Friday, May 9, 2014

257. විමලෙගෙ වාංපතුල් කතා 10 -වික්ටෝරියා මහේෂිකාව, රජ්ජුරුවෝ පසඟ පිහිටුවා හිරුට වැඳීම,ඉන්දියානු සාම සාධක හමුදාව සහ ජැකී චෑන්

විමලෙ අයිය මතකයි නේද? මොකෝ අමතක…. නැද්ද? මොකෑලන්ත වාසී සත්ගුණවත්, අතිගෞරවාර්හ, ධුරන්ධර හෙහ්,හෙහ්,....... විමලෙ අයියගෙ වාංපතුල් කතා නොහොත් පඳුරු තැලීම් කියල මම ලිව්ව කතා බර ගාණක්. හරියටම කිව්වොත් ඇපිසෝඩ් නොහොත් කථාංග නවයක්. පහත සඳහන් පරිදි........

විමලෙගෙ වාංපතුල් කතා - 1….. බටු, මිරිස් , තක්කාලි සමඟ සඟක් ගැන කතාවක්.....

විමලෙගෙ වාංපතුල් කතා - 2….. වාං පතුල් ගැන නොහොත් දෙයියෝ සාක්කි කබරය ඉස්සරහ.....

විමලෙගෙ වාංපතුල් කතා - 3…..විමලෙගෙ වාං පතුල් නොහොත් ලාංකේය බෞද්ධ සාහිත්යයෙන් අංශු මාත්රයක්....

විමලෙගෙ වාංපතුල් කතා - 4….. විමලෙගෙ වාං පතුල් කතාව නොහොත් තෝස් ලාම්පු, මුගටි සහ පොහොරි ගැන

විමලෙගෙ වාංපතුල් කතා - 5…..පූර්ණ කාලීන පඳුරු වටා තැළීම - Beating around the bush full time

විමලෙගෙ වාංපතුල් කතා - 6….. වාං පතුල් කතාව තව දුරටත් - විමලේගෙ භාණ්ඩ තත්ව පරීක්ෂා උපක්රම සමඟ බුද්ධ ප්රතිමා නඟා සිටුවීම

විමලෙගෙ වාංපතුල් කතා - 7….. වාං පතුල් කතාව තව දුරටත් - ලෝකයේ වැඩිම මීදුම සහිත ගම්මානය සහ ජීප් රියදුරන්ගේ කතා....

විමලෙගෙ වාංපතුල් කතා - 8….විමලෙගෙ වාං පතුල් කතාව - මෙන්ටලි චැලේන්ජ්ඩ් උදවිය, ඡායාරූප ශිල්පයේ නව ප්රවණතා සහ බාවය උද්දීපනය වීම

විමලෙගෙ වාංපතුල් කතා - 9…..විමලෙගෙ වාං පතුල් කතාව - ලොක්කිගෙ මොරෝම ගති, ඉම්රාන් ඛාන්ගේ බත් ඉවීම සහ වැසි මැවිසුරුගේ අනපේක්ෂිත ස්නානය

විමලෙගෙ කතාවල අන්තිම කථාංගය ලිව්වෙ 2013 මැයි 9 වෙනිද. අදට හරියටම අවුරුද්දක් වෙනව. ඊට පස්සෙ විජය-කුවේණි කතාව සහ ඊටත් පස්සෙ ගුරුවරියක සමඟ මගේ ජීවිතය ලියන්ට පටන් ගත්තු නිසා විමලෙය අමතකම වෙලා ගියා. රයිට්..ආයම විමලය ගැන ලියන්ට කියලයි මයෙ කම්පනාව. අද මේ සංවත්සරේ සමරන්ඩත් එක්කලා.

සංවත්සරේට ඉංග්‍රීසියෙන් කියන්නෙ ජුබිලිය කියල. ජුබිලි කණුව හන්දිය දන්නව නේද? නුගේගොඩ කෝට්ටෙ පාරෙ තියෙන්නෙ. ඔතෙන්ට ජුබිලි කණුව කියල කියන්නෙ ඔතන තමයි පිහිටුවල තියෙන්නෙ වික්ටෝරියා මහ රැජිණගෙ මෞලි මංගල්‍යයෙ හැටවන සංවත්සරය නොහොත් වජ්‍ර ජයන්තිය සිහිවෙන්ට නිර්මාණය කරපු සිහිවටන කුළුණක්. එතුමී රාජ පදවිප්‍රාප්ත වෙලා තියෙන්නෙ 1837 අවුරුද්දෙ. එතකොට ඔය ජුබිලි කණුව පිහිටුවන්ඩ ඇත්තෙ 1897 වෙන්න ඕන.

එතනම තියෙන්නෙ අර ලාෆ්ස් ගෑස් කොම්පැණියෙ සුපර් මාකට් එකක්. සෙන්ට්‍රාද කොහෙද නම...මම මේ කියන්නෙ හැබැයි අවුරුදු හය හතකට ඉස්සරවෙලා. තාම ඒ කුළුණ තියනවද නම් දන්නෙ නෑ. හරි මම කලින් කියාපු සෙන්ට්‍රා සුපර් මාකට් එක ඉස්සරහ පාරෙන් අනික් පැත්තෙ පේව්මන්ට් එක මැද තමයි ඔය වික්ටෝරියා අම්මණ්ඩිගෙ කුළුණ තියෙන්නෙ. අපි ඉස්කෝලෙ යන කාලෙ ඕක තිබ්බෙ හරියටම පාර මැද..මම හිතන්නෙ පස්සෙ කාලෙකදි පාර පළල් කරද්දි කුළුණ පේව්මන්ට් එකට වැඩමවන්ට ඇති.

ආය වික්ටෝරියාගෙ කුළුණ නම් අහවල් දෙයක්ද ජනාධිපති මන්දිරේ උද්‍යානෙ තිබ්බ එතුමියගෙ මහ විසාල පිළිමයක් තුනට හතරට ගලවල කටුගෙයි පිටිපස්සෙ හරහ දාල තිබ්බය කියන්නෙ අවුරුදු ගාණක්. පස්සෙ ඒත් ඔය චාර්ලිස් කුමාරයද කවුද එක පාරක් ලංකාවට එන ආරංචියට දණි පණි ගාල ඒ පිළිමෙ අරං ගිහිල්ල හයි කලා මම හිතන්නෙ විහාරමහා දේවී උද්‍යානයෙ. 

Google Images

ඔය පිළිම වලට යන කල දසාව ඔහොම තමයි. 1981 තිබ්බ ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබීමේ ස්වර්ණ ජයන්තිය සැමරීමේ මහා ප්‍රදර්ශනයක් ලන්ඩන් වල. ඕකට එහෙට අරංයන්ට ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හැදුව ගල් විහාරෙ සැතපෙන පිළිමෙ ආකෘතියක්. අවුකන පිළිමෙත් එකක් හැදුව. ප්‍රදර්ශනෙන් පස්සෙ ඔය පිළිම ආපහු ගෙනල්ල වරායෙ පරණ ගුදමක් පිටිපස්සෙ දමල තිබ්බලු. බල්ලො බලල්ලු ලගිනව පිළිම උඩ. එතකොට ඒ පිළිමෙ ඇතුල හිස්නෙ. ඒක ඇතුලෙ තමයි වරායෙ සේවකයො බූරුව එහෙම ගහන්නෙ. ඒ අතරෙ වෙන වෙන නොහොබිනා කටයුතුත් පිළිමෙ අස්සෙ වෙනවය කියල ඔන්න එක පාරක් පත්තරවල ගියා ලොකුවට හාහූවක්.

හාමුදුරුවරු විරෝධය පෑවා, ජනාධිපතිට ලිව්වා. ඒ දවස්වල ඔය BBS සුමෝ සංවිධානය තිබ්බෙ නෑ. දැන් නිකමට බලන්ට ඔය BBS සමාගමේ බික්සූං ඉන්නව නේද මේ උඹල අපි වගෙ සාමාන්‍ය තරමෙ දේහදාරී එකෙක්වත් ඉන්නවද? ඔක්කොමල අර හැලපෙ කිව්වෙ ඌරංගෙ කර අඹන විදිහ.... ආං එහෙම කර අඹාපු ඌරො වගෙ. ඔය ඉර හැරුණට පස්සෙ නොකා තව...හෙහ්,හෙහ්, තුංවේලම කාපිනං තව කොහෙද? තල්මස්සු පාරෙ යනව වගෙ තියෙයි.

ඉතිං අර පිළිම ගැන විරෝදෙ ආහම ආණ්ඩුව කලේ එව්ව උස්සං ඇවිල්ල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉස්සරහ පන්සලක් හදල එතන හයි කරපු එක. තාමත් එව්ව එතනම තියනව. එහෙම කරන්ට තව හේතුවක් තිබ්බ. ඔය සම්මන්ත්‍රණ ශාලාව ඉස්සරහම තියෙන්නෙ කතෝලික පල්ලියක්. ඉතිං ඔය මහ සමුළුවක් එහෙම ඉවර වෙලා රට රට වලින් ආපු රාජ්‍ය නායකයො ප්‍රධාන දොරටුවෙන් පිටවෙනකොටම ඉස්සරහ පල්ලියක් දර්සනේ උනහම ඒක ලෝකෙ එකම බෞද්ධාගමික රට වශයෙන් අපේ රටේ කීර්ති නාමයට කැළලක්ය කියලත් හිතලයි අර පිළිම ඔතන ගෙනල්ල හිටෙව්වෙ.

අර විට්ටෝරියා මහේසිකාවුන්නාන්සෙගෙ රජගෙදර තිබ්බ පිළිමෙට උනාය කියන්නෙ නම් මෙන්න මෙහෙමයි. අපේ මහරජතුමා ඉන්නවනෙ...ආයුබෝ වේවා මහරජාණනේ!!!..ආන්න එයා තමයි . එතුමා වෙනුවෙන් ඔය ගීතය ලියාපු මහත්මය නමින් මහරගම පැත්තෙද කොහෙද පාරක් නම් කලාලු. හැබැයි හැමෝම ඒ පාරට කියන්නෙ වන්දිබට්ට මාවත කියලලු. හරි ඔය පාරවල්, හන්දි, ගම් වලට නම් තැබීම ගැන තියනව එලෝ කෝටියට කතා. වෙනම කියන්නං ඒ ගැන...

දැං ආපහු අපේ විට්ටෝරියා උන්දැට වෙච්ච දේ ගැන....රජතුමා ඔය ඉන්දියාවෙ හිමාල වනේ තපස් රකින සුප්‍රසිද්ද දයිවක්ඥයෙක් හම්බවෙලා උපදෙස් ගත්තයි කියනවනෙ.ඒ දයිවක්ඥය තමයි අර බෝලෙ එහෙම ජීවං කරල දීල තියෙන්නෙ.ඔය බොහොලෙ එතුමා රෑට නිදාගත්තම එර්දියෙං වඩිනවලු හිමාල වනේට. රෑ එලිවෙනකල් අර දයිවක්ඥ තුමා බොහොලෙ ආයම ජීවං කරනවලු. උදේ පාන්දර එතුමා අවදිවෙලා එහෙම දොට්ට පිළට යන්ට ඉස්සරවෙලා ඔය බෝලෙ ආපහු වඩිනවලු එතුමගෙ අතට.

දෙදාස් එකොළහෙ ලෝක සූරතාවෙ වෙලාවෙ ඉන්දියං ආන්ඩුව කොලාය කියන්නෙ හිමාලය වටේටම ප්‍රහාරක ජෙට් යානා දාල අර බෝලෙ එන එක වැලැක්කුව. දිනපතා කරන ජීවං කිරිල්ල මඟ ඇරිච්චි නිසා බොහොලෙ බලේ බිඳුන. ලංකාව පැරදුනෙ අන්න ඒ නිසයි....

ඔය බෝලෙ තියන මහාර්ග බලය වැඩිවෙන්ට නම් හැමදාම හිමිදිරි පාන්දර ඉර පායන වෙලාවට අමු නිරිවස්තරෙං බෝලෙ දකුණු අතේ තදින් මිරිකගෙන තුං පාරක් කෙලින්ම ඉර දිහා බලාගෙන පසඟ පිහිටුවා වඳින්ට ඕනය කියල අර හිමාලෙ ඉන්න තවුස් තුමා කිව්වලු.

පසඟ පිහිටුවල වඳිනවයි කියන එක දන්නවනෙ නේද? වැඳීමේ ක්‍රම තුනක් තියනව...උක්කුටිකයෙන් වැඳිම, 
සඟ පිහිටුවා වැඳීම සහ දණ්ඩ නමස්කාරය. පසඟ පිහිටුවල වඳිනකොට නළල දෙවැලමිට සහ දෙදණ බිම වදින්ට ඕන. ඒ පස් තැන බිම වදින නිසයි පසඟ පිහිටුවා වැඳීම කියන්නෙ.හැබැයි පොඩි කේස් එකක් වෙනව නිරුවතින් ඔය වැඩේ කරන්ට ගියාම. පහක් නෙවෙයි ඊට වැඩි ගාණක් තැන් බිම වදිනව...හයක් හතක් හෝ සමහරවිට අටක්...

රජ්ජුරුවන්ට වෙච්චි කේස් එක නිරුවතත් හරි, බෝලෙත් අතේ,ඒකත් හරි ඒත් පසඟ හරි අටඟ හරි මොක හරි පිහිටුවල වඳින්ට විදිහක් නෑ මොකද ඉර නඟිනව පේන්නෙ නෑ අර අම්මණ්ඩිගෙ, විට්ටෝරියාගෙ පිළිමෙ තියනව හරියටම ඉස්සරහ. ඒකට ඉර මුවා වෙලා..ඉතිං මොකද කරන්නෙ?...වහාම මන්දිරේ ඇතුලට ගිහිල්ල සාටකේ එහෙම පැළඳගෙන නියෝග කලා විට්ටෝරියා ගලවල අයිං කරන්නෙයි කියල. ඔන්න ඔහොමයි විට්ටෝරියා මහේසිකාවුන්නාන්සෙට කටුහෙයි පිටිපස්සෙ ලඳු කැලෑවකට සම්ප්‍රාප්ත වෙන්ට සිද්ද උනාය කියන්නෙ...

රයිට්, ජුබිලි ගැන විට්ටෝරියා ගැන, රජ්ජුරුවන්ගෙ බෝලෙ බල ගැන්වීම ගැන ඒ ඇති.

විමලෙගෙ වාංපතුල් කතානෙ මාතෘකාව..ඉතිං අඩුගනෙ ඒ යකා ගැන මොකවත්ම හරි ලියන්ටම එපාය? නැද්ද හොඳයි?

අපේ චමරියෙ කාලයක් විමලයගෙ රූම් මේට් වෙලා හිටියෙ චන්දරය.ඕකා බොන්ඩත් ආසයි. ඒත් වැඩේ ඌට ඕන පුළුවන් අවම කාල සීමාවෙන් උපරිම මතට ළඟාවෙන්ට. කතා කර කර චුට්ට චුට්ට තොල ගගා ...අර කියන්නෙ සිප් කරනව කියල...එව්ව අල්ලන්නෙ නෑ ඕකට...බෝතලේ කඩපු ගමං ගසල අරින්ට තියෙන්ට ඕන ඩබල් එකේ..ඔන්න එක පාරක් ..ඒත් මාසෙ මැදක වගෙ..කා ගාවවත් එහෙමකට සල්ලියක් නෑ. යාන්තමට කිරි පල්ල අතගාල ඔය තියන දහය විස්ස එකතු කරල බෝතල් දෙකක් අරගෙන ආව.

ඔය අර 1987 අවුරුද්දෙ ජේ.ආර්. - රජීව් අත්සන් කරපු ඉන්දු-ලංකා සාම ගිවිසුමට පස්සෙ රජීව් ගාන්ධි ඉන්දියන් හමුදාව ලංකාවට එව්වනෙ...අන්න ඒ කාලෙ...අපි ගෙදර ගිහිල්ල ආපහු වැඩට එනකොට මඟදි ඔන්න සමහර වෙලාවට අපි එන බස් එක ඉන්දියන් හමුදාවෙ කොන්වෝයි එකක් පස්සට වැටුනොත් එහෙම සොරිම තමයි. හබරණින් පස්සෙ තමයි එහෙම උනොත්. මොකද ඉන්දියන් හමුදාව බොහෝවිට ලංකාවට ගොඩ බහින්ඩ පාවිච්චි කලේ ත්‍රිකුණාමලේ වරාය. තිකුණාමලේ ඉඳල මඩකලපුවට එහෙම යන්ට ඕන උනොත් යන්ට වෙන්නෙ හබරණට ඇවිල්ල වමට හැරිල මින්නේරිය පොළොන්නරුව හරහා.

ඔය කොන්වෝයි එකක එක පාර යනව ට්‍රක්ස් සීයක්, එකසිය පණහක් වගෙ. උං යන්නෙත් ආය නෑ හරියටම පාර මැද්දෑවෙම තමයි. ඕවර්ටේක් කරන එක හරිම භයානකයි. ට්‍රක් එහෙක වැදුනොත් එහෙම ආය මොනව කරන්ටද? පොලිසියට කියන්ටය ආය? ඒ නිසා එහෙම වෙලාවට කලේ මඟ එවුං කොහෙ හරි නවත්තනකල් හෙමිහිට පස්සෙං යන එක.

අපෙ හිටිය යාලුවෙක් කොඩිප්පිලි කියල..කොඩියගෙ ගෙදර මාවතගම. සතිදෙහෙකට සැරයක් ඕකා ගෙදර ගියේ බයික් එකේ. CD 185 එකක් තිබ්බෙ. කාර් එක වගෙ තමයි. දවස් දෙහෙකට කලින් කොඩිය ආපහු වැඩට එද්දි මින්නේරිය හරියෙදි ඉන්දියන් ආමි ට්‍රක් පෙලක් යනව මඩකලපුව පැත්තට. ඕක පස්සෙං සෑහෙන දුරක් ආවත් මුං ඉඩ දෙන්නෙ නැතිලු. මුත් ගේමට සෙට් වෙලා හෝන් එක ගහගෙනම පස්සෙන්ම ඇවිල්ල.

පස්සෙ පාර අයිනෙ පිටැන්නක් වගෙ ඉඩ තිබ්බ තැනකදි මූ කරල තියෙන්නෙ බයික් එක පාරෙං එළියට දාල ඉස්සර කරන්ට හදල. මූ එක්ක මල පැනල හිටිය ඉන්දියන් ආමි කාරයො පාර හරහටම ට්‍රක් දාල මූව නවත්තල. ඒ කරල උංගෙ බාසාවෙන් හින්දි ද ගුජරාටිද මරාටිද ආන්ද්‍රද මොකවද මන්ද..මූට බැණල..බැන්නද කියන්ට දන්නෙත් නෑ.බණින්ට ඇති කියලයි ඌ කියන්නෙ...බයික් එක දාගෙන උංගෙ ට්‍රක් එකකට. ඒ කරල මූ හැරෙන්න ඕන තැනත් පහුකරල මඩකලපුව පැත්තට කිලෝ මීටර් 30 විතර ගිහිල්ල පාළු මණ්ඩියකදි කොඩියව බස්සල බයික් එකත් එක්කම.

කොඩියට මල පැනල කියන්නෙ එතන ඉඳලම කුණුහරප වක්කරමින් ඇවිල්ල තියෙන්නෙ ආපහු කෑම්ප් එකට. ඉතින් මම කලින් කිව්වෙ...අපි අර බොහොම අමාරුවෙන් පහ දහය එකතු කරල ගෙනාවනෙ ගල් බෝතල් දෙකක්. ඔන්න ඉතිං දැං දෙයියංගෙ පිහිටයි.රතනත්තරේ සරණයි කියල බොන්ටයි ලෑස්තිය.

ඔය මම කියන දවසෙ අපෙ චමරියෙ තිබ්බෙ හෙණ පරණ කනප්පුවක්..අර කලින්  
තිබ්බ බොහොම බලගතු රවුං කනප්පුව ඒ දවස්වල පොලිස් කරන්ට අරං ගිහිල්ල.අර මම කියපු පරණ කනප්පුවෙ එක කකුලක් කැඩිල යන්තමට මාට්ටු කරල ඇණ දෙකක් ගහල තිබ්බෙ. ඒත් කිව්වට අහන්නෙ නෑ අපේ එවුං දවල්ට කාල පුටුවල පත බෑවිල කකුල් දෙක ඔය කනප්පුව උඩ තියාගෙන තමයි සිගරට් එහෙම ගහන්නෙ. ඉතිං අර කකුල එහෙ මෙහෙ වෙලා හෙල්ලෙන දත වගෙ තමයි තිබ්බෙ. ඕක උඩ සිරුවට බෝතලෙයි කෝක් එකයි ගෙනල්ල තිබ්බ සැමී. සැමී මතකනෙ ..අපෙ ගෝලය...අරක්කැමියා..සූපවේදියා... 

" සැමී පපඩම් පැකට් දෙකක් විතර බැදහං කොල්ලො " මම කිව්ව..

" හොඳයි මහත්තය…" සැමිය කුස්සියට ගියා.

" ඉතිං ඉතිං මාර වැඩේනෙ බං නේද කොඩියට වෙලා තියෙන්නෙ? "

අපි ආයෙම කොඩියට ඉන්දියන් හමුදාවෙන් වෙච්චි අසාදාරණේ ගැන කතාකරන්ට ගත්ත.

" ඒකනෙ බං කියන්නෙ...මේ ඉන්දියන් ****** පුතාල හිතාගෙන ඉන්නෙ අපි උන්ට යටත් රටක් කියලද දන්නෙ නෑ…"

" කියලා වැඩක් නෑ බං "


ඔහොම අපි හැමෝම කොඩියට වෙච්චි අකරතැබ්බෙ ගැන කතා කර කර ඉන්නව..චන්දරය පැත්තකට වෙලා ඉන්නව..පුපුර පුපුර...ඌට ඕන පුලුවන් ඉක්මනට බී ගන්ට.

" අඩේ ඔය කතාව මදෑ බං බොමුකො…" ඔන්න එක පාරක් චන්දරය කිව්ව. අපි කවුරුත් ඌව සත පහකට ගණං ගත්තෙ නෑ.

" මේ ගැන මචං කොම්ප්ලේන් කරන්ට ඕන " විජේ කිව්ව…

" පලයං බං කාට කියල කොම්ප්ලේන් කරන්ටද? රජීව්ට තමයි එහෙනං " තව එකෙක් එහෙම කිව්ව.

" මම කියන්ටද අපි ඔක්කොම ලියුමක් හදල ලොක්කට දෙමු මේ ගැන පියවරක් ගන්ටය කියල.." ආයම ඒ විජේ..

" හරි හරි බං ලියුං හදමු. කොම්ප්ලේන් කරමු. එව්ව ඔක්කොම හෙට උදේටනෙ..දැං බීල ඉඳිමුකො " චන්දරේ අඬන්ඩ වගේ…

" මං බොනව ඔන්න…" චන්දරය බෝතලේ අතට ගත්ත.

" ඒයි මේ අඩෝ කැත වැඩ කරන්ට එපා...දන්නවනෙ අපේ සිරිත් විරිත් " විජේ කෑගැහැව්ව.

බොනකොට අපේ සිරිතක් තිබ්බ එතන ඉන්න සීනියර්ම එකා තමයි මුල්ම බෝතලේ කඩල පළවෙනි ෂොට් එක දාගන්නෙ...මෙතන ජේස්ටතමය විමලෙ…

" හරි එහෙනං විමලෙ අයියෙ උඹ කඩහංකො බෝතලේ " චන්දරේ බෝතලේ ආයම කනප්පුව උඩ තියල අසෝක වීදුරුවක් එහෙම අතට අරගෙන ලක ලැහැත්ති උනා.

විමලෙ බෝතලේ අතටත් අරගෙන මගෙ දිහා බලල චන්දරයට හොරෙන් ඇහැක් ගහල ආපහු බෝතලේ කනප්පුව උඩිං තිබ්බ.

" එක අතකට මචං ඉන්දියන් හමුදාව ගෙන්නපු එකත් හොඳයි. ජේ.ආර්. පප්ප කියන්නෙ රට කපටියනෙ. මිනිහ කොහොම හරි රජීව්ගෙන් පලිය ගත්ත පරිප්පු දාපු එකට.."

" ඒකත් ඇත්ත. මේ අනුංගෙ යුද්දයක් නිසා ඉන්දියන් කාරයොනෙ මැරෙන්නෙ.."


( ඉන්දියන් හමුදාව ලංකාවට එවීමට ගත් අදූරදර්ශී තීරණය නිසා රජීව්ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඒ මවිසින් මේ සඳහන් කරන කාලයෙන් තවත් වසර තුනක් අනාගතයේදීය )

" ඇත්ත ඇත්ත කියල වැඩක් නෑ...රජීව් කොහෙද ජේ.ආර්. එක්ක හැරෙන්නෙවත් " තව එකෙක් කිව්ව..

" ඔය මොනව උනත් කොඩිය එහෙම්මම එවුනුත් එක්කම ඉන්දියාවට අරං ගියානං තමයි වැඩේ..ඕකගෙ පෙනුමත් ඉන්දියන් කාරයෙක්ගෙ වගේනෙ..මූණ පුරා රැවුලත් වවාගෙන සික් කාරයෙක් වගෙ...." මම එහෙම කියල හක හක ගාල හිනාඋනා.

" අම්මාපල්ල එහෙම උනානං නියම ආතල් එක "

අනික් එවුනුත් ඔක්කොම හිනාවෙන්ට ගත්ත. චන්දරයගෙ ඉවසීමේ සීමාව පැන්න. රතු කට්ට කෙළවරටම ගියා සිං ගෑවිල්ලෙ..

" බීපල්ලකො යකුනේ!!!!!!…" චන්දරය දකුණතේ තිබ්බ අසෝක වීදුරුව වමතට මරු කරල දකුණත මිට මොලවල ඇති වීරියෙන් කනප්පුවට ගැහුව.

චන්දරේ හිතේ වේගය ඉවසනු නොහැකිව ඇති වීරියෙන් මිට මොළවා ගැසූ පහර ඔහුගේ මෙන්ම අපේද අභාග්‍යයකටදෝ කිරා මැන එල්ල කලාක් මෙන් පතිත වූයේ යාන්තමට ඇණ දෙකක පිහිටෙන් සවිකොට තිබූ කනප්පු කකුල මතටමය. ඒ පහර දරාගනු නොහැකිවූ අබලන් කනප්පු කකුල සවිකොට තිබූ ඇණ දෙක ගැලවී කොහේටදෝ වීසි විය. එක් ඇණයක් ඒ අසලම අපේ කෑම මේසය මත තිබූ ගුරුලේත්තුවෙහි වැදී සලාං හඬක් නංවමින් මේසය මතට පතිත විය. කනප්පුව වටා රැස්ව සිටි අප සියලු දෙන එක් වරම කතාව නවත්වා අයාගත් මුවින් යුතුව චන්දරේ සහ කනප්පුව දෙසට මාරුවෙන් මාරුවට බලන්නට වීමු.

අබලන් කකුල සවිකොට තිබූ ඇණ යුවල ගැලවී ඉවත වීසී වූ නමුදු කනප්පු කකුල වරක් දෙවරක් සෙලවී කෙසේ හෝ යලි සෘජුව සිට ගත්තේය. කනප්පුව මත තිබූ අතිවිශේෂ බෝතලය අපගේ හෘදයන් නතර කරවමින් රුධිර සංසරණය නහුතයත් ඉක්මවා තවත් ශේෂයක් ඉහළ නංවමින් දෙවරක් එහා මෙහා වැනෙමින් සිට භාර්යාව ඉදිරියේ කෙසේ හෝ පුරුෂ ධෛර්යය උපදවා සෘජුව සිට ගන්නා බීමත් ස්වාමි පුරුෂයෙකුසේ කනප්පුව මත සිට ගත්තේය. ඉහළට ගත් ආශ්වාසය පහළට නොහෙලා තුෂ්නිම්භූතව එදෙස බලාහුන් අපි පෙනහළු පුරා තදකොටගෙන හුන් වායුව ප්‍රශ්වාස කොට සැනසුම් සුසුම් හෙලීමු.

එකෙණෙහිම විමලේ අයියාගේ හඬ මහේ දෙසවන් විනිවිද ගියේ මා වික්ෂිප්ත කරවමිනි..

" වීරේ අල්ලපං බෝතලේ...ඒ ඒ ඒ ඒ !!!!! "

දෑස් යලි කනප්පුව දෙසට යොමු කල මට දැකගත හැකිවූයේ හදවත භීතියෙන් මුසපත් කරවන දසුනකි. කනප්පුවෙහි අබලන් කකුල ඉන් ගිලිහී ක්‍රියාදාම චිත්‍රපටයක මන්දගාමී චලිතයක් රඟදක්වන අවස්ථාවක මෙන් තිරස්ව පෙරළී යමින් තිබිණි. ඒ හා සමඟම ස්වාභාවිකව වියයුතු ලෙසම කනප්පුව ද ඒ දෙසට ඇළව යමින් පැවතිණි.

මේ සිද්ධියෙන් බොහෝ කාලයකට පසුව එනම් දැනට වසර කිහිපයකට පෙර මම මිතුරන් කිහිප දෙනෙකුද සමඟ ජැකී චෑන් රඟන රෂ් අවර් චිත්‍රපටය නරඹමින් සිටියෙමි. 1,2, 3 යනුවෙන් එහි කොටස් තුනක් ඇති අතර ප්‍රස්තුත සිද්ධිය කුමන චිත්‍රපටයේදැයි එක්වරම සිහියට නඟාගත නොහැකිය.එහි එක් අවස්ථාවක කෞතුකාගාරයක්වන් ඉතා වටිනා පුරාවස්තු රාශියක් ප්‍රදර්ශනය කොට ඇති ශාලාවක ජැකී චෑන් සහ එම චිත්‍රපටයෙහි ප්‍රධාන දුෂ්ඨයා සටන් කරමින් සිටියෝය. සටන් කරන අතරතුරම වටිනා පිඟන් මැටි බඳුනක් බිම ඇදවැටී විනාශ වීමට ආසන්න බව දුටු ජැකී චෑන් එක වරම ගුවනේ පියාඹාමෙන් ගොස් එය සුරැකිව අල්ලා රැකගත්තේය. 

Google Images

" ඒයි මචං රී ප්ලේ දාපං..රී ප්ලේ දාපං…"

තොල ගාමින් හුන් මත්පැන් වීදුරුව ටීපෝව මත තබා වහා නැඟීසිටි මම කෑගැසුවෙමි.

" ඇයි ඇයි මොකද? මොකද? " මගේ මිතුරෝ කලබලව විමසුවෝය.

" නෑ, නෑ..අර ජැකී චෑන් පියාඹලා වගේ ගිහිල්ල අර සෙරමික් වාස් එක අල්ලගන්නෙ ….ඒ සීන් එක ආයෙම දාපංකො කියන්න…" නැවතත් ජැකී පියාඹා යනු තිරයේ දිස්විය.

" කිව්වට විස්වාස කරපල්ල…. අවුරුදු බර ගාණකට කලින් මමත් ඔහොම පියාඹගෙන වගෙ ගියානෙ…"
" උඹ? පලයං පච කෙලින්නෙ නැතුව..හරි මොකක් අල්ලගන්ටද උඹ එහෙම පියාඹගෙන ගියේ?.....ජැකී චෑන් වගෙ වටිනා වාස් එකක්ද? "

" ඒ වෙලාවෙ හැටියට ඊටත් වැඩිය වටින එකක් බං.."

" හරි මොකක්ද ඉතිං ඔය ඊටත් වඩා වටිනා මහාර්ඝ වස්තුව? "

" මේ....ගල් බෝතලයක්.."


" අන්න ඒකනම් වෙන්ඩ ඇති, ගල් බෝතලයක් අල්ලගන්ඩ නම් උඹ පියාඹගෙන යන්ට ඇති තමයි " මා මිතුරෝ කොක් හඬලා සිනාසුණෝය.

" ඉතිං ජැකී චෑන් වාස් එක අල්ල ගත්ත වගෙ උඹත් පියාඹලා ගිහිල්ල ගල් බෝතලේ අල්ල ගත්තද? "

" නෑනෙ... නූලෙං මිස් උනා...අල්ලගන්ට බැරිඋනා..ගල් බෝතලේ බිම වැටිල කැඩුණා."


අති විශේෂ බෝතලය රැකගැනීමේ පරමපවිත්‍ර චේතනාව පෙරදැරි කොටගෙන දිවි පරදුවට තබා ගුවනේ ඉපිලීගිය මගේ ඉදිරියට දිගුකල සුරතේ ඇඟිලි තුඩු අග්ගිස්සෙහි ගෑවී නොගෑවී එය බිම පතිත විය..ස..ලාං......සහස් කඩකට බිඳීගිය වීදුරු කැබලි සතර අත විසිරී ගියේය.

එක් වරම විහිද ගිය මත්පැන් දහරාවෙන් මගේ දෙපය වළළුකර දක්වා තෙමිණි. අප සියළුදෙන වටවී සතර අත ගලායන මත්පැන් දහරා දෙස බලා සිටියේ නෙත් අදහාගත නොහැකි අයුරිනි. නාසයන් විනිවිද ගිය සැර මත්පැන් ගන්ධය මුහුණු ඇඹුල් කරනා අපුලක් ගෙනාවේය.පළමුව නිශ්ශබ්දතාවය බිඳදැමූයේ විජේය.

" මුගෙ අම්මට.....දැක්කද මූ කරපු දේ.." ඔහු චන්දරේ ගල ග්‍රහයෙන් ගෙන සොලවා ලූයේ කෝපයෙන් වෙව්ලමිනි.

" ඒයි මේ විජේ...නිකා ඉඳහං අතෑරපං ඕකගෙ බෙල්ල " විමලේ සහ මම වහා ඉදිරිපත්ව චන්දරේගේ ගෙල වටා ග්‍රහනය කොට තිබූ විජේගේ දෑත් ඉන් මුදා ඔහු ඉවතට ගෙන ගියෙමු.

මේ සිදුවුනු කිසිවක් වටහාගත නොහුනු චන්දරේ අප එකිනෙකාගේ මුහුණු දෙස අනුපිළිවෙලින් බලමින් යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන පිළිමයක් මෙන් හිටි පියවර හුන්නේය.

" සැමී මේ පුටු ඔක්කොම අයින් කරල වතුර බාල්දි දෙක තුනක් ගහල මේ ටික එලියට හෝදල දාපං, අර පරණ කොස්සක් තිබ්බ නේද අන්න ඒක ගනිං ඇහුනද කොල්ලො…" මම සැමී කැඳවා උපදෙස් දුනිමි.

සැමී සාලෙ හෝදල දානකල් අපි කට්ටිය මිදුලට බැස්ස. විජේ ඇවිල්ල චන්දරේගෙ දෑතම අල්ල ගත්ත.

" අනේ මචං තරහ වෙන්ට එපා. ඒ වෙලාවෙ මට මොනව උනාද දන්නෙ නෑ.."
" නෑ බං ඒක ගානක් නෑ. මගෙත් වැරැද්දනෙ " චන්දරේ බෙල්ල අත ගගා කිව්ව.

" දැං මොකද කරන්නෙ? එක බෝතලයයි තියෙන්නෙ..ඒක ඇද්ද? " මම ඇහුව කට්ටියගෙන්ම.

" බෑ..බෑ..මෙච්චර කෙලියක් වෙලා..අද තව තව දෙකක්වත් ගහන්ට ඕනමයි.." විජේ කිව්ව..

" දෙකවල් ගහන්ට කෝ බං සල්ලි?" විමලෙ ඇහුව.." කලින් ඔය දෙක ගෙනාවෙත් බොහොම අමාරුවෙං.."

" මේ කවුරු ගාව හරි තියනවනං සල්ලි දියල්ල. මම එකකට සල්ලි දෙන්නම් පඩි හම්බවෙච්ච ගමං " චන්දරේ කිව්ව..

" සල්ලි නැති එකනෙ බං වෙලා තියෙන්නෙ...මේ වීරෙ උඹේ පිහිට තමයි තියෙන්නෙ.." විමලෙ මා දිහාට හැරුනෙ..

" අනේ නෑ විමලෙ අයිය තියනවනං මම නොදී ඉන්නෙ නෑනෙ උඹ දන්නවනෙ මං ගැන.."

" නෑ බං මම ඒක දන්නව..මම කිව්වෙ පොඩි ලෝන් එකක් දාපං " විමලෙ අපේ අංගනාවියන්ගෙ ක්වාටර්ස් එක පැත්තට ඉඟි මැරුව. " අනෝමා ගාව සල්ලි ඇති. "

ඔයිට මාසෙකට කලින් මම ඒත් ඔය වගෙ වැඩකට මහ රෑ ගිහිල්ල සල්ලි ඉල්ලල අනෝම මට ඒ වෙලාවෙ සල්ලි දුන්න. පහුවදා දවල් දුන්න කන් පිරෙන්ඩ ලෙක්චර් එකක්. අද ගියොත් ආයම මට අහගන්ට වෙන
 මදි නොකියන්ට. ආය බඩුම තමයි..ඒත් මොනව කරන්ඩද? යාලුවො වෙනුවෙන් පණ උනත් දෙන එකෙක් මම. 

" හරි ඉඳපල්ල මම අනෝමගෙන් සල්ලි ඉල්ලගෙන එන්නං. "

මම මගෙ කෑලි තුනේ ටෝච් එකත් පත්තුකරගෙන එළියට බැස්ස.

110 comments:

  1. //භාර්යාව ඉදිරියේ කෙසේ හෝ පුරුෂ ධෛර්යය උපදවා සෘජුව සිට ගන්නා බීමත් ස්වාමි පුරුෂයෙකුසේ// හිකිස්... මේ කෑල්ල තමයි මට අල්ලලම ගියේ..
    ආපහු පරණ ට්‍රැක් එකට ඇවිත් නේ. හැබැයි රවි තුමෝ ගුරුවරීගෙ කතාව ලියන එකත් නවත්තන්න එපා.
    ඔය බෝතල් වල තියන එව්වා ඔච්චර රහද අප්පා? මං එක පාරක් වයින් එකක් බොන්න ට්‍රයි කරා.. මහ කුනු රහක්නේ තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. බළල් හාමිනේ,

      / හැබැයි රවි තුමෝ ගුරුවරීගෙ කතාව ලියන එකත් නවත්තන්න එපා. /

      පිස්සුද? එහෙම නවත්තල කොහොමද? මතකෙයි? මම තාම ඉන්නෙ අර එතුමී අම්මට අසනීපෙයි කියල ගෙදර ගිහාම මමත් අර මදු පානෝත්සවටත් සහබාගි නොවී එතුමියලගෙ ගෙදර එන්නෙ..මාතලෙන් එයාලගෙ ගමට යන බස් එකේ මම තාමත්. ඒ අස්සෙනෙ මේ චුට්ටි අයියගෙ කතාව සැට් උනේ.. බස් එකේ ගමනෙ ඉඳල කතාව දිගටම ලියන්ට ඕන..අනික හපොයි, එවුන්දැත් එක්ක ගත කරපු ජීවිතේ ගැන ලියන්ට ඇහැකි තවකතන්දර සීයකට එහා...අම්මපල්ල..

      / ඔය බෝතල් වල තියන එව්වා ඔච්චර රහද අප්පා? මං එක පාරක් වයින් එකක් බොන්න ට්‍රයි කරා.. මහ කුනු රහක්නේ තියෙන්නේ! /

      ඔන්න කිව්ව එකක්..කවුද බං වයින් එහෙම එව්වයෙ රහ ගැන හිතල බොන්නෙ? රහෙං වැඩක් නෑ..දැං ඔන්න බලාපං...තිත්ත බෙහෙත් අපි නොබී ඉන්නවද ආපෝ එව්ව තිත්තයි කියල. බේත් වල වැදගත් වෙන්නෙ රහ නෙවෙයි එව්වයින් ලැබෙන ප්‍රතිපලේ...ඉෆෙක්ට් එක. මත්පැන් වලත් එහෙමයි..අමාරුවෙන් හරි බීගත්තනං අම්මද බොල ඊට පස්සෙනෙ ආතල් එක තියෙන්නෙ..මේ මම කියන්ටද? හිත දයිරියමත් කරගෙන ගසල අරින්ට වයින් ටිකක් වැඩිපුර...වෙන්නෙ මොකද කියල බලන්ටත් එක්ක ....හාද?

      Delete
    2. කුණු රහක්? වයින්වල?? මොකටද වයින් කුණු වෙනකං තියං ඉන්නෙ බොන්නෙ නැතුව...

      Delete
    3. ප්‍රියන්ත සහෝ,

      හෑ මං අදමනෙ ඇහුවෙ වයින් තියං ඉන්නකොට කුණු වෙනව කියලා. මං අහල තියන හැටියට නම් පරණ වෙන්නලු වයින් හොඳ. හැබැයි මට තේරෙන්නැත්තෙ අච්චර හොඳට රසට තියන මිදි අවුරුදු ගණන් පල් කරල කුණු රහට බොන්නෙ මොකද කියලා. :p

      Delete
    4. ඇයි බාං බළල් හාමිනේ දැං උඹැහැමනෙ කියල තිබ්බෙ කුණු රහක් ගැන... මම කිව්වැයි?

      මං අහල තියෙන හැටියට පරණ වෙන්නලු වයින් හොඳ කියන උඹම කියනව පරණ වෙද්දි කුණු රහ එනවලු.... අනේ මට තේරෙන්නේ නැහැ බං රවි අයියෙ මේ හතර බීරි කතන්දර... උඹවත් තේරුං කොරල දියං..

      Delete
    5. ප්‍රියන්ත,

      / අනේ මට තේරෙන්නේ නැහැ බං රවි අයියෙ මේ හතර බීරි කතන්දර... උඹවත් තේරුං කොරල දියං.. /

      මොන විකාරද මලේ...ඔය බබලත්තුංගෙ තර්කන විධි ක්‍රමය මේ ලෝකෙ යකෙකුට තේරුං ගන්ට බෑ. මේ කියන එකට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී එකක් තව මොහොතකින් කියනව. ඒකත් නෙවෙයි ලස්සනම වැඩේ..ඒ දෙකමත් හරිය කියල ඔප්පු කරන්ඩත් හදනව...ඊටත් ලස්සනම වැඩේ කියන්නෙ කොහොම හරි කරල ඒ දෙකම හරියි කියල ඔප්පු කරලත් පෙන්නනව. අන්තිමට මොනවද හලෝ ඕක තේරෙන්නෙ නද්ද ? කියල අපේ ඔලුවත් කන්න හදනව.

      ඔන්න එක පාරක් මම නුවර යන්ට ගියා අලුතෙන් ආපු පොතක් ගන්ට.

      " එන ගමං එහෙනං හන්දියෙ කඩෙං මේ බඩු ටික අරං එන්ට…"එතුමී මට දුන්න ලැයිස්තුවක්.

      බඩු ටික කිරවල පාර්සල් කරවල තියල ගියාම ලේසියි ආපහු එද්දි අරගෙන එන්ට.

      මම ඒ වැඩේ කර කර ඉද්දි ආපි කෝල් එකක්.. " මේ පල්ලෙහා ගෙදර නංගිලාට හාල් නැතිලු උයන්ට. එයාලටත් හාල් කිලෝ පහක මල්ලක් ගේනවද? "

      අනේ දවල්ට උයන්ටත් නැතුව ඇතිනෙ පව් නෙවද? කියල මම තකහනියක් අපෙ බඩු ටිකයි හාල් පහේ මල්ලයි ගෙදරට ගෙනත් දාල ආපහු නුවර ගියා. මෙන්න නුවර ගිහිල්ල ආපහු එනකොට මූණ හොඳ නෑ.

      " මොකද සීන් එක?" මම ඇහුව.

      " හුහ්, අර මොකටද මම කියපු ගමං හාල් මල්ල උස්සගෙන ආවෙ. ඕක නුවර ගිහිල්ල එනකොට ගෙනාවනං මදිද? "ඔන්න කියපු එක.

      " ඉතිං මම හිතුවෙ එයාලට දවල්ට උයන්ටත් නැතුව ඇති කියලනෙ.."මම එහෙම කිව්වට පිලිගත්තෙම නෑ...

      ඉතිං කාටද මෙව්ව කියන්නෙ?

      උභතෝකෝටිකය - මේත් ඔය වගෙ තව එක කතන්දරයක් :(...

      Delete
    6. හිකිස්.. හිනා වෙලා පණ ගියා. මට පේන්නේ මේ දෙන්නත් Feminine Logic ඉගෙනගෙන වගේ. දැං මේ ප්‍රියන්ත සහෝ මං කියපු එවුවා එකතු කරලා කොන් දෙකකින් අරං ගැටගහලා කියලා තියෙන්නේ!

      රවී ඕක උබතෝකෝටික ප්‍රස්නයක් විදියට ගන්න නරකයි. එතුමිය කීයට ආවත්, රවිට මොනවා හිතුණත්, මං ඔයා නැතුව පාලුවෙංය හිටියේ කියලා කියන්ට. කොච්චර සිම්පල්ද! බොරුවට නේ කියන්නේ ගෑනු සංකීර්ණයි කියලා..

      Delete
  2. හැක් හැක්..

    අපි වට්ටගත්ත බෝතල් අල්ලන්න චැකී ජෑං ල හිටියේ නැහැනේ අම්මප..

    ReplyDelete
    Replies
    1. දේශක,

      අඩේ එහෙම ගොඩක් බෝතල් පෙරලුනාය? මට නම් ඔය ඔහොම දෙයක් උනාමයි....බත් පිඟං..හොදි මාලු දීසි, ගුරුලේත්තු, වතුර වීදුරු නං නිව්ටන් ඇපල් ගෙඩිය ඔලුවට වැටිච්චි වෙලාවෙ හොයාගත්ත දේ ඇත්තයි කියල ඔප්පු කරල ඇති අනන්ත....කිව්වම මොකද?

      Delete
  3. බෝතලේ නං යකාට ගියාවෙයිකො...
    අම්මප මට අර රාජකීය මඩ පනිට්ටුව තමා අල්ලලම ගියේ...
    හැක්

    ReplyDelete
    Replies
    1. Mahesh,

      මොනවද බං මඩ?........මෙව්ව සම්පූර්ණ ඇත්ත....

      COLOMBO (AFP) - A statue of Queen Victoria which was banished from Sri Lanka's presidential palace amid fears that it brought bad luck will now be spruced up for an upcoming Commonwealth summit.

      The 1897 statue of the former British monarch seated on a throne had been banished from the palace a few years ago and dumped in the backyard of Colombo's museum.

      Museum superintendent Ranjith Hewage said the museum now plans to shift the statue to a better location so that it faces the main road as well as a public park, which was until recently named after her.

      "We will turn the statue from its present location to face the road," Mr Hewage told AFP.

      The Sunday Times -Published on Aug 8, 2013 9:49 P

      Delete
  4. //නාසයන් විනිවිද ගිය සැර මත්පැන් ගන්ධය මුහුණු ඇඹුල් කරනා අපුලක් ගෙනාවේය.//
    දැන් බොනකොට ඔහොම හිතෙන්නේ නැද්ද.?

    //භාර්යාව ඉදිරියේ කෙසේ හෝ පුරුෂ ධෛර්යය උපදවා සෘජුව සිට ගන්නා බීමත් ස්වාමි පුරුෂයෙකුසේ කනප්පුව මත සිට ගත්තේය.//

    මේ කතාව නම් අයියගේම අත්දැකීමක් වගේ .

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / දැන් බොනකොට ඔහොම හිතෙන්නේ නැද්ද.? /

      මොකද බං නැතුව?...අප්පිරියයි තමයි..නිකං හිතහං අර අරක්කු බිම හැලිල ආපු ගඳට එහෙම අප්පිරියාවක් හිතුන නං ඔව්ව වීදුරුවකිං බාගයක් විතර එක පාර කටේ හලාගත්තම කොහොමට ඇද්ද? පුලුවන්වට කරනව නෙවෙයි අපි ඉතිං..රට ජාතිය ආගම වෙනුවෙන් ඔයිට අමාරු දෙයක් උනත් කොරන්ටම එපාය...

      / මේ කතාව නම් අයියගේම අත්දැකීමක් වගේ . /

      අපොයි මට ඔහොම අත්දැකීම් නෑ..මට ඔහොම අමාරුවෙං හිටගන්ට නම් වෙලාම නෑ..අපි කෙලිම්ම හොරිසෝන්ටල් තමයි...:)

      Delete
  5. ඊළඟ දවසේ කන්න ඇති පොරි හැලෙන්න. ඉස්සර අපේ ගෙදර කට්ටිය සෙට් වෙන කාලේ උන් නැන්දම්මටයි නෝනටයි හිත පිරෙන්න ජරාව උස්සගෙන එන්නේ. ඒ නිසා මට කිසි අවුලක් නෑ. ඔතන වෙලා තියෙන්නේ මචෝ. ඔය බොන වෙලාවට බෝතලේ ඇර වෙන කිසි දෙයක් මතක නැති වෙන එකනේ. ඒකට කරන්න තියෙන්නේ, ආන්ඩුව වක්‍ර බදු ගන්නවා වගේ ඩ්‍රින්ක් එකට විරුද්ධවාදීන්වත් වක්‍රාකාරයෙන් සම්බන්ධ කර ගන්න ඕන. එතකොට අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. Mathalan,

      / ඊළඟ දවසේ කන්න ඇති පොරි හැලෙන්න. /

      උපාය දන්නෝ අපායේ නොවැටෙති..එව්වට තියනව ක්‍රම සහ විධි...තැනට සුදුසු නුවණ යොදවන්ට ඕන…On the Spot Fine කියල කඩ්ඩෙන් කියන්නෙ... අන්න ඒක...

      පහුවදා හවස මම ඔන්න නිදි කට කපල..සැමිය ඇවිල්ල හෙල්ලුව මාව..

      " මහත්තය ..මහත්තය.."

      " මොකද බං?...නිදියගන්ට දෙන්නෙ නැද්ද ඩිංගක්.."

      " අන්න අනෝම මිසී එන්ට කිව්ව මහත්තයට.."

      " කොහාටද? ඔෆිස් එකටද? "

      " නෑ..නෑ..කෝටස් එකේ ඉන්නෙ."

      මම දන්නව ඔය එන්ට කියන්නෙ මට දේසනාවක් දෙන්ට මදියි නොකියන්ට..ඒත් නොගිහිල්ලත් කොහොමද? බැණ බැණ හරි ඕකි තමයි හදිස්සියකට මට උදව්වට ඉන්නෙ...අනික හොඳ කෙල්ල.

      නාගෙන එහෙම මම ගියා අනෝමලගෙ ක්වාටර්ස් එකට….

      " මොකද බං? උඹ කවුරුය කියලද හිතාගෙන ඉන්නෙ? මට පණිවිඩ ඇරල කකුල් දෙක ගාවට ගෙන්නගෙන බණින්ට හුහ් "

      " ආ...එහෙනං දන්නව මොකටද එන්ටෙයි කිව්වෙ කියල නේද? ඉතිං එහෙමත් දැනගෙන මොකටද ආවෙ? "

      " ආව ඉතිං..නෑවිල්ල හිටියනං මේකෙ වසන්ටය කනක් ඇහිල හෙහ්,හෙහ්,"

      " ආ..ආවනං ඉඳගනිංකො ඔය පුටුවෙං..දැං මට කියාපං ඊයේ රෑ....."

      " හරි හරි ඒක කියන්නංකො ඊට කලිං අහගනිංකො ඊයෙ වෙච්චි වැඩේ...අපේ චන්දරය බං මරු වඩේනෙ ඊයෙ කලේ…"

      " මූ ටීපෝ එකට ගහපු පාර බෝතලේ......"

      " නෑ... "

      " නෑ නෙවෙයි ඔව්...විජෙය පැන්නගමං…"

      " ඉතිං? "

      " …………………………….. "

      " අම්මප කියාපං...."

      " …………………………….. "

      " දෙයියෝ සාක්කි.."

      " …………………………….. "

      " පිස්සු හැදෙනවනෙ…"

      " …………………………….. "

      " හිහ්,හිහ්!!! "

      මම ඉතිං කතාව කිව්ව අතිනුත් කෑලි දාල, මම අර බෝතලේ අල්ලගන්ට පැනපු හැටි පැනලම පෙන්නුව. කෙල්ල කඳුලු වැටෙනකල් හිනාඋනා...අන්තිමට මට එන්ට කිව්වෙ දෙහි කපන්ටය කියල ඒකිටම මතක නෑ. චොකලට් කේක් කෑල්ලකුත් කාල කිරි තේ එහෙකුත් බීල මම එන්ට ආවෙ.

      / ඉස්සර අපේ ගෙදර කට්ටිය සෙට් වෙන කාලේ උන් නැන්දම්මටයි නෝනටයි හිත පිරෙන්න ජරාව උස්සගෙන එන්නේ /

      අප්ප..අපෙ උන්දැ එක්ක ඒ සෙල්ලං හරියන්නෙ නෑ...

      "තෑගි වලට ඔයාල ඔක්කෝටම බොහොම ස්තූතියි. හැබැයි එකක් කියන්නම් මම නමෝ විත්තියෙම්ම..මෙතන බොන්ට එහෙම ලෑස්තිවෙනව නෙවෙයි. මෙතන බොන්ටත් බෑ. මේ මනුස්සය කොහෙවත් එක්ක යන්ටත් බෑ..පැහැදිලියි නේද? "

      කෙලිය නේද චින මහා ප්‍රාකාරෙටම!!!

      Delete
    2. හුටා නිසේද බලය අමු අමුවේ භාවිතා කිරිමක් නොවෑ ඒක. ඒකට කියන්නේ අවභාවිතාව කියලා. උඹට තියෙන්නේ මානව හිමිකම් එකේ නඩුවක් පයිල් කොරන්න.

      Delete
  6. නෙද්දකිං. මම අන්තිමටම කලකිරුනා. ඇයි යකෝ අර හැලිච්ච අරක්කු ටිකට සෝඩා බෝතලේ කඩලා දාලා ලෙව කන්නනේ තිබුනේ උඹලට.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      අරක්කු බෝතලේ කැඩිච්චි පොඩි වීදුරු කෑලි තිබ්බ බන්. නැත්තං එහෙම කරනව අනිවා...

      Delete
    2. හෙන්රිගෙ අදහසම තමා ඕයි මටත් ආවෙ...

      Delete
  7. ඒ වෙනකොට ටිකක් බීලා හිටිය නම් එහෙම කරයි.

    ReplyDelete
    Replies
    1. බින්දි,

      ඇත්තම තමයි බොලේ..ඔන්න එක පාරක් අපි බීල ඉවරවෙලා බත් කනව. අන්තිම වීදුරුව කෑම මේසේට ගෙනල්ල කන ගමන් ගහන සිරිතක් තිබ්බ අපේ. එකෙක් අතින් අත වැදිල උගෙ අරක්කු වීදුරුව බත් පිඟානට හැලුන.

      " හලාගත්ත නේද?" බත් එකම විසි කරල දාපං මම කිව්ව.

      " පිස්සුද බං මෙතන රුපියල් කීයක අරක්කුද? සැමී පුතේ අරං වරෙං හැන්දක් " කියල මේ යක්සය හැන්දක් ගෙන්න ගෙන අර බත් පිඟානම කෑව නෙව අරක්කුත් එක්ක. මට බත් කෑමත් එපා උනා ඒක දැකල...:)

      Delete
  8. ඔතනින් උදේ හවා කොච්චර ගියත් මන් නම් ඔය කුළුණ දැකල නැහැනේ .

    කාටුන් එකක් වගේ බෝතලේ අල්ලන්න පියාඹන රවී ...

    ReplyDelete
    Replies
    1. බින්දි,

      ඔය කණුව තියනව මම හිතන්නෙ අර මම කිව්ව සුපර් මාකට් එක ඉස්සරහ පේව්මන්ට් එකේ...එක පාරක් අපි කොහෙද මළ ගෙදරක ගිහිල්ල එනව. මහ රෑ ඇති දෙකට වගෙ. ඔය හරියෙ කඩයක් ඇරල තියල අපි ආපු වෑන් එක නැවැත්තුව සිගරට් ගන්ඩ. මම නිදිමතේම ගිහිල්ල ඔය ජුබිලි කණුවට තමයි පම්ප් එකක් දාල තියෙන්නෙ...

      Delete
  9. ආපහු පරණ ට්‍රැක් එකට වැටුන නේද ජයවේවා,රාජකීය මඩටික නියමයි බං,මෙව්ව කොහෙන් කටට එනවද කියල හිතෙන්නෙ එතකොට.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඔන්න ඉතිං..ඕකනෙ කියන්නෙ..මෙව්ව මඩ නෙවෙයි බං...සම්පූර්ණ ඇත්ත. විට්ටෝරියා ප්‍රතිමාව කටුගෙයි පිටිපස්සෙ ලඳු කැළෑවක අතෑරල දාල තිබ්බ එක විහාරමහ දේවි උද්දියානයෙ ගිහිල්ල හයි කරන්ට ඇත්තම හේතුව මොකද දන්නවද? ඔන්න අහගං...ඔය ගිය අවුරුද්දෙ තිබ්බ චුවිංගම් සමුලුවට දවස් තුන හතරකට ඉස්සෙල්ල ලංකාවට ආව චාරලිස් කුමාරය. ඇවිල්ල ගියා කටුගේ බලන්ට. කවුතුක බාන්ඩ නරබමින් යද්දි මුන්දැට ඇල්ලුව පම්ප් ටයිට් එකක්.

      " Excuse me, I have to answer a call of nature…"පරිවාර නිලදාරියට එතුමා කිව්ව.

      පරිවාර නිලදාරිය තක්කු මුක්කු උනා. මිනිහට දුන්නු උපදෙස් මාලාවෙ මෙහෙම වෙලාවක මොකද කරන්නෙ කියල තිබුනෙ නෑ.

      මිනිහ එහෙට මෙහෙට කෝල් ගන්න අතරෙ චාලිස් පරිවාරයට මෙහෙම කිව්ව.

      " Dont worry mate, it's just a call of nature. Even a crown prince do it the same way as all of you"

      ඔන්න ඔහොම කියල පරිවාර සෙනඟ එපා කියද්දි කටුගෙයි පිටිපස්සෙ තිබ්බ ලඳු කැලෑවට ගිහිල්ල පම්ප් එක දැම්ම.පම්ප් එක දාන අතරෙ චාලිස් දැක්ක අම්මට උඩු මෙන්න ලඳු කැලෑව අස්සෙ තියනව හුරු පුරුදු මූණක්..

      " What the fuck is this? "කියල චාලියා පඳුරු දෙක තුනක් ඈත් මෑත් කරල බැලුව. බැලුව තමයි, පොරට ඌරු ජුවල් ගියා.

      " Oh God!!! Ihave urinated on to the face of my great great great garand mother , Ohhhh what have I done? Its all your fault..what is she doing here?... Hey you come on "

      චාලිස් කතාකලා පරිවාර නිලදාරියට...මිනිහගෙ මූණ රතුවෙල ජම්බෙ වගෙ කෝපෙං වෙවුලනව..

      " Tell your president that I want this statue erected on a prominent place immediately, if its not done by tomorrow I am going back."

      ඉතිං මොකෝ කොරන්නෙ? කුයීන් එළිසබත් වෙනුවට සමුලුවෙ ලොක්ක විදිහටනෙ චාලිය ආවෙ. චාලිය සමුලුවට නොඉඳ ගියොත් වස ලැජ්ජාවනෙ. ඉතිං එදා රෑ එලිවනකල් වැඩ කරල පිලිමෙ හයිකලා විහාරමහ දේවි එකේ. ලොක්කත් වැඩේ ඉවර වෙනකල් නයිටක් ගැහුව කියල තමයි ආරංචිය..

      Delete
    2. මදැයි අහගත්තා,මෙව්වට තමා ඉල්ලං කනව කියන්නෙ මචං ඉල්ලං කෑම.

      Delete
    3. අනේ...බං ඒ මොකක්ද කිව්වෙ ඉල්ලං කෑම කියල? එහෙම එකක් උනාද? සමාවෙන්න එහෙමනම් :(

      Delete
    4. පිස්සුද බං,ජෝක් නොවැ.

      Delete
    5. හැලප,

      හෙහ්,හෙහ්, ඒක මිසක්.....:)

      Delete
  10. මුල් කොටස් කියෝලා නැහැනේ අප්පා, ගල් බෝතල් පෙරේතයෙක් වගේ මෙයත් දේශක තුමා වගේම , ගුරුවරියක සමග ජීවිතය තමයි මං කියෝගෙන එන්නේ තාම,

    ReplyDelete
    Replies
    1. අපූර්වී,

      ඕ. කේ. මැඩම්....කියවන්න ..කියවන්න :)

      Delete
  11. Replies
    1. නෙතින් එහා,

      ස්තූතියි :)

      Delete
  12. හෙටම කියවල කොමෙන්ට් එකක් දාඤ්ඤං.

    ReplyDelete
  13. ඇතියන්තම්....

    අද පරණ ජොබ් කට්ට නැතිවෙච්ච ජුබිලිය සමරන්නැද්ද ?

    මොකද මේ බාෂාව එක පාරම වෙනස් වෙලා.. ආයේ ක්‍රමිකව වෙනස් වෙමින් පැවතුනා... අර බෝතලේ වැටෙන සීන් එකනම් ලියුවා නෙමේ ඇන්දා.. හරිය.. කොලර් අප් කරගත්ට කමක්නෑ ඕන්...

    අනේ අම්මපා කවදා මේ වාන් පතුල් ගැන දැන ගන්නද ? අර පතුලෙ ඉන්න ඉබ්බෝ, කක්කුට්ටෝ ටික කවදා ඒකෙන් උඩට ගන්නද මන්දා...

    ReplyDelete
    Replies
    1. Senna,

      / අද පරණ ජොබ් කට්ට නැතිවෙච්ච ජුබිලිය සමරන්නැද්ද ? /

      හෙහ්,හෙහ්, උඹට මල්ලි ඒක මතකයි නේද? යස්, ඔය අන්තිමට දාපු වාංපතුල් කතාව ලිවෙ ජොබ නැතිවෙච්ච දවසෙ තමයි. අම්මපල්ල්..අවුරුද්දකුත් ගියා..මේ ඊයෙ පෙරෙයිද වගේ බං....

      / මොකද මේ බාෂාව එක පාරම වෙනස් වෙලා../

      බෝතල් සීන් එක එහෙම ලිව්වනම් හොඳයි කියල හිතුන බං ...:)

      / අනේ අම්මපා කවදා මේ වාන් පතුල් ගැන දැන ගන්නද ? /

      නෑ බං ඉඳපං..ඒ කතාව හෙට අනිද්දම ලියල දාන්නං..මොකද ඒක ලිව්ව කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..වාං පතුල් කතා කියල දිගටම සීරීස් එක ඉස්සරහට හෙනිච්චෑකි. හෙහ්,හෙහ්..

      Delete
  14. BBS ta මොකුත් කියන්ඩ එපා ඕන් :-)

    ReplyDelete
    Replies
    1. ඇනෝ..

      අනේ අප්පේ මම මොකවත් කිව්වෙ නෑනෙ...ප්‍රසංසා කලා මිසක එතුමන්ලාට. ආරෝහ පරිනාහ දේහයෙන් හෙබි කඩවසම් එවන් සංඝ රත්නයක් ලැබීමට පවා අප පූර්වයෙහි පින්කොට තිබිය යුතුයි. ( කඩවසම් කියන්නෙ අර මුස්ලිම් මස්කඩ වලට ගහල කඩ වැස්සෙව්ව හින්ද එහෙම නෙවෙයි ඔන්න. වරදවා වටහා ගන්න එපා )

      Delete
  15. මේ.. පොඩි පුරස්නයක්...! කවුද දැන් මේ විමලෙය කියන්නේ???

    මෙහෙම කිව්වට තරහ වෙන්ඩ එපා! ඒ උනාට මේ ටික නොකියම බෑ! අම්මපා තොපිලට බොනවට වැඩිය වෙන වැඩක් නැද්ද හැබෑට! කට්ටිය සෙට වෙලා බීලා පිස්සු කෙළින එක ගැන ගොඩක් බ්ලොග් වල බොන එක හෙන සීන් එකක් වගේ තමයි පෙන්නන්නේ! බිව්වේ නැත්තං අම්මමපා කහන්ඩ වත් ගන්නවද කොහේ හරි? මම නිතර දකින දෙයක මං මේ කිව්වේ...!

    ReplyDelete
    Replies
    1. බීපු උන් තමයි ඉතිං ඒකෙ සොමිය දන්නෙ...එය නොදන්නා කෙනෙකුට කෙසේ පවසමුද මේකෙ ඇති ආශ්වාදය...

      Delete
    2. මනේක්ස්,

      / මේ.. පොඩි පුරස්නයක්...! කවුද දැන් මේ විමලෙය කියන්නේ??? /

      විමලෙය කියන්නෙ බොලාගෙ ගමේ එකෙක්. තොපෙ නෑදෑයොදත් මන්ද...අන්න බොගෙ නෑණන්ඩිගෙන් අහගං..එවුන්දැ දන්නව විස්තරේ...

      / මෙහෙම කිව්වට තරහ වෙන්ඩ එපා! ඒ උනාට මේ ටික නොකියම බෑ! /

      පිස්සුද බං?...අර මක්කටද තරහ වෙන්නෙ? හෙහ්,හෙහ්,

      / අම්මපා තොපිලට බොනවට වැඩිය වෙන වැඩක් නැද්ද හැබෑට! කට්ටිය සෙට වෙලා බීලා පිස්සු කෙළින එක ගැන ගොඩක් බ්ලොග් වල බොන එක හෙන සීන් එකක් වගේ තමයි පෙන්නන්නේ! /

      මෙතන බං මෙහෙම දෙයක් තියනව..උඹ කියන කතාවෙ ඇත්තක් තියනව. ඒත් බං මත්පැන් කියන්නෙ සෑහෙන කාලයක් මගෙ ජීවිතයෙ කොටසක් වෙලා තිබ්බ. ඒ මම හිතන්නෙ අපෙ පරම්පරාවෙ වැරැද්ද වෙන්න ඇති. අපි ඇවිල්ල X පරම්පරාවෙ උදවිය. ඇත්තටම අපිට පස්සෙ ආපු පරම්පරාව මත්පැන් වලට අපි තරම් ඇබ්බැහි උනේ නැහැ මට පේන විදිහට.

      අනික බං තරුණ වයස, තනිකඩ ජීවිතය, ගෙදරින් බැහැරව මහ වනය මැද රාජකාරි කිරීමට සිදුවීම. වෙනත් විනෝදාස්වාද සඳහා අවස්තාවන් දුර්ලභ වීම...ඔන්න ඔය නිසා බහුතරයක් මත්පැනට පුරුදු උනා. ඒ ලඟට අනික් කාරනේ ඔය වියුණු සටහන් ලියන්ට තරම් රසවත් සිද්ධීන් වෙන්නෙ බහුතරයක් මත්පැන් පානයෙන් පස්සෙ එහෙම නැත්නම් මත්පැන් පානය හා සම්බන්ධව. එතකොට එව්ව ගැන ලියනකොට අනිවාර්යයෙන් මත්පැන් ගැනත් ලියන්ට වෙනව. එහෙම ඇර මම කවදාවත්බොන එක උත්කර්ෂයට නංවල නම් ලියල නෑ මට මතක විදිහට.

      / බිව්වේ නැත්තං අම්මමපා කහන්ඩ වත් ගන්නවද කොහේ හරි? /

      ඕකෙ අනික් පැත්ත බං වෙන්නෙ..බිව්වම තමයි කහන්ට ගන්නෙ...හෙහ්,හෙහ්, ඉස්තූතියි බං ඒක මතක් කලාට..බීල කහන්ට අරගෙන වෙච්චි සීන් දෙක තුනක් තියනව..ඉඳහං එව්වත් ලියල දාන්ට ඕන..

      Delete
    3. අනේ බුදු මචං එහෙම කියන්ඩ එපා මේනක අපි අහිංසක මිනිස්සු. අරක්කු ඩිංගක් නැති ජීවිතේ වැඩක්යෑ බං

      Delete
    4. හරිද වැරදිද කියන ප්‍රශ්නේ පොඩ්ඩකට අමතක කලොත්, මත්පැන් සාද වලදී ඉතා රසවත් සිදුවීම් සිද්ධවෙන බව නම් ඇත්තක්... මං හිතන්නේ රවි අයියා ඊළඟ වතාවේ ඉඳලා වෙන විදිහකට ලියයි...

      "අපි මේ 'පිරිත්පැන්' / 'කොත්තමල්ලි' / 'අමාවතුර' / 'උණුකර නිවාගත් පානීය ජලය' ටිකක් බොන්න සෙට් වෙන වෙලාවක"

      Delete
    5. ඔය ඉන්නේ කස්ටිය මුට්ටි අල්ලන්ඩ! :P

      Delete
    6. අම්මපා බෝතලයක් බිඳුනොත් මුන්ට නිකං පණ ගියා වගේනේ! හි‍ටුකෝ මාත් කියන්ඩ කථාවක්!

      දවසක් මහ රෑ අපේ ගේ ඉස්සරහ හැප්පිලා තියනවා හොර කසිප්පු අරන් ගිය ලොරියකුයි .. ඒක ෆ්ලෝ කරගෙන ගිය පොලිස් ජීප් එකයි! ඉතින් ඒකේ තිබ්බ කසිප්පු බූලි ටික හැලිලලු පාර පුරාම !

      තුවාල කාරයෝ වාහන වලට පටවන අස්සේ ගමේ නම ගිය බේබද්දෙක් ඇවිල්ල මහ පාරේ හැලිච්ච කසිප්පු උඩ හිටං ඉන්නවලු 'අනිච්චං දුඛ්ඛේ' කියාගෙන.. යටි පතුලෙන් විසරණය වෙලාවත් කසිප්පු ටික උඩට යයි කියලා!

      රවි අන්කල්ස් ගේ නෑ කමක් වත් ඇති උන්දැට නං ! :P

      Delete
    7. @ මනේකා......මම බොරු කියනවා කියලා හිතන්න එපා. මගේ කමෙන්ට් එකේ ඉන්න ඩොකා, මෙඩිකල් කොලෙජ් හොස්ටල් ඉන්න කාලේ සල්ලි නැතුවුනාම කාලක් ගෙනල්ලා සේලයින් දෙනවා වගේ ඒක ඇඳේ එල්ලලා එක අතකට ගහගෙන ආතල් එකේ පාඩම් කරනවා. ඌ කියනවා..මචං ඔය ඇබිත්තං කාල , අන්නසෝත්‍රය හරහා මහබඩවැල් වලට ගිහිල්ලා කික් එක එනකොට ලොකු කාලයක් යනවා...ඊට වඩා ඉක්මන් මේ ආතල් එක කියලා. උඹටත් ඕන්නම් ගහන්නම්..ඔය ලාච්චුව ඇරලා අළුත් නීඩ්ල් එකක් ගනිං කියනවා.ඌ ගැන ලියන්න දේවල්නම් රාශියයි.

      Delete
    8. මේක රවියා කිව නම් කමක් නැහැ ..අරූ කිව නිසා හොයා බලන්න හිතුන . එහෙම ඇල්කොහොල් ඉන්ජෙක්ට් කරන්න පුලුවන්ද කියල . කෝකටත් උන්ද ඉන්න හොස්පිටල් එක කියනවද. නොයා ඉන්න

      Delete
    9. ''So to answer your question, there really isn’t any chemical difference between drinking and injecting alcohol. In both cases you have ethanol molecules flowing in the bloodstream. But there is a big time difference. And because of the time difference you would need to be extremely careful in the amount injected. A mistake could be fatal. It would be good to apply the “don’t try this at home” rule.
      ඔන්න ඔහොමලු කියන්නේ

      Delete
    10. කොහෙන්ද බින්දි මේක හොයාගත්තේ. ඔය මම කිව්වේ බොරුද ඉතින්. ඕකා ඒ කාලේ ෆයිනල් වසරේද කොහෙද? එහෙම නැත්නම් අර අවුරුදු ගනන් කැම්පස් වහලා තියෙන කාලේ. තව දේවල් තියෙනවා ඕකා කරපු. Pethidine එකක් ගහගන්නවා හිටපු ගමන්. පොඩි කික් එකක් තියෙනවාලු. මේවා කවුරුත් කරන්න යන්න එපා. උන් ඕවා ගැන දන්න නිසා කරන්න ඇත්තේ.

      මෙඩිකල් කොලෙජ් එකේ ඒ කාලේ හිටපු දක්ෂතම සිසුවෙක්. පොත් ගුල්ලෙක් නෙමේ.ඒත් ඉහලින් සමත් වුනා. අදටත් මම ඉන්න රටේ ප්‍රසිද්ධ රෝහලක ජනප්‍රිය ඩොකෙක්. කොලු කාලේ කරපු වැඩ දැන් කරන්නේ නැහැ. පුතාත් දැන් ඩොකෙක්. හැබැයි තාමත් අඩියක් පුඩියක් සිගරට් එකක් දුමක් ගහගෙන ආතල් එකේ ඉන්නවා. ආවොත් යන්නේ නැහැ. ගියොත් එන්න දෙන්නේ නැහැ. තකට තක.

      Delete
    11. Bindi,

      / මේක රවියා කිව නම් කමක් නැහැ ..අරූ කිව නිසා හොයා බලන්න හිතුන /

      අන්න දැක්කද මම කිව්වනම් බින්දි ඕක ගැන හොයා බලන්නෙත් නෑ.කෙලින්ම පිළිගන්නව ඇත්ත කියල. මොකද එතුමී දන්නව මම විහිලුවටවත් බොරුවක් මුසාවක් කියන්නෙ නෑ කියන එක..අන්න ඒක තමයි කියන්නෙ විශ්වාසය සහ අවංක භාවය තහවුරු කිරීම කියල..මම මගෙ ජීවිතේ ගියත් අන්න ඒ දෙක සුරකිනව... අම්මාපල්ල .... දේයි, දේයි.....( ඒ දේයි දේයි කියල ඇහුනෙ මොකක්ද දන්නවද? මම පපුවට ගහ ගත්ත සද්දෙ...)

      Thanks Madam….thnk you so much for your vote of confidence, I appreciate it very much…Heh,heh,

      අරූ,

      උඹත් අන්න එහෙම මං වාගෙ විශ්වාසය සහ අවංක බාවය තහවුරු කරන්ට උත්සාහ කරපං ...තේරුණාද?

      Delete
    12. Bindi,

      / It would be good to apply the “don’t try this at home” rule./

      ඔන්න කිව්ව කතාවක්.ගෙදර ඔය වැඩේ කරන්නෙ නැතුව ආය ගල් බාගයක් අරගෙන ඉස්පිරිතාලෙකට ගිහිල්ල කියන්ට ඇහැක්ද " අනේ ඩොක්ටර් ප්ලීස් මේ ගල් බාගෙ සේලයින් බෝතලේකට දාල මට ඉන්ජෙක්ට් කරනවද තරහ නැතුව? " කියල.....හෙහ්,හෙහ්,

      Delete
    13. රවියෝ....හිනාගස්සලා මරන්න එපා යකෝ.

      /////ඔන්න කිව්ව කතාවක්.ගෙදර ඔය වැඩේ කරන්නෙ නැතුව ආය ගල් බාගයක් අරගෙන ඉස්පිරිතාලෙකට ගිහිල්ල කියන්ට ඇහැක්ද " අනේ ඩොක්ටර් ප්ලීස් මේ ගල් බාගෙ සේලයින් බෝතලේකට දාල මට ඉන්ජෙක්ට් කරනවද තරහ නැතුව? " කියල.....හෙහ්,හෙහ්,///////

      Delete
    14. අරූ,

      / ඌ කියනවා..මචං ඔය ඇබිත්තං කාල , අන්නසෝත්‍රය හරහා මහබඩවැල් වලට ගිහිල්ලා කික් එක එනකොට ලොකු කාලයක් යනවා...ඊට වඩා ඉක්මන් මේ ආතල් එක කියලා /

      අම්මාපල් ඇත්තම තමයි..දැන් බලාපන් බිව්වම ලේ වලට යනකල් ට්‍රාන්ස්මිෂන් ලොස් එක. ලංකාවෙ විදුලිබලයෙන් 6% විතර ට්‍රාන්ස්මිෂන් ලොස්. කවුරුවත් තාම මධ්‍යසාරවල Transmission Loss එක ගැන රීසර්ච් එකක් කරල නෑ මම දන්න විදිහට.

      ඉතිං බලාපං අරූ..ඔන්න ඔව්ව ගැනනෙ පර්යේෂණ කරන්න ඕන. ඔය වී වල වැඩි අස්වැන්නක් ගන්නෙ කොහොමද? එලවලු වඩාත් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්නෙ කොහොමද? ඔන්න ඔය වගෙ එලොවටයි මෙලොවටයි දෙලොවටම වැඩක් නැති කාරණා ගැනනෙ කරන තරමක් රීසර්ච් කෙරෙන්නෙ. අම්මපල්ල මට මතක් වෙන කොටත් ලේ කෝප වෙනව. අනික බං කන්නෙ ඉස්සෙල්ල බීලනෙ. ආතල් එක වැඩි වෙච්චි දවසට කන්නෙම නෑ. ඉතිං මම අහන්නෙ ඉස්සෙල්ල පර්යේෂණ කරන්න ඕන බීම ගැනද කෑම ගැනද?

      තව එකක්...බිව්වම මුඛ කුහරයෙ අභ්‍යන්තර ආස්තරණය, ජිහ්ව ආස්තරණ පටලය, රස අංකුර, එතනින් පල්ලෙහාට ගලනාලයෙ ශ්ලේෂ්මල ආස්තරණය, ආමාශයික ආස්තරණය ඔය ඔක්කොම පිච්චෙනවනෙ මත්පැන් වලට. කෙලින්ම ඉන්ජෙක්ට් කලාම ඒ හානියත් වලක්ව ගතෑකි. අනික් කාරණේ...බිව්වම ඒ සම්පූර්ණ මධ්‍යසාර ප්‍රමාණයම ලේ වලට උරාගන්නෙත් නෑ. යම් ප්‍රමානයක් ආමාශයෙ රැඳෙනව. ඒකනෙ යහමිං ගල් ගැහුවම උදේ බොග දානකොට ආයම පාරක් ඩෝප් වෙන්නෙ.

      ( අපේ ගෙදර හදනකොටම මම කකුස්සි දෙකක් හැදුව. එයාට එකයි මට එකයි.නැත්තං බිව්ව දවසට වෙනමයි පහුවදට වෙනමයි දෙපාරක් බැණුං අහන්ට එපාය. එකම වැරැද්දට දෙපාරක් නඩු දාන්ඩ බෑ කියල නීති පොත් වල තියනව නම් තමයි. ඒ උනාට අපෙ උන්දැ එක්ක එව්ව හරියන්නෙ නෑ. එයා එකම වරැද්දට දෙපාරක් දඳුවම් දෙන ජාතියෙ කෙනෙක් ...හෙහ්, හෙහ් )

      අන්තිම ප්ලස් පොයින්ට් එක. ඉන්ජෙක්ට් කර ගත්තම කොච්චර ඩෝප් උනත් ජීවිතේට කබරය යන්නෙත් නෑ.

      Delete
    15. //////අන්තිම ප්ලස් පොයින්ට් එක. ඉන්ජෙක්ට් කර ගත්තම කොච්චර ඩෝප් උනත් ජීවිතේට කබරය යන්නෙත් නෑ.///////
      ඒ නෝන්ඩියෙනුත් ෂේප්.....

      Delete
    16. අනේද කියන්නේ ..හිනා වෙලා කඳුලුත් ආවා

      Delete
    17. //මේ.. පොඩි පුරස්නයක්...! කවුද දැන් මේ විමලෙය කියන්නේ???//

      අවුලක් නෑ, රාමයණේ අහගෙන ඉඳලා අන්තිමට රාමා සීතගෙ කව්ද කියල අහපු එකෙකුත් හිටිය කියනවනේ නෙ

      Delete
    18. අය්යෝ.... උපහාසය තේරිලා නෑ වගේ: පී.. තේරුම් කරල දෙන්ඩ වෙයිද දන්නෑ!

      Delete
  16. හරි මේනකා නෝනේ. මගේ බ්ලොගේ බීලා පිස්සු කෙලපු කතා කීයක් විතර ගියාද කියලා මතකද?

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      මේනකා නෙවෙයි බොල ඕකි ඇවිල්ල මනේකා...:)

      Delete
    2. එහෙමද මම හිතුවා අර කට්ටිය පුරුද්දට වගේ ලියන්නේ 'මං එක' (Man eka) කියලා.. ආන්න ඒක හිස්තැන් නැතුව ලියලා කියලා....

      Delete
    3. @ Henry හිකිස්! නම වෙනස් කරනඩ එපා මට අම්බානක තද වෙනවා අරිද!

      ඔහෙගේ බ්ලොගේ කියෝල නෑ නෙව! ආ අර ඩෙනිම නේද... හි‍ටු කියෝලා එඤ්ඤං!

      Delete
  17. මට මේ ගල් බෝතල් කථාව අස්සෙ මතක් උනේ වත්තල ප්‍රීතිපුර වෙරළෙදි වෙච්ච සිද්දියක්...එදා පළවෙනි දෙවැනි බෝතල් ඉවරඋනාට කස්ටියට කික් එක මදි...අනිත් කාරණේ පෝය දවසක්...බඩු මදි නේද බං...කියලා හැමෝම තම තමන්ගෙ පසුම්බි වල අන්තිම කොනේ තිබුන රුපියලත් එකතු කරලා තවත් බෝතල් දෙකකට ගාන හොයාගත්තා...

    මම මගේ ඇන්ටික් ස්කූටරේට තව එකෙකුත් දාගෙන හොර පොට් එකට එගිලුනා. බෝතල් දෙක එක්ක බියර් බෝතල් දෙකකුත් අරගෙන ස්කූටරේ බක්කියට දාලා දැන් අපි වල ගොඩැලි සහිත පාරක හෙමින් හෙමින් එනවා...එකපාරටම මම දැක්කා පෙට්‍රල් පාටට යමක් බයිසිකලයෙන් හැලෙනවා...අඩෝ ෆුල් ටෑන්ක් ගහලා තිබ්බෙ....පෙට්‍රල් ලීක් වෙනවා වගේ බන්...කියලා බයිසිකලේ නවත්තලා මම විස්සෝප වෙද්දි...මගේ හිතවතා ගලායන දියරය ඇගිල්ලේ ගාලා සුවද බැලුවා. මොන පෙට්‍රල්ද යකෝ...බෝතලය බිදිලා....එදා මටත් ඔය චන්දරයට වගේ අත්දැකීමකට තමයි මුහුණ දෙන්න උනේ.

    ReplyDelete
    Replies
    1. සිරා,

      ඒ වගෙ වෙලාවට කියල වැඩක් නෑ බං.. පශ්චාත් භාගය අනුභව කොට අභාවප්‍රාප්තවීම පවා සැපයකි කියලයි හිතෙන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  18. රවී.....කියෙව්වෙමි.වාං පතුලේ කිමිදුණෙමි. හැබැයි ගෙදර කෙනා හඬගා අසන්නේ දැන් නිදාගන්නට එන්නේ නැති දැයි කියාය. ඒ මොකටදැයි කියා මම දණිමි. උඹේ වාං පතුල වගේම ,තවත් වාං පතුල් රස විඳිය යුතු බව බව කිව යුතු නොවේ. ඒවා නොසැලකිය හැරිද නොවේ. උඹේ වාං පතුල තුල සැරිසරනවා මෙන්ම ...වඩාත් අවැසි පතුල් තුල කිමිදී..හෙට විජේ සහ චන්දරගේ පතුලට කිමිදෙන්නෙමි. අපි නොදන්න පතුල්...නැද්ද මචං.

    ReplyDelete
    Replies
    1. මෙන්න වාං පතුල් ගැන මම වගේම හිතන තව එකෙක්... අරූ, මේ රවියා කියන හැටියට වාං පතුල් වල කිමිදෙන්න පුළුවන් කැරපොත්‍තෝ, මකුලුවෝ, හැක‍රැල්ලෝ වගේ උන්ට විතරයි...

      Delete
    2. අරූ මේ වාං පතුල් රස විඳින්න නෝනා අඬගහනවා කීවම මම මඤ්ඤං වුණා. ඒ කියන්නේ මේ සෙරෙප්පු රස විඳීම -- නෝනගෙන් සෙරෙප්පු පාර කන එකටද? හිකිස්..

      Delete


    3. @සෙන්නා........ගම ඊටින්. දැන්නේ දන්නේ හේන් බාටා කියලා. මූ කෙලින්ම කිව්වානම් ඉවරනේ විමලෙගේ හේන් බාටා කියලා. අපි පොෂ්නේ බං.

      @ කැටී......ඕවා තේරෙයි දවසක ගෙදර මිනිහා බ්ලොගට ඇඩික්ට් වෙච්ච දවසකට.

      Delete
  19. ගින්දර රවි අයියා !! අරක්කු කීවනං මාත් පිඹලා එන්නේ.. :D අතරින් පතරවත් වාං පතුල් ගැන ලියන්ඩ.. හරි ආසාවෙන් කියෙව්වා.ජය වේවා

    ReplyDelete
    Replies
    1. පත්තර,

      හරි මල්ලි ලියමු.....ස්තූතියි!!

      Delete
  20. අර සිංදුව ලිව්වේ සුනිල් ආර්. ගමගේ. මම නම් අහලා තිබ්බේ සිංදුව කියපු සහේලි ගමගේ නමින් පාරක් නම් කරපු එක විතරයි. ඒක නෙමෙයි මට මතක හැටියට උඹේ රස්සාව නැති වුණේ මැයි 9 ඔය වාංපතුල් කතව ලියපු දවසේ නේද?

    උඹට කියන්න චන්දරයා මිට මොළවලා ගහපු තැන ඉඳන්ම මට නම් වැඩේ ස්ලෝ මෝෂන් එකේ මැවිලා පෙණුනා. උඹට වීරයෙක් (හැබයි උඹ කොහොමත් 'වීරයා' නේද?) වෙන්න තිබ්බ අවස්ථාව. පොඩ්ඩක් හිතහං උඹ ඒ බෝතලේ බේරගත්තා නම්.. උඹ අද කොයි වගේ තැනක ඉඳියිද? එහෙනං උඹ අද බෝතල් වලට අධිපති දෙයි කෙනෙක්... (ගල් දෙයියා කිව්වොත් අවුල් වගේ නේද? :) )

    ReplyDelete
    Replies
    1. තිසර,

      / අර සිංදුව ලිව්වේ සුනිල් ආර්. ගමගේ. මම නම් අහලා තිබ්බේ සිංදුව කියපු සහේලි ගමගේ නමින් පාරක් නම් කරපු එක විතරයි. /

      මල්ලි හරි මල්ලි..පාරක් නම් කලේ ඒ ගායිකාව නමින් තමයි. සුනිල් ආර්. ගමගේගෙ අයියගෙද කොහෙද දුව...සහේළි ගමගේ..

      සුනිල් ආර්. ගමගේ මාර හැකියාවක් තියෙන හැබෑ දක්ෂයෙක්...

      ”රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
      බියද දැනේ දුකද දැනේ
      රුදුරු වුණේ ඇයි හිමි සඳුනේ..”


      " ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
      ඔබට ආදරේ කියනා අයුරින්
      පෙර දවසක මා පෙම්කරනා සඳ
      මට ද ආදරෙයි කියා තිබේ "

      ”පිවිතුරුය පළමු පෙම
      බිහිසුණුය බිඳුණු දින
      ළෙන්ගතුය සුවඳ ඔබ
      සුදු හාමිනේ
      තනිකඩය තවම මම "

      " ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
      කොතැනක සිටියත් මා මළ දවසට
      මගෙ ළඟ තනිවට ඉනු මැනවී
      මගෙ ළඟ තනිවට ඉනු මැනවී "

      "පුරපෝය හඳට පෙමින් බැඳුණු තාරකා ළඳුන
      ඒ හඩින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
      නීල වලාවේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්…"

      Delete
    2. //සුනිල් ආර්. ගමගේගෙ අයියගෙද කොහෙද දුව...සහේළි ගමගේ..//

      කොහෙද දුව ...සහේලි දැක්කනම් මහරජාට කියල උල තියන්නේ ....ආයේ 2ක් නෑ

      Delete
  21. අටග පිහිටුවා වැදිම නම් මරු.අම්මප කෙලින්ම බකොසි.බිතලෙට වෙච්චි දෙනම් තනි ඛෙදවාචකයක් නේ

    ReplyDelete
    Replies
    1. දමිත්,

      ආයෙත් අහල.... බේදවාචයක් එහෙම් පිටිම්ම.......:)

      Delete
  22. ට්‍රිප් එකක් යන්න පෙරුම් පුරලා පුරලා කොහොම හරි කට්ටියක් ඔන්න බෝපත් ඇල්ල බලන්න ගියා. හරියට පෝය දවසක. සංවිධානය කොරන්න අහනකොට ගොඩක් එවුං නොබොන සංගමේ. බොන උන් ටිකට ඇති වෙන්න බෝතල් 3 කුත් අරන් ගිහිං ඇල්ල ලඟදි බොන්න සෙට් වෙනකොට මෙන්න යකෝ බොන්නැ කියපු උන් බාගයක්ම බොනවා. දැන් ඉතිං මොකෝ කරන්නේ තියන විදිහට බෙදා හදා ගෙන බීවා. උඩටත් නැ පහළටත් නැ. තව එකක් තිබ්බනම් යන්තං තැනකට එන්න තිබ්බා. පෝය හිංදා ගන්න තැනකුත් නැ. වටේම ඉව කරලා බලනකොට අපි වගේම ආපු තවත් සෙට් එකක් කාර්පට් වෙන්න ගහලා හෙන පන් එකක් ගන්නවා. එකෙක් අලුත්ම බෝතලයක් කඩලා එක ෂොට් එකක් ග්ලාස් එකකට දාගෙන බෝතලේත් තියාගෙන ගලක් උඩ ඉඳ ගෙන ඉන්නවා. අපි කීප දෙනෙක් උන් ලඟට ගිහිං කීවා ගත්ත ෂොට් එක ගන්න බෝතල් දෙකක සල්ලි දෙන්නම් බෝතලේ අපිට දෙන්න කියලා. මු ඇති පණ්ඩිතයා "කීයටවත් මේ බෝතලේ විකුනන්නේ නැ" කියලා උස්සලා ආපහු ගල උඩින් තිබ්බේ නැද්ද ටිකක් සැරෙන්. නොදකින් විතරක් අපතයා බෝතලේ කට විතරක් උගේ අතේ අනිත් ඔක්කොම මේ ගලන්නේ ගල දිගේ. උගේම සෙට් එකේ උන්ගෙන් උට හම්බුනා කොහොමද කියන්නේ පුක නැති වෙන්න. උන්ගේත් අන්තිම බෝතලේ.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත,

      ආතල් කතාව බං ඒක.....හෙහ්,හෙහ්,

      ඇති අර පොර උඹලගෙන් සල්ලි ඉල්ලුවෙ නැතුව...උඹල බෝතලේ ඉල්ලපු නිසාය ඌ ඒක උස්සල ආපහු ගල උඩ තිබ්බෙ, ඒ හින්දය බෝතලේ බිඳුනෙ, ඒ නිසා උඹල ඒ අලාබෙට වගකියන්ට ඕනය කියල..

      නීති පොත්වල තියනව බං " Responsibility for unintentional Causance of damage" කියල තියරියක්. මම හිතන්නෙ ඒ අනුව ඌ සල්ලි ඉල්ලුවනම් උඹලට සල්ලි දෙන්න වෙනව ඌට.

      බොලාගෙ වෙලාවට ඌ බෝතල් පොලවෙ අහන්න දැනගෙන හිටියට නීතිය හරියට දන්නෙ නෑ...හෙහ්,හෙහ්,

      Delete
  23. //ප්‍රදර්ශනෙන් පස්සෙ ඔය පිළිම ආපහු ගෙනල්ල වරායෙ පරණ ගුදමක් පිටිපස්සෙ දමල තිබ්බලු. බල්ලො බලල්ලු ලගිනව පිළිම උඩ. එතකොට ඒ පිළිමෙ ඇතුල හිස්නෙ. ඒක ඇතුලෙ තමයි වරායෙ සේවකයො බූරුව එහෙම ගහන්නෙ. ඒ අතරෙ වෙන වෙන නොහොබිනා කටයුතුත් පිළිමෙ අස්සෙ වෙනවය කියල ඔන්න එක පාරක් පත්තරවල ගියා ලොකුවට හාහූවක්. // ගල් පිලිමය සහ බොල් පිලිමය පොත කියවල තියෙද? ඒකෙ තියෙන්නෙ ඹය ගැන ..

    ReplyDelete
    Replies
    1. Ediri,

      / ගල් පිලිමය සහ බොල් පිලිමය පොත කියවල තියෙද? ඒකෙ තියෙන්නෙ ඹය ගැන .. /

      මම බොහොම ප්‍රිය කරන ලේඛකයෙක් අමරසේකර මහත්මයා. එතුමාගෙ මතවාද එක්ක මට එකඟවෙන්ට බැරිඋනත් පොත් වලට මම කැමතියි.

      ගල් පිළිමය සහ බොල් පිළිමය පොත පිටවෙච්චි අලුතම මම ගත්ත. ඒකෙ තියෙන්නෙ ඔය ගල් විහාරෙ ආකෘතිය අරගෙන ගිහිල්ල ගල් විහාරෙ කිට්ටුවම තැන්පත් කරනව. රත්තරන් පාට එහෙම ආලේප කරල අපූරුවට තියන නිසා මිනිස්සු ඇත්ත ගල් පිළිමය අතඇරල බොල් පිළිමයට වඳින්ට පුදන්ට පුරුදු වෙනව. පස්සෙ දේශප්‍රේමියො ඩයිනමයිට් දාල බොල් පිළිමය පුපුරුවනව.

      Delete
  24. කෙමෙන්ට් ටික කියෝපුවාමයි තේරුනේ මම මේ කතන්දරේ අසාවෙන් කියෙව්වේ නැත්තෙ ඇයි කියලා X,Y පරම්පරාවල අවුලක් නිසා මේ කතාවේ රසය එතරම් විිඳින්න බැරිවුනත් ඉතින් ඊටපස්සේ කියලා අහන්න අවසර තියනවා මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. රූ,

      / X,Y පරම්පරාවල අවුලක් නිසා මේ කතාවේ රසය එතරම් විිඳින්න බැරිවුනත්…/

      අම්මප එහෙමත් එකක්ද? ඒත් Y පරම්පරාවෙ උනාය කියල රස වින්දනයට එහෙම බාධාවක් වෙනවයි කියල මටනම් නොසිතේ....:)

      ඕ. කේ..නෝනා..ස්තූතියි!!!

      Delete
    2. ඒ වුනාට මන් හිතා හිටියේ රූ අපේ වයසට කිට්ටු කෙනෙක් කියලනේ.

      Delete
    3. ඕක වයස් පරතරය නෙවෙයි, XX හා XY අතර ගැටුමක් වෙන්ටෝනැ බින්දියො.. ;-)

      Delete
    4. දැන් ඔය Y කියන්නේ 80 න් පස්සේ උන්ද . 2000 පස්සේ කට්ටිය ගැන නම් දන්නවා . උන් මොන පරම්පරාවේද . අපේ දිහා දෙන්නෙක් ඉන්නවනේ .

      Delete
    5. Bindi,

      ඔය පරම්පරාවන් වර්ගීකරණයෙ නොයෙක් අපැහැදිලි තැන් තියනව. ඒත් සමස්තයක් විදිහට මෙහෙම කිව්වැහැකි.

      The Lost Generation - Born between 1883-1900

      The Greatest Generation - Born bretween 1901-1924

      The Silent Generation - Born between 1925-1942

      The Baby Boomers - Born between 1943-1960

      Generation X - Born between 1961-1981

      Generation Y ( The Millenial Generation ) - Born between 1982-2001

      Generation Z - Born between 2002- Todate

      Delete
    6. http://goo.gl/N4ghWI

      :D :D :D පැත්ත ගියත් ඉතිං ඇත්ත කියන්න එපැයි

      Delete
  25. මම උඹේ මේ හේන් බාටා සීරිස් එක කියවලාම නැහැ. ඒක කියවන්න ඕන ඔක්කොටොම කලින්. මචං ඔය ජුබිලි කණුව හන්දියේ මම කාමරයක් අරන් හිටියා කාලයක් මගේ යාළුවෙක් එක්ක. ඌ අපේ රජතුමාගේ ලඟම සහෝදරයෙක්. ජෝර්ජ් රාජපක්ෂගේ අක්කගෙ පුතා. අරුණ ගුණරත්න දැන් කාලයක් තිස්සේ මාතර පලාත් සභා මන්ත්‍රී. ඔය කණුව මොකක්ද කියලා මොකෙක්වත් දන්නේ නැහැ. පේමන්ට් එකේ ඔහේ තිබුනා.

    ///හැබැයි පොඩි කේස් එකක් වෙනව නිරුවතින් ඔය වැඩේ කරන්ට ගියාම. පහක් නෙවෙයි ඊට වැඩි ගාණක් තැන් බිම වදිනව...හයක් හතක් හෝ සමහරවිට අටක්... ///////

    මචං මේකේ හයයි,අටයි හිතාගත්තහැකි. හත මොකක්ද?

    සල්ලි නැති වෙලාවට බෝතල් වට්ටගන්න එකනම් කියලා වැඩක් නැහැ. මරන්න පුළුවන්. මම මෙඩිකල් කොලෙජ් එකේ බ්ලොම් කියන හොස්ටල් එකේ වල බැස්සා කාලයක්. මට විතරයි ජොබ් එකක් තිබුනේ. අනිත් එවුන් මෙඩිකල් කොලෙජ් එකේ. මමත් අතේ තිබුන සල්ලිවලින් බෝතල් දෙකකුයි, සිගරටුයි අරන් ගියා. එකෙක් මාව දැකලා සංතෝෂේ වැඩිකමට අතේ තිබුන සිලිසිලි බෑග් එකත් මගෙන් අරන් පඩිපෙල නගිනවා. මේ යකා බෑග් එක අතහැරියා. බෝතල් දෙකම කුඩු. මූ පැය භාගයක් දියන් කිව්වා, ගියා. මම හිතුවා මූ මාරු කියලා. උගෙ යාළුවෙක් හිටියා පුංචි බොරැල්ලේ ත්‍රීවීලර් එකක් තියෙන. මූ උගේ ත්‍රීවීලර් එක අරගෙන හයර් දුවනවා ,මම එලියට ඇවිත් බලනකොට. හයර් දෙකක් දුවලා ගානක් කපාගෙන බෝතල් දෙකක් අරන් ආවා. අන්න කන බොන දොස්තරලා. ඕකා මෙහේ ඉන්න සීනියර් ඩොකෙක්. තාමත් හොඳට ගහනවා.

    ReplyDelete
    Replies
    1. Aru,

      / මචං මේකේ හයයි,අටයි හිතාගත්තහැකි. හත මොකක්ද? /

      ඇයි බං අර දෙක මට්ටං දෙහෙකනෙ තියෙන්නෙ.....එකක් විතරක් බිම ගෑවෙන්ටත් පුලුවනිනෙ… :)

      Delete
    2. එහෙනම් ඉතින් "වම" තමයි බිම ගවෙන්නේ.කොහොමත් දැන් ඉතින් "වම"බිම නේ..:D

      Delete
  26. වික්ටෝරියා නෝනත් එක්ක එංගලන්තේ ඉඳන් ඇවිත් ඊට පස්සේ රජ ගෙදරින් හිමාල වනේට ගිහිල්ලා ආයෙමත් ඉන්දියන් හමුදාවත් එක්ක පොළොන්නරු ආවා මං දැන් ඩින්ගිත්තකට කලින් . ඒත් ඉතින් අර ගල් බෝතලේ බිඳෙන්න ඇරලා උඹ කරපු අපරාදේ හින්දා ඔක්කොම ආතල් එක කඩා වැටුනා . මොනා කරන්ටද අපිටමනෙ වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. දශක තුනකට විතර කලින් බිඳුණු ගල් බෝතලයකට තවම දුකයි නේද

      Delete
    2. හෙහ් හේ ඒ ගල් බෝතලේ රහ වැඩි කරවලා වර්ණනා කරලා කරලා හිටං වර්තමානෙට ගෙනල්ල එකපාරම දඩස් ගාලා බිම අත ඇරියාම දුක නැද්ද බින්දි

      Delete
    3. තිලක්,

      ඔව්ව ඔහොම තමයි බොලේ....ජීවිතේ හැටි!!!

      Delete
  27. මේක කියවගෙන ටිකක් දුර එනකොට ආයේ මුලට ගිහිං බැලුවා පිළිම ගැන කියන්න ගත්තේ කොතනින්ද කියලා... අනේ අම්මේ... "ජුබිලිය" ආපු දුර.. :)
    නියම රාජ වර්ණනාව රවී... :)
    මෙයාලට සැර බීම කිවුවොත් මැරෙයි නේද...???

    ReplyDelete
    Replies
    1. සඳා,

      / මෙයාලට සැර බීම කිවුවොත් මැරෙයි නේද...??? /

      ජීවිතේ කාලෙන් කාලෙට එහෙම තමයි ළමයා...එහෙමත් කාලයක් තිබ්බ තමයි ඉතිං...හෙහ්,හෙහ්, ...:) :)

      Delete
  28. කිවුවත් වගේ විමලෙගේ කතා අපිටත් මතක නැති වී ගෙන ගිහින් වගේනේ.. ජුබිලියක් ගිහින් නතර වුන දුර නරකමත් නෑ එහෙනම්.. බෝතලයක් පෙරලෙන්නේ නැති තැනක් නැද්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ඒකනෙ බොලේ.... අවුරුද්දක්මත් ගියානෙ..බොලාට අමතකවෙයි කියල තමයි මේ ලිවෙ...:)

      Delete
  29. මේක ෆේස් බුක් එකට ෂෙයාර් කරන්න ගියහම A Link in Your Post Might Be Unsafe
    It looks like your post contains a link that might be unsafe:

    ranrandil.blogspot.com

    Please remove this link from your post or enter the security code below if you’re sure you want to include it.

    ඔන්න ඔහොම කියල මට බැන්න සකර්බර්ග් ලොක්ක ..රන්දිල් මොකෝ ඒ. රවී ගෙන් ඔව්ව අහල වැඩක් නැහැ ..උන්ද ඒ පැත්තේ එන්නේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. ඒ captcha එක එන්නෙ security feature එකක් විදියට බින්දි, DDOS attacks නවත්තන්ට.. එතන දෙන security code එක ටයිප් කරලා share button click කරන්ට, හරියනවා.. අත්දුටුවයි සත්තයි! අප කරදුන් ගුරුකමක් වැරැදුනේ නැත! :-D

      Delete
    2. ඒකෙදි ඒ දීලා තියෙන කෝඩ් එක ටයිප් කරලා ශෙයාර් කරා නං හරි අක්කේ. වෝල් එකක විතරක් නෙමෙයි මැසේජස් වලත් ඔය කේස් එක ෆයිල් වෙනවා ලඟදි ඉඳන්, එකම අමාරුව ඒ කෝඩ් එක කියවා ගන්න එක තමයි ඉතිං.

      Delete
    3. බින්දි,

      කිව්වම මොකද ඔය අයි.ටී. ගැන මයෙ දැනුම ශූන්‍යයයි...සිංහලෙන් කිව්වොත් නිල්....

      මට වෙච්චි ආතල් වැඩ තියනව මහ ගොඩක්..හෙහ්,හෙහ්, එව්ව ගැන පස්සෙ ලියන්නං ..ඕකේ මැඩම්...අර සකර්බර්ග් කියපු ලින්ක් එක ගැන. එකම ලින්ක් එකයි පෝස්ට් එකේම තියෙන්නෙ මම අර කමෙන්ට් එකකට දාපු. රයිට් ඔන්න ඒක මම අයින් කලා...දැන් බලන්නකො මැඩම්....ඔයා ෂෙයාර් කරල මෙච්චර උදව් කරන්න හදන එකේ අපි සහයෝගය දෙන්න එපාය?..නැද්ද හා???

      Delete
    4. රවී ..ඒ නිසා වෙන්න බැහැ ආයෙත් එකා එහෙම්ම කිව්වා. මන් ඉතින් කම්මැලි නැතුව ඔන්න ඔහේ කෝඩ් එක ටයිප් කරා . වැඩේ හරි. මට මේක වුනේ මේ බ්ලොග් එකටම විතරනේ ..
      මොකද කියල බැලුවේ ඒ නිසයි .

      ඉතින් බුරෝ මොකෝ මුන්දගේ බ්ලොග් එකෙන් විතරක් අපිට පරිස්සන් වෙන්න කියන්නේ . මොකක් හරි හොරයක් ඇති.

      අපි එහෙමයි .රස දේවල් බෙදාගෙන කන්නේ

      Delete
  30. අයියා බොට ඒ කාලේ ඉඳන්ම ඔය නුහුගුණාපිත අංගනාවියන්ගේ ආධාර උපකාර ලැබිල තියෙනව එහෙනම් :) හොහ් හොහ් .....

    ReplyDelete
    Replies
    1. Ano,

      එහෙනං, එහෙනං, When I turn on my considerable charm full blast, No body can resist …8-80

      Delete
  31. කීවාම විශ්වාස කොරහන් රවීයියේ උඹේ බ්ලොගේ මම කැමතිම කැටගිරිය තමයි මේ වාංපතුල් කතා සෙට් එක.

    අපේ රජතුමා කොයි තරම් කියෙව්වත් බලන්ගියාම රට කරන්නේ හිමාලයේ පොරක් ඈ.ඒ කියන්නේ අපේ ඉන්දියන් විරෝධය පුස්සක්.

    "අයියෝ සල්ලි"කියලා උපමාවක් තියෙන්නේ අර බෝතල් කේස් එක වගේ ඒවාට වෙන්න ඇතිනේ රවියියේ...?

    ReplyDelete
    Replies
    1. මනෝජ්...

      තෑන්ක්ස් මල්ලි..:)

      Delete
  32. කොටස් දෙහෙකට තමයි කියවන්න උනේ. අද අන්තිම ටික කියවද්දී හිතුනා මුල ටික මතක නෑ නේ කියලා. ඒ උනාට මාතෘකාව දිහා ආපහු බැලුවම අපරාදේ කියන්න බෑ ඔක්කොම ටික නිකන් ෆ්ලෝලස් (මේකට තනි සිංහල වචනයක් එහෙම තියනවද?) කතාවක් වගේ කිසිම අඩුවක් නැතුව මතක් උනා. රවී තුමා මාත්ත්රුකා දාන්නෙත් එක්තරා කලාවකටනේ බලාගෙන ගියාම.

    ReplyDelete
    Replies
    1. සයුරි,

      Flawless = නිකැළැල්...

      / රවී තුමා මාත්ත්රුකා දාන්නෙත් එක්තරා කලාවකටනේ බලාගෙන ගියාම./

      කතන්දරේ Synopsis එකක් මාතෘකාව ....:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...