මම ලියල යවපු කතාවට ටැබූ පොඩි සංශෝධන කිහිපයක් එකතු කරලයි බ්ලොග් එකේ පලකලේ. ඒ සමහර සංශෝධනත් එක්ක නැවත සංස්කරණය කල කතාව තමයි මේ…
සිතුවම් මල්ලි..බොහොම ස්තූතියි. සබැඳිය සැපයීම වෙනුවෙන්…
ඒ වගේම ටැබූ..ඔබටත් දහස් වරක් ස්තූතියි. මෙපමණ දුරක් ආපු ගමනෙ මුල් පියවර තියන්ට මට අප්‍රමාණ ධෛර්යයක් උනේ ඇත්තටම ඔබ...
******************************************
බාහුං සහස්ස මභිනිම්මිත සා යුධං තං
ගිරිමේඛලං උදිතඝෝර සසේන මාරං…
සුදු වතින් සැරසුනු දැරියනගේ මුවින් නික්මෙනා ජය මංගල ගාථා හඬ මධ්‍යයේ මම පෝරුවට නඟිමි. කුල සිරිත් ප්‍රකාර චාරිත්‍ර වාරිත්‍ර පිළිවෙලින් කෙරී ගෙන යයි.
පූර්ව විධානයන්ට අනුව ක්‍රියාත්මක රොබෝ යන්ත්‍රයක් මෙන් මම මවිසින් ඉටුවිය යුතු දේ නොපිරිහෙළා කරමි.
එහෙත් නිරතුරු මා දෑස් ශාලාව පුරා පිරී සිටි නෑදෑ හිත මිතුරන් අතර සැරූයේ ඇගේ දෑස සොයමිනි.
මේ අවසානයයි, අවසන් මොහොතේ ඈ පැමිණෙතැයි හද කොණක බලාපොරොත්තුවක් තිබියද ,නොපැමිණේනම් වඩා හොඳයයි නැවත සිතෙයි.
“හිත හදාගන්ඩ. ඔයාගෙ හිත දුර්වල වෙන්ඩ දෙන්ඩ එපා රත්තරං”
ඇය SMS කළේ අද උදේය. මේ ඇය මවෙත එවන අවසාන SMS පණිවිඩය විය හැකිය. ඇගෙන් හිස්වන මගේ ලෝකයට නන්නාඳුණන චරිතයක් ආදේශ කොට ගෙන මම අතිශය ආත්මාර්ථකාමී ආකාරයෙන් අළුත් දිවියකට මුළපුරා සිටිමි.
ඊයේ අවසන් වරට අප හමු වීමු.
"ඔයා හෙට එනවද?"
අප කථා කලේ එකිනෙකාගේ දෑස් මග හරිමිනි.
"මම තවම ඒ ගැන තීරණයක් ගත්තෙ නැහැ, එන්ඩත් පුලුවන්, නො එන්ඩත් පුලුවන් එන්ඩද නොඑන්ඩද මට හිතාගන්ඩ අමාරුයි”
"ඔයා එනවනම් මම කැමතියි, එන්නෙ නැත්නම් ඊටත් වඩා කැමතියි"
"මට ඇත්තටම කිසිම කණගාටුවක් නැහැ,අපි මුල ඉඳංම දැනං හිටියනෙ මේ ඉරණම තමයි අපිට අයිති වෙන්නෙ කියල, මට තියෙන්නෙ කළකිරීමක්, .....නැහැ, කළකිරීමකටත් වැඩිය විස්තර කරන්ඩ බැරි හිස් බවක් වගේ දෙයක්"
ඈ මගේ හිත හදන්නට අසාර්ථක උත්සාහයක් දරතැයි මට සිතේ. මගේ සතුට වෙනුවෙන් තම කඳුළු සැඟවීමෙන් ඈ විඳින අපිරිමිත වේදනාව මම නොදන්නෙම්ද? පුරා තෙවසරක කාලයක් තුළ මේ සිතෙහි නැඟි හැම හැඟීමක්ම මම ස්පර්ශ නොකළෙම්ද?
"ඔයා ඇත්තටම පසුතැවිලි වෙනවද?"
ඇය මා දෑත තරව ගෙන දෑසට එබුනාය.
"No, I will never regret any thing, when you start on a journey fully aware where you will end up eventually , there's nothing to regret"
මේ ඇය නිශ්චිත ඉරණම හමුවේ ඇගේ සිත හදාගන්නට දරණ උත්සාහයද?
“You can’t always assign reasons to everything in life “
අවසන් වරට ඇය මා වැළඳ ගත්තාය. ඇය මා උරහිස මත හිස තබාගත්වනම බොහෝ වේලා සිටියාය. අවසන සෙමින් ඇගේ හිස පිරිමදිමින් මම ඇගේ දෑස දෙස බැලීමි.
කඳුලු නොතිබුනද ඒ දෑස වේදනාවෙන් පීඩිත වී තිබිණි.
ශාලාව කෙළවර ප්‍රධාන දොරටුව අසළ කුළුණකට බරදී ඇය සිටිනු අවසන මා නෙත ගැටුනි. ඇය මා හැමදාමත් ප්‍රියකළ සුදු එම්බ්‍රොයිඩර් සාරියෙන් සැරසී සිටී.
ඇගේ දෑස තෙත් වනු දුටු මම කඳුලු වළකාගත නොහී බිම බලා ගතිමි. මට කොතෙකුත් මෙසේ සිටිය නොහැකිය. විධානයන්ට අවනත විය යුතුය. මම සිත දැඩි කර ගනිමි. මා නොසැලී සිටින බවට ඇයට ඊයේ දුන් පොරොන්දුව නොකැඩිය යුතුය.
" කෝ, දැං ඔය මනාළ මහත්මිය, මේ මුද්ද අරගෙන මනාළ මහත්මයට පලඳවන්න"
මංගල චාරිත්‍ර මෙහෙයවන වැඩිහිටියාගේ හඬ මට ඇසුනේ සිහිනෙන් මෙනි.
කිසිදු හැඟුමකින් තොරවම මුදුව ගත් මම එය ඔහුට පැළඳවූයෙමි.
ReplyDeleteඅද්දැකීම් කීපයක්ම තියෙනවා..දෙයක් හිතා ගන්න බැහැ මධ්‍යස්ත
පිළිතුරක් කියන්න.ඕනේම නම් තදින් පක්ෂපාති අදහසක් කියන්නම් ..:(
මම දන්නා කෙනෙක්ටත් ඔහොමම උනා රවී ...
Deleteවිවාහයට කලින් දා රෑ ගොඩක් ඇඬුවා ..
" මේ කරන්නේ හිතින් නෙවේ , මට කරන්න වෙනවා
බබා ..තරහක් හිතන්න එපා මා එක්ක ..ලබන ආත්මේ
ඔයා මගේම වෙන්න .."
එහෙම කියල පහු වෙනිදා වෙන කෙනෙක්ව බැන්ඳා ...
මේ ආත්මේ ගෞතම සාසනේ තියෙද්දී මෛත්‍රී සාසනේ
හොයන් සංසාරෙට පනිනවා වගේ වැඩ රවී ....නැද්ද ..?
සහන්ගෙම අත්දැකීමක් වෙන්න ඇති කියලයි මමනම් හිතන්නෙ
Deleteහ්ම් මට අද වගේ මතකයි!! ටැබූගෙ බ්ලොග් එකේ රවී නමින් පෙනී සිටින්ඩ කැමති කෙනෙක් ලියපු මේ කතාව කියවනව. ඊට ටික කාලෙකට පස්සෙ මට රවීකෙනෙක් ගෙන් කමෙන්ට් එකක් එනව. මං හිතන්නෙ පූර්වාපර සන්ධි ගැලපුනේ ඊටත් සෑහෙන්ඩ පස්සෙ..
ReplyDeleteඑදා ඉඳල උඹ ආව ගමන ගැන මට අප්‍රමාණ සතුටුයි අයියෙ. වෙන දේවල් ලියන්ඩ කම්මැලියි. කලින් පොස්ට් එකටත් දිග කමෙන්ට් එකක් දාන්ඩ ඒනෙ ඒත් මට දැන් බෑ.. ඒ ඉස්තිරියාවො තුන්දෙනා කාලෙක ඉඳල මට මගෙ ගෙදර මාත් එක්කම ඉන්න අය වගේ හන්ද අමුතුවෙන් ලියන්ඩ දේකුත් නෑ...
අත්තුක්කංසනය සහ අත් පන්දු ක්‍රීඩාවේ යෙදීම අනවශ්‍ය බැවින් දීර්ඝ වශයෙන් පිළිතුරු ලිවීමෙන් වැළකී ඔබට සහස් වරක් ස්තූතියි යන්න පමණක් පවසා නිහඬ වෙන්නෙමි මා නැඟණියනි.....
Deleteමට මේ ටැබූ සම්බන්ධයවත්, සිතුවම් එව්ව කියන ලින්ක් එක ගැනවත් මෙලෝ දෙයක් තේරුනේ නෑ.
ReplyDeleteහෙන්රීස්, මේ මගෙ පහුගිය පෝස්ට් එකෙන් ඒ කියන්නෙ " සඳළුතලයෙන් මහපොළොවට - අපූර්ව ස්ත්‍රීන් තිදෙනෙකුගේ භූමිකාව "…ඒකෙන් උපුටාගත්තු කොටසක්
Delete/ බොහොම කාලෙකට ඉස්සරවෙලා මගෙ ස්ත්‍රි සමලිංගිකතාව ගැන අත්දැකීමකුත් තිබුන. ඒ ගැන මතකය සහ වහල මත සිට දුටු දර්ශනය දෙකම මගෙ හිතේ කැලතිල අන්තිමට එලියට ආවෙ කෙටි කතාවක් හැටියට. /
/ වියුණු සටහන්වලට ලිව්ව ටීකා හැරෙන්නට මගේ නිර්මාණයක් හැටියට වියුණු ලෝකයෙ මුලින්ම පලවුනේ ඒ කෙටි කතාව..පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Pre-determined Farewell - පලවුනේ වර්තමානයේ අක්‍රියව පවත්නා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ - ටැබූ සබ්ජෙක්ට්ස් - සාමාන්‍යයෙන් නොකියන කතා... /
ඒ ටැබු සබ්ජෙක්ට්ස් බ්ලොග් එකේ පළවෙච්චි මගෙ කෙටි කතාව තමයි මේ. සිතුවම් ඊට කලින් ඒකට ලින්ක් එකකුත් එවල තිබ්බ..දැන් පැහැදිලියි නේද?
kathawa kiyawapalla hariyata
ReplyDeleteහ්ම් අපි හැමෝටම ඉතින් අර අපේ සඟිස්කුරුතිය ද අරක ද මේකද කියලා දීලා තීන හරි හෝ වැරදි පූර්ව නිශ්චිත න්‍යායපත්තර වලට යටත් වෙලා රොබෝ ල වගේ වැඩකොරන්ට වෙනවා තමා රවි මහත්තයෝ . ඒත් ඉතින් මොකෑ කොරන්නේ :( ගැලවීමක් නැත .
ReplyDeleteඔහේගේ මේ කතාවත් අර මෑතක ලිව්ව කන්දයි කිරිල්ලියි වගේ මොකද්දො හැන්ගිච්ච ලස්සනක් එක්ක හීන් දුකක් ගෑවුන කියවෙන නොකියවෙන් ජාතියේ කෙටි කතාවක් .
පිචැර් පිස්සා
ඒ බං උඹ පිචැර් බලනවට අමතරව කෙටිකතාත් කියවනව එහෙනං..නේද?
Deleteස්තූතියි බොලේ.....
චැහ්.. මේක නොකියම දැම්මනම් තමා රවී අයියේ කතාවෙ රහ... මම මේ කතා කරන්නෙ කවුද කියලා දැනගෙන කියවපු හින්දා එච්චර දැනුන්නෑ.. එහෙම නොදැන කියෙව්වනම් මේකෙ රහ උපරිමෙන් විඳින්න තිබුනා..
ReplyDeleteසුපිරිම සුපිරි කතාවක්.. අවසාන ඡේදය වෙනකම්ම පාඨකයා හිතන් ඉන්න එක අන්තිම එක වචන දෙක තුනකින් උඩු යටි කුරු කරවනවා..
බොහොමත්ම ස්තූතියි සෙන්නා මලයා...හෙහ්, හෙහ්,
Deleteමා ඈ කර මාල බඳින්නේ
ReplyDeleteඔබෙ නෙත් තරු රැදී දිලෙන්නේ
මා ඈ ගත සළු පලදන්නේ
ඔබෙ නෙත් අග කදුළු රැදෙන්නේ
ගිගුම් හඬින් මගුල් සිලෝ
පෝරුව දෙදරයි......
මීට වඩානම් මේ ගැන කියන්න තරම් සුදුසු පද පේලියක් මට හිතාගන්න බෑ....
------------------------------
කතාවෙ ඔක්කොමත් හරි ඒත්...
..//කිසිදු හැඟුමකින් තොරවම මුදුව ගත් මම එය ඔහුට පැළඳවූයෙමි.//... මොකක්ද අප්පා ඒ හරුපේ.
"මම එය ඇයට පැළඳුවෙමි" කියලා නේද එන්න ඕනි.
අපෝයි.....
Deleteමං පෝස්ට් එක කියෝලා කමෙන්ට් එක දාලා ඉවර වුනාමයි දැක්කේ සෙන්නගේ කමෙන්ට් එක. ආයෙමත් පෝස්ට් එක කියෙව්වා. දැන් නෙව කතාව තේරුණේ.
සෙන්නත් මුල දැනන් ආපු නිසා අහු උනේ නෑ නේ? පව් අප්පා මං.
ඔය සිංදුව රවි අයියාගේ ඔරිජිනල් කතාවේ තියනවා... කතානායකයා පිරිමියෙක් බව ඇඟවෙන නිසා වෙන්නැති රවි අයියා ඒක අහක් කරලා...
Delete@ AKM,
Deleteපොඩි කතාවක් මතක් උනා...
ඔන්න යාළුවො දෙන්නෙක් ගියාලු ෆිල්ම් එකක් බලන්න. ඒකෙ තිබ්බලු අස්ස රේස් එකක්. ඒකෙ කළු අස්සයෙක් අනික් එවුන්ට හෙණ ලීඩ් එකක් තියල දුවනවලු. පිටිපස්සෙම්ම එනවලු සුදු අස්සයෙකුත්.
" අප්පට සිරි කළු එකා දිනනව කතාවක් නැතුව " එක යාලුවෙක් කිව්ව.කියල..
" නෑ දිනන්නෙ සුදු එකා " කියල." අනික් යාලුව කිව්ව.
" හරි රුපියල් දාහක් ඔට්ටුයි දිනන්නෙ කළු එකා " මුල් යාලුව ආයෙම කිව්ව..
" ඔට්ටුයි " අනික් යාලුව එකඟ උනා.
අප්පට සිරි පුදුම වැඩක්ය කියන්නෙ, අර අන්තිමටම ආපු සුදු එකා අන්තිමට කෙස් ගහකින් දිනුවලු.
" උඹ නම් මාර පොරක්. කොහොමද හරියටම දැනගත්තෙ සුදු එකා දිනයි කියල? " රුපියල් දාහ දෙනගමන් පැරදිච්ච යාළුව ඇහුවලු.
" ඇයි බං උදේ ෂෝ එකේදි දිනුවෙත් සුදු එකානෙ. ඒ නිසා මට හිතුන මේකෙත් ඌම ආයෙම දිනයි කියල " දෙවෙනි යාලුව සල්ලි සාක්කුවෙ දාගන්න ගමන් කිව්වළු.
වෙලාවට රවී අයියා මට විලි වහගන්න රෙද්දක් දීලා. :)
Deleteඊයේ ඔරිජිනල් කතාවත් කියවපු නිසා, රවි අයියාගේ නව සංස්කරණයට මගේ පොඩි නොමනාපයක් තියනවා. ඊයේ කියවද්දි මට පොඩී නොගැලපීමකට දැනුනේ, මනාල මහත්තයාට දෙන විධානයකට කතානායකයා ප්‍රතිචාර දක්වන බව ඇඟවෙන වාක්‍යය විතරයි.
ReplyDeleteමුල් කතාවේ ඒ නොගැලපීම පොඩි වචන හරඹයකින් විසඳගන්න තිබ්බා. චාරිත්‍ර කරන මනුස්සයාගේ ඒ විධානය සහ ගීතය මතක් වෙන එකෙන් කතාව කියවන්නාට හොඳ චිත්තරූප මැවෙනවා. විශේෂයෙන්ම අර ගීතය නිසා පාඨකයාට, තමන් පැතූ සහකරු/සහකාරිය අතැර වෙනෙකෙකු සමග විවාහ වන්නට සිදුවීමේ ඛේදවාචකය බොහොම ලස්සනට දැනෙන්න ගන්නවා. ගීතය ඉවත් කිරීමත් එක්කම කතාවේ මුල ලොකු හිස්තැනක් ඇති වෙලා වගේ කියලා දැනුනා.
ඒ වගේම නව සංස්කරණයේ තියන "ඔයා එනවනම් මම කැමතියි, එන්නෙ නැත්නම් ඊටත් වඩා කැමතියි" කියන එකත්, එහෙම කියලත් අනෙක් කන්තාව විවාහ මංගලෝත්සවයට පැමිණ සිටීමත් අතර මොකද්දෝ මෙව්ව එකක් තියනවා කියල මට දැනෙනවා.
ඔන්න මේ ගැන මගේ මෙව්වා එක...
/ මනාල මහත්තයාට දෙන විධානයකට කතානායකයා ප්‍රතිචාර දක්වන බව ඇඟවෙන වාක්‍යය විතරයි. /
Delete/ “දැන් මනාළ මහත්මයා මනාළ මහත්මියගේ මෑණියන්ට කිරි කච්චිය පිළිගන්වන්න. චිරාත් කාලයක් තිස්සේ පැවැත්වෙන මේ කිරි කච්චිය පිළි ගැන්වීමේ චාරිත්‍රයෙන් අප අදහස් කරන්නේ උපන්දා සිට මේ මෑණියන් විසින් මේ මනාළ මහත්මියට පෙවූ කිරි වල…” /
/ විධානයන්ට එකඟ බව දක්වමින්ම, මම ගුණදාස කපුගේගේ බොහෝ කාලයක් තිස්සේ ප්‍රියකළ, එහෙත් කිසිදිනෙක මේ අභාග්‍ය සම්පන්න මොහොතෙහි මට සිහියට නැඟේයැයි අපේක්ෂා නොකළ ගීතයක් අරමුණකින් තොරව සිතින් මුමුණමින් සිටිමි. /
/ මා ඈ කර මාල බඳින්නේ – ඔබෙ නෙත් තරු පිපී දිලෙන්නේ /
/ මා ඈ ගත සළු පළඳන්නේ – ඔබෙ නෙත් අග කඳුළු පිරෙන්නේ /
මේ කොටස ( Bold )තිසර මගෙ ඔරිජිනල් කතාවෙ තිබුනෙ නැහැ. මම කිව්වෙ ටැබූ යම් යම් සංශෝධන කලයි කියල. මේ ටැබූ එකතු කරපු කොටසක්. පෝස්ට් එක පබ්ලිෂ් කලාට පස් සෙ ටැබූ මගෙන් ඇහුව එයා ඇඩ් කරපුව ගැන අදහස මොකද කියල. මම කිව්වෙ ඔය ටික ගැන නම් මගෙ පොඩි ගැටළුවක් තියනවයි කියල. තිසර කිව්ව වගෙ මනාලයට දෙන විධානයක් සඳහන් කිරීමත් කපුගේගෙ ගීතයක පද කිහිපයක් යෙදීමත් නිසා පාඨකයට බල කිරීමක් කෙරෙනව මේ කතාව කියන්නෙ පිරිමියෙක් කියල හිතාගන්න කියල.මට ඕන උනේ එහෙම කිසිම බලපෑමක් නොකර පාඨකයටම හිතාගන්න ඉඩ දෙන්න කතාව කියන්නෙ කවුද කියල.එතකොට කාටවත් කියන්න බැහැ මෙන්න මෙහෙම තිබ්බ නිසා අපි හිතාගත්ත පිරිමියෙක්ය කියල වගෙ කතාවක්.ටැබූ කිව එහෙම එයා යෙදුවෙ හිතලම නොමඟ යවන්න කියල. ඒ වචනෙම නෙවෙයි මට මතක විදිහට. ඒත් අදහස ඒකයි. ආයෙ ටැබූ ඇහුව ඔයාට ප්‍රශ්නයක් නම් මම ඔයාගෙ ඔරිගිනල් වර්ෂන් එකත් දාන්නම් කියල. මම කිව්ව නෑ. නෑ. එහෙම ඕන නෑ. ඔහොමම තිබ්බාවෙ කියල.
/ ඒ වගේම නව සංස්කරණයේ තියන "ඔයා එනවනම් මම කැමතියි, එන්නෙ නැත්නම් ඊටත් වඩා කැමතියි" කියන එකත්, එහෙම කියලත් අනෙක් කන්තාව විවාහ මංගලෝත්සවයට පැමිණ සිටීමත් අතර මොකද්දෝ මෙව්ව එකක් තියනවා කියල මට දැනෙනවා. /
ඒකෙන් තිසර මම අදහස් කලේ දෙන්නගෙම හිතේ තියන දෙගිඩියාව ප්‍රකාශ කරන්ට. එක්කෙනෙක් කියනව ඔය එනවනම් මම කැමතියි, ඒත් නේනවනම් ඊටත් වඩා කැමතියි කියල. අනෙක් එක්කෙනා කියනවා මම තවම තීරණය කලේ නෑ. එන්නත් පුළුවන්, නො එන්නත් පුළුවන් කියල. දෙන්නම Indecisive.ලංකාවෙ වගෙ සමාජයක ඔය වගෙ සබඳතාවයක Indecisiveness, Confusedness කියන එක අනිවාර්යයි. මට කියන්න ඕන උනේ අන්න ඒ ටික.රයිට් තව එකක්. මංගලෝත්සවයට අනෙක් තැනැත්තිය ආපු එකෙන් අදහස් දෙකක් ගන්නත් පුළුවන්. එකක් ඒ ආවෙ කවදාවත්ම හමු නොවෙන්න වෙන් වෙලාම යන්නට සමුගැනීමක්ය කියල. අනෙක් අතට විවාහ උනත් ඒ සම්බන්දෙ දිගටම ගෙනියනව වගෙ ඇඟවීමකුත් එතනදි හිතෙන්නෙ නැද්ද?
මම හිතන්නෙ කතාව මේ තියන විදිහ තමා විශිශ්ඨම.. අන්තිමට "ඔහු" කියන එකම එක වචනයෙන් පාඨකයව කරකවලා අතාරිනවා. මෙච්චර වෙලා හිතාගෙන හිටපු දේවල් වෙනස් වෙනවා. කතාව දෙපාරක් කියවන්න පොලඹවනවා..
Deleteආයෙත් කියනවා, මේකනම් මම කියවපු හොඳම කෙටි කතාවල උඩටම එන අති විශිශ්ඨ නිර්මාණයක්. සත්තයි.
සුළු සංස්කරණයක් කිව්වහම මම හිතුවේ නැහැ ඒ තරම් ලොකු වෙනසක් කරල කියලා. කපුගේ ගෙ ගීතයෙන් අයියා කියන ආකාරයේ බලපෑමකුත් ඇතිවෙනවා තමයි... අර දෙවෙනියට සඳහන් කරපු කාරණාවට අයියා දීපු පිළිතුර සළකලා බැලුවහම, ඒ පිළිබඳව එකඟ වෙන්න පුළුවන්. එහෙම කල්පනා කලහම දැන් හිතෙනවා ඒක අනිවාර්යයෙන් වෙන්නෙ එහෙම තමයි කියලා.
Deleteදැන් ඔය දෙකම කල්පනා කලහම මට හිතෙනවා... මට වෙලා තියෙන්නේ කලින් කියවපු දෙයට ඇති වුනු කැමැත්ත නිසා, ඒක වෙනස් වෙනවා දකින්න තියන අකමැත්තක් වගේ එකක් කියලා.
තිසර මෙතැනදී කරලා තියෙන්නේ කතා දෙක සංසන්දනය කිරීමක්. මුල් කතාව ගැන මුකුත්ම දන්නැති නිසා මෙතැනදී මට අදහස් දක්වන්න තියෙන්නේ මේ කතාව ගැන විතරයි. සෙන්නා කිව්වා වගේ මේකේ තියෙන වචන 449න් එක වචනෙකින් විතරක් පාඨකයා සම්පූර්ණයෙන්ම අතරමන් කරනවා. ඒ වගේම ආයෙමත් කතාව කියවන්න පොළඹවනවා.
Deleteබොහොම ලස්සනට කතාව ලියලා තියෙනවා.
@ AKM,
Deleteබොහොම ස්තූතියි AKM....:)
ලස්සන කතාවක්..මන් ටැබූ ගෙ සමහර ලිපි කියොල තිබ්බට මේක දැකල නැ. මටනම් තාම ඔය ජාතියෙ සම්බන්දතා ගැන හිතාගන්න බෑ. හැබය් ඒ උනාට මන් ඒව ප්‍රතික්ශෙප කරන්නෙත් නැ.. මොනා උනත් අපි හැමොටම අවසානෙ ඔනෙ ආදරෙනෙ..ඒ දෙන්න සතුටුවෙනවනම්..එකෙන් වෙන කාටවත් හින්සාවක් කරදරයක් නැත්තන් ඒ ආදරේ මොන ජාතියෙ උනත් කමක් නෑ..
ReplyDeleteමේ කොමෙන්ටුවෙත් ගත යුත්තක් තියේ...
Delete@ මෙකුවි,
Deleteඔබටත් ස්තූතියි මෙකුවීස්...:)
ලස්සන කතාවක් අන්තිමට //" කෝ, දැං ඔය මනාළ මහත්මිය, මේ මුද්ද අරගෙන මනාළ මහත්මයට පලඳවන්න" // කියවනකම් වෙනත් විදිහකට තේරුම් ගියේ.
ReplyDeleteස්තූතියි අයිලාස්..:)
Deleteමේක පල කරනකම්ම මට විස්වාස නැතුව හිටියේ මේ කෙටි කතාව එක දවසෙන් කියවලා ඉවර කරන්න පුළුවන් වේවිද කියලා..
ReplyDeleteහිතුවට වැඩිට අඩුවෙන් වෙලාව අරගෙන කියෙව්වත් ඔළුවට දමලා ඇන්නා වගේ දැනුනු තොන්නතු ගතිය තව දවස් දෙක තුනක් වත් තියේවි මයෙ හිතේ..!!
කතාව කියවලා මට නං ඔන්න ඔච්චරයි කියන්න තියෙන්නේ!!
අප්පට සිරිගජ..එහෙමත් උනාය බොල කතාව කියෝල?
Deleteස්තූතියි රූ.....:)
ඔය ටැබු අපෙඩ් ඉහා ඉතාම ජනප්‍රිය වෙලා හිටියට මන් නම් එහෙමකට කියෝලා නැහැ . හැබැයි උන්ද ලියපු දේවල් සැහෙන්න ඇහිලා නම් තියෙනව . මේක නම් අහුවෙලා නැහැ . ඒ කාලේ මගේ ඔය බ්ලොග් ඒ හැටි පයිරු පාසානමක් තිබ්බේ නැහැ .
ReplyDeleteසෙන්න කිවා වගේ මේකේ පුර්විකාව නොදැන කියෙව්වා නම් උපරිම ත්රාසයක් විඳින්න තිබුණ .
ඒකනෙ බින්දි..අවසානය ගැන නොදැනම හිටියනම් තමයි හොඳ...ඒත් වැඩේ සැට් උනේ එහෙමනෙ..හත් වලාමෙ වෙච්චි දේට මක් කොරන්ඩද?...:)
DeleteHmmm... Pattai kiyanna tama tiyenne.
ReplyDeleteThankx a..
Thanks Sajith for reading & commenting :)
Deleteමේ වගේ කතා කීපයක්ම දන්නවා. ඒත් රවී උඹ එක ලිව්වහම ලස්සනයි.
ReplyDeleteThanks So much Ajith...:)
Deletehttps://www.youtube.com/watch?v=yjaPr3PFfx8
ReplyDeleteඇනෝ,
Deleteබොහොම ස්තූතියි, "ආදර සුබා" ගීතයත් ඒ වගේ එකක් කියල මටත් හිතෙනවා...