොටේට පාරක් ගහල " බුදු අම්මෝ " කියල සද්දයක් එහෙම දාල දෙපරැන්ද පැත්ත අත් දෙකෙං මිරිකගෙන ගෙට ඇවිත් මැගිලිං අක්ක දැක්ක කිව්ව " හරි දැං මීට පස්සෙ උඹට කරදරයක් වෙන්නෙ නැහැ, බය නැතුව ඉඳිං, මං ඒක කපලම දැම්ම " කියල

දැං ඔන්න ඔහොම සතියක් හමාරක් ගත උනාය කියමුකො,

මැගිලිං අක්කටත් ආය නෑ හොඳටම විස්වාසයි 
සාපිං අයිය උන්දැගෙ පුරුස නිමිත්ත කපලම දැම්මය කියල.

අපරාදෙ කියන්ට බෑ මැගිලිං අක්කට දැං කිසිම කරදරයක් නැහැ,රෑ නිදා ගන්ඩ ගියාමත් දෙන්න දෙපැත්තට හැරිල නිදාගන්නව එච්චරයි,

ඔන්න මහේ කුඹුරු අස්සද්දන කාලෙත් ආව. වැහි වලාකුලු නිතර දෙවේලෙ ආකහේ වහගෙන පැතිරුනා.

එක දවසක් දවල් පටං ගත්තු වැස්ස රෑ වෙනකල් එක 
සීරුවට  වැස්ස එක මොහොතක් තුරල් නොකර. ඒ මදිවට හීතල. ගස් කොලං අඹරවාගෙන එන හීතල හුළඟ ඇඟේ හීගඩු පිපෙන්නෙ බලා ඉන්දැද්දි. 

එදා රෑ නිදාගන්ඩ ගිහිල්ල, සුපුරුදු පරිදි සාපිං අයියා අනික් පැත්තට හැරිල නිදාගත්තට මැගිලිං අක්කට නම් නින්ද ම්හු,මැගිලිං අක්ක එහාට මෙහාට පෙරලි පෙරලි හිටිය, මේ දැඟලිල්ලට සාපිං අයියටත් ඇහැරුනා,

" මේ යෝදියෙ… එහෙ මෙහෙ පෙරලුනාට වැඩක් නැහැ, තමුසෙත් නිදාගන්ඩ බලනව, දැක්කනෙ එදා මම කපලම දැම්මනෙ, " සාපිං අයියා ඒ පැත්ත බලාගෙනම කිව්වා,

ටික වෙලාවකින්, " මේ ඒයි....මේ ඒයි......" මැගිලිං අක්කා සාපිං අයියගෙ උරෙස්සෙන් අල්ලල හෙල්ලුවා,

" දැං මම එක පාරක් කිව්වනෙ, ඒක කැපුවනෙ, තමුසෙත් දැක්කනෙ, ඉතිං මේ ඒයි කිව්වට වැඩක් වෙන්නෙ නැහැ"

" නෑ, එහෙම නෙවෙයි, පොඩ්ඩක් බලනවකො, පොඩි කොට කෑල්ලක්වත් ඉතුරුවෙලා නැද්ද කියලා " මැගිලිං අක්කා ඇහෙන නෑහෙන හඬින් බැගෑපත් ඉල්ලීමක් කලා,

81 comments:

  1. එහෙනම් කතාව එහෙමයි වුණේ ...හැක් හැක්

    ReplyDelete
    Replies
    1. සහෝ දර,

      එහෙනං..එහෙනං..එහෙම නේන්නං උනේ...:)

      Delete
  2. අහල තියෙන කතාවක්. ටිකක් වෙනස් කොරල වගේ..

    ජය !!

    ReplyDelete
    Replies
    1. සෑම්,

      ඔව් බං..ඔය මටම වෙච්චි එව්ව ඇරෙන්ට අනික් එව්ව ඔක්කොම මමත් කොහෙං කොහෙං හරි කාගෙං කාගෙං හරි අහපුව තමයි. පත්තරවල, පොත්වල, රේඩියෝ එකේ, ටී. වී. එකේ, එතකොට මේ කතාව වගෙ යාලුවො කියාපුව, එහම තමයි.

      ස්තූතියි ...සෑම්!

      Delete
    2. "මටම වෙච්චි එව්ව ඇරෙන්ට..."
      ඇත්තට? මම හිතුවෙම නම් වෙනස් කරලා දාලා කියලා අර මහවැලි ක්වාර්ටර්ස් වල ඉන්නකොට වෙච්ච වැඩක්.

      Delete
    3. හෙන්රි,

      හෙහ්,හෙහ්, ඇත්තම කිව්වොත් මෙහෙම දෙයක් නම් උනා එහෙ ඉද්දි.

      අපි බැඳල මාස හය හතකට වගෙ පස්සෙ දවසක මම එවුන්දැට අර ලොරේනා බොබිට් කොරාපු වැඩේ ගැන කිව්ව. අනේ අප්පේ කියල අහගෙන හිටිය ඔන්න.

      පහුවදා හවස මම නිදාගෙන ඉඳල එක පාරට ඇහැරල බලද්දි මෙන්න මුන්දැ අර දාර මන්න පිහියත් උරුක් කරගෙන කාමරේට එනව. මගෙ නේද ඇඟ පත හීතල වෙලා ගියා.

      " බුදු අම්මෝ එපා "කියල මම දෑතින්ම අදාල ඉස්තානෙ වහගත්ත.

      " පිස්සුද මනුස්සයො හැබෑටම? මම මේ යන්නෙ අර කෙහෙල් කැනෙං ඇවරියක් කපාගන්ට."

      ඊට කලින් දා ඔය මගෙ හිතවත් ගමේ මනුස්සයෙක් අලු කෙසෙල් කැණක් ගෙනල්ල දුන්න. ඒක තියල තිබ්බෙ බෙඩ් රූම් එකෙන් බාතෲම් එකට යන තැන පොඩි කොරිඩෝව වගෙ කෑල්ලෙ. එතකොටයි ඔන්න මට ඒක මතක් උනේ...හෙහෙ,හෙහ්, හතර විලි ලැජ්ජාවයි...

      පස්සෙ හවස තේ බොද්දි මෙන්න මුන්දැ අහපි..

      " මේ අර ලොරේනද මොරේනද කවුද කරපු විදිහට කරාම ආයම ඒක බද්ද කරනව නේද? "

      " ඔව් එහෙම පුලුවන්... මොකෝ එහෙම අහන්නෙ? "මම ඇහුව නලලත් රැලි කරගෙන.

      " එතකොට ඒ තිබ්බ එකමද ආයම හයි කරන්නෙ? "

      " නැතුව ආය? වෙන එව්ව කොහෙද තියෙන්නෙ? තව කාගෙන් හරි කපන්ටය? "

      " හාපෝ ..එහෙමනං ඉතිං වැඩක් නෑ..කපනවටත් පාඩුයි" "

      මෙන්න එහෙම කියල මුන්දැ නැඟිටල මම තේ බීපු කෝප්පෙත් අරගෙන කුස්සියට ගියා. අම්මාපල් දැන් අවුරුදු බර ගාණක් වෙනව මට තාම හිතාගන්ට බෑ නෙව උන්දැ එදා ඒ කිව්ව එකේ තේරුම...

      Delete
    4. ඒකාලෙ මෑණල බෑලුවනම් තේරුම් ගන්න තිබුන.
      දෑන් ඉතින් රික්වයර්මන්ට් එක වගේම කොම්ප්ලේන්ට් එකත් වෙනස් වෙලා ඈතිනේ. දෑන් weakly එක weekly කර ගත්තොත් ඈතිවෙයි

      Delete
    5. Pra,

      Stage 1 - Tri-weekly

      Stage 2 - Try-weekly

      Stage 3 - Try-weakly

      Delete
    6. Comment is better than the post!
      ++++++++++

      Delete
    7. So, which stage is it now?
      If, " හාපෝ ..එහෙමනං ඉතිං වැඩක් නෑ..කපනවටත් පාඩුයි" in the remote past, is anything to go by, the answer might vary according to which party is asked, eh?

      Delete
    8. Pra,

      A middle aged couple were discussing about their wedding anniversary celebrations.

      " lets go to where we went for our honeymoon…"said the wife…" Lets do it exactly as we did on our honeymoon day. Candlelight dinner, gazing at the stars from the balcony, and then we will pretend its our first night together" said she with a dreamy look in her eyes

      " Ok... lets do it" agreed the husband " but with one condition... This time I am going to sit on the bed and cry Ohhh, its so big..it's so big"

      Well Pra..lets just say that I am at the same stage..:) :)

      Delete
    9. Well, at least you have the consolation of it being considered big at least once and also take credit for the bigness of the other party nowadays.

      BTW, does she read this rot?

      Delete
    10. හුරේ.....මාත් ඔය ස්ටේජ් එකේ...

      Delete
    11. Pra,

      / BTW, does she read this rot? /

      I am not sure Pra, Only one way to find out. If I am Bobbitized when I go home, then she reads this rot…:) :)

      Delete
    12. Aru,

      / හුරේ.....මාත් ඔය ස්ටේජ් එකේ…/

      Hey..You doing it on a stage?....like a live show or something?

      Delete
  3. පට්ට! වෙන කියන්න දෙයක් නෑ බං.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      රාජ් මලේ, බොහොම ස්තූතියි ...හෙහ්,හෙහ්,

      Delete
  4. සති දෙකක් තුනක් හිටියේ කොහොමද අප්පා ඒ ගෑණු මනුස්සයා.. ලංකාවේ ගෑණු සුවයන් වින්දනේ යෙදෙනවත් බොහෝම අල්පයි නේ. මම ඔය මැද පෙරදිග ඉන්න කාලේ පොඩි පොඩි සමීක්සොන කරනවා.. ඕක ඇහුවාම.. ඈයියා ගානවා.. බොරුවටද ඇත්තටද දන්නේ නෑ.. බනානා ඊටින් වැඩෙත් එහෙමමයි.. ඈක්කා... ගානවා...

    ReplyDelete
    Replies
    1. මාතෙ ආයෙත් මගේ බ්ලොග සින්ඩියේ අප්ඩේට් වෙනේ නෑ නේ.

      Delete
    2. මාතලන්,
      Phone sex, Sexting ආදිය නිසා දෑන් පොඩ්ඩක් දියුණුවෙලා ඈති. මෙහෙ සමීක්ෂනයක් දෑන් කරල බලන්න

      Delete
    3. බඩු හෑව්.. මේ දවස්වල ගූ ගල් පිස්සු කෙලිනවා...

      Delete
    4. මාතලන්,

      / සති දෙකක් තුනක් හිටියේ කොහොමද අප්පා ඒ ගෑණු මනුස්සයා. /

      සති දෙකක් තුනක් කොහෙද බං? ...මම කිව්වෙ නම් මෙහෙම....

      / දැං ඔන්න ඔහොම සතියක් හමාරක් ගත උනාය කියමුකො,/

      අනික් අතට බං එව්වට කියල ආය පොඩ්ඩක් විවේකයක් රිලැක්සිං පාරක් ඕන නැද්ද? Metal Fatigue වගෙ Vaginal Fatigue කියලත් එකක් තියනවනෙ. :)

      Delete
    5. මේ යකඩ fatigue කිව්වේ මෙන්ටල් fatigue වෙන්න ඇති නේද? මම බැලුවා සෙක්ස් & මෙට්ල් කම්බිනේෂන් එක මොකක්ද කියලා. එක අකුරකට කරන්න පුළුවන් හරියක්. එක බින්දුවකින් පවිත්‍රා අනාගත්තේ.

      Delete
    6. නෑ අරු මම හිතන්නේ ඔය metal fatigueම වෙන්න ඇති... නිතර වෙනස්වෙන තෙරපුමට ලක්වෙනකොට යකඩෙ උනත් කැඩෙන්න පුළුවන්.

      Delete
    7. Aru,

      නෑ මචං. එතන Metal fatigue තමයි…Definition of Metal Fatigue වනාහී some thing like this…

      " Metal fatigue is the progressive and localized structural damage to a vital equipment that occurs when a material is subjected to cyclic , intense and severe loadings constantly."

      ඉතිං බලාපං ." .Vital equipment " …. අදාල අවයවය එහෙම එකක් නෙවෙයිනම් වෙන අහවල් එකක්ද? අනික " cyclic intense and severe loadings constantly" ... එතන සිද්ද වෙන ක්‍රියාවලිය යස අගේට කියවෙනව නේද මේ වචන කීපයෙන්...

      Delete
    8. @ රවී&තිසර තෑන්ක්ස්....තෑන්ක්ස්....දැන් හොඳටම තේරුනා..

      නොදන්නා දෙයක් ඉගැන්වීමටත් ස්තූතියි!

      Delete
  5. මෙදා සැරේ නං වාංපතුල් නියමෙටම තියෙනව,එහෙම කතාවක් පිරුව කියල මතක් වුන එකත් මදැයි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      “Nothing is forgotten. Nothing is ever forgotten.” - Robin of Sherwood.

      කිසිවක් අමතක නොවේ., කිසිවක් කිසිදා අමතක නොවේ.- ෂර්වුඩ් වනයේ රොබින්,

      Thanks Machang, :)

      Delete
  6. //මැගිලිං අක්කටත් ආය නෑ හොඳටම විස්වාසයි සේතං අයිය උන්දැගෙ පුරුස නිමිත්ත කපලම දැම්මය කියල. // මෙතැන නම ටැපලිලාද?

    ReplyDelete
    Replies
    1. නලින්,

      එසේය..පොඩි මුද්‍රණ දෝසයක්..සේතං කියන්නෙ මගෙ ඊලඟ කතාවෙ පක්ෂධරයා...හෙහ්,හෙහ්,

      පලි - ජාලය අතිමන්ද ගාමී බැවින් මෙහෙයුම් පුවරුවට ප්‍රවේශ විය නොහැක. හැකි විගස නිවරද කරන්නෙමි. ස්තූතියි...:)

      Delete
  7. මැගිලිං හිතන්ට ඇති ඒක කපල දැම්මට ටික දවක් යනකොට ආයෙ දලු දාල හැදෙයි කියලා. හැක් හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඇළේ,

      ලොරේනා බොබිට් කේස් එක දන්නවද?

      බිරිඳ සැමියගෙ පුරුෂ නිමිත්ත කපල දානවට වෙනම වචනයකුත් හැදුන ඒ කේස් එක නිසා.." Bobbitization " හෙහ්,හෙහ්...

      Delete
    2. Ms Bobbit lopped it off !

      Delete
    3. Pra,

      Penis severed off with a butcher knife
      Only to be sewn on again
      A permanent notch on his crotch
      Will it ever stiffen again? 

      He better keep it in his pants this time
      Or he might lose it for good
      Now he's doing porno films
      Does anybody care for sausage? 

      Throbbing Johnny Bobbitt
      Throbbing Johnny lost it

      She lopped it off
      while it was throbbing
      Bobbitt, Bobbitt
      She lopped it off
      while it was throbbing
      Stop it!

      Delete
    4. Just read the Bobbitization article. oh this world!!!

      Delete
  8. හැක් හැක්.. බොක්ක කූල් වෙන්නම වැදුනා.. නියමයි.. (අද නිකං කොට වැඩියි වගේ නේ ගොයියෝ රවියෝ)

    ReplyDelete
    Replies
    1. හොඳටම කොටයි. ඇයි ඉතින් තුන්කාලක්ම කපලනේ.

      Delete
    2. දේශා,

      / හැක් හැක්.. බොක්ක කූල් වෙන්නම වැදුනා /

      බොක්ක කූල් වෙන්නෙ නැතිවෙයිද බං මල්ලි කොටයක් උඩ තියල කපනවයි කියල හිතෙනකොටත්...:)

      / (අද නිකං කොට වැඩියි වගේ නේ ගොයියෝ රවියෝ) /

      සාපිං අයියගෙ නිමිත්ත කොට වැඩිද නැද්ද කියන කාරනේ උඹට මොකටද? මැගිලිං අක්කනෙ ඒ ගැන වද වෙන්න ඕන..

      අනික ඒ මනුස්සය කිව්වනෙ ….එහෙම නෙවෙයි..බලාපංකො ඔය කොට කෑල්ලක්වත් නැතිද කියල..ඉතිං ආය කවර කතාද? හෙහ්,හෙහ්,

      Delete
    3. නිශාන්ත,

      අන්න ඒකනෙ මල්ලි...කොට වෙන්ට හේතුව ..මෙවුන්ට තේරෙන්නෙ නැති හැටියක්...:(

      Delete
  9. හැක් හැක්...................... පට්ට කතාව රවී..

    ReplyDelete
    Replies
    1. කුරුටු ළමයිනේ,

      බොහොම ස්තූතියි...

      ප.අ. - අරූ නේද ඔහොම කතාකරන්නෙ ඔයාලට...මට එහෙම මතකයි වගේ...:)

      Delete
  10. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම කවදාවත් සම්පුර්ණයෙන්ම කපල අයින් කරන්න එපා. හදිස්සියකට ගන්න කොට කෑල්ලක් ඉතිරි කර ගන්න. :D

    ReplyDelete
    Replies
    1. Pathum,

      " හිටපංකො, උඹ කරදර වෙන්ඩ ඕන නැහැ, මම්ම කපල දාඤ්ඤංකො, කිව්වත් වාගෙ මේක තියෙන නිසානෙ මේ ඔක්කොම " 

      එහෙම කියල සාපිං අයිය මැගිලිං අක්කට රවාගෙනම ගල් වංගෙඩිය එහා පැත්තෙ තිබ්බ මන්නෙ ගන්ට නැමුන.

      " කපල දැම්මටනම් කාරියක් නෑ. ඒත් ඔය වැහි දවසකට වගෙ හදිස්සියකට පාවිච්චියට ගන්ට අඟල් දෙකක් විතරවත් ඉතුරු කරනව මතක ඇතුව…"

      මැගිලිං අක්ක බිම බලාගෙනම එහෙම කියල දිගටම මිරිස් ගල එක්ක ඔට්ටු උනා.

      Delete
    2. අර ළමය හම්බවෙලා මහන්න ගියවෙලේ කරෝලිස්ගේ පවුල දොස්තරට කිව්ව වගේ නේද

      Delete
    3. Helapa,

      / එසේය..පොඩි මුද්‍රණ දෝසයක්..සේතං කියන්නෙ මගෙ ඊලඟ කතාවෙ පක්ෂධරයා...හෙහ්,හෙහ්,/

      හෙහ්,හෙහ්, සේතං අයියගෙ කතාව කියල මම ඔය ඊළඟට ලියන්ට ගියෙ ඕක තමයි බං..දැං වැඩක් නෑ එහෙනං.....:)

      Delete
  11. නියම කතාව රවියෝ එලම කිරි ටිකිරිස්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මඟියා...:)

      Delete
  12. ඔය කොටයක් කිව්වෙ කොත්තමල්ලි කොටේකටද දන්නෑ. බාගද වෙච්ච එක අමතක වෙන්න දෙන්නත් එක්ක අනුමත වෙනවද දන්නෑනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න බැරිනෑ තමයි....:)

      Delete
  13. සාපිං අයියා වැඩ කාරයෙක් වෙන්න ඇති එකනේ මැගිලින් අක්කා අහන්නේ කොට කෑල්ලක්වත් තියේවිද කියලා.සාපිං ගොයියාට කොටේ වුණත් ඇතිව ඇති වැඩේට...:D

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුලුවන් තමයි බොලේ... :)

      Delete
  14. අන්දරේ ලිඳේ පැන්න වගේ

    ReplyDelete
  15. මචං ඊට පස්සේ මොකද වුනේ? උඹ ඕනම තැනින් වැඩේ නවත්තලානේ.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ බං සාපිං අයියට අනේ අපොයි කියල හිතුන....:)

      Delete
  16. මේ කථාව මම නම් පළවෙනි වතාවට ඇහුවෙ...ඒ නිසා රස වෑහුනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා..........

      Delete
  17. කොත්තමල්ලි කතාව නැගලා යනවා නේද? මම දැක්කා බ්ලොග් කීපෙකම දැන්...

    මාත් අහලා තිබ්බේ නෑ මේ කතාව... කතාවටත් වඩා අල්ලලා ගියේ ඔය උඩහින් තියන කොමෙන්ට් කීපයක්...

    ReplyDelete
    Replies
    1. තිසර,

      එහෙනං, එහෙනං කොත්තමල්ලි කතාව නැඟලම යනව...හෙහ්,හෙහ්, ඒකෙ ගෞරවය තනිකරම හිමිවෙන්න් ඕන උඹටයි අර මනේකා යෝදිටයි..:)

      Delete
  18. හෙහ් හෙහ්.. මට ඔක කියෙව්වම මතක් උනේ පහුගිය කාලෙක අපේ බ්ලොග් උන්දැල පාවිච්චි කොරාපු, ශිෂ්ණය හංගගෙන වෘෂණ වලින් රමනය කරනව" කිව්ව කතාව. හෙහ් හෙහ්..

    අම්මප ගෑණුන්ටත් දැනෙන්න අරින්න ඕනෙ ඔවයෙ වටිනා කම ඉඳල හිටල, ආයෙ නැත්නං උන්දැල හිතාන ඉන්නෙ උන්දැලයි එක විතරය රත්තරං කියල, ඇයි වදේ අපේ ඒව තබක්කද එතකොට.

    මම මේ නිකං අහන්නෙ, සමහර එවුන්ට පිත්තල ඇට තියනව නේද බං අයියෙ ??


    බං අයියෙ, අර ඉස්සර වගේ ලියහං කො දඩයක්කාරයගෙ වගේ කතාවක්. සම්භාව්‍ය කොමෙන් දාන්න බූරටයි මටයි. එහෙම එකක් නොදා දැන් කහනව කහනව වගේ බං

    ReplyDelete
    Replies
    1. Nawam,

      / මම මේ නිකං අහන්නෙ, සමහර එවුන්ට පිත්තල ඇට තියනව නේද බං අයියෙ ?? /

      ආයෙත් අහල..තියනව තියනව..අපෙ අප්පච්චිලයෙ ගමේ එවුන්දගෙ බාප්පොච්චි කෙනෙක් හිටිය රපියෙල් සීය කියල. උන්දැට තිබ්බෙ ඔව්ව දෙකක්. උන්ද අර වැඩේ කොරනකොට ඒ දෙක එකට වැදෙන නාදෙ ඇහෙනව අහල මණ්ඩියටම.නිකං සීනුවක් ගහන්නා වගෙ මිහිරි නාදෙ...අර මිහිරි සීනු නාදය කියල ලියනගේ අමරකීර්ති මේ ලඟදි පොතක් ලිව්ව. ඒත් ඒ ගැනමද කියන්ට දන්නෙ නෑ පොත තවම කියෙව්වෙ නැති හින්ද..

      " රපියෙලා *********ද කොහෙද...අද ඉතිං දෙගොඩ හරියක් වෙනකල් නින්දක් නෑ…"පොරෝලිස් මහප්ප එහෙම කියල උඩු රැවුල කැරකෙව්ව..ඔහොම තිබ්බ මොකක් හරි මම කියවපු පොතක..මට නම මතක නෑ.

      / බං අයියෙ, අර ඉස්සර වගේ ලියහං කො දඩයක්කාරයගෙ වගේ කතාවක්. සම්භාව්‍ය කොමෙන් දාන්න බූරටයි මටයි. එහෙම එකක් නොදා දැන් කහනව කහනව වගේ බං /

      ෂික්, ඔබාත් ඉන්ට තිබ්බෙ....

      ObserverMarch 28, 2012 at 2:22 PM

      මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන්

      RanDilMarch 28, 2012 at 2:30 PM

      ඔබා මාමේ මට හිනාව පිට උගුරු දණ්ඩ දිගේ ගියානේ....... :D

      RaviMarch 28, 2012 at 3:27 PM

      @ Observer,

      / මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන් /

      නවමුන් බුහුරන් සහ මවිසින් නොයෙක් බාධක දුෂ්කරතා මැඬගෙනැ හුදෙක් හෙල බසෙහි උන්නතිය තකාමැ ජිහ්වයන්දැ විකාගෙනමැ ලියූ වියත් භාෂා රචනාවන් පෙනේද මේ නුවණ මඳ පුඟුලානන් උපහාසයට පාත්‍ර කල අයුරු.... 

      තොප වන්නවුන්ගේ මෙවන් රොස් පරොස් වනාහී අපගේ මේ මහඟු ව්‍යායාමයට දිරි දෙන්නක් මිස කිසිලෙසකින් දුර්මුඛ කරවන්නක් නොවන බව උදක්මැ සිහිතබා ගනු යෙහෙකි.

      ඒ කෙසේද යත් අලගියවන් මුකවැටිදුන් එකල පැවසූවාක් මෙන් " සුවඳැති සොඳ සඳුන් රුක, සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ"

      තොපගේ ටීකාවටැ මම මෙසේ හස්ත මුද්‍රාවෙන්මැ පිළිතුරු දෙමැ. ඒ කෙසේද යත් සුරතෙහි මධ්‍යාංගුලිකාව ඔසවා තබාලා පියා සෙසු අංගුලිකා චතුෂ්කය පහතට නවා සුරත ඔසවා දක්වන්නෙමි.

      Delete
    2. BurathenoMarch 28, 2012 at 4:37 PM

      දමන්න පංචමයක් සූර්‍යාභිෂේකරයෙනි, දමන්න පංචමයක්... මෙවන් අඳ බාල නුණුවන දනන්ගෙ රෝශ පරෝශයෙන් අපගේ මේ උත්සාහය බිඳකින් වත් අඩු නොවන බව සැබෑවක්මය..

      මමද මෙලෙසින් හස්ත මුද්‍රාවෙන්ම පිළිතුරු දෙන්නෙමි.. සුරතෙහි පළමු අංගුලිකාව ඔසවා සෙසු අංගුලිකාවන් නවා සුරත ඔසවා දක්වන්නෙමි..!!

      නවම්March 29, 2012 at 5:46 PM

      එම්බා තෙල නිරීක්ෂකය, තොපගේ උක්ත අව්‍යක්ත තෙපළුමට මාගේ නොවක් ප්‍රතිචාරය;

      අධෝමුඛය උදෙසාම වෙන් වූ හස්ථයෙහි මහපඨාඅංගුලිකාව හා ආකෝෂ පරිභ්‍රවය පිණිසම නිර්මිත දබරාංගුලිකාවෙහි තුඩු එකිනෙක මතුයෙහි ගැඨීමෙන් නිර්මාණය වන්නාවූ අංගුලිකා වෘත්තයෙහි මධ්‍යයෙහි දක්ෂිණ හස්ථයෙහි දබරංගුලිකාව ඔබ්බවා ඔබ මොබ යවා දක්වමි.

      Delete
    3. RaviMarch 29, 2012 at 7:53 PM

      @ Nawam & Bura,

      ප්‍රීතියි, ප්‍රීතියි, මා සොයුරනි,

      ඒ අවියත් වූ එමෙන්ම නුණුවන වූ නිරීක්ෂකයන්හට තොප දෙදෙන නිසි පිළිතුරු දී ඇත්තාහ. එසේමය. එසේමය.සිහල වියුණු අවකාශයේ දිදුලන උත්තර තාරකාවන් බදු වූ ද අවියත් බසින් ලියැවෙන වියුණු සටහන්හි භාෂා ව්‍යාවහාරය නඟා සිටුවනු වස් කිසිදු ලාභ ප්‍රයෝජනයෙක් නොතකාමැ කණකමය වූ තම කාලය ද නොමසුරුවැ වැය කරමින් එසේම තම විශිෂ්ඨ බුද්ධිය ද ඒ උදෙසාමැ මෙහෙයවමින් අප තිදෙන කරන්නා වූ මේ මහඟු මෙහෙයට උපහාර දක්වනු වෙනුවට මෙවන් ආක්‍රෝශ පරිභවයන්ට මුහුණ දීමට සිදු වීම ඇත්තෙන්ම ඛෙදවාචකයක් නොවන්නේ නම් ඛෙදවාචකයක් යනු කිමෙක්දැයි මම නොදන්නෙමි.

      වන්නාටයැ, කම් නැත, අප තිලෝගුරු පියාණන්ගේ පවා හිසට මහත් වූ පර්වත පෙරැලූවන් එකල්හි හුන් බව සිහිකරැ සැනැසෙම්හ.

      එසේමැ විළිබියෙක් සුන්සහල් කඩෙක පමණ හෝ ඇතිනම් නිරීක්ෂකයන් නැවත අප හට අකුල් හෙළීමට නොපැමිණෙනු ඇත.එතෙකිදු වුව ප්‍රවේශම් වුවහොත් මැනවැයි හඟිමි, හේ තෙමේ වනාහී විළිබිය යනු කිමෙක්දැයි තිබියේවා එවන් වදනක් පවතින බව පවා නොදන්නා පුඟුලෙකැයි මසිතෙහි කුකුසෙක් ඇත්තාහ.

      කම් නැතැ මා දයාබර නවමුනි, බුහුරනි,, අප මෙසේ සපථ කර සිටුම්හ,

      අපගේ මේ ව්‍යායාමය කිසිසේත්ම අපගේ සුව කල නොහෙනා මස්තිෂ්ක ආබාධයෙක් කරණ කොටගෙන නොවන අතර හුදෙක් සිහල වියුණු බස වියත් වහරෙක් බවට පත්කිරීමෙහිලා දැඩි අධිෂ්ඨානයෙන් යුතුවැ දිවි පරදුවට තබා කෙරෙනා ව්‍යායාමයක් බවට ද එසේම එකී අරමුණ සාක්ෂාත් කර ගැනීමෙහිලා රුධිරය, මාංශය සහ අවසාන වශයෙන් අගනා වූ ජීවිතය පවා පරිත්‍යාග කිරීමට නොපැකිලෙන බැව් ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥා දී වදාරම්හ...සාධු! සාධු!! සාධූ!!!

      ( ෂිස්..... කොහොමද?... ලස්සනට ආව ඒ ටික නේද?....අන්තිම හරියෙ මට ඇඬුන බොලව්...ආයෙ මක්කටෙයි කියන්න ලැජ්ජ වෙන්නෙ....හෙහ්, හෙහ්,අනේ මන්ද බාල්ලා....අපි නැති දවසක මේ බොලොග් කෙරුවාවට දෙයියංගෙ පිහිට තමයි ඉතිං )

      We shall defend our '' Viyath Bhaashaava'', whatever the cost may be, we shall fight on '' Nidahas Sithuvili'' , we shall fight on '' Nawam mawatha'' , we shall fight anywhere our enemies would be; we shall never surrender. - With sincere apologies to Winston Churchill

      Delete
    4. BurathenoMarch 30, 2012 at 6:16 AM

      වැලිදු එක්දවසෙක් නිරීක්ෂකයා පූර්‍වදින සන්ධ්‍යාභාගයේ පානය කරන ලද්දාවූ සෝමපානයානුභාවයෙන් නැගිටගත නොහී දාවලක් තෙක් නිදා පිබිද නේත්‍රයුග්මයේ කබ කඩ කඩා සවර්‍ වාතස්කන්ධය දූෂණය කරමින් මුව ආයමින් ඈනුම් අරිමින් "අද දිනයේ කා හට අංචියක් අදිම් දෝ හෝයි නැතහොත් කා හට ගිනිගෙඩියක් දෙම් දෝ" හෝයි සිත සිතා කොක් කරක් සේ දිගුකරගත් ගෙලින් හා රතාක්ෂියා වුව දුටුවහොත් බියවැ පලායන තරමේ රත් පෑ වූ නෙතින් හා අයාගත් මුවින්ද යුතුව ඈත් මෑත් බලන්නේ, සර්‍වලෝකධාතුවම ඒකාලෝක කරමින් සූර්‍යදිව්‍යරාජයා උදාසනක් සේ පිබිදෙන්නේ යම්සේද එලෙසින් උදාසනින් පිබිද සුවඳ පැනින් නා හැඳ පැළැඳ වීදියට බට සූර්‍යාභිධාන ය, නවමාභිධාන ය, බුරාභිධාන ය යන මේ කෙළෙඹි පුත්‍රයන් තිදෙන එක්ව ත්‍රෛයිලෝකාභිධාන වූ අසමසම වූ ත්‍රිභූවනචූඩාමාණික්‍යරත්නයක් බඳු වූ අප මහා තථාගතයන් වහන්සේ ලෝකෝපකාරය පිණිස ධර්‍මභාෂණයේ යෙදුනේ යම්සේද එපරිද්දෙන් උතුම් වූ සුන්දර වූ කුලස්ත්‍රීන් සමූහයක් පිරිවරා විද්වත්භාෂණයේ නියැලෙනායුරු දකින්නාහු මෙසේ සිතන්නාහුය. "කොල මේ කෙළෙඹිපුත්‍රයන් තිදෙනා සැමදා මේ සුකුමාර ළලනාවන් පිරිවරා භාෂණයේ යෙදෙන්නාහ, අනෙකුත් කුලපුත්‍රයන් පිරිවරා විද්වත් සාකච්ඡාවේ නියැලෙන්නාහ, අද මුන්ට කියටි කියවමි, අනෙකුන් මුන් කෙරෙන් බිඳවාපියාලමි, මුන්ගේ විද්වත්භාෂණ මෙතෙකින්ම නවතාලමි" යි සිතාලා තවමත් පූර්‍වදිනයේ සුරාමත මුළුමනින්ම පහනුවූයෙන් කෙලින් කටින් සිටගත නොහැකිවූවද යන්තම් පන්තම් අතගාපියා නෙළුම්පතක ඇවිදින කොරවක්කෙක් සේ නැතහොත් දහවල්කලෙක මංමුලා වී ඇවිදිනා බකමුහුණෙකු සේ වැනි වැනී හැපි හැපී වීදියට බසින්නාහු ගොසින් කෙළෙඹිපුත්‍රයන් හා අනෙකුන් අභිමුඛයේ පරුස වදන් දොඩන්නාහුය විද්වත්භාෂණයට කිසිසේත් නොගැලපෙන ප්‍රශ්න කෙළෙඹිපුත්‍රයන් අතින් විචාරන්නාහුය නොයෙකුත් හස්තවිප්‍රකාර දක්වන්නාහුය මේ ආදි නානාවිධ විකාර කරන්නාහුය. කෙළෙඹිපුත්‍රයෝද පළමුවෙන් මේ කුමක්දැයි විපිලිසර වන්නේ නමුත් සුළුවේලාවකින්ම නිරීක්ෂකයා මේ සැරසෙන්නේ කුමකටදැයි වටහාගන්නාහු ඔහුව නොසලකා හරිමින් තමන්ගේ විද්වත්භාෂණය නොනවත්වා කරගෙනයන්නාහුය, වැලිදු නිරීක්ෂකයාද එයින් පසුබටනොවන්නේ පෙරටත් වඩා ශබ්දනගන්නාහුය ආක්‍රෝෂපරිභවයෙන් බෙනෙන්නාහුය විප්‍රකාර කරන්නාහුය, අවසන මෙයින් කිපීගත් සූර්‍යාභිධාන කෙළෙඹිපුත්‍ර තෙමේ නිරීක්ෂකයා බනවා මෙසේ කියන්නේ "කොල පවිටු දුෂ්ට අධර්මිෂ්ට වූ නිකෘෂ්ට වූ අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාණ වූ නිරීක්ෂක නම් බමුණුමාල්ල, විද්වත්භාෂණයේ යෙදෙන්නට වුවමනානම් එපරිද්දෙන් මෙම භාෂණයට සහභාගි වෙව එයට තට අපෙන් බාධාවක් නැත්තේය නමුදු මේ ආක්‍රෝෂපරිභවයෙන් හා හස්තවිප්‍රකාරයන්ගෙන් තොපටත් අප‍ටත් ඵලක්නම් නැත්තාහ ඉදින් තවදුරටත් මෙම විප්‍රකාර දක්වන්නට යෙදුනේනම් මාගේ සැටි තට පෙන්වමි" යි කීය. මෙවිට නවමාභිධානයන් කියන්නේ "අයියණ්ඩිය, කලබල නොවන්න, මේ නිරීක්ෂකයා වනාහි වයස්ගතය, අපගේ මුත්තණුවන්ගේත් මුත්තණුවෙකියි කියතහැකි තරම් මහළුය, තවද මූ තවමත් පහවනොගිය සුරාමත ඇත්තාහුය, මූ කියන්නක් මූම නොදනී, නාගයින් පෙණය පුප්පන්නා දකින ගැරඩින් කැබැලිත්තක් ගෙන දගලන්නාක් මෙන් දගලන්නාවූ මෙවැන්නන් හා වාදයට යාම අපට තරම් නොවේමය, කලයුත්ත මා දනිමි" යි කියාලා නිරීක්ෂකයන්ගේ ගෘහාභිමුඛයට ගොස් උන්ගේ භාර්‍යාවන් බනවන්නේ "නැන්දනිය, තොපගේ වල්ලභ නිරීක්ෂක තෙමේ තවමත් පහවනොගිය සුරාමත ඇත්තේ වීදියේ අරගල කරන්නාහුය පරුසවදනින් දනන් පෙලන්නාහුය වහා අවුදින් උන් කැඳවාපියා නොලදහොත් මහත් විපතක් ඇතිවීමට පුළුවන" යි කියා සියළු විස්තර ඈට පැවසීය. මෙපවත් අසාලා දණ්ඩෙන් පහරලත් ආශීර්විෂයෙක්හු මෙන් කිපීගත් ඕතොමෝ වහවහා දිවඑන්නේ "කොල වෙට්ට පිත්තල කෛරාටිකවූ බමුණුමාල්ල, ගෙයි වැඩ පිරීගති, උදෑසන ඉඳුල්පිගන් තවමත් සින්කයේ බහාලූගමන්ය, සේදූ වස්ත්‍ර තවමත් වනාපියා නොමැත, ගෙයිමිදුල් කුණුධූලියෙන් වැසීගොස් ඇත, මේ වැඩ සියල්ල තනි මාපිට පවරා තා මෙහිවිත් සම්ඵප්‍රලාප දොඩන්නාහුය. දැන්ම අවුදින් සියල්ල අහවරයක් නොකලේ නම් තට අද දාවල් බත් නැත" යි කියාලා කොසුමිටි පහර දී නිරීක්ෂකයා පිට නළල් ගඩු නංවා ඌව ඇදගෙන යන්නාහු අප මිත්‍ර කෙළෙඹිපුත්‍රයන්ගේ විදිවත්භාෂනයට ඇති බාධාව නැති කලාය. ඉක්බිති කෙළෙඹිපුත්‍රයෝද අනෙකුත් කුලස්ත්‍රීන් හා කුලපුත්‍රයන්ද විද්වත්භාෂණය නිමවා චිත්තප්‍රීතියෙන් යුක්තව වෙන්ව ගියාහුය.

      ෴ නිරීක්ෂකයා හා කෙළෙඹි පුත්‍රයන් තිදෙන නම්වූ පරිකතාව නිමි ෴

      Praveena PalipanaMarch 30, 2012 at 7:25 PM

      OH MY GOD!!!!!!!!!!!!!!!!!!!!!!!!

      mekuwiMarch 30, 2012 at 8:40 PM

      උම්මග්ග ජාතකේ කියෙව්වා වගේ .. කොහෙන්ද අප්පා මේ වචන .. අනේ පව් අසරණ ඔබා මාම

      ObserverMarch 30, 2012 at 9:03 PM

      තොප්පිය හරි අයට :-)

      වං අතේ මාපට ඇඟිල්ලය්, දබර ඇඟිල්ලය් එකතු කරලා රවුමක් හදල, දකුණු අතේ දබර ඇඟිල්ල රවුම ඇතුලෙ එහාට මෙහාට පෙන්නුව මෙන්න.

      Delete
    5. කිරිබත්ගොඩ ගියොත් පිත්තල ඇට හොයාගන්න පුලුවං වෙයිද ආයිබොවන්ඩ

      Delete
  19. මේ ටිකනම් කොච්චර කියෙව්වත් අලුතෙන් කියෙව්වා වගේ හිනා යනවා..අද ලියල තියෙන කථාවටත් ඔබාමාමා හිටියනම් හොඳ ජාති ටිකක් කියය් ..

    //බං අයියෙ, අර ඉස්සර වගේ ලියහං කො දඩයක්කාරයගෙ වගේ කතාවක්. සම්භාව්‍ය කොමෙන් දාන්න බූරටයි මටයි. එහෙම එකක් නොදා දැන් කහනව කහනව වගේ බං//

    නවම් ට පිස්සුද? මේ උන්දැ ගියපාර දඩයක්කාරයා ගැන ලියන්න ගිහින් පිටසක්වල අතරමන්වෙලා පිස්සු හැදිලා අවුරුද්දකට පස්සේ අමාරුවෙන් ගොඩ අවේ..හැබය් නුහුගුනේ නම් තාම තියෙනවා...ආය් පටන් ගත්තොත් එහෙම සොරිම තමා ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මෙකුවි, හා හා එහෙම කියන්න එපා, ඔය ඩිංගට අමතක උනාද ඒ කාලෙ මේකා අර නූල් බෝලෙ පැටලිච්ච බළළා වගේ නොච්චර දහංගැට ගැහැව්වද පොටක් පාදාගන්න කියල. හෙහ් හෙහ්..

      මම නං අලුත් පොස්ට් එකක් ආවා කියල දැක්කම දුවගෙන එන්නෙ අද මේකා මොන වගේ කෙළවීමක් කරගෙන මොන නරාවලක ගිලිලද කියල බලන්න බොහොම සන්තෝසයෙන්. අම්මප මනුස්සයෙක්ට කතාවකින් හරි කෙළවෙනව දකින්න මට තියන සන්තෝසයක්. හෙහ් හෙහ් ....!

      රවී අයියේ,

      උඹ එහෙම මේ මෙකුවි කියන ඒව තඹේකට මායිං කොරනව එහෙම නෙවෙයි හරිය. අපි වගේ පාඨකයො ඉන්නකොට ඔහේ මක්කටෙයි බය වෙන්නෙ, ඔන්න ඔහේ ආයේ අර දඩයක්කාරය අපායෙන් හරි කමක් නෑ ඇදල ගනිමු ඉඳගෙන !

      ප.ලි : අර පරන කොමෙන්ට්ස් ටික ආයෙ ඇදල ගත්තට පිං බං, දවසම රෙෆ්‍රෙශ් උනා ඒව කියවල.

      Delete
    2. Mekuwi,

      / අද ලියල තියෙන කථාවටත් ඔබාමාමා හිටියනම් හොඳ ජාති ටිකක් කියය් ../

      අපොයි, බං කියල වැඩක් නෑ...මතක් වෙනකොටත් දුකයි..කාලාන්තරයක් ඉන්න ඕන මිනිස්සු...:(

      / මේ උන්දැ ගියපාර දඩයක්කාරයා ගැන ලියන්න ගිහින් පිටසක්වල අතරමන්වෙලා පිස්සු හැදිලා අවුරුද්දකට පස්සේ අමාරුවෙන් ගොඩ අවේ../

      අම්මාපල්ල, Telling No Work, Telling No Work... ඒ වෙච්ච හෙයියම්මාරුව මතක් වෙනකොටත් බඩ බුරුල් වෙනව වගෙ...ඉඳපං ඔහොම පොඩ්ඩක් ..මම ඒ පැත්තෙ ගිහිල්ල එනකල්...

      Delete
    3. මෙකුවි,

      හෙහ් අවුලක් නෑ බං..අර එක පාරටම දඩයක්කාරය මතක් උනහම බඩ බුරුල් වෙන්ට වගෙ ආවට එහෙම එකක් නෑ...උඹ බය වෙන්ට ඕනෙ නෑ...හෙහ්,හෙහ්,

      Delete
  20. මොකද අප්පා මේ කතාවත් කප්පාදු කරලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. සයුරි,

      කොහෙද බං කතාව කප්පාදු කරල තියෙන්නෙ..ආය ඔච්චර තමයි...:)

      Delete
  21. අද කතාවත් කෙටි වෙලා අන්තිමට හොදම හරියෙනම් කතාව නවත්තලනේ රවී අයියා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      මේක මාර වැඩක්නෙ...කතාව ඉවරයි බං කතාව ඉවරයි...:)

      Delete
  22. දාපු කොමන්ටුව නැ නේ.හොදම කතාව ගුරුතුමිගෙ සින් එක

    ReplyDelete
    Replies
    1. දමිත්,

      ගුරුතුමියගෙ සීන් එක කිව්වෙ?

      Delete
    2. ඇයි බොල කපනවටත් පාඩුයි කිවුව එක..........................අඩෙ එක තියෙන්නෙ කමෙන්ට් වලනේ.සොරි ඇ

      Delete
  23. හැහ් හැහ් මම නම් ඕන් ඇහුවමයි මේ කතාව.. මරේ මරු.. මට මතක් වුනේ අපේ ගමේ පොරකගෙ කතාවක්.. මිනිහට ඉන්නවා ළමයි දුසිමක් විතර.. එකෙක් හිටියේ අපේ පන්තියේ.. මිනිහගේ ගේ තියෙන්නේත් පාරක් අයිනෙම. ගෙයි කතාවෙන ඒවා පාරට ඇහෙන තරම්ම... දවසක මහ රෑක පාරෙ යන උන්ට අහෙනවලු අරූ මහා හයියෙන් කෑ ගහනවා ජ$%$ ගලවපියකො හු$#@ කියලා.... අපේ පන්තියෙ හිටපු එකා එදායින් පස්සේ ඉවරයි....

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ඌ වහ කෑවනං ඊට හොඳයි ....:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...