ඒ දෙදහස් දහයෙ අවුරුද්ද. මාසෙ ඔක්තෝබර් කියල හිතාගන්ට පුලුවන් කාරණා දෙකක් හින්දා.
පළවෙනි කාරණය - ශීත කාලෙ හරියටම පටන්ගන්නෙ ඔක්තෝබර්වල. යාන්තමට කහ පාටට වැටෙන හිරු එළියෙං හරියකට ඇඳුමක් වේල ගන්ට බෑ අපේ ගේ පිටිපස්සෙ බැඳල තිබ්බ රෙදි වැලේ වනල නම්. ඒ නිසා වහල උඩට ( මෙහෙ සීයට අනූ නවයි දශම නවයයි නවයක්ම ගෙවල්වල වහල කොන්ක්‍රීට් ස්ලැබ් එකක්...) Clothes Dryer එකක් අරගෙන ගිහිල්ල තමයි අපි තෙත ඇඳුම් වේලා ගන්නෙ. ඔන්න ඔහොම වේලෙන්ට දාපු කලිසමකුයි ෂර්ට් වගේකුයි අරං එන්ට වහළට නැඟපු වෙලාවක තමයි මම මේ සිද්ධිය දැක්කෙ...
දෙවෙනි කාරණය - ඒ දවස්වල මම බ්ලොග් ලියන්න පටන් අරං නෑ. මේ සිද්ධිය දැකල ඇති වෙච්චි හැඟීම් අලලලා මම ලිව්ව කෙටි කතාවක් ඒ දවස්වලම ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියෙ පල උනා.දෙදාස් දහයෙ නොවැම්බර් මාසෙ මම බ්ලොග් ලියන්න පටන් ගත් නිසා මේ සිද්ධිය උනේ අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසෙ වෙන්නම ඕන. දිනේ හරියටම හොයාගන්ට ක්‍රමයක් නැහැ ටබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය දැන් අක්‍රිය හින්ද...
අපෙ අපාට්මන්ට් එක ඉස්සරහම පාරෙන් එහා පැත්තෙ තිබ්බෙ තට්ටු හතරක තවත් අපාර්ට්මන්ට් බ්ලොක් එකක්. ඒකෙ තුන්වෙනි තට්ටුව හරියටම අපෙ බ්ලොක් එකේ රූෆ් ටොප් එකට එක ලෙවල්.
වෙලාව ඒ වෙනකොට හවස පහමාර විතර වෙන්න ඇති.ශීත කාලෙ කලින්ම කළුවර වැටෙන නිසා වීදි ලාම්පු එහෙමත් දල්වල තිබ්බ මට මතකයි.ඉස්සරහ එපාර්ට්මන්ට් එකේ තුන්වෙනි තට්ටුවෙ ජනේලයක් එක්කො ඇරල තිබ්බ. එහෙම නැත්තං ජනේලෙ වහල තිරේ ඇරල තිබ්බ. ශීත කාලෙ නිසා බොහෝවිට ජනේලෙ වහල තිරේ ඇරලයි තියෙන්න ඇත්තෙ. ඒ මොක උනත් කාමරේ විදුලි පහන දල්වල තිබුනු නිසා ඇතුල බොහොම පැහැදිලිව මට පෙනුන.
පිලිපීන් වෙන්න ඕන බොහෝ විට, ඔව් ඒ පෙනුම තමයි ඒ කෙල්ලො දෙන්නගෙ තිබ්බෙ. අපේ අපාර්ට්මන්ට බ්ලොක් එක කිට්ටුවම තිබ්බ සුපර් මාකට් එකේදි මට බොහෝ විට ඔය කෙල්ලො දෙන්න හම්බවෙල තියනව. යන්තමට හිනාවෙලා හෙලෝ කියනවට වඩා දැනහැඳුනුමක් අපි අතරෙ තිබ්බෙ නෑ. ඒත් මම විශේෂයෙන්ම දැකපු කාරණයක්, ඒ දෙන්නා හැම වෙලේම අත් අල්ලගෙන හිටියෙ. හරියට පෙම්වතුන් නැත්නම් විවාහක යුවලක් වගෙ.මට ඉතිං ඇත්තම කියනව නම් ඕකෙ මොකවත් මහ අමුත්තක් තිබ්බෙ නෑ. ඔය ගැන කියවල චිත්‍රපට බලල ඒ වගේම පෞද්ගලිකව අත්දැකීම් ලබලත් තිබුණ මම ඒ වෙනකොට.
කාමරේ ඇතුලෙ මේ කෙල්ලො දෙන්න සිප වැලඳ ගන්නවයි මම දැක්කෙ.අතට ගත්ත කමිස කලිසම් ටික ප්ලාස්ටික් බාස්කට් එකට දාන්ට යනකොටයි මම ඔය දර්ශනය දැක්කෙ.එහෙම්මම ඇඳුම් ටිකත් අතේ තියාගෙන මම ගල් ගැහිල වගෙ ඒ දිහා බලා හිටිය තත්පර තිහක් විතර වාගෙ.ඒ දෙන්නට ගානක් නෑ. එයාලගෙ ලෝකෙ එයාල. එක පාරට මට මතක් උනා එහෙම බලා ඉන්න එක හරි නැහැ නේද කියල.ටිකක් විතර තදට කළුවර පැතිරිලා තිබ්බ නිසා බොහෝ විට ජනේලෙ පැත්ත හැරිල බැලුව උනත් ඒ දෙන්න මාව දකින එකක් නැහැ.ඒත් එහෙම නොදැක්ක උනත් බලාඉන්න එක කොහොමත් හරි නැහැනෙ. මම ආපහු හැරිල අඳුම් ටිකත් අරගෙන ආව පල්ලෙහාට.
ඒ කිට්ටුවම ආපු සති අන්තයෙ සුපුරුදු පරිදි අර යුවතියන් දෙන්න මට හම්බ උනා, සුපර් මාකට් එකේදි. වහල උඩදි අහම්බෙන් උනත් මම දුටුව දර්ශනය මගෙ මතකයෙ නොමැකෙන විදිහට රැඳිල තිබුනු නිසා ඔවුන්ට මුහුණ දෙන්නට අපහසුතාවයක් වගෙ ගතියක් මට දැනුනා ඇත්තටම. සුළු වෙලාවකට හරි උනත් මම බලාගෙන ඉන්නව ඔවුන් දැක්කද කියන පුංචි සැකයත් ඊට තව හේතුවක්. ඒත් බයවෙන්න දෙයක් තිබුනෙ නෑ, ඒ දෙන්න වෙනදා වගේම මා එක්ක හෙලෝ කියල හිනාවෙලා අත අල්ලගෙන එලවළු, පලතුරු ගොඩ ගහල තිබුණු රාක්ක දෙපේලිය අතරින් හෙමිහිට ඇවිදගෙන ගියා. එහෙම යන අතරෙ වරින්වර ඔවුන් එකිනෙකා දිහා බලා හිටියෙ දිලිසෙන ඇස් වලින්. ආදරය කියන එක ආදරයමයි. සෙනෙහස කියන්නෙ සෙනෙහසමයි. මොන තරාතිරමක, මොන ජාතියක, මොන කුලයක, මොන ආගමක, මොන වයසක දෙදෙනෙක් අතර ඇති උනත් ආදරේ කියන්නෙ ආදරේම තමයි.ඒ වගේම තමයි ආදරේට ලිංග භේදය හරියටම කිව්වොත් ලිංග භේදයක් නැතිකම උනත් බල පාන්නෙ නෑ.එදා සුපර් මාකට් එකේදි මගේ හිතේ ඇතිවුනේ ඇත්තටම පසුතැවීමක් වගෙ හැඟීමක්. නොදැනුවත්වම හරි ඒ දෙන්නගෙ ආලිංගනය දිහා බලා ඉඳල මම වරදක් කලා කියලයි මට ඒ වෙලාවෙ හිතුනෙ.
බොහොම කාලෙකට ඉස්සරවෙලා මගෙ ස්ත්‍රි සමලිංගිකතාව ගැන අත්දැකීමකුත් තිබුන. ඒ ගැන මතකය සහ වහල මත සිට දුටු දර්ශනය දෙකම මගෙ හිතේ කැලතිල අන්තිමට එලියට ආවෙ කෙටි කතාවක් හැටියට.
වියුණු සටහන්වලට ලිව්ව ටීකා හැරෙන්නට මගේ නිර්මාණයක් හැටියට වියුණු ලෝකයෙ මුලින්ම පලවුනේ ඒ කෙටි කතාව..පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Pre-determined Farewell - පලවුනේ වර්තමානයේ අක්‍රියව පවත්නා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ - ටැබූ සබ්ජෙක්ට්ස් - සාමාන්‍යයෙන් නොකියන කතා...
හරි හදිස්සියෙම මේ පරණ කේස් මතක් උනේ මොකද දන්නවද? පහුගිය සඳුදා ( අප්‍රේල් 22 ) මිහිකත දිනය කියල දන්නව නේද?...මම මෙහෙ නැවතිල ඉන්නෙ තව යාලුවෙක් එක්ක. අර තාරාවෙක් බේක් කලේ..අන්න ඒ අපි දෙන්න තමයි...ඉතිං මේ යාලුව ඉන්නෙ එයාගෙ බිරිඳ සහ දරුවන් එක්ක. පොඩි එවුං දෙන්නෙක් ඉන්නව. මෙහෙ ඉස්කෝලෙ යනව. ලොක්ක ඇවිල්ල තුන වසරෙ. මිහිකත දිනයට පොඩි විස්තරයක් ලියාගෙන එන්න කිව්වය කියල ඉස්කෝලෙං පහුගිය සුමානෙ මට වදේ මොනව හරි ලියල දෙන්නෙයි කියල. ඒ පාර ඉතිං බැලුව එහාට මෙහාට සර්ච් පාරක් දාල. අර්ත් කියල මුලින්ම ගැහුවම අර්ත් ඩේ එකට අමතරව ඔන්න ආපි අර්ත් ෆිල්ම් එක ගැනත් විස්තරයක්. ඔන්න ආයෙම මතක මං පෙත ඔස්සේ අතීතයට.ඩවුන් මෙමරි ලේන්...දීපා මේහ්තාගෙ තුන් ඈඳුතු සිතුවම් පට ( Elements Trilogy ) ...Fire, Earth & Water....
දන්නවානෙ මගෙ ලිවීමේ ශෛලිය කොහොමද කියල...ගොමු තැලීම ශාස්ත්‍රීය කලාවක් මට්ටමට ඉහල නැංවීම වනාහී මගේ එකම අරමුණයි. කිසිසේත්ම මාගේ මේ ව්‍යායාමය රජසැප පිණිස නොවන්නේය. හුදෙක් රට දැය සමය දියුණුව පිණිසමය.දුටුගැමුණු රජ්ජුරුවො ඔන්න ඔහොම කිව්වය කියල දන්නව නේද? එතුමා එහෙම කිව්වෙ ජිම් එකේ ඉඳල එලියට බහිද්දිය කියලත් දන්නව නේද? ආන්න ඒ වගෙ මගෙ මේ ව්‍යායාමයද හුදෙක් ගොමු තැලීමේ කලාවෙහි අභිවෘද්ධිය උදෙසාමය.
හරි..දැනට ඒ ඇති...යමු කෙලින්ම 1977 ට. ආන්න......හැත්තෑවේ දශකය..අපේ කාලෙ.......70-77 සමඟි පෙරමුණු ආණ්ඩුව යටතෙ දේශීය චිත්‍රපට පෙන්වීම වගේම විදෙස් චිත්‍රපට ගෙන්වීමෙත් ඒකාධිකාරිය තිබ්බෙ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට. මහා කළමනාකාර විදිහට හිටියෙ නිහාල්සිංහ මහත්මය. ඩී. බී. නිහාල්සිංහ...වැලිකතර චිත්‍රපටයේ අධ්‍යක්ෂ...
ඔය දවස්වල රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් ක්‍රියාත්මක කලා විදේශීය විශේෂයෙන් ඉන්දීය සම්භාව්‍ය චිත්‍රපට ආනයනය කරල ලංකාවෙ පෙන්වන වැඩ සටහනක්.සමාන්තර සිනමාව ( Parallel Cinema ) කියන වචනෙ මුලින්ම 1971 වගෙ නිර්මානය උනෙත් මේ යථාර්ථවාදී චිත්‍රපට කුලකය හඳුන්වන්න.නව රැල්ලේ සිනමාව කියල හැඳින්නුවෙත් මේ වර්ගයේ මිහිමත පයගසා නිර්මානය වූ ( Down to Earth Films ) චිත්‍රපටම තමයි.
ඊට වසර කීපයකට පස් සෙ නිර්මාණය වුනු හංස විලක්, පළඟැටියෝ, දඩයම, කැඩපතක ඡායා වගෙ චිත්‍රපට වර්ගීකරනය උනෙත් මේ යටතෙ. 1979 විතර සම්භාව්‍ය පස්වන මණ්ඩලය කියල වෙනම චිත්‍රපට ශාලා රාශියක් වෙන් කෙරුනා ප්‍රදර්ශන පෝලිමේ නොසිට ඉක්මනින් මේ ගණයෙ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්ට.
හරි..ඒ ඔක්කොම මාතෘකාවෙන් පිට.ආපහු එමුකො කියන්ට ගිය එකට.ඒ දවස්වල අපි හිටියෙ අනුරාධපුරේ.ආණ්ඩුවෙන් ගෙන්නල ඒ දවස්වල බයිසිකල් ( රෝද දෙකේ ) දුන්න සහන මිලකට රජයේ සේවකයින්ට. හේතුවක් නම් මට මතක නෑ ඒත් ඒ බයිසිකල් ගන්ට ලංගම ඩිපෝවට තමයි යන්ට උනේ..ආර්. එම් . අයි ( Road Master of India ) අප්පච්චි මටත් සයිකලයක් අරං දුන්න. අනුරාධපුරේ පාරවල් ආය කියල වැඩක් නෑ. සැලසුම් කල නගරයක් නෙව. ලංකාවෙ පලවෙනි සැලසුම් කල නගරය කියලයි කියන්නෙ. පාරවල් බොහොම පළලයි.තනි කෙලින්... ඉද්ද ගැහුව වගෙ.ඒ එක්කම තනිකර තැන්න. එහෙ කොහෙද ආය කඳු....
මයෙ වැඩේ ඉතිං දවස තිස්සෙම ඔය පාරක් පාරක් ගානෙ බයිසිකලේ පදින එක.ඔහොම ගියා එක පාරක් මම නුවර වැවේ සොරොව්ව ලඟට. ගොද ගොද ගෑවිල්ලෙ හොරොව්වෙං පිටවෙල වතුර ගලනව ඇළ දිගේ. එතනම වැව් බැම්මෙ බෑවුමේ තිබ්බ චිත්‍රපට ගැන දැන්වීම් අලෝපු පුවරුවක්.සිත්තම්පලම් කියල ඒ දවස්වල තිබ්බ අනුරාධපුරේ ෆිල්ම් හෝල් එකක්.නමෙන්ම තේරෙනවනෙ. අයිතිය දෙමල ව්‍යාපාරිකයෙකුට. ඒ හින්දම 1983 කළු ජූලිය වෙලාවෙ ඒ හෝල් එක ගිණි තියල විනාශ කලා.
සිත්තම්පලම් හෝල් එකේ පෙන්නනවය කියල අර දැන්වීම් පුවරුවෙ දාල තිබ්බ " අංකූර් " කියල චිත්‍රපටයක් හින්දි කියල වරහන් ඇතුලෙ ලියලත් තිබ්බ චුට්ටි අකුරෙං. නළු නිලියො ගැන තිබ්බ විස්තරෙං මට මතක ශබානා ආස්මි ගැන විතරයි. එදා ඒ නමත් මතක හිටියෙ වෙන මොකවත් නෙවෙයි ආස්මි කියන්නෙ පොඩි කාලෙ මගෙ ආසම කෑමක්. අන්න ඒ නිසා...
ශබානා |
චිත්‍රපටයෙ කතාව මට මතක හිටියෙ නම් නෑ. ඒත් ආපහු පාරක් මේ ලඟදි මතක් වෙලා යූ ටුබ් එකේ මම අංකූර් බැලුව. කාලෙකට ඉස්සර අවුරුදු තිස්පහකට හතළිහකට වගෙ කලින් බලපු චිත්‍රපට ආයෙම බලන එක හරිම චමත්කාර ජනක අත්දැකීමක්.එහෙම මේ ළඟදි මම ආයෙම බලපු චිත්‍රපට කීපයක් තමයි Reincarnation of Peter Proud, Blue Lagoon, High Plains Drifter, The Man with No Name...
ශබානා ආස්zමි.....ඊට පස් සෙ මට හමුවෙන්නෙ මේ බොහොම මෑතකදි...1998 කාලෙදි විතර දීපා මේහ්තාගෙ ෆයර් චිත්‍රපටයෙන්.
කාන්තා සමලිංගිකත්වය ගැන බොහොම විවෘතව කතා කරපු ෆයර් චිත්‍රපටයේ ශබානා සමඟ ප්‍රධාන චරිතය රඟ පාන්නෙ නන්දිතා දාස්.....
නන්දිතා |
රඟපෑම කියන්නෙ මොකක්ද?....අපි ඔය ගෙදර එහෙ මෙහෙ යනව, හිනා වෙනව, තේ බොනව, දවල් උනාම බත් කනව. රණ්ඩු වෙනව...කතා නොකර ඉන්නව..ආයෙම යාලු වෙනව....ඒ එහෙම සාමාන්‍ය නෝමල් විදිහට හැසිරෙන විදිහටම කැමරාවක් ඉස්සරහ හැසිරුනහම , එහෙම නිරූපනයක් කලාම ඒක රඟපෑමක් වෙනවද? එහෙමනම් අපෙ ගෙදර සාලෙ චිත්‍රපට කැමරාවක් හයි කරල අපි ගෙදර හැසිරෙන විදිහ රූගත කලොත් ඒක කලා නිර්මානයක්ද?
ස්වභාවික චරිත නිරූපණයක් කියන්නෙ ඒකද?...එහෙමත් නැත්නම් සත්‍ය ජීවිතයේ අපි යම් සිදුවීමකට මුහුණ දෙනවිට හැසිරෙන හැඟීම් ප්‍රකාශ කරන විදිහයි චිත්‍රපටයක චරිතයක් නිරූපණය කරද්දි හැසිරෙන්න ඕන විදිහයි..කොටින්ම රඟ පාද්දි හැසිරෙන්න ඕන විදිහයි අතර වෙනසක් තියනවද? සාර්ථක චරිත නිරූපණයක් කියන්නෙ අධි රඟපෑමයි නිකම් ඔහෙ ගෙදර ඉන්නව වගෙ හැසිරෙන එකයි අතරෙ මැදක වගෙ තියෙන එකක්ද?
මේ ප්‍රශ්නවලට උත්තර මොනව උනත් කෘතහස්ත නළුවෙක් නිළියක් කියන්නෙ රංගනයේ මේ අර්ථ නිරූපණය මනාව වටහා ගත්තු ඒ වගේම ඒ සීමාවන් තුල හැසිරෙන්න අනවරතයෙන් වග බලාගන්නා ශිල්පියෙක් කියලයි මට හිතෙන්නෙ. චරිතාංග නළුවෙකු / නිළියකගෙයි මේ නිකම් දෙකයි පනහෙ නළුවකු / නිළියක ගෙයි වෙනස අන්න ඒකයි.
ශබානා, නන්දිතා...සහ ලීසා කියන්නෙ අන්න ඒ ජාතියෙ නිළියො.ලංකාවෙ ඔය කියන ජාතියෙ නිළියො ඉන්නෙ දෙන්නයි මම දන්න විදිහට..ස්වර්ණා සහ අනෝජා....
හරි ...ලීසා රේ....ඇය රඟපෑවෙ වෝටර් චිත්‍රපටයෙ..මතකයි නේද?...අපේ අර පුංචි කෙල්ල ජාත්‍යන්තර ඇගයීමට ලක් උනේ..සරලා කාරියවසම්...
ලීසා |
මේ නිළියො... නිළියො කියනවට වඩා මම කැමති අපූර්ව ස්ත්‍රීන් කියල ඔවුන් හඳුන්වන්න....මේ අපූර්ව ස්ත්‍රීන් තුන් දෙනාව තමන්ගෙ රඟපෑමේ යම් නිසර්ග කුසලතාවක්,ආවේනික දක්ෂතාවයක් හැකියාවක් තිබුණනම් ඒ උපයෝගීකරගෙන ලබාගත් ජනප්‍රියතාවය පිළිගැනීම සහ ඒ හරහා එන සිවිල් බලය ප්‍රයෝජනයට ගත්තෙ පොදු මහජන සුභසිද්ධිය වෙනුවෙන් යම් පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කිරීමට....
ඇත්තම කියනව නම් මේ අපූර්ව ස්ත්‍රීන් තමන් රඟ දැක්වූ භූමිකාවලින් ඔබ්බට ගිහිල්ල ඒ සිවිල් බලෙන් තම විස්වාස කරන අරමුණු වෙනුවෙන් කැප වීම ජනකාන්ත වීම සමග තමන් ඉහලට ඔසවා තබන මහා සමාජයට යමක් ආපසු දීම කියන එක අපේ රටේ ඉන්න දේසපාලනේට කඩේ යන ජනකාන්ත නිලියොන්ට හොඳ පාඩමක් කියල නම් එකහෙලාම කියන්න පුලුවන් කිසිම බයක් හැකක් නැතුව.
ඔවුන්ගේ ජීවන භූමිකාවන් සැසඳුවොත් සමානතා වගේම අසමානතාත් දකින්න පුළුවන්. මුලින්ම මේ තිදෙනාම ඉන්දීය සම්භවයක් සහිත වීම. ඒ වගේම දීපා මෙහ්තාගේ චිත්‍රපටවල දැඩි මතභේදාත්මක චරිත නිරූපනය කිරීම..ඒ සමානතා…
ඊලඟට අසමානතා..ශබානා නිලියෙක් වෙන්නෙ අඩු වයසින් . ලීසා නිරූපන ශිල්පිනියක් විදිහටයි මුලින්ම වැඩ කරන්නේ . නන්දිතා කාලයක්ම සමාජ සේවා ආයතන වල වීදි දරුවන් සහ අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන ගැහැණුන් එක්ක වැඩ කරලා වීදී නාට්‍ය වල රඟ පාලා අවුරුදු තියේදි විතර නිලියෙක් වෙන්නේ . ඔවුන්ගේ ආරම්භයන් විවිධයි .එයාලගේ නාරි ලාලිත්‍ය පිළිබඳව සැලකුවහොත් ශබානාගෙ ලාලිත්‍යය වගේම ඊට යටින් තියෙන දැඩි අනම්‍ය සෘජු ගැහැණිය , ලීසා මලක් වගේ මෙලෙක් , නන්දිතා ඇවිල්ලා සාම්ප්‍රදායික බොලිවූඩ් නිලියකගේ ලාලිත්‍ය ප්‍රමිතියෙන් ඔබ්බට ගිය වරෙක හිනා වෙන වරෙක කෝපවෙන හා එවිටම හඬා වැටෙන්නට සමත් බොහොම තියුනු අභිනයන් සහිත ගැහැණියක්...
තමන්ගෙ චරිත තුල ගැබ්වුනු මේ නිසර්ග ගති ලක්ෂණ අඩු වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගෙන තමන් පණදෙන භුමිකාව උත්තරීතර කොට ගැන්මෙහි මේ ස්ත්‍රීන් තිදෙනා සතු ප්‍රශස්ථ හැකියාව...
ශබානා, නන්දිතා සහ ලීසා....වයස බැලුවොත් මෙහෙමයි..ශබානාට 62 යි..නන්දිතා ඇවිල්ල 44 යි ලීසාට 41 යි.
A woman does not achieve her genuine magnificence until her 40th year. By that time a woman should have found her purpose of life, her providence and come to terms with her destiny. With that realization, enlightenment and contentedness comes an inner peace which is unique to every woman but makes them glow with a radiance that is breath taking in its vivacity.
Life begins at forty, You think someone said that due to mouth itching?....not me..I don't think so at all,
Well those of you ..not yet 40…,,be happy ..time of your life is yet ahead...,..and those beyond 40, you should definitely be glowing now ……..aren't you?
ශබානා ඒඩ්ස් රෝගීන් වෙනුවෙන්, ළමා අපචාර වලට විරුද්ධව, ආගමික අන්තවාදයට සහ ජාති වාදයට විරුද්ධව, මුඩුක්කු පැල්පත් වාසීන් වෙනුවෙන් බොහෝසේ කටයුතු කරපු දැනටත් කටයුතු කරන ක්‍රියාකාරිනියක්.
නන්දිතා ස්ත්‍රී සහ ළමා අයිතීන් වෙනුවෙන් ඉන්දියාව පුරා සංචාරය කරමින් වැඩමුළු සහ දේශන පවත්වන අතර ඒ වෙනුවෙන් කෙරෙන ක්‍රියාකාරකම් වල පුරෝගාමී කාර්යයක් ඉටු කරන්නියක්. ඇය ඉන්දීය ළමා චිත්‍රපට ආයතනයේ සභාපතිනියයි.
ලීසා රේ - ඇය කැනේඩියන්. පියා බෙංගාලි සහ මව පෝලන්ත....2009 වසරේ ඇයට දුර්ලභ ගණයේ පිළිකාවක් ඇතැයි සොයාගනු ලැබුවා. ඒ රුධිරයේ සුදු රුධිරාණු විනාශ කරන පිළිකා විශේෂයක්.එහෙත් යෂ්ටි සෛල ප්‍රතිකාර වලින් පසුව ඇය පූර්ණ සුවය ලැබූ බව ප්‍රකාශ වුනා. යෂ්ටි සෛල ප්‍රතිකාර පිළිබඳ වර්තමානයේ ලොව පුරා පවතිනුයේ අවිනිශ්චිතතාවයක්. ඒ ප්‍රතිකාර ක්‍රමය මානුෂීය ආචාර ධර්මයන්ට කොතරම් එකඟද කියන ගැටළුව විසඳාගැන්මට නොහැකිව විද්‍යාඥයින් සමාජ ක්‍රියාකාරීන් අතරෙ පවතින්නෙ මත ගැටුමක්.
ජීවිතේ කියන එක මහ අමුතුයි. අපි අතිං සටහන් ලියවෙන්නෙත් කලින් හිතල නෙවෙයි හුඟක් වෙලාවට. මට හිතෙන්නෙ එහෙම අනපේක්ෂිතව ලියැවුණු සටහන් වල තියෙන අමුතු ගතියක්...හෘදයාංගම බවක්...අපූර්ව ස්ත්‍රීන් තිදෙනෙකු පිළිබඳව අහම්බෙන් ලියැවුණු මේ සටහනත් ඒ වගේ එකක්ය කියලයි මට හිතෙන්නෙ...
අංකූර් කියන්නෙ මගෙ සිත්තරපටි ලැයිස්තුවෙත් ඉහළින්ම තියෙන සිත්තරපටියක්..
ReplyDeleteසම්භාව්‍ය පස්වන මණ්ඩලේ හැදුවෙ නම් 'වීර පුරන් අප්පු' පෝළීමෙන් පිට පෙන්නගන්ට ඕන වුන හින්දය කියලයි මං අහලා තියෙන්නෙ.. ඕකට අර ටිරෝන් ප්‍රනාන්දු උන්නැහැගෙ ලොකු බලපෑමක් තිබුනය කියනවනෙ..
// ඇත්තම කියනව නම් මේ අපූර්ව ස්ත්‍රීන් තමන් රඟ දැක්වූ භූමිකාවලින් ඔබ්බට ගිහිල්ල ඒ සිවිල් බලෙන් තම විස්වාස කරන අරමුණු වෙනුවෙන් කැප වීම ජනකාන්ත වීම සමග තමන් ඉහලට ඔසවා තබන මහා සමාජයට යමක් ආපසු දීම කියන එක අපේ රටේ ඉන්න දේසපාලනේට කඩේ යන ජනකාන්ත නිලියොන්ට හොඳ පාඩමක් කියල නම් එකහෙලාම කියන්න පුලුවන් කිසිම බයක් හැකක් නැතුව. //
හැක හැක.. ඉතින් බං අපේ එවුනුත් තමන් විශ්වාස කොරන අරමුණු වෙනුවෙන් තමා කැපවෙන්නෙ.. වෙනසකට තියෙන්නෙ අපේ උන්දැලාගෙ අරමුණු වෙන්නෙ 'තමන්ට යමක් කමක් හරි හම්බ කොරගැනීම', ඉතිං එවුන් ඒ වෙනුවෙන් කැපවෙනවා.. :D
පලි: උඹේ අර කෙටිකතාව මමත් කියෙවුවා ටැබූගෙ බ්ලොග් එකේ.. නරකද රවියො ජනතා හිත සුව පිනිස ඒක ආයෙමත් මේ බ්ලොග් එකෙත් පළකලොත්.?? මොකද ටැබූගෙ කාලෙන් පස්සෙ බ්ලොග් ලෝකෙට ආපු හුඟ දෙනෙක් ඉන්නවා නෙවැ..
බුරා කිව්වා වගේ ඒ කෙටි කතාව නිදහස් සිතුවිලි වල පල කරනවට අත් දෙකම උස්සනවා ඔන්න..
Deleteමාත් තියන එව්වා ඔක්කොම උස්සන්නවා ඒක පලකරනවට....
Delete@ බුරා,
Delete/ සම්භාව්‍ය පස්වන මණ්ඩලේ හැදුවෙ නම් 'වීර පුරන් අප්පු' පෝළීමෙන් පිට පෙන්නගන්ට ඕන වුන හින්දය කියලයි මං අහලා තියෙන්නෙ.. ඕකට අර ටිරෝන් ප්‍රනාන්දු උන්නැහැගෙ ලොකු බලපෑමක් තිබුනය කියනවනෙ.. /
අඩේ ඇත්තම නෙවෙන්නං..ඔන්න උඹ කිව්වමයි මතක් උනේ. හරි. පස්වන මණ්ඩලේ හැදුවෙ පුරං අප්පු පෝලිමේ තියන්නෙ නැතුව පෙන්නගන්ට නෙවෙන්නං. ඕකෙ නිස්පාදකය ටිරෝං ගොයිය. පුරං අප්පුය කියන්නෙ ටිරෝංගෙ මීමුත්තෙක්ය කියනවනෙ. ඒ කාලෙ ඇත්ත පත්තරේ ටිරොංට කිව්වෙ වීර ටිරෝං අප්පු කියල. සත පහක වැඩක් නැති ෆිල්ම් එකක්.ලෙස්ටර්ගෙ ෆිල්ම් එකක්ය කියල කියන්ටත් බැරි තරමයි.ඒකෙ රවීන්ද්‍ර හිටියෙ පුරං අප්පුට. අස්සය පිට නැඟල කෑගගහ එහාට මෙහාට යනව විතරයි මට මතක. තිස්ස අබේසේකර කුඩාපොල හාමුදුරුවො හැටියට කරපු රඟපෑම විතරයි මතක හිටින දෙයක් තිබ්බෙ ඒ ෆිල්ම් එකේ.හැබැයි පස්වෙනි මණ්ඩලේ හදපු එකනම් මොන පරමාර්ථයෙන් කලත් හොඳ දෙයක්. හොඳ ෆිල්ම්ස් ටිකක් බලාගන්ට ලැබුන ඒ නිසා අවුරුදු තුනක් විතර පෝළිමේ ඉඳල එනකල් බලා ඉන්නෙ නැතුව.
/ අපේ උන්දැලාගෙ අරමුණු වෙන්නෙ 'තමන්ට යමක් කමක් හරි හම්බ කොරගැනීම', ඉතිං එවුන් ඒ වෙනුවෙන් කැපවෙනවා.. :D /
හෙහ්, හෙහ්..හරි තමයි කතාව ....වැඩේ තියෙන්නෙ අපේ අර්මුණුයි උංගෙ අරමුණුයි හාත්පසින්ම වෙනස් එක නෙව..එක අතකට ඒකට එවුං පළියැ නැද්ද මං අහන්නෙ?
/ පලි: උඹේ අර කෙටිකතාව මමත් කියෙවුවා ටැබූගෙ බ්ලොග් එකේ.. නරකද රවියො ජනතා හිත සුව පිනිස ඒක ආයෙමත් මේ බ්ලොග් එකෙත් පළකලොත්.?? මොකද ටැබූගෙ කාලෙන් පස්සෙ බ්ලොග් ලෝකෙට ආපු හුඟ දෙනෙක් ඉන්නවා නෙවැ.. /
සිතුවමයි, තිසරයයි දෙන්නම ලින්ක් දීල නම් තියනව.ඒත් මෙහෙ නම් ඕපන් නොවෙමි. මෙහෙ සමහර වචන ඔටෝ බ්ලොක් වෙනව.. මම හිතන්නෙ ටැබූ කියන්නෙත් එහෙම වචනයක් වෙන්න ඕන..හරි ඒ කතාව දාන්නම් වහාම.
@ රූ සහ තිසර,
Deleteහරි, හරි, දාන්නම්, දාන්නම්...:) :)
''හරි..ඒ ඔක්කොම මාතෘකාවෙන් පිට.ආපහු එමුකො කියන්ට ගිය එකට.ඒ දවස්වල අපි හිටියෙ අනුරාධපුරේ.''
ReplyDeleteඔන්න ඔතෙන්දි නම් මට බකස් ගාල හිනා ගියා . හරි අදත් එහෙනං චමරිය තමයි කියල ..වෙනසක් සැබෑම වෙනසක් . අනුරාධපුරෙටත් ගිහින් චමරියට ගොඩ වෙන්ට බැරි වුනානේ ...
ඔය ශබානා ආස්මි ගේ පින්තුරයක් ...ඇත්තටම පත්තරේ ගිය දැන්වීමක් කපලා අලවල ලියපු කවියෙන් තමයි එක කාලයක් තිස්සේ කවි ලියාපු පොතක් පටන් ගත්තේ මන් .
1947 earth බැලුවේ ටීවී එකේ . ෆයර් නම් හෝල් එකටම ගිහින් බැලුව .
දාන්ටකෝ බලන්න කෙටිකතාව . බොලා' කෙටි' කතාවක් ලිව කීවට කියවනකම් මට නම් විස්වාසයක් නැහැ . හ්ම්..
රඟපෑම කියන්නේ කන බොන ඇවිදින එක කියල විතරක් හිතන් ඉන්න උන් නිසානේ මට ලංකාවේ ටෙලි සහ චිත්‍රපට එපා වුනේ ...
@බින්දි,
Deleteමම හිතන්නේ මේ කතාව ලියන්න ඇත්තේ රවීට අර ගොමු තැල්ල්ලේ රෝගේ මතු වෙන්න කලින් වෙන්නෝනැ..නැත්තං කොහෙද රවී “කෙටි“ කතා ලියන්නේ..කතාව ලියාගෙන ගිහිං ඉවර වෙද්දිම ඒක නවකතාවක් වෙලා තියේවි..!!
@බින්දි,
Delete/ ඔන්න ඔතෙන්දි නම් මට බකස් ගාල හිනා ගියා . හරි අදත් එහෙනං චමරිය තමයි කියල ..වෙනසක් සැබෑම වෙනසක් . අනුරාධපුරෙටත් ගිහින් චමරියට ගොඩ වෙන්ට බැරි වුනානේ /
අඩේ චමරියක් ගැන මම කිව්වෙ ඒ අනුරාදපුරේ නම් නෙවෙයි පොළොන්නරුවටත් එහා...
/ දාන්ටකෝ බලන්න කෙටිකතාව . බොලා' කෙටි' කතාවක් ලිව කීවට කියවනකම් මට නම් විස්වාසයක් නැහැ . හ්ම්.. /
නෑ බං අම්මප ලිව්ව..ඒ වනාහී ප්‍රාග් ගොමු තැලීමේ යුගය බැවින් එහි කිසිදු අපහසුතාවයෙක් නොවිනි..ගරු මැතිණියනි.
@ රූ,
Deleteඊට කලින් බොල ඊට කලින්....ගොමු තැලීමේ රෝගය මතු උනෙ මේ ඊයෙ පෙරෙයිදනෙ බං...හෙහ්, හෙහ්...
අපෙ ජම්ම ගතියක් නෙව ඕක..කෙටියෙං බෑ කිසිම වැඩක්...ඔන්න එක පාරක් සුද්දෙක් ආවලු මොනව හරි ලංකාවෙ වැඩ මුළුවකට.මූ ඇවිල්ල ඔන්න ඉඳගෙන ඉන්නව... මුල්ම කතාව යනව යනව ඉවරයක් නෑ. ඒ පාර ලඟ හිටපු මනුස්සයගෙ දිහාට හැරුනලු
" Excuse me please..but this speech is going on and on and on…it seems your speeches are so long winded. "
අල්ලපු සීට් එකේ හිටපු මනුස්සය කට කොණකින් හිනාඋනාලු.
" This is not a speech. He is just introducing the next speaker "
ගොමු තැලීම බොහොම මදි මේකෙනම්..අපි දැන් ඔයිට වැඩිය ගොමු තැලීමක් අපේක්ශා කරනවා..දන් හැබැයි ගොමු ඉතුරුවෙලා නැද්ද දන්නෑ නේද මේ තලන තැලිල්ලට..
ReplyDeleteසමලිංගික චාර්යාවන් තුලා ආදරයක් තියනවද ? නැත්නම් නිකම්ම නිකන් කායික ආශාවන් සංතෘප්ත කරගැනීමේ වුවමනාවක් පමණද කියලා මට ගැටලුවක් තියනවා..හැබැයි ඕවා සාමන්‍යය සම්බන්ධයන්ට වැඩිය තද බැදීම්ද කියලත් හිතෙනවා අහන දකින ඒවා අනුව.. මේ ලඟදි පත්තරෙත් තිබුනෙ අම්මවයි, තාත්තවයි දෙන්නවම මරලා ඒකට විරුද්ද වුන නිසා. මගේ යාලුවෙක් ඇසිඩ් පාරක් කෑවා ( අදටත් අන්ධයි ) ඕකකට විරුද්දව වැඩ කරලා..
සෙන්නාගෙම ප්‍රශ්නේ මටත් තියනවා.. අපේ ආදරය කරන කෙනා තෝරාගන්නේ ලිංගික ආශාව අනුව නම්, එතන ආදරයට වඩා ඉස්මතු වෙන්නේ ලිංගික ආශාව. ඊට පස්සෙ එකට ජීවත් වීම තුල අනෙකා ගැන ආදරයක් බැඳීමක් ඇති වෙනවා තමයි. ඒත් ආදරය කියන මානසික බැඳීම ගැන නම් අපි කතා කරන්නේ, එතනට ලිංග භේදය අදාල වෙන්න විදිහක් නැහැ. රවි අයියාගේ කියමන අනුව යනවා නම් මේ ගෑනු ලමයි දෙන්නාම ඕනෙ නම් පිරිමින්ට උනත් ආදරය කරන්න තිබ්බා.
Deleteනමුත් ප්‍රායෝගිකව ඒක එහෙම වෙන්නෙ නෑනේ. විරුද්ධ ලිංගික, සම ලිංගික කියන පදනමේ ඉඳලා තමයි මිනිස්සු ආදරය කරන්න කෙනෙක්ව හොයන්නේ.. තමන් ආදරය කරන කෙනා සමග ලිංගික එක්වීම අනිවාර්යයක් විදිහට හිතලා ආදරය කරන්නේ. එහෙම බැලුවොත් සෙන්නා, සම ලිංගික විතරක් නෙමෙයි, විරුද්ධ ලිංගිකයන් අතර උනත් තියෙන්නේ රාගය මූලික කරගත් ආදරයක්.
මට කියන්ට ඕන ටික තිසර කියලා... :)
Deleteආදරය කියන එකත් එක්කම එන දෙයක් තමා ලිංගිකත්වය කියන්නෙ.. එහෙම නැති ආදරයක් තියෙන්නෙ ඉතින් අර නන්දා මාලිනීගෙ "ප්‍රේමය නම් රාගයෙන් තොර.." සිංදුවෙ විතරයි.. සමලිංගිකයෙක් (හෝ විෂම ලිංගිකයෙක්) දකින දකින හැම එකත් එක්කම ලිංගික කර්තව්‍ය කරනවානම් ඕන්න අපට කියන්ට පුළුවන් එතන ආදරයක් නෑ තියෙන්නෙ ලිංගිකත්වය විතරයි කියලා.. ඒත් එයා එක්කෙනෙක්ව තෝරගෙන එයාත් එක්ක දිගටම ඉන්නවානම් ඒ ඉන්නෙ ආදරය නිසා.. විෂම ලිංගිකයොත් ඒකම නෙවෙයිද කරන්නෙ 'කසාද බඳිනවයි' කියලා.??
ඕන්න ඔය තර්කය තමා 'සමලිංගික විවාහ' සාධාරණීකරනය කරන්ට යොදාගන්න ප්‍රධානම සටන් පාටය.. ඒ තර්කයේ වැරැද්දකුත් නැහැ නේද.??
සෙන්නා, තිසර සහ බූරා,
Deleteආදරය සෙනෙහස...මේ ඔක්කොගෙම පරමාර්ථය වර්ගයා පවත්වා ගැනීම. එතකොට එහෙමනම් ස්වභාවිකව, Fundamentally මිනිසුන් අතර ආදරයක් සෙනෙහසක් ඇතිවෙන්න ඕන ඒ කාර්යය සංතෘප්ත කරන දෙදෙනෙකු අතර විතරයි.සමහරවිට මිනිස් ශිෂ්ඨාචාරයෙ මුල් අවධියෙදි ආදී මානවයන්ගෙ යුගයෙදි තත්වය ඒකම වෙන්නත් ඇති.ස්ත්‍රීන් සහ ස්ත්‍රීන් අතර, පුරුෂයින් සහ පුරුෂයින් අතර ඒ වගේම කිට්ටු සබඳතා ඇති නොවෙන්නත් ඇති. ඒ වගේම තමයි ප්‍රජනන ක්‍රියාවලියට අසමත්, ආබාධිත හෝ වයස්ගත අය ගැනත් එහෙමයි.ඒත් මිනිසුන් ශිෂ්ඨත්වයට පත් වෙනවයි කියන්නෙ ඔය හැම ඉතාම සරල කාරණයක්ම සංකීර්ණවෙනවයි කියන එක.
ආදී මානවයා පොළව හාරල හොයාගත්තු අලයක් අමුවෙම්ම හෝ ගිනි මැලයක් ගහල පුච්චගෙන කන්නෙ කුසගින්න නිවාගන්න. ජීවිතය පවත්වාගන්න. අද අපි තරු පහේ හෝටලේක පැය දෙක තුනක් ගත කරල Five Course Meal එකක් කන්නෙ ඒත් බඩ ගින්න නිවාගන්නමද?...නැත්නම් බඩගින්නට අමතරව ඊට වඩා වැදගත්ය කියල අපි හිතන අරමුණු රාශියක් සංතෘප්ත කර ගැනීමටද?. ශිෂ්ඨාචාරය කියල කියන්නෙ අන්න ඒකයි.ඇඳුම් ඇඳීම ගත්තත් එහෙමයි.මුල්ම යුගයෙ සම්පූර්ණ නිරුවතින් ඉඳල මිනිස්සු ඇඳුම් අඳින්න ගත්තෙ ඇයි. මුළු ශරීරයම වසාගෙන තිබුණු රෝම ආවරණය නැතිඋනේ ඇඳුම් අඳින්න ගත්ත නිසාද? නැත්නම් රෝම ආවරණය නැතිඋන නිසා ඇඳුම් අඳින්න සිද්ධ උනාද?
මේ කතාව ගොමු තැලීමක් වෙන්ට යනව උනත් මේ ටිකත් කියලම ඉන්නම්. ඩෙස්මන්ඩ් මොරිස් කියල තිබ්බ එක තැනක නිරුවත් වානරයා පොතේ මට මතක විදිහට, මිනිස්සුන්ගෙ රෝම ආවරණය ඉවත් උනේ එක යුගයක ඔවුන් ගොඩබිම අත ඇරල වෙරළාසන්න නොගැඹුරු මුහුදේ කිමිදෙමින් ආහාර සොයා ගන්නට ඇබ්බැහි උනු නිසයි කියල.
ඩෙස්මන්ඩ් මොරිස් සහ ඔහුගේ නිරුවත් වානරයා පොත..හෙහ්, හෙහ්, ඒ ගැනත් වෙලාවක ගොමු තැලිල්ලක් කරන්ට තියනව පැල් බැඳගෙන. :) :)
හරි ආපහු මාතෘකාවට...ආදරය සෙනෙහස එතකොට මූලික වශයෙන් වර්ගයා පවත්වාගැනීමේ පරමාර්ථයෙන් ඇතිවුනාට ශිෂ්ඨාචාරය දියුනු වෙද්දි වෙන්නෙ ඒ සරල පරමාර්ථය බොහොමත්ම සංකීර්ණ හැඩතලයක් ගන්නව. අන්න එතකොට තමයි සම ලිංගික සබඳතා කරලියට එන්නෙ. එතනදි එයින් වර්ගයා පවත්වා ගැනීමක් සිද්ධ නොවුනත් ඒකත් ආදරයක් සෙනෙහසක් කියලයි ශිෂ්ඨාචාරාත්මකව අර්ථ දැක්වෙන්නෙ.
මිනිස් මනස කියන්නෙ බොහොම සංකීර්ණ දෙයක්.විශ්වයෙ අගක් මුලක් හොයන්න බෑ වගෙ තමයි මිනිස් මනසෙ අගක් මුලක් හොයන්නත් බෑ.
බොලා මෙහෙ සමලිංගිකත්වය තේරුං ගන්ට බැරුව ඉන්නව. Object Sexuality කියල යම් අජීවී වස්තුවක් එක්ක ප්‍රේමයෙන් බැඳීමේ ප්‍රවණතාවක් තියනව කියල දන්නවද? Erika Eiffel කියන්නෙ 2007 වර්ෂයේදි අයිෆල් කුළුණ එක්ක කසාද බැඳපු අමරිකන් කාන්තාවක්. බැන්දට පස් සෙ පුරුෂයගෙ වාසගම ගන්න සිරිත අනුව ඇගේ වාසගම දැන් අයිෆල්!!!
තිසර සහ බූරා,
Deleteමට හිතෙන විදිහට, ආදරය කියන්නෙ රාගයත් මුසු වූ අතිශය ආත්මාර්තකාමී සිතුවිල්ලක්. ඒක තමන්ගෙ සුරක්ශිතතාවය උදෙසා ඇති කරගන්න සිතුවිල්ලක් කියලයි මට හිතෙන්නෙ. අපි සහකාරියක්ව හෝ සහකරුවෙක්ව හොයාගන්නෙ ඇයි, අපේ ජීවිතේ පහසු කරගන්න සහ සුරක්ශිත කරගන්න කියලයි මට හිතෙන්නෙ. එතනදි අනෙකාගේ අවශ්‍යතාවයට ලැබෙන්නෙ අඩු සැලකිල්ලක්. එතකොට දරුවන් හදන්නෙ ඇයි ? ඒත් අපේ අනාගත සුරක්ශිත භාවය වෙනුවෙන් විතරමයි.. ඕක අපේ සමාජයේ භාවිතයේ තියෙන්නෙ " අනේ මැරෙන මොහොතෙදි කටට වතුර ටිකක්වත් දාන්න කියලා කවුරු හරි ඉන්න එපැයි කියලා " දෙමාපියො දරුවන්ට ආදරේ කරන තරම් දරුවො දෙමාපියන්ට ආදරේ නැත්තෙ ඒකයි කියලා මට හිතෙනවා. අනිත් එක අදරේ කරපු කෙනා අහිමි වුනාම තව කෙනෙකුට ආදරේ කරන්නෙත් ඔය පරමාර්තෙන්ම තමා. නැත්නම් ඉන්න එපෑයැ මුළු ජීවිත කාලෙම, මම ආදරේ අරයට එයා ලැබුනත් නැතත් මම වෙන කෙනෙක්ට ආදරේ කරන්නෑ කියලා.. එහෙම වෙන්නෙ හරිම අඩුවෙන්. හරිම අඩුවෙන්..
මම කියන්න උත්සහ කළේ ආදරේ කියන බැඳීම සුරක්ශිතතාවය බලාපොරොත්තුවෙන් වෙන දෙයක් කියලයි. එතකොට සමලිංගික බැඳීමකින් ඕක කොච්චර දුරට ඉටු වෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නෙ එතන තියෙන්නෙ ආදරයද, අපිට තේරුම් ගන්න බැරි වෙන අමුතුම ආකර්ශණයක්ද කියන ගැටළුව තමා මට ඇතිවුනේ.
රවී අයියගෙ පැහැදිලිකිරීමනම් බොහෝ දුරට පිළිගන්න පුලුවන් වගේ, ඒ කියන්නෙ සමලිංගික චර්යා කියන්නෙ ශිශ්ඨාචාරයේ දියුනුවත් සමඟම ඇතිවූ විෂම ලිංගික චර්යාවන්ගෙ මොඩිෆිකේශන් එකක්ය කියන එක..හැබැයි මම අහලා තියනවා සත්තු අතරත් සමලිංගික චර්යාවන් තියනවා කියලා..
මිසිස් අයිෆල් ගැනනම් ඕන් ඇහුවමයි.. එහෙම බලපුවම සමලිංගික චර්යා නතින්නෙ අප්පා.. :D :D
වෝටර් සහ ෆයර් නම් බලලා තියනවා..දැන ඔත්තුව දැනගත්ත එකේ අර්ත් බලන්න ඕන..මේ නිලියන් තුන්දෙනාගෙම (හා මම කැමති අනිත් නිලියන් සේරගෙමත්) තියන හැකියාව ඇස්වලින් කතා කරන්න පුළුවන්කම..අපි ගෙදර නිකම් හැසිරෙනවා වීඩියෝ කරන එකයි එයාලම ඒක කරන එකෙයි මම දකින වෙනස ඒකයි...
ReplyDeleteකොහොම වුනත් මේ පෝස්ටුවට නම් ගොඩක් ස්තුතියි..
රූ ලමයෝ අර්ත් පිචැර් එක යූ ටියුබ් එකේ තියේ .ඒකේ නන්දිතා දාස් ප්‍රදාන චරිතෙ කරද්දී ශබානා තමයි වයසට ගිය ලෙනී ගේ චරිතේ කරන්නෙ ,පිචැර් එකේ කියවෙන්නේ ඉන්දියා පාකිස්තාන් බෙදිල්ල පොඩි ලමයෙක් හැටියට - ලෙනී දැක්ක විදිය. තව රාම්චාන්ද් පාකිස්තානි -Ramchand Pakistani කියලා කියලා ඔය ඉන්දියා පාකිස්තාන් හටන ගැනම පිචෑර් එකක් තියේ . ඒකත් බලන්න වටිනවා , පාකිස්තාන් නලු නිලියො එක්ක ඒකෙ ප්‍රදාන චරිතේ කොරන්නේ නන්දිතා දාස් .
Deleteනන්දිතා ඉතින් එසේ මෙසේ ඉස්තිරියාවක් නෙවේ නෙව . ඔය ජාති ආගම් ගැටුම් වලට මැදිවෙන මිනිස්සු ගැන නේ එයාගේ පලවෙනි සිනමා පටිය අද්දියක්සනේ කොරේ . ඒකෙ නම ෆිරාක්- Firaaq . මෑත ඉතිහාසේ ඉන්දියාවේ ගුජරාත් වල ඇති වුන බොහෝම මනුස්සයො මිය ගිය ගැටුමක් ගැන ඒකෙ කියන්නේ . මමත් මුලු පිචෑර් එකම ඒකෙ බලලා නෑ අරෙහෙන් මෙහෙන් බලල තියේ . ඕන් සොයාගෙන බලනවනම් හොඳ පිචෑර් එකක් . ගොඩක් ජාතික ,ජාතියන්තර සම්මාන එහෙමත් ෆිරාක් පිචැර් එකට ලැබිල තියේ .
පිචැර් පිස්සා
@ රූ,
Delete/ තියන හැකියාව ඇස්වලින් කතා කරන්න පුළුවන්කම…. /
මතක් කරන්ට එපා මට ඔය ඇස් වලිං කතා කිරිල්ල..අම්මප මාලු නටනව...
අපි සැට් වෙච්ච අලුතම දවසක් මම එයාගෙ අත් දෙක අල්ලගෙන ඇස් දෙකට එබුණ බස් එකේ එක ළඟ වාඩි වෙලා යන ගමං
" මේ ඔයාගෙ ඇස් දෙක මට මොනවදෝ කියන්ට හදනව….."
" පිස්සුද මම දන්නෙ නෑ..මම කියන්ට හදපු කෙහෙල්මලක් නෑ. අනික මොකෝ ඇස් වලිං කතාකරන්ට මම නිළියක් කියල හිතුවද? අනික ඔයා දන්නෙ නැත්තං දැනගන්ට මම ඇවිල්ල ඔය ඇස් වලිං කං වලිං කතා කර කර ඉන්න ජාතියෙ නෙවෙයි හරිද? කියන්ට තියෙන දේ මූණටම කියනව..... අම්ම තාත්තට උනත් එකයි..."
එයා කිව්වෙ බස් එකේ හිටපු සෙනඟෙං බාගෙකට විතර ඇහෙන්ට…..
පළවෙලා තියෙන දිනේ October 27, 2010.
ReplyDeleteමෙන්න ඔරිජිනල් කථාවට ලින්ක් එක.කොහෙද රවි අයියලා අපෙන් මේවා අහල ඉන්න එකක්යෑ.
http://web.archive.org/web/20110107211246/http://taboosubjects.wordpress.com/2010/10/27/196/
mata kammeli meka link ekak hetiyata danna.oni kenek copy paste karala balana ekai eththe.
පූර්ව නිශ්චිත සමුගැන්මක්
Deleteසිතුවම් සහ තිසර,
Deleteස්තූතියි බොහොමත්ම..කතාව මම දැම්මා අන්න ඊළඟ පෝස්ට් එක හැටියට ... :)
පෝස්ට් එක ඉවර කොරලා තියෙන විදිය දැක්කම කොමෙන්ට් එක පටන්ගන්න මෙහෙම කියන්න හිතුන්නා
ReplyDelete"නිරතුරුව ගොමු තැලීමට පමණක් ස්වකීය කුසලතා සීමා කරගෙන බ්ලොග් ගැලරිය පිනවන්නට වැඩියෙන් ත්‍රාස ජනක වියුනු ජනකතා කතා ලියන මුත් නමුත් ඉඳ හිට හෝ තම නිසග බ්ලොග් ප්‍රතිභාව හා දැනුම මෙවැනි අපූර්ව සටහනකට යෙදවීම ගැන මෙය ලියන රවි නම් සොඳුරු බ්ලොග් සගයාට ,හැත්තෑව දසකයේ තරුණයාට -පට්ට නොස්ටැල්ජික් පෝස්ට් ලියනකොට රවි එයා හඳුන්වගන්නේ මෙහෙම ස්තුතිවන්ත විය යුතුය ." ( උදෘත පාඨ අවසන් ,පිට කැසීම මෙයින් නිමි පපර පෑන් පැන්)
හ්ම් එන්. එල් ටී. එකේ -බොලවු මේ අලුත් ටී වී චැනල් එකක් නොවේ. අපේ විස්සවිජ්ජාලේ රඟ හල - රඟ හල දැන් ඇත අඩ අඳුරේ ආන්න ඒක හරිද? මුලින්ම ෆයර් බැලූ කාලේ 1999-2000 වගේ වෙන්න ඕනේ . කිසිම අදහසක් තිබ්බේ නෑ ඔය නිලියො කවුද? ශබානා , නන්දිතා කියන්නේ කවුද? ඕව ගැන . යනතම් දීපා මේහෙතා ගැන විතරක් ඉන්ගිරිස් පත්තරේ ලිපියකින් දැනගෙන හිටියා ...අහ් ඒකෙන්ම තමා ඔය ලෙස්බියන් කතාවක්ය ,ආන්දෝලනාත්මකය එවා මේවා දැනගෙන හිටියේ . ඉතින් යුනියන් එකෙන් ඕක පෙන්වද්දී ගියේ ඇත්තම කියනවනම් කැත හිතයි , කුතුහලෙයි නිසාම තමා ඒ ඇරෙන්න වැඩි සිනමාත්මක යමක් දකින්න ගියා නෙවේ ඕන් ඇත්තම කිව්වා හරි ද :)
පස්සෙන් පහු ඉතින් ඔය ඔන්ලයින් සිත්තර පටි බලන පුරුද්ද ආවහම හින්දි පිචැර් පිස්සා වුන නිසා ලස්සන හින්දි සින්දුවක් අහලා Hazoor iz Kidharbina Ithirake Chaliyea " මසූම්"-Masoom කියලා පිචැර් එකක් බලද්දි ශබානා කියන නිලිය දැක්කෙ. ඒ කුතුහලෙට යූ ටියුබ් එකෙ අවුස්සද්දි අන්කූර් , මැන්ඩි , නිශ්‍යන්ත් , බූමිකා කියන චිත්තරපටි සොයාගත්තේ . ඔහේ නිකන් ඉන්න එකේ එව්වත් බැලුව . හින්දි පිචෑර් වල නැති අමුත්තක් අර පැරලල් ගතිය දැක්කේ ඕන් එතකොට . ඒ තුනෙන්ම මම ආසා ශබානගේ අන්කූර් වලට තමා . ආයේ මෑතක ඕරත්- Arth කියලා කියලා එකුත් බැලුවා . ඒත් ඔය හැත්තෑගනන් වල වගේ තරුණ ශබානා අර සී.එන් .එන් එකේ අන්ජලී රාඕ නෝන කියනැහේ සැකරින් බොම්බයි මොටයි නොවෙන චරිතයක් කරනව. ඒකෙ අවසානෙට මම හරි කැමතියි ඕන් . මගෙ හිතේ මුල්කාලීනව ඔය පැරලල් සිනමා චරිත කොරන්ට ආව කෙනෙක් වෙන්න ඕනේ ශබානා කියන්නේ .මම ආසම එයගේ උස හා දිගැටි මූණට .
කියවපු පොත් , බලපු පිච්චර් ආයේ කියවන බලන එක මගෙත් ලෙඩක් නේ . පස්සේ ඉතින් යමක් කමක් තේරුම් අරන් එහෙම යූ ටියුබ් එකේ ආයේ ෆයර් බලද්දි තමා ශබාන එක්කම නන්දිතා දාස් ඇහැ ගැටුනේ ඕන් . අයේ නෑ අන්න නියම චරිතාන්ග නිලියො . බොලිවුඩ් ප්‍රමිතියෙ ලස්සන නැති වුනාට පුදුම දිග නහයක් , කතා කරන ඇස් ,තාත්වික හිනාව , කෝපය , දුක ,තරහ, ආදරය ,තෙරපෙන හැඟීම් , පලකරන විදිය නම් මරේ මරු ඕන් . ඒ තරම් දක්සයි . අනික මිර්නාල් සෙන් , මනිරත්නම් , දීපා මෙහෙතා , වගේ නොයෙක් බාසා වලින් පිචැර් හැදූ අය එක්කත් වැඩ කොරලා ප්‍රදාන චරිත රඟාපාල තියේ නෙ . ඔහේ ලා හැමෝම අර්ත් , ෆයර් ගැන හා නන්දිතාගේ රඟ පෑම් ගැන ගොඩක් කියලා තියේ .ඒ පිචැර් වලින් එයා ගොඩක් ජනකාන්ත විවාදාත්මක චරිත රඟ පෑව නේ .ඒ නිසා හැමෝම දන්නව .ඒත් එක එක ට වෙනස් චරිත නන්දිතාගේ බලන්ට නම් , කම්ලි-kamli , අමර් බූවන් -Amar Bhuvan , බවන්දර්-Bawandar , විශ්ව තුලසි- Vishwa Thulasi , ඒක් අලග් මෝසම් -Ek alag mausam , එහෙම බලන්ටලා . වැඩි කතා බහ නොවුනත් හරි ලස්සන නදිතා දාස් කෙනෙක් ඕවයේ ඉන්නවා . මගේ ආයේ ආයේ බලන ලිස්ට් එකේ තියෙන එව්ව ඔය . අර අන්ජලී රාඕ නෝන එක්ක කතාවෙම පේනවනේ ඉතින් නන්දිතා කියන්නේ ලේසි පාසු ඉස්තිරියාවක් නෙවේ කියලා . කෝමද නිකන් පපුවට අනිනැහේ කතා කොරන විදිය :) මම මෙ දැන් සොයාගත්තු තව ඔත්තුවක් දෙන්නම් .නන්දිතා ලස්සන ටෙඩ් ටෝක් එකක් කොරන්වා ඒක යූ ටියුබ් තියේ . හා කැමති අය ගෙදර වැඩ කොරලා සර්ච් කොරලා බලාගන්ටලා . ඔහ් එක්කොත් ඕනෙ නෑ මේන්න ලින්ක් එක . http://www.youtube.com/watch?v=JtplEHtyDQM
ඔහෙලා හැමෝම වගේ මමත් වෝටර් බැලුවට ඉතින් ඕක අර තේරුම් අරන් බැලුවෙ නම් මෑතක .එවෙලේ සරලා දැරිවියි , ලන්කාවෙ රූ ගතකොල නිසයි කුතුහලේට කියෝලා තමා ලීසා රානි රේ ගැන දැනගත්තේ . මම හිතුවෙ සම්පූර්ණයෙන්ම හොලිවූඩ් නෝනා කෙනෙක් කියලා . ඒත් පස්සෙ දන්නේ ඉන්දියන් සම්බවය ගැන . එයා එයගේ මුල්කාලේ පිචැර් වුන බොලිවුඩ් -හොලිවුඩ් වගේම කලවන් එක්කෙනෙක් . අහ් මම ඉතින් එයා ගැන නම් ගොඩක් දැනගත්තේ මේ පෝස්ට් එකෙ ලින්ක් එකකින් . උපරිම ලස්සන වගේම හරි බුද්දිමත් මනුස්සයෙක් වගේ .මම ආසා එයගේ අර ඉන්ටර්විව් එකේ ජීවිතේ දිහා බලන එක ගැන කියන විදියට .
Deleteඅහ් පොඩි කතාවක් තියේ , දීපාගේ ඔය තුන් ඈඳුතු පිචෑර් වල වෝටර් එකේ විතරනේ නන්දිතා නැත්තේ . ඇත්තටම මුල්ම වෝටර් රූගතකිරීමේදී නන්දිතා තමාලු තෝරගත්තේ .නමුත් ඔය විරෝදතා නිසා වැඩේ අල්ලලා දාලා තිබිලා අයේ පටන්ගත්තු වෙලාවෙ ලීසා තමා නන්දිතාගේ chaරිතෙට අරන් තියෙන්නේ . එ කියන්නේ කල්යානිගේ චරිතෙට . ඔය ගැන මාද්දිය ගොඩක් නන්දිතා හා දීපගෙන පුරස්න එහෙම අහලා තිබ්බා . දීපා කියලා තිබ්බේ කල්යානි කියන්නේ ගොඩක් සියුම් අසරන චරිතයක් හැටියට පෙන්වන්න ඕනේ නිසා නන්දිතා වෙනුවට ලීසා ගන්න වුනා කියලා . අර අන්ජලී රාඕ නෝන ඔය කතාව නන්දිතාගෙන අහද්දී එයා කියන්නේ එයාට දුකක් නොහිතුනා නෙවෙ කොන්ඩෙ පවා බූ ගාගෙන හිටිය ඒත් වැඩියෙම වැදගත් වෙන්න කොහොම හරි අන්තවාදී අදහස් ඉක්මවලා මේ පිචැර් එක පෙන්වන්න පුලුවන් වීම කියලා . ඒ කතාව නම් ඕන් මල් පහයි ඈ .අන්න නිලියො .
මේ අයගේ රන්ගන ජීවිතේ බැලුවාම මට දුක හිතුනේ අපේ අනෝජලා , ස්වර්ණලා ඉපදුනේ වැරදි රටේ කියලා .බොල්වුඩ් හරි හොලිවුඩ් හරි හිටියනම් මේ අයට මීට වඩා කලක් යනවා . දැන් අප්පා ලන්කාවෙ පිචෑර් හදන්නේ චින්තනගේ අදියක්සනේට නෙව . අපේ සිනමාවට ගිය කල .මේ විගඩම් නොබලා කේමදාස ලොක්ක වගේ අය සුර ලෝකෙම ගිය එක හොඳා අප්ප
මේ වගට
පිචැර් පිස්සා
ස්තූතියි පී. පී,
Deleteහුහ්, උඹ හිතන්නෙ බොල ගොමු තැලීම කියන්නෙ සෙල්ලමක්ය කියලද? ඔන්න මෙහෙම හිතාපං, උදේම බහිනව පාරට, යන්ට ඕන තැනත් දන්නව. කෙලිම්ම ගියොත් විනාඩි පාළහේ ගමන. ඒත් එතනට යන්න ඕන හවස පහට. එතකල් වෙන අනම් මනං පිස්සු කෙලින්නත් බෑ. මොනව කලත් අර අරමුණ හිතේ තියාගන්නත් ඕන, කරන හැම දෙයක්ම අර අවශ්‍ය තැනට යන අරමුණට අදාල වෙන්නත් ඕන. හෙහ්, ලේසි නෑ බොල ඒ වැඩේ දන්නවද?
ආසාවෙන් කියෙව්වා,ඒත් ගොමු තැලීම බොහොම මදි බවයි පෙනීයන්නෙ.
ReplyDeleteමේකෙන් කියැවෙන්නෙ රවීහු ක්‍රම ක්‍රමයෙන් ගොමු තැලීමෙන් මිදෙන්නට යන ශෝකජනක ප්‍රවෘත්තියද.
නෑ, නෑ....හැලප එහෙම මිදෙන්ට තුං හිතකවත් නෑ..මෙතන වැඩිපුර තැලුවොත් මේ කියන්ට යන දේට බාධාවක් වේවිය කියල හිතුන නිසයි ටිකක් තැළිල්ල කොන්ටෝල් කලේ...
DeleteNormal services would resume as soon as possible..:)
Thanks..:)
ස්වාභාවික රඟපෑම කියන්නේ මං හිතන්නේ අස්වාභාවිකව ස්වාභාවිකත්වය මතු කිරීම මගේ එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් රවි අය්යගේ ගෙදර කැමරාවක් හයි කලාම ඔක්කොම අහු වෙන්නේ ස්වාභාවික දර්ශන, බඩගිනි උනාම කන, නිදිමත උනාම නිදියගන්න දර්ශන. රඟපෑමේදී වෙන්නේ බඩගිනි නැති උනත් කෑම, නිදිමත නැති උනත් නිදාගැනීම වගේ එකක්. බලන එකාට හිතෙනවා මේ කන්නේ නම් බඩගින්නටම තමයි කියලා. අනික තමයි ඔය දේවල් කරන්නෙත් ස්වාභාවික නොවන පරිසරයක... හිතලා බලන්නකෝ කට්ටිය වට වෙල ලයිට්, කැමරා අනම් මනම් අල්ලං ඉන්නකොට ස්වාභාවිකම නිදාගන්නේ කොහොමද කියලා.
ReplyDeleteහරි... මේ තුන්දෙනාගෙන් මම වැඩියෙන්ම ප්‍රියකරන්නේ නන්දිතා... ඒ ඒ කාලයක ඇගේ සුන්දර රූපය දැඩිව හිත්ගත් නිසා මිසක රඟපෑමේ කුසලතාවය සහ අනික් සමාජ කටයුතු නිසා නම් නෙමෙයි. ඇත්තටම ඔවුන් ගැන මේ තොරතුරු දැනගෙන හිටියේ නෑ.
//බොහොම කාලෙකට ඉස්සරවෙලා මගෙ ස්ත්‍රි සමලිංගිකතාව ගැන අත්දැකීමකුත් තිබුන//
මට නිකං උතුර දකුණා මාරු උනා වගේ උනා... "මගෙ" කියන වචනය යෙදෙන තැන නිසා මං හිතන්නේ... අයියගෙ උප්පැන්නෙ ස්ත්‍රී/පුරුෂ භාවයට තියෙන්නේ "පුරුෂ" කියලා නේද? :)
රඟපෑම කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න තිසරගෙ අර්ථකථනයත් ලොකු උදව්වක්..ස්තූතියි මල්ලි...:)
Delete/ මට නිකං උතුර දකුණා මාරු උනා වගේ උනා... "මගෙ" කියන වචනය යෙදෙන තැන නිසා මං හිතන්නේ... අයියගෙ උප්පැන්නෙ ස්ත්‍රී/පුරුෂ භාවයට තියෙන්නේ "පුරුෂ" කියලා නේද? :) /
මෙතන මගෙ කියල අදහස් කලේනම් මල්ලි පෞද්ගලිකව මට ලැබුණු අත්දැකීමක්ය කියන එක. ඒ මගේ සමීප මිතුරියක් ඇය සමලිංගිකතාවයට ඇබ්බැහි වී ඇති බව මා හා පැවසීම සහ ඒ ආශ්‍රිතව පැන නැඟුනු ගැටළු පිළිබඳව.....:) :)
හොඳ වෙලාවට මේක ඒ කාලෙ ලියපු එකක් උනේ. නැත්තං වාං පතුල වගේ කොහේ යයිද දන්නෑ.
ReplyDeleteඇත්ත බොලේ..හෙහ්, හෙහ්..අඩේ ටෙස්ටිං පාරකටත් එක්ක ආයෙම ලියල බලන්ට ඕන කෙටි කතාවක්...
Deleteමේ ලිපිය කියෙව්වම පාතර් පංචලි/සවුන්ඩ් ඔෆ් මියුසික් ඒවත් මතක් වෙනව.
ReplyDeleteපළගැටියෝ චිත්‍රපටයේ මීයුරි සමරසිංහ හීනෙන් සොමි දනවන සීන් එක කරද්දී වසන්ත ලොක්ක මාව එතනින් එලෙව්ව වපර ඇහෙන් බලල "පොඩි කොල්ලො මේවා බලන්න හොද නැහැ"කියල.
ඒ වගේම ටයි මහත්තය ගෙ කුණුහරුප වැඩි පුරම අහල තියෙන්නෙම මම වෙන්න ඇති.
පළගැටියෝ චිත්‍රපටයෙ රගපාපු රන්ජන් [මීගමුවෙ කොල්ල]අප සමග ඔහියෙ ෂූටින් වල ඉදල ගෙදර ගිය පසුව දා මරුන.පපුවෙ හිලක් තිබෙන එකට බෙහෙත් බොන බව අපට කියා තිබුනෙ නැහැ.
මම ඇතුළු ධර්මසිරි B.කස්ටිය ලෝකාන්තය බලන්න ගිහිල්ල පාරවල් මාරු වෙලා වැස්ස නැති වුනාට සුළගත් සමග තිබුණ මී දුමයි අදුරයි සමග තෙත බරිත ඇදුම් සමග හැරුන "far inn"නවාතැනට.මගදි සීතලට මම මම කතා කරද්දි හක්ක පැන්න වගේ ලොක් වුනා,"far inn"එකට ආපු ගමන් වසන්ත ලොක්ක කිව්වෙ ගගහ හිටපු ගල් බෝතලෙන් කපල වීදුරුවක් පොවපන් කියල.
ටයි මහත්තයා සවස 3.00 පහුවෙලා කතා කරනවානම් රෙදි පොට්ටනියක් අරගෙන ගිහිල්ල තමයි කතා කරන්න ඕන එයා කියන කුණු හබ්බ වලට විලි වහ ගන්න.
හරිම අපූරු මතක සමුදායක් කෙන්ජි....ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට..අඩේ අර හැලප කියන්නා වාගෙ බැරි අමාරුකම් අත ඇරල ලියමු ඔය ටික අනාගත පරපුරේ දැනුම් උදෙසා......:)
Deleteඋඹගෙ කතා ගොන්න නං හරිම රසවත් කෙන්ජියො.
ReplyDeleteආයෙමත් කියන්නෙ බැරිද පුළු පුළුවන් විදියට ලියන්න.
ඔන්න කෙටි කතාවත් කියවලම ආව. ඒ දවස්වලනම් රවී අයියා "කෙටි" කතාත් ලියල තියනවා එහෙනම්.
ReplyDeleteමම බලලා තියෙන්නේ වෝටර් විතරයි. ඉතුරු දෙකත් බලන්න ඕනේ.
හෙහ්, හෙහ්, ඒ කාලෙ එහෙම් එව්වත් කොලා නෙව බොලේ....:)
Deleteරවිව මම අඳුන ගත්තේ ඔය කියන 'කෙටිකතාව' හන්දා. ඇත්තටම ආයෙම ඒක කියවලා බලන්ට ආසයි. මම රවිගෙන් ප්‍රශ්නයක් ඇහුවත් එක්ක. බලනකොට මම හිතලා තිබුනු හැටි වැරදී.
ReplyDeleteශබානා ආස්මී, නන්දිතා දාස් සහ ලිසා රේ මම ආසම නිලියෝ තුන්දෙනෙක්. ඒ අය ගැන කියන්ට රවි ආපු පාර මට ඔක්කොටම වඩා ලස්සනයි. හරිම සරල, සිත් ගන්නා සුලු, කෙලින්ම කෙලින්ම මිනිසුන් වෙත ඉදිරිපත් කරපු එකක්.
Earth, Fire, and Water චිත්‍රපටි තුනම බැලුවා. ශබානා ඔනෑම චරිතයක් දක්ෂ ලෙස ඉදිරිපත් කරන්ට සමත් කෙනෙක්. නන්දිතාගේ මම දකිනවා මනා ලාලිත්‍යක්. පාටින් කලු උනාට ඇගේ තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්. ලීසා නම් කියලා වැඩක් නෑ. මලක් වගේ Water චිත්‍රපටියේ ඇගෙන් දිස්වෙන්නේ (චරිතයෙන් එහෙම නොකිය උනත් ) මේ දැන් පිපුනු මලක වගේ ගතියක්.
ඔන්න මටත් ලෙඩේ බෝවෙලා. මම කියන්ට ආව දේවල් මතකත් නෑ.
කෙටියෙන් කීවොත් හොඳ පෝස්ට් එකක්. කාන්තාවන් වෙනුවෙන් මේ වගේ දෙයක් පල කිරීම ගැන (එහෙම නෙමේ උනත් ප්‍රශ්නයක් නෑ.) ස්තූතියි.:)
රවිව මම අඳුන ගත්තේ ඔය කියන 'කෙටිකතාව' හන්දා. /
Deleteහෙහ්, හෙහ්..මතකයි මතකයි...ඒ කතාව කියවල ප්‍රශ්ණ මාලාවක් ඇහුව කියලත් මතකයි.
1. මේ තමාගේ පෞද්ගලික අත්දැකීමක්ද? ( මම හිතන්නෙ එතකොට මගෙ Gender එක ගැන එතුමිය හරියටම දන්නෙ නැද්ද කොහෙද )
2, පෞද්ගලික අත්දැකීමක් නම් එසේ වූයේ කෙසේද? ඊට තුඩුදුන් කාරණා විස්තර කරමින් හේතු පහදන්න
3. පෞද්ගලික අත්දැකීමක් නොවේනම් මේ සංසිද්ධිය ඔබගේ සිතෙහි උපන් අන්දම හා / හෝ ඊට උත්ප්‍රේරකවූ කරුණු විග්‍රහ කරන්න
ස්තූතියි පොඩ්ඩි......:)