දැං ඔන්න එහෙනං ගුණතිලක ගැන දෙවෙනි කතාව.මිනිහ හෙණ මනමාලය. වයසත් ඒ හැටි හොඳ නෑ නෙව...අපි මුලිම්ම යනකොට ඒ හරිය හද්ද කැලේ උනාට ( හද්ද කැලේය කියන්නෙ මොකද දන්නවද? හද්ද කියන්නෙ හත් දා කියන එක. දවස් හතක් පයිං ගියත් කැලෙං එළියට එන්ට බැරිතරමට විසාල කැළයක් කියන එකයි ඒකෙ තේරුම ) පස්සෙං පහු මිනිස්සු ගෙනැල්ල පදිංචි කලා.ඉස්කෝල, සමුපකාර, ඉස්පිරිතාල එහෙම හදල ඒ පදිංචිකාරයිංට ගෙවල් හදාගන්ට ආධාර සහ කුඹුරු කරල කන්නයක් කැපෙනකල් කෑම බීම හිට දුන්න.
ඔය පදිංචි වෙච්චි පවුල් වල ඉන්නවනෙ නාඹර ගැටිස්සියො එහෙම. ගුණතිලකය කරන්නෙ ජීප් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක පිරිසිදු කරන්ට වතුර විදින්ට තියෙන සුට්ටි බට දෙක නවල පාත් කොරනව දෙපැත්තට. ඒ කරල පාරෙ තොටේ යන කෙල්ලන්ට විදිනව වතුර එවුං නෑවිල තෙත බරියං වෙලා යන්ට.
දවසක් මාත් එක්ක යද්දිත් ඕක ඔය වැඩේ කලා.
" මේ උඹ තනියම යනකොට ඕන මඟුලක් කරගනිං ..හැබැයි පුතේ එකක් මතක තියාගනිං... මා එක්ක යනකොට ඔව්ව බෑ…"
හිනාවෙවී කිව්වට මම ඒ කිව්වෙ සීරියස්ලි. හැබැයි අපරාදෙ කියන්ට බෑ එහෙම කිව්වට පස් සෙං පහු ඌ මා එක්ක යද්දි නං ඒ වැඩේ කලේ නෑ.
පස්සෙදි මිනිහ අපෙ හොඳම ගජයෙක් උනා. දවසක් මම ඇහුව මිනිහගෙං……
" ඈ බං ගුණේ....අර උඹ වැඩට ඇවිල්ල හැත්තැ පහ එලවපු මුල්ම දවසෙ ( ඒ ජීප් එකට කිව්වෙ හැත්තැ පහ කියල. ඒකෙ නොම්මරේ අන්තිම ඉලක්කම් දෙක ඇවිල්ල 75, ) මොකක්ද බං අර නටපු පිස්සුව? අර මාන ගොල්ලක් අස්සට හැරෙව්වෙ එක පාරටම?. "
හෙහ්, හෙහ්..මතක් වෙනකොටත් අපිට හිනා ඒ සීන් එක...දන්නවද මේ යස්සය කියාපු එක…
" නෑ මහත්තය ඉන්ටකො වෙච්චි දේ කියන්ට...මට ඔය පත්තීම හම්බ උනාම අපෙ අප්පච්චි මොනවද දන්නවද කිව්වෙ?..කොල්ලො උඹ බොහොම බාරදූර වගකීමකටයි ඔය උර දෙන්ට යන්නෙ..ඒ නිසා ඒ ලොකු මහත්තුරු කියන එක ඒ විදිහටම කරාපං. ආය පුරස්න අහන්ට, පස්ස ගහන්ට යන්ට එපා. අනික ඒ ආයතන වල වැඩ කෙරෙන විදිහත් අමුතුයි. ඒ නිසා බොහොම පරිස්සමිං ලොකු මහත්තුරුංගෙ හිත දිනාගෙන වැඩ කොරහං .... ඉතිං මහත්තය ලොකු මහත්තය,.... ගුණතිලක, ඔය ඉස්සරහිං වමට ...කිව්වම මම ආය හිත හිත ඉන්ට ගියේ නෑ. කැපුව වමට.."
" ඒත් ඇයි යකෝ, උඹට හිතුනෙම නැද්ද ජීප් එකක් කොහොමද මාන කැළයක් අස්සෙ යන්නෙ කියල"
හිනාව නවත්ත ගත්තු ගමම්ම මම ඇහුව.
" හිතුන මහත්තය..ඒත් මම ආයම හිතුව මෙහෙ එහෙම වෙන්ටැති වැඩ කෙරෙන්නෙ කියල…"
ඔන්න ඌ කියැව්ව එක,….ඉතිං කාටද කියන්නෙ අනෙ අම්මප හැබෑවටම මෙව්ව?
ගුණතිලකය පිස්සු ලෝකෙ උනාට හිත හොඳ එකා.ඕන රෑක ඔන්න මොකක් හරි ලොකු හදිස්සියක්ය කියමුකො....ඔන්න අපි පොඩි ආතල් එකක් අරං ඉන්දැද්දි බඩු මදිවෙනව. ගල් බෝතලයක් ගේන්න යන්න ඕන කිලෝමීටර් අටක් විතර. ඒ ගිහිල්ලත් බාර් කීපර්ගෙ ගෙදර ගිහිල්ල උගෙ බල්ලට මස් කටුවක් දීල ( අපි යනකොටම මස් කටුවක් දෙකක් සාක්කුවෙ දාගෙන යන්නෙ ) එකෙක් ඌ ගාව ඉන්දැද්දි තව එකෙක් හෙමීට දොරට ගහනව.....
" බාර් එකේ අයියෙ..බාර් එකේ අයියෙ " …
ඌත් ඔය වෙලාවට කරපට් වෙන්ට ගහල නිදි..
" ඈහ්හ්..හූහ්හ්...කවුද බොලව්? …...තොපෙ අම්...."
ඕං ඔහොම සඟිස්කුරුත කට පාඩං කරනව මිසක ඌ එන්නෙ නෑ නැඟිටල.. ටිකකිං ඔන්න බාර් අයියගෙ හාමිනේ එනව නැඟිටල කොණ්ඩෙත් බැඳ බැඳ....ටිකක් එක විදිහක විසුරුමානයක් තමයි ඒක...ඔය නොයෙක් කතන්දර නම් පැතිරිල තිබ්බ ඕන හැටිය. අනේ ඒ හින්දම අපි එවුන්දැ දිහාවෙ ඇහැක් ඇරල බැලුවෙ නෑ...අහල ගං හතකටම තිබ්බෙ ඔච්චරයි බාර් එකක්. බාර් අයිය තරහ කොටගෙන කොහොමද?..ගෑණු නං ආය මොනවද ඔය ඉන්නෙ ඕන හැටිය...පඳුරක් පඳුරක් ගානෙ...
ඒ පස්සෙම්ම එනව අයියත් සරම ඇඳ ඇඳ..
" මොකද බොලව්?."
" නෑ අයියෙ මේ බෝතල් දෙකක් ගන්නෙයි කියල.."
අයියත් දාගෙනම ගිහිල්ල බෝතල් දෙක ඇරගෙන ආපහු අයියව ගෙදෙට්ටම දාල අපි ඔන්න ආපහු එනව දෙයියනේ කියල. අපේ අනික් එවුං අපි එනකල් පාරෙ එතකල්....හෙහ්, හෙහ්
" අම්මප මුං වාගෙ ජාතියක්…... ජීවිතේට අරක්කු ටිකක් බීල නැතුව වාගෙනෙ මෙවුං මේ මඟ බලාන ඉන්නෙ.." උංට පස් පඩංගුවෙ බැණ බැණ අපි ජීප් එකෙං බහිනව....
ඉතිං ඔහොම මහ රෑ අර අලි එහෙ මෙහෙ හක්කලං කොරන අස්සෙ අරක්කු ගේන්ට යන වෙලාවෙ කලිම්ම බෝතල් හතර පහක් ගෙනැත් තියාගත්තනං ඉවරයිනෙ කියල ඔහෙලට අහන්ට හිතෙන්නෙ නැද්ද? එහෙම හිතෙනව කාට උනත්. අපිටත් එහෙම හිතුන මුලින්ම. ඒ කරල වැඩේ ක්‍රියාත්මකත් කලා. ඔය වැඩිය ගමේ එහෙම යන්නෙ නැති දෙතුන් දෙනෙක් ගෙන් මාසෙ අන්තිමට සල්ලි දෙන්නම්ය කියල පොරොන්දු වෙල එක පාර බෝතල් දහයක් දොලහක් වගෙ අරං ආව..මොන?...ඒ ගෙනාපු ටික දවසිං දෙකෙං ඉවරයි...බෝතල් තියනවයි කියල දන්න හින්දද කොහෙද වෙනද කාලක් ගහන එකා එදා ගහනව කෙලිම්ම තුං කාලක්...
මගෙ ඇඳ අස්සෙ තමයි බෝතල් තිබ්බෙ..
" හරි මේ මෙතනම තියන නිසානෙ බඩු එක පාරම ඉවර වෙන්නෙ..මෙහෙම කරමු අපි..අනික් පාර බෝතල් දෙකක් විතරක් තියාගෙන අනික් ටික දෙමු කපිලයට තියාගන්න. "
කපිල කියන්නෙ බොහොම හුරුබුහුටි පොඩි එකෙක්. මේ ඊයෙ පෙරෙයිද අට පාස් කරපු පෙනුමක් තිබ්බෙ. මත් පැන් තියා ඕකා කොකා කෝලා බිව්වෙත් නෑ කවුද ඌට එව්වයෙත් ඇල්කොහොල් තියනවයි කියල කිව්වයි කියල.ඔන්න කපිලයට දුන්න අතිරික්ත බෝතල්..
" මල්ලි…. මේ ටික උඹේ ඇඳ අස්සෙ තියාගනිං කිසි කෙනෙකුට දෙන්ට එහෙම එපා " මම කිව..
" හරි අයියෙ…" කපිලය පොරොන්දු උනා.
එදත් ඔන්න බොන්ට පටන් ගද්දි හැමෝම කතා උනා
" හරි අද නං බෝතල් දෙක තමයි..ඒ දෙක ගැහැව්ව, වෙරි උනා නොවුනා කෑව බුදිය ගත්ත.."
හෙහ්, හෙහ්, මත්පැන් පාවිච්චි කරන / කලිං පාවිච්චි කරපු එවුං දන්නව ඇති ඔය කතා ඉතිං වලංගු වෙන්නෙ ෂොට් එකක් දෙකක් බඩට වැටිල කං පෙති එහෙම යාන්තමට රතු වීගෙන එනකල් විතරයි කියල. ඔන්න අපෙ තවත් එකෙක්ගෙ අයිය ඒ දවස්වල ඩුබායි ද ඕමාන් ද කොහෙද රස්සාවකට ගියා. ඉස් ඉස්සෙල්ලම නිවාඩුවට එනකොට අයිය අරං ආව කැමරාවක්. ඔලිම්පස් ද කොහෙද මට මතක විදිහට. ඩිජිටල් එව්ව නෑනෙ ඒ කාලෙ.මේක ඇවිල්ල ෆිල්ම් රෝලක් දාන එකක්. කොඩැක් එක්ට්‍රා 100, 200, 400 කිය කිය තිබ්බ රීල්ස් වර්ග මහ ගොඩක්.ඉතිං ඔන්න මූ එනකොට කදුරුවෙලිං ෂොට්ස් 36 ක රීල් එකක් අරගෙනමයි ආවෙ.
හප්පා, බලන්ට එපාය මූ ඔය කැමරාව ආරස්සා කරන්නෙ මැණිකක් රකිනා නා රජිඳෙකුසේ තමයි.
" ඒයි අඩේ දීපංකො උඹේ කැමරාව ටිකකට?..." ඔන්න එකෙක් දුවගෙන එනව මිදුලෙ ඉඳල.
" අර මොකටද මේ තකහනියක්? " කැමරා ඕනර් අහනව.
" මචං අතන ගේට්ටු කණුව උඩ ලස්සන බෝදිලිමෙක් ඉන්නව.... උගෙ ෆොටෝ එකක් ගන්ට. "
" පලයන් බං මගෙන් කුණු හබ්බ අහගන්නෙ නැතුව.... මේකෙ තව ෂොට්ස් විස්සක් විතරමයි තියෙන්නෙ. හෙට අපි යන්ට හිතාගෙන ඉන්නෙ දිඹුලාගල. එහෙදි ලස්සන ෆොටෝස් ටිකක් ගන්ට ඕන. "
ඔය යස්සය ඊට සති දෙකකට විතර කලිං අපෙ ඔෆිස් එකේම ක්ලාර්ක් ගැටිස්සියක් එක්කල පයිරු පාසානමක් පටං ගත්ත. මේ ඉස් ඉස්සෙලාම දිඹුලාගල ගිහිල්ල පෝටොස් එහෙම අල්ලන්ටයි ලෑස්තිය දෙන්නත් එක්කල.
එදා හවසත් අපි පොඩි ආතල් එකක් ගත්ත. අර කැමරා හිමි මගෙ යාලුව..දැන්නම් මිනිහට නමක් දෙන්නම වෙනව..හරි සරත්ය කියමු....සරතා ඒ හැටි බොන එකෙක්නම් නෙවෙයි. ඒත් ඔන්න එදා මිනිහත් ආව වැඩේට. මොනවද ෂොට් එකයි දෙකයි බඩට ගියෙ...මූට අන්දොස් උනා.
" මචාං උඹල හොඳ එවුං බං..ඔක්කොම මගෙ බුදු පිටාල, මගෙ බොක්කවල්...ඉඳපල්ල බොලා මතක් වෙන්ටත් එක්කල අපි අල්ලමු පොටෝ…"
" ඒයි උඹ හෙට දිඹුලාගලද කොහෙද යනවය, එහෙදි ගහන්න ෂොට්ස් ඉතුරුකරගන්න ඕනය අනම්මනං දවල් දුන්න නේද හෙණ ටෝකක් " මම ඌට මතක් කලා.
" අන්න මචං වීරේ.... උඹ එහෙම කතා කරන එක වැරදියි මචං.... කෙල්ලො කියන එවුං අද අපි එක්ක පණ වගෙ හිටිය, හෙට නෑ..යාළුවො එහෙම නෙවෙයි..මචං අර මොකක්ද කතාවකුත් තියෙන්නෙමිතුරු තුමෝ දුක සැප දෙකෙහිම..කවුද ඕක කිව්වෙ? මට මේ වෙලාවෙ මීටර් වෙන්නෙ නෑ..." මොන මීටර් විල්ලක්ද? ඒකා කෙලිං ඉන්නෙත් බොහොම අමාරුවෙං...
" ඕක කිව්වෙ දොන් ජෙරොනිමෝ ද අසවේදුනෙ…" මම කිව්වා.
" ඈ????? උඹට ෂුවර්ද?...." සරතා ඇහුව මගෙ අතකුත් අල්ලගෙන.
" ෂුවර්ද කියන්නෙ?...බුදු ෂුවර් මචං.... බුදුම ෂුවර්.." මම දිවුරුවා.
" හරි උඹ කියනවනං හරි..මොකක්ද ඒ කතාව?...මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී, බිතු සිතුවම් මොකක්ද එකක් නේද ඊළඟට? ...." .
" ඔව් බං බිතුසිතුවම් මැකී නොයනු ඇත මා ආ මේ දිගු ගමනේ…"
ආය මොනවද? අපි ඔක්කොම එකතු වෙලා ඒ සිංදුව කියන්ට ගත්ත.සරතත් ටිකක් වෙලා ඇහිපිල්ලං ගගහ බලා ඉඳල නැඟිටල නටන්ට ගත්ත..
සිංදු ගැන කියද්දි තව සෝක් කතාවක් මතක් උනා..ඉන්ටකො එහෙනං ඒකත් කියලම ඉන්නං..නැත්තං ඔව්ව අමතක වෙනව. දැනටත් තියනව මම පස්සෙ කියනවයි කියල පොරොන්දු වෙච්චි කතා හතලිස් තුනහමාරක්...මොකක්ද ඒ හමාර කියල ඇහුවා?...හමාර ඇවිල්ල එක කතාවක් බාගෙට කියල නැවැත්තුවනෙ..ආන්න ඒකයි....
මේක මේ පිස්සං කොටුවෙ වෙච්චි කතාවක්...
පිස්සං කොටුවෙ වෙසක් පෝයට හැම අවුරුද්දෙම හාමුදුරු නමක් වඩම්මල බණක් කියන සිරිතක් තිබ්බලු ඔන්න හරිද?...එක පාරක් ආපු හාමුදුරුවො අර ඉන්නෙ ගාතා එහෙම ඇදල පැදල කියන හාමුදුරුවරු කස්ටියක්..නිකං හරියට සිංදුවක් කියන්නා වගෙ...අන්න ඒ මොඩල් එකේ හාමුදුරු නමක්. ඔන්න හාමුදුරුවොත් වැඩිය කියමුකො බණට. හෝල් එකේ ඉන්නව කට කපල සුදු ඇඳගෙන පිස්සු කස්ටිය. දැං මේ කාලෙ පිස්සු කියල කියන්නෙ නෑ. පොලිටිකලි කරෙක්ට් වචනෙ ඇවිල්ල මෙන්ටලි චැලේන්ජ්ඩ්. හැම එකටම තියනව ඒ වගෙ හදාගත්තු වචන. පොලිටිකලි කරෙක්ට් වචන. ආබාධිත එහෙමත් නැත්තං ෆිසිකලි ඩිසේබල්ඩ් කියල කියන්නෙ නෑ දැං. ෆිසිකලි චැලේන්ජ්ඩ් නැත්තං ඩිෆරන්ට්ලි ඒබල්ඩ් තමයි නියමිත වචනෙ. ආය වෙන කෙහෙල්මලක් ඕන නෑ. මම වගෙ තට්ටයින්ට කියන්නෙ මොකක්ද දන්නවය? බෝල්ඩ් කිව්වෙ ඒ කෝපි කාලෙ. දැං කියන්නෙ ෆොලිකලි චැලෙන්ජ්ඩ් කියලයි..... හෙහ්, හෙහ්,
රයිට්..හාමුදුරුවො ඔන්න පටං ගත්ත බණ....
" පින්වත්නී..ධර්ම දේශනයට සවන් දීමට ප්‍රථම පන්සිල් සමාදන්වෙමු.......''
ඉස්සරහම හිටිය වැඩිහිටි මෙන්ටලි චැලේන්ජ්ඩ් පොරක්..මිනිහ පිළිවදන් දුන්න " එහෙමයි හාමුදුරුවනේ " කියල. ඒ කරල අත්දෙක නළලෙ තියාගෙන වැඳ ගත්ත. අනික් අයත් ඔන්න එහෙම කලා. වැඳ ගත්ත.හාමුදුරුවො පටන් ගත්ත පන්සිල්....
" බු..ද්...ධං.........ස...ර..ණං..ග..ච්...ඡා..මී.... "
ඇ..ද...ල......පැ..ද...ල...කියල ටික වෙලාවක් බලා හිටිය කට්ටියත් එහෙම කියනකල්...ම්හු...නෑ...සද්දයක්..වටාපොත එහෙම ටිකක් මෑත් කරල බැලුව පොඩ්ඩක් මොකද මේ කේස් එක කියල...කට්ටිය ඉන්නව කිසි අවුලක් නෑ..දොහොත් මුදුනේ තියාගෙන වැඳගෙන..ඒත් මීයට පිම්බා හා සමානයි.අර කියන්නෙ අල්පෙනෙත්තක් බිම වැටුනත් ඇහෙන සයිස්ය කියාල. අන්න එහෙම සයිස් ඔන්න කොටිම්ම.
ටිකක් වෙලා ඉඳල බැරිම තැන හාමුදුරුවො කතා කලා අර ඉස්සරහම හිටිය වැඩිහිටි M.C. පුද්ගලයට.
" පි..න්..ව...ත....මා..කියනා..පාඨය..ඒ සමඟම...පව..සන්..න…"
" හරි, හරි... සාදු දිගටම කියාගෙන යන්නකෝ..අපි වෙලාවට දෙන්නම් වැඩේ..බයවෙන්ට එපා..එළකිරි වගේ තමයි…" M.C. කිව්වා දොහොත් නලලේ තියාගෙන වැඳගත්තු ගමම්ම.
අනේ ඉතිං පිංවතුනි...මේ හාමුදුරුවොත් මෙන්න මෙහෙම හිතනවා..මෙතන මේ රැස්වෙලා ඉන්නෙ ඉන්නෙ මානසික ආබාධිතයින් පිරිසක්...මොවුන් කෝපාවිෂ්ඨ වුවහොත් කුමක් කරාවිදැයි කිවහැක්කේ දෙවියන්හට පමණි. එබැවින් ඔවුන් කියන ආකාරයට කටයුතු කිරීම ශරීර සෞඛ්‍යයට ගුණ දායකය.
මෙහෙම හිතල පිංවත්නි හාමුදුරුවො දිගටම පන්සිල් දීගෙන යනවා. අපේ M.C. උදවිය දොහොත් මුදුනේ තබාගෙන වැඳගෙන සිටිනවා එකද වචනයක් හෝ නොදොඩා.
" ධ..ම්..මං ..ස..ර...ණං....ග..ච්...ඡා..මී "
" සං....ඝං ..ස..ර...ණං....ග..ච්...ඡා..මී "
ඔන්න පිංවත්නි...මේ වෙලාවෙ අර M.C. ලීඩර් නැඟිටල ආපහු හැරිල දකුණු කණට දකුණතේ දකුණු දබරැඟිල්ල ගහගන්නව. ඒ කරල ඇස් දෙකත් පියාගෙන මුළු ශාලාවම දෙදරල යන්ට මෙහෙම කියනවා...පින්වත්නී...කොහොමද?
ඔන්න එතකොටම අර දොහොත් මුදුන් දීගෙන හිටපු අනෙකුත් M.C. උදවිය ඔක්කොම එක හඬින් මෙහෙම කියනව…
" පිවිතුරු..හද…..වත ..පෑ…….රේදෝ...."
ඔන්න කට්ටියම නැඟිටල එක සීරුවට මෙහෙම කියනව.
" ඔබෙ..රාආආආආආගී ඊඊඊඊ..මන...කැළඹේදෝ…."
" පිවිතුරු..හදවත ..පෑරේදෝ...."
" එම විට පවසනු මුවින් ඔබේ……."
" බුද්ධං සරණං ගච්ඡාමී...."
" බුද්ධං සරණං ගච්ඡාමී...."
" ධම්මං සරණං ගච්ඡාමී…"
" සංඝං සරණං ගච්ඡාමී…"
ශාලාව ගිගුම් දෙනව පිංවතුනි....එකනින්නාද වෙනව...ධර්ම සංවේගය කරණ කොටගෙන හදවත රෝමෝද්ගමනය වෙනව. ගලනාලය සලිත වෙනව. ක්ෂුද්‍ර අතුණුබහන් දඟර වැටෙනව පින්වත්නී...ඔව්...දඟර වැටෙනව…
අනේ පිංවතුනි අපේ හාමුදුරුවො...අනේ එතුමා වටාපොතත් අයිං කරල කටත් ඇරගෙන බලා ඉන්නව මේක දිහා උතුර දකුණ මාරු වෙලා වගේ...
අප්පච්චියේ…. සරතා කැමරාව ගෙනල්ල පොටෝස් අල්ලන්ට ලෑස්ති වෙච්චි එක කියන්ට ඇවිල්ල ඔන්න නැවතිච්ච තැන අන්තිමට...හෙහ්, හෙහ්, පිස්සං කොටුවෙං..නරකම නෑ නෙවද වැඩේ?
ඉතිං සරතා ගේනව කැමරාව..අප්පටසිරි දිගට හරහට ගන්නව පෝටොස්...කොල්ලො ආය නෑ වීදුරු උස්සල චියර්ස් කියනව ගන්නව ..බයිට් කෑල්ලක් කන්ට වගෙ කටට ලංකරගෙන ඉන්නව ගන්නව...එකා එකා බදාගෙන බෝල් රූම් නටනව ගන්නව. සරමෙං බෝට්ටු ඩාන්ස් දානව ගන්නව..එක වැඩයි එතන.
ඔන්න කොහොමිං කොහොමිං හරි ගෙනාපු බෝතල් දෙක හරි තුන හරි ඉවර උනාය කියමුකො.කට්ටියට හොඳ ගනං....සැමී තමයි අපෙ ගෝලය...මම අර කලින් කිව්වෙ..මිනිහ පුහුල්වැල්ලෙ මේ මාතර පැත්තෙ..
" සැමී කෑම බෙදමු නේද කොල්ලො? ...." මම සැමීට කෑම මේසෙට බෙදන්ට උදව් වෙනව..ඔන්න ඒකත් හරි..
" කෝ බං මේ මහත්තුරු ටික?....කොහාට ගියාද හැබෑට?.." කෑම බෙදල බලනකොට අනික් එවුං එකෙක් වත් නෑ පේන්ට.
" බලාපං බං මෙවුං මොන දේවාලෙක ගියාද කියල…" ඔන්න අපි දෙන්න ටෝච් එකත් අරගෙන මිදුළට බැහැල හතර අතට එළිය ගහල බලනව...
" අන්න මහත්තෙය..අර එනව පේන්නෙ අපේ මහත්තුරු කට්ටිය නේද?..." සැමී කළුවරේම කෑම්ප් එක මැද්දෑවෙ තිබ්බ පිට්ටනිය මැදිං මේ පැත්තට එන කට්ටියක් පෙන්නුව. ඔව් අපෙ කට්ටිය තමයි.
" දෙයියෝ සාක්කි, ටෝච් එකක් තියා ඉටි පන්දමක්වත් නැතුව මේ යක්කු ඇටපල් කළුවරේ කොහෙ ගියාද මංද...පොළඟෙක් වත් කාපි නං මොන දෙයියංට කියන්ටද? " මම කිව්ව.
" කොහෙද බං ගියේ? අරෙහෙ කෑමත් බෙදල...නිකං හීතල වෙල යනව.." මම කෑගැහුව.
" අපි ගියා බං පොඩි බඩුවක් හොයං එන්ට..මේ..." වළාපොට ගහගෙන හිටපු සරම අස්සෙං එලියට අරගෙන සරතය මට බෝතලයක් පෙන්නුව..
" යකෝ කොහෙන්ද ඕක ගෙනාවෙ?...කපිලය ගාව මම තිබ්බ එකක් නේද? ඇයි බොලව් වැඩේ පටං ගද්දි නමෝ විත්තියෙං කතා උනා මතක නැද්ද මේ බෝතල් තුන විතරයි ගහන්නෙ, කපිලය ගාව තිබ්බ එව්ව හෙට අනිද්ද දිහාට ගහමුය කියල. "
" හරි, හරි බං එහෙම කිව්ව නං තමයි...ඒත් ඒ අමුවෙං ඉන්න වෙලාවෙනෙ. එව්ව කවුද සිරා ගන්නෙ?..අනික හෙට බොන්නෙ අද බීලනෙ..වරෙං වරෙං මේක ගහල දාමු ඩබල් එකේ…"
" මට නං බෑ..තකහනියක් ගිහිල්ල ගෙනාව නං බොලාම ගහපල්ල…" මට තද වෙල හිටියෙ නැට්ටටම.
" කපිලෙය මොකද කිව්වෙ?..." ටිකකිං කූල් ඩවුන් උනාම එකක් දාගන්න ගමං මම ඇහුව.
" සැමී ඔන්න ඔය මේසෙට තිබ්බ ඒවයිං මස් කෑලි දෙක තුනකුත් අරං වරෙං බාං..අර කිව්වත් වගෙ හෙට ගහන්නෙ අද ගහල ඉවර වෙලානෙ…"
" කපිලෙය දොර ඇරියෙම නෑ..වීරෙ අයිය දෙන්ට එපා කිව්ව කාටවත් කියල නාහෙං ඇඬුව ...දොර කඩල තෝ පට්ට ගහනව කිව්වහම තමයි බය වෙලා ජනේලෙං බඩු දුන්නෙ….''
" අම්මප උඹලත් කොරන වැඩ..හෙට මට කණක් ඇහිල ඉන්ට වෙන්නෙ නෑ..ඕකගෙ චුරුචුරුව…" මම හිනාවෙවී කිව්ව.
කිව්ව වගේම පහුවදා මම අපෙ ටැංකිය ගාව ( අපෙ ක්වාටර්ස් පිටිපස්සෙ හදල තිබ්බ පොඩි වැව් වාගෙ දාර ටැංකි...ගඩොලෙං බැඳල..ඔව්වට බව්සර් වලිං හැමදාම උදේ ගහනව වතුර කට කපල එකක්. ඕක වටේ තිබ්බ පිලක්. අපි රෙදි හෝදන්නෙ, නාන්නෙ ඔක්කොම ජලාශ්‍රිත කටයුතු කරන්නෙ ඕන්න ඔය පිලේ තමයි ටැංකිය වටේට ඉඳගෙන ) දත් කුස්ටම මදිනව වැඩට යන්ට ඉස්සර. මේං කපිලය ආපි අඬාගෙන.
" අනේ අයියෙ ආයෙ එහෙම බෑ ඔන්න මට බෝතල් කාමරේ තියාගන්ට. ඊයෙ රෑ සරත් අයිය එහෙම ඇවිල්ල මාව මරන්ට හැදුව…."
" හරි, හරි බං අඬන්නෙ නැතුව ඉඳපං…. ආය මම උඹට බෝතල් තියාගන්ටෙයි කියල කියන්නෙ නෑ." මම ඌව සැනසුවා.
ඒකනං එහෙම ෂේප් උනා කියමුකො. එදා හවසනෙ කෙළිය..ඔන්න දිඹුලාගල යන්ට ලෑස්ති වෙලා සරතා ගත්ත කැමරාව.
" අඩෝව්...කවුද ඩෝ මගෙ කැමරාවෙං පොටෝ ගත්තෙ?....මේකෙ ඊයෙ ෂොට්ස් විස්සකට වැඩිය තිබුණ.දං එකක්වත් නෑ...බලාපල්ල උඹල කරන කැත වැඩ....''
" ආ..හැබෑටම?....කැත වැඩ නේද? මම කිසිම දෙයක් කියන්නෙ නෑ..ඔන්න ඔය සැමීගෙං අහපං ඊයෙ රෑවෙච්ච දේ...කැ...ත...වැ...ඩ මම උඹට කිව්වයි කියල හිතාගං "
කොහොම හරි උගෙ දළු දාගෙන ආපු පෙරේමය ඔය කැමරා කේස් එක නිසා උපංගෙයිම මිය ඇදෙන්ට ගිහිල්ල බොහොම අමාරුවෙං තමයි ආයෙම පුබුදුවල ගත්තෙ
ඊට සුමාන දෙහෙකට විතර පස් සෙ අපේ විමලය මොකක් හරි උවමනාවකට කදුරුවෙල යනවයි කිව්වම සරතා දුන්න අර එදා ගත්තු පෝටොස් සුද්ද කරන්ට ස්ටුඩියෝ එකට බාර දුන්නු බිල. අනේ බං ෆොටෝස් ටික සුද්ද කරල නං අරං වරෙං කියල.
එදා හවස විමලෙය ආවෙ කෑම්ප් එක දෙකක් වෙන්ට කෑ ගහගෙන..
" ඒයි කොල්ලනේ..වරෙල්ලා... සරතගෙ පෝටොස් බලන්ට. හැමදාම නෑ හැමතැනම නෑ….හැමදාම නෑ හැමතැනම නෑ…."
වෙලාවට සරතය හිටියෙ නෑ...ඌ කෙලි පොඩ්ඩිත් එක්ක වෝල්ක් එකක් ගිහිල්ල...අපි ඔක්කොම විමලය වටේ රැස් උනා.
" පපර පපර පෑං...මෙන්න සරතාභිධාන මහා ඡායාරූප ශිල්පීයානන්ගේ පළමු ඡායාරූපය.මේ ඇහැ කාගෙද කියල හරියටම කියන කෙනෙකුට ඉතා වටිනා ත්‍යාගයක් පිරිනමනු ලැබේ...''
යකෝ ඇත්ත නේන්නං....ඒ පලවෙනි ෆොටෝ එකේ තිබ්බෙ කාගෙද ඇහැක් විතරයි.හොයන්ඩම බෑ කාගෙද ඇහැ කියල..බාගෙට පියවෙලයි තිබ්බෙ ඇහැ.අනික් පොටෝසුත් ඊට දෙවෙනි නෑ. එක්කො කාගෙ හරි අතක්...නැත්තං දණිස්සෙං පල්ලෙහ කකුලක කෑල්ලක්..ඊට අමතරව තිබ්බ අපි බීපු බෝතල්වල නම් සම්පූර්ණ පොටෝස් හතර පහක්ම. මේ මනුස්සය මේ බෝතල් පොටෝ ගහල තියෙන්නෙ මොන මඟුලකටද මන්ද?.... පොටෝ බලන ගමන් එකෙක් කිව්ව.
" එව්ව මචං මේ උඹලට අපිට තේරෙන්නෙ නෑ..හරිද? ඕකට කියන්නෙ ඇබ්ස්ට්‍රෑක්ට් ආට් කියල සිංහලෙං කිව්වොත් භාවාත්මක කලාව. ඒකෙදි ඔහොම තමයි. කෙලිම්ම පොටෝ ගන්නෙ නෑ. එක්කො ඇහැක්. එක්කො කණක්...එක්කො මහපටඟිල්ල..ආන්න ඒ වගෙ ඒ පුද්ගලයගෙ භාවය සහ ආත්මීය සංඝටනය සාක්ෂාත් වෙන විදිහට සංකේතීය විසංවාදය උද්දීපනය වෙන විදිහටයි කලාව ප්‍රකාශන මාධ්‍යයක් විදිහට යොදා ගන්නෙ. "
සරතයව සවුත්තු වෙන්න දෙන්නත් බෑනෙ. මගෙ අතීසාර මිත්තරය වෙච්චි.…
" භාවය උද්දීපනය වෙන එකක් නම් මන්ද..මම නම් අහල තියෙන්නෙ බාවය කියන්නෙ නැට්ටට කියලයි. " විමලෙය හෙමිහිට තොල් මැතුරුව.
" බාවය උද්දීපනය වෙනව කියන්නෙ එහෙනං නැට්ට කෙලිං වෙනවට වෙන්ට ඇති…" මට ඉබේම කියවුනා.
කියවන්නන්ගේ බාව පුල් උද්දීපනය වෙන විදිහටම ලියලා තියනවා අයියේ... මේ සීරීස් එක දිගටම ඇදගෙන ගියොත් අයියා ගොඩ... සුවර්ණවාහිනියේ මෙගා ටැලිඩ්‍රාමා ස්ලොට් එක අවුරුදු දහයකට පහලොහකට බද්දට අරං, මෙගා ටෙලිනාට්‍ය පනහක් හැටක් ගැහුවැහැකි. නළු නිලියොත් මෙතනිංම හොයාගන්ට පුළුවන්... මාත් ඒ දවස් වල පොඩ්ඩක් රඟපාලා කාරිය තියනවා.
ReplyDeleteතිසර,
Deleteස්තූතියි මල්ලි...හෙහ්, හෙහ්, බොලාගෙ බාව උද්දීපනේ උනානං ආය වෙන මොකවත් ඕන නෑ, ඒ පිනම ඇති දෙව් මිනිස් සැප කෙළවර ( සාදු! සාදු!! සාදු!!! ) අමාමහ නිවන් සම්පත්තිය සාක්සාත් කොරගන්ට
ඒ.නෙ - ඔය වාක්කිය කියනකොට හාමුදුරුවො දෙව්මිනිස් සැප කෙළවර කියල අනිවාර්යයෙං කියනව කියල නෝට් කරල නැද්ද?...ඒ කියන්නෙ මෙහෙම වෙන්ට ඇති...හෙට නිවං යන්ට උනොත් අපේ උපාසක උපාසිකාවො වැඩි මනාපයක් දක්වන එකක් නැතිවේවිය කියල හාමුදුරුවො හිතනව ඇති. ඒකයි දෙව් මිනිස් සැප කෙලවර කියල පොඩි කොලිෆිකේශන් එකක් දාන්නෙ..එතකොට අවුලක් නෑනෙ..නිවං ගියත් යන්නෙ දෙව් මිනිස් සැප කෙලවරනෙ..කරන්ට ඕන කෙලි ඔක්කොම කරල..ඉතිං කිසිම අවුලක් නෑ...අනික තව එකක්. ඔය උපාසකම්මල සාදුකාර දෙන්නෙ හරියටම දෙව් මිනිස් සැප කෙලවර කෑල්ල කියන කොට. ඔන්නම් මම කියන හින්ද ඊලඟ පාර ඇලට් එකේ ඉඳල බලහං බොරුද කියල...හෙහ්,හෙහ්...
ටෙලිඩ්‍රාමා කේස් එකත් නරක නෑ බොල...දැං යන නාට්ටිය බැලුවම ඊට දහස් වාරයක් හොඳ කතාවක් ලිව්වැකි ඇහැපියාගෙන..ඒයි උඹ රඟපාලත් තියනවය?...හෙහ්, දාපං පහක්..අන්න කොල්ලො....හරි උඹට දෙන්නං මගෙ ඊළඟ කතාවෙ ප්‍රදාන චරිතෙ.." කුමරියකට පෙං කොලෙමි " හැබැයි බාං බොන්ට වෙනව නකතං වෙන්ට හොඳද?...දන්නවනෙ කුමරියංට පෙං කලාම අන්තිමට බීලම නහින්ට තමයි වෙන්නෙ...ඒ චරිතෙ දෙන්ට ඉස්සර මල්ලි උඹේ මත්පැන් පානයේ හැකියාව ගැන මට පරීක්සනයක් කරන්ට ඕන.මොකද මේක ඇවිල්ල පුල් තාත්වික නාට්ටියක්. බොරුවට තේ කහට වීදුරුවකට දාල බීල වෙරි උනාය කියල රඟ පාල හරියන්නෙ නෑ. එව්ව බෑ මා එක්ක....හරි?... මට දිනයක් කියල එවාපං එහෙනං පරීක්සනේට....
/*දැනටත් තියනව මම පස්සෙ කියනවයි කියල පොරොන්දු වෙච්චි කතා හතලිස් තුනහමාරක්...මොකක්ද ඒ හමාර කියල ඇහුවා?...හමාර ඇවිල්ල එක කතාවක් බාගෙට කියල නැවැත්තුවනෙ..ආන්න ඒකයි....*/
ReplyDeleteඑක කතාවක්??? එක??? ෂුවර්ද අයියේ එකම එක කතාවයි බාගෙට කියලා නැවැත්තුවෙ කියලා? මගෙ ගණං බැලිල්ලේ හැටියට හරි ගාන එකේ එව්වා බර ගාණක් වෙන්ඩෝනෙ! :P
ඕකනෙ කියන්නෙ බොලාට ගනං බෑ කියලා... ඇයි බොලා දන්නෙ නැද්ද කතා 'බාග දෙකක්' එකතුවුනාම 'එක කතාවක්' හැදෙනවා කියලා.. ඔහොම ඔහොම එකතු කොරන් ගිහිල්ලා අන්තිමට ඉතුරුවෙච්චි බාගයක් තමා අර 'හමාර' කියලා තියෙන්නෙ.. :P
Deleteමේ කියන්න තියන කතා සෙට් එකත් එක්ක බැලුවාම මට පේන්නෙ මගෙ දූ ලොකු වෙලා බ්ලොග් කියොන කාලෙක වගෙ විමලෙගෙ කතාව කියය්.. :P
Deleteසිත්තමී,
Deleteහරි, හරි බං ඉතිං ඕකට ඔහෑටි ඇඟට ගොඩ වෙන්ට ඕනය?...බාගෙට කියල නවත්තපු කතා ටික මොනවයි කියල මතක් කරාපංකො කියල ඉවරයක් කරල දාන්ට...හෙහ්, හෙහ්,
බූරා,
Deleteඒකනෙ බාං..ශිත්තමීෂ්ට බාග දෙකක් එකතු කලාම එකක් වෙනව වගෙ සරල ගනං බෑ...හෙහ්,. හෙහ්, එයැයි දන්නෙ අපබ්බ්‍රංස මොලේ අර්සස් හැදෙන ඔල්මොරොන්දං ගනං....
තොප්පි කාරයො ඔන්න ඉන්නව අට දෙනෙක් එක පෙලට. එක එකා මාරුවෙං මාරුවට ඉන්නෙ අට දිසාවට හැරිල. ඒ කිව්වෙ උපාලි ඊලඟ නැවෙං ගිහිං දම්මි නිදිද බලා වරෙං....මතකයිනෙ ඒක නේද?.. ඒ ඉන්න ගමං එකෙක් ඇර එකෙක් තමංගෙ කකුල් දෙක අස්සෙං නැවිල පිටිපස්ස බලාගෙන ඉන්නෙ. ඔය අට දෙනාගෙම ඔලු වල තොප්පි තියනව. ( හරි හරි කකුල් දෙක අස්සෙං පිටිපස්ස බලාගෙන ඉන්න එවුං අතිං තොප්පිය අල්ලගෙන තමයි ඉන්නෙ...නැත්තං තොප්පිය වැටෙනවනෙ..ඕක කියන්ටත් දෙයක්ද? ) තොප්පි වල පාට දෙකයි කලු හෝ සුදු..කලු තොප්පි හතරයි සුදු තොප්පි හතරයි ඔක්කොම. හරි මෙන්න ප්‍රශ්නෙ..අන්තිමය දාගෙන ඉන්නෙ කළු තොප්පියක්ද? සුදු තොප්පියක්ද?
ආන්න..අපේ සිත්තමිය දන්නෙ ඔය වගෙ ගැටලු තමයි...හෙහ්, හෙහ්
මෙකුවි,
Deleteවසර 2033
" දුවේ....අනේ මෙහෙට වරෙංකො ඩිංගකට…"
" ඇයි අපෙ අම්මා?.....අම්ම පෙති ඔක්කොම බිව්වද? "
" ඔව්..ඔව්..එව්ව ඔක්කොම බිව්ව..අනේ බාං මයෙ මේ කොන්දෙ අමාරුව නිසා නැඟිට ගන්ට විදිහක් නෑ..අනේ හොඳ එකී වගෙ බලාපංකො අර පෝරිසාදය අදවත් අර කෙහෙල්මල් වාං පතුල් කතාව දාලද කියල? "
අනේ මන්ද අම්මටත් ඔය වාං පතුල් කතාවම තමයි කොච්චරවත්..හා..හා..ඉන්ට බලන්ට...නිදහස් සිතුවිලි නේද?....ම්ම්ම්ම්ම්..නෑ අම්මෙ තාම....අද දාල තියෙන්නෙ වාං පතුල් සීරීස් එකේ 1356 වෙනි කොටස. ඒත් තාම වාං පතුල් කතාව ගැන නම් මොකවත් නෑ.අම්ම දන්නවද මේ වාං පතුල් කතාව ගැන මේ පාර ගිනස් පොතෙත් තිබ්බයි කියල. " Worlds longest written story series about a specific topic without actually writing about that topic.."
අනේ අම්මප අය්යගෙ පෝස්ට් වගේම තමා කමෙන්ට්සුත් :D අපරාදෙ අප්ප ඔය හැකියාව බ්ලොගයකට විතරක් සීමා කරන්නෙ..අර පත්තර වල තියෙන්නෙ අරයගෙ මෙයාගෙ කොලම, තීරුව වගෙ ඒවා..අය්යත් පටන් ගත්තනම් හරි එහෙම එකක් ලියන්න..
Deleteඅම්මප මේක කියවගෙන යනකොට බාව විතරක් නෙමෙයි වෙන වෙන ඒවත් උද්දීපනය වෙනව.
ReplyDeleteඉතිං අන්තිමේ අර ඇබ්ස්ට්‍රෑක් ෆොටෝවල කෑලි ටික එකතුකරල එක ෆොටෝ එකක්වත් හදාගගන්න පුලුවං උනාද?
Praසන්ன,
Delete/ අම්මප මේක කියවගෙන යනකොට බාව විතරක් නෙමෙයි වෙන වෙන ඒවත් උද්දීපනය වෙනව. /
මේ..මේ...නමෝ විත්තියෙම්ම එකක් කියල ඉන්ටද?.....බොලාගෙ ඔය උද්දීපනය වෙන අරව මෙව්ව මයෙ කරපිටිං අරින්ට ලෑස්ති වෙන්ට එපා හොඳද?...අන්තිමට ඒකෙ සියලු මහ දෝසෙත් එයි මේ අහිංසක මගෙ කරපිට
/ ඉතිං අන්තිමේ අර ඇබ්ස්ට්‍රෑක් ෆොටෝවල කෑලි ටික එකතුකරල එක ෆොටෝ එකක්වත් හදාගගන්න පුලුවං උනාද? /
ඒක හරි ගියෙ නෑ බං.....දන්නවද මකරයි කියන සතා හැදිල තියෙන්නෙ කොහොමද කියල.කිඹුල් ඔලුව, රාජාලි පියාපත්, මෝරගෙ කොරපොතු, කබරයගෙ වලිගෙ..ඔන්න ඔහොම කියලයි මට මතක. අපිත් අර පෝටොස් කෑලි එකතු කරල එකක් හැදුව නං ආං එහෙම සතෙක් නිර්මාණය වෙයි. ඒ නිස ඒ වැඩේ අතෑරල දැම්ම ..:) :)
අානන්දනීයයී පින්වත අානන්දනීයයී...... :D
ReplyDeleteඅර ගුණතිලකයා කොරාපුදේ මම කලින්ම කිව්නා වගේ මතකයි... හද්දා කැලේ ගාවදි ගොමු තැලුවා බොහොම මදි...
සෙන්නා,
Delete/ ආනන්දනීයයි පින්වත ආනන්දනීයයි...... :D /
" ආනන්දය..ස** ලබං… "
" එහෙමයි ස්වාමීනී ඒදං සොඤ්ඤං.."
/ අර ගුණතිලකයා කොරාපුදේ මම කලින්ම කිව්නා වගේ මතකයි... /
/ " අන්න බලන්න කීකරු සේවකයො.. එහෙමයි.. බොසා කිව්වද ඌ කළා.. ආයෙ තැන නොතැන වැඩක් නෑ.. " /
හෙහ්, හෙහ්, කිව්ව නේන්නං...කිව්ව නේන්නං...හොර නැතුව උඹත් ඉස් ඉස්සරෝම රස්සාවට යද්දි බොලායෙ අප්පච්චිත් ඔහොම උපදෙස් දීල තියනව...ඒකයි උඹ ඔය විස්තෙරේ කලිම්ම දන්නෙ...හෙහ්, හෙහ්,
හෙහ්, හෙහ්, දුන්නා නේන්නං...දුන්නා නේන්නං... :D
Deleteදැන් මේ "වාං පතුල්" කියන නම දැක්කම,වානක පතුලක් ගැන මවා ගන්නවද, නැත්නම් මුව හම් සපත්තුවක රූපයක් මවා ගනන්වද කියලා මට ඇතිවෙනා චිත්තරූප වික්ෂිප්තයක්..
ReplyDeleteඒකට මොකෑ කොරන්නෙ.. ?
සෙන්නා,
Deleteහෙහ්, මෙහෙම කරොත් මොකද?
මුව හං වාං පතුල් දෙහෙකුත් දාගෙන වානක පතුලෙ කෙලිං කටිං ඉඳගෙන උඹ සරීර කුරුත්තිය කොරන සීන් එකක් හිතේ මවා ගනිං..අන්න වාං පතුල් කියන වචනෙ අර්ත නිරූපන දෙකටම හරි යන්නෙ එතකොට තමයි....
පඳුරු තැලිල්ලෙ තරඟයක්ද හැලපයියා පරාදවෙයිද රවියට..?
ReplyDeleteමගෙ තැලිල්ල මොකක්ද එදිරියො රවියගෙ තැලිල්ලනෙ තැලිල්ල
Deleteඑදිරි,
Deleteආය අහවල් තරඟයක්ද බොලේ?...:)
හැලප,
Deleteබොහොම ස්තූතියි :)
නම නිදහස් සිතුවිලි නිසා නිදහසේ ලියාගෙන යනවද?
ReplyDeleteඑදිරි,
Deleteඑහෙනං..මයෙ ලෑන්ඩ් ලේඩි ..ඒ කිව්වෙ නිදහස් සිතුවිලි එකේ අයිතිකාරි අපේ රන්දිල් නෝන මහත්තය මට කියාල තියෙන්නෙ එහෙම තමයි. නිදහසේ ලියාපං..ඒ වගේම අනික් අයටත් නිදහසේ අදහස් පල කරන්ට ඉඩ දීහං..අන්න ඒ උපදෙස් තමයි මම අකුරටම පිළිපදින්නෙ...හෙහ්, හෙහ්,
මේක කියවගන යද්දි මටත් මතක් වුණේ හැලපෙව තමා..නියමයි සහෝ
ReplyDeleteනලීන්,
Deleteස්තූතියි නලීන්....:)
ඉතිං රවි සරත කෙල්ලත් එක්ක ඇවිදින්න ගිහිල්ල බාවය උද්දීපනය කොරගෙනද ආවෙ.
ReplyDeleteඅනේ අප්පේ..සරතා එහෙම නෑ...ඌ ඇවිල්ල ආද්දියාත්මික පේමවන්තයෙක්..:)
Deletehttp://farmvill2cheat.blogspot.com/
ReplyDeletehttp://fbfunkatha.blogspot.com/
හිතේ තිබුන අස්පට් කේස් කොහෙන් ගියාද නෑ... මරු ඈ... :)
ReplyDeleteඅන්න එච්චරයි සාතන්..ඒ මදැයි හොඳටම..ස්තූතියි :)
Deleteයකෝ මේක කතා සරිත් සාගරේ වගේනේ. එල එල දිගටම ලියමු.
ReplyDeleteඑහෙනං..එහෙනං...නොලිය..නොලිය...ස්තූතියි itnishantha, ..:)
Delete//ඒ පලවෙනි ෆොටෝ එකේ තිබ්බෙ කාගෙද ඇහැක් විතරයි.හොයන්ඩම බෑ කාගෙද ඇහැ කියල..බාගෙට පියවෙලයි තිබ්බෙ ඇහැ.අනික් පොටෝසුත් ඊට දෙවෙනි නෑ. එක්කො කාගෙ හරි අතක්...නැත්තං දණිස්සෙං පල්ලෙහ කකුලක කෑල්ලක්..//
ReplyDeleteමට අපේ අප්පච්චි මතක් උනා. එයා ෆොටෝ ගන්නෙත් මෙන්න මේ විදියට.:D:D
එයා ෆොටෝ ගන්ට හදනකොට කට්ටිය දැන් අහකට දුවනවත් එක්ක.
පොඩ්ඩි,
Deleteඔතන බොහෝවිට වෙන්නෙ මේකයි...දැන් කැමරාවක වීව් ෆයින්ඩර් එකෙන් ෆෝකස් කලාම තමන් ගන්න යන ෂොට් එක විතරක් මතුවෙල පේනවනෙ. එහෙම උනාම ඕනම කෙනෙක්ගෙ හිත ගැස්සෙන එක ඉතිං අහන්නත් දෙයක්ද? අප්පච්චිට තමන්ගෙම දරුව උනත් පොඩි චකිතයක් ඇවිල්ල අත ටිකක් වෙව්ලන එක සාධාරනයි නැද්ද මං අහන්නෙ? ...එහෙම උනාම අනිවාර්යයෙං අතක කෑල්ලක්, නැත්තං මූණෙං බාගයක් තමයි වදින්නෙ පොටෝ එකට...අප්පච්චිට මොකවත් කියන්න එපා අනේ...පව්නෙ...
පොඩි උපදෙසක් දෙන්නද?...අලුත් Nikon D 5200 මොඩල් එකේ තියනව විශේෂයෙන්ම ඔය වගෙ කේස් වලට හදපු ඔප්ෂන් එකක්. ඒකට කියන්නෙ Built-in Anti trepidation image stabilizer option කියලයි. අරං බලන්න එව්වයිං එකක්. බොහෝ විට හරියයි…
රවි අයියා රවි අයියා ගගා මාර බැක් එකක් යන නිසා ගොඩ උනේ.. මහාවංශේ ලිව්වේ උඹලයි කවුරු හරිද..?
ReplyDeleteමාතලන්,
Deleteකොහෙද අප්පච්ච්යේ ඒ බැක් එකක් යන්නෙ?...හෙහ්, හෙහ්...
දෙයියෝ සාක්කි..මහාවංශෙ ලිවෙ මහානාම හාමුදුරුවො නේද?....ඒ පාර මොකක්ද උඹ මේ කියන්ට හදන්නෙ?
නියම කතා ටික.
ReplyDeleteඉස්සර නැගලම ගිය එකක් නේද බෝට්ටු ඩාන්ස් බීල නටද්දී.
ස්තූතියි කෙන්ජි,
Deleteදැං උනත් මම ඔය අපෙ ගෙදර පාටි වලදි " ඔරු නැටුම " දානව ටිකක අත වැඩිය සන්තර්පණය උනහම. ඒත් අපෙ හාමිනේ පොඩි Injunction එකක් දාලයි තියෙන්නෙ මයෙ ඔරු නැටුමට. බැඳල ඉස් ඉස්සෙල්ලම ඔය නැටුම දැම්මට පස් සෙ එයා නියෝගයක් නිකුත් කලා නෙව මෙන්න මෙහෙම…
" මේ.....ඔරු නැටුම බැරිනං නැව් නැටුම හරි කමක් නෑ නටාගත්තට. මම ආය නොකිව්වයි කියන්ට නං එපා යටට සෝට් බෑයක් ඇඳල ඉන්නව ඉස්සරවෙලා..තේරුණාද? Do I make myself clear ? "
Clear as daylight! Well hung, well endowed gentleman who would embarrass a horse, maybe.
DeleteHenry,
DeleteWhaaat??? embarrass? are you nuts or something? those would make a horse real proud!!!
අනර්ඝයි උත්කෘෂ්ටයි ..
ReplyDeleteඊයේ රාත්‍රී 11 හමාරට විතර ආරංචි වුනා ''වාන් පතුල් '' ලියලයි කියල . ඔන්නොහෙ හෙටම කියෝනව කියල නිකා හිටිය .
හික් අපිත් ඔය මල් නෙලනා කාලයේ රිල් කැමරා තමා තිබ්බේ .
බින්දි,
Deleteආන්න ඒක නෙව කියන්නෙ...එතුමා ඇවිල්ල ඥානවන්තය...දසක එකහමාරකට විතර ඉස්සරවෙලා නං පොඩි මෝඩ කමක් කලා තමයි..ඒක ඇරිච්චාවෙකො..නැද්ද...නෙලුං නෝනෙ?.....හෙහ්, හෙහ්,
අපිත් ඔය බෙල්ල නැති ෆෝටෝස් ගත්තම කියන්නේ සිරිසඟබෝ ෂොට් එකක් කියලා.
ReplyDeleteහෙන්රි,
Deleteකුමාරෝදය පොත මතකද? ඒකෙ තිබ්බ සිංහල හෝඩියෙ එක එක අකුරට අදාලව පින්තූරයක් දාල. අයන්නට තිබ්බෙ පොඩි එකෙක්ගෙ බෙල්ලෙන් උඩ රූපයක්, ඌ බෙරිහන් දීල අඬනවා.මම හිතාගෙන හිටියෙ මේකා මේ අඬන්නෙ බෙල්ලෙං පල්ලෙහා නැති නිසාය කියලයි.මම ඉතිං පොත කියවන්නෙ මෙහෙමයි....අකුරයි ඒ එක්කම තියෙන අදාල රූපෙයි කියන්න ඕනනෙ..දැං මයන්නට මලක් තිබ්බ. ඒක කියන්නෙ මයන්න - මල කියල. ඒවගෙ අයන්න මම කියන්නෙ මෙහෙමයි. අයන්න - බෙල්ල නැතුව අඬනවා.